Thursday, November 7, 2019

දෙතිස් කතාවෙන් තවත් කතා

ජනාධිපතිවරන කතා අටහ්‍රින් මගේ සිත්ගත් එක් බ්ලොග් ලිපියක්නම් දෙතිස් කතා ලිපියයි. එහි කතා කතු සිය කොට්ටාසයේ ( හේවාගම් කෝරලයේ අසුනක් විය හැක ) කල  සංචාරයක් ගැනද සදහනක් කරයි.

එය සත්‍යයකි.සජිත්ගේ ආගමනයෙන් යම් පිබිදීමක් සිදුවී ඇත. කවදාවත් ඡ්න්ද පොලට නො එන එජාප පාක්ෂිකයා නම් සංකල්පයටද පන ලැබී ඇත. මෙය අහ්‍රිම අපූරු සංකල්පයකි. මෙය සමානකල හැක්කේ අතීත යුරෝපයේ ප්‍රෙස්ටර ජෝන් සංකල්පයටය. එදා නාවිකයන් තෙරක් නොපෙනෙන සයුර තරනය කලේ පෙරදිගටය. ඒ ප්‍රෙසටර ජෝන් හමුවීමටය. එහෙත් ඔවුන්ට ප්‍රෙස්ටර ජෝන් හමුනොවීය. මන්ද එවැන්නෙක් නොසිටි නිසාය. මැතිවරන පරාජයෙන් පසුව නිතර මතුරන මන්තරයක් නම් එජාප ඡන්දදායකයා ඡන්ද පොලට නොගිය නිසා පැරදුන බවයි. මෙය සත්‍යයක්ද

කවදාවත් ඡන්ද පොලට නොයන මේ ඊනියා පිරිස ඇත්තෙන්ම කවදාවත් ඡන්ද පොලට නොයයි.මන්ද එවැනි පිරිසක් නැති බැවිනි. 1970 .1980 කාලයේ රටේ විශාලතම පක්ෂය එජාපය බව ඇත්තකි.ලේ කොලපාට යූඇන්පීකාරයා කොහොමත් ඡන්ද පොලට යයි. නොයන්නේ පාවෙන බාගෙට යූණපී කාරයාය. එවැනි සුලු පිරිසක් සිටිති.එහෙත් අවසාන ප්‍රතිපලයට බලපෑම්කරන මට්ටමක නොවේ.සජිත් ආගමනයෙන් පිබිදී ඇත්තේ එජාප අයයි. 

බහුතර එජාප නොවන පිරිස තුලද පිබිදීමක් නැත. ඔවුන්ට සිය නායකයන් ගැන පැහැදීමක්ද නැත. ඔවුන් සිතන්නේ ඔවුන්ට සාපේක්ෂ අඩු නරක ගැනයි. ඇත්තටම කිසිම ඡන්ද උනුසුමක් නැත. ඇමරිකන් කොරිඩෝ ගැන කතාකරන්නට හෝ ඒ ගැන සොයන්නට කාටවත් වෙලාවක් නැත.කිසිම ඡන්ද උනුසුමක් නැත්තේ එනිසාය.

අනික මේ කුමන්ත්‍රන කතාත් එපාවී ඇත. බටහිර කුමන්ත්‍රන මන්තර මතුරන අය හදන මාලිගා ගැනත් දැනුවත් නිසා ඇත්තටම දෙගොල්ලම එපාවී ඇත. පක්ෂ කාර්යාල ඉදිවුනද ඒවායේ ඉස්සර මෙන් පොදිකන මිනිසුන් නැත. කොටින්ම පාරතොටේ කවුරුත් ඡන්දය ගැන කතා කරන්නේද නැත.

එහෙත් පොදුවේ රටම වැඩබිමක් කෙරෙන ශක්තිමත් පාලනයක් බහුතරයට අවශ්‍යය. එය පොදු විඥානයයි. මේ අරමුන වෙනුවෙන් බොහෝ දුර්වලකම් ඉවසන්නට ජනතාව සූදානම්ය. මන්ද පසුගිය කල ඔවුන් දුටුවේ වැඩ කරන්නට වඩා වැඩ නොකරන්න්නට පිටිය සැකසූ කතා නිසාය. දහසක් කෙස් පැලෙන කතා නැතිව වැඩකරන ප්‍රේමදාසලාට මහින්දලාට මිනිසුන් කැමති ඒ නිසාය.රටෙන් බාගයක් 1990 ට පසු උපන් අය නිසා ආර් ප්‍රේමදාස යනු ඔවුන්ට ජනප්‍රවාදගත චරිතයක් සේය. එජාප වැඩිහිටියෝ ප්‍රේමදාස නාමයෙන් උද්දාමයට පත්ව සිටිති. අනෙක් අය තමන්ට හුරු පරමාදර්ශය වෙත නැඹුරුවනු ඇත. එම පාර්ශ්වය ජාතිකවාදී ජනවිඥානයට බරවීම ද වැදගත් කරුනකි.


No comments:

Post a Comment