ඉකොනොමැට්ටාගේ බ්ලොග් එකේ මම දැමූ කොමෙන්ට් එකක් සංරක්ෂනය කළ යුතු යැයි සිතූ නිසා යළි පළ කරමි.
ඇත්තෙන්ම මෙම කොමෙන්ට් එක දැමීමට හේතුවුනේ විචාරකගෙ තරහකාරයෙක් පළකර තිබූ විචාරකගෙ හොර ප්‍රොෆයිල් එකකින් අසා තිබූ ප්රශ්නයකි. විචාරකගෙ අදහස් දැක්වීමෙ අමුතු බවක් දුටුවත් ඒ ගැන වැඩිදුරටත් නොසිතා මම පිළිතුරක් දුනිමි. හොර ප්‍රොෆයිල් සොයා ගන්නා හැටි ද අප දැන ගත යුතුවේ. හොර ප්‍රොෆයිල් එකෙන් ඔහුගේ /ඇයගේ බ්ලොග් එකට යාමට නොහැක. .නිකම්ම ගූගල් එකවුන්ට් එක පමනි.
විචාරක සමග නිතර ගැටෙන ඇනෝ කෙනෙක් වෙයි. ඔහු පුකට පයින් ගැසීමක් ගැන විචාරකට චෝදනා කරයි. අපට මෙය හතරබීරි කතාවකි.මා සිතුවේ විචාරකගෙන් පුකට පයින් පහරක් කෑ ගමේ හෝපෙර හමුදා සේවයේ පුද්ගලික තරහකාරයෙකුගෙ ඇරියස් එකක් කියායි.
විචාරකට මතකද මන්ද මීට පෙර ප්‍රොෆයිල් හදාගනත් ඔබට පහර දුන්නා. එක් ප්‍රොෆයිල් එකක් කාවා නමින් තිබුනෙ. මේ කාවාව අනෙක් අය හොදට දන්න බව ඒ අයගෙ කොමෙන්ට් වලින් පෙනුන.
ඇනෝ එන්නෙ පිටසක්වලින් නෙමෙයි .බොහොම ප්‍රකට බ්ලොගර්ස්ලම තමා ඇණෝ එන්නෙ. භාෂා විලාසයෙන් ගෙස් කරන්න පුළුවන් වුනත් ඒක 100% ෂුවර් නෑ. අනුන්ගෙ වචන රටාව ස්ටඩි කරල සූක්ෂ්මව කෙනෙකුට ඇණෝ ගහන්න පුළුවන් නිසා. අපට හරියටම අහවලාය කියන්න අමාරුයි. නමුත් විචාරක ඇත්තටම කවුද කියල දන්නවානම් දෙවරක් නොසිතා නම් ගම් හෙළි කළ යුතුයි. මා නම් කෙලින් කතා කරන කෙළින් වැඩ කරන අයට කැමතියි.
හොඳයි අපි යමු කොමෙන්ට් එකට . ඒක හොර එකක් වුනත් යම් තර්කයක් ඉදිරිපත් කරල තිබෙනවානෙ
නොදන්න සිංගප්පූරුවක් ලියන්නෙ නැතුව දන්න බ්ලොග් කට්ට ලියන් ඉන්නවද මධ්‍යස්ථ මතධාරියා. සිංගප්පූරුවෙ කස පහර දෙන්නෙ හොරෙන් පැනල ඉන්න අයටයි, ස්ත්‍රී දූෂකයන් ඇතුළු අපරාධකාරයන්ටයි විතරයි, ඉස්කෝලවල ළමයින්ට ගහන්න තහනම්. ලී ක්වාන්යූ කිව්වෙ, බටහිර තරම් දියුණු නැති ආසියාවෙ බයියල හදන්නනම් දරුණු නීති රීති තිබිය යුතුයි කියලා. අනික ඔය කස ගහන එක මැලේසියාවෙත් තියෙනවා. මැලේසියාවෙ මුස්ලිම් අයට තියෙන්නෙ ෂාරියා නීතිය, අනිත් අයට තියෙන්නෙ සාමාන්‍ය නීතිය. නොදන්න දේවල් ගූගල් දෙය්යන්ගෙන්වත් අහගන්න. මම මාස කීපයක් ට්රඉනින්ග් එකකට සිංගප්පූරුවෙ හිටියා, ෂෝක් රට. අනිත් එක සිංගප්පූරුවෙ ගණිකා වෘත්තිය නීතිගතයි. පුදුම නිදහසක් තියෙන රටක්, අරාබිය වගේ නෙවෙයි
මගේ කොමෙන්ට් එක
සිංගප්පූරුව අරාබිය වගෙ නෙවෙයි තමයි මොකද අරාබියෙ ශාරියා නීතිය යටතේ කායික දඩුවම් දෙන්නෙ වැරදි දෙක තුනකට. ඒත් කලාතුරකින්. නමුත් සිංගප්පූරුවෙ එම වැරදි ප්‍රමානය 30 -35 ක් අතර.එය ලොකු ප්‍රමානයක්. ඒ වගේම සිංගප්පූරුවෙ ජනගහනයට සාපේක්ෂව දඩුවම් ප්‍රමානයත් වැඩියි. සිංගප්පූරුවෙ ඉන්නෙ සුළු ජනගහනයක්. වසරකට අති විශාල ප්‍රමානයක් අමානුෂික දඩුවම් වලට ලක් වෙනව. දරුණු වධහිංසා සහිත දඩුවම් එහි දෛනික කටයුත්තක්. මෙහි විශේෂත්වය නම් වෙනත් රටවල සුළු වැරදි ලෙස සැළකෙන දේවල් වලටත් සිංගප්පූරුවෙ වේවැල් පහර දීම.
