පාසල් වල සිදුවන ළමා හිංසනය ගැන පෝස්ට් එකක් දැමීමට සිත්වුනේ එක්තරා අත්දැකීමක් නිසාය.ඒ අලුත් බ්ලොග් එකක පලවූ ලිපියකි.දැන් එම ලිපිය ඉවත්කරගෙන ඇත.
මෙය මෙම ගුරුවරියට එරෙහිව දෙපාර්තමේන්තු මට්ටමින් විනයානුකූලව කටයුතු කළ හැකි මෙන්ම නීතිමය පියවරද ගත හැකි බරපතල සිදුවීමකි.බරපතල ළමා අපචාරයකි/හිංසනයකි.මෙය අනුමත කරන අයද (එවැන්නන් සිටී නම් ) එවැනිම මනස් ඇති අයයි.
එම සිදුවීම පහතින් දැක්වේ.
එම සිදුවීම පහතින් දැක්වේ.
මෙහිදී ගුරුවරිය විදුහල්පතිවරයා හමුවීමට යනවිට පන්තියේ සියළුම ළමයින්ට පන්තියෙන් බැහැරව නොයන ලෙස අවවාද කර ඇත.එසේ ගියහොත් පන්ති නායකයා වගකිවයුතු බවද ප්‍රකාශ කර ඇත. එසේ සිසුන් පන්තියෙන් බැහැර ගියහොත් ගුටි කන්නට සිදුවන්නේ පන්ති නායකයාට බවද ප්‍රකාශ කර ඇත. එවිට කීයක් ගහන්නේදැයි එක් සිසුවෙක් විමසා ඇති අතර පන්තියෙන් බැහැරව යන එක් සිසුවෙක් වෙනුවෙන් පහරවල් පහක් ගහන බව පවසා ඇත.
මෙම ගුරුතුමියගේ පළමු පත්වීම විය හැක. නැත්නම් මෙවැනි තීරනයක් නොගන්නා නිසාය.මන්ද පන්ති නායකයාට මෙවැනි වගකීමක් භාරගටහ් නොහැකි නිසාය. ගුටි කන්නෙ තමන් නොවන බවදන්නා සිසුන් පන්තියෙන් එළියට යන්නට බිය නොවෙති. එක් අයකු කරන වරදකට තව කෙනෙකුට දඩුවම් දීම මරි මෝඩ කමකි. එසේම මෙම ගුරුතුමියට පන්තිය පාලනය කරගටහ් නොහැකි බවද මෙම හැසිරීමෙන් පෙනේ. ගුරුතුමියට බැරි දේ පන්ති නායකයා කෙසේ කරන්නද
විදුහල්පතිවරයාගේ කාර්යාලයෙන් ආපසු පන්තියට එන විට සිසුන් 13 දෙනාම සිටියේ පන්තියෙන් පිටය. ඉන් පසු සිදුවූ දේ ඇයගේම වචන වලින් මෙසේය.
උපුටා ගැනීමක්
// ළමයි මං කිව්ව දේ ඇහුවේ නෑ ටීච... මම ෆේල්”
මා මැදිවුයේ ගැටළුවකටය. පන්තියෙන් බැහැර වු එක් අයෙකු වෙනුවෙන් පහර පහක් දෙන බව කීවේ එසේ කිරීමට මට අවශ්යළ නොවනු ඇතැයි සිතාය. එහෙත් වුයේ අනිකකි. කිසිවක් නොකියා මම වේවැල අතට ගත්තෙමි. එ සැණින් පන්ති නායකයා මා ඉදිරියට ඇවිත් සිය සුරත ම දිගු කර උන්නෙ මැසිවිලි නැතුවය. පහර හැට පහක් අත් දෙකටම වැදෙන තුරු නොසෙල්වී දෑතම දිගු කරගෙන ඔහු උන්නෙය. එහෙත් ඇස්දෙකම තඩිස්සි වී ඉදිමෙන්නට තරම් පහර දී ඉවර වන විට මම හඬා තිබුණි.
පසු සටහන:-
මා ස්ථාන මාරුවක් ලබා වසර කිහිපයකට පසු දිනෙක ත්‍රී.රෝද රියක් මා පසුකර ගෙන ගොස් නැවත හරවා පැමිණ මා ඉදිරියේම නතර විය. කරදඬු උස්වු තරුණයෙක් රියඳුරු අසුනෙන් බැස තාර පාර මැද දණ බිම ඔබා මට වඳින ලදී.
