Monday, October 21, 2019

දෙමළ යාලුවන් නැති එකටත් වගකියන්න ඕන ආණ්ඩුවද

රූපවාහිනී සංවාදයකට සම්බන්ධ වූ ගැහැනු ලමයෙක් තමන්ට දෙමල යහලුවකු නැති බවට ආන්ඩුවට දෙස් දොල්වොල් තබ අඇත. මෙය සාධාර්ණද

යාළුවන් ඇතිවන්නේ විශයබද්ධවය. අප යම් කාර්යාලයකට මාරුවී ගියොත් හෝ අලුත් ප්‍රදේශයක පදිංචි වුනොත් ඒ ප්‍රදේශයේ අලුත් පරිසරයේ අලුත් යාලුවන් හමුවේ. ආන්ඩුවට කිසිම අතරමැදි කාර්යභාරයක් නැත.

අලුත්ම සංකල්පය ආන්ඩු අඩුවෙන්ම මැදිහත්වීම් කිරීමයි.සුබසාධන සංකල්පයද අද වන විට යල්පැනගොස්ය.

දෙමල යාලුවෙක් අවශ්‍යනම් මුලින්ම දෙමල බස ඉගෙනගත යුතුය. මෙය අමාරු නැත. ඉංග්‍රීසි වැනි භාෂාවල මෙන් වාක්‍යාංශ හා අන්තරවාක්‍ය මැදට දමන්නට සිදුනොවන නිසා පහසුය.  දෙමල හින්දි වැනි බාෂා උක්ත කර්ම ක්‍රියා බාෂා එවෑනිම බසක් වන සිංහල මවුබස වන කෙනෙකුට ඉගෙනීම පහසුය.

දෙමල ප්‍රදේශයක පදිංචියට යාම ( වතු ලැයින් කාමර සොයාගැනීම පහසුය ) තුලින් පහසුවෙන් ඉටුකරගතහැකි අවශ්‍යතාවයකට රජයට බනින්නේ ඇයි. මහනුවර යනු සැලකිය යුතු දෙමල කතාකරන ජනතාවක් සිටින ප්‍රදේශයකි. මෙවැනි ප්‍රදේශයක තමන්ට එවැනි යාලුවෙක් නොසිටීම තමන්ගෙ ප්‍රශ්නයකි.

3 comments:

  1. කසීරත් මේ කතාව ගැන මීට සමාන අදහසක් ලියා තිබුනා. මේ දැරිය අදහස් කලේ දේශපාලකයන් නිසා ජාතීන් අතර අසමගිය හා සැකය ඇතිවී විවිධ ජාතීන් බෙදී ජීවත් වීමේ තත්වය උඩ තමන්ට නිදහසේ වෙන ජාතීන් ඇසුරැ කිරීමේ නොහැකියාව නේද? මේ ළමයගෙ දෙමාපියන් ගුරැවරැ අසල්වාසීන් කොටින්ම සමාජය (අනිත් අතට දෙමළ ලමයාටත් එම බාධා ඇත) එයට ඉඩ නොදෙන බවත් එයට දේශපාලකයින් වගකිවයුතු බවත් නේද.

    ReplyDelete
    Replies
    1. එහෙම බාධාවක්නම් නෑ නේද අපේ සමාජයෙ සිංහල දෙමළ මුස්ලිම් ඔය හැමෝම එකට ජීවත්වෙන්නෙ.

      Delete
    2. ඔයා එම දැරියද . නැත්තං කොහොමද ඔයා කියන්නේ දැරිය අදහස් කළේ ඒකයි කියලා.

      මේක අර 'අපිට රස්සා දියව්!' එකේ අනිත් එක 'අපිට දෙමළ යාලුවෙක් දියව්!' කියල ස්ට්‍රයික් කරන්නත් බැරි නැහැ ඉස්සරහට.

      දැරිය මේවා කියලා 'මං පොර' වුනාට කමක් නෑ අඩු ගානේ දැරියට දෙමළ යාලුවෙක් තියා සිංහල යාලුවෙක්වත් ඉන්නවද දන්නේ නෑ.

      මළ කෝලං.

      Delete