Sunday, July 26, 2020

රජ්ජුරුවෝ උඩයි උඩයි මිටි කොල්ලෝ බිමයි බිමයි
මේ අපි පොඩිකාලෙ කරපු සෙල්ලමක් . එකෙක් කොහොමහරි ගහක අත්තක් උඩට නැගගත්තම ඌ මෙහෙම කියල ඔජ වඩනවා. අනික් උන් ඌව බිමදාල ගහේ අත්ත උඩට නගිනවා.
අපේ උප විඥානයෙ සැගවිලා තියෙන මේ රාජ ආශාව හරිම චමත්කාරජනකයි. මේක ලෝකෙ හැම රටකම තියෙන දෙයක් . ඩෙන්මාර්ක් ඉන්ග්ලන්ඩ් වගෙ රටවලත් මිනිස්සු රජ්ජුරුවන්ට මාර ආදරෙයි. ඇත්තටම රජා කියන්නෙ ඉස්සර හිටිය මාරපොරක්.අදත් සමහරු රාජාණ්ඩුවක් ඉල්ලනව. මේ පෝස්ට් එක දාන්නත් හේතුවුනේ එහෙම පෝස්ට් එකක්. දියසේන කියල ප්රොෆයිල් එකකින් දාපු ඒ පෝස්ට් එකට මම දාපු කමෙන්ට් එක මෙන්න.
"රජකෙනෙකුට කැමති ඔයා වාගෙ අය එකතුකරගෙන කොහෙ හරි තැනකට වෙලා රජෙක් තියාගෙන එයාට වහල්කම් කර කර ඉන්න. අපටනම් රජෙක් එපා. අපට වහල්ලු වෙන්න බෑ කියල." මේක මීට වඩා රසවත්ව කිව්ව. එහි සාරාංශය දැම්මෙ.
රාජාණ්ඩුවක් ඉල්ලන සමහර අය රාජාන්ඩුව ගැන දන්නෙ නැති අය. ඔවුන් රජවරු දකින්නෙ ඩ්රාම වල ෆිල්ම් වල ඉන්න රොමැන්ටික් චරිතයක් විදියට. මගෙ ලිපියෙ අරමුන රජවරු ගැන කියනවට වඩා මීට අවුරුදු 2500 කටත් එහා හිටපු ජනතාවක් රජාන්ඩුවට සාර්ථක විකල්පයක් සොයාගත් සැටි කීමටයි. එතෙන්ට එන්න තමයි මේ ආරලු බූරලු කියන්නෙ.
ඉස්සර ලෝකෙ හැම රටකම හිටියෙ රජවරු. මේ රජවරු වටා මිත්යා කතා තිබුනා. මේ මිත්යාවන් රජුට පයතියන්න හොද අත්තිවාරමක් වුනා. ඒ කියන්නෙ රජුගෙ මගෝඩි වැඩවලින් ඔහු ආරක්ෂා කරන කවචයක්. රජුට පය තියන්න හොද පදනමක් වුනා. චීනෙ රජු මකරෙක් දුන්න තෑග්ගක් තව සමහර රටක රජු දෙවියො දුන්න කෙනෙක් අරක මේක. එහෙම වුනාම රජුට විරුද්ද වෙන්න කෙනෙක් එඩිතර වෙන්නෙ නෑනෙ. ඇත්තටම මේ රජවරුන්ගෙ ආදිතමයන් සාමාන්ය මිනිස්සු. ඉස්සර හිටපු ගෝත්ර නායකයො තමා රජුන් විදියට පරිනාමය වුනේ. ගෝත්ර නායකය වුනෙත් සාමාන්ය ගෝත්රිකයෙක්. ඒ කියන්නෙ රජාගෙ ආදිම මුත්ත ගෝත්රයෙ හිටපු සාමාන්ය මිනිහෙක් එච්චරයි.
ඉතින් මේ රජවරු ලෝකෙ හැම තැනකම බිහිවුනාට පස්සෙ ඔවුන් මිත්යාවක් ගොඩනැගුව රාජ ලේ කියල,ඒ කියන්නෙ පිට එකෙකුට රජ පුටුවට එන්න නොදී උගෙ පරම්පරාව සදාකල් රජකරන්නට .ඒ එක්කම හීලෑ ජනතාවක් හදාගන්න ආගමික ස්ථාන හැම තැනම හැදුව.රජාට ලේසිනෙ ඒක.මෙතනදි මම කියන්නෙ ලෝකෙ කොහෙත් වුන දේ. සමාජ ප්රගමනය ගැන කතාකරනකොට යම් යම් තැන් වියුක්තව ගන්න එපා.
රජාවරුන්ට එහා ගිය ආගම හා බැදුන අපූරු රාජ සංකල්පයකුත් තියෙනව. මධ්යතන යුගය පුරා යුරෝපයෙ විරාජමාන වුන මේ සංකල්පය තමයි ශුද්ධ රෝම අධිරාජයා කියන එක. මේකපටන් ගන්නෙ යුරෝපයට ආ මුස්ලිම් ආක්රමන පරාජය කලාට පස්සෙයි. ඇත්තටම ලිඛිත ඉතිහාසයෙ ඉතාම වැදගත් සිදුවීම ලෙස මා දකින්නෙ ප්රංශයෙ චාල්ස් මාර්ටල් අබ්දෙල් රහමන් කියන මුස්ලිම් යුධ නායකය පරාජය කිරීම. මේ සිදුවීම සිදුනොවුනානම් ලෝකය අදට වඩා ගොඩක් වෙනස්.
