Tuesday, April 10, 2018

බොරු කීමේ කලාව

Image result for astronomy jokes

මම සාමාන්‍යයෙන් පුවත්පත්වල බොරු අතිරේකයද කියවමි. ඒ මේ බොරු අතේ කයිතන් වෙනවා දැක කිසියම් සතුටක් ලබන්නටය. මම කිසිම කෙනෙකු බොරු කියා රැවටීමට අකමැති කෙනෙක්මි. රටක ජනතාවක් බොරු කියා රවටා මිත්‍යාන්ධකාරයේ ගිල්වන පුද්ගලයන් ගැන මට ඇත්තේ විශ්මයකි. ඔවුන්ගේ මනස ක්‍රියා කරන හැටි මට අනුමාන කරන්නවත් බැරිය.එක්කෝ මෙවැනි අය සිතන්නේ ජනතාව යනු පල් මෝඩයන් බවය.

මෑත කාලීන ජ්‍යොතිෂ අනාවැකි දෙස බලන්න. ජනාධිපතිවරණයෙන් මහින්ද දිනන බව කී කන්ඩායම අතේ කයිතන් වූ බවත් ඔවුන්ට ගෙවල්වලින් එලියට බහින්න බැරි කාලයක් තිබුන බවත් අප දනිමු. ජනතාව මෙයින් පාඩමක ඉගෙනගන්නවා වෙනුවටමේ අයට වැරදුනාට හරියට කියන අය ඇති කියා සිතූහ. ඔවු මහින්ද පරදින බව කී කීප දෙනෙක්ද වූහ. ප්‍රධාන පක්ෂ දෙකක අපේක්ෂකයන්ගෙන් එක් අයෙක් දිනන බව උපකල්පනය කිරීම මහ දෙයක් නොවේ. ජනාධිපතිවරණය ආසන්න වන විට දිනන්නේ කවුද යන්න ඉතා පැහැදිලි විය. 50% සම්භාවිතාවයකි.ඉතින් මහින්ද පරදින බවකී එක්තරා ජ්‍යොතිෂ කාරයෙක් පත්තරයකට ලියන ලිපි  ඉතා අපූරු නිසා මම ඒවා එකතුකළෙමි. ඊට අමතරව ටොලමියානු ජ්‍යොතිෂය ගැන ලියවුන ලිපිද එකතු කළෙමි.

ඔහු මෙසේ කියයි. මෙම වසරේ වැඩවර්ජන ,රිය අනතුරු ,දියේ ගිලීම්,ජල ගැලීම් ,නියඟ ,බඩු මිල ඉහල යාම්  ඇතිවෙනවාලු. ඉරපායන සුලන් හමන බව පමනක් කියා නැත. එසේ වන්නේ විවිධ ග්‍රහ පිහිටීම් නිසාලු. සියල්ලටම වඩා මාර්තුවේ අධික රස්නය ගැනද කියා තිබේ. එසේ වන්නේද ග්‍රහ බලය නිසාලු. ඉතා රසවත් දෙය මොහු මාර්තුවේ පිරිසකට දුකක් ඇතිවෙන බවකියා ඇත. මොහු කියන්නට ඇත්තේ මාර්තුවේ රස්නය නිසා අඩමින් දුක් ගී ගයමින් දාඩිය පිසදා පවන් සැලීම ගැන විය හැක.

මාර්තුවේ දුක අනෙකක් නොවේ. මැතිවරන ප්‍රතිපලයත් සමග දේශපාලන වියවුල් ඇතිවෙන බවමොවුහු උපකල්පනය කළහ. එම උපකල්පනයට අනුවග්‍රහයන් පෙල ගැස්වූහ. ඕන අතකට කරකවන්න පුලුවන් වීම කේන්දරවිජ්ජාවේ හාස්කමයි. මේ වසරේ මාර්තුවෙ රස්නයට බලපාන ග්‍රහ පිහිටීම් වලට හාත්පසින්ම වෙනස් ග්‍රහ පිහිටීම් ගියවසරේ මාර්තුවේ තිබිණි. මේ තර්ක මෙවැන්නන්ට වලංගු නොවන්නේ ඔවුන් සෞරග්‍රහ මණ්ඩලය ගැන මූලිකම දැනීමක්වත් නැති නිසාය. පසුගිය රජයේ රාජකීය කේන්දරකාරයා පොලව සූර්යයා වටා කැරකවෙන බවවත් නොදැන සිටියාලු. වර්තමානයේ මිත්‍යාව ප්‍රවර්ධනයට රාජ්‍ය අනුග්‍රහය නොලැබීම සතුටකි.

