Thursday, May 17, 2018

මන නන්දන වැඩ වර්ජන ජන රංජන

වැඩ වර්ජන ගැන මෙරටට හදුන්වාදුන්නේ වමේ ව්‍යාපාරයයි. එහෙත් මුල්ම වැඩ වර්ජනය කරත්ත කරුවන්ගේ වර්ජනයක් යැයි කියනු ලැබේ. මෙය සංවිධානාත්මකව සිදුවූවක්ද යන්න පැහැදිලි නැත. එහෙත් පැරණි වම බලවත් වූ පසු මෙරට සටන්කාමී සංවිධානාත්මක නාගරික කම්කරු පන්තියක් බිහිවිය. සිංගප්පුරුවේ සංවර්ධනය වෙනුවෙන් අතහිත දුන් ඇන් ඇම් පෙරේරා ද වර්ජන සටන්වල යෝධයෙකි. ඇන් ඇම් නිසා කොළබ වරාය පිරිහුනානම් දැන් ඇන් ඇම් මැරිල හුග කලක් ඇයි දැන් ගොඩ ගන්න බැරි කියා බංකොලොත් වාමාංශිකයෙක් අසා තිබුනා. ඇන් ඇම් ලා බෝ කළ විශබීජ සහ ඔවුන් බෝකළ දරු පරම්පරාවල් නිසා මෙම මහා ව්‍යසනය විසදිය නොහැකි මහා අවුලක් වී ඇත.

වැඩ වර්ජන හැමටම කළ නොහැක. බස්  දුම් රිය වෛද්‍යවරු වරාය විදුලිබල වැනි සුපිරි වෘත්තිකයන් පිරිසක් ආන්ඩු බය කරන මෙවලමක් වී ඇත.සමහරු රජයේ ප්‍රතිපත්තිවලට එරෙහිව වැඩ වරති. තමන්ට කිසිසේත්ම අදාල නැති වෘත්තිමය නොවන දේකටත් සිය බලපුලුවන්කාරකම පෙන්වති. රටක් හා තව රටක් අතර ගිවිසුමක් ගසන්නේ යූනියන්වලින් අසා නොවේ. එහෙමනම් රජයක් අවශ්‍ය නැති අතර ත්‍රස්තවාදී උනියන් දෙක තුනක් ප්‍රමාණවත්ය.එහෙත් අප මෙහිදී  කතා කරන්නට යන්නෙ ඒ ගැන නොවේ.

සමාජය යනු වෘත්තීන් අතර සම්මුතියකි. එකෙක් අනෙකාට වුවමනාය. කම්මල්කරු ගොවියාට අවශ්‍යය වඩුවා මේ දෙදෙනාටම ඕනෑ වේ. ආදී වශයෙනි. එසේනම් උතුම් වෘත්තීන් තිබිය නොහැක. අන්‍යෝන්‍ය සමාජ සම්මුතියක් පමණි. එහෙත් ඒ එසේමද ?

ප්‍රශ්නය වෘත්තිකයන් අතරට රජයක් තිබීමයි. එක් වෘත්තියක් සෙසු සියල්ලන් ප්‍රාණ ඇපයට ගන්නේ මේ රජය නම් වූ සත්වයා බිය කිරීමටය. ඇත්තෙන්ම රජය මේ අනුන්ගෙ දබරයට මැදිවිය යුතු නැත. රජය මේ හබයෙන් ඉවත්වෙනවාටද මේ වෘත්තිකයන් කැමති නැත. මෙන්නෝ පෞද්ගලිකකරනය කරනෝ කියා මරහඩ තලති. පෞද්ගලිකකරනය කලොත් මාර ප්‍රශ්න ඇතිවෙන බව සෙසු වෘත්තිකයෝ බියපත් කරති. ඇත්තෙන්ම දුරකථන සමාගම් සියල්ලම වාගේ පෞද්ගලික සමාගම්ය. එසේ වුනා කියා ජනතාවට අමුතු දෙයක් වී නැත. පෞද්ගලිකකරනය යනු යකෙක් රකුසෙක් නොවේ.

