![]() |
"" මහාවිරගේ මව ත්රිශාලා දෙවිය මහාවිර ඇගේ කුසේ පිලිස්සෙද්දි සිහින 14 දුටු අතර එහි අර්ථය විමසිම සදහා සිද්ධාර්ථ රජු සිහින පලාපල විමසන්නන් කැදවන ලදි . ( මෙසෙ සිහින 14දැකිම සියලුම තිර්තන්කර් මව්වරුන්ට පොදු බව කියැවේ )
එහිදී සිහින පලාපල විමසන්නන් කිවේ කුමාරයෙක් පිලිසිද ඇති බවත් ඔහු ගිහිගෙයි සිටියහොත් සක්විති රජ වන බවටත් ශ්රමණ උවහොත් තුන් ලොකයට අග්ර ජින හෙවත් තිර්තන්කර් වෙන බවත්ය .
උපුටා ගැනිම -කල්ප සුත්රය
උපුටා ගැනිම -කල්ප සුත්රය
![]() |
මහාවිර හෙවත් නිගන්ට නාථ පුත්ත
ඉතිහාසයේ හමුවන සුවිශේෂී චරිතයක් වු මහාවිර යනු ජයින ආගමේ හැටියට 24 වෙනි තිර්තන්කර් වරයායි. ඔහුට කලින් හිටියේ පාර්ශවනාථයි. ක්රි.පු 599 දි සිද්ධාර්ථ රජුට හා ත්රිශාලා බිසවට දාව උපන් ඔහුගේ කතාව ජයින කල්ප සුත්රය තුල හමුවේ.
දිව්යලොකෙ සිටින ඔහුට ඉන්ද්ර දෙවියන් මනුස්ස ලොකයේ උපදින ලෙස හා නිර්වානය අවබෝධ කර ජින හෙවත් මිලග තිර්තන්කර් වන ලෙසට ආයාචනයක් කරයි.
ඒ අනුව ඔහු ත්රිශාලා බිසවගේ කුස පිලිසිද ගත් අතර එදින ඇය සිහින 14 ක් දකියි. සුදු අලියෙක් , සුදු කොටියෙක් , ආදි ලෙස සිහින දකියි.
සිහින විචාරකයන්ගේ මතයට අනුව කුමාරයෙක් පිලිසිද ඇති බවත් ඔහු ගිහිගෙයි හිටියහෝත් සක්විති රජ වන බවටත් මහණ වුවහොත් නිවන් දැක ජින නම් තත්වයට පත් වෙන බවටත් කිය.
පොය දිනයක උපන් මහාවිර හට සියලුම සැප සම්පත් සහිත මාලිගා පියරජු විසින් තනා දෙන ලදි .
අවුරුදු 16 දි යසොදා නම් කුමරිය විවාහ කරගත් වර්ධමාන මහාවිර ඔහු අවුරුදු 31 දි පමණ කුමරිය කුමාරිකාවක් බිහි කරන දින අභිණිස්ක්රමණය කරයි.
අවුරුදු 12 දුශ්කර ක්රියා කර පුන්පොය දවසක මාර පරාජය කර නිවන් අවබොධ කරගත් බව ජයින කල්ප සුත්රය තුල දැක්වේ.
අවිහිංසාවාදි දර්ශනයක් වු ජයින තුල පංච ශිලය හමුවේ. කර්මය නැවත ඉපදීම , සංසාර චක්රය නැවතිම පිලිබඳව සංකල්පය වු නිර්වානය හමුවේ .""
ජෛන ආගමේ කල්ප සූත්රය ලියැවුනේ ක්රි.ව 1400දී පමණය.එනම් මහාවීරගේ මරණයෙන් වසර 1000කට පමණ පසුය.ඊට පෙර කිසි තැනක ජෛන මහාවීරගෙ ජීවිතය පිළිබඳව ලිඛිත සාක්ෂි හමු නොවේ.
ReplyDeleteබුදුන්වහන්සේගේ ධර්මය ලියැවී වසර හයසීකට පමණ පසුව කල්ප සූත්රය ලියැවී ඇත.තවද බුදුදහම තුල ජෛන නිගන්ඨ තීර්තකයින් විසින් ඔවුන්ගේ ආගමට බුදුදහම නිසා පහර වැදුණු හෙයින් බුදුදහම අනුකරණය කරන ලදී.හින්දු ආගමට විශ්ණු ගේ අවතාරයක් ලෙස බුදුන් වහන්සේ ඇතුලත් වූයේද එහි ප්රථිපලයක් ලෙස වේ.
සරලවම කිවහොත් ජෛන ආගම බුදුදහමේ දේවල් බොහෝ උකහාගෙන තිබෙන බව සැබෑය.මන්ද යත් අතීත ජෛන ආගමේ තිබුණේ අවිහිංසාවාදි ප්රතිපත්තිය පමණි.කර්මය පුනර්භවය නිවන ආදී සංකල්ප පළමුව ජෛන ආගම තුල හමුවන්නෙ කල්ප සූත්රයෙනි.එයද ක්රි.ව 1400දි ලියැවුන ලද්දකි.
https://en.m.wikipedia.org/wiki/Kalpa_Sūtra.
මෙවැනි බොරුමත සමාජගත කිරීම සම්පූර්ණයෙන්ම හෙලා දකිමි.මෙවැනි බ්ලොග් අඩවි වලින්ද ඒවා නිවැරදිව සොයා බලා ප්රකාශනය කල යුතුය.බුද්ධ පරිණිර්වානයෙන් වසර 1000කට පමණ පසු ලියැවූ කල්ප සූත්රය ජෛන මහාවීරගෙ දේශනයක් නොවේ.එය හුදෙක් ජෛන භක්තිකයන්ගේ ලියැවිල්ලකි.බුදුන් වහන්සේගේ චරිත කතාව උන්වහන්සේ විසින්ම අරියපරියසේන සූත්රය බෝධිරාජ සූත්ර ආදී සූත්ර වලින් දේශනා කොට ඇත.
නැවතත් මෙවැනි බොරු මත සමාජගතවීම වැලැක්වීමට කටයුතු කරන මෙන් මෙයින් ඉල්ලා සිටිමි.මෙමගින් සිදුවන හානිය ඉතා බරපතල වේ.
ඉතා අගනා දැනුවත් කිරීමක් .ඔබට ස්තුතියි
ReplyDeleteඉන්දියාවේ එල්ලෝරා ගුහා වල සංචාරයක නිරත උනා නං මේ වගේ මෝඩ කතා ලියන්නේ නැහැ. මහාවිර කියන්නේ කවුද, බුදුන් කියන්නේ කවුද කියලා පැහැදිලි වෙයි.
ReplyDelete