Monday, November 4, 2019

මෙම ජනාධිපතිවරණයේ මගේ නිරීක්ෂන

මෙම මැතිවරණයේ විවිධ දිශානතෙන් ගැන අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වෙමි.

දුගී දුප්පතුන් කෙරෙහි ප්‍රේමදාස ප්‍රත්පත්ති  නිසා පැහැදුන පිරිස - ඇත්තටම සජිත්ගේ ශක්තිය ගැන කාටවත් හරි අවබෝධයක් නැත. දැඩි එජාප විරෝධීන් පවා මේ පාරනම් සජිත්ට කියන මට්ටමක් ඇත. හේතුව මම නොදනිම්. ඔවුන් ගෙවල් ලැබුන අයහෝ දුප්පතාගෙ හිතවතා යන ප්‍රේමදාස ප්‍රතිරූපයට ප්‍රිය කරන අය විය හැක.

2010 න් පසු මහින්ද ගේ ගමන නතර කළ යුතුය කියා විශ්වාස කළ මහින්දවාදීන් - මේ අයට අවශ්‍ය වුනේ මහින්දට පාඩමක් ඉගැන්වීමටය. මහින්ද පරාජය වනු ඇතැයි ඔවුහු නොසිතූහ.

ශ්‍රීලනිප සාධකය - දුර දිග නොබලන පොහොට්ටු පාක්ෂිකයෝ  ශ්‍රීලනිප නායකයන්ට හූ කීවත් යම් ප්‍රමාණයකට හෝ ශ්‍රීලනිප චන්ද පදනමක් ඇත. එය ඇල්පිටිය චන්දයෙන් පෙනුනි.

එජාපයෙන් විතැන් වූ යම් පිරිසක් ආපසු ඒම.  මේ තත්වයද ගම් වල දැකිය හැක.

අවංකවම දෙපැත්තම හා ජවිපෙත් එපාවූ පිරිසක් සිටීම - මෙය ලංකා දේශපාලනයට අලුත් අත්දැකීමකි.

පොහොට්ටුවට එරෙහිව වම හා දකුන එකතුවීම

උපේක්ෂා සහගත උගත් මධ්‍යම පන්තිය.

ශක්තිමත් ජාතිකවාදී කඳවුර

අවුරුදු හතරහමාරක් ආන්ඩු කල නිසා සම්ප්‍රදායිකව ආන්ඩුව එපාවූ පිරිස - පළාත් පාලන මැතිවරණය මේ තත්වය හොඳින් නිරීක්ෂනය වූ කැඩපතකි. වෙනසක් අවශ්‍ය මේ අයටය.



කෙසේ හෝ ගෝටාභය ගේ චන්ද 2015 මහින්දගේ චන්ද වලට වඩා යම් වැඩිවීමක් සහිතව ලැබෙතැයි උපකලපනය කළ හැක. 2015 දී මහින්ද රත්නපුර මොණරාගල,කුරුණෑගල හම්බන්තොට .මාතර හා ගාල්ල දිස්ත්‍රික්ක වලින් ලැබූ වැඩි ඡන්ද මෙසේය.

රත්නපුර = 86539
මොණරාගල = 67469
කුරුණෑගල= 80266
හම්බන්තොට = 104590
මාතර = 85388
ගාල්ල =83132

එකතුව = 507384

ගෝටාභයට ජයගැනීමට මෙම දිස්ත්‍රික්කව වැඩිචන්ද ලක්ෂය ඉක්මවා ගත යුතුය. පහත දිස්ත්‍රික්කවල සජිත්ගේ ගැප් එක 2015 මෛත්‍රී මහින්ද අතර ගැප් එකටත් වඩා මෙවර වැඩිවන නිසාය.

මඩකලපුව= 167791
දිගාමඩුල්ල = 112333
යාපනය = 179 120
නුවර එලිය = 127 120
ත්‍රිකුනාමලය= 88227
වන්නි = 107 040

එකතුව = 782777

පොලොන්නරු සාධකය මෙවර පොහොට්ටු පාර්ශ්වයට අවාසිදායක නොවීම. මෛත්‍රීපාල මහතා ඉදිරිපත්වීම  නිසා පොලොන්නරු චන්දදායකයා තුල පිබිදීමක් ඇතිවිය. එය මෙවර දැකිය නොහැක.

මෙවර කිසිවකුට පැහැදිලි රැල්ලක් දැකිය නොහැක.

පාස්කු සිදුවීමේ විශේෂ  බලපෑමක්  ද නොපෙනේ

හම්බන්තොට විශේෂ වාසියක් සජිත්ට නොපෙනේ.

කරුනා පිල්ලෙයාන් වැනි අයට මඩකලපු චන්ද වලට දැනෙන බලපෑමක් කල නොහැක. හිස්බුල්ලා සාධකයද හිතන තරම් ශක්තිමත් නැත.

මෙම ජනාධිපතිවරණයේ මගේ  නිරීක්ෂන එබදුය.

No comments:

Post a Comment