මේ සටන සිදුවුනේ ප්රංශයෙ පොයිටියර්වල වුනත් මෙම සටන හදුන්වන්නෙ ටුවර්ස් සටන කියල. මේ වෙනකොට අයිබීරියාව ( පෘතුගාලය හා ස්පාඥ්ඥය යටත් කරගත් මුස්ලිම්වරු ප්රංශයෙ මැදට ඒ කියන්නෙ ලුවර් ගංගාව තරනය කරල ඇක්විටේන් වලට ඇවිත් . මේ මහෝඝය නතර කලේ යුරෝපා ඉතිහාසයෙ මිටියක් බදු චාල්ස් කියල හදුන්වන චාල්ස් මාර්ටල්.
ෆ්රෑන්ක් කඩුව ට තුති පුදමින් යුරෝපය සැනසුම් සුසුම් හෙලුව . දැන් පල්ලියෙ හොදම යාලුව ෆ්රෑන්ක් කඩුව. ඔහොම ගිහින් ක්රි ව 800 දි චාලිමේන් ශුද්ධ රෝම අධිරාජය ලෙස නත්තල් දා පාප්තුමා විසින් ඔටුනු පැලැන්දුව. දැන් යුරෝපයෙ ආකෘතිය මෙහෙමයි පාප්තුමා තමයි ඉහලින්ම ඉන්නෙ ඊලගට ශුද්ධ රෝම අධිරජය ඊට පස්සෙ රටවල රජාවරු ඊටත් පස්සෙ රදලයො.ඊටත් යටින් ක්සිම මානව අයිතිවාසිකමක් නැති වඝල් ජනතාව. පස්සෙ මෙහෙමත් දෙයක් වුනා. රජවරු කුරුස යුද්ධයට ගියාට පස්සෙ රදලයො බලවත් වුනා. මෙන්න මේක තමා යුරෝපයෙ වැඩවසම් යුගය කියන්නෙ. ඒත් ඒක අපේ මාතෘකාවට පිටින් තියෙන එකක්.
විඥානවාදී මිත්යාවන්ට අනුව හැම රජෙක්ම දීල තියෙන්නෙ දෙයියො තමා. නමුත් මේක අමුවටම කියල දාල අවංක වෙන්න තරම් මෝඩ අයත් හිටිය. වැඩියෙම අවංක වෙන්න එපා කියනවනෙ. ගහක් කපන එකා ඉස්සරවෙලාම කපන්නෙ ඇද නැති ගස්ලු. ඉතින් මෙහෙම අමුවටම කියල දාපු කෙනෙක් තමා 1 වන ජේම්ස්. ජේමිස් අයිය කෙලින් මිනිහ.පොර කිව්ව රජු කියන්නෙ දෙවියො පත්කල කෙනෙක්ය .නපුරු රජෙක් බිහිවන්නෙ දේව කෝපය නිසාය එවිට කල යුත්තෙ පල්ලියට ගිහින් උනන්දුවෙන් කන්නලවු කරන එකය කියල. ජේම්ස් කිව්වෙ න්යායාත්මකව රාජ පදවියට ලැබුන විඥානවාදී අර්ථ කථනය. ඊට පස්සෙ එයා ඒ විදියටම වැඩකරන්න ගත්ත. ජේමිස් අයිය ජාමෙ බේරගෙන හිටියත් එයාගෙ පුතා චාරලිස් ගොයියට බඩු බනිස් වුනා. ක්රොම්වෙල් ප්රමුඛ රදලයන් දෙවන චාල්ස් බලයෙන් පහකරල ඔහුගෙ හිස ගසා දැම්ම.
ඉතින් මේ රජවරු ලෝකෙ හැම තැනකම බිහිවුනාට පස්සෙ ඔවුන් මිත්යාවක් ගොඩනැගුව රාජ ලේ කියල,ඒ කියන්නෙ පිට එකෙකුට රජ පුටුවට එන්න නොදී උගෙ පරම්පරාව සදාකල් රජකරන්නට .ඒ එක්කම හීලෑ ජනතාවක් හදාගන්න ආගමික ස්ථාන හැම තැනම හැදුව.රජාට ලේසිනෙ ඒක.මෙතනදි මම කියන්නෙ ලෝකෙ කොහෙත් වුන දේ. සමාජ ප්රගමනය ගැන කතාකරනකොට යම් යම් තැන් වියුක්තව ගන්න එපා.
යුරෝපයෙ මිනිස්සු ලෝකෙ සෙසු මිනිස්සුන්ට වඩා ඉදිරියෙන් හිටිය මෙහිදී. රජෙක් හිටියත් යුරෝපෙ හැම රටකම වාගෙ රජුට පහලින් යම් ආයතනික ව්යුහයක් තිබ්බ නාමික ව හෝ. නූතනයෙ ප්රජාතන්ත්රවාදයෙ ආරම්භක සළකුනක් ලෙස සලකන මැග්නාකාර්ටා සම්මුතිය ආවෙ එහෙම. එහි අරමුන රජුගේ බලය පල්ලියත් රදලයනුත් අතර බෙදාගන්නටයි. මෙහි අරමුනු කොහොම වුනත් එහි ප්රතිඵලයක් ලෙස රජුගෙ බලය සීමා වුනා. ඒක හොදයි. නමුත් දේවවරම්වාදය සමාජයෙ අධිපති මතවාදය වුනාට පස්සෙ රජාවරුන්ට හිතුන අපරාදෙ ජෝන් අයිය කරපු වැඩේ කියල. මෙහෙම ගියොත් වැඩේ ජෝන් බාස්ට යනව කියල හිතපු රජවරු පූර්න ඒකාධිපතියන් වෙන්න හීන දැක්ක.
