අප හිතවත් පවුලක අලුත උපන් බබා ට තබා ඇති නම ඇසූ මට මේ මොන නාඩගමක්දැයි සිතුණි. එම නමට විවිධ තේරුම් ඇති බව කීවද මට නම් සිතුණේ එය මෙලොව කිසිම බසකට අයත් නැති වචනයක් බවයි. මම ඒ බව නොකියා හරි ලස්සන නම නෙ කවුද ආරියසේනද තිබ්බෙ කියා ඇසුවෙමි. බබාගෙ අම්මා සිනාසුණේ සතුටිනි. මේ අණ්ඩර දෙමල නොතේරෙන නිසාත් ආරියසේන පණ්ඩිතයෙකු නිසාත් දෙමවුපියෝ මේ නම් තැබීම් වලින් සතුටට සෑහීමකට පත්වී සිටිති.
ඉස්සර අලුත උපන් පොඩි බබෙකුට නම් තැබුවේ දෙමවුපියන් හෝ උගත් හිතවතෙකි. එහෙත් දැන් සමහරු මේ කාරිය ආරියසේනද භාර දී ඇත. දැන් ඔහු වෙනුවට ඔහුගේ දියණිය මෙම කාර්යය කරන බව කියවේ. ඉතා සරල දෙයක් වූ නම් තැබීම වෙළදපොළ ආර්ථිකයට ගලපා මිලක් නියම කිරීම අතින් ආරියසේන සාර්ථක ව්‍යාපාරිකයෙක් වී ඇති බව පෙනේ.
මගෙ ප්රශ්නය මෙයයි. ඇත්තටම මේ නම් වල තේරුමක් තිබේද
නැත්නම්
රජුගේ සීතාම්බර පටය මෙන් කිසිවෙක් මේ බොරුව ගැන කතා නොකර සිටිනවාද ?
නැත්නම්
රජුගේ සීතාම්බර පටය මෙන් කිසිවෙක් මේ බොරුව ගැන කතා නොකර සිටිනවාද ?
මට හොඳ මතක ශක්තියක් තිබේ. වැඩක් ඇති නැති බොහෝ දේවල් මගේ මතකයේ තිබේ. එසේම මම නිරීක්ෂණයන්හි යෙදෙමි. හැකි පමන තර්කානුකූලව සිතමි.
සිරසෙ මීට කාලයකට පෙර සුබන්යා නමින් මෙගා ටෙලි නාට්‍යයක් ප්‍රචාරය විය (ප.ව 7.30 ). මෙය ප්‍රචාරය වූ පළමු දින ආරියසේනද වොයිස් කට් එකක් දෙමින් සුබන්යා යන ඉන්දියානු නමේ සිංහල තේරුම කීවේය. ඒ මෙසේය . සු + බන් + යා = මැනවින් බැදුන යහපත. අපූරුය.
සු = මැනවින්
බන් = බැදුන
යා = යහපත
අපූරුය ,මාරය.
ආරියසේන නම් තියන්නෙත් මේ ක්‍රමයටමය. එමතු නොව බොහෝ චක්රවර්තිලා ඉතිහාසාය් සොයන්නෙත් මේ ක්රමයටය. මේ උදාහරණය බලන්න.
ම මම ස ස සා ලෙනෙ
ඉහත සෙල් ලිපියෙන් කියවෙන්නේ මධ්‍යස්ථ මතධාරියා සිව් දිගින් එන මහා සංඝයාට පිදූ ලෙන ගැනයි.
දඹදෙණි යුගයට පෙර සිංහල අපට තේරුම් ගන්නට අමාරු නිසා මේ ක්‍රමයට තේරුම් කර දීම පුණ්‍ය කර්මයකි.
ආරියසේන ලෝක ඉතිහාසය මතුනොව මානව පරිණාමයද මෙසේ හෙළිදරවු කරයි. කැස්පියන් මුහුද සැදුනෙ කසුබ් නම් හෙලයා ගේ නමිනි. ඩැනියුබ් ගඟ ට ඒ නම වැටුණේ දානව නම් හෙළයාගේ නමිනි. ඇත්තටම මේ කසුප් ,දානව යන නම් හෙළ නම් නොව උතුරු ඉන්දියානු නම්ය.ගාමිනී , තිස්ස , අතුල,සංජය වැනි අප සිංහල ය කියන නම් හැම එකක්ම වාගේ උතුරු ඉන්දියන් නම්ය. අපට අපේම කියා අනන්‍යතවයක් අවශ්‍ය නිසා ආරියසේන තුන් ලෝකෙවත් නැති නම් දැමීම එක අතකට සතුටකි.
වහරක හාමුදුරුවෝ මේ ක්‍රමයට බුද්ධ චරිතයට සම්බන්ධ ගම් නගර ආදී සියල්ල පැටලිලි හැර පහදා දුන් සේක.මේ ක්‍රමයට උන් වහන්සේ සංසාර චක්‍රයම හෙළිදරවු කළ සේක. සාධු සාධු සා ආමෙන් අල්ලහු අක්බර්.
ඒ අනුව බළලුන් වී උපදින්නේ බලයට කෑදර වූ අයයි.
බලය =බලලා බලන්න සමානකම
මීයන් වී උපදින්නේ පොළවට ආශාවෙන් අකටයුතුකම් කළ අයයි.
මී = මීයා බලන්න සමානකම
කිඹුලන් වී උපදින්නේ කිඹි උලා කෑ අයයි. සල්ලාලයන් කිඹුලන් වී උපදින බව උන් වහන්සේ අදහස් කළා විය හැක.
සමහරවිට කාම අපරාධකාරයන් ,දූෂකයන් ගැන අදහස් කළාද දන්නේ නැත. කොහොම නමුත් බැලූ බැල්මට කතාව ඇත්තය.
කිඹි + උලා = කිඹුලා බලන්න සමානකම
සමහරවිට කාම අපරාධකාරයන් ,දූෂකයන් ගැන අදහස් කළාද දන්නේ නැත. කොහොම නමුත් බැලූ බැල්මට කතාව ඇත්තය.
කිඹි + උලා = කිඹුලා බලන්න සමානකම
කෙසේ සිනහව පාලනය කර ගන්නද .උන් වහන්සේ මේ කතා රිවිර පුවත්පතෙහි පිටුවක් පුරා ලිපිමගින් දේශන කළහ. දම් වරුසා නමින් පොතක්ද පළ කළහ.මේ පොත කෙසේ හෝ සොයා කියවිය යුත්තකි.
