Friday, November 1, 2019

ජෝතිපාල ලාගේ හා අමනපාලලාගේ මැතිවරණ අනාවැකි

ජෝතිපාලලා අන්වැකි කීම මුල්ම සර්වජන ඡන්දය තෙක්ම දිවෙන්නක් විඋය හැක.ජෝතිපාලලා අනාවැකි කියන්නේ යම් ක්‍රමවේදයකට අනුවය. සම්භාවිතාව සීයට පනහක් නිසා ජෝතිපාලලා සීයට පනහක් ගොඩයති. කෝකටත් තෛල කිහිපයක් ජෝති දහමේ ඇති නිස්ඩා ඉතිරි සීයට පනහද පසුව ගොඩ යති. ජෝති දහම විශ්වාසකරන ජනතාවක් සිටින නිසා ජෝතිපාලලා කරන මනෝ විද්‍යාත්මක බලපෑම සුලුපටු නැත.2015 ජනාධිපතිවරනයේදී ප්‍රසිද්ද ජෝතිපාලලා සියලු දෙනාම එක පැත්තකට කේන්ද්‍රගත වූහ. විපක්ෂයද තමන් ජයගනීවිය යැයි නොසිතූ මැතිවරනයක් නිසා ජෝතිපාලාලාට සිය අනාවැකි කීමට දෙවරක් සිතිය යුතු නොවීය. එහෙත් ඒ සියලු අනාවැකි වැරදීමෙන් පසු ජෝතිපාලලා මතුනොව ජෝති දහමද නන්නත්තාරවී ගියේය. නවරජය මුල් කාලයේ මාධ්‍ය හරහා සිහි බුද්ධිය පෑදීමේ යම් ප්‍රයත්නයක්ද ගති. එයත් දැන් නැවතී ඇත. එම ප්‍රයත්නයේදී හෙලි වුනේ මේ ජෝතිදහමේ කප්පිත්තන් හිරු වටා ග්‍රහයන් භ්‍රමනය වන බවවත් නොදන්නා බවයි. ලංකාව වැනි රටවම ප්‍රතිපත්ති සම්පාදනයේදී  පාලකයන්ට උපදෙස් දෙන්නේ මෙවැනි උදවියයි.

ජෝති දමහ සක්ස් වී ඇත්තේ එක් බොරුවක් වැරදුන විට තව බොරුවක් යන සිද්ධාන්තය මත නිසා ජෝති දහමෙන් අනාවැකි කීම නරක නැත. එම ක්‍රම පහත පරිදිය.

දළ කේන්ද්‍ර
භාව කේන්ද්‍ර
මහ දශා අතුරු දශා
තත්කාලය
ග්‍රහ දෘෂ්ටි

මේ ජෝතිපාලලා සාමන්‍යයෙන් දමන ගැටටි. එකක් වැරදුන විට ඒක වැරදුනේ අනික යොදා නොගත් නිසා බව කිව හැක.
මෙවැනි ක්‍රම 16 ක් වෙයි. ඒ නිසා ජෝතිපාල හැමවිටම දිනුම්ය. මෝඩපාල හැමවිටම පැරදුම්ය.


2015 අනාවැකි කියා අතේ කයිතන් වූ පිරිස වෙනුවට දැන් වෙන පිරිසක් ආදේශ වී ඇත. සමහරෙකුගේ නම ඇසුවෙත් මැතිවරන අන්වැකි කීමත් සමගය. යූටුයිබයේ වූ එම අනාවැකි වීඩියෝ ටිකක් නැරඹුවෙමි.

කස්ත්‍රෝ ගේ මරණ‍ය 2017 ෆොන්සේකා රට යාම ,2016 වසරේඋදී 88 89 වැනි තත්වයක් ,හා මින්මතු රාජපක්ෂ පවුලෙ බල්ලෙක්වත් එන්නෙ නෑ කීම යන අනාවැකි තුලින් කුජීත වූ ජෝතිපාල මෙවර අනාවැකියක් කියයි.ඔහු එය කියන්නෙ අශ්වයා දෙස බලා නොව ජොකියා දෙස බලාලු.

අනාවැකි කියන ඊනියා යෝගියෙක්ද වෙයි. ඔහුගේ අනාවැකිද වැරැධී ඇත. ඔහුගේ අනාවැකිවල ප්‍රධානම දුර්වලකම ඔහු ඍජුවම දේශපාලන පක්ෂයකට පක්ෂපාතී බව පෙන්වීමයි. එම නිසා ඒවා අනාවැකිවලට වඩා කැන්වසින් යාමක් ල්ස හැදින්විය හැක.

