Friday, January 11, 2019

මේ රටේ ජනයාට බුද්ධි බලය ලැබෙන ගුරුකමක් මන්ත්‍රයක් හෝ ගොලුබෙලිකට්ටක් නැද්ද



බිමල් රත්නායක මන්ත්‍රීතුමා අපූරු කතාවක් කර තිබේ. ඒ කලු මාධ්‍ය ගැනය. ඇත්තටම මේ රටට අවශ්‍ය බිමල් රත්නායකලාය. ඔහු මිත්‍යාන්ධකාරයෙන් ගැලවුන දේශපාලනඥයෙක් බව පෙනෙන බැවිනි. ඔහු ගොලුබෙල්ලන්ගේ කටුව කොයි පැත්තට කරකුනත් එහි බලයක් නැති බව නොබියව කියයි. 

ඇත්තටම මෙරට මාධ්‍ය රැසක්ම මිත්‍යාව වපුරයි .ඇත්තෙන්ම ඒ වපුරන්නේ අතිශය නින්දිත ලෙසය. මම මේ කිසිවක් නොබලන නමුත් දිනක් අහම්බෙන් අසන්නට ලැබුනි. ඒ ව්‍යාපාරික ස්ථානයක් අසලදී එම ආයතනයේ දමා තිබූ ටී වී චැනලයකිනි. එක් ගැහැනියක් එම වැඩසටහානේ පෙනී සිටි තක්කඩියාට තම දුක කියයි. තක්කඩියා කියන්නේ එම ගැහැණියගේ හැම ප්‍රශ්නයකටාම් හේතුව කාමරයේ ගෘහභාණ්ඩ තබා ඇති දිශාවද අරකද මේකද මගුලකි. මේ රටේ මිනිසුන් මේ තර්ම් මෝඩද කියා සිතා මම කම්පාවට පත් වීමි.මට ඇත්තෙන්ම ඒ වැඩසටහන අහන් ඉන්න බැරි තරම් අප්පිරියාවක් ඇති විය.

මිත්‍යාවට සරු පසක් වූ යුගය අවසන් වුනේ එක් මිත්‍යා පතාක යෝධයෙක් වූ තක්කඩියෙක් ද බිම දමාගෙනය. මේ තක්කඩියා සෞරග්‍රහ මණ්ඩලය ගැන ඉතා සරල දේවත් නොදැන සිටි බව මාධ්‍ය සාකච්ඡාවකදී හෙලි විය.

යම් දේශපාලනඥයෙකු ,ගායකයෙකු නළුවෙකු හෝ මොනයම්ම හෝ සාර්ථක පුද්ගලයෙක් තවත් සාර්ථක වීමට ගොලුබෙලිකට්ටක් ලබාගනී . එතැන් පටන් අර කී තැනැත්තා සිතන්නේ තම සාර්ථකත්වයේ රහස ගොලුබෙලිකට්ට බවයි.

තම ප්‍රශ්න විසදාගැනීමට ප්‍රශ්නය කොල කෑල්ලක ලියා එය පාන් ගෙඩියකට දමා ඩස්බින් එකකට දමන ලෙස ද උපදෙසක් දුන් වීඩියෝවක් මා දැක ඇත. ඒ වෙන තක්කඩියෙකි.  මේ රටේ ජනතාවද පබාට චන්දෙ දුන් ජාතියක් බැවිනි ඔවුන්ගේ බුද්ධිය වැඩි කිරීමට පාන් ගෙඩියේ ගුරුකමද නරක නැත.

චන්ද්‍රයාගේ හා අගහරුගේ ජනාවාස හදන යුගයකි. අපි අරහන් බුදු ගුනෙන් මගේ කුජගෙ අපල දුරුවේවායි කියමින් ගස් වටේ යමු.පොත් කටපාඩම් කිරීමට කොට්ටෙ යට තබා මන්ත්‍ර ජපකිරීම හා දෙවිවරු යහලු කරගැනීමේ ගුරුකම්ද ඉගැන්වෙයි. මේ වර්ක්ෂොප් කරන තැන්වල මෝඩයන් පිරී ඉතිරී ඇත. 

මෝඩයන් වැඩිවන තරමට තක්කඩියන් මහා ධනස්කන්ධයන් රැස්කර ගනිති. මේ රටේ ජනතාවට බුද්ධි බලය ලැබෙන ගුරුකමක් නැද්ද ?



4 comments:

  1. මේ වගේ දේවල් ගැන නම් කියලම වැඩක් නෑ. එක, එක කාලෙට අළුත්, අළුත් මෝස්තර වලින් එළියට එනවා. ඒ හැම එකකටම වැඳගෙන පස්සෙන් යන්නත් සෑහෙන පිරිසක් එකතු වෙනවා. හොඳ ව්‍යාපාර බලාගෙන ගියාම.

    ReplyDelete
    Replies
    1. චීනය වගෙ රටක නම් බලෙන් හෝ නවත්වනවා. සමහර ආගම්වලත් මේව අධෛර්ය කරනවා. නමුත් ලංකාව මේ හැම තක්කඩියටම හොද තෝතැන්නක්.
      මේ තරම් නීච නින්දිත ලෙස මිනිස්සු රවට්ටන්න දෙන්න පුලුවන්ද
      අන්ධයන් මංමුලා කරනව වගෙ වැඩක් මේක.

      Delete
  2. It is a fine line between religion and superstition. Sometimes there is no line at all.

    ReplyDelete