දේවවරම්වාදී විඥානවාදී මිත්යාවට අනුව හැම රජෙක්ම දීල තියෙන්නෙ දෙයියො තමා. නමුත් මේක අමුවටම කියල දාල අවංක වෙන්න තරම් මෝඩ අයත් හිටිය. වැඩියෙම අවංක වෙන්න එපා කියනවනෙ. ගහක් කපන එකා ඉස්සරවෙලාම කපන්නෙ ඇද නැති ගස්ලු. ඉතින් මෙහෙම අමුවටම කියල දාපු කෙනෙක් තමා 1 වන ජේම්ස්. ජේමිස් අයිය කෙලින් මිනිහ.පොර කිව්ව රජු කියන්නෙ දෙවියො පත්කල කෙනෙක්ය .නපුරු රජෙක් බිහිවන්නෙ දේව කෝපය නිසාය එවිට කල යුත්තෙ පල්ලියට ගිහින් උනන්දුවෙන් කන්නලවු කරන එකය කියල. ජේම්ස් කිව්වෙ න්යායාත්මකව රාජ පදවියට ලැබුන විඥානවාදී අර්ථ කථනය. ඊට පස්සෙ එයා ඒ විදියටම වැඩකරන්න ගත්ත. ජේමිස් අයිය ජාමෙ බේරගෙන හිටියත් එයාගෙ පුතා චාරලිස් ගොයියට බඩු බනිස් වුනා. ක්රොම්වෙල් ප්රමුඛ රදලයන් දෙවන චාල්ස් බලයෙන් පහකරල ඔහුගෙ හිස ගසා දැම්ම.
ඔලිවර් ක්රොම්වෙල් ගෙන් පස්සෙ ඔහුගෙ පුතාට කොමන්වෙල්ත් ක්රමය දිගටම ගෙනයන්න බැරිවුනා. රාජාන්ඩුවාදීන් යලි බලවත් වෙලා දෙවන චාල්ස්ට සිහසුනේ තැබුව. ඔහුගෙන් පසු රජවුන ඔහුගෙ බාල සොහොයුරු දෙවන ජෙම්ස් එක්ක ආයෙ වලියක් ගිහින් විලියම් හා මේරි සිහසුනේ තැබූ පසු රජු හා පාර්ලිමේන්තුව අතර සමබර බවක් සහිත පාලනයක් එංගලන්තෙ ඇතිවුනා. එය ක්රමික පරිනාමයක වෙලා අද චාරීත්රානුකූල ගෞරවාන්විත රජෙක් එංගලන්තෙ ඉන්නවා.
නමුත් බොහෝ රටවල වුනේ මේක නෙමෙයි . රජු පලවා හැරියට පස්සෙ හොද රජෙක් හෙව්ව. නැත්නම් ජනරජයක් වුනා. ප්රංශය වාගෙ රටක දියුණු දේශපාලන විද්යාත්මක පසුබිමක් තිබුන. වෝල්ටෙයාර ශාත්රෙ වාගෙ දාර්ශනිකයන් මිනිස්සුන්ට පෙන්නල දුන්න රජා කියන්නෙ මොකාද කියල. ප්රංශ මිනිස්සු 16 වන ලුවීගෙ හිස ගසා දැමූ පසු ආයෙ රජවරු හොයන්න ගියෙ නෑ. තමන් අතරින් නියෝජිතයන් පත්කරගන්න දියුණු ක්රමයකට අඩිතාලම දැම්මා.
ඒක අසාර්ථක වීම වෙනම කතාවක්. නමුත් ඒ උත්සාහය ඉතා වටිනවා. ඊට පස්සෙ රුසියන් විප්ලවයෙන් පස්සෙ සාර් රජු ඉවත් කෙරුනා. විප්ලවවාදීන්ට සිදුවුනා සමහර රජමාළිගා විනාශ කරන්න .මොකද නැත්නම් ඒ ස්ථාන රාජාන්ඩුවාදීන්ගෙ වන්දනාමාන කරන තැන් වෙයි කියල බයට. 1917 විප්ලවය කලාට රුසියන් කාරයන්ගෙ ( සමහර රුසියන් රාජාන්ඩුවාදී සාමාන්ය ජනතාවගෙ ) රාජ ලවු එක බලහල්ලකො.
විසිවෙනි සියවසේ රජවරුන්ට බොහොම අපල කාලයක් ලැබුව. නැගෙනහිර යුරෝපයෙ සමහර අරාබි රටවල අප්රිකානු රටවල පවා ජනතාව නැගී ඉදල රජවරු පලවා හැරිය. ඊජිප්තුවෙ ෆාරුක් රජ්ජුරුවො අපූරු කතාවක් කිව්ව. ඉස්සරහට ඉතුරු වෙන්නෙ රජවරු පස් දෙනයි ඒ කාඩ් කුට්ටමේ අයයි එංගලන්ත රජුයි විතරයි කියල. ලෝක සිතියමේ රටවල් විශාල ප්රමානයක් රජාවෘන්ගෙන් නිදහස් කරගැනීමට ඒ කාලෙ තුබුන සමාජවාදී රැල්ලට ස්තුති කරන්න ඕන.
අපේ රටේ රාජාන්ඩුව නැතිවුනේ අපේ දේශපාලන සවිඥානක බව නිසා නෙමෙයි සුද්දට පින්සිද්ද වෙන්න. සුද්ද ඒක කලේ අපට හිතවත්කමට නොවුනත් අපට වුනේ යහපතක්. රේල්පාර හැදුවට ,තේ පොල් රබර් ගෙනාවට රාජකාරි ක්රමය අහෝසි කෙරුවට නූතන නෛතික හා අධ්යාපන ක්රම ගෙනාවට මේ වාගෙ හුගක් සාධනීය දේවල් වලට වඩා වටිනා වැදගත්ම දේ රාජාණ්ඩුව අහෝසි කිරීම . බ්රවුන් රිග් උබ දෙයියෙක් බන්. නැත්නන් අපි ජාතික ආදායමෙන් යම් ප්රතිශතයක් රාජසිංහලට වෙන් කරනව. උන් ජොබ් එකක් නොකර උපත නිසාම සුවීශේෂවෙලා සැප විදිනවා.
