Saturday, November 24, 2018

පස් රහිත වී වගාව

වී වගාව තුල මා නිරීක්ෂණය කළ එක් අයහපත් දෙයක්නම් මහා පරිමාන ජල නාස්තියයි. ඇත්තෙන්ම ගොයම් ශාකය නෙළුම් මෙන්  ජලය විශාල වශයෙන් අවශ්ය බෝගයක් නොවේ. අපේ ගොවීහු වී වගාවේදී අධික ජල නාස්තියක් සිදුකරති.

හයිඩ්‍රොපොනික් ක්‍රමයේදී 95% ක් ම ජලය ඉතිරි කර ගත හැක. එසේම කෘමිහානි ද නැත. වල් නාශක යෙදීමේ අවශ්‍යතාවයක්ද නැත. වසවිසෙන් තොර බතක් කෑමට ඇති හූදම ක්‍රමය මෙයයි.නමුත් ප්‍රශ්නය නිෂ්පාදන වියදමය. අක්කරයකට රුපියල් ලක්ෂ 24 ක් පමන වැයවේ. එනිසා මෙය මහා පරිම්මානයෙන් කළ නොහැක. ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ ඩුබායි රටේ මේ ක්‍රමයට කරන වී වගාවකි.
Emirati farmer Saleh Al Mansouri shows visitors at the Liwa Dates Festival the rice he has grown using hydroponic techniques. Wam

Friday, November 23, 2018

හෙබ්‍රෙව් හා ජපන් භාෂා වල පුදුමාකාර සමානකම


ඊශ්‍රායලය හා ජපානය ඉතා දුරින් පිහිටා ඇති රාජ්‍යයන් දෙකකි. නමුත් ඊශ්‍රායල්වරුන්ගේ බස හා ජපනුන්ගේ බස පුදුමාකාර ලෙස සමානය.
අකුරුවල මේ පුදුමාකාර සාම්‍ය තදින් කැපී පෙනේ. ජපන් බසේ රූපාකාර අක්ෂර හා හෙබ්‍රෙව් බසේ අකුරු සමානව වීම තේරුම් ගත නොහැක්කේ භූගෝලීය හා සංස්කෘතික දුරස්ථ බව නිසාමය.

ජෝසෙෆ්  ඊඩ්ල්බර්ග් නම් යුදෙව්වෙක් ජපන් ශින්ටෝ ආරාමායක නැවතී  ජපානය හා ඊශ්‍රායලයේ නැතිවූ ගෝත්‍ර කියා පොතක් ලිවීය. බොහෝ ජපන් වචන පුරාණ හීබෲ බසින් ආ ඒවා යැයි ඔහු කියයි.

උදාහරණයක් ලෙස හිංසාවට ජපන් බසින් කියන්නෙ හzඋකෂිමෙ කියාය. හීබෲ බසින් එය හඩක් හෂෙම් ය.ජපන් බසින් රජු මිකාටො /මිකාඩො ය. හීබෲ බසින් එය මල්හුටෝ ය.මෙවැනි සමානකම් බොහෝය.

ජපන් න්මිත්‍යා කථා සාහිත්‍යද යුදෙව් සාහිත්‍යට සමානකම් දක්වයි. ජපන් ජනකතාවලද මේ අද්භූත සමානකම් ඇත.එම කතාවල තිබෙන සමහර ව්‍යවහාර වත්මන් ජපන් බසේ නැති අතර ඒවා ගැන හෝඩුවාවක් සොයාගත හැක්කේ හීබෲ මූලයන්ගෙනි.


Hebrew & Katakana

මේ සියල්ලාටම වඩා අරුමය නම් අක්ෂරවල ඇති සාම්යයයි. මේ බලන්න.


මේක නම් මගෙ අදහසක්. අපි හිතමු ඊශ්‍රායල් ගෝත්‍ර වලින් එකක් ජපනුන්ට සම්බන්ධයි කියල. ඊශ්‍රායල් ගෝත්‍රයක නම තමයි නප්තලී. යාකොබ් තම පුතුන්ට ආශිර්වාද කරනකොට නප්තලී ගැන කියන්නෙ මෙහෙම. නප්තලී ගොදුරුකන සිංහයෙකි .ඔහු තනිව ගොදුරු කයි . ගොදුරු කා නැගිට යයිද මොකක්ද කියන්නෙ. නප්තලී ගෙ නමයි ජපානයට කියන තවත් නමක් වන නිපොන් කියන නමෙයි සමානකම බලන්න.ජපනුන් යාකොබ් ගේ පුතෙක් වන නප්තලීගෙන් පැවත එනබව කියනවම නෙමේ. නමුත් එහෙමත් සැකකරන්න පුලුවන්.


යාකොබ් ගෝත්‍ර දොලහට ආශිර්වාදකරන කොටස  මට කටපාඩම් හිටිය කෑල්ලක්. ඒ වාගෙ තව කටපාඩම් හිටියෙ සාමුවෙල්ගෙ උපතින් පසු ඔහුව දේව මාළිගයට රැගෙන යන සාමුවෙල්ගෙ මව හන්නා ගේ කවි පන්තිය. සාවුල්ගෙ මරණය කන වැටුන විට දාවිත් කී ගීයත් ඒ වගෙ එකක්. තව ගීතාවලියෙ දාවිත්ගෙ කවි සමහරකුත් කියවන පමාවට කටපාඩම් හිටිය. ඒ හුග කාලෙකට ඉස්සර. මේ ජපන් කතාවෙන් ඇතිවුන කුහුලත් එක්ක ආයෙ ඒ මතකය අවදි වුනා.

Wednesday, November 14, 2018

ජවිපෙ යන්නෙ හරිම පාරෙ


සමහරුන්ට ජවිපෙ ක්‍රියාකාරකම් මහත් විශ්මයකි. ඒ බොහෝ විට දේශපාලනය සරලව විග්‍රහ කරන්නන් ය.

ජවිපෙ මෙහිදී කරන්නෙ කළ යුතු නිවැරදිම දේ. ජවිපෙට වැටෙන්නෙ ශ්‍රී ලංකා චන්ද.
සාමාන්‍යයෙන් යූඇන්පී චන්ද ජවිපෙට ලැබෙන්නෙ නෑ.
.ශ්‍රීලනිප චන්ද ක්‍රම ක්‍රමයෙන් ජවිපෙට අවශෝෂනය කරගන ඕන.ඒකට  යූඇන් පී ආන්ඩුවක් තියෙන්න ඕන. ඊට පස්සෙ ආණ්ඩු විරෝධී සටන ජවිපෙ අතට ගන්න ඕන.
 ඉන් පසු ශ්‍රීලනිපය දියවෙලා ප්‍රධාන එජාප විරෝධී බලවේගය බවට ජවිපෙ පත්වෙනවා. මේක අසූ ගනන්වල විජේවීරත් නිතර කියූ දෙයක්. ශ්‍රීලනිපයේ ගමනක අවසානය ලෙසයි ඔහු එය හැදින්වූයේ.
ජවිපෙ කරන්නෙ දීර්ඝකාලීන ප්‍රොජෙක්ට් එකක්.

Tuesday, October 23, 2018

අද පෝයදා සිත දහමට බර කර ගනිමු.

අද වප් පෝය දින බණ පදයක් කියන්න සිතුවෙමි.
වැදගත් වන්නේ චේතනාව නොව ප්‍රතිඵලයයි. මන්ද සිතිවිලි ඇථිවෙන්නේ බාහිරය නිසා බැවිනි. අපේ සිතිවිලි ඇතිවන්නේ බාහිර පරිසරය ඇසුරිනි.  අපේ සිතිවිලිවලට බාහිර පරිසරයෙන් වියුක්තව පැවතිය නොහැක. සිත සියල්ලටම ප්‍රධාන නොවේ.ප්‍රධාන වන්නේ අපෙන් වියුක්තව පවතින බාහිර ලෝකයයි.
අපෙන් වියුක්තව පවතින ලෝකය සත්‍ය වන්නේ කිසියම් පරාසයක් තුල පමණි. උදහාරණයකට අප දකින ලෝකයට වඩා කුරුල්ලෙකු දකින ලෝකය වෙනස් වනු ඇත. කාලය අනුවද වෙනස්කම් සිදුවේ. 

වැදගත්වන්නේ අන්තර්ගතය නොව නිමාවයි
වැදගත්වන්නේ චේතනාව නොව ප්‍රතිඵලයයි


සිඟමන් යදින සිගන්න සොරෙක්බව අප දන්නේ නම් අපි රුපියල් විස්සක් දෙන්නෙ හොද හිතෙන්නෙ කියා සිත පහදවගත්තාට වැඩක් නැත. එහි ප්‍රතිඵලය සමාජ අපචාර වර්ධනය වීම නම් අපට පවු සිදුවේ. මන්ද සමස්තයෙන් වියුක්ත ආත්මයක් (ඊනියා සිතිවිලි පරම්පරාවක් ) නැත.

අපට වරදින්නේ අපෙන් වියුක්ත ලෝකය අපේ නිර්මාණයක් ලෙස සිතීමෙනි. සියල්ල අවුල් වන්නේ එතන සිටය. 

Friday, October 12, 2018

පිදුරුආරච්චි සහ ගොමා ගෝත්‍රිකයෝ

Image result for savage tribes

ශ්‍රී ලංකාවේ සුප්‍රකට ගොමා ගෝත්‍රයේ ප්‍රාදේශීය නායකයෙක් කළ ප්‍රකාශයක් නිසා සමාජ ජාලවල ගිනි ඇවිලී ගියේය. මොහුගේ නම පැදුරු ආරච්චි කියා ටයිප් කළද එය පිදුරුආරච්චි ලෙස ෆොන්ට් එක සකස් විය. සමහර අවස්ථාවල මගේ වචන වලට වඩා ෆෝන් එකේ ෆොන්ට් එකේ යෝජනා ලස්සනය. මෙයද එවැන්නකි.එනිසාමමද පිදුරු ආරච්චි යන නම භාවිතා කරමි.

ගොමා ගෝත්‍රිකයන් තමන් අති සුවිශේෂී පිරිසක් ලෙස විශ්වාස කළද පිදුරුආරච්චි සේ එය ප්‍රසිද්ධියේම නොකියති. ප්‍රකට වූයේ පිදුරු තැන වුවද තවත් ගෝත්‍රිකයෝ අදහස් පළ කළහ. අප මෙහිදී සහෝදර ගෝත්‍රික ස්ත්‍රිය බේරාගැනීම මිස ඇ‍ය විවේචනය නොකළ යුතු යැයි සමහර ගෝත්‍රිකයෝ අදහස් පළ කළහ.

ශ්‍රී ලංකාවේ තිබෙන්නේ ගොමා ගෝත්‍රය පමනක් නොවේ. තවත් ප්‍රබල ගෝත්‍ර ඇත. සාමාන්‍යයෙන් පුංචි පහේ මිනිසුන් ගෝත්‍රිකයෙක් ගෙ ඇගේ හැප්පුනද කානුවට බැස අයින් වී පයින් යති. කලුගල්වල ඔලුව හප්පගන්න බැරි නිසාය. ඇත්තටම මේ අම්මට සිරි ලංකාවේ පන කෙන්ද බේරගැනීමට නම් ප්‍රබල ග්පෝත්‍රිකයෙක් විය යුතුය. වැඩවසම් ශ්‍රී ලංකා සමාජයට සුද්දා ප්‍රජාතන්ත්‍රවාදය දීමෙන් සිදුවුනේ පසුගාමී කුල ක්‍රමය වෘත්තීය කුල ක්‍රමයක් ලෙස රූපාන්තරනය වීමය.

මම මීට පෙර කාඩියෝ තොරසික් සර්ජන් කතා වස්තුව පෝස්ට් එකක් ලෙස දැම්මෙමි. පියාගේ හදවත් රෝගී තත්වයකට ප්‍රතිකාර ගැනීමට ගිය විට ඉක්මනින් මැරෙන බවත් වහාම ලක්ෂ 12 ක් සොයාගෙන එන ලෙසත් ප්‍රකාශ කර තර්ජනය කළාය. ඇයගේ තර්ජනය එලෙසින්ම පෝස්ට් එකක් ලෙස දැම්මෙමි. මේ අවස්ථාවේදී මගේ දෙමාපියන් අසරන වූහ. ඉතා තර්ජනාත්මක හා අපොඅහාසාත්මක ලෙස එම ගෝත්‍රික ස්ත්‍රිය කතා කළේ මගේ දෙමාපියන් මොනවත්ම කරකියාගන්න බැරි අසරනයන් ලෙස සිතා විය හැක. ඊටද හේතුවක් ඇත. බොහෝ විට මගේ මව වැඩි ආචාරශීලීකමට අනවශ්‍ය අයටද ගරු නම්බු දී කතා කරයි. මෙම ගෝත්‍රික ස්ත්‍රියට මැඩම් කියා කී විටම ඇය ආවේස වූවා විය හැක. මෙම කතාව ෆේස්බුක් දැමූ විට ගොමා ගෝත්‍රිකයෝ එය ප්‍රතික්ෂේප කළහ.

ගෝත්‍රික ස්ත්‍රියගේ හැසිරීමෙන් අසරන වූ මගේ දෙමාපියෝ එතනින් ඉවතට එන විටම එක අයෙක් පිටතට පැමින යන්න *** ***** දොස්තර මහතා ලගට. ඔහු **** චැනල් කරනවා. හරිම හොදයි කියා මගපෙන්වීමක් කළහ. එම මහතා චැනල් කළ විට ඔහු  කාඩියෝ තොරසික් සර්ජන් කෙනෙක් ද අමතරව චැනල් කරන ලෙස උපදෙස් දුන්නේය. එම සර්ජන් වරයා කීවේ ඔපරේෂන් එකක අවශ්‍ය නොවන බවයි. අර ගෝත්‍රික ස්ත්‍රිය උත්සාහ කළේ ලක්ෂ 12ක් මංකොල්ල කෑමටය.

මෙම සිදුවීම සමාජ ජාලවල ප්‍රචාරය කළ විට මට උපදෙස් ලැබුනේ මොවුන්ගේ වරිග සභාවට යන ලෙසය.එය හොරා ගැන හොරාගෙන්ම පේන ඇසීමක් නිසා මා සිනහ පහල කළෙමි.

පෞද්ගලිකකරනය හා ඉන්දියානු දොස්ත්‍රවරු  කැදවීම මෙයට එක් විසදුමකි. පෞද්ගලිකකරනයේදී අසරන රෝගීන්ට යම් රක්ෂණ ක්‍රමයක් හදුන්වා දිය යුතුය. අපි එක්ක සෙල්ලම් බෑ අපි යනව රට කියා මොවුන් පාරම් බෑවත් ඇත්තටම රට යන්න මේ අයට බැරිය. ඒ සදහා විශේෂ කුසලතා මෙන්ම පාරිභෝගික සත්කාරයද අවශ්‍යය. දියුණු රටවල ප්‍රධාන වන්නේ රෝගියාය.මේ සිස්ටම් එකද ගෝත්‍රිකයන්ට නුහුරුය.

ගෝත්‍රිකභාවය වෘත්තිමය තත්වයක් බවට වෙනස් කිරීමට සමස්ත සමාජයේම ආකල්ප වර්ධනයක් අවශ්‍යය. අවාසනාවට  මෙරට ඊනියා විප්ලවවාදී  යැයි කියනු ලබන සුලු ධනේශ්වර දේශපාලන පක්ෂවල ප්‍රධනාම ඉල්ලීම වනුයේ නිදහස් අධ්‍යාපනයයි. එයින් ඇත්තටම අදහස් කෙරෙනුයේ දුප්පතුන්ට නිදාස් අධ්‍යාපනය තුලින් පන්තිය මාරු කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසයි. අපටත් පීඩකයෙක් වෙන්න නිදහසේ ඉගෙනගන්න දෙන්න කියා කියති.

අපේ සමස්ත සමාජයම පසුගාමීය . එබැවින් ඉන් හොද අවුට්පුට් එකක් බලාපොරොත්තු විය නොහැක.සිකුරිටියා පවා බලන්නේ තමන් ලගට එන එකා මඩවන්නටය. නොක්ස් අපූරු කතාවක් කියා ඇත. රොඩියෙක් දුටු විට කින්නරයා තමන් උසස් බව පෙන්වීමට ගොම ගොඩක් උඩට හෝ නගින බවයි. අධ්‍යාපන තරඟය නිසා එකිනෙකා ප්‍රතිවාදීන් වීම දරුණු වී ඇත. මේ සියල්ලේම ප්‍රතිඵලය පිදුරු ආරච්චිලාය. මේ සිස්ටම් එකෙන් පිදුරු ආරච්චිලා මිස වෙන දෙයක් බලාපොරොත්තු විය නොහැක.

