Saturday, March 21, 2020

කොරෝනා වලින් උගත් පාඩම්


  • කිසිම ජ්‍යොතිර්වේදියෙකුට අධිමානසිකලාභියෙකුට කලින් කොරෝනා ගැන අනාවැකි කීමට බැරිවූ බව - ග්‍රහලෝකකාරයෝ,වාලම්පුරිකාරයෝ ,දෙවිවරු එකෙක්වත් නැත.ප්‍රශ්නය විසදුන පසු සාක්කු සුද්ද කිරීමට ඔවුන් ආපසු එනු ඇත.



  • පන්සල් ,පල්ලි,දේවාල වසා ඇති බව රෝහල් විවෘත කර ඇති බව - මේ අය කරන්නේ රෝග පැතිරීමට සහාය වීමයි. රටින් රටට බොහෝ රෝග ගෙන ගොස් ඇත්තේ ආගමික විගඩම් කාරයන්ය. මොවුහු රෝග වාහක පිරිසකි. ඔවුන්ට කළ හැකි එකම සේවය විද්‍යාව හා තාක්ෂනය විසින් මෙම ප්‍රශ්නය විසදන තුරු පැත්තකට වී සිටීමය. ප්‍රශ්නය විසදුන පසු පුරුදු පරිදි අවුරුදු දහස් ගනන් පරන පොත් පෙරලා ඉන්ද්‍රිය ගෝචර නොවන ලෝකය ගැන බොරු බේගල් කීමට පුලුවන.


ඉහත කාරනා ගැන කතා කිරීමද කාලය කා දැමීමකි. නමුත් පහත කරුණු ගැන අවධානය යොමු කිරීම වැදගත් වේ.



  • රාජ්‍ය අංශය ශක්තිමත් විය යුතු බව. - ඕනෑම හදිසි අවස්ථාවකට මුහුන දිය හැකි ශක්තිමත් රාජ්‍ය අංශයක් ඕනෑම රටකට තිබිය යුතුය.මෙම ශක්තිමත් රාජ්ය අංශයට ආහර නිෂ්පාදනය හා සෞඛ්‍ය පිළිබද විශේශඥ ශ්‍රම බලකායකින් සමනවිත විය යුතුය. සෞඛ්‍ය සේවයට අයවැයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් වෙන් කිරීමට සියලුම රටවල්කට සිදුවන අතර ඕනෑම අවස්ථවකට ප්‍රයෝජනයට ගත හැකි ආහාර සංචිතයක්ද තිබිය යුතුය. ටයිටැනික් නැවේ ජීවිත ආරක්ෂක බෝට්ටු ස්වල්පයක් තිබූ නිසා සිදුවූ ජීවිත හානිය වැනි ගැටලුවක්  රෝහල් වල ඇදන් සීමිත වීම නිසාද  ඇතිවේ.

  • පුද්ගල දුරස්ථ බව - බොහෝ රෝග බෝවන්නේ පුද්ගල සම්බන්ධතා නිසාය. ආචාර සමාචාර වැනි දේද යම් දුරස්ත බවක් තබාගෙන සිදුකිරීම වැදගත්ය. එසේම තාක්ෂනය දියුනු නිසා නිවසේ සිට ඉගෙන ගැනීම,නිවසේ සිට සේවය කිරීම ද ප්‍රවර්ධනය කළ යුතුය.එවිට මහා මාර්ගවල තදබදයද සැලකිය යුතු ප්‍රතිශතයකින් අඩුවේ. රැකියාවලින් 50% ක්ම නිවසේ සිට කළ හැකි ඒවායි.


  • ගත යුතු තීරන ඒ මොහොතේම ගැනීම  - බොහෝ රටවලට කොරෝනා පැතිරුනේ ගුවන් තොටුපොලවල් නියම වෙලාවේ නොවැසීම නිසාය.


