ශ්‍රී ලංකාවේ සුප්‍රකට ගොමා ගෝත්‍රයේ ප්‍රාදේශීය නායකයෙක් කළ ප්‍රකාශයක් නිසා සමාජ ජාලවල ගිනි ඇවිලී ගියේය. මොහුගේ නම පැදුරු ආරච්චි කියා ටයිප් කළද එය පිදුරුආරච්චි ලෙස ෆොන්ට් එක සකස් විය. සමහර අවස්ථාවල මගේ වචන වලට වඩා ෆෝන් එකේ ෆොන්ට් එකේ යෝජනා ලස්සනය. මෙයද එවැන්නකි.එනිසාමමද පිදුරු ආරච්චි යන නම භාවිතා කරමි.
ගොමා ගෝත්‍රිකයන් තමන් අති සුවිශේෂී පිරිසක් ලෙස විශ්වාස කළද පිදුරුආරච්චි සේ එය ප්‍රසිද්ධියේම නොකියති. ප්‍රකට වූයේ පිදුරු තැන වුවද තවත් ගෝත්‍රිකයෝ අදහස් පළ කළහ. අප මෙහිදී සහෝදර ගෝත්‍රික ස්ත්‍රිය බේරාගැනීම මිස ඇය විවේචනය නොකළ යුතු යැයි සමහර ගෝත්‍රිකයෝ අදහස් පළ කළහ.
ශ්‍රී ලංකාවේ තිබෙන්නේ ගොමා ගෝත්‍රය පමනක් නොවේ. තවත් ප්‍රබල ගෝත්‍ර ඇත. සාමාන්‍යයෙන් පුංචි පහේ මිනිසුන් ගෝත්‍රිකයෙක් ගෙ ඇගේ හැප්පුනද කානුවට බැස අයින් වී පයින් යති. කලුගල්වල ඔලුව හප්පගන්න බැරි නිසාය. ඇත්තටම මේ අම්මට සිරි ලංකාවේ පන කෙන්ද බේරගැනීමට නම් ප්‍රබල ග්පෝත්රිකයෙක් විය යුතුය. වැඩවසම් ශ්‍රී ලංකා සමාජයට සුද්දා ප්රජාතන්ත්රවාදය දීමෙන් සිදුවුනේ පසුගාමී කුල ක්‍රමය වෘත්තීය කුල ක්‍රමයක් ලෙස රූපාන්තරනය වීමය.
මම මීට පෙර කාඩියෝ තොරසික් සර්ජන් කතා වස්තුව පෝස්ට් එකක් ලෙස දැම්මෙමි. පියාගේ හදවත් රෝගී තත්වයකට ප්‍රතිකාර ගැනීමට ගිය විට ඉක්මනින් මැරෙන බවත් වහාම ලක්ෂ 12 ක් සොයාගෙන එන ලෙසත් ප්‍රකාශ කර තර්ජනය කළාය. ඇයගේ තර්ජනය එලෙසින්ම පෝස්ට් එකක් ලෙස දැම්මෙමි. මේ අවස්ථාවේදී මගේ දෙමාපියන් අසරන වූහ. ඉතා තර්ජනාත්මක හා අපොඅහාසාත්මක ලෙස එම ගෝත්‍රික ස්ත්‍රිය කතා කළේ මගේ දෙමාපියන් මොනවත්ම කරකියාගන්න බැරි අසරනයන් ලෙස සිතා විය හැක. ඊටද හේතුවක් ඇත. බොහෝ විට මගේ මව වැඩි ආචාරශීලීකමට අනවශ්‍ය අයටද ගරු නම්බු දී කතා කරයි. මෙම ගෝත්‍රික ස්ත්‍රියට මැඩම් කියා කී විටම ඇය ආවේස වූවා විය හැක. මෙම කතාව ෆේස්බුක් දැමූ විට ගොමා ගෝත්‍රිකයෝ එය ප්‍රතික්ෂේප කළහ.