මේවාට කෙසේනම් සිනහව පලනය කර ගන්නද
කිසා ගෝතමී සිටියානම් අප ජනතාව ගැන නිබ්බුත පද කියනු ඇත. මෙවැනි විද්වතුන් සිටින ජනතාවක් නිවුණාහු වෙති කියා.
තනිකරම පිස්සුවක් මචං ඒක..ආරියසේනගේ දුවගේ නම සදමාලි
ReplyDeleteපොඩි මෙන්ඩියාට නම් අකුරැ බැලුවෙත් නෑ..අපි දෙන්නට හිතුනා ඌට කියවගන්න පුලුවන් දිව උලුක් වෙන්නෙ නැති නමක් දැම්මා..
මගේ යාලුවකුට ආරිගෙන් ආපු කොලයක නමක් දුවට දාන්න යනවා..
“තෙලබනුව“ හැබැයි එ්ක ඉස්සරහින් ඉලක්කම් වගයකුත් තියනවලු.
මම කිව්වා යකෝ ඒ උගේ මෝබයිල් නම්බර් එක කියලා..
පට්ට යකෝ...
Deleteහිනාවෙලා මැරෙයි යකෝ..
Deleteඒයි මේක ඇත්ත කතාවක්..අරැ තව පොඩ්ඩෙන් කෙල්ලට දානවා ඒ නම
DeleteThis comment has been removed by the author.
DeleteMendo.
DeleteLabana athme kimbulek nowi inna mokak hari kramayak hoya gaththoth lajja nowi dapan.. pin sidda weyi. . Hak hak..
පිරිමි සෑහෙන ගානකට කිඹුලෝ වෙලා උපදින්න වෙයි වගේ.....
Deleteගෑණු උපදින්නේ පොලන්ගු වෙලා ඒ කියන්නේ පොලු +ගිලින = පොලොගි = පොලොන්ගි
මෙන්ඩ :)
Deleteකිඔුලෝ කතාව මට තේරැනේ නෑ..
Delete.මොකකද මේ කමෙන්ට් එක Publish කරන්න දෙන්නෙ නැතුව I am not robot කියලා පෙන්නන්නේ..මේක හදාගන්න ක්‍රමයක් කියලා දිපන්
කිඔුලා කතාව දන්නවෝ...
Deleteමම නම් කිඔුල් රාඡයෙක් වෙලා ඉපදෙනා..ආය ඒකේ දෙකාහාමරක් නෑ
මම නම් අයිතිකාරයන්ගේ දැඩි ඉල්ලිම මත තමයි එහම කරේ..ඒ නිසා මේකට මාව පොලඔවපු ඒකියෝ ඔක්කොම කිඔුලියෝ වෙලා ඉපදේවා..
Deleteමෙන්ඩයියා සිරා ම කතාවක්ද බන් ඒ....... පට්ටනෙ යකෝ........ තෙලබනුව......
Deleteඔ..යෙස් හැබැයි මේක අරිසෙන් ඉන්න කාලේ වෙච්ච දෙයක් දැන් ඉන්නෙ පොරගේ දුවනේ..
Deleteරටටම කියවගන්න බැරි නම් දෙන කෙනාගේ දුව සදමාලි
මෙන්ඩ ++++++++++++++
Deleteමෙන්ඩ @ තෙලබනුව කියන නම නම් ගෑනුන්ට හරියටම ගැලපෙන නමක්ද මන්ද හෙහ් හෙහ්
Deleteකල්යාන @ ඉස්සරහට කිඹුල් විමානයක් වෙයි වගෙ නේ හෙහ් හෙහ්
මනෝ @ අහුබුදුවගෙ වේකන්සිය උඹට ෆිල් කරන්න පුලුවන් වගෙ.
මෙන්ඩ @ උඹ රොබොට් කෙනෙක්ද කියල අහන්නෙ දාන කොමෙන්ට් දැකල බන්.
මෙන්ඩ @කිබුලියො නෙමෙයි බන් මනෝ කියන්නෙ පොලොන්ගු කියල.
ආර්යන් @ ඒක තමා මං කිව්වෙ
මෙන්ඩ @ මට නම් තාත්තගෙයි දුවගෙයි නම් වල වෙනසක් පෙනිල නෑ.
සජ්ජ @ හෙහ් හෙහ්
තෙලබනුව = telephone : කුමාරතුංගයන්ගේ නිර්මාණයක්.
Deleteඅපේ යාළුවෙක් ඉන්නව ඔය වගේ වැඩ කරන. හැබැයි පොර නම් දාන්නෙ සිංහල වහරට හුරු අකුරු සංයෝග වලින්. පොර දවසක් කියනවා, පිරිත් කරන්න දුන්නලු මොකද්ද එකක් දරුවෙකුට සෙත් පතන්න. ඒ දරුවගෙ නම පිරිත එක්ක කියවගන්න සෑහෙන වෙහෙසක් දරන්න වුනාලු.
ReplyDelete“මොකද්ද මං දන්නෑ බු යන්නෙං පටං ගන්න එකක්...“ පොර මට කිව්වා
මං ඇහුවා “බුරම්පි ද? “ කියලා.
ලෝකෙ කිසිම බාසාවකට අයිති නැති නම් දාපුවම එහෙම තමයි.
Deleteබුරම්පි වගෙ නම් තමා ඉස්සරහට දාන්න වෙන්නේ . ඇයි දැන් නම් දැමීම විකාරයක් කරලනෙ.
කාලෙකට කලින් මගෙ යාලුවෙකුත් මට කිව්වා උගෙ පොඩි එකාට නම් හොයලා දෙන්න කියලා ජාලෙන් බලලා. ඌ කියන විදිහට නම් මේකෙ හොයන්න බෑ. පස්සෙ මම කිව්ව ඕනෑනම් අර මනුස්සයාව සෙට් කරලා දෙන්නම් රුපියල් 500කට නම් තිහක් දෙනවා කියලා. ඌ හා කිව්වා මම සම්බන්ධීකරණ වැඩේ කරලා දුන්නා. ආපු නම් ගැන කියලා වැඩක් නෑ. කොළ වගයක් තියාගෙන නැකත බලලා ඒ නම් මාරු කර කර එවනවද කොහෙද.
