Monday, April 30, 2018

පැම්ප්ලෝනා ස්ත්‍රී දූෂන සිද්ධිය හා ලිංගිකත්වයේ ඛේදවාචකය

Protest Pamplona

පුරා තුන් දිනටත් ස්පාඤ්ඤයේ උද්ඝෝෂන පැවැත්වේ. ඒ සමූහ ස්ත්‍රී දූෂනයක විත්තිකරුවන්ට නිසි දඩුවම් ලබා නොදීම ගැන අප්‍රසාදය පළ කරමිනි. තමන්ට පුද්ගලික සම්බන්ධයක් ණැති කෙනෙක් වෙනුවෙන් මෙසේ ක්‍රියාකිරීම ගැන ස්පාඤ්ඤ කාන්තාවන් ප්‍රමුඛ උද්ඝෝෂකයන් පැසසිය යුතුමය. පම්ප්ලෝනා පොලීසියට අනුව 35000 ක් පමන රැස් ව සිටි අතර ඔවුහු සාමකාමීව සිය විරෝධය පළ කළහ.

මෙය සිදුකර ඇත්තේ පිරිමින් පස් දෙනෙක් විසිනි ඔවුහු සමාජ ජාල වල උපකාරයෙන් එකිනෙකා හා සම්බන්ධ වී තිබීම සැළකිල්ලට ලක්විය යුත්තකි.තාක්ෂණය අපරාධ ප්‍රවර්ධනය කිරීමට යොදාගන්නා මෙවලමක් බවට පත්ව තිබීම කණගාටුදායකය. එසේම සමාජ ජාලා හරහා ස්ත්‍රී දූෂන කල්ලි බිහිවීමේ ඉඩක් ගැනද මෙහි  කියවේ. මෙය අප රටේ බලධාරීන්ද කල්පනාවට ගත යුතුය. අශ්වයා පැනගිය පසු ඉස්තාලය වසා වැඩක් නැත.

අපගේ අදහසට අනුව කාන්තාවකට එරෙහිව කළ හැකි දරුණුම අපරාධය සමූහ දූෂණයයි. මෑතකදී ලංකාවේද හෙදියක් සමූහ දූෂණයකට ලක්වූ නමුත් ඒ ගැන වැඩි සද්දයක් නැත. සමූහ දූෂණ ගැන ලොක අවධානය යොමුවුනේ ඉන්දියාවේ නිර්භයා නොහොත් ජෝති සිං නම් වූ වෛද්‍ය සිසුවිය ගේ සිද්ධියෙනි.

ස්ත්‍රී දූෂන දරුණු ලෙස සිදුවන්නේ නොදියුනු රටවල යන මිත්‍යා මතය දැන් පුපුරා යමින් තිබේ. ස්ත්‍රී දූෂන වලට දුප්පත් පොහොසත් භේදයක් නැත. ගෑන්ග් රේප් ලෙස සැළැකෙන සමූහ දූෂන වැඩිවීමේ ප්‍රවනතාවයක් දැකිය හැක. දැන් කාන්තාවන් තමන්ට සිදුවූ අපරාධ එලිදරවු කරන ප්‍රවණතාවයක් දැකිය හැකිය. විශේෂයෙන් රාත්‍රී සේවා මුරවල බිම පෙරලගැනීම් ගැන දැන් ප්‍රසිද්ධියේ කතා කරති.මේ ඈත ගම් දනවු වල නොවේ ලෝක ප්‍රසිද්ධ ආයතනවලය.


ස්ත්‍රී දූෂන ඔප්පු කිරීමේදී කාන්තාව අපහසුතවකට පත්වන්නේ ඇයගේ කැමැත්ත සම්බන්ධ කාරණයේදීය. පෙම්වතෙක් හා පෙම්වතියක් අනාචාරයේ හැසිරීම සඳහා රූම් එකකට ගියා කියා සිතමු. මුදල් ගෙව්වේද කාන්තාවයි. ඔවුන් දෙදෙනා  සුහදව යන එන අයුරු සැවොම දුටුවාය කියා සිතන්න. එහෙත් ලිංගික කාර්යයේදී හදිසියේම පුරුෂයාට ස්ත්‍රිය දූෂනය කළ හැක. මේ නිසා ස්ත්‍රියගේ කැමැත්ත යන කාරනය ඉතා ප්‍රවේසමෙන් සළකා බැලිය යුත්තකි. මෙය  ඒබ්‍රහම් ටී කොවුර් උසාවියකදී ඉතා ලස්සනට පැහැදිලි කළේ කුකුලකු කිකිලියක හා සංසර්ගයේ යෙදීම උදාහරනයට ගනිමිනි.දූෂ්නයේදී ස්ත්‍රිය පුරුෂයාට අවනත වෙයි. මේ ස්වාභාවික දෙය කැමැත්ත දීමක් ලෙස වරදවා ගත යුතු නැත. අදාල නඩුවේදී නිදහස් වීමට ආසන්න වී සිටි දූෂකයා ට බරපතල දඩුවම් ලැබුන බව සදහන් වේ. ( කොවුර් ගේ පොතක මා කලකට පෙර කියවන ලද්දකි ). 

ස්ත්‍රී දූෂණය විවාහක යුවලක් අතරද සිදුවිය හැක. බීමත්ව පැමිනෙන සැමියන් අතින් භාර්යාවන් දූෂනයට ලක්වේ. එහෙත් මෙය වරදක් ලෙස තවම අප රටේ පිලිගන්නේ නැත. 

නමුත් මා සිතන හැටියට සමූහ දූෂණ හැරුන විට ස්ත්‍රීන් මුහුන දෙන බරපතලම ප්‍රශ්නය භාරකාරත්ව ස්ත්‍රී දූෂනයයි. මෙය අතවර වල සිට බරපතල ලිංගික අපයෝජන දක්වාම විහිදේ. විවිධ වාසි උසස්වීම් දෙන බව පවසා කාන්තාවන් අපයෝජනයට ලක්වෙන අවස්ථා සුලභය. මෙම ප්‍රශ්නය ගැන කිසිවෙක් කතා නොකිරීම පුදුම සහගතය. ලොක්කන් අතින් මිරිකීමකට හෝ ලක් නොවන කාන්තාවන් ඇද්දැයි මම නොදනිමි.

බස් වල යන කාන්තාවන් හිංසනය ලක්වීම ගැන නම් කතා කෙරේ. හවස පහෙන් පසු මේ තත්වය දරුණුය. කාන්තාවන් බසයට නගින විට පිටුපසින් නගින්නටම සූදානම් පිරිමි කන්ඩායම් සිටිති. ඔවුන් ගමනාන්තයට ටිකට් ගන්නේම කාන්තාවන් ට හිංසා කිරීමටය. කෝච්චිවල ද යහළු වී දූෂනය කර මාරුවෙන ඇන්නා පැන්නා පිරිමි බහුලය. බස්වල කෝච්චිවල යන සියලු පිරිමි නරක යැයි නොකියමි. මේ සුලු පිරිසකි. බහුතරයේ නිහැඩියාව නිසා ඔවුන් ගේ බිය සැක නැතිවී ඇත.


මා ඇසින් දුටු සිද්ධියක්ද කීමට කැමැත්තෙමි. පාරේ කනේ වයර් ගහගෙන සිටි කොල්ලෙක් ඔහු අසලින් යමින් සිටි කෙල්ලකගේ පියයුරක හිතා මතාම අත වැද්දුවේය. ඇයගේ මවද එතන සිටි අතර මව කෑ ගසා බැන්නාය. අසල සිටි වෙළෙන්දන්ද ඕකට ගහන්න ඕන කියා ආවේගශීලී වුවද කොල්ලා පැමින මොන මොනවාදෝ කියා ගියේය. එපමනි.මම බලය ලත් නිළධාරියෙක් නොවේ.මට කල හැක්කේ බලාසිටීම පමණි. සමහර විට මේක කොල්ලාගේ දින චරියාවක් විය හැක.

ගැහැණු ලමුන් තමන් අසලින් යන විට ඩබල් මීනින් කතා කීම සාමාන්‍ය දෙයකි. එවැන්නකට යම් කාන්තාවක් එරෙහි වුනොත් එය ප්‍රවෘත්තියක් වේ. මන්ද එය ඒ තරමටම සාමාන්‍යකරනය වී ඇති නිසාය.

පැම්ප්ලෝනා සිදුවීම්න් පෙනෙන්නේ පිරිමින් වෘක කන්ඩායම් ලෙස සංවිධානය වී ඇති බවයි. පැම්ප්ලෝනා දූෂකයන් තමන්ව හදුන්වාගත්තේද එම නමිනි. වෘකයන්ට අනුකම්පා විරහිතව දැඩි දඩුවම් දිය යුතු බව නොකිවමනාය. එහෙත් දඩුවම් වලට අමතරව ස්ත්‍රී පීඩක සමාජ ආකල්ප වලට එරෙහිවද සටන් කළ යුතුය.

සමාජ ආකල්ප ගැන කියන විට මට මතක් වන්නේ වාරියපොල සිදුවීමයි. එහිදී කොමෙන්ට් කළ සියල්ලෝම බැන්නේ ගහපු කෙල්ලටය. ලොව වෙනත් ප්‍රදේශ ද ලංකාවට වඩා වෙනස්යැයි නොසිතමි.

ඇන්නා පැන්නා පිරිමින්ට එරෙහිව දූෂන චෝදනා ගොනු කළ නොහැකිද ? ලැජ්ජාව නිසා කාන්තාවන් පැමිනිලිකරනවා තබා මිතුරියකටවත් නොකියති. ඇන්න පැන්න එකා මචන් මං  අර බඩුවටත් ගැහුවා ඒකි මට පැනල දුන්නෙ බං කියා කියයි. මේ තත්වය රැකියා සඳහා දුර පලාත්වලට යන පිරිමින්ගේද සෙල්ලමකි. මේ අනිඋන පනින එවුන්ටනම් කිසිම සමාවක් නොදිය යුතුය.

අනෙක් කරුන නම් භාරකාරත්ව ස්ත්‍රී දූෂනය ගැන මීට වඩා හඩක් නගන්න බැරිද  .මේ විශය ගැන සියල්ලන්ගේම නිහැඩියාව මට නම් විශ්මයකි.ස්ත්‍රී දූෂනයේ ප්‍රභේද අතරින් ඉතා දරුණුවටම ඇත්තේ මෙය බව මට සිතේ.

නගරවල සිටින ස්ත්‍රී දූෂන කල්ලි වහා මර්ධනය කළ යුතුය. එසේම කාන්තා හිංසන කල්ලිද මර්ධනය කළ යුතුය. සංවිධානාත්මකව කාන්තාවකට කායිකව හෝ මානසිකව හිංසා කිරීම බරපතල වරදක් ලෙස නීති හැදිය යුතුය. නීති හදා පමණක් වැඩක් නැත. ඒවා ක්‍රියාත්මකද විය යුතුය. එසේම කාන්තාවන් සම්බන්ධ නඩු ඇසීමට විශේෂ අධිකරන පිහිටුවා දිනපතා නඩු ඇසිය යුතු බව මගේ අදහසයි.

මෙසේ නොවුනොත් සමාජය ගැන බියෙන් හා වෛරයෙන් සිටින කාන්තා සංහතියක් ලොවට උරුම වනු එහි ප්‍රතිඵල ගැන යළි යළි කිව යුතු නැත. බලගැන්වීම ගැන මොන බයිල කීවත් ඒවා මායාවක් වනු ඇත. මන්ද කාන්තාවකට ගෙයින් එළියට බහින්න බැරි නිසාය.  

ගෑනු ලමයෙකු හවස් වෙන්න කලින් ගෙදර පැමිණිය යුතුය කියා වැඩිහිටියන් කියන්නේ ඇයි. සත්තු සරපයන් නිසාද නැත. මේ කඩප්පුලියන් පිරිසක් නිසාය. මොවුන් අගහරු ලොවෙන් ආ අය නොවේ. මේ සමාජයේම ගෙවල් වලින් ආ අයයි. ඉතින් සමාජයට මීට වඩා මැදිහත්වීමක් කරන්න බැරිද ?

