Saturday, April 28, 2018

නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේසරණං වරං - බුද්ධිය හැර අන් සරණක් නැත. පින්බර වෙසක් මංගල්‍යයක් වේවා

Image result for buddha thoughts free

බුදුන් වහන්සේ යනු උන්වහන්සේ සිටි යුගයේ මතුනොව සදහටම ඉතා උතුම් මගක් දේශනා කළ ශාස්තෲවරයානන් වහන්සේ කෙනෙකි. උන් වහන්සේ සිටි යුගයේ ජනප්‍රියව සිටි අවිහිංසාවාදී  මහාවීරයන් සැම අතින්ම උන්වහන්සේට සමවිය. එහෙත් ධර්මයෙන් නොවේ.මන්ද මහාවීර ලා අවිහිංසාවාදයේ ඇලුන බැවිනි. ලංකාවේද මහාවීර අනුගාමිකයෙක් ගවයන් ඝාතනයට විරුද්ධව සිරුරට ගිනි තබා ගත් බව ඔබට මතක ඇති. මෙවැනි ඇලීම් බුදු දහමින් පිළිකෙවි කෙරේ. අජිත කේශ කම්බලද උන් වහන්සේට සැම අතින්ම සමවිය එහෙත් ධර්මයෙන් හැර.  අජිත කීවේ ණයට හෝ ගිතෙල් කන ලෙසත් පින් පවු නැති බවත්ය. බුදුන් කීවේ කරන ක්‍රියාවල ඵල තිබෙන බවයි. එසේම දුකින් මිදිය හැක්කේ සිතිවිලි නිවාගැනීමෙන් බව කීහ. ධනවතුන්ට ගිතෙල් කන්නට උපදෙස් දුන් අජිත ට වඩා උන් වහන්සේ වෙනස් වූයේ එසේය.



සියලු ආගම් හා දර්ශන වලට වඩා වෙනස් මගක් බුදුන් දෙසූහ. 



ආගම් හා දර්ශන වල දෘෂ්ඨිය සිව් වැදෑරුම්ය.ඒ මෙසේයි.



ආත්මයක් ඇත.එය විශුද්ධ වන තුරු මැරි මැරී උපදී .එබැවින්  එය විශුද්ධ කළ යුතුය. එවිට සදාකාලික සුවයයි.නැත්නම් නිරයයි.



ආත්මයක් ඇත. එහෙත් එය පවතින්නේ මේ ජීවිතය පමණි. එය විශුද්ධ කළ යුතුය. විශුද්ධ නොවූ ආත්මය නිරයට යැවේ.



ආත්මයක් ඇත. එය මැරි මැරී උපදී. කවදා හෝ විශුද්ධ වී එය අහෝසි වී යයි.



ආත්මයක් ඇත .එය මැරිමැරී උපදී. යම් විශිෂ්ටත්වයක් ලබා එය අහෝසි වෙයි.



ඉදින් මේ ආකාරයන්ට එරෙහිව ආත්මයක් නැතැයි භෞතිකවාදීන් කී විට එය විශුද්ධ කිරීමේ හෝ අවබෝධයක් ලැබීමේ අවශ්‍යතාවයක්ද නැත.ඒ භෞතිකවාදීන්ගේ පටු දැක්මයි

බුදු හිමියන්ගේ මග මේ සියල්ලටම වඩා වෙනස් බව පෙනෙනවා නේද

එහෙත් බුදු හිමියන් දේශනා කළේ ආත්මවාදය සම්පූර්නයෙන් බැහැරකර මම යනු සිතිවිලිවල මායාකාරී ස්වභාවයක් ( සම්මුතියක් ) බවත් එය අබබෝධයෙන් දුරු කර ප්‍රභාෂ්වර වූ තථ්‍ය ස්වරූපය ලගාකරගෙන ( අවබෝධයට පත්වී ) තම භව ගමන අවසන් කරගත යුතු බවයි. අපට මෙලොව ජීවත්වීමට මම යන සම්මුතිය අවශ්‍යය.එය පැවතුනාවේ. එහෙත් භව සකස් කරගැනීම දුකට මුලයි. සම්මුතිය එහි කාරකයන් පවතින් අතුරු පවතිනු ඇත. එය භාෂා ප්‍රයෝගයක් වැන්න. එහෙත් බාහිරයෙන් එන දුහුවිලිවලින් (කෙළෙස් )  අප සංස්කාර සකස් කරගත යුතු නැත.  නමුත් භව ගමන දුරු වූ පසු යලි උපාදානයන් හා ඇලී භව සකස් කරගත යුතු නැත. භව යනු ඇලුන  සිතිවිලි වල පැවැත්මයි( එය සිතිවිලි කාණ්ඩයක් විය හැක ).



ඇත්තෙන්ම බුද්ධිය හැර අන් සරණක් නැත. බුදු හිමියන් දෙසූ දහම අවබෝධ කරගත හැක්කේද බුද්ධියෙනි. අමූලික ශ්‍රද්ධාවෙන් නොවේ. අමූලික ශ්‍රද්ධාවෙන් වැඩිහිටි බවද අහිමිවී කායිකව වැඩිහිටියෙක් වුවද ළමයින් වත් නොකරන වැඩකරයි. උදාහරනයක් ලෙස ගස් වටේ රෙදි ඔතයි.චෛත්‍ය වලට පළතුරු පුදයි ,ගස් කිරිවලින් නාවයි ,ග්‍රහයන් ගෙන් බේරීමට කපුටන්ට පාන්තිර කවයි ,මෙවැනි වැඩ කෝටියකි. එහෙත් අවබෝධය ලැබුවොත් තව දුරටත් බිය සැක දුක නැත .ඒ නිසා හේත්තුවෙන්නට බිත්තියක් අනවශ්‍යය. තව දුරටත් උපාදාන ඇසුරින්සිතිවිලි වලින් සංස්කාර සකස් කරනොගනී.  සැහැල්ලුවෙන් සතුටින් ජීවත් වේ.

1 comment: