Sunday, April 1, 2018

යක්ෂයන්ගෙ නාගයන්ගෙ හා දේවයන්ගෙ කතන්දර හා සංස්කෘතික අනන්‍යතා

මෙම බ්ලොග් අඩවියට යකාගෙ අඩවිය ලෙස නම් තැබීමටත් හේතුවක් වුනේ මේ යක්ෂ නාග දේව කතාය. ඇත්තෙන්ම මේ දිවයිනේ මුල් පදිංචිකාර ගෝත්‍රයක් වූ යක්ෂයන්ගේ සංස්කෘතිය මත වෙනත් සංස්කෘතියක් බලෙන් පටවා ඇති බව මට පසක් විය. අපේ ලිඛිත ඉතිහාසය තුල යක්ෂයන් යනු ගුප්ත ජීවී කොටසකි. එහෙත් මෙරට සැබෑ වාපී සංස්කෘතියෙ මෙන්ම පෞර සංස්කෘතියේද ආදි කතෲවරු ඔවුහුය. අද ජීවත් වන අප කිසිවෙකු එම ආදී කාලීන අනන්‍යතාවක් නිරූපනය නොවන බවත් එක අතකට මේ ගැන කතා කිරීම පවා අපට අවාසියක් බවත් මතක තබා ගත යුතුය. ශාස්ත්‍රීය කුතුහලය නිසා අප සද්භාවයෙන් කරන මේ ගවේශන නිසා අපේ අනන්‍යතාවයේ ප්‍රබලම සාක්ෂිය වන ලිඛිත ඉතිහාසය ප්‍රශ්න කිරීමකට ලක්ව එහි වක්‍ර වාසිය වෙනත් මිත්‍යාකතාවක් ගොඩනගන්නට උත්සාහ කරන අන්තවාදී පිරිසක් ලබන බැවිනි. මහා වංශයෙන් එපිට කතාවක් කියන්නට යන විටම ඒ ප්‍රාග් ඉතිහාසය දෙමළ යැයි කීමට ඉදිරිපත් වන අය සිටිති.

අප මේ කියන කතා කතන්දර හා උපකලපන බව මුලින්ම කියමි. ආදි කාලයේ සිටම ලංකාවේ වෙරළබඩ ප්‍රදේශ දියුණු නාග ගෝත්‍රික ජනාවාස තිබූ බවත් ඒවා සහ ඉන්දියාවේ නාග ජනයා අතර සම්බන්ධකම් තිබූ බවත් පෙනේ.මේ නාගයන් ආ නාග ලෝකය ගැන අප්‍රිකානු ඉතිහාසඥයෙකු අපූරු ප්‍රවාදයක් ගොඩ නගා තිබේ. ඒ ගැන මෙතනින්.