Sunday, April 29, 2018

මෙන්න ඔබ පුල පුලා බලා සිටි සුදුවෑන් සතා . මෙයාගෙ ගෑනු සත්තුත් ඉන්නවද

මම බටහිර සංස්කෘතිය ප්‍රිය කරන්නෙක්මි. විශේෂයෙන් මම ඇමරිකානු හිතවාදියෙක්මි. ඊට හේතුව මානවයාගේ ශිෂ්ටත්වයේ පරමාදර්ශය ලෙස මා ඇමරිකාව සළකන බැවිනි. කෙටියෙන් කිවහොත් මම ඇමරිකානු පුරවැසි බව අද ලබා ගතහොත් හෙට සිට මා ඇමරිකානුවෙකි. එහෙත් රුසියාවේ පුරවැසියෙක් වුනා කියා මා රුසියානුවෙක් නොවේ. චීනයේ පුරවැසියෙක් වුනා කියා මා චීනෙක් වෙන්නේ නැත. ඇමරිකාව යනු මානව අච්චාරුවකි. එය මානව ඉතිහාසයේ අපූරුම අත්හදාබැලීමයි. මා දක්ෂ නම් මට එහි ඉහලට යාමට හැක. ඇමරිකාව මතු නොව වෙනත් බටහිර රටවලත් එය අඩු වැඩි වශයෙන් තිබේ. ඔවුහු සංක්‍රමනිකයන්ට බියනැත.( ජපානයට යාමට ඇති සීමා බලන්න ). 

නමුත් බටහිර සමාජයේ හැම දෙයක්ම ගැන සතුටු විය නොහැක. ජාති භේදය ,වර්න භේදය ,පුරුශාධිපත්‍ය ආදී විවිධ විශමතා වලින් මිදුන නමුත් ඇතැම් ඒවා ඕවර් යන බව පෙනේ. මේ ඕවර් යාමේ ප්‍රතිඵලයක් ලෙස බටහිර සමාජය රෝගී විය හැක. රෝම ශිෂ්ටාචාරයට මාරාන්තික වූ විශබීජ ගැන මා මීට පෙර කතා කළෙමි. බටහිර සමාජයේ ලොකුම ගැට්‍රළුවක් නම් පුද්ගල හුදකලා බවයි. පවුල් සංස්ථාව බිද වැටීම නිසා මෙය සිදුවී ඇතැයි සිතමි. ටොරන්ටෝ සිද්ධියද මෙම පුද්ගල හුදකලාබවේ අතුරුඵලයක් විය නොහැකිද ?
රිටිගල ජයසේන මහතා වෙනත් එළඹුමක් ඔස්සේ අප මෙහෙයවයි .

ඒ ගැනත් කතා කර එතුමාගේ මතායට විරුද්ධ නොවී ඊට සමගාමීව එහි තවත් පැත්තක් ගැන විමසා බලමු. 


රිටිගල ජයසේන මහතා  ටොරෝන්ටෝ සුදුවෑන් ඝාතකයා ගැන දැමූ පෝස්ටුව

ටොරොන්ටෝ සුදු වෑන් ඝාතකයා ගැන කවුරුත් මුලින් හිතුවේ ඉස්ලාමික අන්තවාදියෙක් කියලයි. කොටින්ම පදිකවේදිකා උඩ මියගිය මිනිසුන්ගේ ශරීර සීතල වෙන්නත් පෙරම බොහෝ දෙනා වර්තමාන ලිබරල් ආන්ඩුවේ සරනාගතයන් සම්බන්ද ප්‍රතිපත්තිය විවේචනය කරමින් 'ඉස්ලාමික අන්තවාදීන් රෙද්ද අස්සෙ දාගැනීම' ගැන සමාජජාලා වල කතා කරල තිබුනා. වර්තමාන ආන්ඩුවෙ සරනාගත ප්‍රතිපත්තිය ගැන 'ආර්ථික හා සංස්කෘතික සංක්‍රමිකයෙන්' වශයෙන් මටත් ලොකු විවේචන තියෙනවා. ඒක මේ සිද්දියෙන් ස්වායත්ත වෙනම මාතෘකාවක්. කෙසේ වෙතත් දැනට එලියට ආ විස්තර අනුව ඝාතකයා හා ඉස්ලාම් අන්තවාදය අතර සම්බන්දයක් නෑ. කෙසේ උනත් ඉස්ලාම් අන්තවාදයට එකතුවී මීට සමාන ක්‍රියාවල යෙදෙන පුද්ගලයන් හා මොහුගෙ පසුමිබ අතර විශාල සමානකම් තිබෙනවා. ටොරොන්ටෝ ඝාතකයා නිසා කරලියට ආ අලුතම වචනය 'ඉන්සෙල් කල්ට්.' (ඉන්cඑල් - ඉන්වොලුන්ටරිල්ය් cඑලිබටෙ - ස්වේච්ඡා නොවන අනගාරිකත්වය). ඉන්සෙල් කල්ට් වලට සම්බන්ද වූවන් හෝ ඊට සමාන වෙනත් හේතුන් නිසා මේ ආකර මහා පරිමාණ ඝාතන සිදුවු පලමු අවස්ථාව මෙය නොවේ. නමුත් ටොරොන්ටෝ සිද්දිය හරහා මේ පිලිබඳව කලින් නොතිබූ සංවාදයක් ඇරඹී තිබෙනවා.

Cඹ්C රේඩියෝවේ මා ඇසූ වැඩසටහන් වල කියැවුනු කරුනු අනුව ඉන්සෙල් කල්ට් වලට එකතුවෙන පුද්ගලයන්ගෙ පොදු ලක්ෂන නම් මේවායි.

- බොහෝ දෙනා 17 - 25 අතර විෂම ලිංගික (හෙටෙරොසෙxඋඅල්) තරුණ පිරිමින්.

- කිසියම් ආර්ථික හෝ සමාජමය අර්බුදයක් සහිත පවුල් පසුබිමක් ඇත්තවුන්.

- එක්කෝ තමන් 'කැත' හෝ 'දුප්පත්' හෝ වෙනත් ආකාර අවාසිදායක තත්වයක් නිසා ගැහැණුන් විසින් ප්‍රතික්ෂේප කරනු ඇතැයි සිතා ඉන්නන්.

- ගැහැණුන් සමග ආදර හෝ ලිංගික සම්බන්දතා පවත්වාගැනීමට අවශ්‍ය සමාජමය අත්දැකීම් නැති අය.

- ගැහැණුන් සමග 'ෆ්ලිර්ට්' කිරීමේ ක්‍රමවේදය නොදන්නා අය හා ගැහැණියක් තමන් සමග 'ෆ්ලිර්ට්' කලත් එය නොතේරෙන අය.

- නූතන ලෝකයේ ගැහැණුන් හට ලැබී ඇති ආර්ථික හා සමාජමය නිදහස නිසා ඔවුන්ගේ ප්‍රධාන කර්තව්‍යය වන පිරිමින්ගෙ ලිංගික ආශාවන් සන්තර්පණය කිරීමේ 'වගකීම' ඔවුන් පැහැර හරින බව සිතන්නවුන්.

- බොහෝ ගැහැණුන් ආකර්ෂනීය ලෙස තමන්ගේ බාහිර රුව සකසාගෙන එය පිරිමින්ට ප්‍රදර්ශනය කිරීමෙන් හා තමන් වෙතට ලංවන බොහෝ පිරිමින් ප්‍රතික්ෂේප කිරීම හරහා පිරිමින්ව සිතාමතාම මානසික පීඩාවට ලක්කරන බව සිතා සිටීම.

- ලිංගිකත්වය යනු පාරිභෝගික භාන්ඩයන් බවත්. එය ලබා ගැනීම්ට පිරිමින්ට පරම අයිතියක් ඇති බවත්. නූතන සමාජ ක්‍රමය නිසා මේ භාන්ඩය ලබා ගැනීමට ඇති ඉඩකට ඇතැම් පිරිමින්ට් ඇහිරෙන බව සිතන්නන්.

- වත්මන් බටහිර සමාජ ආර්ථික මොඩලය තුල තමන්ගේ ප්‍රශ්නයට විසඳුමක් නැති බව සිතා සිටින්නන්.

- මේ ක්‍රමය විනාශ කර දැමිය යුතුබව සිතන්නන්.

ඉහතකී හේතූන් ටිකම නිසා ඉස්ලාමීය අන්තවාදයට නැඹුරුවන්නන්ද සිටින බව සිතාබැලිය යුතු වැදගත් කාරණයක්.

මේ නිර්වචන ලෙස බැලීමේදි පෙනී යන්නෙ ලංකාවෙ සමාජජාල තුලද බොහෝ 'ඉන්සෙල්' කන්ඩායම් ඉන්නා බවයි. නමුත් ඔවුන් කරලියට එන්නෙ වෙනත් ඇජෙන්ඩාවන් හරහායි.

කෙසේ උනත් ස්වේච්ඡා නොවන අනගාරිකත්වයෙන් හෙවත් 'පොරසෝකයෙන්' පෙලෙන ලංකාවෙ තරුණ කොල්ලන් සමවයසේ කෙල්ලන්ට ඩෙනිම් ගලවා ලමා සාරි ඇන්දවීම, ගවුමේ වාටිය ලිහා දික් කිරීම, පුරුෂයාට වැඳීම, හැකි තරම් ලමයි වැදීම, ගෙදර බුදුන් කරවීම (හෙවත් කුස්සියට දැක්කීම) ආදිය ප්‍රමෝට් කරන 'අහිංසක' ව්‍යාපාර වලට එකතුවීම හැර, වෑන් රථයක් පදිකවේදිකාව ඔස්සෙ පැදවීම වැනි ත්‍රස්තවාදී ක්‍රියාවල නිරත නොවීම නම් ජාතියේ වාසනාවක්.

අවසාන විශ්ලේෂනයේදි අපට හැඟී යන්නෙ හෝමෝන බේරෙන නාඹර තරුණ පිරිසකට කිනම් හෝ හේතුවක් නිසා ලිංගිකත්වය අහිමි වීම යනු සමස්ත සමාජයටම බලපාන බරපතල ප්‍රශ්නයක් බවයි.

කැමතියිතවත් ප්‍රතිචාර පෙන්වන්න

රිටිගල ජයසේන මහතාට මම ස්තුති කරන්නේ මා අසා නොතුබූ ක්ශේත්‍රයක් ගැන බුද්ධි කලම්බනය කිරීම ගැනය. මා මේ ගැන බොහෝ දෙනෙකුගෙන් අසා සාකච්ඡා කළෙමි. ඔවුන්ගෙ අදහස් වලට සවන් දුනිමි. හෙන ෆෝන් බිලක් මේ සැරේ එනු ඇත  හෙහ් හෙහ් .
 ඇත්තටම මට ලැජ්ජාවක් ඇතිවුනි. කියන්නෙ සිරාවටමය.  මේ වචනයවත් මා අසා නොතිබුනි.

ත්‍රස්තවාදී ක්‍රියාවලට පුද්ගලයන් ඇදීයාම ගැන ඇල්ජීරියානු මහාචාර්යවරයෙක් කල පර්යේශනයක් ගැන පුවත්පතක කියවූ යමක් මට මතකය . ඔහු එවකට ඇල්ජීරියාවේ පැවති ත්‍රස්තවාදාය් ගැන කළ අධ්‍යනයක් ඇසුරින් 
පාරම්පරික දරිද්‍රතාවය , පෞර්ෂ අක්‍රමතා ,බිඳුනු පවුල් ගැන කතා කළේය. දකුනු ආසියානු සංදර්භය තුල කුල ප්‍රශ්නත් ඇතුලු කළ හැක.

කාන්තා ආකර්ශනය ප්‍රතික්ෂේප වීම නිසා පුද්ගලයන්ගේ සමාජ ප්‍රතික්‍රියාව ගැන මෙය අපූරු කියවීමකි. මේ ගැන මට ඇතිවූ විවිධ අදහස් ගැන සාකච්ඡා කිරීමට සුදුසුම පුද්ගලයකු වුනේ ජයසේන මහතාය. එතුමා සමඟ මේ ගැන චැට් කළෙමි. පහත දැක්වෙන්නේ එම සන්වාදයයි.

රිටිගල ජයසේන මහතා  මා සමඟ ඉන්බොක්ස්  එකේදී කළ සංවාදය

මධ්‍යස්ථ මතධාරියා  : -  ඉන්සෙල් කණ්ඩායම් ගැන ඔබේ පෝස්ට් එක වටිනවා. ඇත්තෙන්ම ඕක දෙපැත්තටම තියෙන්න පුලුවන් නේද. feminist  සංවිධානවලට බැදෙන්නෙ ස්ත්‍රී ඉන්සෙල් ලා වෙන්න බැරිද.
මා  දැක තිබෙනවා ඔවුන්ගෙ අති ධාවනකාරී අදහස්

   : - හ්ම්ම් එතැන ප්‍රශ්නයක් තියෙනවා හැබැයි පිරිමින්ට තියෙන ලිංගික ප්‍රශ්නයම නෙමෙයි එතැන තියෙන්නෙ නේද?