“ මාව මතකද ටීචර්” මම සිනාසුනෙමි. ඒ ඔහුය.
“මගෙන් වැඩිපුරම ගුටි කාපු ළමයා” //
මෙම සිසුවා නතර වී ඇත්තේ ත්‍රීරෝද රථ රියදුරෙකු වීමෙනි. මෙම කතාවේ අපූරු අතුරු කතා රැසක් ඇත.
මේ සිදුවීමෙන් පසු කිසිදිනක වේවැල පාවිච්චි නොකළ බව කියා ඇතත් එය පිළිගත නොහැක. එසේම උසස් පෙළ පන්තිවලදීද පහරදීම් කරන බව කියා ඇති නිසාත් කොතරම් පහරදීම් කළත් දරුවන් ආදරේ බව කියා ඇති නිසාත් ඇයගේ ලිපිවල සිසුන් සිසුවියන් කොයි වෙලෙත් ගුටි කෑමට සුරත දිගුකරගත් වනම සිටින නිසාත් මෙම ගුරුතුමිය පහරදීම් වලට ඇබ්බැහිවී ඇති බව පෙනේ. බොරු වරදකට පහරවල් 65 ක් ගැසූ ගුරුවරියක් ඉන් පසු කිසි දිනක වේවැල පාවිච්චි නොකල බව කීම හාස්‍ය ජනකය.
මෙම සිදුවීමේදී පහර 65 ක් එක් සිසුවෙකුට ගැසීම එම ගුරුතුමියට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට තරම් බරපතල වරදකි.
පහරවල් පහ ගානෙ දෙනබව කී පසු එම දඩුවම අවලංගු කළ නොහැකිවුනේ මන්ද යන්න ගැටළුවකි. හා මම මේ වතාවට සමාව දෙනව ආයෙ එලියට ගියොත් එලියට යන අයට පහරවල් පහ ගානෙ ගහනවා කීවානම් කැකිල්ලෙ තීන්දුවට වඩා සාධාරනය. කියපු දේ නොකළා කියලමේ ගුරුතුමියට එරෙහිව කවුරුහෝ නඩු දමනවායැ.අනෙක් අතට ගුරුවරියට අවනත නැති සිසුන් පන්ති නායකයට අවනත වෙනවාද
බොහෝ ගුරුවරු සිය දුර්වලකම් ද සිසුන්ගේ පිටින් යවයි. එසේම ගෙදර පීඩනය මුදාහරින්නේද සිසුන් මතිනි.එසේම ගුරුවරුන්ගෙන් කිසියම් ප්‍රතිශතයක් වධ හිංසා වලට ඇබ්බැහිවී සිටිති. මෙය සමාජය ප්‍රසිද්ධියේ කතා නොකරන තිත්ත ඇත්තකි.
මේ ලිපියට අදාලව එක් පියෙකුගේ කොමෙන්ටුවකි.
// දරුවෙකුට පහරදීම නම් කිසිසේත්ම සාධාරණ නැහැ.දරුවෙකුට වදින පහරේ සැරකම දැනෙන්නේ ශරීරයට නොවේ හිතටයි. 1 වසරේදී එක නපුරු (ගුරු)ගැහැනියක් මගේ පුතාට ඉතා තදින් පහර දී තිබුනා කිසිදු හේතුවක් නැතිව. ඒ පහරදීමේ කම්පනය දිගු කාලයක් පුතා තුල තිබුනා.දරුවාගේ මානසික කම්පනය නැතිකරන්නට මගේ බිරිඳ බොහෝ වෙහෙසුනා.කුඩා කල සිටම මගේ පුතා අම්මා වැනිම ඉතා විනය ගරුක නිශ්ශබ්ද චරිතයක්.
ඒ ගැහැනියගේ හෝ මගේ වාසනාවට එම සිද්ධිය වනවිට මා ලංකාවේ හිටියේ නැහැ.දැනට 13 වසරේ ඉගෙනගන්නා මගේ පුතා,අදටත් ඒ ගුරුවරිය මතක් කරනවාටවත් කැමති නැහැ.