පෞද්ගලික බස් වර්ජන කරන බව ඇත්තකි. එහෙත් ඒ සුවිශේෂ තත්වයක් යටතේය. රජයට එරෙහි දෝෂාරෝපන වලින් මිදීමට රජයේ ඉක්මන් මැදිහත්වීම් නිසා ය.එහෙත් ඇත්තටම ලාභ සොයන්නාට වර්ජන කළ නොහැක. වැඩ නොකර සිටීමේ පාඩුව තමන්ටමය.

පෞද්ගලිකකරනය තුලින් හොද සේවයක් පාරිභෝගිකයාට සැලසේ. කස්ටමර් සර්විස් බාලනම් පාරිභෝගිකයා යළි නො එන බැවිනි. රජය කළ යුත්තේ සාධාරණ තරඟයකට ඉඩ දීමයි. තරඟකරුවන් විශාල සංඛ්‍යාවක් සිටීමේ අවසාන වාසිය ජනතාවයටය. යම් ජන ප්‍රතිශතයක් මෙම තරඟයෙන් ඉවත ට විසිවන්නේනම් අතරමන් වන්නේනම් ඔවුන් සඳහා පිංපඩි ක්‍රම රක්ෂන ක්‍රම තිබිය යුතුය.

මෙවැනි වාතාවරණයකදී වර්ජන ගැන අසන්නට නොළැබෙනු ඇත.

2 comments:

  1. වර්ජනය දවසේ වර්ජනය නොකළෙමි. නමුත් මෙය කිව යුතුය. රජය හොර රහසේ ගසනා ගිවිසුම් පිළිබඳව ජනතාව අවදියෙන් සිටිය යුතුය. රජයත් විපක්ෂයත් දෙකම එකක් වී ඇති මොහොතක විවේචන කරන්නට සිදුවී ඇත්තේ ජනතාවටය. එනයින් වෛද්‍ය වර්ජනය හෙළා දකින්නට අකමැත්තෙමි. නමුත් වර්ජනයෙන් සිදුවන අපහසුතාවන් කෙරෙහි කැමැත්තක් නැති බැවින් වැඩ නොවැරුවෙමි. රැවුම් ගෙරවුම් මැද සායනය නිම කළෙමි. පෞද්ගලීකරණයට උදාහරණ ලෙස බස් සේවයත් සළකා බලන්නේනම් මැනවි. කිසිම දෙයක් හොඳ හෝ නරක නැත. සාපේක්ෂකය. මගේ විශ්වාසයනම් සෞඛ්‍ය අධ්‍යාපනය හා මූලික ආහාර ( සහල්, පරිප්පු වැනි මිනිසෙකුට නොමැරී ජීවත් වීමට අවශ්‍ය අහාර සලාකයක් ) නොමිලේ ලැබිය යුතු බවය.

    ReplyDelete
    Replies
    1. සෞඛ්‍ය හා අධ්‍යාපනය යන දෙක නොමිලේ ලැබිය යුතුයි.
      පෞද්ගලිකරනය ගැන මට ආශ්වාදනීය උදාහරනයක් තිබේ ඒ සන්නිවේදනයයි. අඩු තරමින් ඔවුන් සමග යමක් කතා කරන්න හෝ හැක.
      ප්‍රවාහන සේවය පෞද්ගලිකකරනය නොව පාදඩකරනය වී ඇත. මීට සුලු මොහොතකට පෙර ත්‍රීවීල් කරුවෙකු හා දෙබසක් ඇති විය. අසාධාරන අය කිරීමක් ගැන යි.
      ලංකාවේ ධනවාදයේ වැදගත් කම සන්නිවේදනයේද පාදඩ පැත්ත ප්‍රවාහනයේද දැකිය හැක.

      මීටම සමාන යි සමාජවාදය පාදඩකරනය වීම.
      සමාජවාදය පාදඩකරනය වීමෙන් පොල්පොට් ලා බිහිවිය. එහෙත් වැදගත් සමාජවාදී ආකෘති යුරෝපයේ ඇත.

      Delete