මධ්‍යස්ථ මතධාරියා  : - ඉන්සෙල් කියන වචනය මා දැනගත්තෙත් ඔබේ පෝස්ට් එකෙන්. නමුත් මේ විග්‍රහයෙ ගතියක් පාර්ශ්වවාදී බවක් දුටුව
දෙක සමානයි නේද
ලිංගික ආකර්ශනය නැතිකම වගෙ දේවල් නිසා ප්‍රතිවිරුද්ධ ලිංගිකයන්ට වෛර කිරීම දෙපැත්තටම සිදුවිය හැකියි නේද
ඉතා නරුමවාදී අදහස් ප්‍රකාශකළ feminist ලා ඉන්නවා. ඔවුන් ගැන විශ්ලේශන කිරීමක් මා දැක නෑ. 
මේ ක්‍රියාව ස්ත්‍රී ඉන්සෙල් කෙනෙක් කළානම් ඒක පුරුශාධිපත්‍යයට එරෙහිව පීඩනය පිට කිරීමක් ලෙසයි කියවෙන්නෙ.
මෙතන මේ විග්‍රහය සාධාරන නෑ නේද
පිරිමි ඉන්සෙල් ලා ඉන්නවනම් ස්ත්‍රීනුත් නො ඉන්න විදියක් නෑනෙ
පිරිමින්ට තියෙන ලිංගික ප්‍රශ්නයම තමයි එතනත් වෙන්නෙ. ලිංගික ආකර්ශනය නැතිවීම නිසා අසහනය නේද
මම ඔබතුමාට මෙම ප්‍රශ්නය දකින්න වෙනත් එළැඹුමක් යෝජනා කරනවා. ඒ ඔබතුමා අන්තවාදී නොවන විචාරකයෙකු නිසයි. බටහිර සමාජයේ ස්ත්‍රී පුරුෂලෙස බෙදුමක් ඇතිවෙලා තියෙනවා. පවුල් සංස්ථාව බිද වැටීම තුල හුදකලා න්මිනිසුන් ගෙ ඛේදවාචකයක් තියෙනවා.  මේ තුල ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේම ඉන්සෙල් ලා ඇතිවෙනවා.

   ඔබතුමා කියන දේ සෑහෙන දුරකට ඇත්ත. නමුත් ස්ත්‍රීන් සම්බන්දව ගත්තොත් ඔවුන්ට අවශ්‍ය වෙලාවක අවධානය හා ලිංගිකත්වය ලබා ගන්න පුරුෂයාට වඩා පහසුවෙන් පුලුවන්. එතැන තියෙන්නෙ දිගුකාලීක සුරක්ෂිත භාවය පිලිබඳ ගැටලුවක්. පුරුෂයා කෙටිකාලීන ලිංගික ආශ්වාදය හඹා යද්දි ස්ත්‍රිය බොහෝවීට දිගුකාලීන සුරක්ෂිත භාවය තමයි හොයන්නෙ. ඔය දෙපිරිසටම යමක් නැතිවෙලා තියෙන බව ඇත්ත නමුත් ඒ එකම දේ නෙමෙයි. ඒ ගැන විග්‍රහය ටිකක් සංකිර්නයි නේද?


මධ්‍යස්ථ මතධාරියා  : -   මෙහෙමයි. තමන් කැත කියාහෝ වෙනයම් අවුලක ඉන්න ස්ත්‍රියටත් අවශ්‍ය වෙලාවක අවධානය හෝ ලිංගික ආකර්ශනය ගන්න බෑ. නමුත් මෙතන ඉන්සෙල් ලා ගැන බලන විදියෙ සෙxඉස්ම්  විග්‍රහය  ගැනයි අවුල. මා කියන්නෙ බටහිර සමාජය ගැන. අපේ සමාජය ස්ත්‍රී පුරුෂ ලෙස බෙදිලා නෑනෙ


තමන් කැත කියා හෝ වෙනයම් මානසික හේතුවක් නිසා පුරුශ විරෝධී වන ස්ත්‍රියක් feminist  සංවිධාන වල ක්‍රියාකාරී චරිතයක් වෙන්න ත් ඇයට සම්මාන ලැබෙන්නත් ඉඩ වැඩියි. බටහිර ලෝකයේ feminists ලා කෙටිකාලීන හෝ දිගුකාලීන සුරක්ෂිතතා සොයන අය නොවෙයි. ඔවුන් බොහෝ විට අවිවාහකයන්. ඇතැම් විට ලෙස්බියන් . මාකියන්නෙ කාන්තා අයිතීන් හා සමානත්මතාව ගැන කියන අයට නෙමෙයි. 

feminism තුල ස්වෝත්තමවාදයක් ප්‍රමෝට් කෙරෙනවා. නමුත් ඒක මෙහෙම විවේචනය වෙන්නෙ නෑ. සාධාරණ විචාරයක් නැතිකමත් පුරුෂ ඉන්සෙල් ලා වැඩිවීමටත් හේතුවක්. 

විය යුත්තේ පුරුෂ ඉන්සෙල් ලා සහ ස්ත්‍රී ඉන්සෙල් ලා බිහිනොවන තැනට වැඩ සැලසීමයි. ස්ත්‍රී පුරුෂ ලෙස මේ අසවාභාවික බෙදීම අවසන් කිරීමයි.  දෙපැත්තේම ඉන්සෙල් ලා යනු හුදකලා බවේ ඛේදවාචකයයි

   ඔබතුමාගෙ අදහස් වලට එකඟයි. ඔය කතාව මගෙ පෝස්ට් එකෙ කමෙන්ට් එකක් විදිහට හෝ වෙනම පෝස්ට් එකක් විදිහට වෙනත් තැනෙක දාල ලින්ක් එකක් හෝ දාන්න. ඉඩ තියෙන වෙලාවට මම අදහස් දක්වන්නම්. මගේ පෝස්ට් එකට දුන් අවධානය ගැන ස්තූතියි.



මධ්‍යස්ථ මතධාරියා  : -  මම බ්ලොග් එකක් කරනවා. මම ඒකෙ මේ සංවාදයත් ඔබතුමාගෙ පෝස්ට් එකත් තව ඉන්සෙල් ලා ගැන කරුණුත් සහිතව පෝස්ට් එකක් දාන්නද
සංවාදය අවසානයි




(y)



ඉහත සංවාදයේ සමහර වචනවලට ඉංග්‍රීසි වචනයම යෙදුවේ එහි සැබෑ සිංහල වචනය මා නොදන්නා නිසාය. ඊට ඇති සිංහල පරිවර්තනය සාවද්‍ය යැයි හැඟේ.
මගේ මතය සමාජ සංස්ථා බිඳවැටීම නිසා ඇතිවන හුදකලා බව හේතුවෙන් සමාජ සම්බන්ධතා පැවැත්වීම සම්බන්ධව බටහිර සමාජයේ ගැටළු ඇතිවී ඇත. මේ ගැන සමාජ විද්‍යාත්මක අධ්‍යනයක් කළ යුතුය. එය අපටද ප්‍රයෝජනවත්ය.

මේ විශය ගැන යම් අධ්‍යනයක් සඳහා පහත  ප්‍රවේශය ප්‍රයෝජනවත්ය . මෙවැනි උත්සාහයක් දරා ඇත්තේ මෙම කණ්ඩායම පමණක් යැ‍යි සිතේ.
http://3mana.com/%E0%B6%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F-%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA-%E0%B6%AD/

http://3mana.com/%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A-%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA-%E0%B6%85%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%BD/



Saturday, April 28, 2018

නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේසරණං වරං - බුද්ධිය හැර අන් සරණක් නැත. පින්බර වෙසක් මංගල්‍යයක් වේවා

Image result for buddha thoughts free

බුදුන් වහන්සේ යනු උන්වහන්සේ සිටි යුගයේ මතුනොව සදහටම ඉතා උතුම් මගක් දේශනා කළ ශාස්තෲවරයානන් වහන්සේ කෙනෙකි. උන් වහන්සේ සිටි යුගයේ ජනප්‍රියව සිටි අවිහිංසාවාදී  මහාවීරයන් සැම අතින්ම උන්වහන්සේට සමවිය. එහෙත් ධර්මයෙන් නොවේ.මන්ද මහාවීර ලා අවිහිංසාවාදයේ ඇලුන බැවිනි. ලංකාවේද මහාවීර අනුගාමිකයෙක් ගවයන් ඝාතනයට විරුද්ධව සිරුරට ගිනි තබා ගත් බව ඔබට මතක ඇති. මෙවැනි ඇලීම් බුදු දහමින් පිළිකෙවි කෙරේ. අජිත කේශ කම්බලද උන් වහන්සේට සැම අතින්ම සමවිය එහෙත් ධර්මයෙන් හැර.  අජිත කීවේ ණයට හෝ ගිතෙල් කන ලෙසත් පින් පවු නැති බවත්ය. බුදුන් කීවේ කරන ක්‍රියාවල ඵල තිබෙන බවයි. එසේම දුකින් මිදිය හැක්කේ සිතිවිලි නිවාගැනීමෙන් බව කීහ. ධනවතුන්ට ගිතෙල් කන්නට උපදෙස් දුන් අජිත ට වඩා උන් වහන්සේ වෙනස් වූයේ එසේය.



සියලු ආගම් හා දර්ශන වලට වඩා වෙනස් මගක් බුදුන් දෙසූහ. 



ආගම් හා දර්ශන වල දෘෂ්ඨිය සිව් වැදෑරුම්ය.ඒ මෙසේයි.



ආත්මයක් ඇත.එය විශුද්ධ වන තුරු මැරි මැරී උපදී .එබැවින්  එය විශුද්ධ කළ යුතුය. එවිට සදාකාලික සුවයයි.නැත්නම් නිරයයි.



ආත්මයක් ඇත. එහෙත් එය පවතින්නේ මේ ජීවිතය පමණි. එය විශුද්ධ කළ යුතුය. විශුද්ධ නොවූ ආත්මය නිරයට යැවේ.



ආත්මයක් ඇත. එය මැරි මැරී උපදී. කවදා හෝ විශුද්ධ වී එය අහෝසි වී යයි.



ආත්මයක් ඇත .එය මැරිමැරී උපදී. යම් විශිෂ්ටත්වයක් ලබා එය අහෝසි වෙයි.



ඉදින් මේ ආකාරයන්ට එරෙහිව ආත්මයක් නැතැයි භෞතිකවාදීන් කී විට එය විශුද්ධ කිරීමේ හෝ අවබෝධයක් ලැබීමේ අවශ්‍යතාවයක්ද නැත.ඒ භෞතිකවාදීන්ගේ පටු දැක්මයි

බුදු හිමියන්ගේ මග මේ සියල්ලටම වඩා වෙනස් බව පෙනෙනවා නේද

එහෙත් බුදු හිමියන් දේශනා කළේ ආත්මවාදය සම්පූර්නයෙන් බැහැරකර මම යනු සිතිවිලිවල මායාකාරී ස්වභාවයක් ( සම්මුතියක් ) බවත් එය අබබෝධයෙන් දුරු කර ප්‍රභාෂ්වර වූ තථ්‍ය ස්වරූපය ලගාකරගෙන ( අවබෝධයට පත්වී ) තම භව ගමන අවසන් කරගත යුතු බවයි. අපට මෙලොව ජීවත්වීමට මම යන සම්මුතිය අවශ්‍යය.එය පැවතුනාවේ. එහෙත් භව සකස් කරගැනීම දුකට මුලයි. සම්මුතිය එහි කාරකයන් පවතින් අතුරු පවතිනු ඇත. එය භාෂා ප්‍රයෝගයක් වැන්න. එහෙත් බාහිරයෙන් එන දුහුවිලිවලින් (කෙළෙස් )  අප සංස්කාර සකස් කරගත යුතු නැත.  නමුත් භව ගමන දුරු වූ පසු යලි උපාදානයන් හා ඇලී භව සකස් කරගත යුතු නැත. භව යනු ඇලුන  සිතිවිලි වල පැවැත්මයි( එය සිතිවිලි කාණ්ඩයක් විය හැක ).



ඇත්තෙන්ම බුද්ධිය හැර අන් සරණක් නැත. බුදු හිමියන් දෙසූ දහම අවබෝධ කරගත හැක්කේද බුද්ධියෙනි. අමූලික ශ්‍රද්ධාවෙන් නොවේ. අමූලික ශ්‍රද්ධාවෙන් වැඩිහිටි බවද අහිමිවී කායිකව වැඩිහිටියෙක් වුවද ළමයින් වත් නොකරන වැඩකරයි. උදාහරනයක් ලෙස ගස් වටේ රෙදි ඔතයි.චෛත්‍ය වලට පළතුරු පුදයි ,ගස් කිරිවලින් නාවයි ,ග්‍රහයන් ගෙන් බේරීමට කපුටන්ට පාන්තිර කවයි ,මෙවැනි වැඩ කෝටියකි. එහෙත් අවබෝධය ලැබුවොත් තව දුරටත් බිය සැක දුක නැත .ඒ නිසා හේත්තුවෙන්නට බිත්තියක් අනවශ්‍යය. තව දුරටත් උපාදාන ඇසුරින්සිතිවිලි වලින් සංස්කාර සකස් කරනොගනී.  සැහැල්ලුවෙන් සතුටින් ජීවත් වේ.