පසුව මා මෙම ගුරුවරිය පිළිබඳව සොයා බැලූ විට දැනගත්තේ ප්‍රශ්නවලින් ගෙදර ජීවිතය අපායක් කරගත් ගැහැනියක් බවත්,ඒ පීඩනය මත පාසල් විත් යකින්නක් ලෙස හැසිරෙන බවත්.සැම දිනකම කවුරුන් හෝ දරුවෙකුට පහරදෙන බව.ඒ දිනෙන් පසු දරුවා පාසල මතක් කරනවාටවත් කැමති උනේ නැහැ. මාගේ බිරිඳ විදුහල්පති සමග කතා කර දරුවා වෙනත් පන්තියකට දැම්මා.
විශේෂයෙන් බාලාංශ පන්ති සඳහා යෙදවිය යුත්තේ දරුවන්ට අම්මා ලෙස හැඟෙන කරුණාවන්ත ගුරුවරියන්. ළමයින් ලොකු වූ පසු කැම්පස් යනවාද හිරගෙදරට යනවාද යන මුලික තීරණය තමන් නොදැනුවත්ව හෝ ගන්නේ මෙම ගුරුවරුයි.දෙමාපියන් වගකීමෙන් නිදහස් කරනවා නොවේ.
ළමයින් පාලනය කිරීමට පහරදීම අනවශ්‍ය බවට මට ඇති හොඳම සාධකය නම්, පාසලේ බොහෝ ගුරුවරුන් විසින් නමගිය අට්ටරයින් ලෙස හංවඩු ගසා කොන් කර ඇති ළමයින්, එකම පහරක් හෝ නොගසා උන්ගේ හදවතට දැනෙනා හැගීම් බර ලෙස කතා කර උන් පාලනය කර ගන්නා , ගුරුවරියක් වන මගේ බිරිඳයි.මගේ බිරිඳ ඉදිරියේ තම හදවත විවර කරනා එවන් බොහෝ දරුවන්ගේ කථා ඉතා ශෝචනීයයි. ගෙදර සහ හැදෙන පරිසරයේ ඇති බොහෝ හේතූන් මත දරුවන් එම තත්වයට පත් වෙන බව දරුවන්ගේ හෙළිදරව් කිරීම් තුලින් පැහැදිලි වෙනවා.අද මිනිසුන් එල්ලුම් ගස ගෙනෙව් කියා මොරදෙන්නේ එසේ නිසිලෙස හඳුනාගෙන සැබෑ හේතුන්ට පිළියම් නොලබූ, යහමගට නොගත් එවන් දරුවන් එල්ලන්නටයි.//
හිංසනයෙන් තොරව දරුවන් යහමගට ගත හැක. දරුවන් භාරදිය යුත්තේ විශේෂයෙන් බාලාංශ පන්ති සඳහා යෙදවිය යුත්තේ දරුවන්ට අම්මා ලෙස හැඟෙන කරුණාවන්ත ගුරුවරියන් ලෙස මෙම පියා පවසා ඇතත් මා නම් කියන්නෙ කිසිම පන්තියක් දරුණු ගුරුවරුන්ට භාර නොදිය යුතු බවයි. හිංසා නිසා සිසුන් සිය දිවි නසා ගැනීමටද පෙළබේ.
ගුරුවරු නිසා අධ්‍යාපනය කඩාකප්පල්කරගත් පිරිස ඉතා විශාලය. ගනන් මිස්ගෙන් ගුටිකන්න බරිව ඉංග්‍රීසි සර්ගෙන් ගුටිකන්න බැරිව පාසල් ගමන නතරකළ අය සිටිති. එක් පියෙක් ප්‍රකාශ කලේ සිය දරුවාට ඉංග්‍රීසි උගන්වන්න එපා කියාත් නොගහන ලෙසත්ය. සිය දරුවා පහර කනු ඔහුට ඉවසන්නම බැරි තැන එසේ පැවසීය.
මෙම පරපීඩක සම්ප්රදාය වෙනස් කරන්නට බැරිද. දඩුවම් වලින් තොරව කුඩා දරුවන් හික්මවන්නට බැරිද. මන්ද දඩුවම් තුලින් දරුවන්ට පාසල එපා වේ.එක් සමෘද්ධි නියාමකවරියක් මා සමග පැවසුවේ ගුරුවරයා තම බඩෙන් අල්ලා ඉදිරියට ඇද්ද බවත් දැන් රාජකාරිවලට ඔහුගේ නිවසට ගිය විටද මෙම බය දැනෙන බවත්ය. පාසල දරුවන්ට බියජනක ස්ථානයක් කරන්නේ ඇයි.
