Friday, March 23, 2018

එළුවාත් මුට්ටියත් මහදැනමුත්තාත් බේරන විසඳුමක්

දේශපාලකයන් කරන සොරකම් රටේ විශාල ප්‍රශ්නයක් යැයි කියනු ලැබේ. 2015 මැතිවරන වල ප්‍රධාන තේමාව වුනේ හොරු ඇල්ලීමය. ආන්ඩුව ආවෙ හොරු අල්ලන්න ඒත් හොරු ආන්ඩුව ඇල්ලුවා කියා සමහරු කියති අපි නෙමේ.

මට අවශ්‍ය හොරු බේරන විසදුමකටය. ගරු හොරු හොරකම් කල මුදල් නැවත ලබාගැනීමටද අවශ්‍යය. නමුත් හොරුන්ට කිසිම දඩුවමක් දෙන්නද බැරිය. මොකක්ද මේ හතරබීරි කතාව. කොහොමද රැවුලයි කැදයි දෙකම බේරන්නෙ ?

හේතුව මේකයි ශ්‍රී ලංකා හොරුන්ට දඩුවම් දෙනවාට සම්ප්‍රදායික ශ්‍රී ලංකා පාක්ෂිකයින් කැමති නැත. යූඇන්පී හොරුන්ට දඩුවම් දෙනවාට සම්ප්‍රදායික යූඇන්පී පාක්ෂිකයන් කැමති නැත. මේවා දේශපාලන පලිගැනීම් බවත් අපේ අයට වඩා අනෙක් අය හොරකම් කළ බවත් දෙපාර්ශ්වයම කියති. මේ දෙපාර්ශ්වයේම අදහස්වලට ගරු කළ යුතුය. 



මුලින්ම මේ පාක්ෂික දෙපිරිස ලියාපදිංචි කළ යුතුය. ලෝකෙ පෙරලුනත් මොන දේ කලත් පක්ෂයට ඡන්දෙ දෙන මේ අය ලියාපදිංචි කර ගනන් බැලිය යුතුය.

යම් පක්ෂයක ගරු හොරෙක් වරදකරු වූ පසු හොරකම් කළ මුදල ගනනය කර එම මුලු මුදල එම පාක්ෂිකයන්ගෙන් අයකරගත යුතුය. අපේ හොරා අපට හොදා කියා මේ අය කියන බැවින් මේ විසදුමට කැමැත්තෙන්ම එකඟ වනු නො අනුමානය.

යම් ගරු හොරෙක් කෝටි 400 ක් සොරකම් කළා යැයි සිතමු. එවිට මෙම මුදල පාක්ෂිකයන් ලක්ෂ 20 ක් අතරබෙදුන හොත් එක් අයෙකුට වැටෙන්නේ රුපියල් 2000 ක් වගෙ මුදලකි. රුපියල් දෙදාහක් කියන්නෙ දරන්න බැරි මුදලක් නෙමේනෙ. අනික තමන්ගෙ පක්ෂෙ නායකයෙක් වෙනුවෙන් රුපියල් දෙදාහක් දෙන්න බැරි අන්ධ භක්තික පාක්ෂිකකමේ ඇති වැඩේ මොකක්ද 

මේ ක්‍රමය ජනප්‍රිය වුනාම නීති මාර්ගෙට ගිහින් කාලය ධනය වියදම් කරනවාට වැඩිය හරු හොරෙකුට යම් සොරකමක් කර මෙසේ පුවත්පත් දැන්වීමක් දැමිය හැක.

" ප්‍රිය පාක්ෂිකයෙනි මම ******* මුදලක් සොරකම් කලෙමි. අප පක්ෂයේ භක්තිවන්ත පාක්ෂිකයන් ගනන ලක්ෂ *** මෙපමනකි. එක් අයෙකුට ගෙවීමට සිදුවන්නේ රු ***** කි. හැකි ඉක්මනින් එම මුදල ගෙවා දැමීමට කාරුණික වන්න. 
මේ ලැදි අහවලා "

පත්තරේ ඇඩ් දාන්නෙ නැතිව පුද්ගලික ඇඩ්‍රස් වලට එවන්නත් පුලුවන්. ඡන්දෙ කාලෙ ඡන්දෙ ඉල්ලලා යවන පාක්ෂික ලිස්ට් එක තියෙනවානෙ. ගෙව්වෙ නැත්නම් රිමයින්ඩර් එක පිට එක යවල හරි අයකරගන්න එක හොඳයි.

මේ ක්‍රමය වඩා සුදුසු වන අතර අල්ලපු ගෙදර විරුද්ධ පාක්ශිකයාට සෙකන්ඩ් වීමට ඇති අකමැත්ත නිසා මේ මුදාල් ගෙවීමට උනන්දුවක් ජනතාව අතර ඇතිවනු ඇත. මෙවැනි දෙබස් ඇසෙනු ඇත.

ඒයි ඇහුනද අන්න අරකිලගෙ පක්ෂෙ හොරෙක් වෙනුවෙන් උන්ට ගෙවන්න වෙලා තියෙන්නෙ රුපියල් දාහලු. හි හි. අපිට රුපියල් දෙදාහක් ගෙවන්න වෙලා කීවම ඒකිගෙ මූන කජුලෙල්ලක් වුනා. දරුවට කිරිපිටි ගේන්න තියපු සල්ලි මේසෙ රෙද්ද යට ඇති. ලමය කිරිබිව්වෙ නෑ කියල මැරෙනවයැ. ඒ වගේද අපේ පක්ෂෙ ගෞරවේ."