Thursday, August 30, 2018

ආර්ථික වර්ධනයේ කෙළවර කොහිද

A කොම්පැනියේ භාණ්ඩ මිලදීගැනීමට අවශ්‍ය මුදල් B කොම්පැනියේ සේවය කරන අයට ලැබෙන්නේ B කොම්පැනිය ලබන ලාභයෙන් කොටසක් ලෙසය  එනම් වැටුප් ලෙස B සේවකයන් ලබන මුදලිනි.Bකොම්පැනියට ලාභ ලැබෙන්නේ ඔවුන් නිපදවන   භාන්ඩ  A කොම්පැනියේ සේවයකරන අය විසින් මිලදී ගත්තොත්ය. ඒවා මිලදී ගැනීමට A කොම්පැනියේ වැඩකරන අයට අවශ්‍ය මුදල් ලැබෙන්නේ  A කොම්පැනිය ලබන ලාභයෙනි.එනම් Aකොම්පැනියේ වැඩකරන අය ලබන වැටුපෙනි.ලාභය ලැබෙන්නේ A භාණ්ඩ  B කොම්පැනියේ වැඩකරන අයට ඒවා විකිණීමෙනි


මේ විදියට ගත්තොත් එකිනෙකාට අනුන් නිපදවන භාණ්ඪ හා සේවා මිලදීගැනීමට අවශ්‍ය මුදල් එකිනෙකාට ලැබෙන්නේ තමන් නිපදවන භාන්ඩ හා සේවා වලට අනෙකා කරන ගෙවීම මතය. මේ අනුව සාර්ව ඒකකයක් ලෙස සමස්ත ලෝකයේ අනවරත ආර්ථික වර්ධනයක් තිබිය හැකිද.

කිසියම් මොහොතකදී පීක් එකට පැමින නතරවිය යුතුයි නේද.

මෙම අවස්ථාවේදී ආර්ථිකය එක තැන් නතර වී සිස්ටම් එක කඩාවැටෙනවා නේද.

මිනිසාට අත්කරගත හැකි ප්‍රාග්ධනය නියතියක් බව මගේ අදහසයි. එනම් මිනිසාට උපරිම ලෙස වැය කළ හැකි ශක්තියක් ඇත. කාලය අවකාශය ආදී සියල්ල සලකා බැලූ පසු මෙසේ අත්පත්කරගත හැකි උපරිමයට ලගාවීමෙන් පසු සීරස් වර්ධනය වෙනුවට  තිරස් ගලායෑමක් සිදුවේ. 

ආර්ථික විද්‍යාව විශයක් ලෙස හැදෑරුවේ නැති මට නැගුන සිතිවිල්ලකි.

නොදියුණු ආර්ථිකයන් වෙත දියුණු ආර්ථිකයන්ගෙන් ප්‍රාග්ධනය ගලා ඒම මත ඒවායේ විශාල ආර්ථික වර්ධනයන් සිදුවීම නොව සමස්ත ලෝකයේම ආර්ථිකය ගැන මෙහි කතා කළෙමි. ලෝකයට පිටතින් ප්‍රාග්ධනය එන්නේ නැත.

ලාභ ලැබීමේ වේගය ක්‍රමයෙන් අඩුවී එය නතර වූ පසු ධනවාදය අභාවයට යාම හෝ වෙනත් ස්වරූපයක් ගැනීම හෝ සිදුවිය හැක.

Monday, August 27, 2018

බණට බණක් නැත මෙහෙම බණක් නැත වහරක හිමිගේ බණ වාගේ


මෙවැනි වීඩියෝ වලට යූටියුබ් හා ෆේස්බුක් හි දමන කොමෙන්ට් කියවීමම පට්ට ආතල්ය.
මට මේ හාමුදුරුවෝ රිවිර පත්තරේ පලකල බන ලිපි  කියවීමට අවශ්‍ය වුවද නොහැකි විය. පිටුවක් පුරාම බණ පළකළ අතර ඒවායේ වටිනාකම මිළ කළ නොහැක. පද නිරුක්ති ඥානයේ කෙලපැමිනි අප ස්වාමීන් වහන්සේ කිඹුලා ( කිඹි උලා )ලෙසද බළලා ( බලයට කෑදර ) ලෙසද මීයා ( පොලව ගැන තන්හාව ) ලෙසද හදුන්වා දුන්නා මතකය.

මීවනපලානේ හිමියන් බුදුන් ලංකාවේ උපන්නාය කියන්නේ ද මෙම පද නිරුක්ති ඥනයෙන්මය. පද නිරුක්තියට කළ නොහැකි දෙයක් නැත. වඩාත්ම පුදුමය වන්නේ මෙම ස්වාම්මීන් වහන්සේලාගේ ගෝලයන් අතර උගත් වෘත්තිකයන්ද සිටීමය.



Wednesday, August 22, 2018

2020 ජනාධිපතිකමට නීල් ධම්මික නරකද






කොමෙන්ට් 1470 ක්. මෙහි කොමෙන්ට් කියවීමෙන් ඔබට ලොකු විනෝදයක් ලැබේවි. නිවේදකයා සිනාව ආයාසයෙන් මැඩලගෙන සංවාදය කරගෙන යයි.





Monday, August 20, 2018

මහ මුහුද හින්දන සැලැස්ම

මෙය උපුටා ගත්තේ බුකියෙනි.  මිනිසුන් ලොව වෙනස් කලේ මේසා යෝධ අමුතු අදහස් ඇති මිනිසුන්ය.

මධ්‍යධරණි මුහුදේ වේලී බැඳ, මුහුදු ජල මට්ටම බස්සවා නව භූමියක් නිර්මාණය ඇතුලු දැවැන්ත ඉන්ජිනේරු ව්‍යාපෘතියකට සැලසුම් නිර්මාණය වූ බව ඔබ දන්නවාද?

විද්‍යා ප්‍රබන්ධය අතික්‍රමණය කරමින් ලොව මෙතෙක් යෝජනා වූ දැවැන්තම සංවර්ධන සැලැස්මක් ලෙස සැලකිය හැකි ඇට්ලැන්ට්‍රොපා ව්‍යාපෘතිය, 1920 දශකයේදි පමණ ජර්මානු නිර්මාණ ශිල්පි හර්මන් සෝගල් ගේ යෝජනවකි.

ජනගහනය වර්ධනය, කෘෂිකර්මාන්තය සුදුසු ගොවිබිම් අවමවීම, බලශක්ති ඉල්ලුම ඉහල යෑම වැනි ගැටළු හේතුවෙන් මේසමයේ යුරෝපය පීඩාවිදිමින් සිටියි. ජර්මානු ගොවිබිම් ව්‍යාප්ත කිරිම, ජර්මනියේ නාසි පක්ෂයේ එක් සටන්පාඨයක් බවට පත්වේ. අනාගතයේ ඇතිවිය හැකි අඳුරු සමය ගැන අවබෝධකරගත් සෝගල් විසින් බලශක්ති ගැටළු,ගොවිබිම් ගැටළු, ආහාර ගැටළු, රැකියා ගැටළු... විසදාගැනිමේ අරමුණින් යුරෝපා හා අප්‍රිකා මහද්වීප ඇසුරින් ඇට්ලැන්ට්‍රෝපා (ඇට්ලන්ට්‍රොපා නම් දැවැන්ත ව්‍යාපෘතිය එලිදැක්වීය.

ව්‍යාපෘතියේ ප්‍රධානතම අංගය වන්නේ ජිබ්‍රෝල්ටා සමුද්‍රසන්ධියෙන් වේල්ලක් බැද මධ්‍යධරණි මුහුද (Mඑඩිටෙර්‍රනේන් Sඑආ අත්ලාන්තික සාගරයෙන් වෙන්කිරිමයි. එමගින් අත්ලාන්තික් සාගරයේ සිට මධ්‍යධරණි මුහුදට ජලය ඇතුල්වීම වැලකෙන අතර සංවෘත ජලාශයක් බවට පත්වේ. සූර්යාලෝකයේ බලපෑමෙන් මුහුදේ මුහුද ජලය මීටර් 200 ක් පමණ වනතෙක් හින්ඳවනු ලැබේ. සිදීගිය මුහුදු පත්ල විසින් වර්ගකිලෝමීටර් 576,000ක පමණ නව භූමියක් එක්කරයි. එමෙන්ම යුරෝපා මහද්වීපය හා අප්‍රිකා මහද්වීපය එක් වේ.

ජිබ්‍රෝල්ටා මහා වේල්ල
ඇට්ලැන්ට්‍රෝපා සැලැස්මේ ඇතුලත් ප්‍රධානතම වේල්ල මෙය වන අතර සේගල් ගේ ගණනය කිරිම් අනුව කිලෝමීටර් 30 ක පමණ දිගකින් යුක්තය. ජිබ්‍රෝල්ටා සමුද්‍ර සන්ධියේ පටුම ස්ථානය 14 කි.මි වුවත් එම ස්ථානය ගැඹුරින් වැඩි වීම නිසා ඊට ඔබ්බෙන් මෙම වේල්ල නිර්මාණය කිරිමට සැලසුම් කලේය. ගැඹුරින් අඩුම ස්ථානයේ සෑදුවද වේල්ලේ පාදම මීටර් සිය ගණනක් උසින් යුක්ත වන අතර සාදා නිමකිරිමට වසර 10ක කාලයක් ගතවන බව ඇස්තමේන්තු කර ඇත. නමුත් එවක මෙතරම් අති දැවැන්ත වේලි ඉදිකිරිම සදහා ප්‍රමාණවත් තරම් කොන්ක්‍රීට් නොතිබුණු බව පැවසේ.

ජිබ්‍රෝල්ටා වේල්ල ආශ්‍රිතව ලොව විශාලතම ජලවිදුලි බලාගාරය ඉදිකිරිමට යෝජිතය.

ප්‍රධාන වේල්ලට අමතරව සිසිලිය - ටියුනිසියාව අතරද කලුමුහුදේ ජලය ගමනය අවහිර කරමින්ද උපප්‍රධාන වේලි දෙකක් ඉදිකිරිමට නියමිතය. මෙම වේලි ආශ්‍රිතවද ජල විදුලි බලාගාර ඉදිකරේ. මධ්‍යධරණි මුහුදට විවාර වන ගංගා මෝය ද අවහිර වන ලෙස බැමි බැදේ. ජල විදුලිබලාගාර වලින් නිපදවන මෙගාවොට් දසදහස් ගණනක විදුලියෙන් යුරෝපා-අප්‍රිකා කලාපවේ බලශක්ති අර්බුධය අවසන් වේ.

අප්‍රිකාවට නව අභ්‍යන්තර මුහුදු
ගඟ ආශ්‍රිතව ඉදිකරන වේලි මගින් චැඩ් විල, චැඩ් මුහුද දක්වා පුළුල් කිරිමටත් අනුශාංගික අභ්‍යන්තර ජලාශ ඉදිකිරිමටත් යෝජනාවෙන් සැලසුම් කරයි. මිරිදිය ජලාශ වලින් ලැබෙන ජලයෙන් වගාකටයුතු කිරිමටත් මත්ස්‍ය කර්මාන්තය දියුණු කිරිමටත් මෙන්ම පානිය ජල අවශ්‍යතා සැපිරිමටත් අපේක්ෂා කෙරේ. අප්‍රිකාව යුරෝපය එකට සම්බන්ද වීමත්, නව වාරිමාර්ග ඇතිවිමත් නිසා අප්‍රිකාවේ යුරෝපා ගොවිබිම් ඇතිකරිම අපේක්ෂාවයි.

වරාය නගර හා වෙරළාශ්‍රිත නගර වල ඉරණම
රටවල් 21ක් මධ්‍යධරණි මුහුද සමග සෘජුව සබදතා පැවැත්වීම නිසා ජලමට්ටම අවම වීමත් සමග වරාය නගර හා වෙරළාශ්‍රිත නගර වලට සෘජුවම බලපෑම් එල්ල වේ. මේ නිසා මධ්‍යධරණි මුහුදේ නව භූමිය කරා වරාය නගර ගෙනයාමටත්, වරාය නගර ඇළ මාර්ග මගින් මුහුද හා සම්බන්ද කිරිමටත් සැලසුම් කර ඇත.

ජලය නැති වැනීසියකින් ඇති ඵලය කිම? මෙය තේරුම් ගත් සෝගල් විසින් ‍වැනීසියට ඔබ්බෙන් වූ මුහුදේ වේල්ලක් බැඳ ජලය රැස්කිරිමෙන් වැනිසියේ සුන්දරත්වය ආරක්ෂාකරගැනිමට හෙතෙම සැලසුම් කලේය. එමෙන්ම සූවස් ඇළ මාර්ගයට වන බලපෑම මගහරවා ගැනීමට තවදුරටත් ඇළමාර්ගය දිගු කරනු ලැබේ.

නව භූමියේ තත්ත්වය
ජලය සිදීයෑමත් සමග නව භූමියක් නිරාවණය වුවද, සෝගල් ගේ වගාබිම් අපේක්ෂාව සාක්ෂාත් කරගැනිමට හැකිවේදයි ඇත්තේ කුකුසකි. මන්ද යත් නව භූමිය ලවණ මිශ්‍ර පසක් ඇති භූමීයක් බැවිනි. එමෙන්ම ඒවා සාපෙක්ෂව පහත් භූමි ය. දහවලේ උෂ්ණත්වයද ඉහල අගයක් ගනු ඇති බවට පුරෝකතනය කර ඇත.

ලෝක කාලගුණයට වන බලපෑම්
මධ්‍යධරණි මුහුද යනු ලෝකයේ සාගර වලට දිනපතා එක්වන ජලය සංචිත කරගනු ලබන දැවැන්ත තටාකයක් බදුය. යම් හෙයකින් එය අහිමිව ගියහොත්, ලෝකයේ සාගර ජල මට්ටම ඉහල යෑම නැවැත්විය නොහැක. එමෙන්ම ආර්ධගෝලවල උණුසුම යාමනයට දායක වන ගල්ෆ් ප්‍රවාහයටද මධ්‍යධරණි මුහුද අහිමි වීම සෘජුවම බලපාන බව විද්‍යාඥයින්ගේ මතයයි. මධ්‍යධරණි මුහුද සිදීයෑමත් සමග යුරෝපා රටවල් වලට දැඩි නියං ඇතිවිය හැකි බවත් කාන්තාරකරණයට පාරකැපීමක් බවත් විද්‍යාඥ මතයයි.

ඇට්ලැන්ට්‍රොපාව යතාර්ථයක් නොවූයේ මන්ද?
ඇට්ලැන්ට්‍රොපා සැලැස්මේ වාසි මෙන්ම අවාසිද බොහෝය. සෝගල් හට ජර්මනියෙන් බලාපොරොත්තු වූ තරමේ තාක්ෂණික හෝ දේශපාලනික සහයෝගයක් ලැබුනේ නැ. දෙවැනි ලෝක යුද්ධය වෙත යුරෝපා රටවල් තම අවධානය යොමුකලේය. ආසන්න ලෙස වසර 100ක් පමණ ගතවන මෙවැනි දැවැන්ත ව්‍යාපෘතියට අත්වැල් බැඳගැනිමේ එකතුවක් එවක යුරෝපා රටවල් අතර පැවතියේ නැත.

දෙවැනි ලෝක යුද්ධය අවසන් වීමත් සමග යුරෝපයම සමස්ථයක් ලෙස පසුබෑමට ලක්විය. එතෙක් පැවැති කෘෂිකාර්මික හා කාර්මික සමාජය තාක්ෂණික සමාජයක් බවට පත්වෙන්නට විය. විද්‍යාව ගොවිබිම් කරා පැමිණිමත් සමග නව බෝග ප්‍රභේද , වගාක්‍රම හා නව පොහොර හදුන්වාදීම සිදුවිය. ඇට්ලැන්ට්‍රොපාව සදහටම සැලසුමකටම සීමා විය.

තම ජිවිත කාලය පුරාවටම ඇට්ලැන්ට්‍රොපාව යතාර්ථයක් කරගැනිමට වෙහෙසුනු සෝගල්, ක්‍රි.ව 1952 දී ඉටු නොවූ බලාපොරොත්තුවක් ඉතිරි කරමින් සදහටම දෙනෙත් පියාගත්තේය.

තනි මිනිසෙකුට ලොවක් වෙනස් කරන්න කොතරම් දේ කල හැකිද?
කොතරම් දෑ සිතිය හැකිද?