Thursday, April 26, 2018

මොණරු දැක්කම කටේ කෙළ උනනවා බුදුහාමුදුරුවනේ


Image result for peacock meat

සද්ධර්මාලංකාරය එන පුවපබ්බතවාසි තිස්‌ස ස්‌ථවිර වස්‌තුවට අනුව උන්වහන්සේ හැට වසරක්‌ මුළුල්ලේම වළඳා ඇත්තේ සුවඳ ගිතෙල් මුසු මොනර මස්‌ හා රත් හැල් සාලේ බත් පමණි. මෙයට හේතු වී ඇත්තේද පෙර කළ කුසලයකි. ඉතා සැකෙවින් ඒ කතාව මෙසේ දැක්‌විය හැකිය.

වෙළෙඳාමෙන් ජීවත් වූ එක්‌ තරුණයෙකුට දිනක්‌ තරුණියකගෙන් ගිතෙල් බතක්‌ හා මොණර මසක්‌ ලැබිණි. හෙතෙම එය ආහාරයට ගනිද්දී කුසගිනි ඇවිලුණු බල්ලෙක්‌ ඔහු අසලට ඇවිත් බලා සිටියේය. ඒ දුටු තරුණයා අනුකම්පාවෙන් තම බත් පතෙහි වූ මොණර මස්‌ හා ගිතෙල් බත ගුලි කර බල්ලාට දුන්නේය. බල්ලා එය ආශාවෙන් කෑවේය. ඒ පින් බලෙන් ඔහුට දිගින් දිගටම ආහාර සඳහා මොණර මස්‌ හා ගිතෙල් බත් ලැබිණි. 

මේ තරුණයා පසු කලක ලක්‌දිව උපත ලබා පුගලු නම් විහාරයෙහි පැවිදිව රහත් බව ලැබූවේය. මේ රහතන් වහන්සේට හැම දිනකම දානයට ලැබුණේ මොණර මස්‌ හා රත් ඇල් හාලේ බත්ය. ඒ කතාව ජනතාව අතරද පැතිර ගියේය. දිනක්‌ එක්‌ ගෘහපතියෙක්‌ මේ කතාව විමසා බැලීමට සිතීය. ඔහු සිය බිරිඳට නිවුඩු හාල්, පලා වර්ගයක්‌ හා කුඩුමුසු කැඳක්‌ සාදා දෙන ලෙස කීවේය. ඒ තෙරුන්ට දානය සඳහාය. එසේ කී ඔහු උදයේම ගොස්‌ තෙරුන් වහන්සේට සිය නිවසට දනට වඩින ලෙස ආරාධනයක්‌ද කළේය.

ගහපති බිරිඳ ලහි ලහියේ ආහාරය සකසන්ට වූවාය. ඒ අතර මහලු මිනිසෙක්‌ ඇගේ ගෙදරට පැමිණ සුවඳ ගිතෙල්, මොණර මස්‌ හා රත් ඇල්හාල් අඩංගු මල්ලක්‌ දී ඒවා පිසින ලෙස ඇගේ සැමියා කී බව පවසා ඇගෙන් සමුගෙන ගියේය. නියමිත පරිදිම දහවල් දානයට වැඩ රහතන් වහන්සේ රත් ඇල්හාලේ බත් සමග මොණර මස්‌ වළඳා පිටව ගිය සේක. පසුව ගහපතියා ගෙට පැමිණ දන් වැළඳු ආකාරය ගැන ඇසීය. එවිට බිරිඳ සියල්ල විස්‌තර කළේය.

අනතුරුව ඔහු උන්වහන්සේ හමුවීමට ගොස්‌ තමන් කළ සියල්ල හෙළි කළේය. එවිට උන්වහන්සේ වදාළේ තමන් පෙර කළ කුසල මහිමයක්‌ නිසා හැමදාම තමන්ට මොණර මස්‌ හා රත් ඇල්හාල් බත් දානයට ලැබෙන බවය. තමන් එදා කුසගිනි වු බල්ලාට දුන් බත් පිඬ නිසා ඒ සියල්ල හිමි වූ බවත් එහෙත් ඒ ආහාරයේ ඇලීමක්‌ නැති බවත් පවසා දහම් දෙසීය.

දිවයින පුවත්පතේ පළවූ ලිපියක් ඇසුරින් සුභග හේරත් මෙම පෝස්ට් එක දමා තිබිණි.

https://www.facebook.com/photo.php?fbid=1928199367440599&set=a.1403425493251325.1073741828.100007516631578&type=3&theater

මේ එම පෝස්ටුවට වැටුන අපූරු කොමෙන්ට්

"සතෙකුටවත් කන්න දෙන්න හිතෙන්නෙ නෑ.... හැමදාම ඒ කෑම එක කනව කියන්නෙ මොන කරුමයක්ද?"

"ඒ ආහාරයේ ඇලීමක් නෑ කියන්නේ ඒකයි...
එපාම වෙලා "

"හැබැයි ගිතෙල් දාපු නිසා ඇලෙන ගතියක් තියෙන්න පුළුවන්"

"ගණ දෙයියන්ගෙ වාහනේ වෙන මීයෝ මරන නිසාද ලංකාවෙ උන්ට මොලේ නැත්තෙ"

"ඇත්තම කියනව නං ලංකාවේ ඉස්සර රජ කාලේ කුකුල් මස් තිබුන්නෑනේ . වැඩිපුර මස් ලබාගන්නා ප්‍රබවයන් වෙලා තිබුණෙ මුව මස්, තලගොයි මස්, මොනර මස් වගේ මස් වර්ග. පසුව ආපු හින්දු සංස්කෘතික බලපෑම හින්ද තමයි මොනර මස් වගේ ඒවා භාවිතයෙට මිනිස්සු බය වෙලා තියෙන්නෙ. ඒ කාලේ වුණත් මොනර මස් සලකලා තියෙන්නේ බොහොම රසවත් ලක්සරි ආහාරයක් විදියට. ජාතක පොතේ ඕන තරම් තියෙනවා මොනරමස් කාපු කතන්දර.

"මොන පාපයක්ද ඒ? වෙන කෑමක් ලැබෙන්න ගිය වෙලෙත් ඒක වැලකී පාපය පඩිසන් දුන්න හැටි දැක්කද? ඔන්න ඕකයි බල්ලන්ට කන්ඩ දෙන්ඩ එපා කියන එකේ තේරුම "


"මම මේ කල්පනා කලේ එයාගෙ පින පල දෙන්න ඕන නිසා දවසගානෙ මොනරු මැරෙන්න එපායැ. නේද.. එතකොට මොනරුන්ට පල දෙන්නෙ මොකක්ද "

"වල් ඌරු මසුයි මඤ්ඤොක්කයි බතුයි කන්න ආස බල්ලෙක් හොයලා දෙන්න බැරිද සුභග මට?"


"වෙලාවට ඒ කාලෙ පෙඩිග්‍රි වගේ බලු කෑම නැත්තෙ. කොහොමද වසර හැටක් පෙඩිග්‍රි සහ ජලය පහලවෙනකොට "


"දැන් එතකොට ඔය මොණර මස් ලබා ගත්තේ මොණරා නොමරාද? පන්සිල් පද පිළිපදිනවා නම් ප්‍රාණ ඝාතයට අනුබල දෙන්නට බැහැ නේද? මිනිස්සු මෝඩයෝ කරලා බඩ වඩා ගන්ඩ බුදු හාමුදුරුවොත් විකුණයි අපේ සාමිලා. බලාගෙන ගියාම පූජ්‍යාචාර්‍ය ජයබාහු ධර්මකීර්ති මහා ස්ථවිරපාදයන් වහන්සේත් පුදුම සුරංගනා කතා රචකයෙක් තමයි."

"වල්බල්ලෙක් හොයලා මාත් ආස කරන දෙයක් දෙන්න ඔනේ"


කතාවේ රසවත් බවත් කොමෙන්ට්වල රසවත් බවත් නිසා මෙය පළ කරන්නට සිතුවෙමි. මෙහිලා මට මෙසේ සිතේ.

මෙවැනි කතා ගෙතූ යුගයේ මෙවැනි කොමෙන්ට් නොවැටුනා විය හැක. මේ කතා ගෙතුවේ සර්දාවෙන් නිච්චි නිනවු නැතිවූ උපාසකම්මලා වෙනුවෙනි. එහෙත් මෙවැනි කතා නිසා ඇතිවන අතුරු විපාක කතුවරයාගේ අභිප්‍රායයන්ට ඉදුරා වෙනස් වේ.

මොනර මස් යනු එදා කුකුළු මස්වලට ආදේශකයක් වන්නට ඇත. එය සුඵෝඛභෝගී ආහාරයක් වන්නට ඇත. මේ කතා අසා බල්ලන්ට බත් දීමට වඩා මොනරු මරන්නට උපාසක ඇත්තන් පෙළබෙන්නට ඇත. හැට වසරක් එකම ආහාරයක් වලදන්නට වීමේ පැත්ත ගැන කතුවරයාට අවබෝධයක් නොවීය.

දානය හා පින යන සංකල්ප නිසා ඉතා සුවපහසු සුඵෝඛභෝගී ජීවිතයක් පැවිද්දන්ට උරුමවන්නට ඇත.  එහෙත් එකළ අවශ්‍යතා සීමිතය. එසේම පාරිභෝගික භාණ්ඩද සීමිතය. භාර්යාවන් තරුණ දියණියන් දන් දීම  ,සමරිසි පැවිද්දන්ට තරුණ පුතුන් දන් දීම , යාන වාහන දන් දීම ඉඩකඩම් ගෙවල් දොරවල් ඇතුලු හැම දෙයක්ම දන්දීමෙන් ආනිසංස ඩබල් ට්‍රිබල් වන කතන්දර ගොතන මට්ටමට මෙම දානය හා පින යන සංකල්ප වර්ධනය කළා නම් කොච්චර අපූරුද


හැම දෙයක්ම ඩබල් ට්‍රිබල් කරගැනීමේ තෘෂ්ණාව නිසා මෝඩ දායකයන්  නොකරන දෙයක් නැත. එක් දායකයෙක් ඊලඟ ආත්මෙ  සැපවත් කරගැනීමට තම්න්ට ඇති හැම දෙයක්ම දන් දුන්නේය. පන්සලේ වැටට කිතුල් රෑන් ටිකක් ගැනීමට සිතූ හාමුදුරුවෝ කීවේ උපාසක ඇත්තට ඔය මොනවා ලැබුනත් තට්ටෙ ඇතුවනෙ ඊලඟ අත්මෙ උපදින්නෙ . ඒ නිසා තල් කීරි ටිකක් පූජ කළානම් හරි කියාය. නිවන ලැබිය යුත්තේත් දෙව් මිනිස් සැප  කෙළවරය. තන්හාව ඒ තරම් ය.  නිවන යනු සිතිවිලි වලින් නිදහස් වීමය. එය අවබෝධයෙන් විය යුත්තකි. බුදුන් වහන්සේ කළේ එයයි. තන්හා සාගරයේ ගිලී ඊනියා හැම සැපක්ම බිද මෛත්‍රී බුදුන්ගෙන් බණ අසා නිවන් දැකීම ට පතන්නේ මොණරු ටික දාල යන්න බැරි අයයි.

 මොණරු දැක්කම කටේ කෙළ උනනවා මොන නිවන්ද බුදුහාමුදුරුවනේ.  අනේ ඒක පස්සෙ බැරිය. දෙව් මිනිස් සැප ලබල මොණර මස් ගිතෙල් එක්ක කාල එහෙම .

Monday, April 23, 2018

වර්ධමාන මහාවීර නොහොත් ජෛන ආගමේ ශාස්තෲන් වහන්සේ

....
Image may contain: 1 person


"" මහාවිරගේ මව ත්‍රිශාලා දෙවිය මහාවිර ඇගේ කුසේ පිලිස්සෙද්දි සිහින 14 දුටු අතර එහි අර්ථය විමසිම සදහා සිද්ධාර්ථ රජු සිහින පලාපල විමසන්නන් කැදවන ලදි . ( මෙසෙ සිහින 14දැකිම සියලුම තිර්තන්කර් මව්වරුන්ට පොදු බව කියැවේ )


එහිදී සිහින පලාපල විමසන්නන් කිවේ කුමාරයෙක් පිලිසිද ඇති බවත් ඔහු ගිහිගෙයි සිටියහොත් සක්විති රජ වන බවටත් ශ්‍රමණ උවහොත් තුන් ලොකයට අග්‍ර ජින හෙවත් තිර්තන්කර් වෙන බවත්ය .


