අද දවසෙම වැස්ස. පසුගිය මාස කීපයෙ තිබුන දරුනු රස්නය වෙනස් වෙලා. දැන් සීතයි. කොහොමත් මම උනුසුමට වඩා සීතලට කැමතියි.බස් එකත් වැරදුනා. ගස් කඩාවැටිල කියලත් ආරංචි ආව. වැහි දවස්වලට ට්‍රේන් සිග්නල් කොහොමත් අවුල් නිසා මේ වගෙ අනෝරා වැහි දාක වැඩට ගියත් යන්න වෙන්නෙ ශෝට් එකක් නෙමෙයි කෙලින්ම හාෆ් එකක්ම දාන්න බලාගෙන. කොහොමත් වැහි අන්ධකාරෙත් එක්ක මල පාලුව. නමුත් මාර සුන්දරත්වයක්. මගෙ කාමරේ ඉදිරියෙන් තියෙන්නෙ වෙල් යාය . වෙල් යාය එක්කම වැව. අවට පසුතලය ගස්කොලන් වලින් පිරිල. පොල් වතු හැම තැනම . හරිම සුන්දරත්වයක්.වැහි කලුවර ලස්සනයි.හුලං හමනව වහිනව හරිම චමත්කාරජනකයි.බ්ලොග් පෝස්ට් එකක් මේකෙ කාලෙකින් දැම්මෙ නැති නිසාත් අධ්‍යාපන වැඩ ඊලඟ රෙජිස්ට්‍රේෂන් එක වෙනකම් කෙරෙන්නෙ නැති නිසාත් මේ මාස දෙකතුනේ ඉසිඹුවෙදි පෝස්ට් නොදැම්මත් මාව කොමෙන්ට් වලදි හෝ දකින්න ලැබෙයි.
නවක වධ ආන්දෝලනය නිසා මටත් ඒකට සහභාගි වෙන්න සිදුවුනා. මම බුකියටත් ගියා. බුකියෙ වගේම බ්ලොග් වලත් නවක වධකයන්ට දුවන්න පාරවල් මදි වුනා. ඇත්තටම සමාජය මේ වගෙ සංවර්ධනාත්මක ප්‍රවේශයක් ලැබීම හුගක් හොදයි. මට හිංසාව පෙන්නන්න බෑ. ආරක්ෂක අංශවල වේවා ,පොලීසියේ වේවා, පාසල්වල වේවා,සිවිල් සමාජයේ වේවා සිදුවන හිංසාවට මම විරුද්ධයි. ඒකට හේතුව හිංසාව සිදුවෙන්නෙ සාපේක්ෂ බලවතා විසින් සාපේක්ෂ දුබලයාට එරෙහිව වීම නිසා.
හිංසාව ගැන කියනකොට පහුගිය දවස්වල උදේම මට දකින්න ලැබුන ශෝචනීය සිද්ධියක් ගැනත් කියන්න ඕන. අපේ ගමේ මම දන්න කෙනෙක් දැන් හිගා කනව. ඔහු මන්ද මානසික කෙනෙක්. හැමෝගෙන්ම ගුටි කනව. ඉක්මනටම තරහ යනව. හැමෝටම බනිනව. අර කවුද කිව්ව කතාවෙ අනික. මේ මනුස්සය ගුටි නොකාපු කෙනෙක් පැත්ත පලාතෙ නෑ. හිගා කන තැනත් ඉදගෙන අල්ලපු ගෙදරක මිනිස්සුන්ට බනිනව. මෙහෙම බනින කොට පිරිමියෙක් ආව මෙයා ඉදිරියට. අනික් පැත්ත හැරිල ගහන්න බැරි මේ මනුස්සයට ගුටි අනින්නයි මේ එන්නෙ. මේ වෙනකම් සිංහ නාද කරපු මේ හිගාකන තැනැත්ත අනේ මන් නිකම් ඉන්නකොට මට බනිනව කියල අඩන්න ගත්ත.මාත් අවධානෙන් ඉන්න බව පෙන්නුව. දේවාලෙට පඩුරු දාන්න ආපු තව කෙනෙකුත් ඒකම කලා කියල මට හිතුන. දැනටත් කකුලක් කැඩිල හිගාකන මේ හාදයට තව ගුටි පූජාවක් ලැබෙන එක වැලකුනා.