වේවැල් පහර දෙනව කියන්නෙ පුක ලෙලි යනකම් ගහනව කියන එක. මම දැක්ක යූ ටියුබ් වීඩියෝ . තුවාල වුන තැන්වලට පවා පහර දෙනව. ගූගල් යූ ටියුබ් සර්ච් කළාම සොයා ගන්න පුළුවන්
සිංගප්පුරු අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් දිරිමත් කරනව සිසුන්ට වේවැල් පහර දෙන්න කියල. වසරකට වේවැල් පහර දීමේ ප්‍රමානයක් තියනව. මේ සේරම ලී ක්වාන් යූ ගෙ නැනී රාජ්‍යයෙ සැළසුම්. සිසුන්ට වේවැල් පහර දීම් තුලින් අනාගත කීකරු සමායක ලී බලාපොරොත්තු වුනා.
වේවැල් පහර කිව්වම අපේ ඉස්කෝලවල මිස් ල සර්ල වේවැලෙන් ගහන ඒව වගෙ කියල කෙනෙක් රැවටෙන්න පුළුවන්. එහෙම නෙවෙයි .සිසුවා මේසයක් ඉදිරියෙ නැවෙන්න සළැස්වල වැලමිට නවන්නෙ නැතිව දෙන දරුණු පහරක්. මෙය ප්‍රසිද්ධියෙ දෙන්නෙ. ලී මේ තුලින් බියපත් සමාජයක් ප්‍රාර්ථනා කළා. මෙතන තියෙන්නෙ මනෝ විද්‍යාව.
නමුත් පාලක පන්තියට මේ මොකුත් නෑ. ලී ගෙ දරුවෙකුත් කේනබල් ඔෆෙන්ස් එකකට වැරදිකරු වුනා. දඩයක් ගැහුව විතරයි. වෙන කෙනෙකුටනම් වේවැල් පහර.
සිංගප්පූරුවෙ බන්ධනාගාර ,හා හමුදාවල වේවැල් පහර දීම් සහ පාසල් සිසුන්ට වේවල් පහරදීම් අතර වෙනසක් තියනවා. සිරකරුවන් හා හමුදා නිළධාරීන්ට වේවැල් පහර දෙනෙන් නිරුවත් කරල. නමුත් සිසුන්ට කලිසම ගලවන්නෙ නැතිව වේවල් පහර දෙනව. සිසුන්ගෙ තට්ටම් ලෙලි යනව අඩුයි.
මයිකල් ෆේ සිදුවීමෙදි මේ වේවැල් පහරදීම් ගැන ලොවම දැනගත්තා. මේ තුවාල කැලැල් කිසිදා සුව නොවන බවත් කියවෙනව.
ලී ක්වාන් යූ නම් අපූරු මිනිසාගේ පුද්ගලික බුද්ධි බලෙන් රට සමෘද්ධිමත් කර ඇත. මිහිබට කේතුමතියි .
සිංගප්පූරුව ගැන සමහරු තුල ඇත්තෙ මෙවැනි අදහසකි.
කොමියුනිස්ට්වාදය පැතිරීම වැළැක්වීම පිනිස ඇමරිකාව ලොව පුරා ප්රාග්ධනය ආයෝජනය කළේය. ජපානය ,දකුණු කොරියාව මීට උදාහරන වේ. සිංගප්පූරුව නම් කුඩා මාළු දූපතටද මෙම ආයෝජන ලැබුනි.ඇත්ත කතාව එයයි
වෙන කිසිම හාස්කමක් නැත. සිංගප්පූරුව සුපර් මාකට් එකකි. එහි කුඩා ජනගහනයක් ඇත. මේ ජනයාගෙන් රජයට සිදුවන හිරිහැර වැළැක්වීම ආර්ථික ක්‍රමය ආරක්ෂා කිරීමේ එක් අවශ්‍යතාවයකි.
සිංගප්පූරුව ජපනා යටතේ තිබූ කාලයේ ජපනාගේ දරුණු නීති වලට සිංගප්පූරු වැසියා යටත් විය. මොන ප්‍රශ්න තිබුනත් දරුණු නීති හමුවේ මිනිසුන් බියපත්වන සැටි නිරීක්ෂනය කළ දුර්ජන මිනිහෙක්ද සිටියේය. ඔහු අන් කිසිවෙක් නොව අප කතා නායක ලී ය.