ReplyDeleteඔය වගේ මල විකාර නම් තමයි තිබ්බේ. සමහර එව්වා දෙකට කඩල තේරුම විදිහට වචන දෙකක් දාලා තියෙනවා ඒ දෙක ගැළපෙන්නෙත් නෑ. මම ඉතින් මට ආපු කොළේ යාළුවට දුන්නා. ඌ එයින් එකක් දැම්මා කිව්වා.
මේ ඔක්කොටම හේතුව අපේ එවුන්ගේ නම් කාලෙන් කාලෙට වෙනස් වෙන එක. අනික අනිත් උන්ට දාලා නැති මෙලෝඉ යකෙක් අහලා නැති අලුත් නම් හොයන එක. මට අර යාළුවා කිව්වෙත් එහෙම එකක් හොයලා දෙන්න කියලා. අනික දාන්න ඕනෑ නම් කෑලි පහ හයක්.
සුද්දො අපූරුවට එක නමක් දාගෙන ඉන්නවා. මෙහෙ උන්ට ජෝක් උනාට තාමත් එහෙ පීටර්, ජොසපින්, ඇග්නස්, මාර්ක් වගේ නම් තමයි පොඩි එවුන්ට දාන්නෙ.
නමක් ඕන වෙන්නෙ කෙනෙක් හදුන ගන්නයි. ආරියසේනගෙන් නම් සල්ලිවලට ගන්න එක රැල්ල නිසාත් අල්ලපු ගෙදර එකා ආරියසේනගෙන් නම් ගත්ත නිසාත් හැම එකාටම මේ වැඩේ කරන්නම වෙනව. ප්‍රශ්නෙ මේකයි. මේ නම් පැහැදිලිවම විකාර නම් වීම. මොකක් හෝ තමන්ට අවශ්‍ය අර්ථයක් නිර්මානය කරනව. මේක අපටත් කරන්න පුලුවන් දෙයක්. ඒත් දරුවන්ට මෙහෙම කිසිම තේරුමක් නැති විකාර නම් දාන එක අපරාධයක් කියල මට හිතෙන්නෙ.
Deleteමේ මට ඊයෙ රෑ නිකමට හිතුන නම් වගයක්
බුවසර = භූමිය පාලනය කරන්නා.
නැනෝජන්යා = ඥානය ලොව පතල කරන්නිය
මෙන්න මේ වගේ
ආරියසේන ගෑස්වලට දීපු ලිට්‍රො කියන නමටත් සිංහල තේරුමක් දුන්නා. මට මතක නැහැ.
ReplyDelete- පැරා
power of sun
Deleteහෙහ් හෙහ් !! අද පෝස්ට් එක ෂෝක්..
ReplyDeleteඅයෝනි කියලා නම තියන ගෑණු ළමයින්ගේ තියන අඩුව මොකක්ද?
ReplyDeleteඉරෝෂන් කියලා නම තියන කොල්ලෝ බලා ඉඳිද්දී කෙට්ටු වෙන්නේ ඇයි?
ආරිගේ නම් ලිස්ට් වල චිකන්ගුන්යයා වගේ නම් තියනවා
Deleteතෝ ගම කනවා මෙන්ඩෝ.. යාලුකමට සලකපියකො .හැක් හැක්
Deleteහෑ..ඒ කියන්නේ උඔත් ආරිගෙන් නම් ගත්තද? අනේ මයේ දෙයියෝ මම මේ කියන්නෙ එක්දහස් නමසිය බර ගනන් වල වෙච්ච සිද්ධියක්..
Deleteවිචා @ හරිනම් ඔක්කොම කොල්ලන්ට දාන්න ඕන අයෝනි කියල.
Deleteඒ වගෙමයි මනෝරි කියන්නෙ මනහර උරයක් ඇත්තිය .උරයක් කියන්නෙ ගර්භාෂයක් .සුරංගි කියන්නෙ සුරුවූ අංගයක් ඇත්තිය.
පොඩි උන්ගෙ නම් ගැන නං කියල වැඩක් නෑ... කේක් හදන්න එන ගොඩක් අම්මල ළමයගෙ නම කියන්නෙ ඇඹරි ඇඹරි... අපිත් හොල්මන් වෙනව... අර කොලේ බලල නම දැම්මට අවුරුද්දක් දෙකක් ගියාම තමයි තේරෙන්නෙ මේ දාලා තියෙන්නෙ ළමයගෙ අනාගතේට ගැලපෙන්නෙ නැති නමක් කියල... සමහර නම් වලින් කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියල හිතාගන්නවත් බෑ... ෆොන් එකෙන් නං කුණුහරුප තමයි ඇහෙන්නෙ....
ReplyDeleteමගේ ක්ලාස් එකක ඉන්නවා කෙල්ලෙක් නම "රිද්මියා"
Deleteමට ඒ නම ඇහෙන්නෙම "හික්මීයා" කියලා..
මට තියන ගැටළුව මේ නම් දාපු දෙමවුපියන්ට මේ නම් වල කිසිම තේරුමක් නෑ කියන එක අවබෝධ නොවීම.ආරියසේන කියන්නෙ විකාර හීන බොහොමයක් දැකල සමාජයටත් ඒ පිස්සු බෝ කරපු කෙනෙක්. මේ ආරියසේන දැකපු හීනවල සිදුවීම් තෝරපු විදියටම හදපු නම්. රාවනා තාරක වගෙ අසුරයො ලංකාවෙ ඉදන් මුළු ලෝකෙම පාලනය කළා කියල ලෝක හැමතැනම ගම් නගර ගංගා කඳු ඔය හැම එකකටම ආරියසේනගෙ විකාර ක්‍රමවේදයට අනුව නම්වල තේරුම පහදනව.
Deleteඅප්‍රිකාව කියන්නෙ රාවනාට අප්පිරිය වුන මිනිස්සු හිටපු රට " අන්න ඒ වගෙ. මේ ක්‍රමයට ලෝකෙ ඕනම රටක ගම් නගර වලට සිංහල තේරුම් දෙන්න පුළුවන්. නමුත් ඒක විකාරයක්නෙ පිස්සුවක්නෙ.
"අන්න ඒ විදියටම තමයි ළමයින්ට මේ නම් දාන්නෙ. මේක ළමයින්ට කරන අපරාධයක්.
මේ නම් දාපු දෙමවුපියො සිංහල දන්න අය හම්බවෙලා මේ නම් වල තේරුම ගැන හොයල බලන්න ඕන.