උපුටා ගැනිම -කල්ප සුත්‍රය



Image may contain: 1 person, indoor


මහාවිර හෙවත් නිගන්ට නාථ පුත්ත 

ඉතිහාසයේ හමුවන සුවිශේෂී චරිතයක් වු මහාවිර යනු ජයින ආගමේ හැටියට 24 වෙනි තිර්තන්කර් වරයායි. ඔහුට කලින් හිටියේ පාර්ශවනාථයි. ක්‍රි.පු 599 දි සිද්ධාර්ථ රජුට හා ත්‍රිශාලා බිසවට දාව උපන් ඔහුගේ කතාව ජයින කල්ප සුත්‍රය තුල හමුවේ. 



දිව්‍යලොකෙ සිටින ඔහුට ඉන්ද්‍ර දෙවියන් මනුස්ස ලොකයේ උපදින ලෙස හා නිර්වානය අවබෝධ කර ජින හෙවත් මිලග තිර්තන්කර් වන ලෙසට ආයාචනයක් කරයි.

ඒ අනුව ඔහු ත්‍රිශාලා බිසවගේ කුස පිලිසිද ගත් අතර එදින ඇය සිහින 14 ක් දකියි. සුදු අලියෙක් , සුදු කොටියෙක් , ආදි ලෙස සිහින දකියි.

සිහින විචාරකයන්ගේ මතයට අනුව කුමාරයෙක් පිලිසිද ඇති බවත් ඔහු ගිහිගෙයි හිටියහෝත් සක්විති රජ වන බවටත් මහණ වුවහොත් නිවන් දැක ජින නම් තත්වයට පත් වෙන බවටත් කිය.

පොය දිනයක උපන් මහාවිර හට සියලුම සැප සම්පත් සහිත මාලිගා පියරජු විසින් තනා දෙන ලදි .

අවුරුදු 16 දි යසොදා නම් කුමරිය විවාහ කරගත් වර්ධමාන මහාවිර ඔහු අවුරුදු 31 දි පමණ කුමරිය කුමාරිකාවක් බිහි කරන දින අභිණිස්ක්‍රමණය කරයි. 

අවුරුදු 12 දුශ්කර ක්‍රියා කර පුන්පොය දවසක මාර පරාජය කර නිවන් අවබොධ කරගත් බව ජයින කල්ප සුත්‍රය තුල දැක්වේ.
අවිහිංසාවාදි දර්ශනයක් වු ජයින තුල පංච ශිලය හමුවේ. කර්මය නැවත ඉපදීම , සංසාර චක්‍රය නැවතිම පිලිබඳව සංකල්පය වු නිර්වානය හමුවේ .""

උපුටා ගැනීම කලුකුහරය ගෲප් එකේ ඉන්දික රත්නායක ගේ පෝස්ට් එකකිනි.




Sunday, April 22, 2018

වඩිනු මැන නිදුකානනේ

බුදුන් හෝ ජින යන වචනයට වඩා නිදුකානන් වහන්සේ යන  වචන වලට මම වඩා කැමැත්තෙමි. මන්ද අපට මීට වසර දෙදහස් පන්සියයකට පෙර දනන්ට පමනක් නොව නූතනයාටද අවශ්‍ය නිදුකානන් වහන්සේ කෙනෙක් බැවිනි. යම් නිර්මිතයක් පහළ වන්නේ සමාජ අවශ්‍යතාවයක් නිසාය. උදාහරනයකට ෆේස්බුක් ආවේ පුද්ගලයන් හදුනා ගැනීමට හා සමාජ සම්බන්ධතා වලට මාර්ගයක් ලෙසය . තේරෙන බසින් කීවොත් issue එකක් තිබිය යුතුය. ඉතින් ලොකුම issue එක වුනේ දුකය. මීට වෙදදුරා වුනේ නිදුකානන් වහන්සේය.

නිදුකානන් වහන්සේ ට ඇත්තටම කියන්නට අවශ්‍ය වුනේ කුමක්ද යන්න මම හැඳෑරුවෙමි. උන් වහන්සේට භූමිකම්පා සිදුවෙන හැටි සූර්යග්‍රහන සිදුවන හැටි ගැන කියන්නට අවශ්‍ය නොවීය. ඒවා ගැන තම උපකල්පනයක් ඉදිරිපත් කලානම් ඒකටත් දොස් කියන්නාට බැරිය. නිදුකානන් වහන්සේ සර්වඥ යැයි සිතා සිටින අය මිස නිදුකානන් වහන්සේට නම් ඔය කිසිවක් වගේ වගක් නැත.නිදුකානන් වහන්සේ දේවාතිදේව බ්‍රහ්මාතිබ්‍රහ්ම කල පසු සබ්බ සකල මනාව ගැනම උන්වහන්සේගේ මතය ප්‍රකාශකල යුතුවිය. මේ නිසා ලාබ සත්කාර සදහා පැවිදිවූ ශ්‍රමන වේශධාරීන්ට වැඩ වැඩිවිය. නිදුකානන් පරමානුව ගැන මෙසේ කීහ නිදුකානන් කලුකුහර ගැන මෙසේ කීහ ආදී වශයෙන් ලියන්න වෙනව අදත් ඒ අය සිටියනම්.

ඇත්තටම මේ කතා නිර්මානය කලේ කා සදහාද. උපාසකම්මලා වෙනුවෙනි. මා කුඩා කල කියවූ පූජාවලිය පොතේ එක් කතාවක වතුරගෙන එන්න කියන්නේ සත් හැවිරිදි රහතන් වහන්සේටය. මුන් වහන්සේද සැවැත් නුවර නිවසකින් වතුර ගෙන එනවා වෙනුවට අනෝතත්ත විලට යයි. එහි දී මහා නාගරාජයෙක් දමනය කිරීමට උන් වහන්සේට සිදුවේ. ගෙදරකින් වතුර ගෙනාවානම් කතා රසය නැත. භික්ෂූහුද සිවුරු ලබාගන්නේ කෙලින්ම අහසිනි. මෙම කතන්දර ඉර සේවය යනු සූර්යයා ගේ බුද්ධ නමස්කාරයක් යැයි සිතූ අපේ ආච්චිලාගේ ශ්‍රද්ධාව වර්ධනය කලද අපට නැගෙන්නේ මන්දස්මිතයකි.  ඇත්තෙන්ම මේ කතන්දරකාරයන් නිදුකානන් වහන්සේට කල හානිය මෙතකැයි කිව නොහේ.


මේ අවස්ථා බලන්න

නිදුකානන් වහන්සේ කිසිකලෙකත් වෘක්ෂමූලික නොවූ සේක ප්‍රාසාදවලම වැඩ වාසය කළ සේක. එහෙත් වෘක්ෂමූලයන් හි සිටීමට  සිදුවුනොත් එයද සමමෙතින් ඉවසූ සේක. නිදුකානන් වහන්සේ අල්පේච්ඡ කම උත්කර්ෂයට නැංවූවෙක් නොවේ.



ධනියගෝපාල අටුකොටු පිරී ඇති බවත් මුදාගත් කිරි ඇතිබවත් උදම් අනමින් මේඝය දැන් කැමතිනම් වසින්න කියා වාසිබස් දෙඩූ කල නිදුකානන් වහන්සේ කුමක් කී සේක්ද

මේ කිසිවක් නැතත් තමන් වහන්සේ සතුටින් සිටින බවයි. මේ සිදුවීමෙන් උන්වහන්සේ ගැන අදහසක් ගන්න බැරිද



තවත් අපූරු සිදුවීමක් නම් අංගුලිමාල දමනයයි. අහිංසක නම් සිසුවාටලැබුන ගුරු පඩුර ඇගිලි දහසකි. ගුරුපඩුර පිදුවේ නැත්නම් සදාකාලික නිරයයි. මේ නිසා අහිංසකට ගැලවීමක් නොවීය. නිදුකානන් අංගුලිමාලට කීවේ කුමක්ද .
"නවතින්න"
මේ වචනය තුල උන් වහන්සේගේ සමස්ත දේශනාවම අඩංගුය. කුමක්ද නවතින්නේ ?
නවතින්නේ සිතිවිලිවල ක්‍රියාකාරීත්වයි. මම යනු සිතිවිලියි. සිතිවිලි වල ක්‍රියාකාරීත්වයයි. මමංකාරය ඇතිවන්නේ සිතිවිලිවල ක්‍රියාකාරීත්වය නිසාය. දුක ඇතිවන්නේ සිතිවිලි නිසාය. එනම් ඇලීමයි. නැවතුන විට ඇලීම නැතිවේ. දර්ශනය හදාරා සිටි අහිංසකට මෙය සැනෙකින් අවබෝධ විය.

භද්ද වග්ගිය කුමරුන්ට කීවේ කුමක්ද
තමන් ගැන සෙවුම  වඩා ප්‍රතිඵලදායක බව නේද

චුල්ලපන්ථකට ලැබුන කමටහන සුදුරෙද්දක් පිරිමැදීමයි. මෙවිට අනිත්‍යාය වෙනස්වීම අවබෝධ විය. මෙවිට උපාදානයන් හා ඇලෙන සුලු බව නැතිවිය. රහත්බව එයයි. මෙම මහා විපර්යාසය සමහරෙක් අත් වින්දේ ගලා යන දිය පහර දැකීමෙනි සමහරෙක් දිවස් හුලෙහිදීය.

මෙලොවට නිදුකානන් කෙනෙක් අවශ්‍ය හරක් බේරීමට නොවේ. දෙව්‍රම් වෙහෙර අසල ඌරු කොටුවේ ඌරන් බේරීමට නිදුකානන් පියවර නොගත්හ. එවැනි වැඩ කරන්නේ උපාදනයන් හි ඇලුන මනස කැළඹුන අයයි. නිදුකානන්  හෝ උන් වහන්සේගේ සව්වන් බාහිර උපාදානයන් ප්‍රශ්නයක් කර නොගත්හ. කොසොල් රජු පන්සියයකගේ හිස් ගසා හිත සන්සුන් අරගැනීමට ආවිට මරණ දඩුවමේ නුසුදුසු කම් නොදෙසූහ. ඒ වෙනුවට කොසොල් රජුගේ සිත සන්සුන් කළහ. කෙනෙක් මෙය මහා ආත්මාර්ථකාමීකමක් ලෙස දකින්නට ඉඩ ඇත. එහෙත් ලෝකය හදන එක නිදුකානන්ට අයත් කාර්යය නොවේ. නිදුකානන් ගේ කාර්යය දුක නැති කිරීමයි. එසේ නැතුඉව දුප්පතුන්ට සෙත සැලසීමවත් නොවේ. සමාජ ප්‍රතිසංස්කරණ නම් කොහෙත්ම අදාල නැත.

නිදුකානන්ගෙ  ඉගැන්වීම කුමක්ද . භවය නැතිකරගන්න යන්නයි

භව යනු කිම? භව යනු සිතිවිලිවල පැවැත්මයි. අප මහ පාරේ අලියෙක් යනවා දකිමු .එම දසුන අපට භවාංගය වෙයි. ඉන් පසු සිතිවිලි ජාලයක කිමිදෙමු. එම භවය අවසන් වන්නේ වෙනත් භවාංගයකිනි.  භව යනු සිතිවිලි නොව සිතිවිලි දාමයක පැවැත්මය.

අන්න එතනයි කතාව. සිතිවිලිවල ක්‍රියාකාරීත්වය නිසා ඇතිවෙන මායාවක් තමයි මමත්වය /මමංකාරය.සිතිවිලි කියන්නෙ බාහිරයෙන් ඇතිවන දෙයක්නෙ. මේ සිතිවිලි වලින් තමයි මම කියා කෙනෙක් නිර්මානය කර ඒ වටා ලෝකයක් හදන්නෙ. ඉතින් ආදරයේ පදනම වන මමත්වයත් බොරුවක්. සැනසීම තියෙන්නෙ මමත්වය නැති තැන . ඒ කියන්නෙ අප තුලමයි. බාහිරින් සැනසීම සොයන එක මෝඩකමක්.

පබසර සිතක් ගැන නිදුකානන් දෙසූහ. මෙම පබසර සිත කිළුටුකරන දුහුවිලි කෙළෙස් නම් වේ. මෙම කෙළෙස් පිසදා ප්‍රභාෂ්වරය උද්දීපනය කළ හැක. රහත් වූ විට උඩින් යන්න ඕනෑ කරන්නේ රහතන් වහන්සේට නොවේ. උඩින් යාමේ තෘෂ්ණාවෙන් පෙළෙන කතන්දරකාරයන්ටය. රහතන් වහන්සේ යනු කැවුම් කා එහෙට මෙහෙට පනින කෙනෙක් නොවේ.