අරාබි රටවල දරුණු නීති තිබුනත් ඒවා කරුණු 3 ක් මත සිංගප්පූරුවට වඩ වෙනස් වෙයි. අරාබි රටවල දරුණු දඩුවම් දෙන්නේ දරුණු අපරාධ වලටය. ඒවාද ඉත කලාතුරකිනි. ඒවා දෛනික කටයුත්තක් ලෙස ද සිදු නොවේ. කිසිම අරාබි රටක් මෙම දරුණු දඩුවම් ප්‍රවර්ධනය කිරීමක් නොකරයි. කොටින්ම කීවොත් ඔවුන් ඒවා දෙන්නේ බැරිම තැනය.
නමුත් සිංගප්පූරුවේ අධ්‍යාපන අමාත්‍යාංශය සිසුන්ට වේවැල් පහර දීම ප්‍රවර්ධනය කරන බව ඔබ අසා ඇත්ද. යම් වසරක වේවැල් පහර දුන් සිසුන් ගනන රජයේ ඉලක්කයට වඩා අඩු නම් විදුහප්ලතිට උත්තර බදින්න සිදුවේ. වේවැල් පහර දීම් පොතක සටහන් කළ යුතුය. පහර දීමට පෙර හෝ පසු උපදේශනයක් සිදුවේ.
සිංගප්පූරුවේ හමුදා වල , බන්ධනාගාරවල වේවැල් පහර දීම් වලට වඩා සිසුන්ට පහර දීම් වෙනස්ය .ඒ සිසුන් නිරුවත් කිරීමක් සිදු නොවන නිසාය. එහෙත් සිසුන්ට පහර දෙනෙනි අනෙක් සිසුන් ඉදිරියේ ප්රසිද්ධියේය.
ලී මෙහිදී චීන උපමාවක් ගෙන හැර දක්වයි.
වදුරන් බය කරන්නට කුකුලන් මරන්න " ඒ චීන උපමාවයි. යූ ටියුබ් වීඩියෝවක සිංගප්පූරු සිසුවෙකුට පහර දෙන සැටි තිබිනි. එය දකින අනෙක් සිසුන්ගේ ඇස් දෙස බැලූ විට ලී ක්වාන් යූ මොන තරම් බුද්ධිමත්ද කියා සිතිනි. ඔහුට මනෝ විද්‍යාව ගැන හොද දැනුමක් තිබෙන්නට ඇත. බියපත් සමාජයක් රටේ සංවර්ධනයට අවශ්‍ය ය.
සිසුන්ට පහර දෙන විට ඔවුන්ගේ වකුගඩුවලට හානි වීම වැළැක්වීමට යම්න් ක්‍රියාමාර්ග ගන්න බවද අසා ඇත. මේවා අපේ ඉස්කෝලවල සිදුවන පහරදීම් නොවේ. මේ සදහා රජයෙන් විශේෂයෙන් පුහුනු කළ වදක ගුරුවරු පාසල් වල සිටිති. වැලමිට නවන්නෙ නැතිව දෙන මේ පහරවල් ඇතැම්විට අස්ථි පද්ධතියටද බලපායි.
වැඩ වර්ජන නැත. විපක්ෂ මන්ත්‍රීවරුන්ට රජය විවේචනය කිරීම තහනම්ය. එය හිරේ යන වැඩකි.
චුවින්ගම් එකක් කෑමෙන් පසු පාරෙ දමා ගොස් අසුවුනොත් ඉසිලිය නොහැකි දඩයකි. ලෙඩෙක් පාරෙ කෙළ ගැසුවත් පුක ලෙලියන වේවැල් පහරවල් හා කෝටි ගගනක දඩය. එසේම සිංගප්පුරු වැඩිහිටියන්ට පවත්වන නිරන්තර මොන්ටිසෝරි පන්ති නිසා සිංගප්පූරුව නැනී රාජ්‍යයක් ලෙස ද හැදින්වේ.
පසුව ලියමි
පාසලෙන් සර් කෙනෙකුගෙන් මිස්/මැඩම් කෙනෙකුගෙන් ගුටි කෑමත් මේ සිංගප්පූරු වධයත් සමාන කර සිතන්න එපා. එසේම ගුටි කන්න සිදුවන්නෙ දබර කිරීම, දුම් පානය ,පාසලට කලට වෙලාවට නො ඒම ( කිහිප වරක් ) සහ ගෙදර වැඩනොකිරීම ( පිට පිට කිහිපවරක් )ය. මෙම පහරවල් හතරක් කෑ පසු කෙලින් සිටීමට බැරිය. තායිලන්තයේ මැලේසියාවේද පාසල් වල කායික දන්ඩනය තිබුනත් සිංගප්පූරු දඩුවම් මෙන් මාරාන්තික නැත. එසේම පුහුණු වධකයන් හා අමාත්‍යාංශ මට්ටමේ පෙළඹවීම් ද නැත.