නේපාල ජනතාව නැගී ඉදල එහෙ රජපවුල එලවල ඔවුන්ගෙ දේපොලත් රාජසන්තක කෙරුව. මෙහිදී නේපාල කොමියුනිස්ට් පක්ෂයෙ භූමිකාව පැසසුම් කටයුතුයි. අපේ හිටියනම් එහෙම වෙයි කියල මම නම් හිතන්නෙ නෑ ,මේ එක්දස් අටසිය ගනන්වල අපේ මාන්සිකත්වය.
අනේ කූඹියනේ - තොපටත් රජෙක් ඉන්නේ
අපට නෑ ඉන්නේ - අපේ කරුමේද මේ වන්නේ
රජෙක් ලැබුණෝතින් කැවුම් කිරිබත් කන්නම්
පෙරහැර කරන්නම් -සාදු නාදෙන් ගිගුම් දෙන්නම්
මේ ඒ කාලෙ අපේ සිතීමෙ සීමාව .දේශපාලන අයිතිවාසිකම් මොකුත්ම එපා පෙරහැර කෙරුවොත් ඒ ඇති.
දැන් කෙනෙක් කියන්න පුලුවන් මෙහෙම. ඔය කතා ඔක්කොම පිටරටනෙ. බෞද්ධ පසුබිමක බිහිවුන අපේ රජවරු හරී චෝයි නේද කියල. අපේ රජවරුන්ගෙන් ඔය කියන බෞද්ධ කම තිබුනෙ තුන් දෙනෙකුට. සිරිසගබෝ වෝහාරිකතිස්ස හා තව කෙනෙකුට. එයාගෙ නම මට මතකෙට එන්නෙම නෑ. මේ තුන්දෙනාම මරණීය දණ්ඩනය ,සත්ව ඝාතනය එහෙම තහනම් කරල ආගමානුකූලව පාලනය ගෙන ගියා. තුන්දෙනාගෙන අවසානය ඛේදජනකවුන බවත් කියන්නම ඕන.
අපේ රජවරු න්ගෙ හැටි ගැන කියල තියෙන්නෙ සුද්දො. සුද්ද කොහොමාටත් අපක්ෂපාතීව විශයට අවංකව වැඩකරල. ඇත්ත ඇති හැටියෙන් කියල. රජවාසලේ වැඩකරන අය මුකවාඩම් දාගෙන ඉන්න චිත්රයක් තියෙනවා. මුකවාඩම් දාගෙන ඉන්නෙ කොරෝන හින්ද නෙමෙයි. ඒ අයගෙ ප්රශ්වාසය රජාගෙ සිරුරෙ වදියි කියල.
නොක්ස් මෙහෙම කතාවකුත් කියනව. එකපාරක් දෙවන රාජසිංහ ගිලුනම තරුනයො දෙන්නෙක් ඇවිත් බේරගත්තලු. පස්සෙ උන්ට මාළිගයට ආරාධනා කලාම උන් හෙන අතල් එකේ ගියාලු තෑගි හෙම ලැබෙයි කියල. තමන් බේරුවට උන්ට ස්තුති කරපු රජා උන්ගෙ හිස් ගසා දැම්මලු රාජ ශරීරයට අත තිබ්බ කියල.
මට මේ කතාව ලොකුවටම පිලිගන්නත් බෑ. ඒ මේක නොක්ස් කියපු හින්ද. අසාධාරන ලෙස හිරකරගෙන සිටි නිසා නොක්ස් ඉන්නෙ රාජසිංහය ගැන මලෙන් නෙ. හැබැයි නොක්ස් රාජසිංහ ගැන හොදත් කියල තියෙනව. රාජසිංහගෙ වැඩ දැක්කම මේක බොරුවක් කියන්නත් බෑ.රාජසිංහ හිතුවෙ ඔහු සූර්ය වංශෙන් පැවත එන කෙනෙක් කියල. ඒක ඔහුට කවුරුහරි කියපු බොරුවක්. ඇත්තටම සෙංකඩගල රජපරපුරේ ආරම්භකයා වුන විමලධර්මසූරියටත් ලොකු රාජ උරුමයක් තිබ්බෙ නෑ.
ඉතාම පැහැදිලි සාක්ෂි තියෙන මේ කතාව බලන්නකෝ. මේ අපේ වගේම දස රාජ ධර්මෙන් රජකම් කරන තායිලන්ත රජ පරපුර. රාම කුමාරයගෙන් ලු පැවත එන්නෙ. ඔවු රාමායනයෙ එක්කෙනා තමා. මේ ලින්ක් එකෙන් ගිහින් මීට සමාන පුවතක් බලාගන්න පුලුවන්. ඒ තායි කුමරියක් අවාසනාවත ලෙස මියයාම. රාජ ශරීරයට අත තියන එක මරණීය දණ්ඩනය ලැබෙන අපරාධයක් නිසා ගිලෙන්න යන කුමාරිව කවුරුත් බේරගෙන නෑ. මේ සිදුවීමෙන් පස්සෙ ඒ නීතිය වෙනස් වුනා.
මේ කුමාරිගෙ නම සුනන්දා කුමාරිරත්න. මේක වුනේ 1880 අවුරුද්දෙ . එක්දාස් හයසිය ගනන් වල රාජසිංහගෙ සිරුරට අත තැබීම මරනයට සුදුසුකමක් වෙන්න ඇති.
අපේ රජවරුන්ගෙ කෲරකම් ගැන පොතක් ලියන්න වුනත් කරුණු තියෙනවා. ඒ කලෑ තිබුන දෙතිස් වධ එහෙම දුන්නෙ රජුගෙ විරුද්ධවාදීන්ට. රජා විවේචනය කලොත් මරනය. නීතිය එන්නෙ රජාගෙ කපාලයෙන්. අදටත් තායිලන්තෙ රජු විවේචනය කිරීම හිරේ යන වැරැද්දක්.