Mage kellatayi kollatayi nam demme mama.. akuru bakuru m okuth baluwa ne.. diwa uluk wenneth ne.. un dennata kisi henekuth ne ithin.. pissu nathnam shoooook... :)
ReplyDeleteඔවු බන් . ළමයෙකුට නමක් දාන්න ආරියසේනය ඕනයැ බන්. ඉස්සරත් නම් දැම්මෙ ආරියසේනයයැ. තේරුමක් තියන නම් තව කමක් නෑ. මේව මේ ගැඹුරු සිංහල වෙන්න ඇති කියල හිතන අය ඉන්නව.
Deleteමලා, දැන් ඉතිං ලබන ආත්මේ කිඹුලෙක් වෙයිද කියලා බයෙන් ඉන්න එපැයි
ReplyDeleteඋඹ මොකද කිඹුලෙක් වෙයි කියලා බයවුනේ...මොනවත් උලෑ කෑවද ?
Deleteකුඹුලෙක් නෙවෙයි කිඹුල් රැලක නායක කිඹුලෙක් !! හැක හැක
Deleteඉස්සරහට පොඩි වතුර වලකටවත් බහින්න බැරි කාලයක් එනව ෂුවර්. ඇයි දෙයියනේ කිබුල්ලුන්ට ඉන්න තැනක් තියෙන්නෙ එපායැ. වතුරට බයේ ගොඩින් යන්න කියල ආවම ගොඩ පොලොන්ගු ( මනෝ ට අනුව ). මරන තුන ඇති මිනිහෙක් පැනි කෑව වගෙ තමා
Deleteමීවන පලානේ හාමුදරුවෝ කියන්නේ වහරක හාමුදරුවන්ගේ ගෝලයෙක්..පිටකයේ සූත්‍ර දේශනා වලට අකුරෙන් අකුර සිංහල තේරුම් දෙන්න ගිහින් ලොකු විකෘතියක් කරනවා....
ReplyDeleteමගේ යාලුවෙක් දවසක් මට කතා කරලා ඇහුවා ලමයගේ වෙලාව බලලා ගැලපෙන අකුරකින් නමක් දාගන්න ඕන වෙලා තියනවා,හොදට කේන්දර බලන කවුරුවත් දන්නවද කියලා...මම වොලව ඉල්ලගෙන දවස් දෙකකට විතර පස්සේ මට හිතුන අකුරු ටිකක් දුන්නා...ඒ අකුරු වලින් තමයි යාලුවගේ දරුවට නම දැම්මේ...හිතුවේ වෙලාව බලල දුන්න අකුරක් කියලා...
ඔබ වැරදි දෙකක් කර තිබේ. පළමුවැන්න ඔබ දනී. දෙවැන්න අප සියලු දෙනා දනිමු.
Deleteමොකක්ද හිතුන අකුරක් දුන්න එකද...
Deleteමම ඔය මිත්‍යාවට කැමති නෑ..මගේ අයියා කේන්දර බලනවා..කේන්දර බලන මගේ මිතුරෝ බොහෝ දෙනෙක් ඉන්නවා...හැමෝම කියන්නේ අපි තමයි අංක එක කියලා....හදිසියේ වැඩ වැඩිවුනාම නම් දැමිල්ලට සුභ වෙලාවල් වලට එහෙම තමන්ට හිතෙන අකුරු වෙලාවල් දෙනවා මේ උදවිය..මිනිස්සු ඒවා විශ්වාස කරනවා ..හැමදේම විශ්වාසය මතයි පදනම් වෙලා තියෙන්නේ මේකේ කිසිම සත්‍යක් නෑ....
ඔය යාලුවා මේ මිත්‍යාව වැලදගෙන ඉන්නේ...ඒ වුනාට කරන වැඩ ඔක්කොම අවුල්...මම විශ්වාස කරන්නේ බුදු දහම මිස බමුණූ දහම නෙමෙයි..මගේ යාලුවා බමුණෝ සරණ යවන්න මම කැමති නෑ...මම යාලුවට දුන්නා අකුරුත් එක්ක සිංහල නම් ටිකක්...ඒ නමක් දැම්මා...කොලු පැටියට ඔය හිතනවා වගේ හෙනහුරා පාත්වුනේ නෑ සුභ අක්ෂරයකින් නමක් නොදැම්මා කියලා...උසස් පෙල මැත්ස් කරන්නේ....හොදට ඉගනගන්නවා...
මගේ මස්සිනා දරුවෝ හතරදෙනාටම දැම්මේ එයා කැමති නම්.. ලොකු පුතා ජූඩෝ වලින් පිටරට යන්න තේරුනා..රටවල් හතලිස් ගානකින් එයාගේ බර පංතියේ තරගකරුවන්ගෙන් දෙවනියා උනා...මම නම් කියන්නේ නමේ අක්ෂර වල කිසිම බලපෑමක් නෑ..බුදු දහම අනුව නම යනු යමක් සම්මුතියක් පමනයි..ඒකේ ඉන් ඒකේ වෙන කිසිම දෙයක් නෑ...නමුත් තවත් කෙනෙකුට යමක් ඇති බව විශ්වාස කරන්න පුලුවන්...
කණිෂ්ක..
Deleteයාලුවා මට කියන්නේ මම දන්න අයගෙන් හොදට කේන්දර බලන කෙනෙකුට කියලා අක්ෂරයක් අරන් දෙන්න කියලා..කවුද මේ හොදට බලන අය...එහෙම කේන්දර කාරයෙක්ගෙන් ඇහුවනම් හොද ගානක් කපලා තව යන්ත්‍රත් දාන්න ඕන කියලා තවත් ගානක් කපනවා..මම නොදන්නවද ගරන ගැරිල්ල..මම මගේ යාලුවගේ මුදලත් ඉතිරිකරලා දුන්නා..දරුවට නමකුත් දැම්මා...දැන් ඔහු මේවා විශ්වාස කරන්නේ නෑ..ඉන් පස්සේ මම ඔහුට කිවා මම දුන්නේ මට හෙදයි කියලා හිතෙන අකුරුයි නමුයි කියලා...මිත්‍යාවට තල්ලු කිරිම නෙවෙයි වැදගත් ඒකෙන් ගලවා ගන්න එකයි...
මේ තියෙන්නේ ඔය ගැන විස්තර ගිහින් බලලා එන්න
Deleteඅමනුෂ්‍ය ආවෙෂ,හොර දේවාල සහ හොර දේවගැතිවරැ
මමයි සදුයි කෙල්ලෙක් දුවෙක් බලාගෙන හිටියා සදු ආසාවෙන් හිටියා “සවින්දි“ කියලා දාන්න..ඉපදුනේ කොල්ලෙක් දැම්මා සවින්ද..
