Friday, May 4, 2018

කෝටියකට වඩා අල්ලස් ගන්නා හෝ හොරාකන අයට මරන දඩුවම දීම සුදුසුයි නේද

අල්ලස් ගැනීම ආදිකාලයේ සිටම පැවති වරදකි. රජවරු අල්ලස් ගෙන අසුවූ නිළධාරීන්ට ඉතා දරුණු දඩුවම් දුන්හ. ඊට හේතුව නිළධාරියාගේ සාක්කුවට ගියේ රජුට ලැබිය යුතු ධනයක් වීමයි. මේ නිසා රජු තදින් කිපීම නිසා අල්ලස් ගත් අයට නිසි සැලකිළි ලැබිනි. එහෙත් පසුව අල්ලස් ගැනීම දරුණු කම අඩු අපරාධයක් ලෙස පිළිගැනුනි.   

අල්ලස් ගැනීම සමස්ත සමාජයටම එරෙහි අපරාධයකි. මන්ද අල්ලස් ගත් විට සාමාන්‍ය නෛතික පිළිවෙල බිදවැටී අල්ලස් දීම සම්ප්‍රදායක් වෙයි. එවිට අල්ලස් දීම සඳහා තරඟයක් ඇතිවේ. අල්ලස් දෙන්නේ අසාධාරන යමක් කිරීමටමය. ඒ නිසා එතැන් පටන් සියල්ල සිදුවන්නේ අසාධාරණ ලෙසය. එහි ප්‍රතිඵලයක් ලෙස මුලු සමාජයම බිදවැටේ.

අල්ලස් ගැනීමෙන් භාණ්ඩාගාරයට ලැබිය යුතු ධනස්කන්ධයක් අහිමිවන අතර අල්ලස් ගන්න තැනැත්තා  ඔහුට කිසිසේත්ම නොලැබිය යුතු ධනයක උරුමකරුවෙක් වෙයි. මේ දෙකම වැරදිය.

රුපියල් 50 ,100 අල්ලස් ගන්නා අය දඩුවම් ලබනු අප අසා ඇත.එහෙත් මහා පල්හොරු වංචා කරන්නේ කෝටි ප්‍රකෝටි ගනනිනි. රුපියල් කෝටියක් යනු සාමාන්ය රජයේ හෝ  පෞද්ගලික අංශයේ සේවකයෙකුට ජීවිත කාලයක් පුරාවත් ඉතිරිකළ නොහැකි මුදලකි. කම්කරුවන් දාඩිය හෙළන්නේ රුපියල් 1500 කටය. ඇයි කොහෙවත් යන කඩප්පුලියන්ගෙ සාක්කු තරවෙන්නේ?

අප රටේ බේත් නැතිව කෑම නැතිව දුක් විදින පවුල් අපමනය. ජීවන බර නිසා මවුවරු දරුවන් ද සමග ගඟේ මූදේ පනිති. පල්හොරු හොරාකන්නේ එකපාර කෝටි දහය බැගිනි. ඇඩ්වාන්ස් එකම කෝටි දෙකකි. මේ අහුවුන එකය. අහුවෙන්නේ කන කැස්බෑව විය සිදුරෙන් අහස බලනවා වැනි ඉතා කලාතුරකිනි. මන්ද සිල්ලර හොරු මෙන් නොව මේ සුදු කරපටි අපරාධකරුවන් අහුවෙන්න වැඩනොකරන නිසාය.


අල්ලසට වැට නොබැද රට සංවර්ධනය කිරීම හිල් කලේට වතුර දැමීමකි. සියල්ලටම පෙර හොරුන්ට නිසි දඩුවම් දිය යුතුය

.සමාජයේ පවතින ප්‍රබල මිත්‍යාවක් නම් හොරාකන්නේ දේශපාලනඥයන් බවයි. එහෙත් එය ඇත්ත නොවේ. මෙහෙම අල්ලස් ඉල්ලන විට ආයෝජකයන් එන්නේ නැත.

හොරුන්ට දෙන දඩුවම් ප්‍රමානවත්ද. අල්ලස් ගන්නා හෝ වංචා කරන මුදල් ප්‍රමාණය අනුව දැඩි දඩුවම් දීමේ ක්‍රමයක් අවශ්‍යය.රුපියල් කෝටියකට වැඩි මුදලක් හොරාකන හෝ අල්ලස් ගන්නා අයට මරණ දඩුවම දීම සුදුසුය. මරණ දඩුවම ඔවුන්ට හොඳ වැඩි වුනත් වෙන කරන්න දෙයක් නැත. එසේම ඔවුන්ගේ දේපොළද රාජසන්තක කළ යුතුය.

3 comments:

  1. ඔය අහුවිල්ල තවත් එක ගේම් එකක්ය.සනිල් හාමුගේ බැංකු කේස් එක බැලන්ස් කරන්න මාට්ටු කෙරුවා මිස හැමදාමත් ඔහොම අල්ලස් කේස් කෙරෙනවාය.කොහොම උනත් හැමදාම ජනතාව කොටවා උංගේ බඩ පුරවා ගත් උං චේන්ජ් එකකටත් එක්ක උං උං කොටා ගන්නවා බලන එකත් පට්ටය.

    ReplyDelete
    Replies
    1. ගේම් එකක් තමා. ඒත් වාසිය ජනතාවට. පංච තන්ත්‍රයෙ නයි දෙන්න රන්ඩු වුනා වගෙ වැඩක්. මෙහෙම මේ අය රන්ඩු නොවුනානම් ඔය එක හොරකමක්වත් එලියට එන්නෙ නෑ. හොරු රන්ඩුවෙනකොට ඒ සද්දෙට තමා ගෙදර මිනිස්සු ඇහැරෙන්නෙ.
      දැන් මිනිස්සු කතා වෙනව අම්මෝ මෙච්චර සල්ලියක් කියල. මේ සිදුවීම මෙහෙම එලිදරවු වීමම ලොකු ජයක්. මේ අය ඇඩ්වාන්ස් ගත්ත මුදලට බින්දු කීයක් තියනවද කියල බලන්නට අද පොඩි මිනිහ ඇගිලි ගනන් කරනව.

      Delete
  2. ඊට හේතුව නිළධාරියාගේ සාක්කුවට ගියේ රජුට ලැබිය යුතු ධනයක් වීමයි. මේ නිසා රජු තදින් කිපීම නිසා අල්ලස් ගත් අයට නිසි සැලකිළි ලැබිනි.
    Ehema une raja kalene.Dan kale raja thumage kotasa niladhariya adu nathiwa laba denawa!Rajathmage anudanuma uda thamayi mewa wenne.Lankawe rajakeruwa rajawaru pas haya denageth nada parapereth raja karapu kale ginum pareeksha kaloth rajawaru dennayi ithiri wenne.

    ReplyDelete