Saturday, March 21, 2020

කොරෝනා වලින් උගත් පාඩම්


  • කිසිම ජ්‍යොතිර්වේදියෙකුට අධිමානසිකලාභියෙකුට කලින් කොරෝනා ගැන අනාවැකි කීමට බැරිවූ බව - ග්‍රහලෝකකාරයෝ,වාලම්පුරිකාරයෝ ,දෙවිවරු එකෙක්වත් නැත.ප්‍රශ්නය විසදුන පසු සාක්කු සුද්ද කිරීමට ඔවුන් ආපසු එනු ඇත.



  • පන්සල් ,පල්ලි,දේවාල වසා ඇති බව රෝහල් විවෘත කර ඇති බව - මේ අය කරන්නේ රෝග පැතිරීමට සහාය වීමයි. රටින් රටට බොහෝ රෝග ගෙන ගොස් ඇත්තේ ආගමික විගඩම් කාරයන්ය. මොවුහු රෝග වාහක පිරිසකි. ඔවුන්ට කළ හැකි එකම සේවය විද්‍යාව හා තාක්ෂනය විසින් මෙම ප්‍රශ්නය විසදන තුරු පැත්තකට වී සිටීමය. ප්‍රශ්නය විසදුන පසු පුරුදු පරිදි අවුරුදු දහස් ගනන් පරන පොත් පෙරලා ඉන්ද්‍රිය ගෝචර නොවන ලෝකය ගැන බොරු බේගල් කීමට පුලුවන.


ඉහත කාරනා ගැන කතා කිරීමද කාලය කා දැමීමකි. නමුත් පහත කරුණු ගැන අවධානය යොමු කිරීම වැදගත් වේ.



  • රාජ්‍ය අංශය ශක්තිමත් විය යුතු බව. - ඕනෑම හදිසි අවස්ථාවකට මුහුන දිය හැකි ශක්තිමත් රාජ්‍ය අංශයක් ඕනෑම රටකට තිබිය යුතුය.මෙම ශක්තිමත් රාජ්ය අංශයට ආහර නිෂ්පාදනය හා සෞඛ්‍ය පිළිබද විශේශඥ ශ්‍රම බලකායකින් සමනවිත විය යුතුය. සෞඛ්‍ය සේවයට අයවැයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් වෙන් කිරීමට සියලුම රටවල්කට සිදුවන අතර ඕනෑම අවස්ථවකට ප්‍රයෝජනයට ගත හැකි ආහාර සංචිතයක්ද තිබිය යුතුය. ටයිටැනික් නැවේ ජීවිත ආරක්ෂක බෝට්ටු ස්වල්පයක් තිබූ නිසා සිදුවූ ජීවිත හානිය වැනි ගැටලුවක්  රෝහල් වල ඇදන් සීමිත වීම නිසාද  ඇතිවේ.

  • පුද්ගල දුරස්ථ බව - බොහෝ රෝග බෝවන්නේ පුද්ගල සම්බන්ධතා නිසාය. ආචාර සමාචාර වැනි දේද යම් දුරස්ත බවක් තබාගෙන සිදුකිරීම වැදගත්ය. එසේම තාක්ෂනය දියුනු නිසා නිවසේ සිට ඉගෙන ගැනීම,නිවසේ සිට සේවය කිරීම ද ප්‍රවර්ධනය කළ යුතුය.එවිට මහා මාර්ගවල තදබදයද සැලකිය යුතු ප්‍රතිශතයකින් අඩුවේ. රැකියාවලින් 50% ක්ම නිවසේ සිට කළ හැකි ඒවායි.


  • ගත යුතු තීරන ඒ මොහොතේම ගැනීම  - බොහෝ රටවලට කොරෝනා පැතිරුනේ ගුවන් තොටුපොලවල් නියම වෙලාවේ නොවැසීම නිසාය.


  • වල්බූරු නිදහස නොමනා බව - චීනයේ කොරෝනා සාර්ථකව පාලනය කළේ එරට වල්බූරු නිදහසක් නැති නිසාය. බොහෝ අවස්ථාවල චීන ක්‍රමය වැඩකරන බව අපට පිලිගැනීමට සිදුවේ


  •              ස්වයංපෝෂිත ආර්ථිකයක් තිබිය යුතු බව - ආහාර ද්‍රව්‍ය ගබඩා කර තබා ගැනීමට බොහෝ දෙනෙකි යුහුසුලු වුවද අප එවැනි දෙයකට යොමු නොවීමු. ඊට හේතුව වී ,පොල් හා යම් ප්‍රමානයකින් එලවලු තිබෙන නිසාය.අඩු තරමින් කෙසෙල් මුවයකින් කොහිල අලයකින් හෝ ශේප් විය හැකි නිසාය. මේ හැකියාව සියලුදෙනාටම අවශ්‍යය.


  • බෙදාහැරීමේ හා සම්බන්ධීකරන ක්‍රමවේදයක් තිබීම - හදිසි අවස්ථාවකට මුහුන දීමට ලක්ෂ දහයකවත් ස්වෙච්ඡා සේවයක් තිබිය යුතුය. ආහාර ද්‍රව්‍ය බෙදා හෑරීමට හෝ සේවය අවශ්‍ය අයට සේවා සැපයීමට හෝ ක්‍රමවේදයක් තිබිය යුතුය.

  • පරිසරය ආරක්ෂා කිරීම - කොරෝනා නිසා මිනිසුන් නිවෙස් වල සිටින අතර පරිසරය සැනසුම් සුසුමක් හෙළයි. ජලය නිල් පැහැයට හැරී ඇත. මාලු පීනති. කර්මාන්තශාලා වලින් දුම් පිටවීම නැවතී ඇත.

  • අදි පරිභෝජනවාදී ධනවාදයට මෙම ප්‍රශ්නය කළමනාකරනය කරගැනීමට බැරි බව - මෙය එන්න එන්නම පැහැදිලි වන්නකි.


සොබාදහමේ අපූර්වත්වය පෙන්වන වීඩියෝවකි. සොබාදහම යනු යුක්තියේ කැඩපතක් නොවේ. කවරම හෝ අරුම හේතුවක් නිසා ජාන ඉදිරියට ගෙන යාමේත් ඒ සඳහා අනුන් ගොදුරුකරගැනීමේත්  යාන්ත්‍රණයකි. ජාන ඉදිරියට ගෙන යාම පමනක්ම සත්වයාගේ කාර්යභාරය වන අතර එම කාර්යභාරය ඉටුකරන තාක් සොබාදහමේ අනුකම්පාව ලැබේ. වියපත් අයගෙන සොබාදමට කමක් නැත .ඔවුන්ට කොරෝනාගෙන් අනුකම්පාවක් නැත. මෙම වීඩියෝවේ කිරිල්ලගේ දරුපවුල ගැන ප්‍රශ්නය මිනිසුන්ගේ ප්‍රශ්නයක් මිස සොබාදහමේ ප්‍රශ්නයක් නොවේ.

https://www.youtube.com/watch?v=VvNrOVf17Es&fbclid=IwAR3V8nqlMsbgJ0J_LiEVwzuhKWbP7RZC1AP3nCN5XFwdFDpMwou1sVh-kUA&app=desktop

No comments:

Post a Comment