සිසුන්ට මේ ආකාර පහරදෙන සිංගප්පූරුවේ බන්ධනාගාර සහ හමුදාවල, චරිත ශෝධනාගාරවල තත්වය ගැන කියනුම කවරේද. ඒවායේ මෙම පහර දීම් සිදුවන්නේ නිරුවත් කිරීමෙන් පසුය. මෙම පහර කෑ පසු ටික දිනක් යනතුරු වැසිකිලි යාමටද බැරිය. කකුල් දෙක දිගේ ලේ බේරෙයි. ඔබ සිංගප්ප්පූරුවේදී මාර්ග නීතියක් කැඩුවොත් ,බසයක ඉරක් හෝ ඇන්දොත් ,සුළ්ඛු හොරකමක් හෝ කළොත් , කොල කෑල්ලක් බිම දැම්මොත් ඔබේ පුකේ පතුරු ගැලවෙන බව කිව හැක.
සිංගප්පූරුවේ හෝ අරාබියේ නො ඉපදුන ඔබ මම වාසනාවන්ත බව පමනක් කිව හැක. මටනම් මෙම තිරිසන් අපායවල් වලට රැකියාවලට යනවා තබා දවසක් වත් සිටීමට බැරිය.
බලාගෙන පවු කලොත් ඊලඟ ආත්මෙ සිංගප්පූරුවෙ උපදින්න ඉඩ ඇත.
පින්වතුන් තුල සසර භය ඇතිකර නොපමාව කුසල් දහම්හි යෙදවීමටත් දෙලොව වැඩ තකා ලියූ සිංගප්පූරු අපාය ගැන විස්තරය නිමියේය.
හෙහ් හෙහ් හ හා හා
හෑ
ReplyDeleteසින්ගප්පූරු ගියොත් පුක නෑ හෙහ් හෙහ්
Deleteඅර එකොනොමැටි තුමා ගේ ලිපියට දැමූ කොමෙන්ටුවේ දන්වා ඇති පරිදි ර ස තුමා නම් කාලයක් සින්ජොප්පූරුවේ වැඩ කොලෙමි! යාන්තම් පුයන්න කයන්න බේරාගෙන සිරි ලන්කාවට පැමිනියෙමි!
Deleteහැඃ ....
ReplyDeleteසින්ගපූරු ගියොත් පුක නෑ හෙහ් හෙහ්
Deleteමෙවනි දඩුවම් සිංගප්පූරුවේ ක්‍රියාත්මක වන බව මා දැනගත්තෙත් ඔබේ මෙම ලිපියෙන්.
ReplyDeleteලොවටම රහසක් වෙලා තිබුනෙ .ලෝකයා මේ පුක්තලන රට ගැන දැනගත්තෙ මයිකල් ෆේ සිද්දියෙන් පසු. දැන්නම් ලෝකය දැනුවත්.සමහරු ලන්කාව සින්ගප්පූරුවක් කරන්න කියල ඉල්ලනව. සින්ගප්පූරු මිනිසුන්ගෙන් සියයට විසිපහක් ජීවිතේ එක් වරක් හෝ කුරිරු දඩුවමකට ලක් වූ අය
Deleteබොහොම ස්තුතියි ඔබට, මට ඇතිවූ අසාධාරණය සහ අපහසුව ගැන, සාධාරණ විග්‍රහයක් කිරීම පිළිබඳව.
ReplyDeleteහොර ප්‍රොෆයිල් කාරය යථාකාලයේදී එලියට එයි. ඒ මෝඩ හිඟන්නා දන්නේ නෑ, අපේ හමුදාවට හෝ ලෝකයේ වෙනත් කිසිදු හමුදාවකට, සිංගප්පූරුවේදී පුහුණු පාඨමාලා නොපවත්වන බව. එතැනින්ම උගේ මැටිකම පෙනෙනවා.
මේ සිංගප්පූරු පාසල් දඬුවම් ක්‍රම අහලා කණගාටුවක් ඇතිවුණා. මේ වගේ කෙටික්‍රම වලින් ඇතිවන්නේ, හික්මීමක් නෙවෙයි සීමාසහිත කාලයකට බලපැවැත්වෙන බියක්. ඒ නිසාම, ආදරය සහ මිනිස්කම හීනවී යනවා. මෙහි දීර්ඝ කාලීන අයහපත් ප්‍රතිඵල අනාගතයේදී දකින්නට ලැබෙනු ඇති.
ඔය කමෙන්ට් එක දාල තියෙන්නෙ අර සිංගප්පුරුවෙ හොරෙන් ඉදලා දැන් මැලේසියාවෙ ගල් වෙලා ඉන්න සිරා කියන බුවා.
Deleteවිචාරකගේ කොමන්ටුවක් තියනවා දැක්ක ගමන් මම කරන්නේ ප්‍රොෆයිල් එක උඩින් මවුස් එක තියලා බලන එක.මොනව වෙනස් කලත් ලින්ක් එකේ කෙලවර මේ නම්බර් එක වෙනස් කරන්න බෑ.