අපේ සමාජයෙ උදවිය තමන්ට වඩා දුර්වලයෙකුට ප්රචන්ඩත්වය පෙන්වන්න හරි ආසයි. නවක වධයෙනුත් වෙන්නෙ ඒක. සමාජගත කරන කෙහෙල්මල් උප සංස්කෘතියක් නෑ. හිට්ලර් යුදෙව්වන් ආර්ය ජර්මන් උප සංස්කෘතියට අනුගත කරන්න දරපු පෙරටුගාමී වෙහෙස බලන්න. එහෙමනම් හිට්ලර් සහෝදරය කොච්චර හොදද. මෙච්චර නවක වධ දීල උප සංස්කෘති හදාගන ඉන්න අපේ කැම්පස් ජාත්‍යාන්තර වර්ගීකරන වල ඉතාම පහලින් ඉන්නෙ. උගන්ඩාවෙ කම්පාලා කැම්පස් එකත් අපේ ඔක්කොටම වඩා උඩින්.
ලෝකෙ දියුණු රටවල නවක වධය නැත්නම් අපට මොකටද . මොකක්ද මේ අලුත් අයට වද දීල හුරු කරන උප සංස්කෘතිය. මේකට වචන උඩප්පරන් ගහල හිනායන කතන්දරයක් කියන්න පුලුවන්.නවක වදය දුන්නෙ නැත්නම් ලෝක බැංකුව නිදහස් අධ්‍යාපනය නැතිකරන කුමන්ත්රනයෙන් ජයලබන හැටි කියල දෙන්නෙ උත්තමයො ඉදිරිපත් වෙන්න ඉඩ තියනව.
හැම වසරකම නවක වදය නිසා යම් පිරිසක් විශ්ව විද්‍යාල හැර යනව. යම් පිරිසක් ආබාධිත වෙනව. අවුරුද්දකට දෙකකට සැරයක් එකෙක් දෙන්නෙක් මැරෙනව. ඉතින් මේ වගෙ දෙයක් රැකගන්න ඉදිරිපත් වෙන අයත් ඉන්නව. රැග් එක අපට බටහිරින් ආ දෙයක්.නමුත් බටහිර විරෝධීනුත් මේක ආදරෙන් වැලදගෙන් අතියනව.
නායක සහෝදරය රුසියාවෙන් ඉගන ගත්ත අපූරු මනෝ විද්‍යාත්මක සංකල්ප තියනව. වධ දීමෙන් පසු මතවාද ගිල්ලවීම. ඇත්තටම මේක අත් හදා බැලුවෙ ස්ටාලින් සහෝදරයටත් පෙර හිට්ලර් සහෝදරය. වධ දීල මතවාද ගිලලනව කීවම ඒක ටිකක් මඤ්ඤං වගේ නෙහ්.
ගුවන් යානා මංකොල්ල කෑවම ඒ මංකොල්ලකරුවන් හා ප්‍රාන ඇපකරුවන් අතර යම් බැදීමක් ඇතිවෙනව කියල කියනව. කුනු ෆ්රෙශාල සහ ජේස්ට උත්තමයො අතරත් එහෙම බැදීමක් තමා තියෙන්නෙ.
තව දෙයක් තමා ලිංගිකත්වය. නිරුවත් යුදෙව්වො ඉදිරියෙ ඇදුම් හැදි එස් එස් නිලධාරිය ඉතා උතුම් වුනා. එස් එස් නිළධාරිය කියන දේ බලවත් වුනා. ලිංගිකත්වය කියන්නෙ අපූරු ක්ශේත්‍රයක්. මතයක් ගිල්ලන්න ඇතුළු වෙන්න පුලුවන් හොද දොරක්.
වධ දීමෙ එකම අරමුන වෙන මොකක්වත් නෙමෙයි ලිංගික තෘප්තියක් ලැබීම කියාන් තැනට සමාජය තල්ලු වුනොත් වධකයන්ගෙ සලු පිලි ගැලවෙයි. අද වධකයන් ආරක්ෂකයන් හා සමාජගත කරන්නන් වෙලා.
නවක වය තියෙන්නෙ විශ්ව විද්‍යාලවල විතරක් නෙමෙයි. කාර්මික විද්‍යාල,හමුදා , වෙඩින් වල පවා තියනව. සමාජය තුලින් මීට දැඩි ප්රතිවිරෝධතාවයක් ගොඩ නගන්න ඕන ඒකයි.
