මෙම ලිපිය සකස් කළේ ඇනෝලා සමඟ ප්‍රයෝජනවත් සංවාදය කට වඩා මාක්ස්වාදී නොවන සමාජ ආර්ථික විකල්ප ගැන සංවාදයක් ගොඩ නැංවීමට මුල පිරීමටය.
ඇනෝනිමස්ට යවන දෙවැනි ලියමන
ආදරණීය අනෝනිමස් වෙතටයි.
ශුද්ධ ලියවිලි වල කතෲන් වහන්සේලාගේ පිහිටයි.
මා කුඩා පාසල් සිසුවකුව ලෙස ඇසින් දුටු කනින් ඇසූ දේවල් දේශපාලනය ගැන මට වෙනස් විදියක දැක්මකට මහෝපකාරී විය. පක්ෂය කී පලියට පවුලෙ අය ඉදිරියෙ මිනිහෙක් මරල මිනිය දනිහෙන් පහල ගෙන යන ලෙස නියෝග දීම සාමාන්‍ය මනුෂ්‍යයෙකුට කළ නොහැක. මෙවැන්නක් කළ හැක්කේ බරපතල ලෙස බ්‍රේන් වොෂ් වූවෙකුටය. එසේම අනෙක් පාර්ශ්වය තරුනයෙකු ඔහුගේ පවුලෙ අය හඩවමින් පැහැරගෙන රදවාගෙන මිනිසත්බටත් නිගාදෙන වද් දී මරා පිලිස්සිය හැකිද . මේ කාර්යය සදහාද බ්‍රේන්වොෂ් විය යුතුය. එය හමුදාමය බ්‍රේන් වොෂ් කිරීමකි. ඒ ගැන දැඩි විවේචන වෙනත් තැන්වල කර ඇත.
මිනිසුන් විසින් මිනිසුන් මරා දමන මෙම ක්‍රම අප හෙළා දැකිය යුතුය. එය කළ යුත්තෙ දැන් බෝතල් පත්තරකාරයන් කරන ලෙසින් ඒවා හෝද හෝද මඩේ දැමීම හෝ ත්රස්තයන් උත්කර්ෂයට නැංවීම හෝ නොවේ. මෙවැනි සිදුවීම් වලට හේතු වූ කරුනු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව විමසා විසදුම් සොයා ගැනීමයි.
ප්‍රශ්න වලට විසදුම් සෙවීම විද්‍යාත්මක ක්‍රමයකට සිදුකිරීමයි. 18 වැනි සියවසේ ලියවුන පොත්වල අනාවැකි සත්‍ය කිරීමට මිනිසුන් බිලි දීම නොවේ.
මේ සියලු දුක් වේදනාවන්ට හේතුව මාක්ස්වාදය බව මට අවබෝධ විය. මාක්ස්වාදය යනු මම වඩාත්ම පිලිකුල් කරන වචනයයි. මෙය මාක්ස්වාදයෙ වරදක් නොවන බවත් ජවිපෙ අයගෙ වරදක් බවත් සමහරු කියති. එහෙත් ලෙනින් ,ස්ටාලින් ,ට්‍රොට්ස්කි, පොල්පොට් ,මා ඕ සෙතුන් , අබුගසිල් ගස්මාන් ආදීන් එම තර්කය බිද දමති. හිට්ලර්ට වඩා දරුනු සමූලඝාතකයන් වන ස්ටාලින් හා මා ඕ සේතුන් වැන්නන් මාක්ස්ගෙ පොතේ පාඩම් බරපතල ලෙස ප්‍රශ්න කිරීමකට අප පොළබවයි.
පසුගිය ලිපියෙන් අප හා සංවාද කළ ඔබ අලුත් තර්ක කිහිපයක් ඉදිරිපත් කරයි. රිප්ලයි කොමෙන්ට් යටින් යටට බලාගෙන යන එක නීරස නිසා මෙසේ අලුතෙන්ම පෝස්ට් එක දැම්මෙමි.