ගෝත්‍රික ස්ත්‍රියගේ හැසිරීමෙන් අසරන වූ මගේ දෙමාපියෝ එතනින් ඉවතට එන විටම එක අයෙක් පිටතට පැමින යන්න *** ***** දොස්තර මහතා ලගට. ඔහු **** චැනල් කරනවා. හරිම හොදයි කියා මගපෙන්වීමක් කළහ. එම මහතා චැනල් කළ විට ඔහු කාඩියෝ තොරසික් සර්ජන් කෙනෙක් ද අමතරව චැනල් කරන ලෙස උපදෙස් දුන්නේය. එම සර්ජන් වරයා කීවේ ඔපරේෂන් එකක අවශ්‍ය නොවන බවයි. අර ගෝත්‍රික ස්ත්‍රිය උත්සාහ කළේ ලක්ෂ 12ක් මංකොල්ල කෑමටය.
මෙම සිදුවීම සමාජ ජාලවල ප්‍රචාරය කළ විට මට උපදෙස් ලැබුනේ මොවුන්ගේ වරිග සභාවට යන ලෙසය.එය හොරා ගැන හොරාගෙන්ම පේන ඇසීමක් නිසා මා සිනහ පහල කළෙමි.
පෞද්ගලිකකරනය හා ඉන්දියානු දොස්ත්රවරු කැදවීම මෙයට එක් විසදුමකි. පෞද්ගලිකකරනයේදී අසරන රෝගීන්ට යම් රක්ෂණ ක්‍රමයක් හදුන්වා දිය යුතුය. අපි එක්ක සෙල්ලම් බෑ අපි යනව රට කියා මොවුන් පාරම් බෑවත් ඇත්තටම රට යන්න මේ අයට බැරිය. ඒ සදහා විශේෂ කුසලතා මෙන්ම පාරිභෝගික සත්කාරයද අවශ්‍යය. දියුණු රටවල ප්‍රධාන වන්නේ රෝගියාය.මේ සිස්ටම් එකද ගෝත්‍රිකයන්ට නුහුරුය.
ගෝත්‍රිකභාවය වෘත්තිමය තත්වයක් බවට වෙනස් කිරීමට සමස්ත සමාජයේම ආකල්ප වර්ධනයක් අවශ්‍යය. අවාසනාවට මෙරට ඊනියා විප්ලවවාදී යැයි කියනු ලබන සුලු ධනේශ්වර දේශපාලන පක්ෂවල ප්‍රධනාම ඉල්ලීම වනුයේ නිදහස් අධ්‍යාපනයයි. එයින් ඇත්තටම අදහස් කෙරෙනුයේ දුප්පතුන්ට නිදාස් අධ්‍යාපනය තුලින් පන්තිය මාරු කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසයි. අපටත් පීඩකයෙක් වෙන්න නිදහසේ ඉගෙනගන්න දෙන්න කියා කියති.
අපේ සමස්ත සමාජයම පසුගාමීය . එබැවින් ඉන් හොද අවුට්පුට් එකක් බලාපොරොත්තු විය නොහැක.සිකුරිටියා පවා බලන්නේ තමන් ලගට එන එකා මඩවන්නටය. නොක්ස් අපූරු කතාවක් කියා ඇත. රොඩියෙක් දුටු විට කින්නරයා තමන් උසස් බව පෙන්වීමට ගොම ගොඩක් උඩට හෝ නගින බවයි. අධ්‍යාපන තරඟය නිසා එකිනෙකා ප්‍රතිවාදීන් වීම දරුණු වී ඇත. මේ සියල්ලේම ප්‍රතිඵලය පිදුරු ආරච්චිලාය. මේ සිස්ටම් එකෙන් පිදුරු ආරච්චිලා මිස වෙන දෙයක් බලාපොරොත්තු විය නොහැක.