Wednesday, April 22, 2020

රෝමවරු පරාජය කළ කූෂ් හි රැජින

ඉතිහාසය ගැන මට උනන්දුවක් ඇතිවුනේ කුඩා කලදීමය. පෘතුගීසි යුගය ඉන්දියානු නිතිහසාය් ,පුරාණ ශිෂ්ටාචාර ආදිය ගැන ලියවුන පොත් කීපයක්ම අපේ ගෙදර තිබුනි.මේ පොත් අතර තිබූ  ලක්දිව ප්‍රතිකාල් ප්‍රයත්නය නම්වූ පොත නැතිවූ සැටි මට හොදට මතකය. ඥාති පවුලක ගෙට ගෙවදීමකට යනවිට බස් එකේ යද්දි කියවන්නට පොත මම ගෙන ගියෙමි.බස් එකේ යද්දි කම්මැලිකමට කියවන්න මම ඔය පොත ගෙනිච්චා මතකයි.ඒ ගෙදරින් තමා නැතිවුනේ.ඒ පොතේ අකුරුත් පොඩි නිසා මට හරියට කියවන්නටත් බැරි විය. අපරාදෙ.

ඒ දාඩිය පෙරාගෙන කැවුම් පෙට්ටි ගෙන ගිය සමයයි. මාත් පොඩි එකා ඔය කැවුම් පෙට්ටි එහෙ මෙහෙ කරන්න උදව් කළා .අනේ මන්ද ඒ කාලෙ මිනිස්සුන්ට වැඩ නැද්ද මන්ද .අවුරුද්දටත් කැවුම් පෙට්ටියක්ම ගෙනියනව.ඒක ගමටම බෙදනවලු. 


ඉතිහාස පොත් පුස්තකාලවලින් කියෙව්වෙමි. ඉතිහාස පොත් මිලදී ගත්තෙමි. ඉතිහාසයට මගේ ලොකු ඇල්මක් විය.මේ නිසා මට යම් මට්ටමක සතුටුදායක ඉතිහාස දැනුමක් තිබිණි.
ඉතිහාසය ගැන උනන් දුවෙන්  විනෝදාංශයක් ලෙස දැනුම රැස් කල මට මගෙ දැනුම ගැන ලැජ්ජාවක් සිතෙන දෙයක් මේ ලගදී සිදුවිය. ඒ ඇමනිරෙනස් (Amanirenas )රැජිනගේ නමවත් අසා නොතිබීම නිසයි.ඇය රෝමවරු පරාජය කළ කූෂ් හි එකැස් රැජිනයි. 

Kandake Amanirenas, the greatest African woman ever
Amanirenas

මෙය ලැජ්ජාවක් වන්නේ ඇයි? අප සාමාන්‍යයෙන් දන්නේ ජයග්‍රාහකයාගේ ඉතිහාසයයි. එහි තේරුම අපට කියවන්න ලැබී ඇත්තේ සැබෑ ඉතිහාසය නොවන බවයි. එහෙත් හැනිබාල් වැනි ජයග්‍රාහී පරාජිතයන් ගැනද අප දන්නෙමු. හැනිබාල් ගැන ලිව්වේ රෝමවරුය. සමහරවිට සිය කොන්සල්වරුන්ගේ කීර්තිය පෙන්වීමට තමන් පරාජය කළේ ධීර සතුරෙක් බව නොසැගවූවාද විය හැක. එහෙත්  Amanirenas පරාජිතයෙක්ද නොවේ. එහෙත් අප බොහෝ දෙනෙක් ඇයගේ නමවත් අසා නැත. ඊට හේතුව ඇයට අවාසි දෙකක් තිබීමයි.එකක් හම කලු වීමයි අනෙක ස්ත්‍රියක් වීමයි. හැනිබාල් ව පස්සන අයවත් ගෙ නම කියන්නාට බිය වෙති.