මා දන්නා එක් ගුරුවරියක් උදේ සරබ ක්‍රියාකාරකම් වලදී දරුවන්ට බනින්නේ දෙමවුපියන්ගේ ලිංගික ක්‍රියාකාරකම් මතක් කරමිනි. එය අසා සිටීමට බැරි තරම් පිළිකුල්ය. වැරදි සරඹ ඉරියවු වලට හේතුව ලෙස මෙම ගුරුවරිය ප්‍රසිද්ධියේ දක්වන හේතු ප්‍රාථමික පන්තිවල දරුවන්ට අන්ඩර දෙමලයකි.
එසේම ගුරුවරුන්ගේ වැරදි ගැන පමිනිලිකිරීමට දෙමවුපියන් බියවන්නේ එවිට පාසලේදී දරුවන්ට වොවිධ පලිගැනීම්වලට ලක්වෙතැයි බියෙනි.
මේ අප සමාජයේ තිත්ත ඇත්තයි.
ගුරුවරු ඉතා අන්තනෝමතික ලෙස හැසිරෙන අවස්ථා අප දැක ඇත. මේ මා අසා ඇති කතාවකි. නාරම්මල ප්‍රදේශයේ එක් පාසලක එක් ගුරුවරියක් පන්තියේ සිසුවියක් කෑගසන නිසා තරවටුවට ඇයව කාමරයක දමා දොර වැසීය . මෙය කැලෑබද පෙදෙසක පාසලකි. කාමරයට ආවේ පිබුරෙකි. පිබුරා මෙම දියණිය ගිල දැම්මේය. පිඹුරා දැක ඇය කෑගසන විට ගුරුවරු සිතුවේ ඇට්ටරකමට කෑගසනවා කියාය.
ඉහත සිදුවීම වැනි ඉතාම අන්තනෝමතික ලෙස ක්‍රියා කරන ගුරුවරු අධ්‍යාපන නිළධාරීන්ගේ අධීක්ෂනයට ලක් වන්නේ නැද්ද
මෑතක් වන තුරුම පාසල්වල දරුණු වද හිංසා සිදුවූ අතර එම හිංසා නිසා අධ්‍යාපනය අතරමග නැවතුන දරුවන්ගේ ප්‍රමානය අනන්තය අප්රමානය.එසේම ආබාධිත වූ දරුවන්ගේ ප්‍රමානයද අනන්තය අප්රමානය. එහෙත් ගුරුවරුන්ගේ දඩුවම් ගැන සමාජ ආකල්පය අපූරුය.
දැඩි දඩුවම් දෙන ගුරුවරයා හොඳ ගුරුවරයෙක් ලෙස සමාජ සම්මතයක් ඇත. මීට හේතුව අපගේ සමාජයේ ඇති පරපීඩක වන්දනයයි. එසේම ගුටි කන අය ගුටි දෙන්නන් ගැන ඇත්තේ අපූරු ආදරනීය හැඟීමකි.
මේ ගැන කර තිබෙන එක්තරා පර්යේශනයක ප්‍රතිපල මෙසේය.
බලු පැටවුන් කන්ඩායම් තුනකට බෙදා එක් කන්ඩායමකට හොඳින් සැලකීය .අනෙක් කන්ඩායමයට නරක විදියට සැළකීය .තුන්වන කණ්ඩායමට හොදින් සළකන අතර හිංසාද කරනු ලැබීය. මෙම කන්ඩායම් තුනෙන් හාම්පුතුන්ට දැඩි ආදරයක් ලෙන්ගතුකමක් දැක්වූවේ තුන් වන කන්ඩායමයි . අපිට ගහන්නෙ හදාගන්නනෙ කියා සමහර ළමයි පවසනු ඔබ අසා ඇත. ( මූලාශ්‍රය සුමනදාස සමරසිංහ මහතාගේ දේශන ).
දන්ඩනය තුලින් පරපීඩක ළමා සමාජයක් බිහිවන අතර වැඩි වියට පත් එම ළමයි සාමාන්‍ය ක්‍රමවලින් පාලනය කළ නොහැකිවෙයි.ඊට හේතුව උසස් පෙළ පන්තිවලදී සාපේක්ෂ නිදහසක් හිමිවීමයි. මෙසේ ගුටිකන්නම හුරුවූ සිසුවා සමාජගත වූ පසු ඔහුව පාලනය කිරීමට තවත් මර්ධන උපක්‍රම අවශ්‍ය වේ. මෙහිදී ආරක්ශක අංශවල සිට එල්ලුම් ගහ දක්වාම විවිධ පරාසයක් සේවා අවශ්‍ය වේ. ලාංකිකයාට කිසිම දෙයක් හොදින් කිව්වාට අහන්නෙ නැත. දඩුවමක් අවශ්‍යමය. හේතුව ලංකාවෙ ළමයි හදන්නෙ සත්තුන්ටත් අන්ත ලෙස නිසාය. දියුණු රටවල පාසල්වල දඩුවම් නැත. එම පාසල්වල තිබෙන විනයද මෙහි නැත.