තවත් ජෝතිපාල කෙනෙක් එලිපිට එක් පක්ෂයකට කඩේ යයි.ඔහුගේ ප්‍රොෆයිලය එම පක්ෂයේ ප්‍රචාරක පෝස්ට්වලින් පිරී ඇත. එසේම එක් කාන්තාවක්ද අනාවැකි කියන්නීය. ඇයගේ නම මා ඇසුවේ මේ අනාවැකියත් සමගය.එහෙත් සමහරු ඇයට මැඩම් කියන නිසා අප නොදත් නමුත් ක්ශේත්‍රයේ ප්‍රවීන කෙනෙක් විය හැක. හැමටම බනින ඉන්දිකත් සරෙන්ඩර්ය ගරුසරුය. ඇය ලග තිබෙන්නේද එක් පක්ෂයක කේන්ද්‍ර පමනි . අනෙක් ප්‍රධාන අපේක්ෂකයාගේ කේන්ද්‍රයවත් නැත. ඇයගේ කතාවෙන්ම දේශපාලන පක්ෂපාතීත්වය පෙනේ.

මේ සියල්ල දේශපාලන  කඩේ  යාම් බව පෙනේ.


මීට අම්තරව පිස්සොත් ඉන්ටවීව් කරති. යූටියුබ් චැනල කරුවන් සිය වීව්ස් වැඩිකර ගැනීමට කරන මේක නම් අන්තිම කුජීතය. ජෝතිපාලලානම් බොරුවක් වුනත් යම් රාමුවක් ක්‍රමවේදයක් තුල තර්ක කරති.මම මනෝ විද්‍යාව ගැණ කිසිම වෘත්තීය හෝ ඇකඩමික සුදුස්කමක් නැත. මට තව කෙනෙකුට පිස්සු කියන්නට අයිතියක් නැත. අනෙක ඕනැම කෙනෙක් ඕනෑම මොහොතක මානසික රෝගවලට ලක් විය හැක.එහෙත් මුන්ට නම් පිස්සො නොකියා බැරිය.

එකෙකුට අනුව යුද්ධය තිස් අවුරුද්දක් තිබුනේ බන්ධනයක් නිසාලු. ඌ ඒක කැපුවට පසු යුද්ධ්ය නිම වුනාලු. ඌ එය දුටුවේ දර්ශනයකිනි. ඉන්පසු නායක හාමුදුරුවන්ට කියා ලොකු මිනිස්සු එකතුකරගෙන ඌ පොඩි මිනිස්සුත් එකතුකරගෙන මහා යාගයක් කලාලු. මේ එකතුකරගත් ලොකු මිනිස්සු කවුද ඒ පන්සල කුමක්ද නායක හාමුදුරුවන්ගේ නම කුමක්ද කියා වීඩියෝවේ නැත. එපමනක් නොව මේ පුද්ගලයාගේ නමවත් නැත. ඔහු ප්‍රසිද්ධියට අකමැතිලු. විශ්ව ශක්තියෙන් ඔපරේෂන් එකක් කර එම වීඩියෝවේදී ලොව හමුවට එනවාලු .

මෙවැනි වීඩියෝ විශාල ප්‍රමානයක් සංසරනය වෙයි. මේ කිසිම වීඩියෝවල සිටින පුද්ගලයන් ගැන කිසිම හදුන්වාදීමක් නැත. නිකම්ම සාමාන්‍ය මිනිස්සු ලෙස සිටිති. ඒ කියන්නෙ බැතිමතුන් රැවටීමේ ශරීර ඉරියවු හෝ විශේෂ ඇදුම්වත් නැත. මට බලයක් තිබෙනවා අහවලා දිනනවා කියයි. මාරම සෙල්ලමකි.

කිව යුත්තේ මෙවන් බලයන් නැති බවයි. ලොව පතල එඩ්ගාර් කේසි වැනි සිදුවීම් ද ප්‍රෙඕඩා බව හෙලි වී ඇත. පුනරුත්පත්තිය  ඔප්පුකරන්නට සාඩම්බර මූලාශ්‍රයක් වූ බ්‍රයිඩේ මර්ෆි සිද්දිය පවා බොරුවක් බව පසුව හෙලි විය.





No comments:

Post a Comment