උපුටා ගැනීම
https://www.facebook.com/rosheenfdo/posts/1875050695876163?__xts__[0]=68.ARAI8G29D8I73ZDqJa9A9DoBJQ5t_8-YlI_CgNdgDH2LoHcr4VWV_Z4E3CEVjiwhVQZa4MSb7ZOX96pkUQmK6a2dYaNMqkavqh6-X-x_1uDJNisa6p1jdqa_XT0OtBHHY9jkVNk6s5xJ&__tn__=C-R


එහෙත් ශ්‍රී ලංකාවේ මෙවන් අදහස් ක්‍රියත්මක කිරීම අසීරුය. ශ්‍රී ලාංකිකයන් දිය තලිවල කිඹුලන් දකින විරෝධාකල්ප ජනතාවකි. ඔවුහු බොහෝ දේට බිය වෙති. විශේෂයෙන් විදේශිකයන්ට අධික බියක් දක්වති. බලන්න ඉන්දියාව හා ලංකාව යා කර ලංකාව ලෝකය හා සම්බන්ධ කිරීමේ රාමා පාලම . මේක කවදාවත් කරන්න බැරිය.


Sunday, August 19, 2018

ඇඹිලිපිටියේ බිලිබොයිලා ජාලිය ඈපාලා සහ බුද්ධිකලා

87/89 ජවිපෙ භීෂණය අපේ ප්‍රදේශයට තදින් දැණුනේ නැත.ඇත්තටම මා දැක තිබුනේ ටයර්මත පිලිසුන එක් සිරුරක් පමණි. එයද භීෂනය අවසන් යුගයේ ය. එහෙත් ඇඹිලිපිටිය වැනි ප්‍රදේශවල භීෂණය ඉතා දරුණුව පැවති බව අප දැණගත්තේ දිවයින පත්තරේ පලවූ භීෂණ යුගයේ කතා ලිපිපෙල මගිනි. ඇඹිලිපිටිය ප්‍රදේශයේ පාසලක සිසුන් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිදුවීම මා මහත් කණස්සල්ලට පත් කළ සිදුවීමකි. ඊට හේතුව විදුහල්පති වරයාගේ පුත්‍රයා සමග ලව් ලෙටර් එකක් සම්බන්ධ ප්‍රශ්නයක් දුර දිග යාමෙන් මේ මහා විනාශය සිදුවූ බව මේ ගැන කතා කළ හැමෝම කී නිසාය. ඇඹිලිපිටිය සිසු ඛේදවාචකය ගැන පළවූ ලිපි මා උනන්දුවෙන් කියවූයෙමි. එම සිදුවීමට අදාල චරිත වල නම් ද මතකයේ රැදුනි.

මේ පෝස්ට් එකට  මුල් වූ හේතුව ට්‍රාන්ස්ලිවේනියා බ්ලොග් එකේ පළවූ ලිපියකි. මා එහි කොමෙන්ට් එකක් දැමීමට සිත් වුවද සවිස්තරපෝස්ට් එකක් දැමීම වඩා උචිත බව පසුව සිතුවෙමි.ඇඹිලිපිටිය සිසු ඝාතන නඩුවේ චුදිතයකු වූ ජාලිය ඈපා මහතා සමග රුවන් ජයතුංග මහතා කළ සම්මුඛ සාකච්ඡාව ඉතා අගය කළ යුත්තකි. ජාලිය ඈපා මහතා හිටපු හමුදා නිළධාරියෙකුට එහා ගිය ජීවන දැකිමක් සහිතව එහි අදහස් දක්වා ඇත.


දිනක් ෆේස් බුක් එකේ සංවාදයකදී මා කොමෙන්ට් කරන අතරතුර එක් කොමෙන්ට් එක්ක් දැමූ අයෙකුගේ නම දැක කුහුලක් ඇතිවිය. ඒ නම මට පුරුදු නමක් නිසාය. ඒ අන් කවරෙක්වත් නොව ජාලිය ඈපාය. මා ඔහුගේ ප්‍රොෆයිල් එකට  ගොස් බැලුවෙමි. මට ඒ කාලෙත් ඔහු ගැන තිබුනේ ප්‍රසන්න හැඟීමක් නොවේ. ඔවු මේ ඔහුමය. පසුව ඔහු විවිධ සංවාදවලදී දැක්වූ අදහස් දෙස බලන විට මේ අහවලාමද කියා විස්මපත් වීමි.

ඇඹිලිපිටිය සිදුවීම ගැන වෙනත් මූලාශ්‍රවලින් ලැබුන තොරතුරු දෙස බලන විට මා මුලදී මෙම සිදුවීම ගැන දැරූ අදහස් මොනතරම් සාවද්‍යද කියා මට අවබෝධ විය. එම කාලයේදීම අපේ නගරයේ පන්සලක හාමුදුරුකෙනෙක් ප්‍රේම සම්බන්ධයක් නිසා ගැහ්ණු ලමයෙකුට පිහියෙන් ඇන වස බී මළේය. මේ සිදුවීම වාර්තා කරන්නට ගියේද ඇඹිලිපිටිය සිදුවීම ගැන ලියන මාධ්‍යවේදියාමය. මේ මොන බොරුද මේ පත්තරේ ලියල තියෙන්නෙ කියා අපේ ගෙවල්වල කතා වුනා මට මතකය. එම තරුණියගේ නම පවා මාධ්‍යවේදියා අතින් දමා තිබිනි. මේ මුද්‍රිත අකුරු ගැන මගේ ගරුත්වය අහිමි වූ යුගයයි.

ඇඹිලිපිටිය සිසුන් ගැන මොහු ලියූ ලිපිවලින්ම මේ සිසුන් ලව් ලෙටර් කේස් එකකට එහා ගිය අභ්‍යන්තරයක් සහිත අය බව පෙනේ.

ට්‍රාන්සිල්වේනියා ලිපියේ සදහන් මිනීමැරුම පවා සිදුකලේ යැයි කියන උදේෂ් නම් සිසුවා පවුල් අනුවද ජේවීපීය.
ඔහුගේ මව පුවත්පතට ප්‍රකාශ කරන්නේ ඇය වෙන දෙමවුපියන් මෙන් සුරංගනා කතා නොව අසාධාරනය හා අයුක්තියට එරෙහිව සටන් වැදුනු සැබෑ මවුවරු පියවරු ගැන දරුවන්ට කියා දුන් බවයි. මෙය වැරදි නැතත් අමුතු පවුලක් බව පේනවා නේද?
යම් දේශපාලන පසුබිමක් සහිත පවුලකි. ඇය දරු දුක නිසා ලේ වතුර වී මිය ගිය බව කියැවුන නිසා මෙම සිදුවීම පත්තරේ විශේෂයෙන් දක්වා තිබිනි.

මෙම සිදුවීමේදී ඇලෝසියස් ස්ටීවන් නම් සිසුවෙකු මියගියේය. ඔහු ට්‍රාන්ස්ලිවේනියා ලිපියේ සදහන් ස්ටීවන් ගේ පුත්‍රයාය.මොහු අසූව දශකයේ මුල ජවිපෙ මැතිවරණ වලටද සහභාගි වූ අයෙකි. අපි වගෙ නිර්ධන පන්තියෙ අයටම මේ කරදර මොකදැයි ඔහු පත්තරේට කියයි. උක්ත ලිපියේ නම සදහන් නොවූ මනෙක්ල නම් සිසුවෙක් ලියන්නේම රැඩිකල් කවිය. 
මෙම සිසුන් බහුතරක් ගුරු විදුහල්පතිවරුන්ගේ දරුවන් වීමත් 25% ක් පමන එක් දෙමවුපියෙක් අහිමිවූ අය බවත් තවත් වැදගත් නිරීක්ෂනයක් වෙයි. ත්‍රස්ත කල්ලි වෙත ඇදීයන්නට ඔවුන්ට බලපෑ හේතු අතර එම අඩුව නිසා ඇතිවූ මානසික තත්වයක්ද විය හැක. ත්‍රස්ත කල්ලියද පාසල් අඩපන කිරීමට විදුහල්පතිවරුන් හා ඔවුන්ගේ දරුවන් ආකර්ශනය කරගත්තාද විය හැක.

එසේම මෙම සිදුවීම ගැන මාධ්‍යවේදියා ලියූ පොතේ තිබෙන්නේ ප්‍රින්සිපල්ගෙ පුතා පිකටින් කළ බවය. අතුරුදන් වූ සිසුන් බයේ වෙව්ලමින් පොත් බෑග් ගෙන ගෙදර ආවාලු. ත්‍රස්ත සංවිධානයේ නමවත් සදහන් නොකෙරේ. සියලුම දේවල් ලව් ලෙටර් එක නිසාය.

ඇඹිලිපිටියේ සිද්ධිය ඇත්තටම ඛේදවාචකයකි. 71 කැරැල්ලට ගිය අය 99% ක් ම 89 කැරැල්ලට එක් නොවූහ. 89 දි ඝාතනය වූ අය සාර්ථක පුනරුත්ථාපනයක් කළානම් ඔවුන්  එලියට එන්නේ ත්‍රස්ත පක්ෂයේ ස්ථිරසාර විරුද්ධවාදීන් ලෙසය.

මෙම සිදුවීම නිසා ජාලිය ඈපා වැනි හමුදා නිළධාරීන්ගේ අනාගතයම විනාශ විය. ඔහු හමුදාවේ ඉහල තනතුරකට යාමට ඉඩ තිබූ නිළධාරියෙකි. එවකට පැවති රජයටත් හමුදාවටත් කැරැල්ල මර්ධනය කිරීම හැර වෙන විකල්පයක් නොවීය.

යළිත් මෙවැනි දේ ලොව කොතැනකවත් සිදුවීම වළක්වා ගන්නට මෙය හොද පාඩමකි. මෙහිදී අපගේ අධ්‍යනයට ලක්විය යුතු අංශ මොනවාද
එකක් නම් මෙම වයසේ දරුවන්ගේ කටයුතු ගැන දෙමාපියන් ගේ අවධානයයි. හදුවල සිදුවීම වැනි දෙමවුපියන් විසින්ම දරුවන් ත්‍රස්ත කල්ලිවලට යොමුකරන තත්වයකදී මෙය වලංගු නැත. එවකට ජවිපෙ හා එල්ටී ටීය පමනක් නොව ලොව සියලු ත්‍රස්ත කල්ලි අවුරුදු 16,17,18 සිසුන් ඉලක්ක කර ගනිති.අයි එස්  අල් කයිඩා ෂයිනින් පාත් වැනි සියලු කල්ලිවලට මෙය සාධාරණය. දරුවන් ට පුළුල් දැක්මක් නැත. ගල් කටස් එක ගෙන දැවැන්ත හමුදා යාන්ත්‍රනය ( ඉන්දියන් හමුදාවත් එක්කම ) පරාජය කළ හැකි බව කී විට මොවුන් චතුර වාග් ශෛලියට රැවටෙති. පිරිසක් අතරින් තෝරාගනු ලැබීම හා නගරයේ චන්ඩින් වීම මොවුන්ට මහා ආතල් එකකි. ජවිපෙ හා එල්ටීටීඊ ය උතුරේ හා දකුනේදී කළේ එකම දෙයකි. එන්ම බිලිබෝයිලා ඉදිරියට දැමීමය. මේ නිසා දරුවන් ගැන දෙමවුපියන්ගේ අවධානය වැදගත්ය. එසේම කුඩා කල සිටම ත්‍රස්ත කල්ලි ගැන දැනුම ලබා දීමද වැදගත්ය. ඕනෑම ත්‍රස්ත කල්ලියක් දුෂ්ට නායකයෙකු වටා බ්‍රමණය වේ. දුෂ්ට නායකයාට අවශ්ය විනාශය තුලින් ලබන ප්‍රසිද්ධිය හා අනුකම්පාවයි.

ත්‍රස්ත කල්ලි වලට පුද්ගලයන් සම්බන්ධවන්නේ අතීත ජයග්‍රහන ගැන පතුරුවා ඇති මිත්‍යාවන් නිසාය. රුසියානු විප්ලවයට ජර්මන් සහාය ලැබුනි
ජර්මනියට අවශ්‍ය වුනේ රුසියාව පලමු ලෝක යුද්ධයෙන් ඉවත් කර ගැනීමය.චීන විප්ලවයට රුසියන් සහාය ලැබුන කතා ඔවුහු නොකියති. වියට් කොන් ගරිල්ලන් ඇමරිකානුවන් පලවා හැරියේ චීන සෝවියට් සහාය නිසාය. චීන්නු වියට්නාම් යුද්ධයේදී සක්‍රියවම දායක වූ බවට සාක්ෂි ඇත.

මාත් එක්ක එකට ලුමුම්බා හිටිය කරුමේ සහෝදයා එක රැයින් විප්ලවය කළා ඇයි අපි බයවෙන්නේ කියා විජේවීර ඇසුවත් ඇත්තෙන්ම සැන්සිබාරයේ තිබුනේ කුඩා පොලිස් හමුදාවකි. මහ ඉහලින් කතාකරන විප්ලවවාදීන්ගේ වරක මදුල වන කියුබාවේ ද හමුදාව බැටිස්ටා විසින් ඇමරිකානු ආධාර යටතේ ප්‍රතිෂ්ඨාපනය කරන්නට පටන් ගත්තා පමනි. ශක්තිමත් හමුදාවක් ඉදිරියට පොලු අරන් ගියෙ ලංකාවේ මී හරක් ය.71 හා 89 කැරලි දෙකටම හේතුවුනේ එක් කැරිස්මැටික් නායකත්වයකි. ඔහුගේ නන්දෙඩවිලි යූටියුබ් එකෙන් ඇසිය හැක.,ආයෝජකයන් එලවන හැටි ,සුද්දන්ගෙන් වන්දි ගන්න හැටි  ඔහු කියවයි.

ඕනෑම ආන්ඩුවක් අවිගත් කල්ලිවලට පිළිතුරු දෙයි. 89 දීම චීනය අවි නොගත් තියනන්මෙන් සිසුන්ටද අවියෙන් පිළිතුරු දුන්නේය.සමාජවාදී පාලනයක දී මර්ධනය සිදුනොවන බවට කියන්නට බැරිය., ඇත්තෙන්ම තනි පක්ෂ රජයක මාධ්‍ය නිදහසක් කතා කිරීමේ නිදහස ඇතුලු කිසිම මානව හිමිකම නැති පරිසරයක මර්ධනය ගැන කවර කතාද.
ඇත්තෙන්ම එදා තරුණයන් දිවි පිදුවේ වෙනිසියුලාවේ ආර්ථිකයත් උතුරු කොරියවේ වැනි ප්‍රජාතන්ත්‍රවාදායකුත් වෙනුවෙන්ය.

පාසල් සිසුන්ට මිනීමරන්නට උගන්වන දේශපාලන බලවේගය එදා බලයට ආවානම් ලංකාව පොල්පොට්ගේ කාම්බෝජයක් වනු ඇත. එය එසේ සිදු නොවීය. එසේ වුනේ දුෂ්ටයන් ලෙස පසු කලෙක බෞතීස්ම ලැබූ දේශපාලන පොලිස් හමුදා චරිතවලට පින් සිදුවන්නටය්. උතුරේ කතාවත් මේකමය.

විශ්ව විද්‍යාලවල මුදා නොගත් ප්‍රදේශ ගැන මේ දිනවල කතා වෙයි. මේ ගැන තිත්ත ඇත්ත විජේදාස ඇමතිතුමා කෙළින්ම කීවේය. එදා සිටි ත්‍රස්තයන්ගේ වත්මන් අනුප්‍රාප්තිකයන් නවක වධය දෙමින් සිසුන්ගේ බ්‍රේන් වොෂ් කරමින් එදා බුද්ධික කුලතුංගලා කළ දේම අදද කරයි.
ගොර්බෂොප් ගේ පෙරෙස්ත්‍රොයිකාවට පින්සිදුවනනට අද ලොව පුරා කිසි තැනක මාක්ස්වාදී ත්‍රස්ත කල්ලි නැත. කොළොම්බියාවේ දිගුකාලීන සිවිල් යුද්ධයද නිමවුනේ සමාජ අසාධාරනය නිමවී නිර්ධන පන්තිය ලෝක සමාජවාදය දිනාගත් නිසා නොව ලෝක දේශපාලනයේ ඇතිවූ වෙනස්කම් නිසාය . මේ අනුව එදා දිවි පුදා තිබුනේ සෝවියට් චීන අවශ්‍යතාවයකටය. සෝවියට් දේශයේ වැස්ස පායපු ගමන් ලොව පුරා කුඩ අකුලාගත්තේ එබැවිනි.

ලංකාව වැනි කුඩා රටක ආර්ථිකය සමන්විත විය යුත්තේ යෝධයන්ට සේවා සපයමිනි. කුඩා රටක සමාජවාදයක් හදා සංවෘත වී අපට ලැබෙන දෙයක් නැත. ඇබිලිපිටියේ සිසු ඛේදවාචකය ලංකාවේ මතුනොව ලොව පුරා සියලු තරුණයන්ට පාඩමකි. දරුවන් බිලිබෝයිලා කර ගැනීමට මාන කොකුන් සේ කර පොවන බුද්ධික කුලතුංගලා හැම තැනම සිටිති.බිලිබෝයිලා ඉදිරියට දමා ඔවුහු උපක්‍රමශීලීව පන බේරාගනිති.බිල්ලට යන්නේ ඉදිරිපෙලට දමන ලමා සොල්දාදුවෝය.