  • වල්බූරු නිදහස නොමනා බව - චීනයේ කොරෝනා සාර්ථකව පාලනය කළේ එරට වල්බූරු නිදහසක් නැති නිසාය. බොහෝ අවස්ථාවල චීන ක්‍රමය වැඩකරන බව අපට පිලිගැනීමට සිදුවේ


  •              ස්වයංපෝෂිත ආර්ථිකයක් තිබිය යුතු බව - ආහාර ද්‍රව්‍ය ගබඩා කර තබා ගැනීමට බොහෝ දෙනෙකි යුහුසුලු වුවද අප එවැනි දෙයකට යොමු නොවීමු. ඊට හේතුව වී ,පොල් හා යම් ප්‍රමානයකින් එලවලු තිබෙන නිසාය.අඩු තරමින් කෙසෙල් මුවයකින් කොහිල අලයකින් හෝ ශේප් විය හැකි නිසාය. මේ හැකියාව සියලුදෙනාටම අවශ්‍යය.


  • බෙදාහැරීමේ හා සම්බන්ධීකරන ක්‍රමවේදයක් තිබීම - හදිසි අවස්ථාවකට මුහුන දීමට ලක්ෂ දහයකවත් ස්වෙච්ඡා සේවයක් තිබිය යුතුය. ආහාර ද්‍රව්‍ය බෙදා හෑරීමට හෝ සේවය අවශ්‍ය අයට සේවා සැපයීමට හෝ ක්‍රමවේදයක් තිබිය යුතුය.

  • පරිසරය ආරක්ෂා කිරීම - කොරෝනා නිසා මිනිසුන් නිවෙස් වල සිටින අතර පරිසරය සැනසුම් සුසුමක් හෙළයි. ජලය නිල් පැහැයට හැරී ඇත. මාලු පීනති. කර්මාන්තශාලා වලින් දුම් පිටවීම නැවතී ඇත.

  • අදි පරිභෝජනවාදී ධනවාදයට මෙම ප්‍රශ්නය කළමනාකරනය කරගැනීමට බැරි බව - මෙය එන්න එන්නම පැහැදිලි වන්නකි.


සොබාදහමේ අපූර්වත්වය පෙන්වන වීඩියෝවකි. සොබාදහම යනු යුක්තියේ කැඩපතක් නොවේ. කවරම හෝ අරුම හේතුවක් නිසා ජාන ඉදිරියට ගෙන යාමේත් ඒ සඳහා අනුන් ගොදුරුකරගැනීමේත්  යාන්ත්‍රණයකි. ජාන ඉදිරියට ගෙන යාම පමනක්ම සත්වයාගේ කාර්යභාරය වන අතර එම කාර්යභාරය ඉටුකරන තාක් සොබාදහමේ අනුකම්පාව ලැබේ. වියපත් අයගෙන සොබාදමට කමක් නැත .ඔවුන්ට කොරෝනාගෙන් අනුකම්පාවක් නැත. මෙම වීඩියෝවේ කිරිල්ලගේ දරුපවුල ගැන ප්‍රශ්නය මිනිසුන්ගේ ප්‍රශ්නයක් මිස සොබාදහමේ ප්‍රශ්නයක් නොවේ.

https://www.youtube.com/watch?v=VvNrOVf17Es&fbclid=IwAR3V8nqlMsbgJ0J_LiEVwzuhKWbP7RZC1AP3nCN5XFwdFDpMwou1sVh-kUA&app=desktop

Friday, March 13, 2020

බළළා මැටියෙන් වුනත් මොකද මීයො අල්ලනවනම්

පසුගිය දිනවල ස්වාමීන් වහන්සේ නමක්   ධර්ම දේශනාවන්වලදී  කළ අදහස් දැක්වීම්  අල්ලගෙන පිරිසක්  බුකිය දෙවනත් කල බව අපි දනිමු.එහෙත්  අප කළ යුත්තේ වචනාර්ථය ගැනීම නොව අභිලාශය තේරුම් ගැනීමයි. එසේ නොවුනහොත් ස්වාමීන් වහන්සේගේ අදහසට විසුලු සහගත තේරුමක් ලැබෙනු නො අනුමානය.

ප්‍රස්තුත කතාව 

සැමියා බිරිදට තේ හදා දුනහොත් බිරිද අපායෙ යයි.

