 |
Elon Musk |
පුරාන ලෝකයේ නව සොයාගැනීම් කල හැමෝම රජුන්ගේ උදහසට ලක්වූහ. බොහෝ විට එම බුද්ධිමතුන්ට අත්වුනේ විපත්ය.සියල්ල රජුට පමනි යන්න එම යුගයේ ආදර්ශ පාඨය විය. එහෙත් වැඩවසම් අන්ධකාරයෙන් හා ආඥාදායකත්වයෙන් මිනිසා මිදුන පසු ධනය දැනුම හා බලය මත දෝලනය වන සමාජයක බුද්ධිමතුන්ට සිත් සේ නිර්මාන කල හැක.සමාජයක් නිදහස් වූ පසු එහි සාමාජිකයන්ට කොතරම් දුර යාමට හැකිද යන්න ට හොදම නිදසුනකි Elon Musk.
ඇල්බට් අයින්ස්ටයින් ,නිකොලා ටෙස්ලා , අල්වා එඩිසන් ගැන අප අසා ඇතත් අපේ යුගයේ වීරයෙක් වන Elon Musk ගැන අසා ඇත්තේ ඊට අඩුවෙනි. ඇත්තෙන්ම Elon Musk යනු අපූරු මිනිසෙකි. හේතුව ඕනෑම විප්ලවවාදියෙක් විප්ලව කරන්නේ එක් ක්ෂේත්රයකය. ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත කියා පඩිවරු කීහ. එහෙත් ඕල් රවුන්ඩර් කෙනෙක් වන Elon Musk ට ඒ පඩි වදන් ගැන වගේ වගක් නැත. ඔහුගේ මේ සුවිසල් භාවයට එක් හේතුවක් නම් ඔහුගේ ධනයයි. ධනය නැති මහා බුද්ධිමතුන් වූ ටෙස්ලා වැනි අය ධනය ඉදිරියේ අසරණ වූහ.
ධනය යනු නරක දෙයක් නොවේ. මිනිසා සෙසු සතුන් පරයා මහා පිම්මක් පැන්නේ මේ පෞද්ගලික දේපල ක්‍රමය ඇති වූ පසුය.මිනිසා ස්වාභාවිකවම ආත්මාර්ථකාමී සතෙකි. මේ ආත්මාර්ථය ලාභ ලැබීමේ ආශාව ඉහල නැගීමේ ආශාව නිසා සියල්ලෝම ප්රතිලාභ ලබති. අද අප භුක්ති විදින හැම දෙයක්ම කාගේ හෝ ලාභ ලබීමේ ආශාව නිසා ඇතිවූ වක්‍ර ප්රතිලාභ වේ. යථාර්ථය යනු මෙයයි. මනව සංහතියේ දියුණුව පතා නිර්මාණ කරන්නන් නැත. මානව සහෝදරත්වය යන වදනම බොරුවකි. බොරු වදන් පෙරටු කොටගත් මාවත් අවසන් වන්නේ ව්යසනයෙනි.
නමුත් මිනිසාගේ නොනිත් ආසාවක් වන ඉහල නැගීමේ ආශාවට රුකුල් දීම නිසා දියුණු රටවල නව නිර්මාණකරුවන් බුරුතු පිටින් බිහි විය. මේ අයට උදවු කරන්නට ධනපතියන් පෙරට ආහ. මුලින්ම සාර්ථක විය යුත්තේ තමන්ය. සියළු මානව දැනුම ආත්මාර්ථකාමී උන්නතිකාමයේ ප්රතිඵලයි. උන්නතිකාමයෙන් ඔද වැඩුන සුන්දර මිනිසුන් ගේ බුද්ධි මහිමය යෙදවෙන්නේ නිර්මානකරනයටය. එනම් ජීවන ආශයටය . මරන ආශය ට නැඹුරු වන්නේ අසුන්දර මිනිසුන්ය. අසුන්දර මිනිසුන් ගැන කතා කරන්නට මම අකමැතිය. ඔවුන් දෙලොවටම නැති බැවිනි.
Elon Musk මැතිතුමා ක්ෂේත්‍ර ගනනාවක මහා විප්ලවයන්ට අත ගසා ඇත. මෙහි විශේෂත්වය ඒ හැම ව්‍යායාමයක්ම මානව සංහතියේ සමස්තයම උඩු යටිකුරු යන නිසාය. රෝදය සොයාගැනීම ගින්දර සොයාගැනීම ආදිය නිසා සිදුවූ පෙරලිය වැනිම පෙරලි රැසකි.
අනාගතයේ කෙළින්ම දැනුම ඩවුන්ලෝඩ් කරගන්න හැකි වෙයිද. එහෙම වුනොත් එය මොන තරම් පෙරලියක්ද. අධ්‍යාපනය හා සන්නිවේදනය එහෙම පිටින්ම වෙනස් වෙනවා නේද
සන්නිවේදනයට සමගාමීව ප්‍රවාහනය දියුණු නොවන බවට චෝදනාවක් ඇත. මෙන්න තාක්ශනය ඊට දෙන විසදුම . පැය ගනන් ගත කල ගමනට ඉදිරියේදී ගත වෙන්නේ විනාඩි ගනන්ය.
ඒ හැර මේ මහා පුරුෂයා පියවි සෛල තාක්ෂනය මගින් රෝග සුව කර වෛද්‍ය ලෝකය ට මහ මෙහෙයක් කරන්නත් කෘතිම බුද්ධිය මගින් මහ මෙහෙයක් කරන්නත් සැරසෙයි.
අනාගත කර්මාන්ත ලෝකය උඩු යටිකුරු කරන තාක්ශනය ගැන මෙතුමාගේ ඉදිරි දැක්ම බලන්න. අගහරු ජනාවාස කරන්නයි සැලසුම්.
දකුණු අප්‍රිකාවේ ඉපිද කැනඩාවේ හා එක්සත් ජනපදයේ තාක්ෂන පෙරලි කරන මේ උත්තමයා වැඩි වයසක් නැති කෙනෙකි. අනාගත ලෝකය ගැන කතා කරන කවරෙකුට වුවද අනිවාර්යෙන්ම නොකියා සිටීමට බැරි නමක් Elon Musk.