Saturday, February 22, 2020

මිතුරෙකුට අතදීමක් , අලුත් බ්ලොග් එකක් - ස්ත්‍රීවාදය

                            
                                       https://ketikatharasaya.blogspot.com/2020/02/blog-post_22.html

                             ස්ත්‍රීවාදය

                            ස්ත්‍රීවාදය



මීට පෙරත් මම බ්ලොග් වලට අත දීල තියෙනව. නමුත් මේක විශේෂ වෙන්නෙ මේ කතුවරයාගේ ලිපි තමා මගෙ බ්ලොග් එක පටන්ගත් මුල් දවස්වල දැම්මෙ. ඔහු අනන්‍යතාවය හෙලිදරවු කරන්න කැමති වුනේ නෑ. බ්ලොග් කරුවන්ගේ අවුරුදු උත්සවයකට ඔහු කැදවාගන්න මා බොහෝ උත්සාහ කළා. ඒත් ඔහු මට වඩා බුද්ධිමත් බව මට පසුව අවබෝධ වුනා.

Wednesday, February 5, 2020

පිකටින් කරන්නට තමන්ගෙම කියල තැනක්

උද්ඝෝෂන කරන්නට සිසුන්ට වෙනම තැනක් දෙන්නට යන බව ආරංචි වී ඇත. එහෙත් සිසුන්ගේ ඇත්ත මානසික අවශ්‍යතා ඉන් සම්පූර්න වේද ? 
ෆන් එක ආතල් එක ගතිය ත්‍රිල එයින් ලැබේද
පාරවල් වහල වොයිස් කට් දීල ඇගේ පතේ හිරි ඇරගෙන යටි ගිරියෙන් කෑ ගහල එහෙම
මේ පරන පෝස්ට් එකකි. මෙහි අපූරු විසදුමක් යෝජනා කර තිබේ. කියවන්න

Tuesday, February 4, 2020

අතීතයේදී පෘතුගීසීන් අනෙක් යුරෝපීය ජාතීන්ට වඩා ප්‍රචන්ඩ වීමේ යම් විද්‍යාත්මක හේතු තිබේද?



උපුටා ගැනීම සාමන්ත ඒකනායක ෆේස්බුක් ප්‍රෆයිල් එකෙ. සීමන් කොරෙයා හා අසවේදු ගැන මාද මේවා මීට පෙර අසා ඇත. බුද්දි කලම්බනය සදහා මේ පෝස්ට් එක දාන්නෙ යුරෝපීය ජාතීන් ආසියාවේ අප්‍රිකාවේ සිදුකල විනාශයන් ගැන යම් ශාස්ත්‍රීය අධ්‍යනයක් අවශ්‍ය නිසාය.පෘතුගීසීන් මේ සා කෲර වීමට යම් විද්‍යාත්මක හේතුවක් තිබේද?
වර්තමාන යුරෝපීයයන් ගැන මට ඇත්තේ පහන් හැඟීමකි. පෘතුගීසීන් හා ස්පාඤ්ඤ වරු කළ නින්දිත ක්‍රියා ගැන ඔවුන්ගේ වර්තමාන පරම්පරාවන් සිතන්නේ කුමක්ද?

 https://www.facebook.com/samantha16282540511

අදාල ලිපිය    -://www.facebook.com/photo?fbid=226367818451496&set=a.106615790426700


පෘතුගීසින් සිංහලයන්ගේ මිතුරන්ද ?

=============================

ජේසු නිකායික පූජකයෙකු වූ අන්දෝ පල්මිරෝ මෙසේ පවසයි.


"සිංහලයෝ පෙරළිකාරයෝ ය. ඉඩක් ලත් සෑම අවස්ථාවක දීම ඔවුහු කැරලි ගසති. එහෙත් කැරැල්ල බිඳවැටෙන ලකුණු පහළ වූ වහාම ඔවුහු කිසිවක් නොවුවා සේ පෘතුගීසි ආධිපත්ය හිස මුදුනින් පිළිගැනීමට නොපැකිලි වෙති. එහි කැරලි ඇතිකරන ජන ප්රධානීන්ට හෝ ගමේ ප්රධානින්ට සමාවක් නොදී හිස ගසා දැමිය යුතුය. එසේ දඩුවම් දිය යුත්තේ හොර රහසේය. නැතහොත් සිංහල නිලධාරින්ගේ මාර්ගයෙන් ප්රසිද්ධ නඩු විභාග සිදු කළහොත් මහජනයා නොසන්සුන් වෙති. ලංකාවේ මන්ගේ අවසන් වසර කිහිපය තුළ කැරලි විරහිත වූයේ කැරලිකරුවන් එසේ නිර්ධය ලෙස සමූල ඝාතනය කළ නිසාය. එසේ මරණයට පත් කළ ගණන පිළිබඳ ගණන් හිලව් නැත."

"අසවේදු නැමැති පෘතුගීසි නිලධාරියා ලංකාවේ මුලාදෑනිකම් කළ සමයේ සිංහල ගැහැනුන්ට සිය දරුවෝ වංගෙඩිවල දමා කොටන්නට අණ කළේ ය. මෝල් ගස් පහර කන අසරණ දරුවෝ ගැන වත් තමන්ගේ ම දරුවන් | වංගෙඩි වල දමා කොටන්නට සිදුවීමේ සාපය උසුලාගත නොහැකි වූ මව්වරුන්ගේ ගැනවත් අබැටක දයාවක් නොදැක්වූ මෙම සෙනෙවියා අවසානයේ එම මව්වරුන්ගේ ද හිස ගසා දමන ලදී.