මගේ අත්දැකීම්ද කැටයම් කිරීමට කැමැත්තෙමි. අප පාසල් යන කාලයේ දඩුවම ඉතා සාමාන්‍ය දෙයකි. සියළුම ගුරුවරු දඩුවම් කළහ. මා නම් මෙම හිංසනයන්ගෙන් බොහෝ දුරට ගැලවී සිටියෙමි. ඊට හේතුව මගේ ආදරණීය මව ගුරුවරියක් වීම නිසාය. එකම එක අවස්ථාවක ( අල්ලපු වත්තෙ අඹ කඩා අසුවීම ) මටද දඩුවම් විදීමට සිදුවුනත් මට හයියෙන් නොගැසූ බව අනෙක් සිසුන් කතා වූ හැටි මට මතකය. අනෙක් ගුරුවරු වෙනත් සිසුන්ට දඩුවම් දුන් හැටි මතකය. එක් අවස්ථාවක එක් සිසුවෙක් ගැන පැමිනිල්ලක් ලද විගස එම ගුරුවරයා යක්ෂාවේශවී දිවගෙන විත් සිසුවාගේ බෙල්ලෙන් අල්ලා කුණු මාලු කෑල්ලක් මෙන් එහෙට මෙහෙට අදිමින් පහරදුන් හැටි මෑතක් වන තුරුම මට බිය ජනක මතකයක් විය. එම සිසුවා එම ගුරුවරයාගෙන් මිදුන පසු ටික වේලාවක් සන්සුන්ව සිටි ගුරුවරයා යළි පොල්ලක් කඩාගෙන සිසුවා පසුපස එලවගෙන ආවේය. එවර සිසුවා බේරාගැනීමට වෙනත් ගුරුවරු හා සිසුන් ද මහත් වෙහෙසක් ගත්හ. සිසුවා පන බේරාගත්තේ තාරපාර දිගේ පැන දිවීමෙනි. මෙම ගුරුවරයාට ගෙදරප්රශ්න තිබිනි. බිරිද දික්කසාද නඩුවක් දමා තිබිනි. ඔහු ක්‍රියා කලේ හදිසි කෝපය මතය.
එහෙත් හදිසි කෝපය මත ක්‍රියා නොකළ නමුත් දඩුවම් දීමට චිරප්රසිද්ධ ගුරුවරු දෙදෙනෙක්ද මගේ මතකයේ වෙයි. එක් ගුරුවරයෙක් සිසුන්ට දඩුවම් කරන්නේ ආගමික කාර්යයක කරන්නා සේය. ඔහුගේ මුහුණ එම කාර්යයට පෙර ප්‍රීතියෙන් බබලයි. දඩුවම් දීම වේවැලකින් පමනක් කරන මොහු එම කාර්යය දිගු වේලාවක් සිදුකරයි. එසේම ඉතා ඉවසීමෙන් රසවත් භෝජනයක් භුක්ති විදින ලෙස එය කරයි.
ඉංග්‍රීසි ඉගැන්වීමට ආ තවත් ගුරුවරයෙක් පන්තියට ඇතුල් වන්නේම කාට හෝ පහර දෙමිනි. හැම පන්තියකම ඔහුට පහරදීමට එක් සිසුවෙක් තෝරාගෙන සිටියේය.ඔහු පහර දෙන්නේ අතිනි.සිසුවාගේ හිසටය. පහර දෙන්නට පටන් ගත් පසු ඔහුට ඔහුවත් කොන්ට්‍රෝල් නැත. ළමයා අඩන කල්ම පහර දෙයි. මේ පහර දීම් වලට කිසිම හේතුවක් නැත. නිකම්ම කරන පහරදීම්ය.
