Saturday, January 26, 2019

ගින්නෙන් උපන් සීතල



ගින්නෙන් උපන් සීතල නමින් තිරගත වූ විජේවීර ගැන සිනමා සිතුවම මමද බැලුවෙමි. ඇත්තෙන්ම මා චිත්‍රපටයක් බැලුවේ සෑහෙන කලකට පසුවයි. මීට පෙර මා බැලුවේ ගුරුගෙදර චිත්‍රපටයයි. ගින්නෙන් උපන් සීතල බලන්නට මම පුලපුලා සිටියෙමි. ඇත්තෙන්ම මට සිනමා ශාලාවද ප්‍රවේශ පත්‍රයක මිලද ආගන්තුක විය. මා සමග ටිකට් ගත් දෙතුන් දෙනාටද එසේම ආග්න්තුක වීමෙන් මෙම සිනමා සිත්තම සාමාන්‍යයෙන් චිත්‍රපට නොබලන යම් පිරිසක් සිනමා ශාලා වලට ආකර්ශනයකරගත් බව පෙනුනි.

විජෙවීර යනු මෙරට පහලවූ අති සුවීශේෂයෙකි. ඔහු සමාජය වෙනස් කිරීමට උත්සාහ කළේය. එසේ සිතීමම ශ්‍රේෂටත්වයකි.ඔහු දේශප්‍රේමියෙක් විය. වළගම්බා රජුට එරෙහිව නැගීසිටි තීය නම් බමුනාගේ සිට විජේවීර දක්වා වූ කැරලි ඉතිහාසයේ විජේවීර විශිෂ්ට වන්නේ ඔහු ලංකාවේ වැඩිම බිම් ප්‍රමාණයක අනසක පැතිරීමෙනි. උතුර නැගෙනහිර හැර මුලු ලංකාවේම ඔහුගේ ව්‍යාපාරය වනස්පතියක් විය.

1971 කැරැල්ල ගැසූ වකවානුව කැරලිවලට හොද වටපිටාවක් විය. එසේම එම කැරැල්ලට එක්වූ අයද සමාජයට ඉදිරියෙන් සිටි සමුද්ධික පිරිසකි. පොලීසිවලට පහර දී බලය ඇල්ලීම වර්තමානයේ විහිලුවක් වුවද එකල එය ප්‍රායෝගික විය. හමුදාව ඉතා කුඩා පිරිස් බලයක් සහිත විය. එහෙත් බාහිර ආධාරයක් නොලැබෙන පසුබිමක හැකි ඉක්මනින් බලය අල්ලා  ගත යුතු විය. රජයේ සහායට ඉන්දියාව එන එක අනිවාර්ය නිසාය. 

ජවිපෙට පුලුල් ජනතා සහයෝගයක් කිසිදාක නොවීය. රටේ බහුතරය සම්ප්‍රදායික පක්ෂවල ප්‍රවේණි දාසයෝය. මේ නිසා මෙවැනි පසුබිමක කැරලිකරුවන් හුදකලා  වීම වැළැක්විය නොහැක.89 කැරැල්ලේදී ඉතා බලවත් හමුදා යාන්ත්‍රනයක් සමග  ගැටීමට ජවිපෙ තීරනය කිරීම පුදුමයකි. තම සටන රජය සමග මිස හමුදාව සමග නොවේය කීවත් එය විකාර අදහසකි. හමුදා  පිරිස් කැරලිකරුවන් හා එකතුවීම සිදුවන්නේ අති සුවිශේෂී අවස්ථාවකදීය. ඒත් අති සුවිශේෂී සංදර්භයන් තුලය. උදාහරණයකට ගඩාෆිගේ ගෝත්‍රයට විරුද්ධ ගෝත්‍රික පිරිස් කැරලි ඇතිවීමත් සමග කැරලිකරුවන් හා එක්විය. සිරියාවේ අලවයිට් නොවන ගෝත්‍රිකයෝද එසේකළහ. රුසියාවේ සිදුවුනේ සාර්ට එරෙහි ප්‍රභූ විප්ලවයකි ප්‍රංශයේ මෙන් . ඒ ගැන මෙතන කතා කළ නොහැක. කියුබාවේ සිදුවුනේ ගොඩනැගෙමින් පැවති හමුදාවකට එරෙහි සටනකි. ලංකාවේ තත්වය හාත්පසින්ම වෙනස්ය.

