![]() |
Saturday, November 24, 2018
පස් රහිත වී වගාව
Friday, November 23, 2018
හෙබ්‍රෙව් හා ජපන් භාෂා වල පුදුමාකාර සමානකම
ඊශ්‍රායලය හා ජපානය ඉතා දුරින් පිහිටා ඇති රාජ්‍යයන් දෙකකි. නමුත් ඊශ්රායල්වරුන්ගේ බස හා ජපනුන්ගේ බස පුදුමාකාර ලෙස සමානය.
අකුරුවල මේ පුදුමාකාර සාම්‍ය තදින් කැපී පෙනේ. ජපන් බසේ රූපාකාර අක්ෂර හා හෙබ්‍රෙව් බසේ අකුරු සමානව වීම තේරුම් ගත නොහැක්කේ භූගෝලීය හා සංස්කෘතික දුරස්ථ බව නිසාමය.
ජෝසෙෆ් ඊඩ්ල්බර්ග් නම් යුදෙව්වෙක් ජපන් ශින්ටෝ ආරාමායක නැවතී ජපානය හා ඊශ්‍රායලයේ නැතිවූ ගෝත්‍ර කියා පොතක් ලිවීය. බොහෝ ජපන් වචන පුරාණ හීබෲ බසින් ආ ඒවා යැයි ඔහු කියයි.
උදාහරණයක් ලෙස හිංසාවට ජපන් බසින් කියන්නෙ හzඋකෂිමෙ කියාය. හීබෲ බසින් එය හඩක් හෂෙම් ය.ජපන් බසින් රජු මිකාටො /මිකාඩො ය. හීබෲ බසින් එය මල්හුටෝ ය.මෙවැනි සමානකම් බොහෝය.
ජපන් න්මිත්යා කථා සාහිත්‍යද යුදෙව් සාහිත්‍යට සමානකම් දක්වයි. ජපන් ජනකතාවලද මේ අද්භූත සමානකම් ඇත.එම කතාවල තිබෙන සමහර ව්‍යවහාර වත්මන් ජපන් බසේ නැති අතර ඒවා ගැන හෝඩුවාවක් සොයාගත හැක්කේ හීබෲ මූලයන්ගෙනි.
![]() |
මේක නම් මගෙ අදහසක්. අපි හිතමු ඊශ්‍රායල් ගෝත්‍ර වලින් එකක් ජපනුන්ට සම්බන්ධයි කියල. ඊශ්‍රායල් ගෝත්‍රයක නම තමයි නප්තලී. යාකොබ් තම පුතුන්ට ආශිර්වාද කරනකොට නප්තලී ගැන කියන්නෙ මෙහෙම. නප්තලී ගොදුරුකන සිංහයෙකි .ඔහු තනිව ගොදුරු කයි . ගොදුරු කා නැගිට යයිද මොකක්ද කියන්නෙ. නප්තලී ගෙ නමයි ජපානයට කියන තවත් නමක් වන නිපොන් කියන නමෙයි සමානකම බලන්න.ජපනුන් යාකොබ් ගේ පුතෙක් වන නප්තලීගෙන් පැවත එනබව කියනවම නෙමේ. නමුත් එහෙමත් සැකකරන්න පුලුවන්.
යාකොබ් ගෝත්‍ර දොලහට ආශිර්වාදකරන කොටස මට කටපාඩම් හිටිය කෑල්ලක්. ඒ වාගෙ තව කටපාඩම් හිටියෙ සාමුවෙල්ගෙ උපතින් පසු ඔහුව දේව මාළිගයට රැගෙන යන සාමුවෙල්ගෙ මව හන්නා ගේ කවි පන්තිය. සාවුල්ගෙ මරණය කන වැටුන විට දාවිත් කී ගීයත් ඒ වගෙ එකක්. තව ගීතාවලියෙ දාවිත්ගෙ කවි සමහරකුත් කියවන පමාවට කටපාඩම් හිටිය. ඒ හුග කාලෙකට ඉස්සර. මේ ජපන් කතාවෙන් ඇතිවුන කුහුලත් එක්ක ආයෙ ඒ මතකය අවදි වුනා.
Wednesday, November 14, 2018
ජවිපෙ යන්නෙ හරිම පාරෙ
සමහරුන්ට ජවිපෙ ක්‍රියාකාරකම් මහත් විශ්මයකි. ඒ බොහෝ විට දේශපාලනය සරලව විග්රහ කරන්නන් ය.
ජවිපෙ මෙහිදී කරන්නෙ කළ යුතු නිවැරදිම දේ. ජවිපෙට වැටෙන්නෙ ශ්‍රී ලංකා චන්ද.
සාමාන්‍යයෙන් යූඇන්පී චන්ද ජවිපෙට ලැබෙන්නෙ නෑ.
.ශ්‍රීලනිප චන්ද ක්‍රම ක්‍රමයෙන් ජවිපෙට අවශෝෂනය කරගන ඕන.ඒකට යූඇන් පී ආන්ඩුවක් තියෙන්න ඕන. ඊට පස්සෙ ආණ්ඩු විරෝධී සටන ජවිපෙ අතට ගන්න ඕන.
ඉන් පසු ශ්රීලනිපය දියවෙලා ප්‍රධාන එජාප විරෝධී බලවේගය බවට ජවිපෙ පත්වෙනවා. මේක අසූ ගනන්වල විජේවීරත් නිතර කියූ දෙයක්. ශ්‍රීලනිපයේ ගමනක අවසානය ලෙසයි ඔහු එය හැදින්වූයේ.
ජවිපෙ කරන්නෙ දීර්ඝකාලීන ප්‍රොජෙක්ට් එකක්.
Subscribe to:
Posts (Atom)