මේ අදහස බොහෝ ඊනියා නූතනවාදීන්ගේ බයිට් එකක් වීම නො වැලැක්විය හැක. එහෙත් ඇත්තටම ස්වාමීන් වහන්සේ කියන්නට හැදුවේ කුමක්ද ?

ටෙලි නාට්‍ය බලන්නට ඇබ්බැහිවී නිවසේ වැඩ මුලුමනින්ම අතපසු කරන කාන්තාවන්ට ඔවදනක් දීමය. මුලුමනින්ම කියන වචනය හයිලයිට් කරගන්න. නැත්නම් ඇතමෙක් මේ වාක්‍ය පසුපසද එලවීමට ඉඩ ඇත. පුරුෂයෝ මත්පැන් වැනි දුරාචාරවලට ඇබ්බැහිවී පවුලේ වගකීම් පැහැර හරිති. ඒවාටද මෙසේ ඔවදන් දී ඇත.මෙයද එවැන්නකි. උන් වහන්සේ  උග්ගහ සූත්‍රයෙන් මූලාශ්‍රයක් ගෙන ඇත. ඉදින් ස්වාමීන් වහන්සේ නමක් දහම් දෙසන විට මූලාශ්‍ර ගත යුත්තේ බුදු බනෙන් මිස වෙන කොහින්ද ?

නූතන උපදේශන සේවය මීට වඩා සුදුසු නැද්ද

නැත. ලංකාවේ උපදේශනය ජනප්‍රිය නැත. ආගමික සමාජයක ආගමට උපදේශනයට වඩා දෙයක් කළ හැක.අනෙක් අතට මේ දෙසුම කලේ සාමාන්‍ය බුද්ධියක් ඇති ගෘහිනියන් පිරිසකටය.සෝප් ඔපෙරාවලට ඇබ්බැහි වී සිටින්නේ ඔවුන්ය.   ඔවුහු ඉහලට ඉගෙන ගත් අය නොවේ.බුකියේ දාර්ශනිකයන් කලබල විය යුතු නැත. 

අනෙක් කතාව 

විවාහ වී දරුවන් දහ දොලොස් දෙනෙක් ලැබුවත් සැමියාගේ ඇඟ දැක නැත කීම විසුලු සහගත නොවේද?

ස්වාමීන් වහන්සේට අවශ්‍ය වුනේ කාමය අංක එක නොවන බව කීමටටයි. මේ දහම දෙසුම කලේ පාසල් යන නව යව්වන යව්වනියන් පිරිසකටය. රූම් යමින් සිසුවියන් තම ජීවිත නාස්තිකර ගැනීම ගැන ඔබලාත් මැසිවිලි නැගුවා නේද ? දරුවන් අපචාරයට ලක්වෙම ගැන ඔබ විලාප දුන්නා නේද ?ඒවාට තමා මේ බේත දෙන්නේ.

පසුව ලියමි.

මේ පෝස්ට් එක බුකියේ වයිරල් වූ තේ පෝච්චියේ ගැටුම හා ඇඟ දැකපු නැති කතාව දන්න අයටය. අනෙක් අයට මෙය තේරුම් ගත නොහැකිවනු ඇත. එහෙත් බ්ලොග් කියවන අය බුකියේද ස්ථිර පදිංචිකරුවන් බව  මම දනිමි.

Saturday, March 7, 2020

රත්තරන් බැන්ද කටුස්සා

දැනුම පිළිබද ව්‍යාජ ආරෝපණය ක්‌  තියෙනවා.  දැනුම දරන්නා සහ සෙසු අය මෙහි ගොදුරු.  නමුත් බලපුවම ඇති දෙයක් නෑ.  මෙම බන්ධනය බිදින තුරු සමානතා සමාජය ක්‌ බිහි වෙන්නේ නෑ.

මට මතකයි අපේ ඉස්සර අපේ ට්‍රැක්ටර් එකේ වැඩ කරපු කෙනා කියපු කතාවක්.
ට්‍රැක්ටර් එකක වැඩ දන්නවා කියන්නේ රටක් රාජ්‍යයක් වගේ කියලා. ට්‍රැක්ටර් ගැන නොදන්නා අයට මෙය පීඩිත ආරෝපනයක්, ට්‍රැක්ටර් කාරයට පීඩක ආරෝපණය ක්‌.

