Sunday, October 20, 2019

විකල්පය කෙළෙහිගුණ හා රුපියල් විස්ස

මෙවර අන් සියලු ජනාධිපතිඅව්‍රනවලට වඩා වෙනස් ලක්ෂනයක් දැකිය හැක ඒ විකල්පයක් ගොඩනැගීම ගැන වූ සංවාදයයි. එහෙත් බොහෝ දෙනෙකුට තම්න්ට කැමති අපේක්ෂකයාට හෝ පක්ෂයට ඡන්දය දිය නොහැක. මන්ද ජනාධිපතිවරනයේ ධ්‍රැවීකරනයයි. දිනන්නේ සජිත් හෝ ගෝඨාභය බව නොදන්න කෙනෙක් නැත. එවිට විකල්පය හා සෙසු අයට ඡන්දය දෙන අය ඉදිරියේ ප්‍රශ්නයක් පැනනගී. එනම් තමා අකමැති කෙනෙක් ජනාධිපතිවේද යන්නයි. විකල්ප හා සෙසු අයට ඇතැම් විට ජවිපෙට ඡන්දය දෙන සමහරෙක් පවා එක්කෝ සජිත් ජනපතිවෙනවාට අකමැතිය නැත්නම් ගෝඨා ජනපතිවෙනවාට අකමැතිය. මෙනිසා ජනාධිපතිවරනවල තුන්වෙනියාගේ ඡන්ද ප්‍රමානයද ඉතා අඩු අගයක් ගනී.

මේ නිසා තම ඡන්දය අපතේ නොයවා දෙදෙනාගෙන් එක් අයෙකුට දෙති. වෙන කරන්න දෙයක් නැති නිසා සජිත්ට ඡන්දය දෙන අය මෙන්ම වෙන කරන්න දෙයක් නැති නිසා ගෝඨාභයට දෙන අයද  විශාල පිරිසකි. සුදු වෑන් ,පවුල් පාලනය හොරකම් වැනි කරුනු මත සජිත ඡන්දය දෙන අය ඇත්තටම ගෝටා එන එක වළක්වන්නට සජිත්ට දෙති. " මෙච්චර කාලෙකට යූඇන්පියට දීලනම් නෑ මේ පාර දෙනවා යි "සමහරු කියති. සජිත් එනවාට බියවී ගෝටාට දෙන අය කියන්නෙ වෙන කරන්න දෙයක් නම් නෑ පිටිපස්සෙ ඉන්න සෙට් එක ගැන නොසිතා ගෝටට දෙනව රට බේරගන්න කියා කියති.ඔවුන්ට අනුව පෙර පැවති මැතිවරන සේම මෙවරද උදාවී ඇත්තේ රට බේරාගැනීමේ අවසාන අවස්ථාවයි.


මේ මෝඩකම මදක් තුනී වූ යුගයකි. අන්තර්ජාලය මෙන්ම සමාජය දියුනු වීම නිසා රට මදක් ඉදිරියට ගොස්ය. එජාප අපේක්ෂකයා සිතන්නේ මේ 60 ,70 දශක කියා විය හැක.

විකල්පයට සරු පස පාර්ලිමේන්තු ඡන්දයයි. එහිදී තුන්වෙනි බලවේගයක් නිර්මානය කළ හැක.නහය වහගෙන ජනපතිවරනයට චන්දය දුන් අය පාර්ලිමේන්තු චන්දයේදී නිදහස්ව චන්දය දෙනු ඇත. 225 ම එපා කියන පිරිස සැලකිය යුතු තරම් වේ. එය ධ්‍රැවීකරනය වූ ජනාධිපතිවරනවලදී දැකිය නොහැක. විකල්පය කිසිසේත්ම බිම් මට්ටමේ සංවිධානය නොවූවකි. කෙසේ හෝ විකල්පයක් මේ තරම් සංවාදයට බදුන් වූ අවස්තාවක් මින් පෙර නොවීය. විජේවර්ධන පවුල සේනානායක පවුල බන්ඩාරනායක පවුල හා රාජපක්ෂ පවුල වසර 71 ක් රට පාලනය කළත් ඔවුන් ඔප්පු කළේ ඔවුන්ගේ අසමත්බවයි. මෙය තේරුම් ගත හැකි  පිරිසක්  සිටීම සතුටකි.