ඇෆගනිස්ථානයේ සී අයි ඒ ප්රයත්නය අසාර්ථක වී සෝවියට් දේශය ජයගත් පසු ඇමරිකාව කලේ ඉස්ලාම් අන්තවාදය ශක්තිමත් කිරීමයි. ඇනෝ මුස්ලිම් සමාජවල විප්ලව සිදුකල හැකි බව විශ්වාස කරයි. සමස්තයක් ලෙස ඉස්ලාම් සමාජය සමාජවාදයට විරුද්ධය. කිසිදු මුස්ලිම් රටක විප්ලව සිදුවී නැත. අතරින් පතර මුස්ලිම්කාරයෙක් ජෙවීපී කළත් සමස්ත මුස්ලිම් ප්‍රජාව සමාජවාදයට දැඩිලෙස විරුද්ධය. මුස්ලිම් ආගම යනු නීතියකි. ඒ නීතිය බැතිමතුන් විසින් උල්ලංඝනය කරනු නොලැබේ. විප්ලව වලට සරු පසක් වුනේ ක්‍රිස්තියානි සමාජවලය. බෞද්ධ සමාජවල විප්ලව ස්වයන් ලෙස නො එන නිසා කකුලෙ හැඩයට සපත්තුව කැපීමක් කළේය. මා ඕ වාදය යනු එයයි. මා ඕ වාදය යනු කෙලවරක් නැතිව මැරීමයි. චීන ජනගහනයෙන් හතරෙන් එකක්ම ප්‍රතිවිප්ලවවාදීන් ලෙස සළකා මැරුවෙ එබැවිනි. ලංකාවෙ 71 ,89 විප්ලව සාර්ථක වුනානම් එය අපටද ටහ් විදිය හැකිවනු ඇත. විජේවීරත් මා ඕ වාදියෙකි. කාම්බෝජයේ පොල්පොට් මෙය සාර්ථකව අත්හදා බැලීය. අලුත් ස්මාජයක් හදන්නට පරන සමාජය මූලෝත්පාඨනය කලේය. මෙය මාඕට කල නොහැකි වුනේ ඔහුගේ මරනය නිසාය. කන්නඩියක් දාන එකත් ප්‍රතිවිප්ලවවාදියෙක් කියල මැරුවලු.
ලිබියාවෙ ගෝත්‍ර අපේ යක්ෂ නාග දේව ගෝත්‍රවලට ඔබ සමකරයි. ඔබට මෙම සමාජය ගැන දැනුවත් කමක් නැත. අපේ අතීත ගෝත්‍ර දැන් හදුනාගත නොහැක. එහෙත් ලිබියාවෙ මෙය ගඩාපිගෙ නෑදෑ සනුහරයට එහා ගිය දෙයකි. අප්‍රිකානු ගෝත්‍ර යනු අපේ කුල ක්‍රමයට එහා යන දෙයකි. එම ගෝත්‍රවලට වෙනම ඇදහිලි සිරිත් විරිත් භාෂා පවා ඇත.
නේපාල කතාව
"නේපාලයේ මාඕවාදී ත්‍රස්තවාදය ප්රජාතන්ත්රවාදී ප්රවාහයට ඇතුලුවී කොමියුනිස් පක්ෂයක් ලෙස සංවිධානය විය. එය පාර්ලිමේතුවෙ බලය ගැනීම හෝ රාජ්‍ය බලය ගැනීම කාටවත් ප්‍රශ්නයක් නෙමෙයි.
නැක්සල් වරු කැලෑ සහ ජනශූන්‍ය මුඩුබිම් විශාල පිරිසක් පාලනය කරනව. ඉන්දියන් හමුදාවට කලු බලල්ලු හදන්න බැරිවුනේ මේ සටන් සොබාවය නිසයි. ජවිපෙ ජනතාව අතර ජනතාව බියවද්දමින් සටන් කළා. ලංකාවෙ කලු බලල්ලු සාර්ථක වීමත් ඉන්දියාවෙ සල්වාජුදම් ලා අසාර්ථක වීමටත් හේතුව එයයි
ලින්ක් දැමීමනම් හොඳයි. බ්ලොග් කියවන අය ට දැනුම ලැබේවි. ඇත්තෙන්ම ඔවුන් තමා ජූරිය හා විනිසුරන්. අපිත් කරන්නෙ එකිනෙකාගෙන් ඉගෙන ගැනීමයි.
88 /89 කලබල කලේ කිසිම තේරුමක් නැතිව මෝඩ විදියටයි. ඒකයි වෙනස.
අවංකවම ඇනෝගෙ උත්සාහයත් යලි ලේ වැගිරීමක් වෙන එක වැළැක්වීමනම් සතුටුය. මගේ අරමුනත් එය බැවිනි.
