Saturday, September 28, 2019

රාජ සගබෝ හිස දී දුගියාටා දාන පාරමී

                  
                 http://ravaya.lk/?p=176097


අහම්බෙන් ඇස ගැටුන පිලියකි. මෙය රාවයේ පළවුනකි. කෙනෙකුට මෙවන් අසාධාරණයක් වූ විට දුක කියන්නටවත් කෙනෙක් නැත. අම්මෝ පවු පුරෝ ගන්න එපා අරුණ කියමින් ආගමික භක්තියෙන් අන්ධ  සමාජය ඔහුටම එරෙහි වෙයි.

ඇතැම් පංසල්වල සිදුවෙන දේවල් ගැන සමාජය යම් තරමකට හෝ සංවේදී වුවද විවේචනය කළද ආරණ්‍ය ගැන තිබෙන ආකල්පය ඊට ඉදුරාම වෙනස්ය. එවැනි තැන් ගැන වරදක් සිතන්නටද බියවෙයි.

උක්ත කාරණයේදී පීඩාවට පත් තැනැත්තා සම්ප්‍රදායික අර්ථයෙන් මෝඩයෙක් නොවේ. ඔහු විද්‍යා උපාධියක් හදාරා ඇත. පෞද්ගලික අංශයේ විධයක රැකියාවක් කර ඇත. ඔහු සාර්ථක විවාහයක්ද කරගෙන දරු දෙදෙනා උසස් යැයි සම්මටහ් පාසල්වලටද දමාගෙන ඇත. ඔහු සමාජයීය අර්ථයෙන් සාර්තක පුද්ගලයෙකි.

විඥානවාදී වූ විට ඇස ලග තිබෙන දේවත් නොපෙනෙන තරමට බුද්ධිය ගවු ගනනින් පලායයි. කෙනෙකුට යම් භෞතිකවාදී පසුබිමක් සුලුවෙන් හෝ  අවශ්‍ය බව මගේ අදහසයි.එවිට බෙලිකටු විකුනන්නන්ගේ සිට පැවිද්දා දක්වා සියලු උතුමන්ගේ වත ගොත ඇති සැටියෙන් අවබෝධ වේ.

පරම සත්‍ය කියා දෙයක් ඇද්ද
එය මීට අවුරුදු බරගනනකට පෙර සිටි නේපාල ජාතිකයෙකුට අවබෝධ වීද
ආශාවන් ඇත්තටම නැතිකළ හැකිද
 සිත යනු මොළයේ ප්‍රක්ෂේපනයක් නොවේද
මේ පවු සිද්ධවෙන ප්‍රශ්න විඥානවාදයෙන් ආතුර වූ විට පැන නොනැගේ

ආශාවන්ගෙන් විනිර්මුක්ත වූ එක්තරා රහතන් වහන්සේ කෙනෙක් වැඩ උන් සේක. උන් වහන්සේ දානයට ගිය විට මහත් ගිජුකමෙන් කැම කන්නට වෙයි. ලැජ්ජාවට පත් භික්ෂූන් බුදුන් හමුවට ආ විට මේ භික්ෂුව පෙර භවයක අලියෙක් බවත් ඒ පුරුද්දට කනබවත් දෙසූ සේක. රහත්වීම යනු සියලු උපාදානයන්ගෙන් මිදීමයි. අලියෙක් මෙන් මනුස්සයෙක් කන්නෙ කැදරකමටය. කෑදරකම යනු ආශාවයි.

පිලින්දවච්ච රහතන් වහන්සේ ඉක්මනින් කෝප වන්නෙකි. කෝපය යනු ද්වේශයයි.

මේවා දැනගැනීමෙන් මගේ පැහැදීම වැඩිවිය.