වධක කතාව ඇති. අපට එච්චර ගානක් නැති වුනාට අද ලෝක දේශපාලනයෙ වැදගත් දෙයක් තමා ඇමරිකානු ජනාධිපතිවරනය. මේක sexism හා racisim අතර සටනක්. මටනම් හිතෙන්නෙ මේ පාර ඩොනල්ඩ් ට්‍රම්ෆ් දිනයි කියල. ඔහු සියළු ප්‍රශ්නවලට හේතුව සංක්‍රමනිකයන්ය කියල ගෙනයන මතවාදය ඉතා භයානකයි. නමුත් සුදු කන්සවැටිව් ජනයා තමන්ගෙම රටේ තමන් බෝඩිම්කාරයො වෙලාකියල හිතන්න පටන් අරන් බව පේනව.
ලොව පුරාම දක්ශිනාංශික රැල්ලක් යන බවත් පේනව බ්‍රසීලයෙ ඩිල්මාවත් ඉවත් කරල. වෙනිසියුලාවෙ මදුරුවටත් විශාල විරෝධයක් ගොඩ නැගෙන හැඩයි.මේ සේරම වෙද්දි කියුබාවෙ නාමල් කුමාරය කරලියට එනව වගෙ. මෙහෙ පවුල්වාදෙ නරක උනාට වාමාංශිකයන්ට අනුවත් කියුබාවෙ ඇලජෙන්ඩ්‍රෝ කුමාරය එන එක හොදයි.ලෝකෙ හුගක්ම දකුනට බරවෙන එකේනම් මහ අමුත්තක් මට දැනෙනව.
තනි පුද්ගලයෙකුට රටකට කරන්න පුලුවන් ලොකුම හානිය වෙනිසියුලාවෙන් දකින්න පුලුවන් වුනා. අපේ 70 77 කොත්තමල්ලි බූමිතෙල් යුගය වගෙ. කොහොමත් සමාජවාදය කියන්නෙ ප්‍රායෝගික දෙයක් නෙමෙයි.ඒක මානව සොභාවයට එරෙහියි. උත්තර සමාජවාදයක් ගොඩ නගනවනම් ඒක වෙන්නෙ ජනතාව ආර්ථික හා අධ්‍යාත්මික ලෙස සංවර්ධනය වූ දාක.
අපේ ගමක ගොවි සමිතියකට තෙල් ටැංකියක් ගත්තත් ඒක වැඩි දවසක් පාවිච්චි කරන්න බෑ. අයිතිකාරයො නැති වුනාම අයිතිකාරයො ගොඩයි. පුද්ගලික බස් එකට අයිතිකාරය ආදරෙයි. නමුත් රජයේ බස් වල දුනුකොල පවා විකුනගනන්නයි බලන්නෙ. මමත්වය පොදු මමත්වයක් බවට පත් කිරීම ප්‍රායෝගික නෑ. මම මිසක් අපි කියල දෙයක් නෑ. කල යුත්තෙ මම තවත් මම කෙනෙකුට ප්‍රයෝජනවත් දිශානතියකට යොමුකිරීම මිස මම බලෙන් අපි කිරීම නෙමෙයි. එහෙම කරනකොට දැඩි විනයයි වධ කදවුරුයි වැඩ කදවුරුයි අරකයි මේකයි අනිකයි ඔක්කොම ඕන වෙන්නෙ.මේ නිසයි සමාජවාදය සාර්ථක කරගන්න දැඩි මර්ධනයක් අවශ්‍ය වෙන්නෙ.
කල යුත්තෙ පුද්ගලිකත්වය වර්ධනය කිරීම. මම නිදහස් අධ්‍යාපනයට වගේම නිදහස් සෞඛ්‍යටත් විරුද්ධයි.නිදහස් අධ්‍යාපනය වෙනුවට සිසුනය ක්‍රමයක් යෝජනා කරන්නෙ ඒකයි. උසස් පෙල දක්වා හැමෝටම පොදු අධ්‍යාපනයක් දෙනව. ඒක ඒ නිසා නිදහස් වුනාට කමක් නෑ. නමුත් උසස් අධ්‍යාපනය සිසුනය ක්‍රමයක් මත දුන්නොත් ඔය බැරියර් පෙරලන ඒව අට්ටාලවල ප්රාතිහාර්ය පාන ඒව අඩු වෙයි.නිදහස් සෞඛ්‍ය වෙනුවට සියලු දෙනා ආවරනය වන රක්ෂන ක්‍රමයක් තිබුනොත් හොද සෞඛ්‍ය සේවයක් හැමෝටම ලබෙනව. හදිසි අනතුරු වගෙ ආපදා තවයන් සදහා වෙනම රජයේ සේවයක් තිබිය හැකියි.