එක් මාසික පරීක්ශනයක් තිබූ අවස්ථාවක මට ප්ලුස්කැප් කොලයක් ගෙන ඒමට අමතක විය. මෙම ගුරුවරයා මා ලගට පැමින ඇයි ලියන්නෙ නැත්තෙ කියා ඇසීය. මම හේතුව කීමි. ඔහු අල්ලගත්තෙ මා අසල සිටි සිසුවාය . මේ ඔහු අපේ පන්තියේ දෛනික පහරදීම් සදහා තෝරාගත් සිසුවාය. ඔහු අඩන කල්ම හිසට පහර දුන්නේය. ඇයි ලග ඉන්න කෙනා ට කොලයක් නැත්නම් අහල දෙන්න දන්නෙ නැද්ද කියා අසමින් පට පට ගා හිසට පහර දුන්නේය. මමද වෙව්ල වෙව්ලා සිටියෙමි.ඉන්පසු එම සිසුවාගේ පොතෙන් කොලයක් කඩාමට දුන් අතර ඔහු මාසික පරීක්ශනය අවසන් වනතුරුම අඩ අඩා සිටියේය.
සිසුන්ට දඩුවම් දීම චාරීත්රයක්ව පැවති යුගයක දඩුවම් කළ ගුරුවරුන් පනහක් හැටක් අතරින් මේ තිදෙන ගේ මෙම අසාමාන්‍ය චර්යාව මගේ මතකයේ විය.
අපි ළමයින්ට ගහන කොට ළමයින්ට වඩාරිදෙන්නෙ අපට . අපි හදවතින් බොහෝ සේ හඩනව කියා සමහර ගුරුවරු කියන කතා පට්ටපල් බොරුය. ඇත්ත කතාව මෙම පහරදීම් වලින් ගුරුවරු විනෝදයක් ලැබීමය.
ගුරු පත්වීමක් දීමට පෙර මානසික වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම සුදුසුය. එසේම ගුරුවරුන්ගේ මානසික සෞඛ්‍ය ගැන රජය දැඩි අවධානයක් දැක්විය යුතුය.මන්ද ඔවුන්ගේ අතට දරුවන් බාර දෙන බැවිනි.එසේම අධ්‍යාපන මනෝ විද්‍යාව පිලිබද දැනුමක් ඔවුනට ලබා දිය යුතුය.
මචං මාත් ඕකට විරුද්ධයි. අපි ඉස්කෝලෙ යන කාලෙ ඇති තරම් ගුටිකෑවා. ගුරුවරු හිතන් ඉන්නේ ගැහුවොත් තමයි පොර කියල. සමහරු ඉන්නවා ඔබ කිව්වා වගේ ලමයින්ට දඩුවම් දෙන්නේ රසවත් කෑමක් කනවා වගේ. පන්තියේ හැමෝම හොඳින් ඉදලා පාඩම ඉවර වුනොත් මේ අයට කෑවෙ නැහැ වගේ. තාම වුනතත් සමහරු කියන්නේ අපි ඒ කාලෙ කාපු ගුටි නිසා තමයි අපි කුඩුකාරයෝ හොරු නොවී ඉන්නේ කියන එක. මොන බොරුද? අපි ඒකාලේ ගුටි කාලා හැදුනේ නැහැ, කල්පනා කලේ ඊලග පාර අහුනොවී කොහොමද ඒ වැඩේ කරන්නේ කියලා....
ReplyDeleteලංකාවේ බහුතරයක් ගුරුවරුන්ට තියෙන්නේ මානසික ප්‍රශ්නයක්.... දරුවෙකුගේ ලව් ලෙටර් එකක් අහුවෙනවා කියන්නේ පට්ටම වැඩක්. ආයෙ ඉතින් ඒ කෙල්ල හෝ කොල්ල ඉවරයි.ඒක මිනිමැරුම් චෝදනාවක් වගේ තමයි බලන්නේ
මට නම් ගුටිකන්න අවස්ථාවක් නොලැබුන තරම්. ඊට හේතුව මගේ ආදරණීය අම්මා. අම්මගෙ මූන ඉස්සරහ වැරැද්දක් තිබුන වුනත් කිසිම ගුරුවරයෙක් මට ගැහුවෙ නෑ.
Deleteදැන් ඔය එක පාර පනහ හැට ගුටි කාපු ළමය ත්‍රීවීල් කාරයෙක් වෙලා. ඒ ජොබ් එක පහත් කරනව නෙමේ. මෙඩිකල් කොලෙජ් වගෙ යන්න ඔය තියරියට අනුව ගුටි කීයක් කන්න ඕනද .