අපන්නක වන්නුපථ කතා වලට අමතරව සප්ත සූර්යෝද්ගමන සූත්‍රය හා වැස්සවලාහක සූත්‍රයද කියවිය යුතුය. සූරයග්‍රහණ විස්තරකර ඇත්තේ තෙරුවන් සරණ ගිය උපාසකයෙකු වූ සූර්යයා රාහු අසුරයා විසින් ගිල දැමීමට එන විට දෙව් රම් වෙහෙරට පලා ආ සැටියි.
වැස්ස වලාහක සූත්‍රය කියවීමන් වැස්ස ඇතිවීමේ සැබෑ හේතුව අපට දැනගත හැක. ඒ වැස්සට අධිපති දේව පුත්‍රයන්ට කාමුක සිතිවිලි ඇතිවීමය. වැස්ස පමනක් නොව උෂ්නය ඇතිවන්නේද එසේය ඒ උන්න වලාහක දෙවිවරු කම්සැපේ යෙදෙන විටය. තේරෙන බාසාවෙන් කීවොත් සෙක්ස් කරන එකය.
මේවා දැනගැනීමෙන් පසු මගේ බුද්ධාලම්බන ප්‍රීතිය වැඩිවිය.

ඉහත කතා වල වෙනත් වර්ෂන්ද ඇත. උදහරනයකට වැස්ස වලාහක කතාව කල්ප සූත්‍රයේ එයි. ජෛන දහමට අනුව සූර්යයා මහාවීර සරන ගිය ජෛන උපාසකයෙකි. මීට අමතරව ජෛන මහාවීරගේ උපත අභිනිශ්ක්‍රමනය ආදී විස්තරද කියවන්න. අපූරුම සමානකමකි.ඇත්තෙන්ම අවුරුදු දෙදසකටත් එහා සිදුවූවායැයි කියන දේවල් ඇත්තටම එහෙමම සිදුවුනාද කියා හරියටම දන්නේ කවුද .එකම කතාවක් වුව හත් අට දෙනෙක් හරහා යනවිට මුල් අදහස විකෘති වේ.

බෞද්ධ දර්ශනය ජෛන දර්ශනය හා උපනිෂද් කියවීමෙන් තුලනාත්මක අවබෝධයක් ලැබේ. විද්‍යා උපාධිධාරීහු මෙවන් පොත් කියවීමට පෙළබෙනවා අඩු‍ය.


මෙම සිදුවීමේ තවත් අපූරු පැත්තක් වෙයි. එනම් කාර්යබහුල පුද්ගලයන්ට ඊනියා සැනසුමක් අවශ්‍යවීමයි. ඔවුන්ට මුදල් ඇත්ත සැනසුම නැත. ආගමික ආයතවල මේ ඊනියා සැනසුම ගොඩ රුපියලට ඇත. දෙගොල්ල තමන්ට නැති දේ හුවමාරු කර ගනිති. ඇත්තෙන්ම කුමක්ද මේ සැනසුම ?

පුරාන ශාස්තෲන්වහන්සේලා ( ඔවුන්ද අප සේම මිනිසුන්ය ) සිත පිලිබද ගැඹුරු අධ්‍යාත්මික පර්යේශන සිදුකර සිත ශූන්‍ය  කිරීමේ ක්‍රමවේදය සොයාගත්හ. දුක ඇතිවන්නේ බාහිර පරිසරයේ බන්ධන නිසා එම බන්ධන ඉවත්කර සිත ෆෝමැට් කල විට සැනසුම ලැබේ. මෙන්න මේකයි කතාව.
මේ සදහා බොහෝ අභ්‍යාසයන් නිර්දේශ කළහ. මෙය සරල කාරනයකි. කිසිම ගුප්ත බවක් නැත. මේවා සොයාගත් උත්තමයන් වහන්සේලා අඩුගානෙ රජවරුන්ගෙන් අස්ස කරත්තයක්වත් නො ඉල්ලා අල්පේච්ඡ ජීවිත ගත කළහ. උන් වහන්සේලා අද සිටියානම් බෙන්ස් වල යන්නෙ නැද්ද කියා අසන අයට මෙය හොද පිළිතුරකි. එසේම තමන් හමුවට එන අයගෙ ප්‍රශ්නවලට කවුරුත් බේරල සම්‍යක් ප්‍රයෝගයෙන් බුද්ධිමත්ව උත්තර දුන්හ. පෙරේත කමට කන මිනිහෙක් ගැන අහන්න ආවම එතුමන්ගේ  ආත්ම ගෞරවයත් බේරල කතා කරන එක දස්කමකි. සමාජ සම්මතයන්ටද එරෙහි නොවූහ. රජවරුන්ගෙ සිංහාසනවල වාඩිවෙන්න ගියෙත් නැත. රාජ්‍ය පාලනයට ඇගිලි ගැසුවේත් නැත. පයින්ම ගමන් බිමන් ගොස් ශාන්තව මැද පිලිවෙතින් නිහඩ දිවියක් ගෙවූහ. එහෙත් මෙය පසුකාලීනව විකෘති වූයේ බඩ පෙරටුකරගත් බමුණන් නිසාය.

