Tuesday, March 12, 2019

අපායේ රියැලිටි තරඟය හා විසදන්න බැරි පීඩනය නිට්ටෑවෙන්ම සුවකරන ක්‍රමයක්.

70-77  ආර්ථික ක්‍රමය අසාර්ථක වුනේ බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී රටක් වූ නිසාය. දකුණු කොරියාව ,චීනය,තායිවානම ,වැනි රටවල මෙම ගැටලුව නොවීය. එක්කෝ එම රටවල් කොමියුනිස්ට් විය නැත්නම් රටට හිතවත් හමුදා ආණ්ඩු විය. මේ නිසා රට ගොඩ නැගෙමින් තිබූ මුල් අවස්ථාවේදී ආව්ස්ථාවාදීන්ට බඩ ඉදිරියට දමා රට රවටන්න බැරි විය. ගිනි පොලියට අරන් කන ,ඒ ණය ගෙවන්න ඊට වඩා ණය ගන්න මුස්පේන්තු රටවල් බවට එම රටවල් පත් නොවීය. 77 දී ආරම්භ වුන ණයට කන සංස්කෘතිය අද වෙනතුරුම පවතී. ණය නොඇම්තිවීම අනන සුඛය ලෙස බුදුන් වහන්සේ දේශනාකලද මුලු රටම ණය ගන්න මානසිකත්වයක සිටිති. මෙහි තවත් ඛේදවාචකයක් නම් ක්ෂුද්‍ර ණය උගුලයි. ණය ගෙවාගන්න බැරිව ගම්වල දුප්පත් කාන්තාවන් සිය දිවිනසාගන්න තත්වයක වැටී ඇත. මේ ක්ෂුද්‍ර ණැය ගන්න කාන්තාවන් බොහෝ විට අඩු අධ්‍යාපන මට්ටම්වල වන අතර ඔවුන් ණය කොන්දේසි ගැන වද වෙන්නේ නැත. ඇත්තෙන්ම මාගල වැනි ගිවිසුම් ලේඛනය කියවන්න කාටවත් වෙලාවක්ද නැත. මේ ඉතා සුලු මුදල් ණයට ගෙන මේ ගෑනු කරන්නේ කුමක්ද .වෙන මොකක්වත් නොවේ කන එකයි.  මේ ජනතාවට මුදල් කළැමනාකරනය ගැන දැනුමක්ද නැත. ණයක් ගන්න විට අනාගත වියහැකි අවදානම් ගැනද සිතිය යුතුය. ධනවාදය තුල සාර්ථක වීම යනු එක්තරා රියැලිටි තරඟයකි. එකෙක් උඩටම යනවිට දහස් ගනනක් නැති බංගස්ථාන වෙයි. අර උඩ ගිය එකා ගැන ධානත්මක චින්තන දේශන වල තලු මරමින් කියවිය හැක. නමුත් ඌට යටවූ අයගේ ජීවිතවල ඛේදවාචක ගැන හඩක් නැත. දියුණු රටවලද ඔය කියන සාර්ථක වූ අය පිටුපස වෙන වෙන කතන්දර ඇත.රජයන්ගෙන් ලැබෙන මහා බදු සහනද ඒ අතර වෙයි. සමජා සම්බන්ධතා ද උපරිම වැදගත්ය. නමුත් කියන්නේ ණයක් ගත්තොත් උත්සාහය තියෙනවානම් කැකිරාවේ නිමල් ටත් බිල් ගේට්ස් කෙනෙක් විය හැකි බවයි.

බ්ලොග් අවකාශයේ අපූරු බ්ලොග් කරුවෙක් විය. ඔහු වෙනස් විදියකට සිතන්නෙකි. ඔහු ජාතිකවාදී මතවලින් පෝෂනය ලැබූවෙකි. ඔහු ප්‍රතිවාදියා ,ලිංගික නිදහස ,පකිස් පෙට්ටිය වැනි බ්ලොග් කීපයක්ම කළේය. ඔහුගේ සින්ඩිය දැනට ඇති සාර්ථකම සින්ඩිය වෙයි. හේ නමින් අජිත් කුමාරය. මා ඔහුව හදුනාගත්තේ සිංහල බුඩිස්ට් නම් වෙබ් අඩවියේ කොමෙන්ට් දමන්නට යාමෙනි. ස්ත්‍රීවාදය ,ජාතික චින්තනය ගැන බොහෝ දේ මා උගත්තේ ඔහුගෙනි. ඔහුගේ ලේඛන හැකියාවද විශිෂ්ටය. තාක්ෂනික දැනුමද සතුටුදයකය. වෘත්තියෙන් ටෙක්නීෂියන් කෙනෙකි. අජිත් කුම්මාර ගැන බ්ලොග් ලෝකයේ කිසිවෙකු නොදනිති. මා මුලින්ම බ්ලොග් අවුරුදු උලෙලකට යාමට සිතා එක් බ්ලොග් කරුවෙකු හමුවීමට ලේක් හවුසියට ගිය විට අජිත් කීවේ තමන් ගැන කිසිවක්ම නොකියන ලෙසයි. මේ අජිත්ට පසුගිය දිනෙක රැකියාව අහිමි විය. ඔහු කොන්දෙ අමාරුවක් නිසා නිවාඩු ගත් අතර දිනක්  සැහැල්ලු වැඩ පවරන ලෙස ඉල්ලා සිටියේය. පාලනාධිකාරියෙන් ලැබුනේ අපූරු උත්තරයකි. මේක ඉස්පිරිතාලයක් නෙමේ. ඔයා නවතින්න ,ඔයා වෙනුවට වෙන කෙනෙක් ගන්නව "කියායි. කම්කරු සහන මොනවා තිබුනත් පෞද්ගලික අංශයේ රැකියාවලින් මෙසේ එලියට යන අය මේ සහන පසුපස යන්නෙත් නැත. ඒවාට රස්තියාදු වෙන්න ගියොත් කන්න හම්බවෙන්නෙ නැත. ධනවාදයේ උත්කර්ෂයට නංවන පෞද්ගලික අංශයේ කතාව මෙයයි.