ධනවාදී ආර්ථික මොඩලය සිංගප්පුරුවෙ හා රටවල් දෙක තුනක මිස සාර්ථක නැත්තෙ ඇයිදයි අසයි.
එසේම සොබාදහම යනුම අයුක්තියක් බව මා කී අදහසද ඇනෝ සරදමට ලක් කර ඇත."
හොඳයි අප කතා කරමු.A සිට Z දක්වා
ඇනෝ ඔබ මාක්ස්වාදියෙක් බව පෙනේ. එනම් සමාජ ආර්ථික විශයය කාල් මාක්ස් මහතා ගේ දර්ශනය තුලින් බලන්නෙකි. එහි වරදක් ඇත්තේම නැත.
මේ හිතවත් මධ්‍යස්ථ මතධාරියා
ඇනෝ තවලම
කලබල කිරීම පිනිස උදේ රැයින් නැගිට බත් බැදගෙන එන ඇනෝ තවලම මධ්‍යස්ථයා ට හමුවුනේ තුන් මන් හන්දියේදීය.
මේ බෑරක් යනාවද කියා මධ්‍යස්ථයා ඇසීය.
ඇනෝ : මේ අහපන් මධ්යස්ථයො අපේ දර්මයට අනුව දුප්පත්කමට හේතුව සූරාකෑමයි. කම්කරුවාගේ කායික හා මානසික ශ්‍රමය ධනපති පන්තිය විසින් මංකොල්ල කනු ලබයි . ධනය ලෙස ගොඩ ගැසෙන්නේ අතිරික්ත ශ්‍රමයයි. මෙහිදී මෙම අතිරික්ත ශ්‍රමය කම්කරු පන්තියට හිමි යි.
ම.ම : ඇනෝ සහ මම වෙනස් වන්නේ මෙතනදී. ඇනෝ සිටන්නෙ සමාජ පරිනාමය පන්ති ගැටුමක ප්‍රතිපලයක් ලෙස. මම පන්ති සමාජය නොපිලිගනිමි. කම්කරුවන් ඇතත් කම්කරු පන්තියක් නැත. ධනපතියන් ඇතත ධනපති පන්තියක් නැත.
දැන් කාට කාටත් ගැටළුවකි. ඇනෝද හරි මධ්යස්ථයාද හරි.ඇනෝ කියනව සමාජ ඉතිහාසය පන්ති සටන්වල ඉතිහාසයක්ලු. අතිරික්ත වටිනාකම හිමි කම්කරුවටලු.
පිරිස : අම්මට සිරි . කම්කරු පන්තිය නිර්ධනපන්තික විඥානෙන් ඔද වැඩිල සමාජවාදී විප්ලවය කරනව .ඊට පස්සෙ සූරාකෑම් නැති නිසා වැඩකරන්නා වැඩෙහි ඵල ලබනව . මේ කාලෙ හැම දෙයක්ම විප්ලවකාරියි.
හැම ප්‍රශ්නෙකටම මුල සූරාකෑමනෙ. ආගම වගෙ දේවල් ආර්ථික ගොඩනැගිල්ලෙ තියන ආලවට්ටම්. හෙහ් හෙහ් මරු
මරුනෙ . ඇනෝ ලස්සන කතාවක් කියනව. හැම ප්‍රශ්නෙකටම මුල ධනවාදී සූරාකෑම නම් ඒක ඉවර කළාම සුරපුරය පහල වෙනවනෙ. බස් එකක් පුච්චන එක පාඩුද . ඇනෝ මෙච්චර ලස්සන කතාවක් කියද්දි මොකක්ද මේ මධ්‍යස්ථය කියන්නෙ .
මධ්‍යස්ථය කියනව පන්තිය කියල ගන්න පුලුවන් එකක් නැහැය කියල.
මධ්යස්ථයො කට පියන් හිටු. අපට ඕව හාර අවුස්සන්න ඕන නෑ. මාක්ස්ගෙ ශුද්ධ ලියවිලිවල තියනවනම් පිකටින් කරනකොට දේපල විනාශ කරන කොට තරහකාරයෙක් මරන කොට ආතල් එකක් දැනෙනවනම්
අපට තව මොනවද ඕන කරන්නේ.
ගිනි දැල් නගින කොට දැනෙන ආතල් එක බලපල්ල. විනාශ කරපල්ල ,මරපල්ල.කුඩේ කුඩු කරපල්ල.