මම මේ දීර්ඝ පැහැදිලි කිරීම් තුලින් රාජාණ්ඩුව නරකය කියන කාරනෙත් ඉස්සරමිනිස්සු රජෙක් නරක් වුනාම හොද රජෙක් හෙව්ව කියන කාරනේත් ඉතාම මෑතක රජෙක් වෙනුවට සමූහාන්ඩුවක් ආදේශ කළාය කියලත් කියන්නයි. නමුත් මම මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නෙ රජු වෙනුවට ඉතා හොද විසදුමක් පුරාන රෝමවරු සතුවුන බව පවසන්නයි.
මේ මම අවුරුදු දහයකට විතර ඉස්සර ලියපු ලිපියක්.ඒක එහෙමම දානව.
රොමියුලස් හා රීමස් නමැති සොහොයුරන් කැළයේ වෘක ධේනුවක් ව්සින් කිරි දී හදා වඩා ගත් බවත් ඔවුන් වැඩුණු පසු රෝම පුරය ගොඩ නැගූ බවත් ජනප්රවාදයේ එයි.
රෝම පුරය කෙසේ ගොඩ නැගුණිද? මේ ගැන විවිධ කතා ඇත.මේ තරම්ම ජනප්රිය නැති තවත් කතාවක් තමයි ඊනියෑස් පිරිසක් සමඟ පැමිණ රෝම පුරය ගොඩ නැගූ බවයි.එය රොමියුලස් කතාවට වඩා විශ්වාස කළ හැක්කකි.ඊනියෑස් පැමිණියේ ට්රොයි පුරයේ සිට විය හැක.එසේනම් මෙය ට්රෝජන් යුද්ධයටද සමබන්ධය.
මේ ජනප්රවාද එකවරම ඉවත දැමිය හැකිද? ට්රෝජන් යුද්ධය පවා සැක කළ කාලයක් තිබුණි.එහෙත් මේ ගැන පර්යේශනකළ විද්යාර්ථියකු මේ ගැන සෙවීමේ අභියෝගය භාර ගත්තේය.ඔහු ඇගමෙම්නොන්ගේ සොහොනද සොයා ගත්තේය.
ජනප්රවාද වල ප්රබලම ගැටළුවනම් මොන හේතුවක් නිසා හෝ බොරු තොගයක් ඒ මැදට ඇතුල් කර තිබීමයි.අපේ ඉතිහාස කතා වලද මේ ගැටළුව ඇත.ට්රෝජන් යුද්ධ පුවතේ ඇකිල්ලියස්ගේ අතිශයෝක්තියට නැගූ වීරත්වය ,ඔඩීසියස් ගේ චාරිකා ආදිය කුමක් වුනත් මෙහි කිසියම් සිදුවීමක් වටා ගෙතුන කතාවක් ඇත.
රෝම පුරය ගොඩ නැගීම සම්බන්ධ පුවත් අතුරින් යකා පිළිගන්නේ ඊනියෑස් ගේ කතාවයි.එහෙත් ඊනියෑස් හැරුන විට වෙනත් ජනකන්ඩායම් විසින් රෝම ය ජනාවාස කරන්නට ඇත.
මේ කාලයේ පැවති අපූරු දේශපාලන ක්රම ගැන කතා කරන්නට අවශ්යය.
ග්රීක් වරු න්ගේ ශිෂ්ඨාචාරය මුළුමනින්ම පෞර සභ්යත්වයකි.මොවුන්ගේ අපූරු කලපනාව වූවේ ඕනෑම කෙනෙකුට පුරයෙන් පිටවී තමන්ගේම වූ පුරයක් තනා ගැනීමට අයිතියක් ඇති බවයි.පුරය පාලනය කළේ පුරවැසියන් විසිනි.ග්රීක් වරුන්ගේ පුර අතර ඇතන්ස්,තීබ්ස්,ස්පාටා ආදිය වෙයි.ඇතන්ස් දිගුකලක් ග්රීක්වරුන්ගේ අභිමානය විය.එහෙත් ඔවුන්ගේ අවසන් කාලයේ ගැලවුම්කරුවා වුනේ තීබ්සයයි.ස්පාටාවේ පැවති සමාජක්රමය විශේෂ අධ්යනයකට බදුන් කළ යුත්තකි.කෙසේ හෝ ග්රීක්වරුන් පිරිහුනේද මෙම පුර ක්රමය නිසා යැයි කියන අය සිටිති.
ග්රීක්වරුන්ට පිරිහීම අත් කර දුන් පුර ක්රමය රෝමවරුන්ට විජයග්රහනයේ මාවත වුනේ කෙසේද?
රෝම පුරය බිහිවුනේ ක්රි:පූ 753 පමනේදීය.සියවස් ගනනාවක් ඉතාලියේ ටයිබර් නදිය අසල තම බලය තහවුරු කරගැනීමට අසල් වැසියන් සමඟ ගැටුම් ඇති කරගැනීමට සිදු විය.රෝම පුරය යනු වර්තමානයේ අපේ මැතිවරණ කොට්ඨාසයක් වැනි කුඩා ප්රදේශයකි.රෝමවරුන්ගේ මුල් අවදියේ ඔවුන් සිටියේ එට්රස්කන් වරුන්ට යටත්වය.මේ එට්රස්කන් වරුන්ගේ සම්භවය විවාදාත්මකය.එට්රස්කන් රජෙකු වූ ගර්හිත ටාක්වින් තමන් රජෙක් යැයි ප්රකාශ කළ විට බෲටස් විසින් ඔහු බලයෙන් පහ කළේය.ඉන් පසු පුරය රෝම වරුන් ට හිමි විය.