ළමයෙකුට බැන්නෙ ගැහුවෙ නැත්නම් ඒ දවසෙ කිසි ගතියක් නෑ කියල සමහරු මාත් එක්කම කියල තියනව.
ගනනක් හදපිය කියල ගුරුවරය පිටිපස්සෙන් ඉදන් තඩිබාන කොට ළමයට ගනන් හදන මානසිකත්වය නෙමේ තියෙන්නෙ. කිසිම දෙයක් ඔළුවට එන්නෙ නෑ බය මිස.
ගහන කොට හැදෙනව නම් කරත්තෙ බදින හරක් මේ වෙනකොට පන්ඩිතයො වෙලා.
පහරදීම් මගින් ගුරුවරු තෘප්තියක් ලබන බව සත්‍යක්.
කාලීන ලිපියක් මධ්‍යස්ථ,
ReplyDeleteබ්ලොගක් ලියා ප්‍රසිද්ධ කරනවානම් ගල් සහ මල් දෙකම බලාපොරොත්තු වියයුතුයි.ඔවුන්ගේ වීරක්‍රියා පිලිබඳ කියන්නට ඔවුන්ට ඇති අයිතිය සේම ඒවාට පිළිතුරු දීමට අයිතියක් කියවන අපට තිබියයුතුයි.නමුත් ඒ ගුරු තුමියට ඊට ශක්තිය නොමැතිවීම පිලිබඳ මෙන්ම පොස්ටුව අයින්කිරීමට සිත් දීම ගැනද කනගාටුයි.කෙසේ නමුත් තමුන් හෙළිදරව් කිරීම පිලිබඳ අප ඇයට ස්තුතිවන්ත විය යුතුයි.
ඇත්තටම ගුරුවරුන්ගේ විනය අධීක්ෂණය කරන ක්‍රමවේදයක් පළමුව ඇති කලයුතුයැයි මා හිතනවා.නමුත් බොහෝ පාසල් වල විදුහල්පති වරුන් දුෂණයේ සහ අවකල් ක්රියාවේ යෙදෙනවානම් ගුරුවරුන්ව අධීක්ෂණය කරන්නේ කවුද? කෙසේද?අනිත් කාරණය බොහොමයක් විදුහල් වල ඉන්නා විදුහල්පතිවරුන් ගත්තොත්, ඔවුන් අඩුම තරමේ පළාත් සභා/ප්‍රාදේශීය සභා මන්ත්රීයෙකුගේ හෙන්චයියෙක්. ඕනෑම පාසලක ගුරු මණ්ඩලය ගත්තොත්,ඒක කල්ලි කීපයකට බෙදුන කිසිදු සමගියක් නැති තැනක්.
මෙසේ නොවනා පාසල්ද ලංකාවේ අතලොස්සක් පැවතිය හැකියි.
මේ ක්‍රමය, ගුරුවරුන්ගේ ආකල්පමය වෙනසක් නොකර කිසිදා ගොඩගත නොහැකියි. නමුත් මේ ලංකාවේ ඔය දේවල් හීන විතරයි.
පිළිතුරු දැක්ක හැටියෙ පෝස්ට් එක අයින් කරනවා. ඔබ හරි තමන් ගැන හෙළිදරවු කිරීම ගැන නම් ස්තුතිවන්ත වෙන්න ඕන.
Deleteගුරුවරුන්ගෙ විනය හදන්න ඕන තමා. ගුරු මන්ඩලවල කල්ලි තියනවා. ඒ වාගෙම සමහර ගුරුවරුන්ගෙ විනයත් අන්තිමටම පිරිහිලා.හැමෝම නෙවෙයි.
කොහොමද රටක් ගොඩ ගන්නෙ .කාටද අපි ළමයි බාරදෙන්නෙ.
ඔක්කොටම ඉස්සර සමහර ගුරුවරුන්ගෙ මොළේ චෙක් කරන්න වෙනව.
මම හැදුනෙ ගුරු විමානෙක. ඥාතීන්ගෙන් බහුතරයක් ගුරුවරු. හැබැයි මගෙ ඥාතීන් නම් ගුරුවරු නෙමෙයි ගුරු දෙවිවරු.
මේ වාගෙ අයගෙ නමත් කැතවෙනව පිස්සො හින්ද.
මගෙ දෙමවුපියො ඉස්කෝලෙ එන්නෙ නැති ළමයින්ට ඉස්කෝලෙ ගැන ආසාවක් ඇති කරල දුප්පත් ළමයින්ට පොත පත අරන් දීල උගන්නපු අය. මට ඒ අය ගැන ආඩම්බරයි.