කමක් නෑ මධ්‍යස්ථය කියාන් එකත් අහලම යමු. අපට බැරිවයැ විනාශ කාරී දේවල් කරන අතරෙ ඌ කියපුව මෙනෙහි කරල සිනා සෙන්න .
ම.ම : මූලික යුගවල නිෂ්පාදන හුවමාරුවක් සිදුවුනා. කිසිම කෙනෙක් ලොක්කෙක් නෙමෙයි . හැමෝම තමන්ගෙ හැකියාවන් බෙදා ගත්ත. නමුත් ඒ කාලෙ සමාජවාදී සමානාත්මතාවයක් තිබුන කියල රැවටෙන්න එපා.
පිරිස : ඉක්මනට කියපන් කියන දෙයක් මධ්යස්ථයො අපට මිනීමරන්න දේපොල වනසන්න තියනව. වැඩි වෙලා ගන්න බෑ මෙතන .
නිශ්පාදනය කියල මම මෙතන භාන්ඩ හා සේවා වලට සීමා වෙන්නෙ නෑ. දැනුමත් නිෂ්පාදනය අදාලයි. තම නිෂ්පාදාන් /හැකියාවන් / උරුමයන් අලෙවිකරල සමූහයෙ තමන්ගෙ තැන හදා ගත්තා.
නිශ්පාදන / හැකියාවන් /උරුමයන් ඒ මොනවද බාන්.
සමහරු බෙහෙත් ගැන දන සිටිය. සමහරු දඩමං දැන සිටිය. සමහරු ජල උල්පත් දැන සිටිය. නපුරු සතුන් සිටින තැන් දැන සිටි අය හිටියා.
උරුමයන් කියන්නෙ බාහු බලය ,රූප ලසනේ වගෙ දේවල් .
හා හා කියාපන් ඉතුරු ටිකත්.
මේ සමාජය කාලයක් යනකොට ප්රසාරනය වෙන්න ගත්ත. කුඩා සමාජය තුල ලොක්කන් නැතත් මහා සමාජයෙ ලොක්කන් ඕන වුනා.
පිරිස : ඇයි යකෝ ඒ? කුඩා එකට නැති ලොක්කො මහ එකට මොකටෙයි.
ම.ම :හිටහල්ල. මහා සමාජයෙ එකිනෙකා හදුනන්නෙ නෑ. කුඩා සමාජය සමාන්තරශ්රයක් වුනත් ස්වාභාවිකවම මහා සමාජය පිරමිඩයක් වෙනව. ඒ කියන්නෙ දූරාවලියක් තියනව.
කියන කැකිරි ගෙඩියක් ඉක්මනට කියපන් මධ්යස්ථයො. තව බස් එකක් ගියා .අපට ගිනි තියා ගන්න විදියක් නෑ.විරුද්ධ මත දරන එකෙක් පාරෙ ගියා .ඌව මරාගන්න විදියක් නෑ. මූ මේ බන කියනවනෙ.
ම.ම : මහා සමාජය බිහිවුනේ කුඩා සමාජ එක් වෙලා , නැත්නම් කුඩා සමාජයෙ ජනගහනය වැඩිවෙලා. ඒ මොකක් නිසා හෝ දැන් මහා සමාජය බිහිවෙලා. දැන් ඉස්සර වගෙ තම නිෂ්පාදන .හැකියාවන් /උරුමයන් සිල්ලරේට විකිනෙන්නෙ නෑ.
මෙතනදි සමාජයෙ හැඩය තීරනය වෙන්නෙ නිෂ්පාදන ක්‍රමවේදය අනුව. එතනදි හැම නිෂ්පාදනයකටම දවටනයක් ලැබෙනව. සමාජ පරිනාමය විග්රහ කරනකොට මේ දවටනය හරි වැදගත්. දවටනය කියන වචනෙ දැම්මෙ පාරිභාෂික අපබ්රංසයක් නොදා. ඕන නම් ව්‍යාජ ආරෝපිතය ,අමතර අගය වගෙ වචනයක් දාන්න තිබුනත් ඔහෙලට දේපොල වනසන්න මිනීමරන්න තියන නිසා වෙලාව වැදගාත්නෙ. ඒ නිසා මෙහෙම සරලව කිව්ව.