Deletehttps://www.blogger.com/profile/11906511125695486809
මෙය ඔබට කලක සිට කරන පහරදීමක්.මට අසාදාරනය පේන්න බෑ. ඔබ හරියට දන්නවනම් කෙනා දෙවරක් නොසිතා හෙලිකරන්න.
Deleteසින්ගප්පුයෘවෙ ඉන්නෙ කයින් වැඩුනත් මනසින් කුඩා ළමයි. ඔවුන්ගෙ තත්වය ශෝචනීයයි.ආදරය වෙනුවට කුරිරු දඩුවම.ඒකත් දුප්පතාට විතරයි.
යකා,
ReplyDeleteරටක නීතිය නිරපේක්ශ නෑ. ඔබ කියන සමහර දෙවල් හොඳ නෑ තමයි. නමුත් රටේ මුළු සිස්ටම් එකම ගත්තාම අපට වඩා දහස් ගනනක් ඉදිරියෙන්.
අනිත් එක සවුදියටනම් කොහෙත්ම සමාන කරන එක අසාධාරනයි.
විශේෂයෙන්ම කාන්තා නිදහස ගැන.
රජයේ සහ පුද්ගලික ආයතන වල 50 ට 50ක් ඉහලම තලය දක්වා කාන්තවන් ඉන්නවා.
තරුණ් ගෑනු ලමයෙකුට පැය 24ම රටේ ඕනැම තැනක යන්න පුලුවනි තනියම රෙප් වෙන්නෙ නැතුව
ඔහොම දියුනුවකින් ඇති වැඩේ මොකක්ද. සිස්ටම් එක අපට වඩා වේගවත් ඇති.ඒකට හේතුව වේවැලම නොවෙයි.තව හේතු ඇති.
Deleteකාන්තාවන් අපේ රටේ සියයට පනහට වැඩියි වයිට් කොලර් ජොබ් වල. අද්යාපනයෙ,රැකියා,හැම එකකම කාන්තාවන් ඉදිරියෙන්.
මේ විශයන් දෙකක් නේද.අපි කතා කළේ කුරිරු දඩුවම් ගැන. කාන්තාවන් ගැනනෙමෙයි.
සංජීව මෙන්ඩිස් එල ද බ්‍රා මෙන්ඩා ආගියඅතක් නැත
ReplyDeleteබොල්ණයක් ලෙස කපාහැරියානම් අංක 1ද
නැවතමුදල් පියවාගත්තේනම් අංක 2ද
ණයට නොදුන්නානම් අංක3ද
තවමත් මුදල් නොලැබුනානම් අංක 4ද
e l b හිස්තැනක් අදාල අංකය යොදා 1919 send කර වටිනා ජංගියක් දිනාගන්න
4
Deleteකවදත් හතරෙ පන්තියෙ ඉන්න මම... ඉන්දික උපසාන්ත...
සංජීව මෙන්ඩිස් කෝ මේවට උත්තර දීපන්.හැන්ගෙන්න ලැජ්ජ නැත්ද
Deleteඇඬෙනවා.හීන බොඳ වෙනවා අප්පා..
ReplyDeleteජයවේවා..!!
කමක් නෑ . පුක බේරුනානම් ඒ ඇති.
Deleteමධ්‍යස්ථ මතධාරියා,
ReplyDeleteමා හිතන්නේ ඔබේ දැනුවත් කිරීම ඉතා වැදගත්, ලී කවන් යු සිංගප්පුරුව මේ ආකාරයේ දරුණු පාලනයක් සදහා යොමු කිරීමට ඔහු ජපාන ආක්‍රමණයට මුහුන දුන් අයුරුත්, ප්රජාතන්ත්ර වාදී ශ්‍රී ලංකාව අතීතයේ ලබපු පරිහානියත් හේතු වෙන්න ඇති.
ලී ශ්‍රී ලංකාව ගැන සදහන් කරනවා නිදහස ලබන විට බ්‍රිතාන්‍යන් ආසියාවේ හොදනගන ලද හොදම පරිපාලන නගරය ඇති රට ලෙස, මෙය නොදිවුණු වීමට බලපෑ කරුණු ලෙස ඔහු දක්වන්නේ
01. සුබසාදනය මුලික කරගැනීම
02. තද තීරණ ගැනීමට රටේ පාලකයාට තිබුණු නොහැකියාව
03. ආරක්ෂාව පිළිබද නිසිලෙස අරමුදල් වෙන් නොකිරීම (ලී සිරිමා බණ්ඩාරනායක රජය සමයේ ශ්‍රී ලංකාවට පැමිණි විට ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා ලි ට කියල තියනවා අපි ආරක්ෂාව සදහා වියදම් කරන්නේ ඉතා සුළු මුදලක් බව ) එය කියා ඇත්තේ ඉතා ආඩම්බරයෙන්, ලී පසුව පවසනවා මෙවැනි තීරණ නිසා ගෙවන්න වන වන්දිය ඉතා විශාල බව
මිට අමතරව බණ්ඩාරනායක රජය කාලයේ සිට සෑම ම විටම විවිද වර්ජන නිසා (දැනුත් වැඩි වෙනසක් නෑ ) මෙරටට පැමිණිය යුතු ආයෝජකයන් නොපැමිණීම.