බුද්ධිකලාගේ වැඩ නිසා බිලිබොයිලට ජීවිතද ජාලිය ඈපාලාට තම වෘත්තීය අනාගතයද අහිමිවේ. රටක් ලෙස අපට සියල්ලම අහිමිවේ.

Wednesday, August 1, 2018

ඇඹිලිපිටියේ බයි ඛේදවාචකය

බයියන් යනු වර්තමානයේ මෙරට විශාලතම දේශපාලන කණ්ඩායමයි. එම කණ්ඩායමේ අධ්‍යාත්මික නායකයා හිටපු ජනාධිපතිවරයායි. මෙය යුධ ජයග්‍රහණයට පෙර සිටම ගොඩනැගුන ප්‍රතිරූපයක් වුවද එය මනෝවිද්‍යාත්මකහා සමාජ විද්‍යාත්මක සාධක මතින් යෝධ පෞර්ෂයක් බවට පත්වුනේ යුධ ජයග්‍රහණයෙන් පසුවය.

ඇඹිලීපිටියේ බයියන් පන්සලක බුදුපිලිමයක් විවෘත කිරීමට ඇරයුම් කළේ එබදු රජෙකුටය. බයියන් එළවා ගත්තේ එම රජුද දනගසා අවුරුද්දට බුලත් දෙන ඔහුගේ වැඩිමහලු සොයුරාවය. මෙය තුල නිකම් අමුත්තක් අමුත්තක් පෙනේ.

කෙසේ වෙතත් එතුමා මෙසේ එලවා ගැනීම නම් අනුමත කළ නොහැක. එතුමා කිසිම චෝදනාවක් එල්ල නොවූ මෙරට ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයෙකි.

අපට මෙසේ සැක පහල කළ හැක. ඇත්තටම 2020 පොදුජන පෙරමුනේ අපේක්ශකත්වය මෙතුමාට ලැබෙනවාට කැමති නැති වෙනත් රාජපක්ෂවරයෙක් බයියන් පසුපස සිටීනට ඇති බවයි.
නැතිනම් අහිංසක බයියන් මහින්ද මහතා ගේ නොපැමිනීමෙන් ඇත්තටම විස්සෝප වුනාද විය හැක.


එහෙත් මහින්ද මහතාගේ නොපැමිණීමට හේතුව ලෙස එතුමා කොන්දෙ අමාරුවකට සිංගප්ප්පූරු යාම නම් හොද උත්තරයක් නොවේ. ඔලුවෙන් හිටගෙන යෝග කරන කොල්ලෙකුට වඩා කඩිසර තම නායකයාටත් ලෙඩ හැදෙන බව අසා  බයියන්ට අදහා ගන්නට බැරිවනු ඇත.


සිංගප්පූරු යාමනම් ඊට කුජීතය. ආණ්ඩුවේ ඇමතිවරු සිංගප්පූරු යාම ගැන බයියෝ විස්පෝප වී සිටින නිසාය.
එය කිය යුතුව තිබුනේ මෙසේය.

මහින්ද මහතා දේශප්‍රේමයෙන් ඔද වැඩී ජාතියේ පිනට පහලවූ වීර පුරුෂයන් සමග මේ පරගැති ආන්ඩුව පලවා හැරීමට තීරණාත්මක සාකච්ඡාවක නිරත වී සිටින නිසා අද බුදුපිළිමය විවෘත කිරීමට ඒමට නොහැකි බවයි.

Friday, July 27, 2018

ඉම් රාන් ඛාන්

Image result for imran khan

ඉම් රාන් ඛාන් මහතා ගේ පක්ෂය පාකිස්ථාන මහමැතිවරණයෙන් ජයගෙන තිබේ. මෙය ප්‍රජාතන්ත්‍රවාදීව පාකිස්ථානයේ බලය හුවමාරුවුන දෙවන අවස්ථාවයි. මෙහි සුවිශේෂ වැදගත්කම වනුයේ ප්‍රධාන පක්ෂ දෙක පරදවා වෙනත් පක්ෂයක් බලයට ඒමයි. මෙය ලොව කිසිම රටක පහසුවෙන් සිදුවන්නක් නොවේ. ප්‍රංශයේද එමානුවෙල් මැක්‍රොන් මහතා ජයගත්තේ මෙයට සමාන ආකාරයකටය. එහෙත් පාකිස්ථානය යනු පසුගාමී ආගමික අන්තවාදයන් හා හමුදා පාලන සහිත රටක් ලෙස පිළිගැනෙන පසුබිමක පාකිස්ථාන ජනතාව තමන් සෙසු ලෝකය සිතා සිටින ආකාරයේ පිරිසක් නොව ලොවට ඉදිරියෙන් සිටින පිරිසක් බව පෙන්වූහ.

දකුණු ආසියාවටම තිබෙන ලොකුම කොඩිවිනය පවුල්වාදයයි. පවුල් දෙකක් තුනක් ප්‍රධාන පක්ෂ දෙක අල්ලගත් පසු සදාකාලිකවම වැඩවසම් ක්‍රමයට රට පාලනය කෙරේ. අපූරුම පැත්තක් නම් මේ පවුල් දෙකද අවාහ විවාහ වලින් එකිනෙකා සම්බන්ධ වෙන ලේ නෑයන් බවයි. ගෙදර කෑම මේසෙ විසදගන්න පුලුවන් ප්‍රශ්නවලට රට දෙවනත් කරති.මෙබදු වාතාවරනයාක ජනතාවට පක්ෂය අමතක කර සිතන්නට හැකිනම් එය අපූරුය.

පාකිස්ථානයේ සියා උල් හක් ගෙන් පසු නවාස් ශරීෆ් හා බෙනාසීර්ගේ පවුල් ඊයේ වනතුරුම රට පාලනය කළ අතර බෙනාසීර්ගේ පුත්‍රයා සහ නවාස් ගේ දියණිය මීලඟ පරම්පරාව සඳහා අභිශේක ලැබීමට සැදී පැහැදී සිටිති
ඉන්දියාවේ කොන්ග්‍රසය හැරුන විට අනෙක් ප්‍රධන පක්ශය වන භාරතීය ජනතා පක්ෂයේ පවුල්වාදයක් නොවීම සතුටකි. බංග්ලාදේශයේද ශීක් හසීනා හා බෙගම් කලීඩාගෙන් පසු පවුල් වාදය ඉදිරියට යයිද යන්න සැකසහිතය. මියන්මාරයේද සුකීගේ ලමයි දේශපාලනයට එයි කියා සිතන්නට බැරිය. නේපාලයේ පවුල්වාදයක් නැති අතරභූතානයේ රජපවුල දිගටම යනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ලංකාවේ තත්වය නම් ශෝචනීයය. අවුරුදු 50 ක්ම එක් පවුලක් පක්ෂයක් බදාගෙන සිටියේය. එක්සත් ජාතික පක්ෂය සාපේක්ෂව ප්‍රජාතන්ත්‍රවාදී වන අතර පොදුජන පෙරමුනේ තත්වය නම් යහපත් අතට හැරෙයි කියා සිතන්නටවත් බැරිය. මේ අනුව භූතානය හා ශ්‍රී ලංකාව හැර දකුනු ආසියාවේ පවුල්වාදය අහෝසි වනු ඇත.


ලොව  පුරා මැක්‍රොන් ඉම් රාන් වර්ගයේ රැල්ලක් හමන්නේනම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලොව ප්ප්‍රජාතන්ත්‍රවාදී වනු ඇත. පාකිස්ථානයේ සිදුවීමෙන් පෙනෙන්නේ මෙය අපේ කලාපයටද හමනු ඇති බවයි. හැම රටකම වාගේ නව බලවේග හිස ඔසවා ගද ගහන වැඩවසම්වාදය අහෝසි කර දමනු ඇත.එය කාලය පිළිබද ප්‍රශ්නයක් පමණි.

Wednesday, July 18, 2018

ක්‍රෝඒෂියාව ලංකාවට වඩා පෝසත්ද

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියෙන් අවසාන වටයට තේරුන නිසා ක්‍රො ඒෂියාව ගැන කවුරුත් කතා කරන්නට වූහ.එම රට ගැන කතා කරන්නට තවත් හේතුවක් වුනේ එරට සිටින ලාබාලම රූමත් ජනාධිපතිවරිය නිසයි. පැරණි යුගෝස්ලාවියානු සමූහාණ්ඩුවක් වූ ක්‍රො ඒෂියාව ස්වාධීන රටක් වුනේ ඊනියා සමාජවාදී කදවුර බිදවැටුන පසුය.  ඉන්පසු ක්‍රීඩා ක්ෂේත්‍රයේ එම රට ලබා ඇති ජයග්‍රහන පුදුම සිතෙන තරම්ය.


ක්‍රො ඒෂියාව හා ශ්‍රී ලංකාව සංසන්දනය කරන උත්සාහයන්ද අසන්නට ලැබේ.ක්‍රො ඒෂියාව මිහිබට සුරපුරයක් බවත් ශ්‍රී ලංකාව නරකාදියක් බවත් සමහරු කියති. ඒ ඇත්තද ?

ක්‍රො ඒෂියාවේ දළ ජාතික නිෂ්පාදිතය අගය ඇමරිකානු ඩොලර් බිලියන 61056 කි එය රටවල් ලැයිස්තුවේ 84 වන ස්ථානයයි.එහෙත් ඒක පුද්ගල අගය 14788 කි.

 ශ්‍රී ලංකාවේ එම අගය ඇමරිකන් ඩොලර් බිලියන 93450 කි එය ලැයිස්තුවේ 66 වන ස්ථානයයි.එහෙත් ඒක පුද්ගල අගය ඇ ඩො 4310 කි

මිළ දී ගැනීම් හැකියාව GDP (PPP) අතින් ක්‍රො ඒෂියාව ඇ ඩො බිලියන 100548 කි .ඒක පුද්ගල අගය ඇ ඩො  25807 කි.ශ්‍රී ලන්කාවේ එම අගය ඇ ඩො බිලිය298310 කි. ඒක පුද්ගල අගය ඇ ඩො 13847 කි.දළ ජාතික නිෂ්පාදිතය මනින නිර්ණායක දෙකෙන්ම ශ්‍රීලංකාව ක්‍රො ඒෂියාවට වඩා බොහෝ ඉදිරියෙන් සිටින බව පෙනේ.

එහෙත් ඒක පුද්ගල අගය අතින් ශ්‍රී ලංකාවට වඩා ක්‍රො ඒෂියාව ඉදිරියෙනි, ඒ අන් කිසිවක් නිසා නොව ක්‍රො ඒෂියාවේ ජනගහනය 4154200 ක් හා ශ්‍රී ලංකාවේ ජනගහනය 22409381 ක් වීමය . ක්‍රො ඒෂියාවට වඩා ශ්‍රී ලංකාවේ ජනහගහනය හතර ගුනයකින් වැඩිය. ක්‍රො ඒෂියාවේ වැනි අඩු ජනගහනයක් ලංකාවට සිටියේනම් ලංකාවේද ඒක පුද්ගල ආදායම ඉහළ අගයක් ගනී.

ක්‍රො ඒෂියාවේ ආර්ථික වර්ධන වේගය 2.9 ක් වන අතරලංකාවේ එය 4.7 කි.

මෙයින් කියන්නට හදන්නේ ක්‍රො ඒෂියාවට වඩා ශ්‍රී ලංකාව පෝසත් කියා නොවේ. ක්‍රො ඒෂියාව කේතුමතී පුරවරයක්  බවත් ශ්‍රී ලංකාව අන්ත හිගන රටක් බවත් කීම  නිවැරදි නොවන බව කීමටය.

Sunday, July 15, 2018

මාදම්පෙ සිට කුරුණෑගලට කෝච්චියක්


Image result for trein

මෙරට දුම් රිය සේවය ප්‍රසාරණය කිරීමේදී කළ යුතු ඉතා වැදගත් ඉදිකිරීමක් නම් මාදම්පෙ හෝ හලාවත සිට කුරුණෑගල දක්වා දුම් රිය මාර්ගයක් ඉදිකිරීමයි. අවශ්‍ය වන්නේ මාදම්පෙ හා කුරුණෑගල අතර  දුම් රියක් නැති අඩුව පිරිමැසීමයි. මෙහිදී එක්කෝ හලාවත බිංගිරිය,හෙට්ටිපොල ,වාරියපොල හරහා හෝ මාදම්පෙ ,දුම්මලසූරිය ,කුලියාපිටිය ,නාරම්මල හරහා අලව්වට සම්බන්ධ කිරීමෙන්ද එය කළ හැක. විශාල ජනගහනයක් සිටින කුරුණෑගල දිස්ත්‍රික්කය මැදින් කෝච්චියක් යන එක ජනතාවට විශාල පහසුවක් වන අතර ඉන් පසු කෙටි කාලයකින් කොළඹ යන එක වයඹ ජනතාවට කිසිම ගේමක්  නැත.මේ ගැන බලධාරීන්ගේ අවධානය යොමු වේවා යැයි පතමි.


Saturday, July 14, 2018

චීනයෙන් ලැබුන මානව ෆොසිල නිසා මානව පරිණාම කතාව නැවත ලියන්න සිදුවේද


මානවයා අප්‍රිකාවේ සම්භවය වී ලොව පුරා පැතිරුන බව ජනප්‍රිය මතයයි. එහෙත් පීකින් මානවයා ලෙස හැදින්වෙන මානවයන් මීට බොහෝ කලකට  පෙර භාවිතා කළ උපකරන ලැබීමත් සමග ඒ මතය වෙනස් වී තිබේ. ඇතැම් විට හෝමෝ සාපියන් නැඑනහිර ආසියාවේ පරිණාමය වී ඇති අතර එසේ නැත්නම් මානවයාට අප්‍රිකානු තොටිල්ලට අමතරව තවත් තොටිලි තිබෙන්නට ඇත.

Thursday, July 12, 2018

ඇමති මණ්ඩලය සීමා කරන හැටි

පාර්ලිමේන්තුවේ සාමාජික මන්ත්‍රීවරුන් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් වීම බ්‍රිතාන්‍ය උරුමයකින් අපට ලැබුන වෙස්ට්මිනිස්ටර් ක්‍රමයේ ලක්ෂණයකි. මෙහිදී ව්‍යවස්ථාදායකයේ කොටසක් විධායකයේද වෙයි. සමානයන් අතර ප්‍රමුඛයෙක් වූ බ්‍රිතාන්‍ය අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය එරට විධායකය වෙයි .ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විධායකය වුවත් ඊට අගමැති හාකැබිනට් මණ්ඩලයද අයත්ය.. ජනාධිපතිවරයා විසින් ඇමතිවරුන් පත් කරන්නේ ව්‍යවස්ථාදායකයෙනි. බැලූ බැල්මට මේ ක්‍රමය ඉතා විද්‍යාත්මකය.

බ්‍රිතාන්‍ය ඇමරිකාව වැනි රටවල දේශපාලකයන් පමනක් නොව ජනතාවද ශිෂ්ට සම්පන්නය. එමෙන්ම මේ සියල්ල කාලයත් සමග වැඩුන උදාර සම්ප්‍රදායන්ගෙන් ආරක්ෂිතය.එහෙත් ලංකාවට අමුර්තය වුව ඒ ලෙසින්ම ගැලපෙන්නේ නැත. මේ නිසා පොඩි වෙනස්කම් ටිකක් අවශ්‍යය.

කැබිනට්මණ්ඩලය ව්‍යවස්ථාදයකයෙන් වෙන් කිරීම.

මේ අනුව ඇමතිවරු පත් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නොවන අයගෙනි. එවිට අමාත්‍ය මණ්ඩලය සීමා කිරීමේ අවශ්‍යතාවයද පැන නොනගී. ජනාධිපතිවරයා විසින් අත් කරන ඇමතිවරු විධායක කාරක සභාවේ ප්‍රධානීහු වෙති ( ඩොනමෝර් ක්‍රමය මෙන් ). නමුත් යෝජනා කරන  විධායක කාරක සභාවේ සිටින්නේ මන්ත්‍රීවරු නොව විශය ප්‍රවීණයන්ය. ජනාධිපතිවරයා සහ ඇමති මණ්ඩලය ව්‍යවස්ථාදායකයට වගකියයි

Tuesday, July 10, 2018

ලාබයි ලාබයි වියට්නාම් කිරි හරක්

දින 90 ක් තුල ගෙනත් බාන බවට සහතික වෙමු.
අමතර ගාස්තු නැත.
අවුරුද්දක් ඇතුලත ලනුව කඩාගෙන පැන ගියොත් අලුත් එකක්.
නරක නෑ නේද

Image may contain: one or more people


චීනයේ පිරිමින් අඩුවීම නිසා මනාලියන් ලෙස වියට්නාමයෙන් කාන්තාවන් පැහැරගෙන ඒම කලෙක  සිට පවතින ජාවාරමකි. මෙය නීත්‍යනුකූලවද සිදුවේ. ඒ චීනුන් වියට්නාමයේ බින්න බැසීම නිසාය. වියට්නාමය යම් දිනක චීනයට අයත් වීමට පවා ඉඩ ඇති තරම් මෙය බරපතල බව සමහරු කියති.