පිරිස :අන්න එහෙම සරලව කියපන් මධ්යස්ථයො.
ම.ම : සෑම සමාජයකම සත්‍යය වටා දැවටූ මිත්‍යාවක් එක්කයි අලෙවිය සිදුවෙන්නෙ. කුඩා සමාජයෙ මිතා තිබුන. නමුත් අලෙවියට එය වැදගත් වුඑනි නෑ . දැන් අනිවාර්යයි.
හ්ම්ම්ම් කියහන් කියහන්
පාලනය කියන කාරනේදි උතුම් ලේ තියන කෙනෙක් ඕන වෙනව. එයා ඉරෙන් හදෙන් දෙවියන්ගෙන් ආ කෙනෙක්. ඔන්න පිරමිඩයෙ ඔළුව.
මැරවරය තවදුරටත් නිකම්ම චන්ඩියෙක් නෙමේ. ඌ ඉඩම් හිමි වවිලිකරුවෙක්. ඉඩම කියන දේ නිෂ්පාදන ක්‍රමවේදයෙ පාදම. ඒක හිමි අර මැරවරයට.
මේක බලා ඉන්න බැරි පූජකය අලෙවිකරනව ගෙඩිය පිටින් මිත්‍යාව. මෙතනදි පිරමිඩයෙ ඉහාල් තැනක් අයිතිවෙනව පූජකයට. ( මේ කතාව වෙන ත්ණෑක දීර්ඝව කියල තියනව. )
නිශ්පාදන ක්‍රමවේද වෙනස් වෙනකොට ඊට සමගාමීව සියල්ලම වෙනස් වෙනව. මේක අනවරත ක්‍රියාවලියක්. විප්ලව නැහැ.
පිරිස :යකෝ විප්ලව නැහැ. මොන මුස්පේන්තු කතාවක්ද ඒ. මිනියක් මරන්න බැරි අදහස් දැක්වීමක්. ඒකට අපේ ඇනෝ
ම.ම :නිශ්පාදන ක්‍රමවේද වෙනස් කරන්නෙ නිර්මානශීලී මිනිසුන්. මේක අඛන්ඩයි.
පිරිස : අපට ප්‍රශ්නයක් තියනව . හරි ධනපති පන්තියක් නෑ කියමු. උඹ කියන ලෙසම නිෂ්පාදන ක්‍රමවේද වෙනස් වෙලා අද තියන ලෙසින් රදලයන් වෙනුවට ධනපතියන් ආදේශ වුනා කියලත් කියමුකො. එතකොට කොහොමද ධනපතියො බිහිවුනේ ?
ම.ම : ඒක වුනේ ඒකක ප්රසාරනය නිසා. කුඩා සමාජයෙ කෙනෙක් තම නිශ්පාදනය අලෙවි කරන්නෙ සීමිත පිරිසකට. එයින් ඔහු ලබන ආදායම ඔහුගෙ ජීවිකාව. නමුත් කුඩා සමාජය මහා සමාජයක් වුනාම ඔහුටපුලුවන් වැඩි පිරිසකට අලෙවි කරන්න. දැන් ඔහු කලින් වගෙ නෙමෙයි. සෙසු සාමාජිකයන්ට වඩා ධනවත්. නමුත් මේ ක්‍රියාවලිය සංකීර්නයි.ඔහු තමන් යටතෙ සේවකයන් ගන්නව. ඔවුන්ට ගෙවනව. එහෙම කරන්න පුලුවන් වුනේ ඔහුගෙ යම් දක්ෂතාවයක් නිසයි. එහි වරදක් නෑ. ඒ අනුව ධනවතුන් බිහිවෙන්නෙ ගනුදෙනුකළ හකි ප්‍රමානය විශාල වීම නිසයි. කාගෙවත් මොකවත් සූරාකාල නෙමෙයි.
ඔහු යටතෙ වැඩකරන අයට ඔහුගෙ ධනය අයිති නෑ. කම්කරුවන්ට හිමි අතිරික්ත වටිනාකමක් නැහැ. ඔහු ධනවත් වුනේ කාටවත් දෙන්න තිබුන දෙයක් නොදී ඉදල නෙමෙයි. අලෙවිය විශාල වීම නිසා.
මෙහිදී ධනය විතරක් නෙමෙයි .වෙනත් විශේශත්වනුත් එහෙමමයි. මෙහෙම ඒකරාශී වෙනකොට ඊට සමගාමීව තව දෙයක් වෙනව.