Deleteඔය ඉන්නෙ යස අගේය පොඩි මෙන්ඩා ගින්දර වගේ..මට දුවෙක් හිටියනම් එයා වැඩිවියට පත්වුනයි කියන චරිත්‍ර මුකුත් නෑ..නාවලා ගෙට ගන්නවා..
මෙන්ඩා
Deleteමගේ මස්සිනත් දරුවා ඉපදෙන්නත් කලින්ම නමක් හදාගෙන හිටියා.ඉපදුනාම ඒ නම දැම්මා.
අපේ දරුවට අපි කැමති වගේම දරුවත් කවදා හරි කැමති වෙයි කියලා හිතෙන ලස්සන නමක් නොදා අනුන් කියන නමක් දානවා තව ගානකුත් ගෙවලා...
මේවා තිබුනේ බමුණන්ගේ ආගමික සංස්කාර වල.
බමුනෝ මේවා හැදුවේ ජීවත් වෙන්න ක්‍රමයක් හදාගන්න...
ඔවු මනෝ ඔය ජ්‍යොතිෂ මිත්‍යාව ගැනත් අපි කතා කරන්න ඕන. ඒ වගෙම යෝගියො විශ්ව ශක්ති කාරයො වගෙ කලින් කලට පහලවෙන පල්හොරු ගැණත් කතා කරන්න ඕන.
Deleteහැම දෙයක්ම වෙනෙන් හේතුඵලවාදට අනුව. ඔය මනස්ගාතවල කිසිම තේරුමක් නෑ. යාලුවට අර කරපු දේ හරියටම හරි.
මමත් ආසයි ඔය විකාර මොනවත්ම නැති සමාජයක ජීවත් වෙන්නෙ මෙන්ඩො
මනෝ මන්දිර,
Delete"මගේ අයියා කේන්දර බලනවා..කේන්දර බලන මගේ මිතුරෝ බොහෝ දෙනෙක් ඉන්නවා" යැයි පැවසීමෙන් හිතුණු අකුරක් දීමට ඔබ සතු සුදුසුකම හෙළි කර ඇති බැවින් අප අදහස් කළ පළමු වැරැද්ද වැරැද්දක් නොවේ යැයි සිතමි.
දෙවැන්න, ඔබේ මිතුරාගේ පෞද්ගලික කරුණක් මෙහි හෙළි කිරීම - එයත් නම් ගම් ඉදිරිපත් කර නැති බැවින් සහ ඉහත හේතුවම කරන කොටගෙන (ඔබෙන් මේ ඉල්ලීම කළ මිතුරන් දුසිම් ගණනක් සිටිය හැක) නිශේද කෙරෙනු ඇතැයි සිතමි.
This comment has been removed by the author.
ReplyDeleteමේ පිළිබඳ කතිකාවක් දෙතිස් කතාවේත් ඇති වුණා. මේ ඊට අප දැක්වූ ප්‍රතිචාරය.
ReplyDelete"අශුබෝධ කළේ කුමක් හෝ ශබ්දයකට `ඒත්තු ගැන්විය` හැකි අර්ථයක් ආරෝපණය කිරීමට වඩා වැඩි දෙයක් නොවේ. එහෙත් ඔහු ආරම්භ කළ දෙයින් සිදු වුණේ සිංහලයන් සීය දරුවන්ට `ලොවෙත් නැති` නමක් දැමීමට පෙළඹවීම පමණයි. එය රැල්ලක්."
Source: http://katha32.blogspot.com/2015/09/two-characters.html?showComment=1443059162096#c8181316703528038652
මින් පෙර ඔබේ බිලොගයට මම ගිහින් නෑ..ඔබ හොද ලිපි පෙලක් ලියලා තිබෙනවා..මම කියවන්න කැමති ලිපි කිහිපයක්ම එහි තිබෙනවා...අලුත් ලිපියක් පලකලාම ඒ පැත්තට එන්නම්..
Deleteදෙතිස් කතාවේ පළවූ ඒ අගනා සංවාදය මාත් කියෙව්වා. හරිම රසවත් වගේම වැදගත්.
Deleteඔබ කියන ලෙසම ශබ්දයකට ඒත්තු ගැන්විය හැකි කුමක් හෝ දෙයක් ආරෝපනය කිරීම හැරකිසිම දෙයක් ආරියසේන කළේ නැහැ.
ආරියසේනල මාධ්‍ය වල බින්න බැහැගෙන ඉන්න අය නිසා ජනතාව පහසුවෙන් රැවටෙනව. මේ නිසා සත්‍ය සමාජගත කිරීම අපහසුයි. නමුත් කළ යුතුයි.
ඇත්තටම අපිත් සමහර වෙලාවට කල්පනා නොකර නම් දානවා. මමත් දුවට දැම්මේ ඒ දවස් වල ජනප්‍රිය (මමත් කැමැති ) ගයිකාවකගේ නමක්. හැබැයි තේරුමට කැමති නිසා. හොඳ වෙලාවට ළමය දැන් ඒ නමට කැමතියි.
ReplyDeleteනමක් දාන්නෙ පුද්ගලයා අනෙක් අයගෙන් වෙන්කර හදුනගන්නනෙ. අපි හිතමු මල් පෝච්චිය කියල ළමයෙකුට නමක් දැම්ම කියල. ඒ ළමය රට බැබලුවොත් ඊට පස්සෙ දෙමවුපියො තමන්ගෙ ළමයින්ට මල් පෝච්චිය කියල දාන්නෙ නැද්ද .
Deleteඉස්සර රෝමයෙ ඉතාම සාමාන්‍ය නම් අද අති විශේශ නම් වෙලා තියෙන්නෙ ඒව දරපු අයගෙ උතුම් කම නිසා. නමෙන් ඇති වැඩක් නෑ.
ඒ නිසා කටට හුරු දිව උලුක් වෙන්නෙ නැති නමක් දැම්මාම හොඳටම ඇති.
පහසුවෙන් කියවන්න පුළුවන් සරල තේරුමක් ඇති නමක් කෙනෙකුට තියෙන්න ඕන කියලයි මට හිතෙන්නේ.අකුරු තුනක හතරක වගේනම් වඩා හොඳයි. ඒක කාටත් පහසුවක්.