බුදුන්ගේ කේශ ධාතුව මෙරටට ගෙන ආ වෙළදුන්ගේ නම් තපස්සු  භල්ලුකය. මේ භල්ලුක යන නාමය දුටුගැමුණු යුගයේද ඇසේ. එළාරගේ පරාජය අසා සටනට ආවේ භල්ලුකය.එලාරගේ පරාජය අසුරු සැනෙකින් භල්ලුකට ආරංචි විය. ඒ කාලෙ සන්නිවේදන තත්වය දෙස බලන විට භල්ලුකලා අනුරාධපුරයෙන් ඉතා ඈත සිටියා විය නොහැක. අනෙක් අතට එළාර අවුරුදු 44 ක්ම අනුරාධපුරය පාලනය කලා කියන්නෙ ඔහු පිටස්තරයෙක් විය නොහැක. එළාරට පෙර මේ ආකාරයෙන්ම සිහසුන පැහැරගත් සේන හා ගුත්තිකද ජලය ශුද්ධ ලෙස සළකන්නන් යැයි මා අසා ඇත. ජලය ශුද්ධ ලෙස සළකන්නේ නාගයෝය.සේන ,ගුත්තික ,එළාර නාගයන් විය නොහැකිද. එතකොට දුටුගැමුනු ? ඔහුත් නාගයෙකි. ඔහුගේ මව නියෝජනය කලේ දකුනු නාගයන්ය.  එළාරට එරෙහි සටන තුල විහාර දේවියගේ භූමිකාව ඉස්මතුවී පෙනේ. උතුරු නාගයන් හා දකුණු නාගයන් අතර විරසකයට හේතුව කුමක්ද .තවත් මැනික් පුටු හබයක්ද .චූලෝදරලා මහෝ දරලා මනි අක්ඛිකලා බෞද්ධයෝය. ඔවුන්ට ඉන්දියාවේ මුචලින්දලා අරවින්දලා සමග නෑදෑ සබදකම් තිබිණි. බ්‍රිතාන්‍යයේ කෙල්ටික්වරු හා ප්‍රංශයේ කෙල්ටික් වරු දිගුකලක් නෑකම් තබා ගත් ලෙසින් ලංකාවේ නාගයන් හා ඉන්දියාවේ සහ නැගෙනහිර අප්‍රිකාවේ නාගයන් අතර සම්බන්ධකම් තිබෙන්නට ඇත. මෙම නාගයන් හා රටමැද ගොවිතැන්කළ වැව් සැදූ යකුන් මිශ්‍ර කර රට එක්සත් කිරීමේ ක්‍රියාවලිය දුටුගමුනුගේ කාලයේ පරප්‍රාප්තියට පැමිණියේය. සිය දුර (ඇතැම්විට ලඟ ) නෑයා වූ එළාර හා සටනට ගිය දුටුගැමුනුට රටමැද යකුන්ගෙන් ලැබුනේ අනගි සහයකි. දිවයිනේ යක්ෂ ගෝත්‍රික පාලනය පන්ඩුකාභය විසින් ස්ථාපිත කල පසු එය නාගයන් විසින් පැහැරගැනීම ගැන අසතුටෙන් සිටි යකුන් දුටුගැමුනු පිළිගත්තේ හරසරිනි. සියලු දූපත්වැසියන් බෞද්ධ අනන්‍යතාවයක් මත එක්සත් කලේ දුටුගැමුනුය. ඊට කලින්ද බුදුදහම පැවතියද බුදුදහම මත ජාතික එක්සත්කමක් නොවීය.විවිධ භාෂා කතා කරන ඉන්දියානුවන් හින්දුත්වා සංකල්පය තුලින් එක්සත් කල අයුරිනි. ගෝත්‍රිකයන්ගේ විවිධ භාෂා අවශිෂ්ට වී ගොස් පාලි හා සංස්කෘත ආභාෂයෙන් නව බසක්ද ලැබිණි. මෙය දඹදෙනි යුගයෙන් පසු අද භාවිතා වන ස්වරූපයට සකස් විය. ඒ අනුව මෙය ස්වාභාවික ක්‍රියාවලියකි. අද තිබෙන වාසගම් දබදෙනි යුගයෙන් එහා නොයයි. මේ වනවිට දැඩි ලෙස දකුණු ඉන්දියානු ආභාෂය ලැබී තිබිනි.

මීට හේතුව කුමක්ද .උතුරු ඉන්දියාවට ලංකාවට තව දුරටත් බලපෑම් කල නොහැකි ලෙසින් මුස්ලිම් ආක්‍රමන ඇතිවීම එම සිද්ධියයි. උතුරු ඉන්දියානු බලපෑම ක්‍රමයෙන් අඩුවීම දිගටම සිදුවී මහනුවර යුගය වනවිට දැඩිසේ ද්‍රවිඩකරනයවී තිබිණි. මේ ද්‍රවිඩකරණය නතර වුනේ කොමරින් තුඩුව තෙක්ම මුස්ලිම් බලය පැතිරීමත් සමග ය.ක්‍රමයෙන් ලංකාව දකුණු ඉන්දියාවේ ම කොටසක් වෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී මුස්ලිම් යෝධයා නිසා අපේ  අනන්‍යතාවය රැකුනි. මුස්ලිම් යෝධයා විජයනගර අධිරාජ්‍ය පරාජය කර මුලු දකුනු ඉන්දියාවම අල්ලා ගත්තේය. එසේ නොවීනම් කුමක් වේද? 