කෙලෙහිගුන දැක්වීම ගැන අපූරු ක්ලිප් එකක් නැරබුවෙමි. එහිදී එක් විපක්ෂ මන්ත්‍රීවරයෙක් ආන්ඩු පක්ෂයේ නියෝජිතයාගෙන් අසන්නේ ඔහුට තානාපතිකමක් දුන්නේ මහින්ද බවයි. ඡන්දෙන් පැරදුන  අයගෙන් මුලු ලංකාවෙන්ම තුන්දෙනෙකුට සලකා ඇත. මොහු එක් අයෙකි. ඔහුට මාස්ටර්ස් කරන්නට සල්ලිද දී ඇත.( මේ අරමුදලෙන් වැඩිවශයෙන්ම සල්ලි  දී ඇත්තේ මත්පැන් බී වෙරි වී උඩුමහලින් වැටී  කකුල් කඩාගත් දේශපාලකයන් ට හා මෙවැනි යාලු  පුද්ගලයන්ට උසස් අධ්‍යාපනයට බව පෙනේ ) කෙසේ හෝ මේ උදවු ගත් තැනැත්තට කිසිම  කෙලෙහිගුන යක් නැත. එය ලොකු මිනිසුන්ගේ හැටියක් විය යුතුය. ඔවුන්ට ඒව එච්චර ගානක් නැත. එම සාකච්ඡාවේදී ඔහු අසරන වුන බව පැහැදිලිව පෙනුනි.



මගේ නිරීක්ෂනය මෙබදුය. මහින්ද පැරදුන විට ඔහු බලන්නට ගියේ ඔහු වෙනුවෙන් දුක් වුනේ ඔහුගෙන් කිසිම ලාභයක් නොලැබූ අයයි. මේ කෙලෙහිගුන කියන එක තියෙන්නෙ පොඩි මිනිසුන්ටය.

හෝව් හෝව්  මේ නිරීක්ෂනය සම්පූර්න නැත.

කෙලෙහිගුන ඇත්තේ පොඩි මිනිසුන්ට ලොකු මිනිසුන් අරභයාය. ලොකු මිනිහෙක් ගේ කතාව හා සිනාවට වුව පොඩි මිනිහා කෘතඥ වෙති. ඊනියා රට බේරාගැනීම වැනි පොදු කාරනා ද සැලකිල්ලට ගනිති. නමුත් ලොකු මිනිසුන්ගෙන් ලොකු උදවු ගන්න ලොකු මිනිසුන් ඒ ලොකු මිනිසුන්ට පෙරලා කෘතවේදී නොවෙති.පොඩි මිනිසුන් තමන් වැනිම පොඩි මිනිසුන්ටද කෙලෙහිගුන නොදක්වනවා විය හැක. එනයින් මෙය සාපේක්ෂ දෙයකි.

කෙලෙහිගුන දැක්වීමද එක්තරා දුර්වලකමක් බව මට සිතේ


අපි කවදත් යූඇන්පී කියන ඇතැම් ගැමියෝද එජාපයෙන් කිසිම වාසියක් ගත් අය නොවේ. ඔවුහු පක්ෂය හැර නොයති. එම පක්ෂයේම ලොකු මිනිස්සු දෙපැත්තෙන්ම වාසි ගත්හ.