ReplyDeleteඑල ද බ්‍රා මෙන්ඩා
Deleteබලන්න කොච්චර සිම්පල් පෑලන් එකක්ද?
දැන් බලන්න අජිත් ලම කීදෙනෙක් ඉන්නවද මේ බ්ලොග් අවකාශයෙ . ඒත් ඒ කිසිම කෙනෙක් අපට පැටලිලා තියනවද නෑනෙ
Delete"ම මම ස ස සා ලෙනෙ " මේ විදිහට තමයි සෙල් ලිපි තෝරල දෙන්නතේ ඉතාම කදිමයි මධ්‍යස්ථ. එක එක පුරාවිද්‍යා චක්රවර්තියාට ඕන විදිහට සෙල් ලිපි තෝරන විදිහ බලපුවාම පිස්සු හැදෙනවා.මුලින්ම ආරියසේන කියන්නෙ කවුද කියල එකවරට හිතාගන්න බැරිවුනා. හිනාව තවමත් නවත්ත ගන්න බෑ.
ReplyDeleteඔය චක්‍රවර්ති කම කිසිම විශ්ව විද්‍යාලයකින් දීපු එකක් නෙමෙයි. ඒක බයිල චක්‍රවර්ති වගෙ එකක්. කනමදය වගෙ බීපු පත්තරකාරයෙක් දීපු උපාධියක් වෙන්න ඇති.
Deleteඔය චක්රවර්තියි සක්විතියි අතර වෙනසක් නෑ .සක්විති ජනතාවගෙ මුදල් වංචා කළා .මෙයා වංචා කරන්නෙ ජනතාවගෙ සිහි බුද්ධිය.
ඔය මනුස්සයගෙ පුරා විද්‍යා පැහැදිලි කිරීම් වැරදියි.නමුත් කිසිම ගිහියෙක් ඒ ගැන කතා කරන්නෙ නෑ. මෙන්න එන්ජීඕ ඩොලර් අරන් බුද්ධාගම කනෝ කියල මරහඩ තලන නිසා.
දවසක් ඔය හාදය කොටි ගුහාවක ලගදි කොටියෙකුට මාට්ටු වෙලා කුරුල්ලෙක් කීචි බීචි ගාල මැසේජ් එක දුන්නලු " නීච සතෙක් ලග නීච සතෙක් ලග " කියල. මාධ්‍ය නෙයියාඩමකදි කිව්වෙ. මුන්නැහෙගෙ හාස්කම් බල මහිමෙ තමා ඉතින්. රටේ එකාලට මේව ඇත්ත .අනේ අනිච්චන්
සිහි බුද්ධිය ඩිංගක් හරි රැකිල තියන මිනිස්සු කතා කරන්න තවමත් බයයි. එ්කයි රටට වෙලා තියන ලොකුම විනේ. බයේ නිහඬව ඉන්නව. ඒ හින්ද මේ රට පිස්සොයි මෝඩයොයි බඩ පිනුංගහන තැනක් වෙලා කොච්චර කල්ද
Deleteදැනට අවුරුදු 12 කට විතර කලින් ආරියසේනගෙන් නම් දැමීමට ලොකු ට්‍රෙන්ඩ් එකක් තිබුන. පලවෙනි එකාට ලෝකෙ හොදම දේ හින්ද අපිත් ඔතනින් නමක් දැම්ම වැඩක් නෑ , දැන් ඌට ඉස්කෝලෙ යාළුවො කියන්නෙ අකුරු දෙකක නමක්.
ReplyDeleteඋඔට අවුලක් නැත්නම් අපි කැමති ආරි දිපු නමයි පොඩ්ඩට දැන් ඉස්කෝලෙ යාළුවො කියන නමයි දැන ගන්න
Deleteඕක මොකක්ද මෙන්ඩො, ඔර්ජිනල් එක- චනුත් චන්දිල් ( බැබලෙන පුන්සද ) කියල තමයි කිවුවෙ. යාළුවො ඔක්කොම කියන්නෙ 'දිලා'.
Deleteඋඔ නම් ගන්න අර අහුට දිපු සල්ලි වලින් පොඩි එකාගේ යාලුවන්ට පාටියක් දිපන්
Delete“දිලා“ කිව්වාම මොනතරම් හිතවත් හැගිමක් දැනෙනවද?
ඔන්න ඕක තමයි වෙන්නෙ ගොඩක් අයට.. හි හි... සමහර වෙලාවට අම්මල ළමයින්ගෙ නම් කිව්වම අපිට එකපාරටම හිතට එන්නෙ මේකා ඉස්කෝලෙ යන්න ගත්තම පන්තියෙ එවුන් මූට දාන නම... හි හි... අවුරදු 10 -12 වෙනකං කේක් හදන නිසා ඉතිං ඕක ඇත්තටම ඇත්ත වෙච්ච වෙලාවලුත් තියෙනව... ඒ සමහර නම් දිග වැඩියි, මේවයෙ තේරුම තිබ්බට කියද්දි මෙලෝ රහක් නෑ කියල තේරෙන්නෙම නැද්ද මන්ද...
DeleteThis comment has been removed by the author.
Deleteඒක තමයි හැමෝටම වෙලා තියෙන්නෙ. ආරියසේනයගෙ නමක් නොදැම්මොත් අඩුපාඩුවක්.හැබැයි ඔය මොන නම දැම්මත් වැඩක් නෑ. හිරු කියනව වගෙ ආරියසේනයට හපන් එවුන් ඉස්කෝලවල ඉන්නෙ. උන් දානව ගන පිහිටුවල නියම නමක්. ඒක තමා ගැලපෙනම නම .ආරියසේනයගෙ නම කියවන්න බැරි හින්ද අන්තිමට රෙජිස්තර වෙන්නෙ ඉස්කෝල කොල්ලො දාපු නමම තමා.
Deleteමේක සුපිරි...... හෙහ් හෙහ් කොමන්ට් ටිකත් සුපිරි...........