මේ වගේම දෙයක් ඩ්‍රයිවින් ලයිසන් ගන්න ට්‍රේනින් ගිය මුල් දවසේ වුණා.
සුක්කානමේ අත තිබ්බ මුල් දවසේ පුහුණු කරන එකා කිව්වේ මේක හරියටම කරන්න පුළුවන් එකෙක් මේ ලෝකෙවත් නෑ ලු. ඒ තරම් මාර බක්කක් ලු.

නමුත් අද ඩ්‍රයිවර්ලස් වෙහිකල්ස් පවා තියෙන්නේ.
කුන්ෆු පන්ති යට ගිය මුල් දවසේ මාස්ටර් කිව්වේ මේක සප්ත මහා සාගරයක් අපි කරන්නේ ඉන් ඇගිල්ල තේමා ගන්න එක කියලා.
මේ ව්‍යාජ ආරෝපණය හැම දනුමකටම හැම වෘත්තීය කටම තියෙනවා.

උඩ උදාහරණ මහා ලොකු රැකියා වල නෙමෙයි. ඒවා අසත්‍ය බව පෙන්වා දෙන්න අමාරු නෑ. ඒත් සමහර රැකියා ඒවට වඩා වෙනස්. එම රැකියා වලට යන්න අමාරුයි. ඉතින් ලොකුය කියන ඒවගේ තත්වය භයානක යි. මොකද ඒවා දාන්න හා ඉගෙන ගැනීමේ විභවය අඩුයි.

මේ දැනුම හා වෘත්තීය අධි ආරෝපණය/ව්‍යාජ ප්‍රතිබිම්භය  ප්‍රතිගාමී දෙයක්. කෙට් කාලීන පුහුණු වකින් බොහෝ රැකියා ඕනම කෙනෙක් ට කළ හැකියි. දිගු කාලීන පුහුණු වකින් පසු ඉතිරි රැකියා ත්.

යම් විභාග යකින් සමත් වූ පසු මෙසේ ම පුද්ගල පෞර්ෂය අධි ආරෝපණය වීමක් දැකිය හැක.

අනික් අය දන්නෙ නැති දෙයක් මම දන්නව හෝ අනික් අයට කරන්න බැරි දෙයක් මම කරනව හෝ අනෙක් අයට නොලැබුන අවස්තාවක් මට ලැබුන මම මාර පොරක් ය කියන හැඟීම.මෙන්න මේක තමා මනෝභාවය.

සැබෑ සමානාත්මතාව කරා යන්න නම් මෙන්න මේ ප්‍රතිගාමී බාධකය පනින්න ම වෙනව. එහෙම නැතිව ධනෝපායන මාර්ග ගැන කතා කරලම හරියන්නෙ නෑ. ධනය බලය පමනක්ම නෙමෙයි කීර්තිය ඇතුලු ඕනෑම මාදිලියක සුවිශේෂතාවයක් පරාජය කරන්න ඕන.


සමාජය වෙනස් වන්නේ නිෂ්පාදන ක්‍රමවේද වෙනස් වීමෙන්.  වර්තමානයේ කෘත්‍රිම බුද්ධිය මගින් මේ සියලු අධි  ආරෝපනයන් සහ ව්‍යාජ ප්‍රතිබිම්භ බිද දමනු ඇත.

පසුව ලියමි.

මේ ලිපිය කියවනවිට මා කුන්ෆු කාරයෙක්ය කියා කෙනෙක් වරදවා සිතන්නට ඉඩ ඇත. ඒ කාලෙ ටී වී එකේ ගියා කතාවක්. ගමින් ගමට යන ශා ඔලින් පූජකයෙක් ගැන. එහි ඩේවිඩ් කැරඩින් ගෙ රංගනය විශිෂ්ටයි. අපි පොඩි උන් විදියට ඒකෙන් වශී වෙලා හිටියෙ.කුන්ෆු ඉගෙනගන්න ඕන වුනාට සල්ලි නෑනෙ.ගෙවල්වලින් ඉඩ දෙනවයැ ඕවට.ඒත්  ගෙදරට හොරෙන් කුන්ෆු පන්තියකට ගියා. දවස් දෙකයි ගියෙ. තව දවසක් ගියානම් සල්ලි දෙන්නම වෙනව.හෙට දෙන්නම් කියල අමාරුවෙන් කාඩ් කපන එකාට ශේප් වුනා. මුල් දවසෙ මාස්ටර් දීපු පොර ටෝක් එක තදට වැදුන.සප්ත මහ සාගරෙන් ඇගිල්ල තෙමන කතාව කිව්වෙ එදා.