එවිට සැමියා මෙසේ කියනු ඇත

" අනේ බං රුපියල් දෙදාහද .දවස් දෙකක කුලී වැඩ සල්ලිනෙ. දරුවට කොත්තමල්ලි දීපන්. පක්ෂෙ ලොක්කෙක් වෙනුවෙන් බොහොම සර්දාවෙන් රුපියල් දෙදාහ දෙමු. අපේ ලොක්කො විදින සැප අරුන්ගෙ පක්ෂෙ ලොක්කන්ට හිතන්නවත් බෑ බන් හෙහ් හෙහ් "

("හනික යමන් පුල්ලි ගොනෝ මෙල්ල නොවී තරගෙටා "ගීතය පසුබිම් ගායනය ලෙස  ගුවන් විදුලියේ ප්‍රචාරය වෙයි. )

බලන්න රටට අහිමිවුන මුදලුත් ලැබෙනව . ගරු හොරුන්ට සීරීමක්වත් නෑ. නරකද මේ යෝජනාව.

දැන් තව පුරස්නෙයක්. මේ හොරා කෑවට දඩුවම් ?

දඩුවම් දෙන්න අවශ්‍යමනම් 

ඔවු දඩුවමක් නැතිව මුදල් අයකරගන්න ක්‍රමයක් කිව්වෙ. දඩුවම් ඕනමනම් ඒකත් පාක්ෂිකයන්ට දෙමු. ඒ අයගෙත් ආසාවනෙ

ඒකත් සිම්පල් ප්ලෑන් එකක්. කවදාවත් වෙනස් නොවෙන ලේ පවා පක්ෂයෙ පාට වෙලා තියෙන පාක්ෂිකයෙකුට බැරිද තමන්ගෙ පක්ෂෙ හොරෙක් වෙනුවෙන් හිරේ යන්න. පක්ෂයෙ මිනීමරුවෙක් වෙනුවෙන් එල්ලුම් ගස් යන්නත් නියම් පාක්ෂිකයා දෙපාරක් හිතන්නෙ නෑ. දඩුවමත් පාක්ෂිකයා අතර බෙදෙන ක්‍රම හදන්න ඕන. පාක්ෂිකයොත් බලන් ඉන්නෙ කොහොමද තමන්ගෙ නියම පාක්ෂිකකම පෙන්වන්නෙ කියල. 

හතලිස් අටේදි අපේ මුත්ත හංවඩු ගහල කරත්තෙ බැන්දෙ කියල කිව්වට බෑ
අපේ මුත්ත හංවඩු ගහල කරත්තෙ බැන්දෙ පනස් හයේදි කිව්වට බෑ.
ජහ් පිට මහ් කිව්වම කිසි කිසි ගාල දුවන්න ඕන කරත්තෙ ත් ඇදගෙනම

හනික යමන් පුල්ලි ගොනෝ මෙල්ල නොවී තරගෙටා 

6 comments:

  1. ඔහොම නෙමෙයි පුකට පයින් ඇනලා කිව්වත් යූඇන්පී එකේ උන්ට රනිල් පට්ට ඩෑල් එකක්.සුපිරිසිඳුයි.අරුන්ට මහින්ද හොඳයි.රහසින්වත් පව් කරපු එකෙක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. රටේ ලොකුම අවාසනාවක් ඒක. මට හිතාගන්න බැරි සමහර උගත් අයත් පුරුද්දට මෙහෙම චන්දෙ දෙන එක. සමහර අයට කිසිම වාසියම් වෙලත් නෑ. මේ පුරුද්දට චන්දෙ දෙන ජනතාව නිසා තමයි දේශපාලනඥයන් බය නැතිව වැරදි කරන්නෙ. අලුත් ගමනක් යන්න අලුත් බලවේග වලට අපහසුවෙලා තියෙන්නෙත් මේ පසුගාමී ප්‍රතිගාමී පිරිස නිසයි.
      තම තමන්ගෙ පක්ෂෙ අය කරන වැරදි ඉතාම නින්දිත විදියට සාධාරණීකරණය කරන්නත් මේ ජනයා කටයුතු කරනවා. ඇත්තෙන්ම ඔවුන් සර්වජන ඡන්ද අයිතිය ලබන්නත් සුදුසු නෑ.

      Delete
  2. Eka prayogikawa lankawe karanna bari wadakuth neweyi!Ape pakshikayo e tharamatama andhayi.

    ReplyDelete
    Replies
    1. විහිලුවට වාගෙ අපි මෙහෙම කිව්වට ප්‍රායෝගිකව මෙහෙම දෙයක් වුනත් අන්ධ භක්තික ජනයා තම පක්ෂයෙ අය හොරකම් කළ මුදල් ගෙවන්න මැලිවෙන්නෙ නෑ.පුරුද්දට චන්දෙ දෙන අය දේශපාලුවන්ටත් වඩා ජඩයන්. ඔවුන් රටට බරක්.

      Delete
  3. ගරු හොරු හින්ද තමයි ප්‍රශ්නේ

    ReplyDelete