අද බිස්නස් එකක් වී ඇත. මීඩියාවලින් අමුතු අමුතු ආලවට්ටම් දමා විකුණයි. එහෙත් බුදු පනිවුඩය මෙයයි.

මම කියා කෙනෙක් නැත. මම යනු බාහිර පරිසරයේ නිර්මානයකි. ඊනියා මම නැතිව ලෝකය දැකීම සැනසුමයි. ( මම යැයි කියා භෞතික පුද්ගලයෙක් සම්මත අරථයෙන් නැතැයි මින් අදහස් නොවේ.මෙහි සදහන් මම යනු මනස තුල වූ ආරෝපිතයකි ) .


පාලි වචන හෝ පාරිභාෂික වචන නොදා අද ව්‍ය්වහාරයෙන් තේරෙන්නට කිව්වේ එනිසාය.



පසුව ලියමි
පසුගිය කාලයේ එක දිගට පවුල් පිටින් පැවිදිවීම් ගැන අසන්නට ලැබුනි. ඒ ගැන මාධ්‍ය වල ලිපි පළ වුනේ මේ අය  පැවිදි වුනේ ශ්‍රද්ධාවෙන්. ඔවුන් ගිහිකල මහත් ධනස්කන්ධයක් හිමිව සිටි අය. නමුත් සසර දුක තේරුම් ගෙන ඒ සියල්ල අලුයම ලූ කෙළ පිඩක් සේ බැහැර කර උතුම් වූ විමුක්ති මාර්ගයට ඇවිත් කියාය. අප සාදුකාර දුන්නේ බලව තෙල පෙනෙන පින්වතුන් පැවිදිවුනේ දෙවේල කෑමට නොවේය කියමිනි. එහෙත් ඔවුන්ගේ ධනයට වූ දේ ගැන කිසිවෙකු සිතුවේ නැත.
මනුෂ්‍යයෙකු තවත් මනුෂ්‍යයෙකු රැවටීම වරදකි. තමන්  ගැන විශ්වාසයෙන් තමන් කෙරෙහි භක්ති ප්‍රේමයෙන් වැදවැටෙන මිනිසෙකු රවටා ඔහුගේ දරුපවුලත් නන්නත්තාර කර ඔහුගේ සියලු වත්කම් මංකොල්ල කෑමනම් නීච නිවට තිරශ්චීන ක්‍රියාවකි.
වචනවලට මිනිසුන් මොනතරම් වශීවෙනවාද කියා පුදුම සිතේ. ෆැක්ට්‍රි මැනේජර් බරවැඩ කරන කම්කරුවෙකු වී සිය බත්පතද අනුන්ගේ අවසරයෙන් ලබාගන්නා මට්ටමට වැටීමනම් හැමෝටම පාඩමකි.

රාවය වැනි පුවත්පත් නැත්නම් මේවා සදාකාලික රහස් වනු ඇත.

No comments:

Post a Comment