මම බටහිර මිනිසුන්ගේත් අසියතිකයන්ගේත් මුලික වෙනසක් දකිනවා බටහිරයන් (මෙය මා සදහන් කරන්නේ බහුතරය ) තමුන්ම හික්මෙනවා නමුත් ආසියාතිකයන් හික්මෙන්නේ දැඩි දඩුවම් යටතේයි. මෙය සිදුවන්නේ කෙසේදැයි කියන්න මනෝවිද්‍යාව පිළිබද මට දැනුම නෑ නමුත් මෙය තමයි මගේ නිරීක්ෂණය.
අපි මෙහිදී නොකියන යමක් තිබෙනවා සිංගප්පුරුවේ රජයේ ආයතනයක් වෙත ඔබ ගියොත් ඕනෑම සංකීර්ණ වැඩක් කරගැනීමට අදාළ ගණන ගෙවූ විට ගත වන්නේ විනාඩි 30 පමණ කාලයක් උපරිමව, මම නැවත මතක්කරනවා ෆැක්ස් පත්ක යැවීමට සති 2 කුත් පැය 2 ගිය කතාව මෙය මාතලන් අඩවියේ මම සදහන් කලා.
1.ඇත්ත.
Delete2.ප්රජාතන්ත්රවාදී රටක් නිසා අමාරුයි
3.එකගයි
නමුත් ඔය ඉක්මනට හේතුව වේවැල ද.
මධ්‍යස්ථ මතධාරියා,
Deleteමෙතන සිංගප්පුරුවේ මෙවැනි ක්‍රමයක් ඇතිවීම පිළිබද අපි බැලියයුත්තේ සිංගප්පුරුව යනු කුමක්ද කියා මුලින්ම කල්පනා කලයුතුයි.
සිංගප්පුරුව යනු කිසිම සොබාවික සම්පතක් නැති අපේ කොලබ ට (සමාවෙන්න සමහර අකුරු මට හොයාගන්න අපහසුයි මම පාවිච්චි කරන්නේ Google ආදාන මෙවලම්"කොලබ" විදිය වැරදියි ) වඩා ටිකක් ලොකු වගුරු බිමකුයි, අඩු තරමින් ඔවුන්ට බොන්න වතුර වත් නෑ, ඔවුන්ගේ එකම සම්පත් තමරටේ සිටින මිනිසුන් පමණයි.
ඔහු රටේ පාලනය ලංකාවේ වගේ කලානම් අද ඔවුන් ඉන්දියාවට වඩා අන්ත හිගන මිනිසුන්ගේ පුරයක්, එම රටේ මිනිසුන්ගෙන් ඇසුවොත් ඔබට ඕනේ නිදහස් හිගන පුරයක්ද නැත්නම් දැඩි පාලනයකින් යුත් පෝසත් රටක්ද යන්න ඔවුන් කැමති වෙන්නේ දැඩි පාලනයකටයි මෙය 60% පමණ වැඩි චන්දයෙන් වසර 30 පමණ බලයේ සිටින PAP පක්ෂය හොද උදාහරණයක්.
නමුත් ශ්‍රී ලංකාවේ මෙතරම් දැඩි නීති පාවිච්චි නොකර සිංගප්පුරුවේ යොදන තාක්ෂනය යොදාගත්තොත් අපට වසර 3 වැනි කෙටි කලකදී පුදුම උපදවන දියුණුවක් ලැබිය හැකියි.
මෙතන මතක තබාගත යුතු දෙයක් තියනවා ලී ක්වාන් යු කියන්නේ දරුණු මිනිහෙක් මේ පිළිබද මා ලිපියක් ලිව්වා කලකට පෙර http://lankasithuwili.blogspot.com/2015/08/blog-post.html
නමුත් ඔහු නිසිටියානම් ඔබට හිතන්න පුලුවන්ද සිංගප්පුරුවේ අද තත්වය ?
:O
ReplyDeleteසිංගප්පූරු කතා කෙසේ වෙතත් මේ මනුස්සයා මෙච්චර ලියන්නේ කොහොමද කියලයි මං මේ කල්පනා කරන්නේ....මට නම් එක කොමෙන්ට් එකකට උත්තර් ලියනකොටම කපු රත්වෙනවා....මගේ නම කියල ඇස් වහ දුරු කර ගන්න එහෙනං...........ඔබට ජය
ReplyDeleteපුක රත් වුනාටනම් කමක් නෑ. මේක පුක නැතිවෙන කතාවක්.