Monday, July 9, 2018

කෙස් වලු පූජාව



facebook කළු කුහරය ගෲප් එකේ පළවූ පෝස්ට් එකක්

https://www.facebook.com/photo.php?fbid=119990305583956&set=gm.2279787138699806&type=3&theater&ifg=1

කෙස් කාගෙවත්ය පාගන්නේද කවුරුවත්ය එසේනම් කාටවත් ඇ‍යි වේදනා ?

ප්‍රශ්නය මේකයි. බෝධිපූජා සහ නිර්මාංශ ව්‍යාපාරය මෙන් මෙයද රැල්ලක් වුනොත් 

ඇ‍යි ඉතින් දීපංකර බුදුන්ට සුමේධ තාපසය මෙහෙම පූජාවක් කළේ ?

ඒ බුදු කෙනෙකුට . මේ සිවුරු දාගත්ත කොල්ලො සෙට් එකක්. හෙට අනිද්ද බැරියර් පෙරලලල පෙළහර පාන්න හෝ ජොබ් එකක් සෙට් වුනාම සිවුරු අරින්න යම් ඉඩක් තියෙන අය.

හරි ඉතින් ඒත් මොකද ?

ප්‍රශ්නයක් නම් නෑ ඒත් මෙච්චර වැද වැටෙන්නෙ නැති ආගමක් තිබ්බනම් හොදයි කියල හිතෙනව 

හා හා කට ආර්යෝපවාදයට අසු වෙයි.

ඔය හැම එකක්ම ඒ අය ඒ අයගෙ වාසියට හදාගත්තුව. බුදුන් දෙසුවෙ බියෙන් අත් මිදෙන්න කියල. බුදුන් ගිය මග යන අපේ ගරුතර ස්වාමීන් වහන්සෙල ඉන්නවා. මෙන්න මේ ටිකත් අහගන්න.

බුදුු දහම තුල සියල්ල අත්හැරීම තුලින් ලබන සුවයක් ගැන කියවේ. සියලු උපාදානයන්ගෙන් මිදිය යුතුය. බුදුන් වහන්සේගේ ශ්‍රාවක අාර්ය සංඝරත්නය බුදු පණිවිඩය රැගෙන යන්නන් මිස වැඩවසම් රදළ පැලැන්තියක් නොවේ.
පූජකයන්ගේ දුෂ්ටකමට නියම උදාහරන සැපයුවේ මධ්‍යතන යුගයේ පල්ලියයි. එහෙත් අද කතෝලික පියවරු ඉතා නිහතමානී පිරිසක් බවට පත්ව අැක. ඒ ගැන එතුමන්ලාට හිස නමා නමස්කාර කරමි.

බුදුදහම තුල භක්තියක් නැත. එය අැදහිල්ලක් නොව පිළිපදින මාර්ගයකි. ඕනෑම කෙනෙකුට පැමින පරීක්ෂාකර බැලිය හැක්කකි. එහි සුවය ලබන්නේ අත්කර ගැනීමෙන් නොව අත්හැර දැමීමෙනි. එවිට එහි තිබිය හැක්කේ අවබෝධය තුලින් ලබන ශ්‍රද්ධාවකි. එය අාකාරවතී ශ්‍රද්ධාව නම් වේ. බුදු දහම තුල අමූලික ශ්‍රද්ධාවක් තිබිය නොහැක. මෙය පසුකලෙක උදර පෝෂනය තකා සසුනට අා භික්ෂු ප්‍රතිරූපකයන් විසින් ප්‍රවර්ධනය කළ සංකල්පයක් බව පැහැදිලි වනුයේ එය බුදු දහමේ මූලික මූලධර්ම සමග එහි අැති පරස්පරතාව නිසාය. අමූලික ශ්‍රද්ධාව යනු මෝහනයකි.මුලාවකි. මෝහනය යනු උපාදානයක් හා තදින් අැලීමයි.

කහපාට රෙද්දක් දුටු පමනින් කොන්ඩෙ කඩාගන අැදුම් උනාදමමින් නිච්චි නිනවු නැතිව. බිම පෙරලෙමින් ප්‍රලය වී යම් ස්ත්‍රියක් හැසිරෙයි නම් එතන අැත්තේ මෝහනය වීමකි.
බුදු හිමියන් සිටි කලෙක මෙසේ වී නම් උන් වහන්සේ දම් දෙසීම නවතා පාරිලෙයිය වනයේම දිවි ගෙවනු අැත.



Monday, July 2, 2018

සම්පූර්ණ නම : විශාල තන් ඇත්තා

සද්ධාතිස්ස රජුගෙන් පසු මෙරට රජවූයේ  ථුල්ලත්තන නම් කුමරෙකි. ඔහුගේ නමේ තේරුම විශාල තන් ඇත්තා යන්නයි. 

ඇත්තෙන්ම එවැනි විසුළු නමක් ඔහුට වැටුනේ කෙසේද? ඔහු ද්විලිංගිකයෙක් වෙන්න බැරිද? 

එසේත් නැත්නම් පුරුෂ සිරුරක් තුල සිරවී සිටි ස්ත්‍රියක් (ට්‍රාන්ස්ජෙන්ඩර් ) කෙනෙක් වෙන්න බැරිද?

ඔහුගේ ලිංගිකත්වය රජවීමට ඔහුට බාධාවක් නොවීම විශේෂත්වයකි.ඇත්තෙන්ම එවකට සිටි ඇමතිවරු හා භික්ෂූන් වහන්සේලාගේ තේරීම වුනේ මෙම කුමරුය.ඔහු කුඩාකළ සිටම පන්සල් ආශ්‍රිතව සිටි හෙයින් භික්ෂූන්ගේ සිත් දිනාගෙන සිටි බව කියවේ. එහි තේරුම ඔහු ධර්මධරයෙක්ද වූ බවයි.මෙහි තවත් වීශේෂත්වයක් නම් සිංහාසන උරුමය තිබුනේ වැඩිමහළු පුත් ලඤ්ජිතිස්සට වීමයි.ඔහුගේ රාජ උරුමය පවා නොතකා ථුල්ලත්තන රජකරවීමට ඇමති මණ්ඩලය හා භික්ෂූන් ක්‍රියා කර ඇත. මෙහි තවත් විශේෂත්වයක් නම් රාජ්‍ය පාලනයට භික්ෂූන් මැදිහත්වූ පළමු අවස්ථාව මෙය වීමයි. එහෙත් රුහුනේ සිට සේනාවක් ගෙන ආ ලඤ්ජි තිස්ස අනුරාධපුරය අල්ලා ගත්තේය. එළා දුටුගැමුණු සටනට පසු මෙරට සිදුවූ පළමු සිවිල් යුද්ධය මෙයයි. රජවරුන් බලයෙන් පහ කිරීමේ ව්‍යවස්ථාපිත ක්‍රියාවලියක් නොවූයෙන් මෙවැනි ගර්හිත දේවල් ඉන්පසු දිගටම සිදු විය.

http://heladarana.blogspot.com/2014/11/blog-post_26.html

ථුල්ලත්තන කියල සර්ච් කරපුවාම දැක්කෙ. ඉතා හොඳ තර්කානුකූල අදහස් ගොන්නක්. හාමුදුරුනමක් වගෙ ලියල තියෙන්නෙ. ථුල්ලත්තන සිට චෝරනාග දක්වාම ආගමික හා දේශපාලන නොසන්සුන්කම අපූරුවට ලියල තියෙනවා.

මේ ලිපිය කියවපුවාම තවත් අරුම දේවල් කීපයක් දැකගන්න ලැබෙනවා. ප්‍රථම හමුදා කුමන්ත්‍රණය සිදුවෙන්නෙත් මේ කාලෙ. ඒ ඛල්ලාටනාග රජු මරා මහාරත්ථක සෙනෙවියා බලය අල්ලාගැනීමෙන්. ඒත් ඔහුට බලයෙ ඉන්න වෙන්නෙ දින 9 යි. අගනුවර බෞද්ධ බලය තිබුනත් ප්‍රබල ජෛන බලවේගයක් තිබුන බව පේන්නෙ කුමාරවරු තිදෙනා දිවිනසාගත් තැන ජෛන ආරාමයක් හැදීමෙන්. වළගම්බා රජු පළා යන විට ගිරි නම් නිගන්ඨයා කෑ ගසා සතුටුවීමෙනුත් එය පේනවා. මෙම මධ්‍යස්ථානය පණ්ඩුකාභය යුගයේ සිට තිබුනක් නම් මෙරට ජෛන ඉතිහාසය පැරණියි.


තීය බමුණා ගේ කැරැල්ල තුලින් මෙරට තිබූ බමුණු බලය පේනවා. තීය එන්නෙ දුටුගැමුණුලා ආපු රුහුණෙන්මයි

Sunday, July 1, 2018

ඩයිනමෝරා

Image may contain: one or more people

ඩයිනෝ ලා මානව රූපී වීම යනු අපූරු පරිකල්පනයකි. එහෙත් එය විය ඒ තරම්ම අසාමාන්‍ය නැත. මන්ද ලේනුන් උනහපුලුවන් හයිනාවුන් වැනි සතුන් පවා කකුල් දෙකෙන් සිටගෙන අත් සංචරණයෙන් බැහැර කර යම් යම් ක්‍රියා කරන බැවිනි.

ඉන් පසු දියුණු සංස්කෘතියක් අවශ්‍යය.ඩයිනෝ ලාද සමාජ ජීවීහු යැයි සිතමි. දැනටමත් තිබෙන ප්‍රාථමික සංස්කෘතිය දෑත් සංචරණයෙන් නිදහස් වූ පසු සංවර්ධනය කර ගත හැකි.

https://www.facebook.com/permalink.php?story_fbid=1354716611296741&id=1317737654994637


No automatic alt text available.

Saturday, June 30, 2018

සල්ලි සල්ලි ලොකු ලොකු සල්ලී සුද්ද ගෙනත් දෙන සල්ලී චීන ගෙනත් දෙන සල්ලී සල්ලි තමා දෙයියගෙ මල්ලී

ගෝලීය ප්‍රාග්ධනයේ තේජස මොනවට පැහැදිලි වුන දින වකවානුවකි. ඇත්තෙන්ම එවැනි කාලයක් මින් පෙර තිබුනාද කියා සිතේ.සියලුම පක්ෂවල ජනතා නියෝජිතයන් මිලට ගෙන බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය විහිලුවක් බව පෙන්වා දීම ගැන ඇලෝසියස් මහතා ට ස්තුති වන්ත විය යුතුවෙමු. ඊට විසදුම ශක්තිමත් ශක්තිමත් විධායක ධූරයක් යැයි අප කියන්නට සැරසෙන විටම චීනා ඈවරයි දෑවරයි තුන් ඈවරයි කියා කෑ ගැසීය. අපි කවදත් ශ්‍රීලංකා අපි කවදත් යූ ඇන් පී කියා පිල් බෙදෙන මූඪ ප්‍රජාවගේ නායකයන්ට මිලක් ඇත. ඇත්තටම මිලක් ඇත්තේ නායකයන්ට පමණක් නොවේ. අනුගාමිකයන්ටද මිලක් ඇත. මේ දෙක අතර පරතරය අහසට පොලව මෙනි.

තමන් වෙන්දේසි වීම නරක දෙයක්ද. ජාත්‍යාන්තර ප්‍රාග්ධනය මෙරටට ආ මුල් දිනවල එය හෙළා දැක වැඩවසම් කසය වෙනුවෙන් සටන් වැදුන අයට වඩා නව ප්‍රාග්ධනය වැළදගත් අය වාසනාවන්ත වූහ. ඔවුන්ගේ මීමුණුපුරන්ට පවා සිය උපත හේතුකොටගෙනම සුවපහසු දිවියක් උරුම විය. ප්‍රධාන දේශපාලන පක්ෂවල නායක මට්ටමේ තනතුරුවලට පත්ව අද දක්වාම වැජඹෙන්නට හැකි විය.වැඩවසම් කසය වෙනුවෙන් අවංකව පෙනී සිටි අය මොණරාගල හේන් ගොවියෝය. ප්‍රාග්ධන රැල්ලෙන් මගහැරුන අය අවාසනාවන්තයෝය

මෙම ප්‍රාග්ධන මහෝඝය ඉදිරියේ කෙළින් සිටගත හැකි අයෙක් නැත. කෙළින් සිටින අයෙක්ද නැත. පැවිද්දන්ටත් මුදල් මලු දී යන නාදුනන දායකයෝ සිටිති. පෙර කල චෝදනා එල්ලවුනේ එන් ජී ඕ කාරයන්ටය. දැන් එලෙස පිරිසක් වර්ග කළ නොහැකි තරමට සුනාමියක් වී ඇත. මා නම් කියන්නේ හොරකම් හරි කමක් නෑ මේක රටේ හැමෝටම බෙදෙන ක්‍රමයක් අවශ්‍ය බවයි. ෆේස්බුක් බ්ලොග් වලින් සල්ලි සෙවීම මගින් සල්ලි ගස් සෙලවීම ගැනද මා දරන්නේ ධනාත්මක අදහසකි. දුප්පත් කොල්ලෙක් කෙල්ලෙක් පොටෝෂොප් ඉගෙන ගෙන පෝස්ට් එකක් හදල බඩගින්න නිවාගැනීම වරදක් නොවේ. ඕනෑනම් දෙපැත්තටම පෝස්ට් හැදීම හා ලිපි ලිවීම මගින් මුදල් සෙවීම කළ හැක. මෙම ක්‍රමය තුල නො විකිනෙන අය කියා පිරිසක් නැති අතර සිටින්නේ විකිනෙන පිරිසත් විකිනෙන ( වෙන්දේසි වෙන ) කලාව නොදත් පිරිසක් පමණි. අනේ අපිනම් හොරකම් කරන්නෙ නෑ කියන්නෙ එක්කො බොරුකාරයෝය නැත්නම් හොරකම් කිරීමෙ කලාව නොදන්න අයයි.


මෙවැනි යුගයක ස්වාධීනත්වය දේශීය ආර්ථිකයන් ආදී වචන හිස් වචන අටු වේ. ගෝලීයකරණය තුල කුඩාරාජ්‍යවල ස්වාධීනත්වය අහෝසි වී ගොස් ඇත. ඉදිරියේදී භාෂා පවා අහෝසි වී යත හැක. කළ යුත්තේ කුමක්ද ? වැල යන පැත්තට මැස්ස ගැසීමයි .එනම් සල්ලි විසිකරන්න සූදානම් අයට සේවා සැපයීමයි. චීනය වැනි රටවල සල්ලි වියදම් කිරීමට සූදානම් විශාල මධ්‍යම පන්තියක් බිහිවී ඇත. අප වැනි රටවල් කළ යුත්තේ නිශ්ඵල මෙගා ප්‍රොජෙක්ට් කිරීම නොව සංචාරක විප්ලවයක් කිරීමය. චීනය වැනි රටවල ලාබ ශ්‍රමය සමඟ අපට ඊනියා නිෂ්පාදන ආර්ථික කරන්නට බැරිය. මේවා චන්ද කාලෙට මීහරක් කුලප්පු කරන්න කියන කතාය. ඇන්ගෝලාවේ නිවාස ව්‍යාපෘතිය මෙන් චීන ණය මත සිදුකරන මෙගා ප්‍රොජෙක්ට් වලින් වාසි ලැබෙන්නේ කොමිස්කාරයන්ට පමණි. චීනයට අවශ්‍ය අපට ණය පමණක් ලැබෙන ව්‍යාපෘති වෙනුවට චීනාට සේවා සපයන ක්‍රමයකට ගියොත් නරකද

චීනාට අප වැනි පොඩිරටවල සාම්ස්ත දේශපාලනයම මුදලට ගත හැකිනම් අප කළ යුත්තේ සල්ලිකාර චීනාට ගොල්ෆ් ගහන්න ඇරයුම් කිරීමයි. ඔහුට එන්ජෝයි කරන්න පහසුකම් දිය යුතුය. අප සිතා සිටින්නේ සංචාරකයන් එන්නේ දළදා මාලිගාව වැදපුදාගන්න කියාය. මාල දිවයින පවා සංචාරක කර්මාන්තයෙන් අපට වඩා ගවු ගනනක් ඉදිරියෙන් සිටින්නේ අපේ මේ පසුගාමී චින්තනය නිසාය. සිංගප්පූරුවේ මෙන් සන්තෝසා පුරවරයක් අවශ්‍යය. සංචාරකයන් ට කැසිනෝ ගහන්න හෝ ඕනෑම නෙයියාඩමක් නටා අපට මුදල් දෙන පසුබිමක් සැදිය යුතුය. 

