Saturday, March 7, 2020

රත්තරන් බැන්ද කටුස්සා

දැනුම පිළිබද ව්‍යාජ ආරෝපණය ක්‌  තියෙනවා.  දැනුම දරන්නා සහ සෙසු අය මෙහි ගොදුරු.  නමුත් බලපුවම ඇති දෙයක් නෑ.  මෙම බන්ධනය බිදින තුරු සමානතා සමාජය ක්‌ බිහි වෙන්නේ නෑ.

මට මතකයි අපේ ඉස්සර අපේ ට්‍රැක්ටර් එකේ වැඩ කරපු කෙනා කියපු කතාවක්.
ට්‍රැක්ටර් එකක වැඩ දන්නවා කියන්නේ රටක් රාජ්‍යයක් වගේ කියලා. ට්‍රැක්ටර් ගැන නොදන්නා අයට මෙය පීඩිත ආරෝපනයක්, ට්‍රැක්ටර් කාරයට පීඩක ආරෝපණය ක්‌.

මේ වගේම දෙයක් ඩ්‍රයිවින් ලයිසන් ගන්න ට්‍රේනින් ගිය මුල් දවසේ වුණා.
සුක්කානමේ අත තිබ්බ මුල් දවසේ පුහුණු කරන එකා කිව්වේ මේක හරියටම කරන්න පුළුවන් එකෙක් මේ ලෝකෙවත් නෑ ලු. ඒ තරම් මාර බක්කක් ලු.

නමුත් අද ඩ්‍රයිවර්ලස් වෙහිකල්ස් පවා තියෙන්නේ.
කුන්ෆු පන්ති යට ගිය මුල් දවසේ මාස්ටර් කිව්වේ මේක සප්ත මහා සාගරයක් අපි කරන්නේ ඉන් ඇගිල්ල තේමා ගන්න එක කියලා.
මේ ව්‍යාජ ආරෝපණය හැම දනුමකටම හැම වෘත්තීය කටම තියෙනවා.

උඩ උදාහරණ මහා ලොකු රැකියා වල නෙමෙයි. ඒවා අසත්‍ය බව පෙන්වා දෙන්න අමාරු නෑ. ඒත් සමහර රැකියා ඒවට වඩා වෙනස්. එම රැකියා වලට යන්න අමාරුයි. ඉතින් ලොකුය කියන ඒවගේ තත්වය භයානක යි. මොකද ඒවා දාන්න හා ඉගෙන ගැනීමේ විභවය අඩුයි.

මේ දැනුම හා වෘත්තීය අධි ආරෝපණය/ව්‍යාජ ප්‍රතිබිම්භය  ප්‍රතිගාමී දෙයක්. කෙට් කාලීන පුහුණු වකින් බොහෝ රැකියා ඕනම කෙනෙක් ට කළ හැකියි. දිගු කාලීන පුහුණු වකින් පසු ඉතිරි රැකියා ත්.

යම් විභාග යකින් සමත් වූ පසු මෙසේ ම පුද්ගල පෞර්ෂය අධි ආරෝපණය වීමක් දැකිය හැක.

අනික් අය දන්නෙ නැති දෙයක් මම දන්නව හෝ අනික් අයට කරන්න බැරි දෙයක් මම කරනව හෝ අනෙක් අයට නොලැබුන අවස්තාවක් මට ලැබුන මම මාර පොරක් ය කියන හැඟීම.මෙන්න මේක තමා මනෝභාවය.

සැබෑ සමානාත්මතාව කරා යන්න නම් මෙන්න මේ ප්‍රතිගාමී බාධකය පනින්න ම වෙනව. එහෙම නැතිව ධනෝපායන මාර්ග ගැන කතා කරලම හරියන්නෙ නෑ. ධනය බලය පමනක්ම නෙමෙයි කීර්තිය ඇතුලු ඕනෑම මාදිලියක සුවිශේෂතාවයක් පරාජය කරන්න ඕන.


සමාජය වෙනස් වන්නේ නිෂ්පාදන ක්‍රමවේද වෙනස් වීමෙන්.  වර්තමානයේ කෘත්‍රිම බුද්ධිය මගින් මේ සියලු අධි  ආරෝපනයන් සහ ව්‍යාජ ප්‍රතිබිම්භ බිද දමනු ඇත.

පසුව ලියමි.

මේ ලිපිය කියවනවිට මා කුන්ෆු කාරයෙක්ය කියා කෙනෙක් වරදවා සිතන්නට ඉඩ ඇත. ඒ කාලෙ ටී වී එකේ ගියා කතාවක්. ගමින් ගමට යන ශා ඔලින් පූජකයෙක් ගැන. එහි ඩේවිඩ් කැරඩින් ගෙ රංගනය විශිෂ්ටයි. අපි පොඩි උන් විදියට ඒකෙන් වශී වෙලා හිටියෙ.කුන්ෆු ඉගෙනගන්න ඕන වුනාට සල්ලි නෑනෙ.ගෙවල්වලින් ඉඩ දෙනවයැ ඕවට.ඒත්  ගෙදරට හොරෙන් කුන්ෆු පන්තියකට ගියා. දවස් දෙකයි ගියෙ. තව දවසක් ගියානම් සල්ලි දෙන්නම වෙනව.හෙට දෙන්නම් කියල අමාරුවෙන් කාඩ් කපන එකාට ශේප් වුනා. මුල් දවසෙ මාස්ටර් දීපු පොර ටෝක් එක තදට වැදුන.සප්ත මහ සාගරෙන් ඇගිල්ල තෙමන කතාව කිව්වෙ එදා.


ශාඔලින් ආරාමෙ අන්ධ ප්‍රදාන පූජකය තනකොලපෙත්තට දෙන දාර්ශනික ටෝක් වගේම මේ මාස්ටරුත් මාර ටෝක් දෙන්නෙ. කුන්ෆු ක්ලාස් යන්න බැරිවුන එක ගැන ඒ දවස්වල හුගක් දුක් වුනා.
Image result for david carradine
David carradine

No comments:

Post a Comment