Deleteමාත් ටිකක් මේව සීමා කරල තියෙන්නෙ.ඉස්සරනම් බ්ලොග් කියන්නෙ ජීවිතෙ.දැන් ටික ටික ඇබ්බැහියෙන් මිදිල
බල්ලෝ බිරුවාට ගැල් යත් ඉදිරියට...
ReplyDeleteඕනම දේක ඇත්ත කියලා දෙයක් තියෙනවා.. ඒක එලි උන දාට විචාට ලැජ්ජ හිතේවී...
මට කියන්න තියෙන්නේ එපමනයි...
ඔවු ඇත්ත අනිවාර්යයෙන්ම එලි වෙන්න ඕන.නැත්නම් වෙන්නෙ එකට කනබොන යාළුවො කෙටවෙන එක. සැකය විසකි මිහිර නසන.
Deleteවේටර මඤඥං කිරීම
ReplyDeletehttp://transyl2014.blogspot.com.au/
කල්‍යාණ මිත්‍රDecember 17, 2015 at 2:25 AM...........
විචාරක WicharakaDecember 17, 2015 at 3:19 AM........
වැදගත් උගත් රණවිරුවා කවුද ?'" වෙනස " වටහා ගන්න තවත් වෙනත් කොමන්ට්ස් මොකටද?
ඇනෝ අනුන් විනිශ්චය කරන්න අපි කවුද
Deleteනීති මගින් යම් පාලනයක් කරන්න පුළුවන් නමුත් මම හිතන්නේ නැහැ නීති තද වූ පමණින් අපරාධ අඩු වේවි කියා.සිංගප්පූරුව කොයි තරම් දියුණු රටක් වුවත් එහි නිත්‍ය පදිංචියට යන්න මිනිස්සු උත්සහා නොකරන්නේ මේ හේතු නිසා වෙන්නත් ඇති නේද ?
ReplyDeleteඔබ සිතන ලෙසමයි මාත් සිතන්නෙ. ඔය නරකාදියෙ ජීවත් වෙන්න කවුද කැමති.
Delete"......සිංගප්පූරුවේ අධ්‍යාපන අමාත්‍යාංශය සිසුන්ට වේවැල් පහර දීම ප්‍රවර්ධනය කරන බව ඔබ අසා ඇත්ද. යම් වසරක වේවැල් පහර දුන් සිසුන් ගනන රජයේ ඉලක්කයට වඩා අඩු නම් විදුහප්ලතිට උත්තර බදින්න සිදුවේ" මේක කියවලා බලන අපේ ගුරු සංගම් පාසලෙන් බොහොම අමාරුවෙන් පිටමං කරන්න දඟලන හිංසනය නැවත වද්දා ගන්න කියල උද්ඝෝෂණයක් වත් සංවිධානය කරයි ද කියල මට නම් බයයි. විචාරක ලිපිවලට සහ විචාරක තුමාට සිදුවන අසාධාරණය තව කොතනට කාට කාට වුනත් වෙන්න බැරි නෑ. ඒ නිසා එැවනි අය අනාරණය වෙන්න ඕන. එැවැනි අය හඳුනාගන්න විදිහ අපි වගේ බ්ලොග් ලියන්න ගත්තු ආධුනිකයනුත් දැන ගන්න ඕන.
ReplyDeleteසින්ගප්පූරු සිස්ටම් එකට කැමති ගුරුවරු ඇති.සින්ගප්පූරුවෙ වගෙ ඉගැන්වීම් වලින් නිදහස් කරල වදක තනතුරු ගන්න කැමති අයත් ඇති. ඒ අයට සින්ගප්පූරුවෙ රැකියා අවස්ථා හොයල දෙන්න පුලුවන් නම් විදේශ විනිමයත් ලැබෙයි.
Deleteවිචාරකගෙ ප්‍රශ්නෙ ඔහුගෙ පමනක් නෙමෙයි පොදු ප්‍රශ්නයක්.හැබැයි හරියටම නොදැන චෝදනා කරන්නත් බෑ. හරියටම දන්නවනම් ඔහු කවුරු වුනත් හෙලිදරව් කරන්න ඕන
සිංගප්පූරුවේ සමාජයේ එක අංගයකට සීමා කරලා වගේ පේන්නේ. ඔහු මැති ඇමති වරුන්ගේ අවංක භාවය පිලිබඳව දැක්වූ දැඩි ආකල්පය ( දිවි නසාගත් ඇමති ගැන ) වැඩ වර්ජන මර්ධනය කිරීම (සිංගප්පූරු ගුවන් සේවයේ ගුවන් නියමුවන්ගේ වර්ජනය ඔහු පාලනය කල හැටි ) ආදියෙන් අද සිංගප්පූරුව අවංක දේශපාලකයින් සිටින රටක් ලෙසද ලෝකයේ හොඳම ගුවන් සේවය ඇති රට ලෙසද සැලකෙනවා. මේ උදාහරණ දෙකක් පමණයි.