නිදුකානන් වහන්සේ ගේ සරල සුගම ඉගැන්වීම් නොතකා ඒ ඇසුරින් ආගමක් තනා ගත් අය නිර්මානශීලීත්වය ගැන පැසසුම් ලැබිය යුතුය. ලොව පුරා ආරාම සැදුවත් නිදුකානන් වහන්සේගේ ‍යැයි සිතා පිළිම ඇඹුවත් තම සිතේ ඇති දුහුවිලි පිසදමන තුරු කිසිවෙකුට නිදුකානන් ගේ සව්වෙක් විය නොහැක්කේමය.

නිදුකානන් වහන්සේ දුටු සත්‍යය දුටු තවත් අය එදාද වූහ අදද වෙති. එහෙත් බහුතරයට එය අප්‍රියය. ඔවුන්ට අවශ්‍ය දෙව් මිනිස් සැපය. එහෙත් මෙම සැපය යනු මායාවක් බව ත් එය සිතිවිලිවල ක්‍රියාකාරීත්වය නිසා ඇතිවන්නක් බවත් ඔවුන්ට නොතේරේ. ඇත්තටම නියම සුවය ලැබෙන්නේ අත් හැරීමෙනි. මෙම සුවය ගැන හැඟීමක් ඇත්තෙකුට දිව්‍යලෝක අපායවල් නැවත් ඉපදීම් අවශ්‍ය නොවේ. බොහෝ දෙනෙක් ජීවත් වන්නේ අතීතයේ හා අනාගතයේය. ඇත්තටම ජීවිතය තිබෙන්නේ මෙම ක්ෂණය තුලයි.අවබෝධ කරගත යුත්තේ එයයි. මමංකාරය ඇතිවන්නේ සිතිවිලි නිසා බවත් දුකට හේතුව එම මමංකාරය බවත් තේරුම් ගත් විට විදින්නෙක් නැති බව අවබෝධ වේ. එවිට දුක නැතිවේ. නමුත් අතීතයේ හා ඒ මත පදනම්ව අනාගත සිහින දකින විට එම බන්ධනයෙන් ගැලවීමක් නැත. අතීතයේ හා අනාගතයේ නොව වර්තමානයේ ජීවත් විය යුතුය.

සිතිවිලි වලට ඉඩ හරින්න .ඒවා විනිශ්චය කරන්න එපා. ගලායන්නට ඉඩ දෙන්න. මේ ඕෂෝ ගේ වචනයි. ඕෂෝගේ දහම තුලින්ද දුක නිවීම සිදුවේ. පුරානයේ සිටි ඉසිවරුන් මෙන්ම වත්මනෙහි ක්‍රිෂ්ණමූර්ති ආදීන්ද කියා ඇත්තේ මෙම එකම කතාවයි.

නිදුකානන් වහන්සේ මහපොලවට ගැනීමෙන් සියලු ප්‍රශ්න විසදේ. උන් වහන්සේ මහා දාර්ශනිකයානන්  වහන්සේද මනුෂ්‍යයානන් වහන්සේද වන සේක. දේවාතිදේව නොවූ සේක.බ්‍රහ්මාතිබ්‍රහ්ම නොවූ සේක. ඊනියා සර්වඥ නොවූ සේක.වයසට ගිය රෝගී වූ පිරිනිවන් පෑ උත්තමයානන් වහන්සේද වන සේක. ගූඪ බවක් නැති ශ්‍රේෂ්ටයානන් වහන්සේද වන සේක. මෙසේ කීම  උන්වහන්සේට කරන නිගරුවක් නොව මහත්ම ගරු සම්මානයයි.


මේ වීඩියෝ වලට සවන් දෙන්න. ඔබට යම් අවබෝධයක් ලැබේවි. ඉතා සරලව නිදුකානන් වහන්සේ ගෙ දහම මෙතන තියෙනවා.

https://www.youtube.com/embed/mF8ZsbDiTKU


https://www.facebook.com/vimukthi.org/?hc_ref=ARSr1-8zCBB47hQvs9pXJZ34kmBQ16-yQhNkSuFZq6ZZXYeKMgyHnaaNFsVILBAtSF4&fref=nf

Sunday, April 15, 2018

යකා ෆේස්බුක් යයි & මෙච්චර මේ කේක් තියෙද්දි උපාධිධාරීන් පාන්ම ඉල්ලල පිකටින් කරන හැටි අප්පා - මීට ලුවීලා සහ මාරි ඇන්ටොනයිට් බිසෝවරු

බ්ලොග් එක හදා සෑහෙන කාලයක් ගතවුනත් බ්ලොග් එකට ෆේස්බුක් ප්‍රොෆයිල් එකක් හදාගන්නට මට ඕනෑ නොවීය. ඒ මම හිට්ස් පස්සේ එලවූයේ නැති නිසාය. එහෙත් මට මේ අලුත් අත්දැකීම ලබන්නට සිත්විය. 


ඉතා වටිනා ෆේස්බුක් අධ්‍යාපනික ගෲප් 





https://holytemplenet.wordpress.com/  (මේ මා හට ලාංකීය සිතිවිලි සින්ඩියෙන් හමුවූ ඉතා අගනා බ්ලොගයක් )

ඉදිරියේදී මගේ ලිපි හා මට සුදුසුයැයි සිතන අනුන්ගේ ලිපි ෆේස්බුක් හරහා ශෙයා කරමි.


ෆේස්බුක් වලට ආධුනිකයෙකු ලෙස හාපුරා කියා ෆේස්බුක් විශාරද චමීර දෙද්දුවගේ මැතිතුමාගේ පෝස්ට් එකකට කොමෙන්ට් එකක් දැමීම මගේ භාග්‍යයකි. එහි තෝරු මෝරු මැද හාල්මැස්සෙක් මෙන් මගේ මතය ප්‍රකාශ කළෙමි.

https://www.facebook.com/photo.php?fbid=10156144875358190&set=a.410122778189.185277.522938189&type=3&theater
මෙතන කොමෙන්ට් කරල තියෙන අය ඉතාම අසාධාරන කතා කියනවා.රැකියා මූලික අධ්‍යාපනයක් නොලැබුවනම් ඒක මේ ළමයින්ගෙ වැරැද්දක් නෙමෙයි. 
පුද්ගලික අංශයට පලයවු කියන්න බෑ මොකද පුද්ගලික අංශයෙ ලොකු පඩි වරප්‍රසාද ලැබෙන්නෙ සීයට එකකට.මෙතන පුද්ගලික අංශ දෙකක් තියෙනවා. ලොකු කොම්පැනි වලට මේ ළමයින්ට යන්න බෑනෙ. මේ ළමයින්ට යන්න කියන්නෙ ඔය පෙට්ටි කඩ වාගෙ පුද්ගලික අංශවලට. මේ ළමයිකලා උපාධිකාරයො වුනත් ඔවුන්ට පුද්ගලික අංශයෙ සුලු රැකියාවලට ගිහින් බැනුම් අහගෙන නිවාඩු නැතිව වැඩ කරන්න බෑ. මේ ළමයින්ට යන්න කියන්නෙ පුද්ගලික අංශයෙ පොඩි රස්සාවලටනෙ. හිතල බලන්න .සමහරුන්ට දැන් වයස 35 ක් විතර. මේ අයට තව එක්ස්පීරියන්ස් ගන්න කාලයක් තියෙනවද. ඇයි ටිකක් සාධාරන වෙන්න බැරි. මම වත් මගෙ කවුරුත් සංවර්ධන නිළධාරි පත්වීම් බලාපොරොත්තු වෙන්න බෑ.රජයේ ප්‍රතිපත්ති සම්පාදනයෙ දුර්වලකම් වලට මේ ලමයිද පලි ? 
සමහර පුද්ගලික අංශයෙ රජයෙ වගෙ නෙමෙයි ලොක්කගෙ හිතුමනාපෙට ඉන්ක්‍රිමන්ට්. අපි නොදන්නවැයි ඒ කතා. රජයේ රැකියාවකට ආවම ඇහැට කනට පේන කෙල්ලෙකුට අඩුගානෙ 4යි 15 ට ගෙදරවත් ගිහෑකි.

ෆේස්බුක් විශාරද චමීර හා වෛද්‍ය රංග වීරක්කොඩි සංවාදය තාර්කික තලයකට ගෙනා බව පිලිගන්නවා. ඔවුන් තව සංවර්ධනය විය යුතුයි. සීත කාමර මානසිකත්වයෙන් මිදිල මහ පොලවට එන්න



උඩ කොමෙන්ට් කරල තියෙන අය රජයේ විශ්ව විද්‍යාලවලින් උපාධිගත් අය . නමුත් ඒ අයට උපාධියට අමතරව වෙන සුදුසුකමුත් තියෙනවා. මේ දුප්පත් ලමයින්ට එහෙම සුදුසුකම් ගන්න සල්ලි නෑ. සමහරු ඉගෙනීමට අමතරව කුලීවැඩ කරනවා. කොල්ලො මේසන් වැඩවලට අත් උදවු දෙන්න යනව කෙල්ලො කුලියට ගොයම්පැල හිටවන්න යනව. ඊට පස්සෙ තමන්ගෙ උගත්කමට සරිලන රැකියා ඉල්ලපුවම මෙතන ඉන්න ලුවී ල මාරි ඇන්ටොනයිට් ල පාන් නැත්නම් කේක් කාපල්ල කියනව .( ඇයි මේ මුන් මෙච්චර පාන් ම ඉල්ලන්නෙ කේක් තියෙද්දි ) අදෝමැයි

Saturday, April 14, 2018

සුභ දෙමළ අලුත් අවුරුද්දක් වේවා

තවත් දෙමළ අලුත් අවුරුද්දක් ගෙවී ගියේය.සියලු මාක්ස්වාදීන්ටත් රාජ්‍ය නොවන සංවිධාන වල සේවය කරන සේවක මහතුන්ටත් නෝනලාටත් සුභ දෙමළ අලුත් අවුරුද්දක් වේවා. දෙමල පුතන්ඩුව ( අලුත් අවුරුද්ද ) ලෙස බක් මහ සැණකෙළිය හැඳින්වූයේ එය කාටත් හිත සුව පිණිස බැවිනි. ඇත්තටම ඉන්දියාවේ මෙය හැඳින්වෙන්නේද එසේය. අරිසෙන් අහුබුදු ලා සූරිය ගුණසේකරලා ලෝක සංස්කෘතිය සිංහලයෙන් තද්භව වූවක් යැයි කියති. මේ බොහෝ විට වචන හරඹ තුලිනි. සූර්ය දේව නමස්කාරය ඇසුරින් අපූරු ප්‍රවාදයක් අරිසෙන් නිර්මාණය කළේය. ඩැනියුබ් නදියට නම හැදුන හැටි පවා කියනවිට එහි යම් විසුළු බවක් පෙනෙන බව ඇත්තකි. මම එය විශ්වාස නොකරන බව යළි යළිත් කිව යුතු නැත. එහෙත් මේ සීමාන්තික ජාත්‍යාලයේ අනෙක් පැත්තද මේ තරම්ම අසාධාරණ හා විසුළු සහගතය.

එම පැත්ත නියෝජනය කරන්නවුන්ට අනුව ශ්‍රී ලංකාවේ ඉතිහාසය දෙමළය. සිංහල යැයි කියන සියල්ල දෙමළෙන් තද්භව වූ විකෘතියකි. එසේම මේ රටේ සිදුවූ සියලුම අවාසනාවන්ත සිදුවීම් වල එකම වග උත්තරකාරයා සිංහලයෝය. වඩා නිවැරදිව සිංහල බෞද්ධයෝය. භික්ෂූන් යනු සෑම මොහොතකම සුළුජාතික විරෝධයෙන් මත්වී සිටිනපිරිසකි. ඔවුන්ට ඊට පදනම සපයන්නේ මහාවංශයයි. බණ අසනා සිංහලයෝ නිතරම කැති පොලු රැගෙන සුළුජාතීන් පෙලන්නට සැදී පැහැදී සිටින පිරිසකි. ආර්ථික සම්බන්ධකම් නිසා මෙවනි ආස්ථානයන් හි පිහිටන පිරිස පසෙක දමමු .ඔවුන් කරන්නෙ රැකියාවක් නිසා ඒ ගැන කතා කරාන එක තේරුමක් නැත. එහෙත් ඇතැම් මාක්ස්වාදීන් ද සිතන්නේ මෙසේය. මාක්ස්වාදීන් ආර්ථික සම්බන්ධතා මත මෙසේ අර්ථ දැක්වීම් නොකරනවා යැයි නොකියවේ. මාක්ස්වාදීන් යනු තනියම සිතන්නට බැරි පිරිසක්ය . ස්වයං තීරනය ගැන ඔවුන් කතා කරන්නේ ලෙනින් එසේ කී නිසාය. ලෙනින් මහතාට රුසියානු අධිරාජ්‍ය රැක ගැනීමට අවශ්‍ය නොවීය. ඔහු කළේ ජර්මන් අවශ්‍යතාවයකි. ලෝක යුද්ධයෙන් රුසියාව ඉවත් කරගැනීම ඔහුගෙන් ජර්මනිය බලාපොරොත්තුවූ දෙයයි.එහෙත් විප්ලවවාදීන්ට එය අවශ්‍ය විය. ලෙනින් ගේ බලය ඉක්මනින් පිරිහුන පසු පක්ෂයේ සැබෑ බලය හිමිකරගත් අය  බෝල්ටික් රටවලට හා මධ්‍යම ආසියානු රටවලට නිදහස නොදුන්හ.