ඉන් පසුවද ගැටුම් වල අඩුවක් නොවීය.රෝමයේ රදලයන් හා පොදු ජාන්තාව යැයි දෙකොටසක් විය.මේ පොදු ජනයාටත් රදලයන්ටත් වෙන වෙනම මණ්ඩල දෙකක් විය.රෝම රඳලයන් හැදින්වුනේ පැට්රීශියන්වරු ලෙසයි.පොදුජනයා ප්ලෙබියන්වරු ලෙස හැඳින්විනි.මේ ප්ලෙබියන්වරු පුරයෙන් ඉවත්ව එක්තරා සුප්රසිද්ධ කන්දකට නැගුනහ.ලොව ප්රථම වැඩවර්ජනය මෙයයි.
රෝමවරුන් කොන්සල්වරු දෙදෙනෙක් වසරකට පත් කළහ.මේ නිළධාරීන් වසරින් වසර මාරු වෙයි.කිසියම් කලකට එක් නිළධාරියෙකු පුරයේ බලධාරියා වෙයි.එසේ නැතිනම් වසර දෙකකට නිළධාරීන් දෙදෙනෙකු පත් කර එක් වසරකට ඉන් එකෙක් බළධාරියා වෙයි.මට හරියටම මතක නැත.මේ මොකක් හෝ ස්වාධීන පුරවැසියන් වෙනත් ගෝත්රවල පරම්පරාවෙන් එන රජුන් හා යුධ වැදුන සැටි අපූරුය.
රෝමවරු මුළින්ම සැබීනයෝ,ඔස්කන්වරු ( මේ ඔස්කන් බස දැන් අවිද්යමානය ) කදුකරවාසී ලතින් ගෝත්ර සමඟ සිදුකළ දිගුකාලීන ගැටුම් වල ප්රථිඵලය වුනේ විශාල භූමි ප්රමානයක් රෝමයට හිමි වීමය.රෝම පුරවැසි යෙකු වීම වෙනත් ගෝත්රවලට වරප්රසාදයක් විය.රෝමයට ඉදිරි යුද්ධ සඳහා මිත්රපාක්ෂික ගෝත්ර විශාල ප්රමානයක් හිමිවුන අතර රෝමවරුන් මොළය නිසිලෙස පාවිච්චි කර ඉතාලියෙන් විශාල කොටසක් රෝමයට ඈදා ගත්හ.
රෝමයේ කීර්තිය දස දෙස පතල විය.දැන් රෝමයේ වාර්ශික නිළධාරීන්ට යුධ වැදීමට සිදු වුනේ මහා රාජාධිරාජයන් සමඟය.
නියුමිඩියාවේ ජගර්තා මෙසේ රෝමයට අභියෝග කළ මහා ජගතෙකි.නියුමිඩියාව ඇත්තේ වත්මන් ලිබියාවේය .
හැනිබාල් රෝමය වැටලූවිට හැනිබාලික යුද්ධ ගනනාවක යෙදීමට රෝමයට සිදු විය.හැනිබාල් ගේ කාතේජය වත්මන් ටියුනීසියාවයි.
ජගර්තාගේ කතාව ගැන වැඩි අවධානයක් යොදමු.රෝමයේ උසස් දේශපාලන ක්රමය බිදවැටීම ගැන එහි කතා කළ හැකි බැවිනි
ජගර්තා තම රට නිදහස් බව ප්රකාශ කර ගෙන තිබුනා පමනක් නොව රෝම සෙනෙවියන් දෙදෙනෙක් පරාජය කර තිබුනි.රෝමයේ විශාල කලබගෑනියක් සිදුවිය.
මෙහිදී රෝමපුරය බේරා ගැනීමට ඉදිරිපත් වුනේ රදලයෙකු නොවූ ගයස් මේරියස්ය.රදලයෝ මේරියස්ට කැමැත්තක් නොදක්වූහ.එහෙත් ඔවුන්ට කළ හැකි දෙයක් නොවීය.මේරියස් හා කුලීන ලුතිනන් වරයෙකු වූ එම් කෝනීලියස් සල්ලා වසරේ කොන්සල් වරු ලෙස පත් කෙරුනි.ජගර්තා පරාජය කරන ලදී.
මේරියස් මළේය.සල්ලා එම අව්රශයේ තනි අධිපතියා විය.මෙයට මහජන මණ්ඩලය එරෙහිවිය.එහෙත් සල්ලාට එරෙහිව කළ හැකි දෙයක් නොවීය.සල්ලා රෝම අනපනත් ගනනකට ගෙන නොතිබුනි.සල්ලට එරෙහිව තනම් නියෝගයක් නිකුත් විය.සල්ලාගේ ප්රතිචාරය ඉක්මන් විය.ඔහු තම සේනා රෝමයට මෙහෙයවීය.රඳල සල්ල පොදුජන මණ්ඩලයේ නීති අවලංගු කලේ විශාල ලේ වැගිරවීමකිනි.සල්ලාට නිදහසේ රොමයේ වැඩ කටයුතු කිරීමට නොහැකි විය.පාර්තියාවේ මිත්රඩේටීස් ආසියාවේ සියළුම කොටස් නිදහස් කරගෙන සිටියේය
සල්ලා වහා ගොස් මිතඩේටීස් පැරදවීය.මින් පසු සල්ලා රෝමයේ ඒකාධිපතියා විය.මහජන මණ්ඩල පනත් හිස් ලියවිලි විය.
