Wednesday, August 1, 2018

ඇඹිලිපිටියේ බයි ඛේදවාචකය

බයියන් යනු වර්තමානයේ මෙරට විශාලතම දේශපාලන කණ්ඩායමයි. එම කණ්ඩායමේ අධ්‍යාත්මික නායකයා හිටපු ජනාධිපතිවරයායි. මෙය යුධ ජයග්‍රහණයට පෙර සිටම ගොඩනැගුන ප්‍රතිරූපයක් වුවද එය මනෝවිද්‍යාත්මකහා සමාජ විද්‍යාත්මක සාධක මතින් යෝධ පෞර්ෂයක් බවට පත්වුනේ යුධ ජයග්‍රහණයෙන් පසුවය.

ඇඹිලීපිටියේ බයියන් පන්සලක බුදුපිලිමයක් විවෘත කිරීමට ඇරයුම් කළේ එබදු රජෙකුටය. බයියන් එළවා ගත්තේ එම රජුද දනගසා අවුරුද්දට බුලත් දෙන ඔහුගේ වැඩිමහලු සොයුරාවය. මෙය තුල නිකම් අමුත්තක් අමුත්තක් පෙනේ.

කෙසේ වෙතත් එතුමා මෙසේ එලවා ගැනීම නම් අනුමත කළ නොහැක. එතුමා කිසිම චෝදනාවක් එල්ල නොවූ මෙරට ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයෙකි.

අපට මෙසේ සැක පහල කළ හැක. ඇත්තටම 2020 පොදුජන පෙරමුනේ අපේක්ශකත්වය මෙතුමාට ලැබෙනවාට කැමති නැති වෙනත් රාජපක්ෂවරයෙක් බයියන් පසුපස සිටීනට ඇති බවයි.
නැතිනම් අහිංසක බයියන් මහින්ද මහතා ගේ නොපැමිනීමෙන් ඇත්තටම විස්සෝප වුනාද විය හැක.


එහෙත් මහින්ද මහතාගේ නොපැමිණීමට හේතුව ලෙස එතුමා කොන්දෙ අමාරුවකට සිංගප්ප්පූරු යාම නම් හොද උත්තරයක් නොවේ. ඔලුවෙන් හිටගෙන යෝග කරන කොල්ලෙකුට වඩා කඩිසර තම නායකයාටත් ලෙඩ හැදෙන බව අසා  බයියන්ට අදහා ගන්නට බැරිවනු ඇත.


සිංගප්පූරු යාමනම් ඊට කුජීතය. ආණ්ඩුවේ ඇමතිවරු සිංගප්පූරු යාම ගැන බයියෝ විස්පෝප වී සිටින නිසාය.
එය කිය යුතුව තිබුනේ මෙසේය.

මහින්ද මහතා දේශප්‍රේමයෙන් ඔද වැඩී ජාතියේ පිනට පහලවූ වීර පුරුෂයන් සමග මේ පරගැති ආන්ඩුව පලවා හැරීමට තීරණාත්මක සාකච්ඡාවක නිරත වී සිටින නිසා අද බුදුපිළිමය විවෘත කිරීමට ඒමට නොහැකි බවයි.

2 comments:

  1. //නොපැමිණීමට හේතුව ලෙස එතුමා කොන්දෙ අමාරුවකට සිංගප්ප්පූරු යාම නම් හොද උත්තරයක් නොවේ//මටත් ඔහොමම හිතුණා.. කියන්න තිබ්බේ වෙන මොකක් හරි හේතුවක් කියලා . මේ කිව්ව එකේඅවාසි ගොඩයි මුහුණු පොතේ ඉන් එකක් දෙකක් ගැන කතාවෙනවා

    ReplyDelete