ReplyDeleteඔවු මෙහිදී කුරිරු දඩුවම් ගැන පමනයි කතා කළේ. ලීගෙ දරුවෙක් වැරැද්දකට අහුවුන වෙලේ ඔයිට වෙනස් දෙයක් අපි දැක්කෙ.
Deleteඑහෙත් ඔය ඔක්කොම සෙල්ලම් පොඩි එකාට.
සින්ගප්පුරුව ගැන ප්‍රබන්ද බොහොමයි. ඇත්ත බාගයයි.
මම කැමතියි දරුනු දඩුවම් .බලු නීති නැති දියුනුවකට. බටහිර රටවල වගෙ
දඬුවම් සිස්ටම් එක අවුල් උනාට ගන්ඩ දේවලුත් නැත්තේම නෑ නේද? අපේ වැරැද්ද වෙලා තියෙන්නේ ඔය එක වරදකටවත් හරි හමන් දඬුවමක්/ දඩයක් ඇත්තෙත් නෑ තියෙන එකක් වත් තරාතිරම අනුව මිස හරියකට ක්‍රියාත්මක වෙන්නෙත් නැති එක..
ReplyDeleteමේක කියෙව්වම නම් හැබැයි ට්‍රාන්සිට් එකකටවත් ඒ හරහා යන්න බය හිතෙනවා.. හැක හැක හැක..
විචාරකතුමාගේ ගැටලුව ගැන.. ගැටලුවට අදාල සියලුම පාර්ශවයන් මේක අනවශ්‍ය තරම් දුර ගෙනිච්චා කියලයි මගේ හැඟීම.. මේ හැම තැනකදීම වගේ විචාරකතුමා හා මා අතර සංසන්දනාත්මක කරුණු ඉදිරිපත් කිරිමනම් මට කිසිසේත්ම ගෝචර නෑ.. තවත් ප්‍රමෝට් කිරීමකට අත දීමක් නිසා මන් ඒ කිසි තැනක ඒ සම්භන්දව කොමෙන්ට් නොකලත් (මෙහිම උඩ පවා) කරුණාවෙන් ඒ අයගෙන් ඉල්ලා සිටින්නේ මගේ නම හෝ මා ලියන දෙය ඊට අදාල කර නොගන්නා ලෙසයි.. විචාරක තුමා හා මා සම්පුර්ණයෙන්ම වෙනස් බ්ලොග්කරුවන් දෙදෙනෙක්. එපමණයි. ඒ ගැන ඇත්තටම මේත් කියුවා වැඩියි..
ඔය හොද දේවල් දියුනු ශිෂ්ට රටවලින් ගනිමු. එහෙත් ඔය නීති බැරි එකාට තමා .පාලකයන්ට ලොකු පඩි.ඒ හොරා කෑම අඩුකරන්නලු.ඒ තියරිය දුප්පත් අයට ඇප්ලයි කරන්න බැරිද
Deleteඔවු මා දුටුව ඔබවත් පටලගන්න හදනව. ඔබ මෙහිදී හැසිරුන විදිය හොදටම හොදයි
පුක පැලෙන්න ගුටි කනවට වඩා අපේ මේ තියෙන කුජීතය, පජාතය සහ තුප්පහිය කියන ක්‍රමය මටනම් හොඳයි...
ReplyDeleteසීයට දෙසීයක් එකගයි. මටත් කියන්න ඕන කළේ ඒ දේ තමයි
Deleteලොකු ලොකු දේවල් නැති රටවල් අන්තිමට නවතින්නෙ ඔතනින්. එක්කෝ දරදඬු පාලනයත් සමග දියුණුව. එහෙමත් නැත්නම් ආතල් එකේ හිටියම හිඟමන.. කතාව එච්චරයි.. පාලකයන්ටත් වඩා සාමාන්‍ය ජනතාව සම්බන්ධයෙනුත් ඕක ඔහොමයි.. ලංකාවේ රාජ්‍ය සේවය ගත්තොත් වැඩකරන බහුතරයකගේ රාජකාරිය "රාජකාරිය පහරහැරිමයි". වැඩි වෙලාවක් වැඩ කරන්න බෑ.. වැඩ කරන්නට නියමිත් පය ගණන දිගු කරන එක නෙවෙයි. අදාළ පය ගණනින් පය කියාද වැඩ කරන්නෙ? වැඩක් කරගන්න ගියාම පිස්සු හැදෙනවා. නමුත් පඩි හරියට ඕන, අනිත් හැම දේම තිතටම ඕන.. එව්වා පොඩ්ඩක් එහෙ මෙහෙ උනොත් එවුං ස්ට්‍රයික්... වැඩ කරන එක සහ වැඩ වල ඵලදායිතාවය ගැන කතා කරන්න එකෙක් නෑ... ඉතිං එහෙමත් රටකට කෙළවෙන එක අහන්නත් දෙයක්ද...
ReplyDeleteඑකඟයි.
Deletehttps://en.wikipedia.org/wiki/Waraka_ibn_Nawfal
ReplyDeletenice one :)
ReplyDelete