සල්ලාගේ පාලනය අතිශයින්ම දූෂිත විය.සල්ලාගෙන් පසු යළිත් රෝමය අනාරක්ෂිත විය.මෙහිදී වාර්ශිකව තෝරාගත් කොන්සල්වරු දෙදෙනා වුනේ පොම්පේ හා ජුලියස් සීසර්ය.රෝමයේ කීර්තිය යළිත් එසවුනි.සීසර් ගෝල්වරු පරාජය කළේය.ගෝල්වරු යනු නූතන ප්රංශයයි.සූරපප්පලා ජිම්පප්පලා ගේ රටයි.සීසර් මහා යුද්ධ දක්ෂයෙකු විය.ඔහු ගෝල්වරුන්ගේ ඥාතීන් සිටි බ්රිතාන්යද ආක්රමනය කළේය.සීසර්ට ඉතිරි වුනේ ජර්මනියයි.සීසර් රයින් ගංගාව තරණය කිරීමට සිතා සිටියේය.එහෙත් රොමෙයේ කටයුතු ඊට ඉඩ නොදුනි.සීසර්ට තහනම් නියෝග පැනවුනි.මෙය සල්ලාගේ කාලයට සමාන විය.සීසර් පෙනී සිටියේ පොදුජනයා වෙනුවෙනි.එහෙත් මේ යුගයේ රදලන් ලෙස පෙනී සිටියේ ප්ලෙබියන්වරුය.අප මුලදී කී පැට්රීෂියන් ප්ලෙබියන් ගැටුම ඔබට මතක ඇති නේද
සීසර් පොදුජන රදලයෙකු වුනත් ඔහුට උසස් පැට්රීෂියන් උරුමයක් විය.සීසර් සල්ලා මෙන්ම තීරණයක් ගත්තේය.පොම්පේගේ ඉරණම මේරියස්ට සමාන විය. ඔහු මළේය.සීසර් සිය සේනා රෝමයට මෙහෙයවීය.මෙතනදී යකාගේ මතකය නිවැරදිය .ක්රි:පූ 48 දී සීසර් රෝම අධිපතියා විය.එහෙත් ඔහුට වැඩිකල් රට පාලනය කරන්නට නොළැඹුනි.සීසර් සල්ලා කලා මෙන් පළිගැනීම් නොකළේය.ඔහුට අවශ්ය වුනේ එදා මහා ඇලෙක්සැන්ඩර් කළ පරිදි පෙරදිගට යුධ ව්යාපාරක් මෙහෙයවීමටයි.
සීසර් ඝාතනයට ලක් වුනා .යළිත් භීම සමයක් ඇතිවුනා.සීසර්ට එරෙහිව සිටියෙ සමූහාන්ඩුවාදීන්. සිසරෝ තමා මතවාදී දායකත්වය දැක්වූයෙ. බෲටස්ල කැසියස් ල අපි දුෂ්ටයො ලෙස දැක්කත් ඇත්තටම ඔවුන් කලේ සමාජ මෙහෙවරක්.කියන වචනෙ හැදුනෙත් බෲටස් නිසයි. නමුත් මේ බෲටස්ගෙ මුත්ත රෝම සමූහාන්ඩුවෙ මූලිකයෙක් වුන ජූනියස බෲටස්. රජෙකුට පෙර යක්ෂයාට පුරයේ දොරටු හරින බව කී උදාර රෝමවරයා.
සමූහාන්ඩුව අවසන් වුනේ ඔක්ටේවියස් රෝමයේ පාලනය විධිමත්ව පිහිටුවා මහජන මණ්ඩලවල අනුග්රහය ලත් පාලකයා වූ පසු. ""
උපුටා ගත් ලිපිය අවසන්. මෙතනදි මම කියල තියෙනව ඉතාම කෙටියෙන් රෝම පුරය රෝම අධිරාජ්ය බවට පත්වුන හැටි. ග්රීක් පෞර රාජ්ය බිද වැටුනෙ රජෙක් වෙනුවට පුරවැසි පාලනයක් තිබ්බ නිසා. නමුත් ස්පාටාව හා තීබ්සය අනෙක් පෞර රාජ්ය වලට වඩා වෙනස් වුනා. නමුත් රෝමවරු වගෙ ලෝකය විජයොත් කළේ නෑනෙ,. ඒ නිසා අපි වැඩි අවධානය යොමුකරන්න ඕන රෝමයට.
රෝමවරුන්ට පෞර රාජ්ය ආභාශය ලැබුනෙ ග්රීකයන්ගෙන්. නමුත් රෝමවරු යුරෝපයා ප්රිකාව ආසියාව පරාජය කරමින් මහා අධිරාජ්යයක් හැදුවෙ පෞර රාජ්යයක හිදගෙන. අන්න ඒකයි වැදගත්. කිම්බ්රිවරුනෙග් ටියුටන්වරුන්ගෙ ආක්රමනවලින් බිදෙවැටෙන්න තිබ්බ මේ සමූහාන්ඩුව ආරක්ෂා කලේ සමූහාන්ඩු ආකෘතිය තුල ඉදගෙන . ජගර්තල මිතර්ඩේටීස්ල හැනිබාල් ල පරාජය කළේ සමූහාන්ඩුවෙන්. මෑඉ ජයග්රහන ලැබූ කිසිවෙක් රජවුනේ නෑ.
නමුත් ඔක්ටේවියස් ගෙ කාලෙ මේ රත්තරන් වටින පාලනය බිද වැටුන.ඔක්ටේවියස් කපටි රාජතාන්ත්රිකයෙක්. ඔහු මන්ත්රණ සභා දෙකම ලස්සනට පාලනය කරල සීසර් වරු ලෙස රාජාණ්ඩු ක්රමයක් නිර්මානය කළා.
බලන්න මෙච්චර ලස්සන පාලනයක් අවුරුදු පන්සීයක් තිස්සෙ ගෙනිහිනුත් අන්තිමට රාජාන්ඩු නරාවලේ වැටුන හැටි.