චිත්‍රපටය තුල විජේවීරගේ කතාව ඔහුගේ කැරිස්මාව නිසිලෙස නිරූපනය වීද. හැමෝම කියන පරිදි නලු නිලියන්ගේ රඟපෑම විශිෂ්ටය. එහෙත් මා නම් දුටුවේ විජේවීර හැංගි හැංගි ජීවත්වෙමින් පවුල් කන ආදරණීය සැමියෙක්  ලෙසයි. ඔහු කැරලි නායකයෙකුට වඩා ආදරණීය පියෙකි.ඔහු ලෙජන්ඩ් එකක් වුවද ඔහු ඇත්තටම එහෙම තත්වයකට සුදුසු කෙනෙක් නොවනවාද විය හැක. එහෙත් මීට වඩානම් ඔහුගේ චරිතය ප්‍රබල වන්නට ඇතැයි මට සිතේ.ඔහුගේ කැරිස්මාව කැපී පෙනුනා මදි බව මගේ හැඟීමයි.71 කොටස් නොදැමීම ගැන නම් දොස් කියනනට බැරිය .එසේ වුනොත් චිත්‍රපටය අනවශ්‍ය ලෙස දීර්ඝ වේ



තමන්අ කමැති විවාහයක් තමන් වෙත පැටවූ පසු වික්‍රමාන්විතව ඊට මුහුණ දෙමින් නුහුරු ජීවන් රටවකට ය්මුවී එයද එයද ජයගත් විජේවීර මැතිණියද ප්‍රේක්ෂකයාගේ හෞරවයට පාත්‍ර වේ.


.කෙසේ හෝ සිංහල සිනමාවට පෑයූ උදා ඉරක් වන් මේ චිත්‍රපටය එහි නිර්මාතෲන් සැමටම ගෞරවය ගෙන එන්නකි.

6 comments:

  1. Replies
    1. ස්තුතියි. ඒ වාගෙම මතක් වුන නිසා කියන්නෙ.
      ජවිපෙ ගැන ඔබ ලියූ පෝස්ට් එක ඔවුන්ගෙ හයවෙනි පන්තිය විය යුතුයැයි මට සිතෙනවා. ඔවුන් අප්ඩේට් වෙන්න ඕන විශේෂයෙන් ඔවුන් කටපාඩම් කරන පොත් සෙට් එකෙන්.

      Delete
  2. සමහර තැන් වැඩිපුර පෙනුනු පෙනිය යුතු තැන් අඩුවෙන් පෙනූ වගේ හැඟීමක් දැනුනු කොහොමත් විජේවීරගෙ පුද්ගලික දිවියට බර කෙරුනු චිත්‍රපටයක්.. ඉතා උසස් සංගීතයක් වේශ නිරූපනයක් සහිතයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. පුද්ගලික දිවියට බරකෙරුව වැඩියි. මොකද මේ යකා මගෝඩි වැඩක් කරල හැංගි හැංගි හිටපු කෙනෙක් නෙමෙයිනෙ.

      Delete
  3. //විජේවීර හැංගි හැංගි ජීවත්වෙමින් පවුල් කන ආදරණීය සැමියෙක්. ඔහු කැරලි නායකයෙකුට වඩා ආදරණීය පියෙකි.//
    ඒකඟයි. අවසානයේ ඉක්මන් විනාශයක් ළඟා කරගන්නේද මේ දුර්වලතාව නිසාය.කැරලි නායකයෙක් ආදරණීය සැමියෙකු, ආදරණීය පියෙකු විය යුතු නැත.

    ReplyDelete
    Replies
    1. ඔහු අසුවෙන්නෙ මේ මෝඩ කම් නිසයි. ඇත්තටම ඔහුට පවුල තරම් පක්ෂය වැදගත් නොවුනා විය හැකියි. ඔහුට පවුලක් නොතිබ්බනම් ඉතා පහසුවෙන් හැංගිලා ඉන්න ඉඩ තිබ්බා. තමන් වෙනුවෙන් දස දහස් ගනන් වධකාගාරවල අමානුෂික වධ මැද වචනයක් හෙළිනොකර දිවිපුදන විට ඔහු ඉතා අප්‍රවේසම්කාරී ලෙස හැඟීම් බර වෙනවා. ඔහුට අවශ්‍ය වෙන්නෙ හැන්ගෙන්නට වඩා දරුවො එක්ක දවස ගත කරන්න. දරුව දොරකඩ ලග තාත්තෙ කියනකොට යන්න මද දුරක් ගිය ඔහු ආපහු හැරෙනව.

      පක්ශය වෙනුවෙන් දිවි දුන් අය පවුල් අත ඇරපු අය. දේශපාලන මණ්ඩලයෙ හිටපු ශාන්ත බන්ඩාර වගෙ චරිත වල මීට වඩා විප්ලවකාරී ජීවගුනයක් තිබුන.

      Delete