මොනවා කළත් අන්තිමට නතරවෙන්න වෙන්නෙ නිෂ්පාදන ආර්ථිකයකය. එය රටක් ලෙස මෙන්ම පුද්ගලිකවද අනුගමනය කළ යුත්තකි.ධනවාදයේ පරිභෝජන සබන් බුබුල භයානක මිත්‍යාවකට එහා දෙයක් නොවේ.

නූතනවාදයේ එක ලක්ෂනයක් නම් මෙම පිරමිඩාකාර ඉහල නැගීමයි. පිරමිඩයේ මුදුනේ ධජය එසෙව්වත් පහල ඇත්තේ ඛේදවාචකයකි. නරකාදියේ මුදුනේ ධජය එසවීමේ ඊනියා ධනාත්මක චින්තනයක් වෙයි.
මෙසේ නූතනවාදය තුල එකිනෙකා අරගලයක නියැලෙන විට අනිවාර්ය ප්‍රතිඵලය සමාජ ආර්ථික හා අධ්‍යාත්මික අර්බුදයයි. මෙම අර්බුදය ඇත්තේ සිටම් එකේය. ඒත් ඒක බැලූ බැල්මට නොපෙනේ. මේ නිසා තනි පුද්ගලයාගේ අරගලය තිබියදීම ක්‍රමයේ පැවැත්මට තවත් උපරි අරගලයක් අවශ්‍ය වෙයි. මෙම උපරි අරගලය සිදුකිරීමේදී ඊනියා පීඩිතයෙක් හා එම පීඩිතයාගේ කවදාවත් නොවිසදෙන අරගලය නිර්මාණය කෙරේ. ඒ අනුව ප්‍රශ්නයට හේතුව සිස්ටම් එක නොව තමන්ගෙ අනෙකාය/ස්වාභාවික සතුරාය.

කොන්ඩෙ ක්‍රේල් එකක් හා කොන්ඩෙ දිගට වැවෙන එකෙක් එක බත් පත බෙදාගනිමින් එක මල්ලෙ ලුනු කමින් සිටියාය කියමු. කොන්ඩෙ ක්‍රේල් එකාට ඔහු ගේ පීඩනය ගැන දැනුවත් කළ යුතුය. ඔහුගේ ප්‍රශ්නවලට හේතුව කොන්ඩෙ දිගට වැවෙන අනෙකාය. කොන්ඩෙ ක්‍රේල් එකා වහල් භාවයෙන් මුදාගත් පසු ඔහුට අනෙකා සමග නිරන්තර අරගලයක යෙදිය හැක. මේ උදාහරණයකි.

නූතනවාදයේ එක් මුඛ්‍ය ලක්ෂණයක් නම් කිසිදා නොසන්සිදෙන පිපාසයකින් යුත් පීඩිතයෙක් සිටීමයි. මේ පීඩිතයාට තිබෙන සදාතනික ගැටලුව විසදීම නම් වූ කවදාවත් කරන්න බැරි ඉවරයක් නැති කාර්යයයේ නියුක්තවීමට නූතනවාදී සමජයට සිදුවේ. පීඩනය යන්න සාපේක්ෂ වුවද සාපේක්ශ සංකල්ප නුහුරු නූතනවාදේ සිටින්නේ ගල් ගැසුන පීඩිතයෙකි. පීඩිතයාගේ අනෙකා ඩයිනසෝරයන් නෂ්ට වුනලෙස මිහිමතින් අතුරුදන්වනතුරුම පීඩිතයාගේ ප්‍රශ්නය පවතී.