පිරිස:ඒ මොකක්ද
ම.ම:යෝධයා නිර්මානය වෙනකොට ඊට සමගාමීව අගුටුමිට්ටො හැදෙනව. අමතක කරන්න එපා ධනය ගැන විතරක් නෙමෙයි මගෙ කතාව. කලාව,ඇකඩමික් ගුරුකුල , ගායනය ,රඟපෑම ,වගෙ දේවල්. මේ ඔක්කොම අයිතියි.
පිරිස: හ්ම්ම්ම් ඒත් ඒකට වඩා රසයි ඇනෝ කියන කතන්දරය. ඇනෝගෙ කතාව අහල ගමේ සල්ලිකාරයගෙ වත්තෙ අඹ ගහකට ගලක් හරි ගහන්න පුලුවන්. යකෝ මේ අපේ සල්ලි කියල කෑගහල. සරදියෙල් රොබින්හුඩ් වගෙ ආතල් එකක් නෑ මධ්යස්ථයගෙ කතාවෙන්
එතකොට මේ අයුක්තිය හැමදාම තියෙයිද මධ්යස්ථයො ?
ම.ම:නිෂ්පාදන ක්‍රමවේද වෙනස් වෙනව. ඉදිරියෙදි මිනිස් ශ්‍රමය ආවශ්යම නැතිවෙන්න පුලුවන්. 18 වැනි සියවසෙන් එලියට ඇවිත් සිතන්න.
පිරිස : එතකොට විප්ලව .ප්‍රංශ විප්ලවය ,රුසියන් විප්ලවය ඒව අයුක්තියට එරෙහි මානව ප්රයත්නයන් නෙමෙයිද
ම.ම: නෑ . විප්ලව කියල දෙයක් සමාජක ස්වයන් දෙයක් ලෙස පැන නැගිල නෑ. සමාජ පිරමිඩයක උඩු යටිකුරු කරන්න බෑ. ප්‍රංශ විප්ලවය කලේ රදලාය්න් ,පූජකයන් හා ඔවුන්ගෙ කුලීකාරයන් රජුට විරුද්ධව.
බලය කියන සාධකය මේ අය අතර බෙදා ගනීමෙ ගටලු ආව. එක් වරෙක ඩැන්ටන් අතටත් පසුව බොබ්ස්පියර් අතටත් බලය ආව. ඒක පන්තියක් නෙමෙයි කන්ඩායමක්. ධනය විතරක් ඒකරාශීවීමේ අනතුර දකින ඔහෙල පුරුදුවෙන්න
පිරිස : එතකොට රුසියාවෙ ? චීනෙ
ම.ම:රුසියාව ලෝක යුද්ධයෙන් ඉවත් කරන්න ජර්මනිය ගහපු ගැටයක් ඒක. චීනයෙ බටහිර සහ සෝවියට් තරගයෙන් සෝවියට් පිළ දිනුවා. ඇනෝලට අනුව විප්ලවය සමාජය තුලින් එන්න ඕන. වෙලා තියන හැම විප්ලවයක්ම බාහිර මැදිහත්වීම්. රුසියන් විප්ලවයෙ ගාමක බලවේගය වුනේ හමුදාව.
වියට්නාම් යුද්දෙදි වියට් කොං සෙබලු සටන් කරනකොට චීන සෙබලු පාලන් බෝක්කු හැදුව. එවිතරක් නෙමෙයි චීන සෙබලු පෙරමුනෙත් සටන් කල බවට ඇමරිකන් සෙබලු අදහස් දක්වල තියනව.
පිරිස : මාරයි . ඉතින් මධ්යස්ථයො උඹ කියන්නෙ අපි ධනය ඒකරාශීවීමේ අනතුර වගෙම බලය වගෙ අනෙක් දේවල් ඒකරාශී වීමෙ අනතුර ගැනත් හිතන්න ඕන කියලද
ම.ම:අනිවාර්යයෙන්ම. කුඩා සමාජයෙ තිබුන හැම විශේෂත්වයක්ම මහා යෝධයන් වෙලා අපේ මහා සමාජය තුල අගුටුමිට්ටන් නිර්මානය කරනව. බලය විතරක් නෙමෙයි මහා කලාකරුවන් , නළු නිළියන් ,ගායකයන්,පූජකයන් යන මේ හැම දෙනාම වන්දනය කිරීමේ සම්ප්රදාය එන්නෙ එතනින්.