ලංකාව දෙමල යෝධයාගෙන් බේරාගත් මුස්ලිම් යෝධයා ලංකාව අල්ලාගන්නට ඔන්න මෙන්න කියා තිබියදී තමයි බටහිර යෝධයා සබයට එන්නේ. බටහිර යෝධයා නො එන්නට ලංකාව මුස්ලිම් රටක් වීමට හොඳටම ඉඩ තිබිනි. බන්ග්ලාදේශය ද පාල රජවරු යටතේ බෞද්ධ රටකි. ඉන්දියාවේ හින්දු ප්‍රදේශ මුස්ලිම් නොවූ තරම්ය. ඉක්මනින් මුස්ලිම් වුනේ බෞද්ධ ප්‍රදේශය.

අපේ අනන්‍යතාවය රැකුනේ අපේ හපන්කමකට නොව යෝධයන් අතර ගැටුම් නිසාය. එයින් කියන්නේ අපේ අනන්‍යතාවය ඉතා දුර්වල බවයි. අපට අනුන්වෙත අපේ අනන්‍යතාවය පටවන්නට බැරිය. අනුන් අපට ඔවුන්ගේ අනන්‍යතාවය පටවති. ලෝක ගම්මානයේ අපි අම්බලමේ පිනාලාය. ඇත්ත ඒක නේද ? පිනා වතුර මෙනි. වතුර එය දමන භාජනයේ හැඩය ගනී. පිනා වරෙක කදිරාගේ අනන්‍යතාවය වන අතර තව විටක කෝරලේ මහත්තයාගේ අනන්‍යතාවය වෙයි.

අතීතයේ සිංහලයන් විදෙස් රටවලට  සංක්‍රමණය වුනත් ඔවුන් එසේ තම ලකුණ තැබුවේ නැත. ඔවුන්ගේ සම්භවය අද සොයාගත හැක්කේ වාසගමින් පමණි. ඔවුහු සිංහල  වචනයක්වත් නොදනිති.හැඩරුවද වෙනස්ය. එහෙත් ඊට වෙනස්ව යුදෙව්වන්  අසීමිත පීඩා මධ්‍යයේ සියවස් ගනනාවක් තම අනන්‍යතාවය රැකගැනීමේ සුවිශේශ තත්වයක්ද වෙයි. දෙවන ලෝක යුද්ධයෙන් පසු ඔවුහු ඊශ්‍රායලයට පැමින සිය අතීත හීබෲ මූලයන් යළි ස්ථාපිතකළහ. 

දැන් ගෝත්‍ර ජාතීන් වීම ගැන කතා කරමු.ගෝත්‍රය ජාතියක් බවට පරිණාමය වන්නේ එක්තරා අපූරු ආකාරයකටය.ඒකීය නායකත්වය ,පිරිස් බලය ඌනිත විඥානවාදය හා පොදු සන්නිවේදන මාධ්‍ය යන කරුණු හතරයි. යම් ගෝත්‍රයකට ප්‍රබල ඒකීය නායකත්වයක් නොවීනම් වෙනත් ගෝත්‍රයක අනසකට යටවෙයි. එවිට සංවිධානගත වෙන්නේ එම ශක්තිමත් ගෝත්‍රයේ කොඩිය යටතේය. කුඩා ගෝත්‍ර එක්වීමේදී විශාල පිරිස් බලයක් සහිත කණ්ඩායමට මුල් තැන ලැබේ.අනෙක් කන්ඩායම් මහා ගෝත්‍රයට ස්වීකරනය වේ. ඉන්දියාවේ හා යුරෝපයේ ආක්‍රමනිකයන් පරාජිතයන් තුල දියවී ගොස් ඇති සැටි බලන්න. ලොව පුරාම වූයේ මෙයයි. සන්නිවේදන මාධ්‍ය යනු භාෂාවයි. ඌණිත විඥානවාදය ලෙස මෙහි දැක්වූයේ සියල්ල පොදු ලක්ෂයකට ඌණනය කෙරෙන සංදර්භයක් තුල අන් සියල්ල නිෂේධනය වන බවයි. මිසරවරුන්ට  තම අනන්‍යතාවය සඳහා සුදුසුකම් ඕනෑවටත් වඩාතිබුනත් ලෝක විශය ගැන අරාබි දෘෂ්ඨිය වැළැදගැනීමෙන් පසු මිසරයා අරාබියෙකු විය. මිසර කම හැර අරාබිමය මිසරකමක් ඇතිවිය. තව දුරටත් පාරාවෝලා මිසර වීරයන් නොවේ. පාරාවෝලාගේ සතුරන් වූ ඊශ්‍රායල්වරු ( මූසා වැනි )  ඊට වඩා අරාබිමය මිසරයාට සමීපය.