ශාඔලින් ආරාමෙ අන්ධ ප්‍රදාන පූජකය තනකොලපෙත්තට දෙන දාර්ශනික ටෝක් වගේම මේ මාස්ටරුත් මාර ටෝක් දෙන්නෙ. කුන්ෆු ක්ලාස් යන්න බැරිවුන එක ගැන ඒ දවස්වල හුගක් දුක් වුනා.
Image result for david carradine
David carradine

Thursday, March 5, 2020

එලිසබෙත් වොරන්

එලිසබෙත් වොරන් මහත්මිය සිය ජනාධිපතිවරන ව්‍යාපාරය අව්සන් කරන බව දන්වා ඇත. එයට ඉදිරියට ඒමට නොහැකිවීම  මට නම් මහත් කනගාටුවකි. මන්ද ඇය ඇමරිකාවේ ජනාදිපති වුනානම් එය ඓතිහාසික දෙයක් වීමට  ඉඩ තිබිනි. ඒ ඇය ට දේශීය ඇමරිකානු මූලයක් තිබෙන බවට ඇති මතය නිසාය. බැරැඛ් ඔබාමා ට කෙලින්ම කලු වහල් උරුමයක් නොවීය. එම උරුමය තිබුනේ ඔහුගේ ආර්යාවටය. කෙසේ නමුත් වහලුන්ටත් වඩා ඇමරිකානු බිමේ උරුමය ඇති සියැට්ල් ලාගේ දියණියක් ඇමරිකාවේ ජනපති වුනානම් මොන තරම් අපූරුද.

යම් සිදුවීමක් සිදුවූ පසු අනාවැකි කීම ගුප්ත අනාවැකිකරුවන්ගේ පුරුද්දයි. පසුගිය ජනාධිපතිවරනයෙන් හිලරි දිනන බව කී අනාගත වක්තෲවරයෙක් එය පැවසුවේ ධවල මන්දිරයේ කාන්තාවක් තම දිවැසින් දුටු බවයි. ඔහු සරදමට ලක් කිරීමට පසුව සමහරෙක් කොමෙන්ට් කර තිබුනේ ඒ ට්‍රම්ප්ගේ ආර්යාව හෝ දියණිය විය හැකි බවයි.

හැමිල්ටන් නම් අනාග්ත වක්තෲ වරයෙක් ( ඔහු කලින් කී සියල්ලද හරි ගියාලු ) මෙවර ට්‍රම්ප් යලි තේරී පත්වන බවත් ඔහු සමග තරග වදින්නේ එලිසබෙත් වොරන් බවයි. ලංකාවේ කේන්දරකාරයන් සේම පිටරටවල අයද අනාවැකි කියන්නේ කොමස් සෙන්ස් වලින් මිස වෙන කොහොමද

Sunday, March 1, 2020

තව තවත් ගොඩනැගිලි හදමුද ඔන්ලයින් සිස්ටම් හදමුද

නව තාක්ෂනය නිසා කාර්යාල වලට නොගොස් වැඩකර ගැනීමට මහජනතාවට හැකිවී තිබේ. එසේම කාර්යාල සේවකයන්ටද නිවෙස්වල සිට වැඩ කළ හැක. මෙහි ප්‍රතිපලයක් ලෙස මහාමාර්ගවල තදබදය අඩුවේ. මගීන්ගෙන් සීයට පනහක්ම අඩුකරගත හැක.

මේ නිසා ගොඩනැගිලි මහාමාර්ග සදහා යන වියදම් අඩුකරගත හැකි නේද?

පරිසරයටත් හොදයි නේද?