Sunday, April 15, 2018

යකා ෆේස්බුක් යයි & මෙච්චර මේ කේක් තියෙද්දි උපාධිධාරීන් පාන්ම ඉල්ලල පිකටින් කරන හැටි අප්පා - මීට ලුවීලා සහ මාරි ඇන්ටොනයිට් බිසෝවරු

බ්ලොග් එක හදා සෑහෙන කාලයක් ගතවුනත් බ්ලොග් එකට ෆේස්බුක් ප්‍රොෆයිල් එකක් හදාගන්නට මට ඕනෑ නොවීය. ඒ මම හිට්ස් පස්සේ එලවූයේ නැති නිසාය. එහෙත් මට මේ අලුත් අත්දැකීම ලබන්නට සිත්විය. 


ඉතා වටිනා ෆේස්බුක් අධ්‍යාපනික ගෲප් 





https://holytemplenet.wordpress.com/  (මේ මා හට ලාංකීය සිතිවිලි සින්ඩියෙන් හමුවූ ඉතා අගනා බ්ලොගයක් )

ඉදිරියේදී මගේ ලිපි හා මට සුදුසුයැයි සිතන අනුන්ගේ ලිපි ෆේස්බුක් හරහා ශෙයා කරමි.


ෆේස්බුක් වලට ආධුනිකයෙකු ලෙස හාපුරා කියා ෆේස්බුක් විශාරද චමීර දෙද්දුවගේ මැතිතුමාගේ පෝස්ට් එකකට කොමෙන්ට් එකක් දැමීම මගේ භාග්‍යයකි. එහි තෝරු මෝරු මැද හාල්මැස්සෙක් මෙන් මගේ මතය ප්‍රකාශ කළෙමි.

https://www.facebook.com/photo.php?fbid=10156144875358190&set=a.410122778189.185277.522938189&type=3&theater
මෙතන කොමෙන්ට් කරල තියෙන අය ඉතාම අසාධාරන කතා කියනවා.රැකියා මූලික අධ්‍යාපනයක් නොලැබුවනම් ඒක මේ ළමයින්ගෙ වැරැද්දක් නෙමෙයි. 
පුද්ගලික අංශයට පලයවු කියන්න බෑ මොකද පුද්ගලික අංශයෙ ලොකු පඩි වරප්‍රසාද ලැබෙන්නෙ සීයට එකකට.මෙතන පුද්ගලික අංශ දෙකක් තියෙනවා. ලොකු කොම්පැනි වලට මේ ළමයින්ට යන්න බෑනෙ. මේ ළමයින්ට යන්න කියන්නෙ ඔය පෙට්ටි කඩ වාගෙ පුද්ගලික අංශවලට. මේ ළමයිකලා උපාධිකාරයො වුනත් ඔවුන්ට පුද්ගලික අංශයෙ සුලු රැකියාවලට ගිහින් බැනුම් අහගෙන නිවාඩු නැතිව වැඩ කරන්න බෑ. මේ ළමයින්ට යන්න කියන්නෙ පුද්ගලික අංශයෙ පොඩි රස්සාවලටනෙ. හිතල බලන්න .සමහරුන්ට දැන් වයස 35 ක් විතර. මේ අයට තව එක්ස්පීරියන්ස් ගන්න කාලයක් තියෙනවද. ඇයි ටිකක් සාධාරන වෙන්න බැරි. මම වත් මගෙ කවුරුත් සංවර්ධන නිළධාරි පත්වීම් බලාපොරොත්තු වෙන්න බෑ.රජයේ ප්‍රතිපත්ති සම්පාදනයෙ දුර්වලකම් වලට මේ ලමයිද පලි ? 
සමහර පුද්ගලික අංශයෙ රජයෙ වගෙ නෙමෙයි ලොක්කගෙ හිතුමනාපෙට ඉන්ක්‍රිමන්ට්. අපි නොදන්නවැයි ඒ කතා. රජයේ රැකියාවකට ආවම ඇහැට කනට පේන කෙල්ලෙකුට අඩුගානෙ 4යි 15 ට ගෙදරවත් ගිහෑකි.

ෆේස්බුක් විශාරද චමීර හා වෛද්‍ය රංග වීරක්කොඩි සංවාදය තාර්කික තලයකට ගෙනා බව පිලිගන්නවා. ඔවුන් තව සංවර්ධනය විය යුතුයි. සීත කාමර මානසිකත්වයෙන් මිදිල මහ පොලවට එන්න



උඩ කොමෙන්ට් කරල තියෙන අය රජයේ විශ්ව විද්‍යාලවලින් උපාධිගත් අය . නමුත් ඒ අයට උපාධියට අමතරව වෙන සුදුසුකමුත් තියෙනවා. මේ දුප්පත් ලමයින්ට එහෙම සුදුසුකම් ගන්න සල්ලි නෑ. සමහරු ඉගෙනීමට අමතරව කුලීවැඩ කරනවා. කොල්ලො මේසන් වැඩවලට අත් උදවු දෙන්න යනව කෙල්ලො කුලියට ගොයම්පැල හිටවන්න යනව. ඊට පස්සෙ තමන්ගෙ උගත්කමට සරිලන රැකියා ඉල්ලපුවම මෙතන ඉන්න ලුවී ල මාරි ඇන්ටොනයිට් ල පාන් නැත්නම් කේක් කාපල්ල කියනව .( ඇයි මේ මුන් මෙච්චර පාන් ම ඉල්ලන්නෙ කේක් තියෙද්දි ) අදෝමැයි

1 comment:

  1. https://www.tekcroach.tk
    මේක තාක්ෂණික කරුණු ගැන විස්තරාත්මක ලිපි පලවන වියුනුවක්.

    ඉස්ලාමයේ සඳහන් වෙනවා, උගතෙකුගේ තීන්ත වීරයෙකුගේ රුධිරයටත් වඩා වටියි කියලා.
    ඒ නිසාම අරාබි වරු පර්සියානු උගතුන් තම රටවලට කැඳවාගෙන තම සංස්කෘතියට හරවාගෙන ඒ හරහා තම සමාජයේ උගත්කම වර්ධනය කලා.

    ඒ වගේම ඔරුමත්තුනාඩුකාරයොත් දෙවන ලෝක යුද්ධයෙන් පසු නාසි උගතුන් තම රටට කැඳවාගෙන ඔවුන්ව ඇංග්ලිකන් ක්‍රිස්තියානි හරවාගෙන ඔවුනගෙන් වැඩගත්තා.

    ඒමනිසා ඉහත සඳහන් වියුනුව කරන මහත්මයත් සිංහල ජාතියට විශාල සේවයක් කරන කෙනෙක්.

    ReplyDelete