මිනිස් සභ්‍යත්වය කියන්නෙ මාකට් කිරීම පිලිබද කතාවක්. මාකට් කරන එකේ වරදක් නෑ. සියලුම සමාජවාදී රටවල් අසාර්ථක වුනේ පොතක් ක්‍රියාවට නංවන්න ගත්ත මෝඩ උත්සාහය නිසා. සමාජවාදය මෝඩ තරුනයන් කුලප්පු කරන්න මිස වෙන වැදගත්කමක් නෑ.සමාජවාදය කියා ඇත්තටම නැගෙන්නෙ පන්තිය මාරුකරගැනීමේ රැල්ලක්.
කොහොමත් ලොව පුරාම දක්ෂිනාංශික රැල්ලක් යන බව පේනව.
මේ සේරම බර්සාර ගාම්බීර දේවල්නෙ. පොඩ්ඩක් හිනාවෙලත් ඉන්න එපැයි. හිනා යන සීන් කෝන් එහෙමත් තියනව ආයි බොවන්ඩ
සමාවෙලා මේ අහපන් මහතුනේ
හිනාවෙලා හුජ්ජ බරයි රහතුනේ
අපේ රහතන් වහන්සෙ කෙනෙකුයි දර්ම සාතතරේ කෙල පැමිනි ගෘහපති පුත්‍රයෙකුයි අතර වාදෙයක් ගියානෙ මෑතක. වී එෆ් එම් ගැන අහලවත් නැති සදෙව් ලොව දෙවිවරු බඹ ලොවබ්රහ්මයො සිග්නල් තියන තැන් හොය හොය එහෙමෙහෙ දුවන හැටි බලන්න ලස්සනයි බොලව්.
ඒ මහා අතුලයා එක් පසෙකින් එනවිට ඒ මහා සමන්තයා තව පසෙකින් එයි. කුමක් වේදෝ හෝයි සැකෙන් බියෙන් අප වැනි පුහුදුනන් සැගවෙන්නට් මුලු සොයමින් වටපිට බලමු. මේ වාදය නිසා වුනේ අතුලයා සමන්තයා එක සමාන යෝධයන් දෙදෙනෙක් බව ලෝකයා දැනගැනීමයි.අතුල මහතාගෙ ධර්ම දැනුම ප්‍රශස්තයි. සමන්ත මහතා ත් මම අගය කරන කෙනෙක්. ඒ මහතා බඩගිනි බුද්ධාගමට දෙන පහරට මම ආසයි.
මොකක්ද මේ බඩගිනි බුද්ධාගම කියන්නෙ කියල ඔහෙල උඩබිම බලනව ඇති . අශෝක මහත්තයගෙ කාලෙ මුල් බුදුසමය මාකට් කරන්න පුලුවන් දෙයක් බවට පත් කලා. නිවන එහෙම කල්ප කෙලකෝටියකට කල්දාල දානය පෙරට අරන් දිවිය ලෝක සැප ප්‍රාර්ථනා කරන බුද්දහගමක් අපට උරුම වුනා. සල්ලිකාර උපාසිකාවන්ගෙ දත් ගලවන අතරෙ සමන්ත මහත්තය කරන මේ වැඩේ අපූරුයි. ඒ මහත්තයගෙ ලැක්චර් මම යූ ටියුබ් එකෙන් ඇහුව ඩේට කැපෙන එක ගැන වගේ වගක් නැතුව. මහ දේකුත් නෑ. එකම කතාව හතර අතට කරකවන එක කරන්නෙ. අපි දන්න දේම තමා. මෙයා කියන්න ඕන නෑ අපට අකුරු කියවන්න පුලුවනිනෙ. පොත්වල තියන අත් හැරීමම තමා. මෙයාව මට ප්‍රමෝට් කරපු සමහරු මෙයා අමුතුම බනක් කියනව කියල කිව්වෙ. දැන් බන කියන්නෙ මනෝ විද්‍යාවයි පුලුවන් නම් භෞතික විද්‍යාවයි පත අට එකට හිදල අනුපානෙට කුනුහරපත් දාල කියන එකක්නෙ. ඕව දැනගන්න බන අහන්නම ඕනයැ.එයාගෙ බොඩි ලැන්වේජ් එක ගැන මට හිතෙන දේ නම් මෙතන කියන්න යන්නෙ නෑ.
