ඌරන්ගේ පෝෂනය ගොවිපොලේ පැවැත්මට ප්‍රයෝජනවත් බැවින් කිරි සහ ඇපල් ඌරන්ට වෙන් කර තබන්න.
අනෙක් සතුන් ඒ ගැන කතා නොකළ යුතුය. එසේ කතා කරන්නේ නම් අවසාන විග්රහයේදී අප විසින් පරාජය කරන ලද මිනිස් සතුරාට සේවය කිරීමකි. සතුන් ගේ විප්ලවයෙන් මිනිස් සතුරා පරාජය කරන ලදී. ඉන් ඉක්බිති ගොඩ නැගූ සතුන්ගේ රාජ්‍යයේ පැවැත්ම ඇත්තේ තීරණ ගන්නා වූ ඌරන් අතේය. ඌරන් හැර සෙසු සතුන් විප්පලවීය ජීවගුණයකින් දුක දරාගෙන මිනිසුන්ගේ පාලනය පැවති යුගයටත් වඩා දුක අනුභව කරමින් ගොවිපොලේ ( ඌරන්ගේ ) සුබ සිද්ධිය සදහා වෙහෙසිය යුතුය.
කතාව නම් ඇත්ත තමා ඉතින් ඒත්.
ඇයි සහෝදරය ඒත් ඒත් ගාන්නෙ. මතක නැද්ද මිනිසුන්ගෙ පාලනය. ඔවුන්ගෙ පීඩනය ඉවසන්න බැරුව සතුන් නැගී සිටිය අමතකද
ඔබ යෝජනා කරන්නෙ ආයෙ මිනිසුන් කැදවන්න කියලද
නෑ එහෙමම නෙමේ . මම මිනිසුන්ගෙ පාලනයක් ආයෙ පැතුවා නෙමෙයි නැහ් නැහ් .නැපෝලියන් සහෝදරයට ජයවේවා. අපි වෙන දෙයක් කතා කරමු.
හරි හරි . අපි ඒක අමතක කරමු. මා එක්ක කීවට කමක් නෑ. වෙන කා එක්කවත් කටේ කෙල බිදක් හොල්ලනාව් එහෙම නෙමෙයි. ස්නෝබෝල් එක්ක නැපෝලියන් තරඟ කළැ වෙලාවෙ බලු පැටවු ටික ස්නෝබෝල්ගෙ ඇස් වහල නැපෝලියන් හැංගුව. ඊට පස්සෙ කිරි දීල හැදුව.
මොනවා .ඔවු අලුත් උපන් බලු පැටවු ටික මට මතකම නැතිවුනානෙ. දැන් උන් කෝ.
හෙහ් හෙ උන් නැපෝලියන් එක්ක. ස්නෝබෝල් ගොවිපොලෙන් එලෙව්වෙ උන් තමා.
බලපුවම මිනිස් ආන්ඩුවකට වඩා නරකනෙ.
කට කට. බල්ලන් තමා ගොවිපොල හා නියමුවන් වන ඌරන් ආරක්ෂා කරමින් මිනිස් උපද්‍රවයන්ගෙන් ගොවිපොල රැක ගන්නෙ.
ගොවිපොල තුල සිටින ප්‍රතිවිප්ලවවාදීන් මෙල්ල කිරීමත් උන්ගෙන් ඉටුවන සද්කාර්යයක්.
එහෙමනම් සහෝදරය අපි විප්ලවීය ගීයක් ගයල සමුගනිමු නේද.
ඔවු ඔවු තාලෙට කියමු.
දුර්ගුණ මිනිසුන් පලවා හැරියේ
ඔද තෙද බල ඇති ඌරන් වේ
නැපෝලියන් උන්ගේ මහරජුවේ
නැපෝලියන් ගේ නාමේ සැරදේ වොරැදේ
බිහිසුනු මිනිසුන් සුන් කර දැමුවේ
ඌරන් හා අප බලු සේනාවයි
අප සියලු සතුන් උන්ගේ ගුන ගුණ ගයනෙමු
ඌරන්ගේ ශ්‍රීනාමය සැරදේ බැබලේ
අසරන සතුනට මගපෙන්වනු මැන
වීර විපුල ඌරනි අති උත්තම
වැද්දන් හට තහනම් තහනම්
කාහල නාදය නගවු සැමදා
මෙහි ලස්සනම කතාව නම් මහලු අශ්වයා විකුණා ඌරන් විස්කි බෝතලයක් ලබාගැනීමය.
ජෝජ් ඕවල් ගේ ඇනිමල් ෆාම් කතාව සම්මාජවාදයේ විකෘතිය මැනවින් පෙන්වයි. අපද ලියන්නේ සමාජවාදයාට් එරෙහිව නොව එහි මේ නෛසර්ගික විකෘතියට එරෙහිවය. සමාජවාදයේ ගැටලුව එහි ප්‍රායෝගික ප්රජාතන්ත්රවාදයක් නොවීමයි. බලය එක් රැස් වීමේ වරද කතා නොකෙරේ .ධනය එක් රැස් වීම පමනක් කතා කෙරේ.
කතාවට වශී වී රත්රන් ගලවා දෙන ගැහැනුන්ගේ රන් ගෙන නායකයා හදන්නෙ කාරෙකක් ගන්නටය.රන් ගලවා දුන් අයට අතවන වනා කාරෙකේ යන්නටය. ඒ ඔහුගේ ආශාවයි. ඔහුගේ ඇත්ත අවශ්‍යතාවයයි.
සමාජවාදය බිහිවන්නේ දියුණු අධ්‍යාත්මිකව උසස් සමාජයකය. නොදියුණු සමාජයක අවබෝධයෙන් ඇතිඅකරගන්නා හැඟීමක් නොව ඉරිසියාව කුහකකම මත ඇතිකරගන්නාවිපරීත මානසිකත්වයක් මූලික වේ. එය කෙළවර වන්නේ නිළධාරිවාදයකිනි. සමාජවාදය බිහිවන්නේ ධනවාදය අභාවයට යාමෙනි. විප්ලවයකින් නොවේ. එසේ නැතිව ව්‍යාජ වංචනික මිනිසුන්ගේ ව්‍යායාමයකින් නොවේ.
වහලුන් තබා ගැනීම නොමනා බව මිනිසා තේරුම් ගත්තේය. කාන්තාවන් සිරකාර්තැබීම නොමනා බවද තේරුම් ගත්තේය. දැන් සත්ව හිංසාව නොමනා බව තේරුම් ගනිමින් සිටී. මෙලෙසම ආර්ථික සූරාකෑම නොමනා බව තේරුම් ගනු ඇත. අධ්‍යාත්මික සංවර්ධනයක් තුලින් සමාජවාදය බිහිවීම ගැන කීවේ එයයි.