ඒක පුද්ගල ආදායම වැඩිකිරීමට නම් වන්සෙ කබල් ගෑම නවතා ලෝකයට තව දුරටත් විවෘත විය යුතුය. නැතිනම් වෙන්නේ ප්‍රාග්ධනය සුලු පිරිසක් වෙත කොමිස් ලෙස ගලා යාම පමණි. තැබිලිගෙඩිය විකුනන දුප්පතාටත් එය බෙදෙන ක්‍රමයක් අවශ්‍යය.

සී ඒ චන්ද්‍රප්‍රේම කලකට පෙර කොළපාට සමාජය නමින් පොතක් ලිව්වේය. එය  ලංකාව වැනි දූපත් රාජ්‍යයකට  ගැලපෙන සංවර්ධන අත් පොතක් වැන්න. එන පොටේ හැටියට වෙන විකල්ප නැත. සීමාසහිතව ස්වයං පෝෂිත අර්ථ ක්‍රමයක් පවත්වාගෙන යන අතර නවලොවට සේවා සපයන්නන් ලෙස වෙනස් වී අධ්‍යාපන ක්‍රමයද ඊට අනුරූපව සකස් කරගැනීම හැර වෙන විකල්පයක් නැත. එසේ නැත්නම් සිදුවන්නේ ප්‍රාග්ධනය ප්‍රභූ පිරිසක් අතර බෙදී යාමත් අප ණය කන්දක සිරවීමත්ය. හැමෝගේම අත මිට සරුවෙන ජයමාවතක් විවර වන්නේ අපේ වෙරළ විවෘත වන තරමටය. තායිලන්තය වැනි රටවල් ආදර්ශයට ගත හැකි අතර සියල්ලටම උදැල්ල දමන පූජක පැළැන්තියක බර දරාගෙන මේ ගමන කෙසේ යාමට හැකිදැයි නොදනිමි.

Wednesday, May 30, 2018

බොරුව සිතින් දුරලා හොද විරේකයක් කරලා ඉමු රටට වැඩක් කරලා ( කිං කරිස්සන්ති තාරකා / අහසේ තරු රටා වල කවර නම් අර්ථයක් තිබේද පෙරේරා මහත්තයෝ )

Image result for astrology mythology


දුම් රිය ට පැන සියදිවිහානිකර ගැනීම සුලබ දෙයකි. එවැන්නක් වූ විට අපට ට්‍රේන් එක ලේට් වේ. එවිට හවසට ලේට් කවරකරන්නට සිදුවේ. එහෙත් සියදිවි හානිකරගත් තැනැත්තා එය කළේ සෙල්ලමකට නොවේ. ඔහුගේ ප්‍රශ්න වලට වෙන විසදුමක් නුදුටු නිසාය. ඇයි අපේ කෝච්චියටම පැන්නෙ කියා ඔහුට දෙස් දෙවොල් තබමු.

පසුගිය සදුදා හවස කට්ටුව හරියේදී කෙනෙක් දුම් රියට පැන තිබුනි. කොටුවෙනුත් ලේට් වූ කෝච්චිය මේ නිසා තවත් ලේට් වී කුලියාපිටියෙනුත් එහාට බස්වල යන අය නන්නත්තාරම වූ සේක. සිය දිවි හානිකරගැනීමට වෙනත්  විකල්ප වලට යා යුතු බව සමහරු පැවසූ අතර  එක් අයෙක් නිර්මානශීලී යෝජනාවක් කරමින් ෆෝන් බොක්ස් එකක් වැනි පෙට්ටියක් සවිකර එයට විදුලි බලය කවා එය තුලට ඇතුලුවී ස්විච් එක දාගන්නව වගෙ ක්‍රමයක් සුදුසු බව කීහ.

සාමාන්‍යයෙන් මම අනුන්ගේ විපතේදී තදින් කම්පා වෙමි. එය මගේ උපන් ගෙයි දුර්වල කමකි. මේ පුද්ගලයාට සුව කළ නොහැකි රෝගයක් වත් තිබුනාද .ගෙදර ප්‍රශ්න ඉවසන්න බැරි තරම් වීද. සමාජයේ කිසිවෙක් ඔහුට ඇහුම්කන් දුන්නේ නැද්ද?
මෝඩකම් නිසා ජීවිතය කළමනාකරනය කරගත නොහැකිවී අතරමන් වූවෙක්වත්ද ?
එසේත් නැත්නම් ඉවසිය නොහැකි තරමට සමාජ අසාධාරනයට ලක්වූවෙක් වත්ද ? තමන් මුලුමහත් සමාජයක් නොමඟ යැවීම නිසා වරදකාරී හැඟීමෙන් සියදිවිනසාගැනීමක් නම් සිතුනේම නැත.මෙසේ සිතිවිලි අතරේ සැරිසරමින් සිටියෙමි. 
එහෙත් මම කෝච්චියෙන් බැස්සේ නැත. කෝච්චියෙන් බැස සිද්ධිය බලා එන අයගේ කතා වලට සවන් දුනිමි. 

"සාමාන්‍ය මනුස්සයෙක් නෙමෙයිලු නේද?"
"නෑ ඒ සරම නෙමේ කලිසම"
"ආ ඇත්තද මම හිතුවෙ සරම කියල "
"ටයි එකක් කොහෙද තිබුන කියල කියනව "
"ඉදගෙන ඉදල කෝච්චිය එනකොට හිට ගත්තලු"

ඔන්න ඔහොම කතා ඇහුනා.

ටික වේලාවකින් සිරුරක් ඊලඟ ස්ටේශන් එකට බාර දීමට ගෙන යනවා දුටිමි. මැදිවියේ පිරිමි කෙනෙකි. සිරුර බොහෝ දුරට නිරුවත්ය. 

______________________________________________________

මුලු රටම මිත්‍යාන්ධකාරයේ ගිල්වා නොව හෝද හෝද ඇපිල්ලූ පසුගිය කාලයේ මිත්‍යාව ජීවිකාව කරගත් අයට කල්ල මරේ විය. මම මේ මිත්‍යා වැඩසටහන් නොබලන නමුත් මිත්‍යාව ප්‍රවර්‍ධනයට කිසිම විලිලැජ්ජාවක් නොතිබූ නාලිකාවක ගිය එක් වැඩසටහනක් අසා සිරාවටම මගෙ ඇග හිරිවැටුනි. එහි මිත්‍යා ප්‍රවර්ධකයා දුක කී කාන්තාවකට ඇහුම්කන් දුන්නේය. ඇගේ පවුලේ සියලු ප්‍රශ්නවලට හේතුව ඇද තබා ඇති තැනලු. මේවා ඇත්තටම විශ්වාස කරන පිරිසක් රටේ සිටිති. මෙය මහාම සමාජ ඛේදවාචකයකි. මෙම නාලිකාව අයත් ව්‍යාපාර මේ වන විට බිදවැටී ඇති අතර මෙම නාලිකාවේ හිමිකරුවන්ට ඔවුන් ප්‍රචාරය දුන් එක කට්ටඩියෙකුගේවත් දේවගැතියෙකුගේවත් කේන්දරකාරයෙකුගේවත් ෆේන්ශුයි කාරයෙකුගේවත් සිප්පිකටු කාරයෙකුගේවත් පිහිටක් නොලැබිනිද කියා සිතේ.
හේතුව මෙරමා දුක් ගැනම සිතන මේ අය තමන් ගැන සැලකිලිමත් නොවන නිසා විය හැක.

පත්තරවල පළවන ජ්‍යොතිෂ ලිපි මම සමහරවිට එකතුකරමි. ඒ ඔවුන් කාලසීමා දක්වා කියන බොරු එලිවූ පසු ඒවා ට හිමිවන වැදගත්කම නිසාය. නාත්තන්ඩියෙ මහතා ලියූ ලිපිද ඒ අතර වෙයි. එහෙත් ජනතාවට මේ අනාවැකි අමතකය. කනා බල්ලන් ගහපු එකක් මතක තිබේ. අදෝමැයි.  

https://yakaageadaviya.blogspot.com/2018/04/blog-post_10.html

නාත්තන්ඩියෙ මහතා බොහෝ අනාවැකි කීවේය. හිර පායන බව කීවේය රෑට සද පායන බව කීවේය සුලන් හමන බව ද කීවේය වැඩ වර්ජන ඇතිවන බව කී ඒ මහ්තා ඒ වැඩ වර්ජනවලින් මහජනයාට පීඩා සිදුවන බව ද කීවේය, ජලගැලීම් හා ඉඩෝර ඇතිවන බව ද කීවේය. ඒ මතුනොව ශිෂ්‍ය උද්ඝෝෂනද ඇතිවෙනවාලු ,බඩු මිල ඉහල යනවාලු. මහ පෙරලි වේලු , ලේඛකයන් කලාකරුවන් දේශපාලක මරන සිදුවේලු ,මාර්තුවේ මහ දුකක් කියා සිරස්තලයක්ද විය, ඔන්න මම කීව ඇත්ත නේද බලන්න විශ්වාස භංගය නිසා කට්ටියකට දුකක් ඇතිවුනා මම හරි නේදැයි ඊලඟ පාර ඇසීය.

මහින්ද දිනන බවට කැටතැබූ ජ්‍යොඅතිර්වේදීන් ඉදිරියේ ඔහු පර්දින බව අභීතව කීවේ මේ මහතා සහ ඉන්දික මහතාය ඉන්දික මහතා පසුව කී කස්ත්‍රෝ මාර්තුවේ මැරෙන බවට වූ අනාවැකිය 2017 දී ෆොන්සේකා මහතා රට යන බව කී අනාවැකිය ,2015 අගෝස්තුවේ රට ලේ විලක් වීම වැනි අනාවැකි දැන් බුද්ධිමත් ජනතාවට අමතක ඇතැයි සිතමි.

නාත්තන්ඩියෙ මහතා මෙන්ම ටොලමියානු ජ්‍යොතිෂයෙන් බොරුකියන තව මහතෙකුගේ ලිපි ද මා එකතුකර ඇත. ඔහුගේ අනාවැකිද සියල්ලම පාහේ අතේ කයිතන් වී ඇත. ටොලමිගෙ එකෙන් ටක්කෙටම කිව හැකිලු. කවුද මේ ටොලමි ? ක්ලෝඩියස් ටොලමි යනු පෘථිවි කේන්ද්‍රනවාදයේ පියාය.( එනම් සූර්යයා පෘථිවිය වටා භ්‍රමනය වන බවට වූ මතය ).

______________________________________________________

ජ්‍යොතිෂයෙන් අනාවැකි කිව නොහැක.මන්ද එය මිත්‍යාවක් බැවිනි. අප දකින අහස දෘෂ්ටි මායාවකි. අහසේ අප දකින තරුරටා ඇසුරින් සාදාගත් ගණිත සූත්‍රය බඩවඩා ගැනීමට නම් මරේ මරුය. ඊට හේතු දෙකක් ඇත. එකක් මිනිසුන් මෙම ශාස්ත්‍රය නොදන්නාකමයි අනෙක නම් හිතේ ඇති බය සැකයි.

විශ්වාස නොකරන එකා වුවත් පොරොන්දම් බලති. ගෙපැල කපන විට නැකතක් බලති ,විභාගෙකට රස්සවකට සුබ වෙලා බලති .ඔන්නොහෙ මේකත් කරලම දානව බැරිවෙලාවත් ඇත්ත වුනොත් කියා කියති. 
තත්වය මෙසේ හෙයින්  කකුල් දෙකේ ග්‍රහයන්ගේ කල දසාව අසුබ විය නොහැක. එහෙත් ඉහත කී කාරනාවලට නොව ජීවිතයේ කුදුමහත් සියල්ලටම ග්‍රහයන් පසුපස යන පසුබිමක් තුල කකුල් දෙකේ ග්‍රහයෝ අධි සුඵෝඛභෝගී ජීවිතයකට හුරුවූහ. ජනවාරි 8 පෙරලියෙන් සියලු ග්‍රහයෝ නීච වූ පසු මොවුන්ට වෙනස දරාගන්න බැරිවිය. යහපාලනයට කඩේ ගිය ලේ කොලපාට කකුල් දෙකේ ග්‍රහයන් පවා අර ඉස්සර වාගෙ තිබ්බනම් හොදයි නේද කියා කීහ.ඇත්තෙන්ම මිත්‍යාව පැත්තෙන් නම් ජනවාරියේ වුනේ පට්ට විප්ලවයකි. යහපාලයනය මිත්‍යවට විරුද්ධ වූ බව මින් අදහස් නොවේ. සිදුවුනේ මිත්‍යාවට ලැබුන රාජානුග්‍රහය අහිමිවීමය. මුලු රටම තොවිල් පලක් වී තිබුනි. ඩෙන්න ඩෙනා ඩෙනෝ කී ගමන්ය. එය භූතයන්ගේ මායකාරියන්ගේ සුරංගනාවන්ගේ අද්භූත යුගයකි. එක සෙනසුරු මාරුවක ප්‍රධාන පාරක එක දිගට එලගිතෙල් පාන් තිබුනි .ඒ සෙනසුරාගේ වාහනය වන කපුටා හිතවත් කරගෙන සෙනසුරාව ශේප් කරගැනීමටය.

මෙම ශාස්ත්‍රයේ අනාවැකි කීමට නිශ්චිත ක්‍රමවේදයක් නැත. තත්කාලය , මහදශාක්‍රමය , ග්‍රහ දෘෂ්ටි ,ආදී ලෙස ක්‍රම 18 ක් ඉන්දියානු ජ්‍යොතිෂයේ ඇත. මෙරට කේන්දර අප්පුහාමිලා එයින් කීපයක් භාවිතා කරති. දල කේන්ද්‍ර හා භාව කේන්ද්‍ර කියා දෙවර්ගයකි. දළ කේන්ද්‍රයේ රාශිවල සිටින ග්‍රහයන් භාව කේන්ද්‍රයේ වෙනත් රාශිවලට යාමට පුලුවන. එවිට ඵලාඵල සියල්ලම වැරදි වේ. දළ කේන්ද්‍රයේ රාශි 12 කට බෙදා ඇත්තේ මිනිසා විසිනි. එය අහසේ ඇති ස්වාභාවික බෙදීමක් නොවේ. භාව කේන්ද්‍රයේදී ග්‍රහයන්ද පිහිටි අංශකය අනුව භාව වලට බෙදයි. එකකින් වැරදුනොත් අනික ලෙස බොරුවෙන් බොරුවට මාරුවිය හැකිවීම මෙම ශාස්ත්‍රයේ ඇති අපූර්වත්වයයි. දළ කේන්ද්‍රයේ ඵලාඵල වරදුනොත් භාව එක හරි කිව හැක . ඒක වැරදුනොත් ග්‍රහ දෘෂ්ටි අනුව විග්‍රහ කල හක. ඒකත් වැරදුනොත් මහ දශාය. මේ ලෙස යමක් සිදුවූ පසු ඕන අතකට කරකවන්න පුලුවන් බොරු සකපෝරුවක් ඇත. මෙම ශිල්පයේ රහස මිනිසා තුල ඇති බියයි. මොවුහු මෙම බිය වපුරා පෝර දමමින් වගා කරති. ජීවිත කාලයේ හරි අඩක් සෙනසුරු අපලයට බිය කෙනෙක් විදින පීඩාව බලන්න . අෂ්ටම චන්ද්‍රාෂ්ටම හා ජන්ම ලෙස රාශි 6 ක අපල ඇත. ඉතිරි රාශි ලැබූ විටද සතුටු විය නොහැක්කේ ගෙදර වෙන කෙනෙකුට සෙනසුරා ලබන බැවිනි. කිං කරිස්සන්ති තාරකා කියා බුදු හිමියන් කීවද බෞද්ධයන්ට වඩා වටින්නේ බමුණන්ය. එහෙත් කිතුනුවන් හා මුස්ලිම්වරු ඉතා වාසනාවන්තය. ඔවුන් සමහරෙක් තම උපන් දවස වත් නොදනිති. මේ හැම ජරාගොඩක්ම ඇත්තේ ඉන්දියාවේ හා ලංකාවේ පමනක්ද ?