ඉතින් මේ කතාබහ අහවරකොරන්න කලියෙන් ඔය නිවන රහත් බව ගැන මගෙ අදහසුත් එබුවෙ නැත්නම් අඩුවක් නෙ. මම නම් හිතන්නෙ විශ්වයේ ගල් ගසුන ප්රපංචයන් නැති බව. තව රැල් බුරුල් ඇරල කියනවනම් වියුක්ත ලෙස ගත හැකි කිසිවක් නෑ. මේක තමා බුදුහාමුදුරුවො දේශනා කලේ. ඒ අනුව මමය මාගේය කියා ගත හැකි දෙයක් නෑ.සැබවින්ම අපි ජීවත්වන්නෙ මේ ක්ශනයේ පමනයි. නමුත් අපගේ මතක ගබඩාවෙ අතීත මතකයන් තියන නිසා අපට අනන්‍යතාවයක් ලැබිල. ඊලග මොහොතෙ ඉන්නෙත් මම නෙමෙයිනම් මට කොහෙද පුනරුත්පත්තියක් හෝ පුනර්භවයක්. මේ ඔක්කොම වචන හරඹ. සිතිවිලි වලට තමා භව කියන්නෙ .සිතිවිලිවලින් සිත නිදහස් කර ගැනීමයි නිවන. මේක සුනීතලට සෝපාකලට, දාරුචීරියලට, චුල්ල පන්ථකලට ,අවබෝධකරගත හැකි සරල දෙයක්. සමහරු ගෙලකපාගන්න විට,සමහරු දිවස් උලේදි සමහරු ගලා යන ජල පහර දැකල මෙය තේරුම් ගත්ත.
අපි පතපොතේ වහලුන් වෙලා වචන උඩප්පරන් ගහන එකේ කිසිම තේරුමක් නෑ කියල යි මට හිතෙන්නෙ.
බ්ලොග් සමාලෝචනය
චිත්‍රාංගි
බැලියම යුතු බ්ලොග් එකක් ලෙස චිත්‍රාංගි බ්ලොග් එක හදුන්වාදිය හැක. ඇත්තෙන්ම මෙය මා බොහෝ කලක පටන් කියවන බ්ලොග් එකකි. එහි පොලිස් වධ හිංසාවන්ට ලක්වූ අසරනයන්ගේ කතා මා නොවරදවාම කියෙව්වෙමි. ඔවුන් චීන කොමියුනිස්ට් විප්ලවය සැමරීම චීන රජය විසින් නොකිරීම ගැන කතා කරයි. ඔවුන් එය ඓතිහාසික අත්වැරැද්දක් ලෙස පිලිගනීම සතුටකි. පොත ක්‍රියාවට නැගීමට ලෙනින් ගත් මෝඩ උත්සාහය නිසා චීනයටද එම ආභාශය ලැබුනි. ඇත්තෙන්ම මේවා ජාතික විමුක්ති අරගලවල ය. චීන විප්ලවයෙන් පසු ලක්ෂ 15 ක් මරා දැමූ බව නිල වශයෙන් කීවත් ඇත්ත ප්‍රමානය ඊට වැඩි විය හැක. විප්ලවයෙන් පසු පැරනි සමාජයේ නෂටාවශේෂ මුලිනුපුටාදැමීම නොහොත් නිර්ධන පන්ති ආඥාදායකත්වය යටතේ වෙනස් අදහස් දරන අය මෙසේ මරා දමා තිබිනි.
අවිද්‍යාවෙන් විද්‍යාවට
විද්‍යාත්මක කරනු සරලව ඉදිරිපත් කරන මෙය වැනි බ්ලොග් වලින් බ්ලොග් අවකාශයටම සෙත සැලසේ. මෙය ඉකොනොමැට්ටාගේ බ්ලොගය මෙනි. බ්ලොග් වලට විවිධත්වයක් අවශ්‍යය. එසේම විද්‍යා දැනුම සමාජගත වීම ඉතා අවශ්‍ය දෙයකි.
මමත් පත්තරේ දැක්ක මීට කලකට පෙර. පස්සෙ බලපුවම ඒක ටී ශර්ට් වල අකුරු මුද්‍රනයට තමා ඒ අය ත්‍රිමාන මුද්‍රනය කියන්නෙ. නමුත් 3 D printing කියන එක ලොව පුරාම භාවිතා වෙන්නෙ ඉහත කී සංකල්පයට.
මේ තාක්ෂනය නිෂ්පාදන සංස්කෘතිය උඩු යටිකුරු කරනවා නො අනුමානයි.
දේශපාලකයොත් ඡන්දදායකයො ප්‍රින්ට් කරයිද දන්නෙ නෑ