පිරිමි ඉතිහාසකරුවන් රැජිනියන්ට කරන පොදු චෝදනාවනම් චරිතයයි. අනුලා රැජින.ක්ලියෝපැට්‍රා ආදීන්ට මෙම චෝදනාව කළහ.අන්තහ්පුර තබාගෙන සිටි රජවරු ශෝයි බබාලාය. එසේම රැජිනියන්ට පොදුවේ කරන මේ දුෂ්චරිත චෝදනාද අතිශයෝක්තීන්ය. ඇතැම් විට මුලුමනින්ම අසත්‍යය.

කූෂ් ලෙස හැදින්වුන රටේ රජකල කන්දකීලාට පොදුවේ දුෂ්චරිත චෝදනා කිරීමටද නොහැකිවුනේ ඔවුහු හුදකලා නොවූ නිසාය.කන්දකී යනු පදවිනාමයකි.හුදකලා නොවුනා කියන්නේ  මේ රැජිනක් රජවන්නේ සැමියා මියයාම නිසා ලාබාල පුත්‍රයා වෙනුවෙන් හෝ වෙන කිසිම විකල්පයක් නොවීම නිසා නොවේ. රජකම ඔවුන් කුසලතාව මත ලබා ගත්තකි .රාජ සභාවේද සැලකිය යුතු පිරිසක් ස්ත්‍රීහුය. පිරිමින් බහුතරයක් වූ රාජසභාවක හුදකලා වීමට කන්දකීලාට සිදුනොවීය.කාගේවත් රූකඩ නොවූ කන්දකීලා warrior women ලාය.



Shanakdakhete (177 BCE–155 BCE) (earliest known ruling queen)
Amanirenas (40 BCE–10 BCE)
Amanishakheto (c. 10 BCE–1 CE)
Amanitore (1–20 CE)
Amantitere (22–41 CE)
Amanikhatashan (62–85 CE)
Maleqorobar (266–283 CE)
Lahideamani (306-314 

ඇතැම්විට කුවේනිලා කන්දකීලා ඥාතීන් වීමටද ඉඩ ඇත. නැගෙනහිර අප්‍රිකානුවන් හා දකුනු ආසියානුවන් අතර ජාන සමානකම් හදුනාගෙන ඇති බැවිනි. ඇදහිලි විශ්වාසවලද අරුම සමානකම් ඇත. උතුරු ඉන්දියානු සංස්කෘතික බලපැමට ලක්වුවද අපද ද්‍රවිඩයන් බව අමතක කළ යුතු නැත.


පොදුවේ ගත්කළ අප කියවන ඉතිහාසය සුදු පිරිමින් විසින් ලියන ලද්දකි. එහි කලු මිනිසුන් දුෂ්ටයෝය. පාරාවෝලා දුෂ්ටය ,කලු මදිවාට ස්ත්‍රීන්ද වන කන්දකීලා කොහොමත් දුෂ්ටය. සුදු පිරිමියා හැමතැනම දිනයි.


එහෙත් අතීතය හාරා අවුස්සන විට ස්ත්‍රිය පිරිමියාට ශරීර ශක්තියෙන්වත් දෙවෙනි නොවූවාය.  ස්ත්‍රී   නවශිලා සැකිලි වර්තමාන ක්‍රීඩිකාවන්ගේ මෙනි.ඔවුහු බරවැඩ කළහ යුද බිමේ ඉදිරියෙන්ම වූහ. කන්දකීලා යනු මේ සැබෑ අතීතයේ වර්තමාන ලිඛිත ඉතිහාසයේ නෂ්ටාවශේෂයි. අයිස් කන්දක මුදුන මෙනි. ලිඛිත ඉතිහාසයක් නොවූ පෙර දවස අද අප සිතනවාට වඩා බොහෝ වෙනස්ය. එය අප දන්නා සුදු පිරිමියාගෙ කතාවට වඩා වෙනස් බව නොකිවමනාය.





No comments:

Post a Comment