පිරිස :මේක නවත්වන්න බැරිද
ම.ම:නවත්වන්න හදපු හැම උත්සාහකම අසාර්ථක වෙලා පීඩනය වෙනත් නමකින් මතුවුන එකයි වුනේ. හේතුව මේකයි. ප්‍රශ්නයට හේතුව නොසොයා පිළියම් යෙදීම
පිරිස :අපේ දේපොල වැනසීම මිනීමැරීම් වගෙ පුන්‍ය ක්‍රියා ගැන මොකද කියන්නෙ මධ්යස්ථයො.
ම.ම: මට මොකද ඔහෙල අනුන්ගෙ ඉඩමක් හොයාගෙන යනව ප්‍රොපේත කෙනෙක් පෙරටුකරගෙන. කිරි මීපැනි ගලන ඉඩමක් ගැන ඔහෙලගෙ ප්‍රොපේත වරු කියල තියනව. ඔහෙල ඒව අදහනව. ඒ කට විප්ලවය කියනව. මේ විප්ලවයෙදි ඔහෙල ට තහංචියි එකම දෙයිය වෙනුවට ආදේශ හදන්න. ඒ වගෙ ආදේශ හදන ප්රතිවිප්ලවවාදියන්ව මරනව. ඒ වගෙම බාල්ගෙ ඇෂ්ටාරොත් ගෙ පිළිම විනාශ කරනව. බස් ගිනිතියනව කියල ඔහෙල කරන්නෙ යෙහෝව ඇරෙන්න වෙන දෙවියන්ගෙ දේවාල වැනසීම.
පිරිස :එතකොට උඹ කියන්නෙ ඒව වැරදියි කියලද
ම.ම: වැරදියි කියන්නෙ නෑ. ඵලක් නෑ කියල කියනව. අපි පළමුව ප්රශ්නය හදුනා ගනිමු. ඉන් පසුව එයට හේතුව හොයමු. ඊලඟට එය නැති කිරීමේ මාර්ගය හොයමු. අන්තිමට එය නැතිකරමු. ඒ කියන්නෙ විසදුම සොයාගනිමු. මිනී මැරිලි දේපොල වැනසිලි මොකුත් නෑ.
පිරිස : ඒ කියන්නෙ බලන් නිලාගෙන ඉන්න කියලද කියන්නෙ
ම.ම: බකන් නිලාගෙන ඉන්න නෙවෙයි. බොරු වැඩකරල වැඩක් නැති නිසා. එක දුෂ්ටයෙක් වෙනුවට තව දුෂ්ටයෙක් ආදේශ කරගෙන වැඩක් නෑ.ආර්ථික හා සමාජ විසදුම් සොයන්න ඕන. ඒ කිසි දෙයක් ගැටුම් වලින් නෙවෙයි කරන්න ඕන. සම්මුතියෙන්. පාලකයො කවදාවත් බන්දේසිවල දාල දෙන්නෙ නෑ කියන එක ට වඩා අප නිතරම සම්මුති ගොඩ නගන්න ඕන. සමූපකාර ක්‍රමය ඒ වගෙ විකල්පයක්. මේ වගෙ විකල්ප බොහොමයක් අත්හදා බලලත් තියනව. අපට ඒ දේවල් බ්ලොග් වලිනුත් කතා කරන්න පුළුවන්.
ඒ ආර්ථික පැත්ත.
සොබාදහම දෙස බලනකොට ගැටුම කියල හදුනාගන්නෙ සංයෝජනයන්.හුවමාරුව.පිරමිඩාකාර ව්‍යුහය තුල මේ වගෙ හුවමාරු සිදුවෙනව. ගැටුම කියන වචනෙත් මට හරිම අප්‍රියයි. ගැටුම් තුලින්මයි අයිතීන් ගන්න පුළුවන්. අපි කැමතිවුනත් අකමැති වුනත් ඒක යථාර්ථය . මේ වගෙ දේවල් තුලින් ආයෙ ගැටුම ,රන්ඩුව දබරෙ වලිය තමා පෙරට එන්නෙ. එහෙමම හිතන්න ඕන නෑ
1215 දි බ්‍රිතාන්‍යයෙ සිදුවූ ප්‍රථම දේශපාලන ප්රතිසංස්කරනයත් සම්මුතියක්. එතන බල හුවමාරුවක් වුනා රජා එක්ක.