සෙනසුරු වටා භ්‍රමනය වන යානයක සිටින ගගනගාමියෙකුට පැයෙන් පැයට සෙනසුරු ලබන නිසා ඔහුට නිතරම නූල් දමන්න සිදුවන නිසා ලංකාවෙන් අජඨාකාශයට යානා යවන දිනක කට්ටඩින්ද යැවිය යුතුවේ.

අහසේ ඇති රටා මාළුන් කබරයන් මී හරකුන් ලෙස නම් තබාගෙන ඒවායේ ගතිගුන ඒවා අහසේ දිස් වූ වෙලාවල උපන් අයට ආරෝපනය කිරීම විහිලුවක් නේද ?
සහෝදර මනුෂ්‍යයන් /ශ්‍රී ලාංකිකයන් රවටා බඩවඩා ගැනීම අපරාධයක් නේද? ඇත්තෙන්ම අනාවැකි කාරයන් තමන් කරන්නෙ බොරුවක් බව දනිති. එහෙත් ඔවුන්ට වෙන රස්සාවක් හොයාගන්න ප්‍රමාද වැඩිය.

කෝච්චියට පැන්න නැකැත්කරු ගැන ශෝකවන අතර කෝච්චියට පැනිය යුත්තේ නැකැත්කරුවන් නොව මිත්‍යාවය. මිනිසා නොපෙනෙන පෙනෙන සියල්ල ගැන සවිඥානක වන දින නැකැත්කරුවන් නොව මිත්‍යාවම කෝච්චියට පනිනු ඇත. නැකැත්කරුවන් වෙනත් රැකියා සොයාගනු ඇත. ඔවුන්ට එහිදී සමාජය උදවු කල යුතුය. වෘත්තීය පුහුණුවක් ලබාදීම වැනි දේ සුදුසුය. හිගන්නන් නැකැත්කරුවන් වැනි අය පුනරුත්ථාපනය කළ යුතුය.





Tuesday, May 29, 2018

හරක් මස් කමු


රාවයේ පළවූ ලිපියකි. අහම්බෙන් හමුවිය.  අද අධිවෙසක් පොහොය දින මන්දපෝෂනය දුරලීමේ කුසල් සිතින් පුණ්‍ය කටයුත්තක් ලෙස පළ කළෙමි. 


දැන් ගවමස් විරෝධී වැඩසටහන් නිසා ගවමස් කන අය අඩුය. සොභාවික විපත්වලට හේතුව ගවමස් කෑම බවට තර්ක කරන අය මට හමුවී ඇත. එහෙත් මෙතරම් ගව උද්ඝෝෂන තිබියදී ලංකාවට වෙලා තියෙන දේ. ගවයොම බලාගනිත්වා



පෝෂණ විද්‍යාව අනුව මාංශ ආහාරයක් මිනිස් ශරීරයට කොතරම් වැදගත්ද කියන තැනින් මේ කතාබහ ආරම්භ කළොත්…

පෝෂණ විද්‍යාව විද්‍යාවක් විදියට දියුණුවෙලා තවම අවුරුදු 100ක්වත් නැහැ. පෝෂණ විද්‍යාව එන්න කලින් අපි ආහාරයක් වර්ග කළේ බොහෝ වෙලාවට සීත-උෂ්ණ කියලා. නැත්නම් පිත අඩු-වැඩි ආහාර කියලා. ලංකාව වගේ රටක් නම් තුන්-දොස් මත පදනම් වෙලා තමයි ආහාර වර්ග කළේ. එහෙත් මිනිසාගේ වර්ධනය විද්‍යාත්මකව අධ්‍යයනය කළායින් පසුව මේක වෙනස් වුණා.

බැරිබැරියාව කියන රෝගී තත්ත්වය බොහෝ වෙලාවට හැදෙන්නේ නාවිකයන්ට. ඒ කාලේ ඕලන්ද වෛද්‍යවරයෙක් නිවුඩු සහල් දුන්නාම මේ රෝගය මර්දනය කරන්න පුළුවන් කියලා සොයාගත්තා. ඒක තමයි විටමිනවල උපත. මේ හින්දා මිනිසාගේ වර්ධනයට පෝෂණය ඉතාමත් වැදගත්. මිනිසාගේ ඒ ඒ වර්ධක අවශ්‍යතාවන්ට අනුකූලව පෝෂණය කෙලෙසක විය යුතුද කියලා පෝෂණ විද්‍යාව කියනවා.

මිනිසෙක් මුලින්ම ශීඝ‍්‍ර ලෙස වර්ධනය වෙන්නේ මවගේ කුස ඇතුළතදී. ඊළ`ගට පළමු වසර 5 තුළදී. ඊළ`ගට යොවුන් වියේදී. පළමු වසර 5 ඇතුළේ දරුවෙක් එයාගේ බර උපතේ බර වගේ තුන් ගුණයක් වැඩිකර ගන්නවා. දොළහත් දාසයත් අතර දී දෙගුණයකින් වැඩි කර ගන්නවා. මේ කාලවලට හොඳ පෝෂණයක් අත්‍යවශ්‍යයි. මේ සඳහා අත්‍යවශ්‍ය ආහාර මොනවාද? පෝෂක මොනවාද? වර්ධක ආහාර ඕනෑ, ඒ කියන්නේ ප්‍රෝටීන. ශක්ති ජනක ආහාර ඕනෑ. කාබෝහයිඩ්‍රේට්, තෙල් සහ මේදය, ඊළ`ගට ශුද්‍ර පෝෂක ඒ කියන්නේ විටමින, ඛනිජ ලවණ අවශ්‍යයි. මේ ආහාරවලින් ප්‍රෝටීන සහිත ආහාර ඉතාමත් වැදගත්. ඒක අත්‍යවශ්‍යයි. මොකද අපේ ශරීරය, අපේ ඉන්ද්‍රියන් වර්ධනය කරන වර්ධක ද්‍රව්‍යය වන්නේ ප්‍රෝටීන. අපේ මාංශ පේශිවල බොහොමයක් තියෙන්නේත් ප්‍රෝටීන. අපේ රුධිරයේ ප්ලස්මාවේ තියෙන්නේත් ප්‍රෝටීන. ප්‍රෝටීන ශාක සහ සත්ව කියලා කාණ්ඩ දෙකකට වර්ග කරන්න පුළුවන්. මේ වර්ග දෙක අතරිනුත් ඉස්තරම්ම වර්ගයේ නැත්නම් ප‍්‍රධාන ප්‍රෝටීන වර්ගය වෙන්නේ සත්ව ප්‍රෝටීන. ඒ අතරිනුත් බිත්තර සහ කිරි සුවිශේෂයි.

මිනිසාගේ මොළය වර්ධනය සහ මාංශ ආහාර අතර සම්බන්ධය මොකක්ද?

අපිට දැනුම සඳහා වගේම හැම දෙයක්ම සඳහාම හොඳ කි‍්‍රයාශිලි නිරෝගී මොළයක් අත්‍යවශ්‍යයි. මොළයේ වැඩි කොටසක් සෑදිලා තියෙන්නේ කොලෙස්ට රෝල්වලින්. කොලෙස්ට රෝල් කියන්නේ සත්ව තෙල් වර්ගයක්. මේ තෙල් නිෂ්පාදනයටත් මාංශ ආහාරයට එකතු කර ගැනීම ඉතාමත් වැදගත්. දරුවෙක් හැමදාම වර්ධනය වෙනවා. ඒ ඒ දවසට අවශ්‍ය පෝෂණය එයාට ඒ දිනයේදීම අනිවාර්යයෙන්ම ලැබිය යුතුයි. නැත්නම් එතන මන්දපෝෂණ තත්ත්වයක් ඇති වෙන එක වළක්වන්න බැහැ. කායික වර්ධනයට වගේම මානසික වර්ධනයටත් ප්‍රෝටීන අත්‍යවශ්‍යයි. මේ නිසා මොළයේ වර්ධනය සහ මාංශ ආහාර අතර සෘජු බැඳීමක් තිබෙනවා.

සත්ව ප්‍රෝටීනවලට ආදේශකයක් විදිහට ශාක ප්‍රෝටීන භාවිත කරන්න බැරිද?

පුළුවන්. එහෙත් ප‍්‍රශ්නයක් තියෙනවා. සත්ව ප්‍රෝටීන භාවිත කරන කෙනකු ප‍්‍රමාණයට ශාක ප්‍රෝටීන භාවිත කරන කෙනකු වැඩෙන්නේ නැති වෙන්න පුළුවන්. එතනදි යම් මන්දපෝෂණ තත්ත්වයක් ඇතිවිය හැකියි. ආහාරමය සංස්කෘතිය ඇතුළේ මස්මාංශ විවිධත්වය වැඩිවුණාම පෝෂණය හොඳින් සිද්ධවෙනවා. ශාකමය ආහාර තුළින්ම පමණක් අපිට වැඩිය හැකියි. නමුත් ප‍්‍රවේණිකව අපිට උරුම තැනට අපිට ළ`ගාවෙන්න බැහැ. මෙතනදි අපිට විටමින් බී 12 වගේ දේවල්, සමහර ඇමයිනෝ අම්ල පිටතින් දෙන්න වෙනවා. රටක් ජාතියක් විදියට දියුණු ළමා පරපුරක් ගැන සිතනවා නම් අපි මාංශ අනුභව කළ යුතුයි. මොකද අපි සර්වභක්ෂක සත්ව කොට්ඨාසයක්. අපේ දත් ඇන්දේ උල් දත් මොකටද පිිහිටලා තියෙන්නේ. මාංශ ඉරාගෙන කෑම සඳහා. ඒ නිසා මාංශ ඉතාමත් වැදගත්.

මාංශ ආහාර අතර හරක් මස් ප‍්‍රමුඛ වෙන්නේ කොහොමද?

හරක් මස් ලේ වඩනවා කියන පිළිගැනීම අපේ සමාජයේ එදා ඉඳලාම තිබුණානේ. ලේ අඩුකමට පීකුදු ඉතාමත් ගුණයිි කියලා කියනවා. සිංහල ග‍්‍රාමීය කෘෂිකාර්මික සමාජය දිහා බලන්න, අතීත ගම්වල හැම ගෙදරකම වාගේ හරක් ඇති කළා. උන්ගෙන් කිරි ටික ගොම ටික ගත්තා. වයස්ගත වුණාම මොකද කළේ, ගමට එන මුස්ලිම් වෙළෙන්දන්ට විකුණලා දැම්මා. පස්සේ මස් පීකුදු කඩෙන් ගෙනල්ලා කෑවා. අතීතයේ දරුවෙක් කොටහළු වුණාම, ම`ගුලකදී, මළගෙදරකදි සල්ලි අවශ්‍යතාවක් ආවාම ගෙදර ගොනා විකුණලා සල්ලි ගත්තා. ගවඝාතක පනතක් තියෙනවා. ඒ පනතට අදාළව ටෙන්ඩර් ක‍්‍රමයකට ඒ කඩ පවත්වාගෙන යනවා. මම නම් හිතන්නේ මේ පවත්වාගෙන යන ක‍්‍රමය තවදුරටත් පවත්වාගෙන යෑම රටක පෝෂණය ගැන සිතන කාට වුණත් වැදගත්. ගව ඝාතනයෙන් වැළකෙමු වගේ සටන් පාඨවලට වඩා අපේ දරුවන් මීට වඩා පෝෂණය කළ හැකි ක‍්‍රමයක් ගැන සිතීම වැදගත්.

අද දවසේ මාධ්‍ය ඉස්සරහට එන විශේෂඥ වෛද්‍යවරු කියනවා හරක් මස් අනුභවය මගින් බඩවැල් ආශි‍්‍රත පිළිකා තත්ත්ව ඇතිවෙනවාය කියලා. මේ මතය පිළිගත් නිවැරදි මතයක්ද?

නැහැ. කොහෙත්ම නැහැ. අද වෛද්‍යවරු එයාලාගේ ආගම, සංස්කෘතිය හැදුණ වැඩුණ පරිසරය වගේ දේවල් පදනම් කර ගෙන යම් යම් ප‍්‍රකාශ කරන බව පේනවා. ඒක ලංකාවේ සුලබ තත්ත්වයක්. මේ කියන කිසි දෙයක් පර්යේෂණාත්මකවත් සායනිකවත් ඔප්පු කළ දේවල් නොවෙයි. එනිසා එවැනි මත ප‍්‍රචාරය වීම සමාජයට හොඳ නැහැ. දැන් සමහර පිළිකා වර්ග තියෙනවා ඒවා දුම්පානය කරන පුද්ගලයෝ අතර එතරම් සුලබ නැහැ. එතකොට අපිට කියන්න පුළුවන්ද දුම්පානය හොඳයි. එමගින් පිළිකා මර්දනය වෙනවාය කියලා. එනිසා වැරදි මත සමාජය මත මුදාහැරීම රටකට හොඳ නැහැ.

අද සමාජයේ තිබෙන හරක් මස් විරෝධය තුළ තිබෙන්නේ බෞද්ධ බලපෑමට වැඩිය හින්දු බලපෑම නේද?

ඒක ඇත්ත. ලෝකයේ වැඩිම බෞද්ධයන් ප‍්‍රමාණයක් ජීවත්වෙන රට තමයි ටිබෙටය. ටිබෙටයේ මිනිස්සුන්ගේ ප‍්‍රධාන ආහාරය තමයි හරක් මස්. ටිබෙටයේ මිනිස්සු ඇඳුම් මසාගන්නේ හරක් හමෙන්. බුදුමැදුරුවල පහන් පත්තු කරන්න ගන්නෙත් හරකාගෙන්ම ගන්න තෙල්. ටිබෙටයට අමතරව තායිලන්තය, බුරුමය, වියට්නාමය වගේ බෞද්ධ රටවල බෞද්ධ මිනිස්සුත් හරක් මස් කනවා. කිසිම ප‍්‍රශ්නයක් නැහැ. දානයටත් පිළිගන්වනවා. මම එක ගමනක් තායිලන්තයේ ෂැන්හයි කියන නගරයට ගියාම එහේ නගරාධිපති මගෙන් ඇහැව්වා ඔයාලාට තිබෙන ලොකුම පෝෂණ ගැටලූ මොනවාද කියලා. මම කිව්වා අපිට ප්‍රෝටීන සහ කැලරිවල මන්ද පෝෂණ තත්ත්වයක් තියෙනවා කියලා. එතකොට ඔහු කියනවා මම කීප සැරයක් නුවර මාළිගාවට ගියා, ඒ යන එන අවස්ථාවලදී පාර දෙපැත්තේ විශාල වශයෙන් බල්ලෝ ඉන්නවා දැක්කා, ඇයි බල්ලන්ගෙන් ඔය අවශ්‍යතාව පිරිමසා ගන්නේ නැත්තේ කියලා. තායිලන්තය කියන්නෙත් බෞද්ධ රටක්. එහෙ බලූ මස් හදන ස්ථාන තිබෙනවා. මේ හින්දා මටත් හිතෙනවා මේ හරක් මස් විරෝධය හින්දු සංස්කෘතියෙන් ඉන්දියාවෙන් ණයට ගත්ත එකක් කියලා. හැබැයි මේකත් අමතක කරන්න එපා, ඉන්දියාව හරක් මස් කෑවේ නැති වුණාට එයාලා ලෝකයට හරක් මස් අපනයනය කරන රටවල් අතරින් ඉහළින්ම ඉන්නවා. හරක් මස් කියන්නේ අද ඉන්දියාවේ ප‍්‍රධාන ආදායම් මාර්ගයක්.

අද හරක් මස් විරෝධයක් බෞද්ධයන් අතර ගොඩනැගුවත් මේ තුළ තිබෙන්නේ පටු ජාතිවාදී හැ`ගීම් සමුදායක්. හරක් මස් විරෝධය රට තුළ ආගමික සහජීවනය වගේම ජාතික සමගියටත් ප‍්‍රබලව බලපානවා. අනෙක් පැත්තෙන් මේක ජාතියේ පෝෂණයටත් වක‍්‍රව බලපාන තත්ත්වයක්.