ReplyDeleteස්තුතියි
Deleteමේක නියම කතා බහක් . දැන් වැඩේ තියෙන්නේ ඕනිම කෙනෙකුට තමන්ට හිතෙන හැටියට අමුතුම අද උදහස් කියන්න පුළුවන් නේ භාෂාව ගැන ,ජාතිය ගැන , වෙදකම ගැන . ඉතින් මීඩියා වලින් හිටු කියලා පබ්ලිසිටි හම්බ වෙනවා එහෙව් අයට. අපිත් අහු වෙනවා. ඒ ප්‍රසිද්දිය බිස්නස් එකක් වෙනවා. අරයාගේ නම් තැබීමටත් උනේ ඒකමයි. පස්සේ නම් තැබීමේ කලාව හොඳ බිස්නස් ලයින් එකක් උනා. නම්වල තේරුම් හොය හොයා කරදර වෙන්නේ අපේ රටේ විතරමද මන්දා. කාටර්, ටේලර්, ක්‍රෝ, ස්මිත් වගේ ලෝක ප්‍රසිද්ද මිනිස්සුන්ගේ නම් වල තේරුම් හෙව්වානම් උන් බහ තොරද්දීම නමදාපු මිනිස්සුත් එක්ක වයිර බැඳ ගන්නේ
ReplyDeleteඅපට වැඩ බෑ හැබැයි නම ඕන අහන එකාට තරු පේන්න. මේක වංසෙ කබල් ගෑම වගෙ එකක්. සුද්දට ඕන වැඩ. පුහු නම්බුව මලවිකාර නෙමෙයි. සුද්දො ගන පිහිටල දහ අටපාලිය නටල නම් දාන්නෙ නෑ. අරාබිකාරය වුනත් දාන්නෙ සීමිත නම් ප්‍රමානයක්. හැමදාම එහෙමයි. කොරියාවෙ ඉන්නෙම කිම් ල. ලංකාවෙ එක එක කාලෙටෑක එක නම් දාන රැලි ආව . අන්තිමට ආපු රැල්ල තමා ආරියසේනගෙ විකාර රැල්ල
Deleteකෝ බං අපි දාන කමෙන්ට්?
ReplyDeleteඇයි මේ තියෙන්නෙ ?????
Deleteආරියසේන ආශුබෝධ = අරිසෙන් අහුබුදු මතේට මතකද මුවන් පැලැස්සේ ජන්තුට කොලු පැටියෙක් හම්බුනාම වේද මාමා ඒ කොලුවට නම දාපු විදිය? ජන්තුටයි බිසෝමැණිකටයි දාව ඉපදුනු පුතාට උන්දැ නම දැම්මෙ "ජබිසා" කියල. අම්මගේ තාත්තගේ නම් දෙක එකතු කරලා. අපේ උන්දැත් කෙලීට නම් දාන්න හොයනකොට ඔය කතාව කියල "ජබිස" කියල දාමු කිව්වම ඒකිට ඉස්මොල්ලේ යන්න තරම් හිනා ගියා... අපේ ඒකිට නං නම් දැම්මෙ අහුබුදු දුව නෙවෙයි. අපි දෙන්න..
ReplyDeleteමම ඒ කතාව අහල තිබුනෙ නෑ. ආරියසේනයගෙන් ඔය ජබිස කියන නමේ තේරුම ඇහුවනම් කියාවි. භූමියේ මනා ජයග්රහනයක් ලබන්නා කියල
Deleteබි= භූමිය
ජ = ජය
ස = මනා
අහුබුදුව කියන නමම මොන විකාරයක්ද බන් .
අහුබුදුගෙන් නම් ලිස්ට් එක ගත්තට දාන්නෙ අපිට ගැලපෙන නමක් ඒකෙ තියනවනම් විතරයිනෙ. හැක්
ReplyDeleteදරුවන්ටයි හොඳම දේ !!!!!
උගෙ නම් ඔක්කොම අවුල්නෙ බන්
Deleteමගෙත් කීබෝට්ටෙක කහනව මේව දැක්කම. මාත් හැම ඉරිදම මුතියංගනේ පන්සලට ගියහම බලන්නෙ එදා ආලෝක පූජාවට සල්ලි දීපු අයගෙ නං තියෙන බෝඩ්ඩෙක. හික් හරි ජාති නං.
ReplyDelete“සසුනිකා පැබරනී දියනියගේ සිව්වන උපන් දිනයට සෙත්පතා“
“යානෙත් බෝහර පුතුගේ වැඩිවිය පැමිණීම වෙනුවෙන්“
“දෙකපුලානි තසුනිකා දියණියගේ ග්‍රහ අපල දුරුවීමට“
ඔයිට හපං ඔය පංසලේ මිදුලෙ සෙල්ලං කරන ලමයිංට උංගෙ අම්මල බැරි බැරි ගානෙං කටවල් විකාගෙන අගට හල් අකුරු තියෙන නංවලිං කතාකරන හැටි අහං ඉන්න එක.
අහුබුදු කියන විදිහට මගෙ නමේ තේරුමත් මෙහෙම ගතෑකි
සුරංග = සූර්+අංග = සූර්වූ අංග ඇති. කෙටියෙං කිව්වොත් ඇඟපුරා වෙරි.
බොලේ මගේ නමත් සුරංගනේ බං
Deleteසතුට සුරංගද බං ?? :D :D
Deleteමාත් ඔහොම නම් මහ ගොඩක් අහල තියනව. ආරියසේනය රටට කරල තියන විනාසෙ මතක් වෙනකොට වේදනාවක් ඇතිවෙනව. මේ විකාර නම් කාටද මතක තියෙන්නෙ. ආරියසේනය එක පරම්පරාවක් නැත්තටම නැතිකළා පිස්සු නම් දාල. පිස්සු හීන දැක දැක පත්තරවල පිටු පුරව පුරව හිටියනම් ඉවරයි. මේ නම් දාන ජාවාරම පටන් අරන් නටපු නාඩගමක් .
Deleteමේ නම්වල කිසිම තේරුමක් නෑ. ආරියසේනයට හිතෙන නමක් අරන් ඊට පස්සෙ ඒකෙ ශබ්දවලට තේරුමක් කෘතිමව නිර්මානය කිරීමයි ඔය කරන්නෙ.
උදාහරනයකට යානෙත් කියන නම නිකමට ඔලුවට ආපු එකක් වෙන්න ඇති.ඊට පස්සෙ ඔහුගෙ විකාර ක්‍රමවේදයට අනුව බොරු තේරුමක් අලුතෙන් හැදුව .ඉස්සරවෙලා නම හදල පස්සෙ තේරුම මවනව.
පත්තරේ...
Deleteසතුට සුරංග කියන්නේ ගෑණු කටහඩක් තියෙන ගායකයෙක්නේ බං...
මට නම් එහෙම ගායකයෝ අල්ලන්නේ නෑ.....