මෙයින් අදහස් කෙරෙන්නේ පීඩිතයෙක් නැත කියා නොවේ. පීඩනය රාමුවට සාපේක්ෂ බවයි. දරුණු ලෙසම පීඩනය විද්‍යාමාන වන ආර්ථික අසමානතාවය ගැන බටහිර නූතනවාදය නිහඩය. බටහිර නූතනවාදය තුල හදුනාගන්න ජනප්ප්‍රිය පීඩිතයෙකි කාන්තාව.තවත් ජනප්‍රිය පීඩිතයන් අතර  සුලු ජාතීන් ,ඒඩ්ස් රෝගීන් ,සමරිසියන් ද වෙයි. පීඩිතයන්ට විශේෂ සැලකිලි දක්වන්න යාමෙන් ප්‍රශ්න අවුල් වෙයි. පීඩනය සාපේක්ෂ බව වටහා ගෙන පීඩනය ඇතිවෙන රාමුව වෙනස් කිරීම කළ යුතුය. බොහෝ විට මෙම පීඩනය අතිශයෝක්තියෙන් සිදුවන්නකි. සමාන්තර විශ්වයේ එකෝමත් එක රටක කෝච්චි පෙට්ටි වැඩිනොකර තියෙන කෝච්චි පෙට්ටි කාන්තා පිරිමි ලෙස වෙන කලා කියා මා කතන්දරයක අසා ඇත,. පිරිමි මිතුරන් සමග පාටි දමමින් ,අල්ලාප සල්ලාපයේ යෙදෙමින් ,සින්දු කියමින් යන කාන්තාවන් මෙම පෙට්ටියේ යන්නේ නැත. ඒ නිසා කාන්තා පෙට්ටිය හිස්ය. අනෙක් පෙට්ටිවල වෙනදා නොතිබුන මහා තදබදයකි. 

දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු බටහිර සමාජය පුද්ගලවාදී විය. මේ තුල එකෙකුට සෙසු සමස්තයට එරෙහිව අයිතිවාසිකම් දිනාගැනීමි අනවරත අරගලයක් වෙයි.මේ අරගලය තුල මහා අධිරාජ්‍ය බිහිකල සුදු ක්‍රිස්තියානි පිරිමියා ප්‍රතිගාමියෙක් වෙයි.ඇමරිකාවේ පසුගිය ජනාධිපතිවරනයේදී මෙම විසංවාදය කරලියට ආවේය. බටහිරලෝකය සෙසු ලෝකය මත අණසක පතුරුවන්නේ ජාතිකත්වය මත නිසා මෙහි විසංවාදයක් වෙයි. 

මොකක්දෝ බටහිර එන්ජීඕ එකකින් කළ සමීක්ෂනයකදී ලංකාවේ පිරිමින් තුන්දෙනෙකුගෙන් එක්කෙනෙක් ස්ත්‍රී දූෂනයක යෙදී  තිබෙන අබව් කීවාලු. හැම තත්පරයකටම ස්ත්‍රී දූෂන සිය ගනනක් සිදුවන වාලු. කාන්තාවකට පාරෙ බැස මීටර් දෙක තුනකට වඩා යනන් බැරි තත්වයක් . මේ එන්ජීඕ වලට අනුවය. රාජ්‍ය නොවන සංවිධන වලට මුදල් පොම්ප කරන විදේශීය සංවිධානවලට යෝජනාවක් කරනු කැමැත්තෙමි. තුන්වන ලෝකයේ රටවල තත්වය ඉතා භයානකය. බටාහිර නොවන රටවල් කොටින්ගේ සර්පයන්ගේ භූමිය. එම රටවල ම්ලේච්ඡයෝ විගසක් එක තැන් නොසිට කාන්තවාන් සුලු ජාතීන් ආදීහු පීඩාවට පත් කරති. එකම විසදුම මෙම පීඩිතයන්ට ඔබලාගේ රටවල පුරවැසිකම දීමයි. විශේෂයෙන් කාන්තාවන්ට පුරවැසිකම දීම නම් ඉතා හොදයි. එසේ යන කාන්තාවන්ට තම පවුලේ සෙසු සාමාජිකයන්ද සමග ඔබ රටවල ජීවත් වීමට ඉඩ ලබා දෙන්න. පවුල් පිටින් බාරගන්නා ලෙස ඉලා සිටිමු. මෙසි ඉල්ලන්නේ බටහිර නොවන රටවල පීඩනය ඉතා දරුණු නිසාය. එය වචනයෙන් විස්තර කරන්නට බැරි තරම්ම භයානකය. සිටිසන් ශිප් දීමෙන් ප්‍රශ්නය නිට්ටාවටම සුව වේ. ඔබ සැමට නිට්ටෑවන්ගේම සරණයි.

No comments:

Post a Comment