Monday, August 27, 2018

බණට බණක් නැත මෙහෙම බණක් නැත වහරක හිමිගේ බණ වාගේ


මෙවැනි වීඩියෝ වලට යූටියුබ් හා ෆේස්බුක් හි දමන කොමෙන්ට් කියවීමම පට්ට ආතල්ය.
මට මේ හාමුදුරුවෝ රිවිර පත්තරේ පලකල බන ලිපි  කියවීමට අවශ්‍ය වුවද නොහැකි විය. පිටුවක් පුරාම බණ පළකළ අතර ඒවායේ වටිනාකම මිළ කළ නොහැක. පද නිරුක්ති ඥානයේ කෙලපැමිනි අප ස්වාමීන් වහන්සේ කිඹුලා ( කිඹි උලා )ලෙසද බළලා ( බලයට කෑදර ) ලෙසද මීයා ( පොලව ගැන තන්හාව ) ලෙසද හදුන්වා දුන්නා මතකය.

මීවනපලානේ හිමියන් බුදුන් ලංකාවේ උපන්නාය කියන්නේ ද මෙම පද නිරුක්ති ඥනයෙන්මය. පද නිරුක්තියට කළ නොහැකි දෙයක් නැත. වඩාත්ම පුදුමය වන්නේ මෙම ස්වාම්මීන් වහන්සේලාගේ ගෝලයන් අතර උගත් වෘත්තිකයන්ද සිටීමය.



3 comments:

  1. මේ අය මේව දේශනාකරන්නෙ ඇත්තටම මේව විශ්වාසකරගෙන ( බැතිමතුන් රවටන්න නෙමේ ) නම් සහ මේව විශ්වාස කරගෙන මේ බණ අහන්න යන අය අතර වෛද්‍යවරු ඉන්ජිනේරුවන් වැනි අයත් සිටීම තුල සමස්ත සමාජයේම මුග්ධ බවක් පේනව

    ReplyDelete