Wednesday, April 15, 2020

මානව ඉතිහාසයේ අග්‍රගණ්‍ය විශිෂ්ටතමයන් තිදෙනා

මානව ඉතිහාසයේ අග්‍රගණ්‍ය විශිෂ්ටතමයන් තිදෙනා තීරණය කි9රීමේදී මා විසින් නිර්ණායක  කිහිපයක් යොදාගත්තෙමි.

එම පුද්ගලයා වර්තමානයට කර ඇති බලපෑම -එනම් ඔහු නොසිටින්නට අද අප දන්නා ලොව වෙනස් වී තිබිය යුතුය.

දේශපාලනික කරුණු පමණක් අදාල කර ගැනීම _ විද්‍යාත්මක සොයාගැනීම් කළ අය මානව සමාජයට කර ඇති බලපෑම් කොතරම් ප්‍රබල වුවද අදාල කරගෙන නැත.

සමස්ත ලෝකයටම බලපා තිබිය යුතුය.- ලොව එක් කොටසකට පමණක් බලපෑම අදාල නැත.

බලපැම හොඳ හෝ නරක ලෙස නොසැලකීම


බලපෑම එම පුද්ගලයාගේ පෞද්ගලිකත්වයටම අදාල වීම - වෙනත් අය ඔහුවෙනුවෙන් ක්‍රියා කිරීම 
                           

        

 මිටියක් බදු චාල්ස්    688AD -  741 AD

අද ලොවට වැඩිම බලපෑම සිදුකළ තැනැත්තා ලෙස මා සළකන්නේ මිටියක් බදු චාල්ස්        ( චාර්ල්ස් මාර්ටල් )  ය. ඔහුට මිටියක් බදු චාල්ස් කියා විරුද නාමයක් ලැබී ඇත්තේ ඔහු සතුරන්ට දුන් පහරවල් නිසාය ( මිටියකින් මෙන් ).


ලොවට ප්‍රබලම බලපෑමක් කළ තැනැත්තා ලෙස මා සළකන්නේ ප්‍රංශ රජෙක් වූ චාර්ල්ස් මාර්ටල් ය. ටුවර්ස් සටන ලෙස ප්‍රකට සටනේ ජයග්‍රාහකයා ඔහුය. මෙම සටන ක්‍රි ව 732 දී ප්‍රංශයේ පොයිටියර් නගරය අසළ සිදුවිය.එහෙත් එය ප්‍රකට වුනේ ටුවර්ස් සටන ලෙසයි. ඔහු එම සටන ජයනොගත්තා නම් මෙය කියවන ඔබේත් මගේත් ජීවන රටාව එහෙම පිටින්ම උඩුයටිකුරු වනු ඇත.
                               

          

ජෝෂප් ස්ටාලින් ( 1878 AD-1953 AD)

දෙවෙනියට ලොවට බලපැමක් කළ පුද්ගලයා ජෝෂප් ස්ටාලින් ය.

ඇයි ලෙනින් කියා ඔබ අසනු ඇත. ස්ටාලින් නොවන්නට ලෙනින් ගේ නමවත් ඔබ අසා නැතිවන්නට ඉඩ ඇත. කෙරෙන්ස්කි ගේ නම ඔබට ෆැමිලියර් නෑ නේද අන්න ඒ වාගෙ තමයි.

ඇයි හිට්ලර් පරාජය කළ බටහිර කදවුර චර්චිල් ල රුස්වෙල්ට් ල.
සෑබෑ යුද්දය තිබුනේ නැගෙනහිරයි.හිට්ලර් වැඩි ශක්තියක් යෙදුවේද නැගෙනහිරටයි නාසීන්ට දරුනුම ප්‍රහාර එල්ල වුනේද නැගෙනහිරිනි. ඇත්තෙන්ම බටහිරට අවශ්‍ය වුනේ හිට්ලර් දුර්වල කර ඔහුව සාකච්ඡා මේසයට ගෙන ඒමටයි.එසේ වූවානම් අදටත් නාසීන් බලවත්ව සිටිනු ඇත.

ඇයි මාවෝ. ?

සෝවියට් දේශයක් ගොඩ නැගී ලොව පුරා සමාජවාදයට ශක්තියක් නොවන්නට මාවෝ වෙනුවට ක්වෝමින්ටෑන්වරු චීනයේ බලවත් වනු ඇත. 

එසේම සමාජවාදය පුස්තකාල පොත් අතර සිරවූ දර්ශනයක් පමනක් වීමටද ඉඩ තිබුණි.



                                                            

                           මුහම්මද් තුමා  (570AD-632 AD)

ඇයි යකෝ තවත් ආගමික නායකයන් ඉන්න බව දන්නෙ නැද්ද බොලව් බොලව් බොලව් කියා ඔබ මගෙන් අසනු ඇත.

ඔවුන් මානව චින්තනයට කවර බලපෑමක් කළත් එම ආගම් දර්ශන ප්‍රචාරය කළේ වෙනත් අය විසිනි. උදාහරනයකට අශෝක රජු ගේ බලපෑම දකුනු ආසියාවේ කුඩා රටවලට පමණි. ඔහුට වඩා කනිශ්ක බලපෑම් කර ඇත. වෙනත් පුද්ගලයන් නොවන්නට බොහෝ ආගම් පුස්තකාල පොත් වලට සීමා වනු ඇත.

නමුත් මුහම්මද් තුමා සිය ධර්මය තම විසින්ම ප්‍රචාරය කළ අතර එය අදටද ලෝක බලයක් වේ.




No comments:

Post a Comment