විශ්වාස භංගයෙන් පසු අනාවැකිවල වෙනසක් වී ඇත. දැන් රට සන්සුන් වෙනවාලු.  සමෘද්ධිය ඇතිවෙනවාලු .ඒවාට බලපාන ග්‍රහ පිහිටීම්ද කියා ඇත.මෙච්චරකල් කීවේ රට කුජීත වෙන බවයි. මේ හදිසි වෙනසට හේතුව කුමක්ද. ශ්‍රී ලාංකිකයන්ගේ ක්‍රියාකාරකම් තීරණය කරන ග්‍රහයන් නිතර රැස්වෙනවා වියහැක. ඔවුහු තම සැලසුම් වෙනස් කරන්නට ඇත.

තවත් පුවත්පතක ටොලමියානු ජ්‍යොතිෂයක් ගැන ලිපි පළ වෙයි. කවුද මේ ටොලමි. පැරණි ග්‍රීකයෙකු වූ ක්ලෝඩියස් ටොලමි ප්‍රථිවි කේන්ද්‍රවාදයේ නියමුවෙකි. ඔහු විශ්වාස කලේ සූර්යයා ඇතුලු සියලු ග්‍රහවස්තු පෘථිවිය  වටා භ්‍රමණය වන බවයි. විශ්වාස භංග ජය ගන්න තුරුම ටොලමි කිව්වේද රට කුජීත වන බවයි. දැන් කියනවා රටේ දේශපාලන හා ආර්ථික ස්ථාවරබව ඇති  වෙනවාලු. " මාර්තුවේ යෝධ පෙරලියක්" ටොලමි ගෙ ලිපිවල හෙඩ්ලයින් එසේය.

මේ කේන්දර විජ්ජාවෙන් අපට ගැලවෙන්නට බැරි අපි කුඩාකාලයේදී මෙය ඔලුවටදමන බැවිනි. එය අපේ යටිසිතට දමන ලද ස්වයං යෝජනාවක් වී ඇත. මේ නිසා මේ  අනාවැකි කියන්නන්ගේ අනාවැකිවල වැරදීමේ සම්භාවිතාවය 90% වුවද අප එය නොසළකා හරිමු. සිතන්නේ මේ අයට වැරදුනාට හරියට කියන අය ඉන්න පුලුවන් කියාත් අනිවාර්යයෙන්ම එවැන්නන් අතීතයේ සිටි බවත්ය.

3 comments:

  1. “When you say someone is stubborn and irrational because they're black, that's racism. When you say someone is stubborn and irrational because they're female, that's sexism. When you say someone is stubborn and irrational because they're a leo, that's astrology. Notice a pattern? It's all nonsense.”
    ― Oliver Markus Malloy

    “A sex worker deserves a billion times more respect, than the mystical fraudsters of the society, such as astrologers, psychics and tarot card readers.”
    ― Abhijit Naskar

    ReplyDelete
  2. නාඩි වාක්‍ය ගැන යමක් කියන්නට කැමැත්තක් නැද්ද ?

    ReplyDelete
  3. හා හා එහෙම කියන්න එපා. අපේ රටේ තීන්දු තීරණ ඔක්කොම ගන්නේ නැකැත් අනුව.අඩුම ගානේ ඡන්ද තියන දිනේ තීරණේ වෙන්නෙත් කාගේ හරි සුභ දවසකට.ඒකනේ අපේ රට දැං සුඛිත මුදිත වෙලා තියෙන්නේ.

    ReplyDelete