'කුකුළු පැටවුන්ගේ හඬන ශබ්දය අසන්නටයැයි කියමින් දෙමාපියන් ඉදිරියේ කුඩා දරුවන් සොල්දාදුවන්ගේ හෙල්ලට මත රඳවන ලදහ. කිරි බිබී සිටි දරුවෝ මවගෙන් උදුරාගෙන ඇඹරුම් ගල් වල දමා ලොඳමෙන් තලා පොඩි කරන ලදහ. මෙම හද පැලෙන දුක්මුසු ක්රියා බලා සිටීමට බලකරනු ලැබීමෙන් පසු එම දරුවන්ගේ මව්වරුන්ට ද එලෙස වද දී මරනු ලැබූහ. යුධ භටයින්ගේ විනෝදය පිණිස කිඹුලුන්ට ගොදුරු කරනු වස් සිංහල මිනිස්සු පාලම් උඩින් ගඟට විසිකරනු ලැබූහ. මෙසේ මිනිමස් කෑ කිඹුල්ලු කෙතරම් හීලෑ වූවාද යත්, පසුව ඔවුහු සිවුරුහන් හඬ ලෑමක් ඇසුනු කෙනෙහි ගොදුරු බලාපොරොත්තු වෙන් ජලයෙන් හිස ඔසවාගෙන සිටීමට තරම් පුරුදු වූහ.

" ගැහැනුන් පිරිසක් හා ළමුන් දෙසිය දෙනෙකු වටලා වෙල් යායකට ගාල් කරන ලදී. කතෝලික ආගමට හැරුණු සයිමන් කොරයා නම් වූ සිංහල කපිතාන් වරයෙක් ඔවුනට මැරෙන තෙක් පහර දෙන ලෙස නියම කළේය. අසරණ මිනිස්සු බැටළු රැලක් සේ සුසුමක් හෝ කෙඳිරිල්ලක් නොනගා බලා සිටියහ. ඇතැම් මව්වරුන්ගේ දෑතේ සිටි සිංහල බිලිඳු දරුවන් දුටු පෘතුගීසී කපිතාන්වරයෙකු ඔවුනගේ ශාරිරික ජීවිත රැකගැනීමට නොහැක්කේ, අධ්යාත්මික සුවයක් ලබා දීම වස් ඔවුන්ව බෞතිස්ම කළේය. අනතුරුව මැරෙන තෙක් පහර දීම වෙනුවට වඩාත් සහනදායි මරණයක් පතා ඒ නොදරුවන්ගේ හිස ගසා දමන ලදී."

" යාපනය අර්ධද්වීපයට ගිය පෘතුගීසි හේවායින් දරුවන් දෙපළු කරමින් කතුන්ගේ පියොවුරු අසිපතින් සිඳිමින්මිනිසුන් බිය වැද්දාහ.''
යාපනය ආක්රමණය කළ පෘතුගීසි ජාතිකයකු වූ චිගේරා යාපනයේ වැසියට දරුණු දඬුවම් දී ඔවුන් පෘතුගීසින් කෙරෙහි මහත් බියට පත්කළ බව සඳහන් ය. එපමණක් නොව කුතෝ සහ වෙරෝස් පූජකයන් මෙසේ සඳහන් කරයි.

"අපේ ඇත්තන් කැරලිකාර ගම් වල වැසියන්ට දරුණු වධ කළේය. ඒ අන් අයටත් පාඩමක් උගන්වනු පිණිස ය. පෘතුගීසිහු දේපළ කොල්ලකමින් ගිනි තබමින් මිනිසුන් මරමින් ය නෝ ගලක් පිට ගලක්වත්, ගසක් පිට ගෙඩියක් වත් ඉතිරි නොකළ හ."

ගුණපාල මලලසේකර මහතා පෘතුගීසින්ගේ ක්රියාකාරකම් මෙසේ විස්තර කර තිබෙයි

• අන් කිසිම යුරෝපිය රටක්, විජිතවාදී ජාතියක්, ඉතිහාසයේ දක්නට නොලැබෙන අන්දමට ඔවුන්ගේ ඉදිරි ගමනේ සෑම පියවරක්ම අධික තණ්හාවෙන්ද අවිචාර බුද්ධියෙන් ද, කෘර කමින්ද අමනුෂ්ය ක්රියාවලින්ද යුක්ත විය. යුද හමුදාවේ ජයග්රහණයත් සමගම ඔවුන්ගේ දරුනු කමත් රෞද්රභාවයත් දුම්පීඩා පිළිබඳ නොතැකීමත් දියුණු විය. ඔවුන්ගේ අමානුෂ්ය මිලේකම් ස්ත්රී, පුරුෂ, ළදරු, මහළු යැයි වෙනසක් නොදත්හ. දයා විරහිත භාවයෙන් යුක්ත විය. අනුකම්පාව ඔවුනට රහසක් විය. යටත් වැසියන් බිය වද්දනු පිණිස ද පෘතුගීසි බලය ඔවුන් තුළ කාවද්දනු පිණිස ද ඔවුන් කළ දාමරික ක්රියා කෙතරම් භයංකර දැයි කියහොත්, ඒ ක්රීයා ඔවුන්ගේම මිත්ර ඉතිහාසඥයින් විසින් ඒ අවධියේම වාර්තාගත නොකරන ලද නම් සත්ය යැයි පිළිගැනීමට තරම් පිළිකුල් සහගත ය.