ඔව්, ජාතික සමගිය වගේම නිදහස සැලකුවාම මෙතන ලොකු ගැටලූවක් තිබෙනවා. අපි සිංහල බෞද්ධයෝ හරක් මස් කන්නේ නැහැ කියලා මුස්ලිම් මිනිසාට කතෝලිකයාට නොකා ඉඳපන් කියන්න බැහැ. අපි මස් වෙළෙඳාම් කරන්නේ නැහැ කියලා එයාලාට වෙළෙඳාම් කරන්න එපා කියන්නත් බැහැ. මේ සේරටම වැඩිය ලොකු ගැටලූවක් මම මෙතන දකිනවා. මමත් සිංහල බෞද්ධයෙක්. සිංහල බෞද්ධ අපි නිර්මාංශ වෙමු කියූ ගමන් අපි අනික් ජාතීන්ට වඩා පිටුපසට යනවා පෝෂණය පැත්තෙන්. මෙහෙම මේක දිගටම ගියොත් අපේ දරුවන්ගේ බුද්ධි වර්ධනය අනෙක් ජාතීන්ට සාපේක්ෂව පහළට යාවි. මුස්ලිම් දරුවන්, කතෝලික දරුවන් විශ්වවිද්‍යාලවලට වැඩිපුර ඇතුළු වෙනකොට අපිට ආයෙත් පිකට් කරන්න වෙයි මෙතන හොරයක් තියෙනවාය කියලා. මම බෞද්ධ ධර්මය ගැන ලොකු බුද්ධිමතෙක් නොවෙයි, හැබැයි ප‍්‍රාණඝාත අකුසලය ගැන හිතුවොත් අපිට ගහක්වත් කපන්න වෙන්නේ නැහැ. පණු බෙහෙත් පෙත්තක්වත් බොන්න බැහැ. ඒ නිසා හැම දෙයක්ම ගැනම අපි විවෘතව කල්පනා කළ යුතුයි කියලායි මම නම් හිතන්නේ. පටු ජාතිවාදී සීමාවල හිරනොවී.


http://ravaya.lk/?p=3356





Saturday, May 26, 2018

ඩිස්ටි ඩිඩින් නැති ලෝකයක්




ආතර් සී ක්ලාක් මහතාගේ අනාගත කැලැන්ඩරය කාලයක් යනතුරුම මා සතුව තිබිනි. 2001 දී මිනිස් ක්ලෝන නිර්මාණය කරනු ඇතැයි ඔහු පැවසීය . එහෙත් 2018 දීවත් එය සැබෑ නොවීය. තවද ආරක්ෂිත බලශක්ති ක්‍රමවේදයක් භාවිතයට එනු ඇතැයි අනාවැකි පළකලද එයද සැබෑ නොවීය. එහෙත් අතත්‍ය අවකාශය මගින් මිනිසුන් සම්පූර්නයෙන්ම ලිංගික ක්‍රියාවලින් මුදාගන්නට හැකිවනු ඇත.

යාන්ත්‍රික ජීවන රටාවකට හුරුවී ඇති ජපන් ජාතිකයන් ලිංගික ක්‍රියාවලට එතරම් කැමැත්තක් නැති බවත් ඔවුන් ඒ වෙනුවට වෙනත් විනෝදාංශ සොයාගන්නා බවත් හෙලිවී ඇත. 




අතථ්‍ය අවකාශය නිසා මීට වඩා වෙනස් දෙයක් සිදුවේ. එනම් සාමාන්‍ය ලිංගික ජීවිතය අතථ්‍ය අවකාශයේ දීම සිදුකළ හැකිවීමයි.  මෙහි ළමා අපචාර ස්ත්‍රී දූෂන වැනි දේ වලට පෙලඹීම් අඩුවීම මෙයින් සිදුවෙන වාසිදායක පැතිද තිබේ. දෙයක් ලෙස සැළකිය හැක. ලිංගික සහකරුවෙකු තබාගන්නවාට වඩා ඉතා අඩු වියදම් මේ ක්‍රමය ඇතැම් විට ජනප්‍රිය විය හැක. 




විවාහය යනු ලිංගික ජීවිතයම නොවේ.ඉන් කුඩා කොටසක් පමණි. ඇත්තෙන්ම ආසියාවේ අපට විවාහය යනු සංස්කෘතියේම වැදගත් අංශයකි. ඒ එකිනෙකාට රැකවරනය හා පරම්පරාව ඉදිරියට ගෙනයාම වැනි දේද බලාපොරොත්තු වේ.
එහෙත් සිදුවන යාන්ත්‍රීකරණයත් සමඟ අපේ රටද මේ රැල්ලට ගසාගෙන යනු නැතැයි සිතිය හැකිද


___________________________________________________

ෆේස්බුක් දැනුම


ෆේස්බුක් ප්‍රොෆයිලය හදා මම රික්වෙස්ට් යැව්වේ දෙදෙනෙකුට පමණි. ඉන් එකක් ආයෙහිකා ලක්මාලි නම් වූ ෆේක් ප්‍රොෆයිලයයි. ඇත්තෙන්ම මගේ මිතුරු ලැයිස්තුවේ සිටින කිසිවෙකු මම නාදුනමි.  එන රික්වෙස්ට් සියල්ල අනුමත කරමි. මට කියන්න අවශ්‍ය මේ ආය්හිකා  ප්‍රොෆයිලය කවුරු වුනත් එය දැනුම බෙදීම අතින් ඉදිරියෙන් සිටින බවයි. මේ එහි පළවූ ලිපියකි.



ඇල්ෆා, බීටා, ගැමා, සිග්මා, හා ඔමෙගා පිරිමි. ඔබේ වර්ගය කුමක්ද?

ඇල්ෆා

පිරිමි කණ්ඩායමක ( ගැන්සිය , බජාර් ... ) නායකත්වයට නිතැතින්ම ගතිලක්ෂණ වලින් පත්වෙන . එවැනි පිරිසක පාලනය හසුරුවන සාමාන්යයෙන් කාය ශක්තියෙන් , උපක්‍රමශීලිත්වයෙන් , නපුරු කමින් , තද රළු ගතියෙන් අනික් පිරිමි ඉක්මවා සිටින පිරිමියෙක් මෙලෙස හදුන්වයි. පිරිමි පාසල් වල සාමාන්යයෙන් පන්තියේ චණ්ඩියා භූමිකාව රඟ දක්වන අනිත් ළමුන් ට කරදර හිරිහැර කරන කුණු හරුප කියන පුද්ගලයන් මෙවැනි චරිත වල අන්කුර වේ. සැබෑ ඇල්ෆා පිරිමි සියලු පිරිමි අතුරින් 1% පමණ ජන ගහණයක සිටී. ඇල්ෆා පිරිමියා කිසිවෙකුගේ නායකත්වයට අවනත නොවේ. ඔහු ගහණයේ සෑම සම්පතක්ම පළමු පරිහරණය කරයි.( කාන්තාවන් , ක්‍රිකට් බැට් එක , කෑම ) කාන්තාවන් හෝ වෙනත් අය ඉදිරියේ කිසිදු චකිතයක් නොදක්වයි.

බීටා

ඇල්ෆා පිරිමියෙකුගේ නායකත්වයට අවනත වන සාමාන්‍ය පිරිමි මොවුන් වේ. සාමාන්ය පිරිමියෙකුට කුඩා කණ්ඩායමකට ඇතුළු කල විට ( ආදි මානව දඩයම් ගෝත්‍රයක් අනුකරණය කරන ) තනිව ජීවත් විය නොහැක. තමාගේ ආරක්ෂාව , අන් පිරිමින්ගෙන් හිරිහැර සිදු වීම කාන්තාවන් ලබා ගැනීම උදෙසා සාමාන්‍ය පිරිමියාට ඇල්ෆා පිරිමියෙකුගේ නායක්ත්වය පිළිගන්නටම වේ. එසේ පිළි ගැනීමෙන් ඇල්ෆා පිරිමියාගේ ගැන්සියට ඔහු ඇතුළත් වේ. ඔහුගේ ඕනෑ එපාකම් තීරන වලට යටත්ව මස් කටු ගිලිමින් වාසය කරයි. බීටා පිරිමි තම ගැන්සියේ නොවන තම ජනප්‍රිය මතයට විරුද්ධ යම් පිරිමියෙක් දුටු විට උසුළු විසුළු කරයි. පහර දීමට සැරසේ. මෙය ඔහු තම ඇල්ෆාගේ බලය නම් චත්‍රය යට යටත්ව අත් විදින වරප්‍රසාද වේ. මොවුන් සැම විටම තම පිරිමි කම රළු ගතිය ගැන අවධානයෙන් පසුවෙයි. තමා අන් අයට දුර්වල කෙනෙක් ලෙස පෙනෙන ගති ලක්ෂණ සගවයි. බීටා පිරිමියෙකුට සාමාන්‍ය පිරිමියෙකු නොකරන වැස්සට අව්වට කුඩ ඉහළන් යාම , විනීත කථා බහ ආදිය කිසි සේත්ම කිරීමට තීරණය කළ නොහැක . ඔහු සමාජ ජීවියෙකි. ගහණයක පිරිමි ජන ගහණයෙන් 85 % පමණම බීටා පිරිමි වෙති.

ගැමා

ගැමා ඇල්ෆාවෙකුට යටත් නොවේ. ඔහු ස්වාධීනත්වයෙන් ඇල්ෆා කෙනෙකුගේ ගතිගුණ දරයි. ගැමා බීටාවන් සමග ආශ්‍රය ප්‍රිය නොකරයි. බීටාවන්ගේ උසුළු විසුළු බුලී කිරීම් වලට ඔහු ලක් විය හැක. නමුත් ශක්තිමත් ගැමාවන් බීටාවන්ට හා ඇතැම් විට ඒ මුළු ගැන්සියම ඇල්ෆාද ඇතුළුව විනාශ කිරීමේ දණ ගැස්වීමේ පළි ගැනීමේ විභවයෙන් යුක්ත අය වෙති. යම් ගහණයක පිරිමි සියල්ලෝම ක්‍රිකට් ගසන අවස්ථාවක් සලකන්න. එවන් අවස්ථාවක ඇල්ෆා මූලිකත්වය ගනී. බීටාවන් සෙල්ලම් කරයි. බීටාවෙකුට කෙතරම් අසනීපයක් , අව්ව , වැස්ස තිබුණත් ක්‍රීඩාව ඇල්ෆාගේ අන හා කණ්ඩායමේ අභිමතය වෙනස් කළ නොහැක. නමුත් ගැමා ප්‍රසිද්ධියේ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කර එයට හේතු දක්වයි. ඔහුට කණ්ඩායමක උපකාරය සම්පත් ලබා ගැනීමට අවශ්‍ය නැත. මොවුන් විකෘති ඇල්ෆා පිරිමි වර්ගයක් නිසා ඔවුන්ගේ ප්‍රතිශය්තයන් 1% ට අඩුය.

ඩෙල්ටා

සාමාන්‍යෙන් පන්තියක අහින්සක අසරණ කොල්ලන් වේ. නිතරම බීටාවන්ගේද ඇල්ෆාවන්ගේද අඩන්තේට්ටම් වලට ලක්වේ. ගුටි කයි. ඇල්ෆා විසින් තම ගැන්සියට ඇතුළු කර ගැනීමට නොවටින පුද්ගලයන් ලෙස සළකයි. ස්වභාවයෙන්ම ක්‍රීඩාවට අදක්ෂය. වැඩට අදක්ෂය. ගැන්සියක් නැථිව වැඩ කර ගන්නටත් නොහැක. නමුත් ගැන්සියට ඇට්‍රහුළු කර නොගනී . සැමගේ සේවකයා වේ. කිසිදු සම්පතක් ( කාන්තාවන් , ක්‍රීඩාව ) නොලබයි. සමාජයේ කොන් වේ.

සිග්මා

මොවුන් ඇල්ෆාවන්ගේ ගැන්සි ඇසුරු කරයි. නමුත් ගැන්සියේ නොසිටී. අභ්‍යන්තරයෙන් ඇල්ෆාට වඩා දරුණුය. නමුත් එය පිටට නොපෙන්වා බීටාවෙකු සේ සැගවී සිටී. ඇල්ෆාට ඊර්ෂ්‍යා කරයි. පළිගනියි. උගුල් අටවයි. මෝඩ බීටාවන් රවටයි. මොහුට ඇල්ෆා තරම් ශක්තියක් පෞරුෂයක් නැථ. එනිසා බීටාවන් පාලනය කළ නොහැක. නමුත් මොහුගේ බුද්ධිය ඇල්ෆාට වඩා වැඩිය. බොහෝ විට පන්තියේ ඉහළම දක්ෂයන් වේ. මොහුට බීටාවන් බය වේ. මන්ද මොහු ඇල්ෆාගේ පුරෝහිත ලෙස ඔහු රවටා තමාට කරදර කරන බීටාවන්ගෙන් පළි ගනියි. ඇල්ෆාගෙන්ද තමාට ඕනෑ වැඩේ කර ගන්නට දක්ෂ වේ. බය නැතිව ඕනෑ දෙයකට විරුද්ධ වේ. ඒ වරප්‍රසාදය ඇල්ෆාගෙන් ලබා ගනියි. අවස්ථාව පැමිණි පසු ඇල්ෆා පන්නා දමා බීටාවන් සියල්ල තම අණසකට නතු කරගෙන ඇල්ෆා බවට පත් වේ. නමුත් සිග්මෙකු වූ ඇල්ෆාට බීටාවන් පාලනය කළ හැක්කේ කෙටි කලකටය. මන්ද ඔහු බුද්ධියෙන් මුහුකුරා ගියද පෞරුෂය හීනය. මෙවැන්නන් අන් අයට වල කපා තමා පාඩම් කොට සමාජයේ ඉහළ තනතුරු වලට යන බැවින් එවැන් ස්ථර වල සිග්මාවුන් බහුල වේ.

ඔමෙගා

ඇල්ෆාගේ කණ්ඩායමෙන් ඉවත් වූ බීටාවන් වේ. ඇල්ෆා විසින් පන්නා දම බොහෝ බීටාවන් ඩෙල්ටාවන් බවට පත් වේ. නමුත් සුළු තරයක් ඔමෙගාවන් වේ. ඔමෙගාවන් තනිවම වැඩ කර ගනී. ඔවුන් අභ්‍යන්තරයෙන් ශුද්ධය. බුද්ධියෙන් පෞරුෂයෙන් ඇල්ෆාට සමානය. එහෙත් තමාගේම කණ්ඩායමක් සාදා නායක්ත්වය දෙමින් ඇල්ෆෙකු වීමට ඕනෑ කමක් මොවුන්ට නැත. මොවුහු බීටාවන්ගේ කරදර වලට ලක් විය හැක. නමුත් ඔවුන් එවැන්නන්ට මෛත්‍රී කර අහක බලා ගනී ගැමාවන් සේ පළි නොගනී. තමන්ගේ වැඩේ පැත්තක සිට කරගෙන සාර්ථක වේ. සාමාන්ය ගහණයක 2% ක් පමන පිරිමි ඔමෙගාවන්ය. ඔවුන් කන්ඩායමක සහය තම වැඩ වලට අපේක්ෂා නොකරයි. මොවුන්ගේ සම්පත් අන් අයගෙන් වෙනස් වේ. අන් බීටාවන් සම්පත් ලෙස සළකන කාන්තා ඇසුර , සමාජ ස්තාවරය , නායක කම් මොවුන් සම්පත් ලෙස නොසළකයි. සමලි#න්ගිකයෝද ඔමෙගාවන් වීමේ ප්‍රවණතාව ඇත. නමුත් බොහෝ සමලින්ගිකයන් ඝැමාවන් හෝ සිග්මාවන් වේ. නැත්නම් එවන් ඇල්ෆාවන් පාලනය කරනා රන්චුවක බීටාවෙක් වේ.


මීට අමතරව සීටා පිරිමි හා එප්සිලොන් පිරිමි ලෙස බීටා වන් වර්ග දෙකකි. එප්සිලෝන් පිරිමියෙක් ඇල්ෆා වීමට කැමැත්තක් දක්වන ඇල්ෆා පිරිමියා රෝල් මොඩල් එක ලෙස අනුකරණය කරන පිරිමි වේ. සීටා පිරිමියා යනු කාන්තාවක් නිසා තම බීටා තත්වය වෙනස් කරගන්නට හැකි පෞරුෂ තත්වයක් ඇති බීටාවෙකි. කාන්තාවකගේ විශේෂ ඇසුර නිසා සීටාවා ඇල්ෆෙකු වීමට පවා හැකිය. ( අනික් බීටාවන් ඔහුට නායත්වය දීම මගින් ඇල්ෆාගේ කණ්ඩායම දෙකඩ වීම මගින් ) එසේම විශේෂ කාන්තාවක් නිසා සීටාවා කණ්ඩායමෙන් වෙන්වී ගැමාවෙක් , ඔමෙගාවෙක් , සිග්මාවෙක් හෝ අවසානයේ ඩෙල්ටාවෙක් පවා විය හැක. එබදු විචල්ය පෞරුෂ තත්ව ඇති අය සීටා නම් වේ.


________________________________________________

දවසේ පුවත

අයර්ලන්තයේ ගබ්සා නීති ලිහිල් කිරීම පිළිබඳව පැවති ජනමත විචාරනයෙන් ගබ්සාවාදීහු විශාල ප්‍රතිශතයකින් ජයගත්හ.