දැන් රෝමකාරයත් පෙරදිග ක්රමයට රාජ ලේ හොයනව. හරි හම්බුනාද ? ඔක්ටේවියන්ගෙන් පස්සෙ මුල් සීසර් වරු පස් දෙනාගෙන් හරිහමන් රජෙකුට හිටියෙ ක්ලෝඩියස් පමනයි. අනෙක් අය කායික හා මානසිකවත් දුබලයො. ටයිබීරියස් කියන්නෙ අනුන්ගෙ අතේ නැටවුන රූකඩයක්. ඊට හපන් ගයස් සීසර්. ඔහු හැදින්වෙන්නෙ උමතු කැලිගියුලා ( කලිගුලා ) කියල. රජකම විහිලුවක් වුන ඔහුගෙ පාලනය අවසන් වුනේ ඔහුගෙ ඝාතනයෙන්. ඔහුගෙ වැඩ මෙහෙම පෝස්ට් එකක දාන්නත් බැරි තරම් පිලිකුල්.
ක්ලෝඩියස් සාපේක්ෂව හොදයි .අපේ චන්ද්රමුඛසිව රජුගෙ දූතයන් රෝමයට ගියෙ මේ ක්ලෝඩියස් රජුගෙ කාලෙ. ඒ කාලෙ සිරිතක් තිබ්බ යම් විදෙස් අමුත්තෙක් ආවම ඒ අයට ගෞරවයක් ලෙස අලුතෙන් අල්ල ගත්ත වහල්ලු විදෙස් අමුත්තන් ඉදිරියෙන් ගමන් කරවනව වහල්ලු විදියට. දන්නවද සිංහල රාජ දූත පිරිස ඉදිරියෙන් ගමන් කල වහල්ලු කවුද කියල. බ්රිතාන්ය රජු. රෝමවරුන්ට බ්රිතාන්ය යටත් වුනේ මේ කාලෙ. මේ එංගලන්තෙ නෙමේ බුඩෝෂියා රැජිනගෙ කෙල්ටික් වරු. ඇංග්ලෝ සැක්සන් වරු මේ වෙනකොට එංගලන්තෙට ඇවිත් නෑ.ඒක නිසා වත්මන් එංගලන්ත රාජ උරුමය නෙමෙයි. ප්රංශයෙ කෙල්ටික් ගෝත්ර රෝමයට යටත්වුය්න විදියටම බ්රිතාන්යයෙ කෙල්ටික්වරුත් යටත් වුනා.
ක්ලෝඩියස්ගෙන් පස්සෙ රජවුන නීරෝ ගැන කවුරුත් දන්නවනෙ. ඉතින් අච්චර වටින පාලන ක්රමය වෙනුවට ගෙනාපු රාජාණ්ඩුව ෆේල් නේද? සමූහාන්ඩුව වෙනුවෙන් සිසරෝල කියපු කතා ඇත්ත නේද?
අවුරුදු පතා පත්කරපු කොන්සල් වරුන්ට අමතරව ප්රයිටර් වරු මැජිස්ට්රෙට් වරු ආදී වශයෙන් නිළධාරීන් හිටිය. පිය උරුමය උජාරුවට හේතුවක් වුනත් ඒක තනතුරු ලබාගැනීමට තීරණාත්මක වුනේ නෑ. රාජ ලේ කතා මොකුත් නෑ. මේ උදාර මිනිස්සු අතරින් තමා යුරෝපය ආසියාවෙන් ආපු විඥානවාදී අන්ධකාරයෙ ගිලුනට පස්සෙ පලමුවෙන් ජේම්ස්ල වගෙ අය බිහිවුනේ.
ඊට පස්සෙ ඒ කියන්නෙ තුර්කීන් කොන්ස්තන්තිනෝපලය අල්ලගත්තට පස්සෙ මේ ග්රීක් රෝම උරුමය අරන් විද්වතුන් යුරෝපයට ආවට පස්සෙ තමා යුරෝපයෙ අදුර නැතිවුනේ. මහා බුද්දි ප්රබෝදයක් ඇතිවුනේ ඒ කාලෙ. ඩාවින්චිල ගැලීලියෝල කොපර්නිකස්ල එනෙන් ඊට පස්සෙ. මේව එකක්වත් හාස්ක්ම නෙමෙයි.එකාට එකක් සම්බන්දයි.
මේ ලිපියෙන් මා කිව්වෙ රජවරු බිහිවුන හැටිත් ඔවුන්ගෙන් බේරෙන්න මානව වර්ගයා කළ අරගලයත් ගැන. විඥානවාදී අන්ධකාරය නිසා ඒ ප්රගතිශීලීත්වය නැතිවෙලා ආයෙ නරාවලට වැටුන යුරෝපයෙන් ඉගෙනගන්න තියෙන පාඩම ආගමට මිනිස්සු මොනතරම් මීහරක් කරන්න පුලුවන්ද කියන එක. කොහොමටත් රජවරු එලවල අද අපි භුක්ති විදින නිදහස අපට උදාකරල දෙන්න වීර පුරුෂයන් හා ස්ත්රීන් ( එහෙම අය හිටියද මන්ද ) දිගුකලක් තිස්සෙ ලෙයින් කදුලින් දහඩියෙන් කල මහා අරගලයක් නිසයි. අපි භුක්ති විදින කිසිම අයිතිවාසිකම රිදී බන්දේස්යක තියල රජාවරු අපට දීපුව නෙමෙයි යාලුවනේ. භාෂාවෙ තියෙන කැතම කුනුහරපෙ රජු කියන වචනෙ. ඒ නිසා අවසන් වශයෙන් කියන්න තියෙන්නෙ විහිලුවටවත් රාජාන්ඩුවක් නම් යෝජන අකරන්න එපා එපා එපා කියන එක.

No comments:

Post a Comment