Thursday, August 30, 2018

ආර්ථික වර්ධනයේ කෙළවර කොහිද

A කොම්පැනියේ භාණ්ඩ මිලදීගැනීමට අවශ්‍ය මුදල් B කොම්පැනියේ සේවය කරන අයට ලැබෙන්නේ B කොම්පැනිය ලබන ලාභයෙන් කොටසක් ලෙසය  එනම් වැටුප් ලෙස B සේවකයන් ලබන මුදලිනි.Bකොම්පැනියට ලාභ ලැබෙන්නේ ඔවුන් නිපදවන   භාන්ඩ  A කොම්පැනියේ සේවයකරන අය විසින් මිලදී ගත්තොත්ය. ඒවා මිලදී ගැනීමට A කොම්පැනියේ වැඩකරන අයට අවශ්‍ය මුදල් ලැබෙන්නේ  A කොම්පැනිය ලබන ලාභයෙනි.එනම් Aකොම්පැනියේ වැඩකරන අය ලබන වැටුපෙනි.ලාභය ලැබෙන්නේ A භාණ්ඩ  B කොම්පැනියේ වැඩකරන අයට ඒවා විකිණීමෙනි


මේ විදියට ගත්තොත් එකිනෙකාට අනුන් නිපදවන භාණ්ඪ හා සේවා මිලදීගැනීමට අවශ්‍ය මුදල් එකිනෙකාට ලැබෙන්නේ තමන් නිපදවන භාන්ඩ හා සේවා වලට අනෙකා කරන ගෙවීම මතය. මේ අනුව සාර්ව ඒකකයක් ලෙස සමස්ත ලෝකයේ අනවරත ආර්ථික වර්ධනයක් තිබිය හැකිද.

කිසියම් මොහොතකදී පීක් එකට පැමින නතරවිය යුතුයි නේද.

මෙම අවස්ථාවේදී ආර්ථිකය එක තැන් නතර වී සිස්ටම් එක කඩාවැටෙනවා නේද.

මිනිසාට අත්කරගත හැකි ප්‍රාග්ධනය නියතියක් බව මගේ අදහසයි. එනම් මිනිසාට උපරිම ලෙස වැය කළ හැකි ශක්තියක් ඇත. කාලය අවකාශය ආදී සියල්ල සලකා බැලූ පසු මෙසේ අත්පත්කරගත හැකි උපරිමයට ලගාවීමෙන් පසු සීරස් වර්ධනය වෙනුවට  තිරස් ගලායෑමක් සිදුවේ. 

ආර්ථික විද්‍යාව විශයක් ලෙස හැදෑරුවේ නැති මට නැගුන සිතිවිල්ලකි.

නොදියුණු ආර්ථිකයන් වෙත දියුණු ආර්ථිකයන්ගෙන් ප්‍රාග්ධනය ගලා ඒම මත ඒවායේ විශාල ආර්ථික වර්ධනයන් සිදුවීම නොව සමස්ත ලෝකයේම ආර්ථිකය ගැන මෙහි කතා කළෙමි. ලෝකයට පිටතින් ප්‍රාග්ධනය එන්නේ නැත.

ලාභ ලැබීමේ වේගය ක්‍රමයෙන් අඩුවී එය නතර වූ පසු ධනවාදය අභාවයට යාම හෝ වෙනත් ස්වරූපයක් ගැනීම හෝ සිදුවිය හැක.

1 comment:

  1. 1. ඔබේ වත්තේ ගහක දූරියන් හැදේ. ඔබ හෝ පවුලේ කිසිවකු දූරියන් කන්නට කැමති නැත. ඒ නිසා, ඔබ ගහේ හැදෙන දූරියන් වලක් කපා වලලයි. ඔබ දූරියන් වලට කැමති නැතත් රඹුටන් වලට කැමතිය.

    මගේ වත්තේ රඹුටන් තිබේ. මා රඹුටන් වලට කැමතිය. ඒ නිසා මගේ වත්තේ හැදෙන රඹුටන් මා වලලා දමන්නේ නැත. එහෙත් මා දූරියන් වලට වඩා කැමතිය.

    ස්වයංපෝෂිත ආර්ථිකයක් කියන්නේ ඔය වගේ එකකි.

    නමුත්, ධනවාදී ආර්ථිකයක් කියන්නේ ඔයිට වඩා වෙනස් එකකි. එහි නිදහස් හුවමාරු සිදු වේ. ඒ නිසා මා මගේ රඹුටන් යම් ප්‍රමාණයක් ඔබේ දූරියන් සමඟ හුවමාරු කරයි. ඔබට ඔබ කැමති රඹුටන් ලැබේ. මට මා වඩා කැමති දූරියන්ද ලැබේ. එහෙත්, සමස්ත නිෂ්පාදනයේ වෙනසක් වී නැත.

    A කොම්පැනියේ ලාභ වලින් B කොම්පැනියේ භාණ්ඩත්, B කොම්පැනියේ ලාභ වලින් A කොම්පැනියේ භාණ්ඩත් මිල දී ගැනීමේදී යම් හෙයකින් සමස්ත නිෂ්පාදිතය එසේම තිබුණත් සමස්ත නිෂ්පාදිතයේ වටිනාකම ඉහළ යයි. ඒ, හුවමාරුවක් සිදුවන සෑම විටකම භාණ්ඩයක් එය වැඩිපුර අගය කරන අයෙකු අතට පත් වන බැවිනි.

    2. මිනිසාට උපරිම ලෙස වැය කළ හැකි ශක්තියක් ඇත. එය ඇත්තකි. එහෙත්, මිනිසාට තමන්ගේ නිර්මාණශීලිත්වය යොදා ගනිමින් ඒ සීමිත ශක්තියෙන් කළ හැකි වැඩ ප්‍රමාණය වඩ වඩා වැඩි කර ගත හැකිය. ඵලදායීතාවය වැඩි කර ගැනීම කියන්නේ එයටය. ආර්ථිකයන් (ප්‍රධාන වශයෙන්ම) වර්ධනය වන්නේ මිනිසාට වැය කළ හැකි ශක්තිය වැඩි වන නිසා නොවේ. ඒ සීමිත ශක්තිය වඩා වඩා කාර්යක්ෂම සේ යොදාගැනීමේ හැකියාව වැඩි වන නිසාය.

    ReplyDelete