දේශපාලන ප්රතිසංස්කරන ඉන්දියාවෙ මල්ල ,වජ්ජි , ලිච්ඡවි වගෙ රටවල තිබුන. පුරාන රෝමයෙ මේ වගෙ අත් හදා බැලීම් තිබුන.
අපි යමු අලුත් මාවත්වල. තනි පක්ෂ මර්ධනයක් ගේන්න හදිසි නොවී.
පිරිස :ඇති ඇති නවත්තපන්. අපේ විප්ලවකාරී ජීවගුනෙත් අඩුවෙනව ඒව අහල.
මධ්යස්ථයගෙ බන අහන්න ගිහින් අපේ වැඩවලට කාලය මදි වුනා වගෙ. ගැටුම හෙට පටන් ගනිමු. කලබල කරන්න අද මහ මොකද වගෙ මේ කතා අහල. හෙට උදේම පංතියක් කරල ආයෙ වයිරය පුරවගෙන ඌනිතවාදීව හිතල ඉතාම සරල විග්රහයකට ඇවිත් හොඳ බිල්ලෙක් හොයාගෙන සටන් කරමු. හැම පැත්තටම කරුනු විග්රහ කරනවට වඩාඒක ලේසියි. ඒ වගෙ දේකට කට්ටියත් හොයාගන්න ලේසියි. අන්න හද ,ඒක තමා හැම ප්‍රශ්නෙකටම මුල. හදට ගල් ගහපල්ල කියපුවම. කොල්ලො චූන් වෙලා හදට ගල් ගහනව.
ඔවු ඔවු ඒක තමා නියම මාවත . ප්‍රේරිත වූ ලෙනින්ගෙ ශුද්ධ ලියවිල්ලෙත් ඒක තියනව .අහවල් සුරාවෙ අහවල් ඡේදයෙ අහවල් තැන මේක තියනව. ඒක බැතියෙන් සජ්ජායනය කරමු .
ආමෙන්.
කාගෙහරි නෑයො අඩුනම් එයා කියන එක හරි.
මේ මහදැනමුත්තගෙ කතාවත් කියවල මාරකැස්වාදීන්ගෙන් ගන්න තියන ආදුරුස ගනිල්ල.
ඔන්නෙ එකෝමත් එක රටක ඉස්කෝල දෙකක කොල්ලො දෙගොල්ලක් රන්ඩුවුනා බෝල සෙල්ලමටව් ගිහින්. මේක දිගට ඇදෙනව. බලන් උන්න ගමේ අය ගියා ගමේ උගත්තා වන මහදැනමුත්තා හම්බවෙන්න .. මහදැනමුත්ත ඉංගිරිස් එහෙමත් දන්නවා.
මහදැනමුත්තා කියන්නෙ කලින් ජේවීපී කරල තියන අත්දැකීම් අටෝරාසියක් ගත්ත කෙනෙක්. ඒ නිසා උන්දගෙ තීන්දු තීරන මාර ගති තීරන. හැමෝම ඒ සටයිල් එකටත් ආසනෙ. ඔන්න දැන් මහදැනමුත්ත ආව අලිය පිටේ. කියන්න අමතක උනා මාහ්දැන්මුත්ත දැන් යන්නෙ අලිය පිටේ.
දැන් මේ දෙගොල්ලගෙ ගනන් හිලවු මට ඕන මහදැනමුත්ත කිව්ව.
ඒ කියන්නෙ පොල් බෑ මූන ඇහුව.
දෙගොල්ලක් අතර සිදුවන ගැටුමකදි හරි කවුද වැරදි කවුද හොයන ක්‍රමයක් තියනව. මට මේ රන්ඩුව ට සම්බන්ධ දෙගොල්ලගෙ ගනන් හිලවු ඕන අන්න ඒකටයි. වැඩි පැත්ත වැරදියි අඩුපැත්ත හරි.
මහදැනමුත්තගෙ නඩු විසදීම දැකල හැමෝම මුත්තගෙ බුද්ධිය ගැන පුදුම වෙලා විසිර ගියා.
( මෙම කතාන්දරය හුදු අහිංසක විනෝදය තකා නිර්මානය කරන ලද්දකි.)