මම සුරංග බණ්ඩාර බොල..
සුරංග
Deleteඋඔගේ කමෙන්ට් එක එල ද බ්‍රා
මගේ නමත් වෙනස් කරනවා සුරංග කියලා..එතකොට ඇග පුරා ඩෝප්නේ බං
නිසන්සලා පියාසලා ඉගිල්ලිනි..
සුරංගගේ කතාව මරු.
ReplyDeleteඔවු ඔවු
Deleteඔය අහුබුදු ශුරින් ඉන්නේ අපේ ගෙවල් කිට්ටුව.මමත් එක වතාවක් කාගේ හරි ඉල්ලීමකට නමක් අර ගන්න එහෙට ගියා.දුව තමයි දැන් නම් දෙන්නේ.මාර බිස්නස් එක බං එකත්.ම.මත් පටන් ගත්තා නම් හරි වැඩේ.
ReplyDeleteමාර බිස්නස් එකක් තමා. බොරු නොකර තේරුමක් තියන නම් දානවනම් අවුලක් නෑ. එකම නම් සෙට් එක තමා හතර අතට කරකවන්නෙ . නම් පනහක් විතර හදාගත්තනම් රට පුරාම යවන්න පුළුවන්.
Deleteවිකුනන්න බැරි දේත් විකුනන ආරි හපනා. ඇස්කිමෝලට ශීතකරන විකුනන්නත් පුලුවන් ආරියසේනට ඔය විදියට.
මටත් බැරිකමක් නෑ. මමත් ඔය ව්‍යාජ විද්‍යාවන් ගැන යමක් දන්නව.ඒත් මට ඒ තරම් පහත් තත්වයට වැටෙන්න බෑ.
මධ්‍යස්ත,
ReplyDeleteමේක නම් අපූරු ලිපියක්.. මේ බහුබූතයා රටට කල විනාසේ, සිංහල සංස්කෘතියට කල විනාසෙ දැක්කහම ඇත්තටම දුක හිතෙනව. අපේ මිනිස්සුත් හුඟ දෙනා කිසිම විචාර ශීලී බවක් නැති හිස් මිනිස්සු කියන එක තමයි අපි මේකෙන් වටහ ගන්න ඕනේ.
මගේ දුව ඉපදුන වෙලේත් මගේ මිත්‍රයෝ මට යෝජනා කලා බහුබූතයගේ බහුබූත නමක් සල්ලි දී ල ගන්න. ඒත් මම සතුටුයි මට ඒ වෙලාවෙත් නුවණ තිබුනු එකට. මම කලේ දක්ශ කම හැඟ වෙන අකුරු තුනක සරළ නමක් මුලටත් පියකරු බව ආකර්ශනීයත්වය හැඟවෙන අකුරු හතරක නමක් දෙවැනියටත් දැමීමයි. අනේ අපරාදෙ කියන්න බැහැ මගේ කෙල්ල මම දාපු නම් දෙකට හරිම කැමතියි ඒ වගේම ඒවා ඕනෙ කෙනෙකුට එක සැරෙන්ම මතක හිටින සරල නම්.
ඊට පස්සේ මගේ කොල්ලට මම නම් දැම්මෙත් එහෙමමයි.
හැබැයි මගේ දරුවන්ගේ සම වයසේ මගේ හුඟක් මිත්රයින්ගේ දරුවන් අපිට කොච්චර සමීප වුනත් අපිට උන්ගේ නම් මතක හිටින්නේ නැහැ ඉතින් අපි ඒ අයව හඳුන්වන්නේ අහවලාගේ පුතා, දුව කියලමයි.
ඔන්න බහුබූතයා සිංහල තරුණ පරම්පරාවට කල දේ. අර වහරක් උන්නාන්සේ කරන වැඩෙත් ඒකම තමයි. මේ කමෙන්ට් වල තියෙන කිඹුලන් පොළොඟුන් වී ඉපදීම වැනි දේවල් ඇත්තෙන්ම විහිලුම නෙවෙයි. වහර ක උන්නසෙගේ බන අහලා සාදුකාර දෙන මෝල් වහන්සේලාට සිතා බලන්න කරන ආරාධනාවන්.
මධ්‍යස්ත ඔබේ අපූරු ලිපියත් ඊට සම්මාදන් වූ සැමවත් මම අගය කරනවා.
මට මේකට අදහසක් දාන්න පරක්කු වුන එක ගැන කනගාටුයි.
ReplyDeleteමෙම ලිපියේ තියෙන සමහර කරුණු වලට සහ අදහස් පාඨක ප්‍රතිචාර වැඩි හරියකට එකඟ වෙන්න බෑ.
අරිසෙන් අහුබුදු මහත්තයා සමාජයේ අවශ්‍යතාවයක් හඳුනාගෙන තම දක්ෂතාවය යොදාගෙන ව්‍යාපාරයක් කලා.
ඔහු කාටවත් තමන්ගෙන් නමක් ගන්න කියා බලකලේ නෑ.
එතුමාගේ නමක් නිසා කාටවත් හානියක් වුනෙත් නෑ (යහපතකුත් වුනේ නෑ).
ඒ වගේම අහුබුදුගේ නම් නිසා සිංහල ජාතියට යම් අනන්‍යතාවක් ලැබුනා (ලංකාවේ කාට හරි අමුතු නමක් තියෙනවානම් හැමෝම දන්නවා එයා සිංහල කියලා.) මේ ගැන දෙතිස් කතා අඩවියෙත් සඳහන් කලා.
එමනිසා අහුබුදු මහත්තයා අපරාධකාරයෙක් ගානට දමන්න කාටවත් අයිතියක් නෑ.
සිංහලයන්ට බිස්නස් බැරි මොකද කියන ගැටලුවට උත්තරයක් මෙම ප්‍රතිචාර කියවපුවාම ලැබෙනවා. එක සිංහලයෙක් සාධාරණව දියුනු වෙනකොට අනිත් සිංහලයාට ඒක දිහා බලලා සතුටු වෙන්න බෑ. මේවා අපි මේ වැරැද්ද හදාගත යුතුයි
රාවන රාමනායක මේ නම කොහොමද ගන්න පුළුවන් :3
ReplyDeleteසිංහල භාෂාව හැදිලා තියෙන්නේ පාලි වලින් ඔය අරිසෙන් අහුබුදු පද තොරණ හැටි මටනම් විකාරයක්.
ReplyDelete