මාක්ස්වාදීන් ජාතිවාදයට විරුද්ධෙවීමේ ආභාෂය ලබන්නේ ඔවුන්ගේ යුරෝපීය පියවරුන්ගෙන්ය. මේ යුරෝපීය මාක්ස්වාදීන් ජර්මානු නාසිවාදීන්ට එරෙහිව ජාතිවාදයට එරෙහි ප්‍රශස්ත අරගලයක යෙදුනහ. තනියම සිතන්නට බැරි මෙරට මාක්ස්වාදියා එය ගෙඩිය පිටින්ම මෙහාට අදාල කර ගනියි.

ඇත්තටම සිංහලයෝ සිය දෙදහස් පන්සිය ඉතිහාසය පුරාම කිසිදු යුධමය ක්‍රියාවක යෙදී නැත. ඔවුන්ට නිශ්චිත හමුදාවක් නොවූ බව කීම ඊටත් පුදුමය. අනුරාධපුර හා පොලොන්නරු යුගවල අගනුවර ආරක්ෂා කළේ විදේශීය හමුදාය. තෙළිගු , දමිළ ,බෙන්ගාලි , රාජ්පුත් ,කේරළ වැනි හමුදා විශාල ප්‍රමාණයක් විය. කුරුණෑගල යුගය වන විට සිංහාසනය තීරණය කළේද රාජ්පුත් සේනාවය. සිංහල සේනාවක් සිටියද එය කුඩා ග්‍රාමාරක්ෂක පිරිසකි. පොලොන්නරු යුගයේ රජු හා මාළිගය ආරක්ෂා කිරීම හා දළදා මාලිගාව ආරක්ෂා කිරීම වැනි භාරදූර කාර්යයන් බාර දුන්නේ දෙමළ වේලෙයික්කාරයන්ටය.
පරාක්‍රමබාහු විදේශ ආක්‍රමණ වල යෙදුනත් එම හමුදා මෙහෙයවූයේ දමිළාධිකාරී නම් සෙන්පතියන් යටතේ වූ විදේශ සේනා ය. යටත් කරගත් බුරුමයේ සම්පත් සූරා නොකා එරට ට නිදහස ලබා දුන්හ.

ලංකාව වටා මහා සමුද්‍රයක් තිබුනද මෙරට වැසියෝ කිසිදාක නාවික හමුදාවක් හැදුවේ නැත. මේ ගැන ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිළධාරියෙකු වන ඉලංගකෝන් මහතා අපූරු විග්‍රහයක් කර ඇත. මෙසේ වුනේ මෙරට වැසියන්ට අනුන්ගෙ රටවල් අල්ලගන්නට කිසිදා වුවමනා නොවූ නිසාය.

ප්‍රථම වරට යුරෝපීය ජාතියක් මෙරට ආක්‍රමණය කළැ විට හමුදාවක අවශ්‍යතාවය දැඩි විය. එහෙත් යුද්දෙට යන්නෙ කවුද . සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයකි. ඒ සඳහා මුස්ලිම්වරු ආනයනය කළ යුතු විය.( මුස්ලිම්වරු යනු වෙළදාමෙ යනකොට පාර වැරදිලා බින්න බැස්ස පිරිසක් නොව අපේ ආරාධනයෙන් ආ ගෞරවාන්විත  පිරිසක් බව ද සිහියේ තබා ගත යුතු වෙමු ) මෙහිදී ප්‍රධානම ආනයනකරු වුනේ කැලිකට් හි සැමෝරින් ය. වෙරල රැකීමට සටන්කාමී ගෝත්‍රිකයන් පදිංචි කිරීම ආදිකාලයේ සිටම සිදුවිය. පෘතුගීසි කාලයේ මර්මස්ථාන අසල මුස්ලිම්වරු පදිංචි කිරීම සිදුවිය.

සිංහලයන්ට නිත්‍ය හමුදාවක් නොවූ බව කලින් කියා ඇත. ඔවුහු පූර්න කාලීන ගොවියෝ වූහ.පෘතුගීසීන් හා කල මුල් යුද්ධ වලදී බෙර වයමින් ඝෝෂා කරමින් දුනු ඊතල  කඩු තෝමර සහිතව ආ සිංහලයෝ නායකයා ඇද වැටුන පසු කැලේ කඩාගෙන දිවූහ. කාල තුවක්කු වෙඩි හඩ නුහුරු විය. ඔවුන්ට හුරු හේනට කඩාවදින සතුන් එලවන හූ හඩයි.පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි යන තුන් ජාතියක් වසර පන්සීයක් තිස්සේ මෙරට සිටියද නිත්‍ය හමුදාවක් තනා නොගත් සිංහලයන්ගේ සටන් උපාය වුනේ උපක්‍රමශීලී පසුබැසීමයි. සතුරා අගනුවරට ආ විට කැලයට පලායන සිංහලයෝ සැපයුම් මාර්ග අවහිර කරති. ඉන්පසු සැගවී සිට දුන්නෙන් විදිති. නැත්නම් ගල් පෙරලති. මහා රණ ශුරායන් වූ අසවේදු ,සෞසා ,වැන් එක් හා ඉංග්‍රීසීන් ටත් සෙංකඩගල යටත් කරගත නොහැකිවුනේ මේ උපක්‍රමය නිසාය.

ආගම් පැතිරවීම සඳහා  පැමිණි ධර්ම ප්‍රචාරකයන්ට ලෝකයේ බොහෝ තැන්වල නොතිබුන වාසියක් මෙහි විය. එනම් නවාතැන් ගැනීමට පන්සල තිබීමයි. ගමන් බිමන් සඳහා පන්සලේ කරත්තයද නොමිලේ ලබාගත හැකිවීම අමතර වාසියක් විය. තම දහම අනුන්ට බලෙන් පැටවීම හෝ අනුන් යහමඟට ගැනීමට තමන්ට ඇති දිව්‍යමය වගකීමක් විශ්වාස නොකළ ඔවුහු වැද්දන්ව වත් බුද්ධාගමට ගන්නට උත්සාහ නොකළහ.

මේ කාරනා ස්කැන්ඩිනේවියානු සාම දූතයන්ට ආගන්තුක වන අතර ඔවුන් මෙරට වැසියන් දෙස බලන්නේ ඔවුන්ගේ වයිකින් මුත්තන් දෙස බලන ආකාරයෙනි.

යුද්ධයේදී හා ආගම් ප්‍රචාරයේදී මෙරට වැසියන් කම්මැලි වූ නමුත් සාමකාමී විශයන් වූ සාහිත්‍ය මූර්ති  ශිල්ප වාරි කර්මාන්තය චිත්‍ර ශිල්පයේ දස්කම් දැක්වූහ. අපට නැති වීරත්වයක් ගැන පාරම් බෑම හා අපට නැති මූලිකත්වයක් ගැන ප්‍රබන්ධ ගෙතීම මෙන්ම ( ඇත්තෙන්ම එවැනි මූලිකත්වය ගැනීමේ රුදාව අපට කිසිදාක නොවීය. සියලු ලෝක සභ්‍යත්වයන් අපෙන් තද්භව වූ බව කීම අනවශ්‍යය. ) අපේය කියන සියල්ල අනුන්ගෙන් ගත් අම්බලමේ පිනා ලා පිරිසක්ය කීම්ද එකසේම අත් හල යුතු අන්තයන් දෙකකි. අනේ අපි සියලු මානව ජාතීන් අතර අඩුකුලේ ජාතියක් සියල්ලම ආවෙ ඔයාලගෙන් කියා අන්‍ය ජාතික මිතුරන් සතුටු කිරීමට අප කියන්නට යන විට ඔවුන් පහත් විදියට සිතන්නෙ එසේ කියන කෙනා ගැනය. මූ නම් අපි මුරුංග අත්තෙ තියල කීයක් හරි ඩැහැගන්නයි යන්නෙ කියා තම පසුම්බිය ගැන විමසිලිමත් වෙති.


පසුව ලියමි

සියළු සංස්කෘති වැඩී ඇත්තේ එකිනකාගෙන් ණයට ගනිමිනි.  ප්‍රංශ ස්පාඤ්ඤ ජර්මන් ඉංග්‍රීසි වැනි සමාජ දෙස පිටත සිට බලන අපට ඒවායේ වෙනසක් සොයාගැනීම ඉතා අපහසුය. කෑම බීම නැටුම් ඇදුම් පැළදුම් පමනක් නොව බාහිර පෙනුම පවා එක හා සමානය. ස්පාඤ්ඤ අනන්‍යතාවයක් ලෙස මා හදුනාගත්තේ ගොන් පොර ක්‍රීඩාව පමනි. ගොන් පොරස්පාඤ්ඤ සංස්කෘතිය ඇති සැම රටකම දැකිය හැක. ඒ හැර බාහිරව දකින විට හැම සුද්දම සමානය.

ලංකාව කුඩා රටක් වුවද ආහාර සංස්කෘතියේද අපූරු විශමතා ඇත. භාෂා විලාසයද එසේය. අපගේය කියන්න සියල්ලම අනුන්ගෙන් ණයට ගත් බව කීම අසාධාරණය. එහෙමනම් අපෙන් මොනවත්ම ඔවුන් ණයට ගත්තේ නැද්ද කියන ප්‍රශ්නය එයි.


 සාධාරණව මධ්‍යස්ථව ප්‍රශ්න දෙස බැලීම තුලින් ගිනි නිවිය හැක. සැම විටම අන්තවාදයක් ප්‍රතිවිරුද්ධ අන්තවාදය ශක්තිමත් කරයි. තමන් ජාතිවාදී නොවන බව පෙන්වීමට නලලේ මොට්ටුව තබමින් දෙමළ ක්‍රමයට සාරිය අදිමින් ඇතැම් විට කුර්තා හෝ වේට්ටි අදිමින් යුධ කාලයේ පිරිසක් රංගනයක යෙදුනහ. ඊනියා විකල්ප වෙබ් අඩවියක ඉතා අසාධාරන චෝදනා කරති. පාර්ශ්වික මානවවාදී දෘෂ්ටි කෝණයෙන් බලා සිදුකෙරෙනබව පෙනේ.  යුද්ධ කාලෙ විකල්ප ප්‍රතිපත්ති හදන පිරිසකගේ ප්‍රකාශනයක   කැබිතිගොල්ලෑව බෝම්බය සාධාරණීක්කරනය කලේ එය ග්‍රාමාරක්ෂකයෙකුගේ අවමගුලකට ගිය බසයක් නිසා යුධ ඉලක්කයක් බව කියමිනි. මේවා අසන විටා සාමාන්‍යයෙන් ජාතිවාදී නොවන අයත්  අවුල් යයි.

අනේ මගේ යාළුවේ
සියල්ලම ආවෙ ඔයාලගෙන් තමයි
ඔයාල තමයි වැඩ්ඩො
මේ බලන්න මම ඇදුම් අදින්නෙත් ඔයාල වාගෙ
මම ජාතිවාදියෙක් නෙමෙයි නේද
මම ෂෝයි නේද 
අනෙක් අය වගෙ නෙමෙයි හොදේ
උන් හරි නෝටි
කැබිතිගොල්ලෑවෙ බෝම්බෙ යුධ ඉලක්කයක්.
ප්‍රභාගෙපුතා ගෙ මරනෙ ගැන මට දැනුත් ඇඩෙනව.
ඉහි ඉහි ඉහි

ඔබට සතුටුයිද දැන්

Friday, April 13, 2018

ඉතා අඩු වියදමකින් අවුරුදු සැමරිය හැක

බක් මාසයේ අස්වැන්න ගෙට ගෙන ඒ සතුට භුක්ති විදීමට අපේ පැරණියන් ට යම් අවස්ථාවක් අවශ්‍ය විය. බොහෝ රටවල ජාතික උත්සවය යනු අස්වනු මංගල්‍යම වේ. එසේත් නැත්නම් ඊට කිට්ටුවෙන් යන සූර්ය මංගල්‍ය වේ. බක් මහ සැනකෙළිය අස්වනු මංගල්‍ය හා සූර්ය මංගල්‍ය එකටම යෙදීමකි. එය අපූරුය.