ලොකු මිනිස්සු හා පොඩි මිනිස්සු හිතන විදිය දෙයාකාරය.ඒකනෙ ඒ අය දෙගොල්ලක් වෙලා ඉන්නෙ නේද


කෝච්චියේ හිගාකන්නට ආ පවුලක් ආවේ මොන්ගල් ලෙස හදුන්වන අසාමාන්‍යතාවය සහිත ලමයෙකුත් රැගෙනය.මා සාමාන්‍යයෙන් හොරු බව දැනදැනම මෙවැන්නන්ට මුදල් දෙන නමුත් මෙය ට සල්ලි දීමෙන් මම අමුම මෝඩයෙක් වෙන නිසා දෙම්දෝ නොදෙම්දෝ කියා දෙගිඩියාවක් ඇතිවිය. එම ලමයා සුව කිරීමට සරස්වතී පූජාවක් තැබිය යුතුලු . දෙම්දෝ නොදෙම්දෝ කියා මා අභ්‍යන්තරයේ වූ ගැටුම නිමාවුනේ රුපියල් විස්ස දීමෙනි. දෙගිඩියාව වුනේ මේ රුපියල් විස්ස දීම වරදක්ද යන්නයි. මේ අයට රුපියල් විස්ස දීමෙන් මා ද මෝඩයෙකු විය.ඔවුහු මට යටි සිතෙන් සිනාවුනා විය හෑක. එහෙත් රුපියල් සීයවල් පනහවල් දුන් අයට මට වඩා සිනාසෙන නිසා මට අවුලක් නැත. මේ ලමයා ඔවුන්ගේ නොවීමේ සම්භාවිතාව ද ඉහලය. කෝච්චියේ යන්නෙ පල් මෝඩයන් කියා සිතාගෙන මෙවැනි හේතු පෙන්වමින් හිගාකනවා විය හැක. සරස්වතී පූජා තබා උපත් ආබාධ සුව කල හෑකි බව කෝච්චිවල යන සමහරුද  සිතති. කෝච්චිවල හිගා කන අය ගේ මාසික ආදායම කෝච්චිවල යන  අයගේ මාසික ආදායමට මෙන් කීප ගුනයකි.



පසුව ලියමි


කෙළෙහිගුන කතාව ගැන මම ගෙදර අය සමගද  පොඩ්ඩක් කතාකලේ පොඩි මිනිහෙක් වන මට මේක අදහගන්න බැරි නිසාය.ඇත්ත තමා මට වෙන මොනවත් ඕන නෑ මහින්ද මහත්තයගෙ කකුල් දෙක අලලල වැදල එන්න තිබුනොත් ඇති කියල **** උන්දගෙ දුව කිව්වෙ කියා ගෙදර අය මා දෑනුවත් කළහ. මෝඩ කම දුප්පත් කම හා නූගත්කම මෙන්ම තොරතුරු නොදැනීම නිසාද කෙලෙහිගුන සලකන මිනිස්සු සිටිති. මේ තරම් ජනපදනමක් ඔය ප්‍රධන පක්ෂ දෙකටම ඇත්තේ එනිසාය. ඩඩ්ලි හාමු , බන්ඩාරනායක හාමු හෝ ඩී ඇස් හාමු සිනාසී පිටට තට්ටු කර බත් පැකට් එකක් දී මේක කාලවත් හැදියන් කියා විහිලුවක් කළ පසු පොලවෙ පස්කමින් පාක්ෂිකයෝ වී එම පක්ෂය වෙනුවෙන් ජීවිතයද දෙති. ඒ පොඩි මිනිසුන්ගෙ හැටිය.



 අපිට පොඩි උදව්වක් කළත් එලව එලව ගොස් ප්‍රති උපකාර කරමු. ලොකු මිනිස්සු එසේ නැත. ලොකු මිනිස්සු පොඩි මිනිස්සුන්ට ලොකු උදවු නොකරති ලොකු උදවු කරන්නෙ රැහේ අයටය. පොඩි මිනිසුන් සිය හීනමානය නිසා සීමාරහිත කෘතගුනයක් ලොකු මිනිසුන්ට දක්වති.

No comments:

Post a Comment