ගෝත්‍ර වෙනත් ගෝත්‍රතුලට අවශෝෂනය වීම ස්වීකරණය වීම නම් වේ. මෙම ස්වීකරණය මිනිස් සංහතිය තිබෙන තාක් කල්ම සිදුවනු ඇත. එහෙත් මෙම ස්වීකරණය අද වෙනස් මුහුණුවරක් ගෙන ඇත. ඒ බටහිර කේන්ද්‍රකරගත් මහා ජාත්‍යාන්තරවාදයක් හා ඊට අභියෝග කරන යෝධ ජාතිකත්වයන් කිහිපයකි. දකුණු කොරියානු ජපන් තායිවාන් වැනි නැගෙනහිර ආසියානු සමාජද මෙම බටහිර සංස්කෘතියේම කොටස්ය. මෙම බලවේගය ජත්‍යාන්තරවාදයක් වුවද එයතුලද සැගවුන ජාතිකත්වයක් ඇත.අද ලෝකයේ ප්‍රබලම සංස්කෘතිය බටහිර සංස්කෘතියයි. කුඩා සංස්කෘතීන් ඊට අවශෝෂනය වීමට නියමිතය.


බටහිර යෝධ සංස්කෘතියට අනෙක් සමාජ ස්වීකරණය වෙයි. තනි තනි පුද්ගලයන් ලෙස ස්වීකරණය වීමද සිදුවෙන අතර බටහිර සුලඟ නිසා වෙනත් සංස්කෘති වෙත  ඒවාට වඩා කුඩා සංස්කෘති ස්වීකරණය වීන වැළකී ඇත. මෙම සංස්කෘති ගැටුමේදී රුසියන් චීන හා අරාබි සංස්කෘති ස්වීකරනය වීම සිදු නොවන තරමට ප්‍රතිරෝධයක් දක්වයි. එයගැටුමක් දක්වාදුර දිගයාමටත් පුලුවන .බටහිර පුද්ගලවාදී සංස්කෘතියේ අර්බුදය ගැන වෙනමම කතාකළ යුත්තකි.(මානවයා සමූහ ජීවියෙකි ). සියල්ල සංස්කෘතියට සාපේක්ෂය.හොඳ නරක දැනුම හා ඇගයුම් මේ සැම දෙයක්ම සංස්කෘතියට සාපේක්ෂ කරුණුය.

මේ සියල්ලේ අනාගතය කෙසේ වේවිද. තාක්ෂනයේ සිතාගන්නත් බැරි තරමේ දියුණුව මත ජනකොටස්වල වෙනස්කම් ඉතා අවම වන පොදුමානවසංස්කෘතියක් ගොඩ නැගේවිද
එසේම එය මානවයාට පෘථිවියතුල තරඟකරුවෙකු ලෙස කෘත්‍රිම බුද්ධිය මතුවීමෙන්ද සිදුවිය හැක.


4 comments:

  1. නැවතත් පටන් අරගෙන නේද දැක්කේ නැහැ

    ReplyDelete
  2. //The Aryans looked disdainfully down at the native peoples of India calling them Dasyus or enemies and Dasas or slaves. Their poets praised their bright gods for slaying the natives and thereby protecting the Aryan colour [19]


    “the Aryan, with his finely-formed features, loathed the squat .. . faces of the Aborigines … The same … was noticed with regard to a non-Aryan Asiatic tribe, by the companions of Alexander the Great on his Indian expedition, more than one thousand years later.” [20]

    They called the natives “black and noseless” [21] because of their “enormous racial pride”.[22] These conquered peoples were totally segregated by the Aryans and were forced to live outside of the Aryan villages which had walls around them and were even not allowed to partake of their religious rites[23].//

    http://ensignmessage.com/articles/who-are-the-aryans/

    ReplyDelete