බක් මහ සැනකෙළිය නිර්මාණය වී ඇත්තේ බමුණන්ට අවශ්‍ය පරිදිය. ජ්‍යොතිෂය නම් වූ කඩප්පුලි මිත්‍යාව මෙහිදී අංක එකට දමා ඇත්තේ එහෙයිනි. මෙය මිනිසුන් අකර්මන්‍ය කරවන බියපත් කරවන විජ්ජාවකි. උදාහරණයක් ගත්තොත් සෙනසුරු ග්‍රහයාගේ කක්ෂයක සිටින අජටාකාශගාමියෙකුට නිතරම සෙනසුරු ලබන නිසා ඔහුට නූලක් බදින්නට කට්ටඩියෙක් හොයා ගන්නත් වෙලාවක් නැත. මිනිස් ක්‍රියාකාරකම් ගැන මේ ග්‍රහයන්ට වගේ වගක් නැතත් මේ මනස්ගාත අපි පොඩිකාලෙ සිටම මෙය ඔලුවට දමා ඇති නිසා අපට දැන් ඉන් ගැලවෙන්න බැරිය. ඒ නිසා නැකතට වැඩ ඇල්ලීම නැකතට කෑම ආදී නහුතයක් අවුරුද්දට අයත්ය.

දැන් අවුරුද්ද බමුණන්ට අමතරව වෙළදුන්ටත් අවශ්‍ය පරිදි සංස්කරණය වී ඇත. වැලන්ටයින් දිනය මෙරටට හදුන්වාදුන් ඔලුවක් නැති මාධ්‍ය ජාලය වැලන්ටයින් ගැන අසාවත් නොතිබූ ලාංකිකයාට හදුන්වා දුන්නේ මෙසේය.( මේ ඇත්තම ශ්‍රාවකයෙක් යැයි විශ්වාස කරමු. මැදිරියේම කෙනෙක් නොවිය හැක )

ඔයා දැන් වැලන්ටයින් දවසට මොනවද කරන්න ඉන්නෙ ?

ඈ ඈ හිහි

හි හි නෙමෙයි කියන්නකෝ අනේ
ඔයා මොනවද ආදරවන්තියට අරන් දෙන්නෙ.

දෙනව ඉතින්

දෙනව කියන්නෙ .

මොකක් හරි හොඳ දෙයක්

ඒ කියන්නෙ මිල බලන්නෙ නෑ .ආදරේ තරම පෙන්වන්න හොඳම දේ තමා දෙන්නෙ නේද . එහෙම තමයි හොඳ අදරවන්තයො ආදරවන්තියො හිහි.

එක රැයින් වෙළෙන්දන කෝටි ප්‍රකෝටිපතියන් වූහ.

ඇත්තෙන්ම මේ වෙළෙන්දන්ගේ හා බමුණන්ගේ සැනකෙළියේද  ප්‍රධාන අරමුණ වෙළෙන්දන් හා බමුණන්ගේ සුබ සිද්ධියයි.

මදක් විමසා බලන්න. ගෙදරට එන අමුත්තන් වැඩියෙන්ම කන්න කැමති මොනවාද කියා . ඔවුන් කෑම මේසයේ කැවුම් අතිරස කවදාවත් කන්නේ නැත. කිරි ටොෆි ,කේක් ,තල කැරලි හෝ අලුවා කෑල්ලක් ඇපෙන් බේරෙන්න කති. ඇත්තෙන්ම හැම තැනින්ම ටික ටික කෑමේ හිරිහැරය නිසා කන්නේ අඩුවෙනි. විශාල කෑම නාස්තියක් සිදුවේ.

සීනි හා උකුකිරි ටින් එකක් ගෙන සාදන කිරිටොෆි පිගානක් ,කේක් එකක් ,බිස්කට් එකක් ,තල කැරලි පිගානක් හා කෙසෙල් ඇවරියක් අවුරුදු කෑම මේසයට ප්‍රමානවත්ය.බමුණන්ගේ විකාර නැකැත් කිසිවක් පිලිනොපදින නිසා නැකැත් එනතුරු බඩගින්නෙ ඉන්න වෙන්නෙත් නැත.

ගෙවල් වලට යනවිට එකම කෑම පිගාන හතර අතර කැරකෙන නිසා අවුලක් නැත. ඒ ගෙදරින් ගේන කෑම පාර්සලය මේ ගෙදරට යවයි. මේ ගෙදරින් ගේන කෑම එක යවන්නේ  අර  ගෙදරටය. මේ කෑම තැපෑල අවසන් වන විට කිසිවෙක් නොකා ඉතිරිවන විශාල කෑම ප්‍රමාණයක් නාස්ති වේ . ඒවා දමන්නේ බල්ලන්ටය. වියදම් අඩු කිරීමට බුලත් අතක් සමග බිස්කට් එකක්  ගෙන යන්නටද පුලුවන.


තමන්ට හා ගෙදර අයට ඇදුම් ගැනීමට සූර්යයා මේශ රාශියෙන් මීන රාශියට යනතුරුම සිටිය යුතු නැත. අවශ්‍ය  වූ විට ඇදුම් ගන්න. රැල්ලට භාණ්ඩ මිලදී ගන්න යන විට හොද කොලිටි බඩු ගන්න බැරි වෙයි.

වර්තමාන කාර්යබහුල ජීවන රටාවට නොගැලපෙන මේ සැණකෙළිය අඩු වියදමින් කරගැනීම රටේ ආර්ථිකයටත් හොඳය. 

ඇත්තෙන්ම අපගේ ප්‍රධානම ගැටළුව අපගේ අධි වියදම් ජීවන රටාවයි. අප මිලදී ගන්නේ අපට අත්‍යවශ්‍යම දේ නොවේ. වෙළෙන්දාට අවශ්‍ය දේය. අධි වියදම් ජීවන රටාවෙන් බේරුනොත් එය අපේ පොකැට්ටුවට පමණක් නොව සෞඛ්‍යටත් හොඳය.

Tuesday, April 10, 2018

බොරු කීමේ කලාව

Image result for astronomy jokes

මම සාමාන්‍යයෙන් පුවත්පත්වල බොරු අතිරේකයද කියවමි. ඒ මේ බොරු අතේ කයිතන් වෙනවා දැක කිසියම් සතුටක් ලබන්නටය. මම කිසිම කෙනෙකු බොරු කියා රැවටීමට අකමැති කෙනෙක්මි. රටක ජනතාවක් බොරු කියා රවටා මිත්‍යාන්ධකාරයේ ගිල්වන පුද්ගලයන් ගැන මට ඇත්තේ විශ්මයකි. ඔවුන්ගේ මනස ක්‍රියා කරන හැටි මට අනුමාන කරන්නවත් බැරිය.එක්කෝ මෙවැනි අය සිතන්නේ ජනතාව යනු පල් මෝඩයන් බවය.

මෑත කාලීන ජ්‍යොතිෂ අනාවැකි දෙස බලන්න. ජනාධිපතිවරණයෙන් මහින්ද දිනන බව කී කන්ඩායම අතේ කයිතන් වූ බවත් ඔවුන්ට ගෙවල්වලින් එලියට බහින්න බැරි කාලයක් තිබුන බවත් අප දනිමු. ජනතාව මෙයින් පාඩමක ඉගෙනගන්නවා වෙනුවටමේ අයට වැරදුනාට හරියට කියන අය ඇති කියා සිතූහ. ඔවු මහින්ද පරදින බව කී කීප දෙනෙක්ද වූහ. ප්‍රධාන පක්ෂ දෙකක අපේක්ෂකයන්ගෙන් එක් අයෙක් දිනන බව උපකල්පනය කිරීම මහ දෙයක් නොවේ. ජනාධිපතිවරණය ආසන්න වන විට දිනන්නේ කවුද යන්න ඉතා පැහැදිලි විය. 50% සම්භාවිතාවයකි.ඉතින් මහින්ද පරදින බවකී එක්තරා ජ්‍යොතිෂ කාරයෙක් පත්තරයකට ලියන ලිපි  ඉතා අපූරු නිසා මම ඒවා එකතුකළෙමි. ඊට අමතරව ටොලමියානු ජ්‍යොතිෂය ගැන ලියවුන ලිපිද එකතු කළෙමි.

ඔහු මෙසේ කියයි. මෙම වසරේ වැඩවර්ජන ,රිය අනතුරු ,දියේ ගිලීම්,ජල ගැලීම් ,නියඟ ,බඩු මිල ඉහල යාම්  ඇතිවෙනවාලු. ඉරපායන සුලන් හමන බව පමනක් කියා නැත. එසේ වන්නේ විවිධ ග්‍රහ පිහිටීම් නිසාලු. සියල්ලටම වඩා මාර්තුවේ අධික රස්නය ගැනද කියා තිබේ. එසේ වන්නේද ග්‍රහ බලය නිසාලු. ඉතා රසවත් දෙය මොහු මාර්තුවේ පිරිසකට දුකක් ඇතිවෙන බවකියා ඇත. මොහු කියන්නට ඇත්තේ මාර්තුවේ රස්නය නිසා අඩමින් දුක් ගී ගයමින් දාඩිය පිසදා පවන් සැලීම ගැන විය හැක.

මාර්තුවේ දුක අනෙකක් නොවේ. මැතිවරන ප්‍රතිපලයත් සමග දේශපාලන වියවුල් ඇතිවෙන බවමොවුහු උපකල්පනය කළහ. එම උපකල්පනයට අනුවග්‍රහයන් පෙල ගැස්වූහ. ඕන අතකට කරකවන්න පුලුවන් වීම කේන්දරවිජ්ජාවේ හාස්කමයි. මේ වසරේ මාර්තුවෙ රස්නයට බලපාන ග්‍රහ පිහිටීම් වලට හාත්පසින්ම වෙනස් ග්‍රහ පිහිටීම් ගියවසරේ මාර්තුවේ තිබිණි. මේ තර්ක මෙවැන්නන්ට වලංගු නොවන්නේ ඔවුන් සෞරග්‍රහ මණ්ඩලය ගැන මූලිකම දැනීමක්වත් නැති නිසාය. පසුගිය රජයේ රාජකීය කේන්දරකාරයා පොලව සූර්යයා වටා කැරකවෙන බවවත් නොදැන සිටියාලු. වර්තමානයේ මිත්‍යාව ප්‍රවර්ධනයට රාජ්‍ය අනුග්‍රහය නොලැබීම සතුටකි.

විශ්වාස භංගයෙන් පසු අනාවැකිවල වෙනසක් වී ඇත. දැන් රට සන්සුන් වෙනවාලු.  සමෘද්ධිය ඇතිවෙනවාලු .ඒවාට බලපාන ග්‍රහ පිහිටීම්ද කියා ඇත.මෙච්චරකල් කීවේ රට කුජීත වෙන බවයි. මේ හදිසි වෙනසට හේතුව කුමක්ද. ශ්‍රී ලාංකිකයන්ගේ ක්‍රියාකාරකම් තීරණය කරන ග්‍රහයන් නිතර රැස්වෙනවා වියහැක. ඔවුහු තම සැලසුම් වෙනස් කරන්නට ඇත.

තවත් පුවත්පතක ටොලමියානු ජ්‍යොතිෂයක් ගැන ලිපි පළ වෙයි. කවුද මේ ටොලමි. පැරණි ග්‍රීකයෙකු වූ ක්ලෝඩියස් ටොලමි ප්‍රථිවි කේන්ද්‍රවාදයේ නියමුවෙකි. ඔහු විශ්වාස කලේ සූර්යයා ඇතුලු සියලු ග්‍රහවස්තු පෘථිවිය  වටා භ්‍රමණය වන බවයි. විශ්වාස භංග ජය ගන්න තුරුම ටොලමි කිව්වේද රට කුජීත වන බවයි. දැන් කියනවා රටේ දේශපාලන හා ආර්ථික ස්ථාවරබව ඇති  වෙනවාලු. " මාර්තුවේ යෝධ පෙරලියක්" ටොලමි ගෙ ලිපිවල හෙඩ්ලයින් එසේය.

මේ කේන්දර විජ්ජාවෙන් අපට ගැලවෙන්නට බැරි අපි කුඩාකාලයේදී මෙය ඔලුවටදමන බැවිනි. එය අපේ යටිසිතට දමන ලද ස්වයං යෝජනාවක් වී ඇත. මේ නිසා මේ  අනාවැකි කියන්නන්ගේ අනාවැකිවල වැරදීමේ සම්භාවිතාවය 90% වුවද අප එය නොසළකා හරිමු. සිතන්නේ මේ අයට වැරදුනාට හරියට කියන අය ඉන්න පුලුවන් කියාත් අනිවාර්යයෙන්ම එවැන්නන් අතීතයේ සිටි බවත්ය.