![]() |
දකුණු ආසියාවටම තිබෙන ලොකුම කොඩිවිනය පවුල්වාදයයි. පවුල් දෙකක් තුනක් ප්රධාන පක්ෂ දෙක අල්ලගත් පසු සදාකාලිකවම වැඩවසම් ක්රමයට රට පාලනය කෙරේ. අපූරුම පැත්තක් නම් මේ පවුල් දෙකද අවාහ විවාහ වලින් එකිනෙකා සම්බන්ධ වෙන ලේ නෑයන් බවයි. ගෙදර කෑම මේසෙ විසදගන්න පුලුවන් ප්රශ්නවලට රට දෙවනත් කරති.මෙබදු වාතාවරනයාක ජනතාවට පක්ෂය අමතක කර සිතන්නට හැකිනම් එය අපූරුය.
පාකිස්ථානයේ සියා උල් හක් ගෙන් පසු නවාස් ශරීෆ් හා බෙනාසීර්ගේ පවුල් ඊයේ වනතුරුම රට පාලනය කළ අතර බෙනාසීර්ගේ පුත්රයා සහ නවාස් ගේ දියණිය මීලඟ පරම්පරාව සඳහා අභිශේක ලැබීමට සැදී පැහැදී සිටිති
ඉන්දියාවේ කොන්ග්රසය හැරුන විට අනෙක් ප්රධන පක්ශය වන භාරතීය ජනතා පක්ෂයේ පවුල්වාදයක් නොවීම සතුටකි. බංග්ලාදේශයේද ශීක් හසීනා හා බෙගම් කලීඩාගෙන් පසු පවුල් වාදය ඉදිරියට යයිද යන්න සැකසහිතය. මියන්මාරයේද සුකීගේ ලමයි දේශපාලනයට එයි කියා සිතන්නට බැරිය. නේපාලයේ පවුල්වාදයක් නැති අතරභූතානයේ රජපවුල දිගටම යනු ඇත. ප්රජාතන්ත්රවාදී රටක් ලෙස ලංකාවේ තත්වය නම් ශෝචනීයය. අවුරුදු 50 ක්ම එක් පවුලක් පක්ෂයක් බදාගෙන සිටියේය. එක්සත් ජාතික පක්ෂය සාපේක්ෂව ප්රජාතන්ත්රවාදී වන අතර පොදුජන පෙරමුනේ තත්වය නම් යහපත් අතට හැරෙයි කියා සිතන්නටවත් බැරිය. මේ අනුව භූතානය හා ශ්රී ලංකාව හැර දකුනු ආසියාවේ පවුල්වාදය අහෝසි වනු ඇත.
ලොව පුරා මැක්රොන් ඉම් රාන් වර්ගයේ රැල්ලක් හමන්නේනම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලොව ප්ප්රජාතන්ත්රවාදී වනු ඇත. පාකිස්ථානයේ සිදුවීමෙන් පෙනෙන්නේ මෙය අපේ කලාපයටද හමනු ඇති බවයි. හැම රටකම වාගේ නව බලවේග හිස ඔසවා ගද ගහන වැඩවසම්වාදය අහෝසි කර දමනු ඇත.එය කාලය පිළිබද ප්රශ්නයක් පමණි.