සමහර අය කරන දේවල් වලට ලමයින්ට නෙමේ අපිටත් ඉස්කෝලයක් ලගින් අහක බලන් යන්න හිතෙනවනෙ.
From Cache
Delete05.මාව මතකද ටීච
තණමල්විලට කොහොමත් වැස්ස හිඟය.කොළ පාට කිසිවක් ඉතිරි නොකරන්නට ඉර හරි ආසය. දුවිලි පොළවත් පිච්චෙන අව්වත් දැන් මගෙ මිතුරන් වී හමාරය. ඉස්ඉකොල ජිවිතේට ටික ටික මටත් හොරෙන් මමම හුරු වී හමාරය. මට පත්වීම ලැබුණේ තොරතුරු තාක්ෂණ විෂයය ඉගැන්වීටමය. එත් ඒ පිටිසර දරුවන්ට පරිගණක තිබුණෙ අහස් ඉමටත් වඩා දුරින් බැවින් මම බහුශ්රැමත වුනෙමි. උගන්වන්නට බැරි දෙයක් නැති වෙන තරමට ම බොහෝ විෂයයන් ඉගැන්වීමට මම පුරුඳු වී උන්නෙමි. ඒ මගෙ දක්ෂතාවය නොව පැවති ගුරු හිඟයත් සමඟ දරුවන්ට උගන්වන්නට තිබු අවශ්‍ය තාවය විය. ඒ සමඟම අටේ පන්තියේ පන්ති භාරකරත්වයත් මටය.
“ එක්සුකියුස්මි ටීච”
මම කරමින් උන් පාඩම අතරට පහළ පන්තියක පුංචි එකෙක් එබිකම් කරයි.
“ලොකු සර් එන්න කිව්වා”
“හ්ම්”
මම පාඩමට අදාළව ප්රකශ්නයක් කළු ලෑල්ලෙ සටහන් කර පන්ති නායකයා කැදෙව්වෙමි.
“කව්රුවත් පන්තියෙන් එළියට යන්නෙ නෑ....වැඩේ කරන්න ... හසිත ඔයා නායකයානේ.. පන්තිය බලා ගන්න ඕනි ඔයා... කාටවත් එළියට යන්න දෙන්න එපා... එහෙම ගියොත් ඔයා තමයි ගුටි කන්නෙ”
“කීයක් ගහනවාද ටීච” පන්තියේ උන් කටකාර කොළුවෙක් ඔච්චමට ඇසුවේය.
“එක්කෙනාට පහ ගානේ”
මම වැඩිය නොසිතා පවසාගෙනම කාර්යාලය වෙත ගියෙමි. විදුහල්පතිවරයා මා කැඳවා තිබු රාජකාරිය අවසන් වී විනාඩි දහයකින් පමණ මම නැවත පන්ති කාමරය වෙත යන විට පන්තියේ පිරිමි ළමුන්ගෙන් රැඳි උන්නෙ පන්ති නායක දරුවා පමණය. අනෙක් පිරිමි ළමුන් දහතුන් දෙනාම පන්තියෙන් බැහැර ව මිදුලේය.
“ ළමයි මං කිව්ව දේ ඇහුවේ නෑ ටීච... මම ෆේල්”
මා මැදිවුයේ ගැටළුවකටය. පන්තියෙන් බැහැර වු එක් අයෙකු වෙනුවෙන් පහර පහක් දෙන බව කීවේ එසේ කිරීමට මට අවශ්යළ නොවනු ඇතැයි සිතාය. එහෙත් වුයේ අනිකකි. කිසිවක් නොකියා මම වේවැල අතට ගත්තෙමි. එ සැණින් පන්ති නායකයා මා ඉදිරියට ඇවිත් සිය සුරත ම දිගු කර උන්නෙ මැසිවිලි නැතුවය. පහර හැට පහක් අත් දෙකටම වැදෙන තුරු නොසෙල්වී දෑතම දිගු කරගෙන ඔහු උන්නෙය. එහෙත් ඇස්දෙකම තඩිස්සි වී ඉදිමෙන්නට තරම් පහර දී ඉවර වන විට මම හඬා තිබුණි.
පසු සටහන:-
මා ස්ථාන මාරුවක් ලබා වසර කිහිපයකට පසු දිනෙක ත්‍රී.රෝද රියක් මා පසුකර ගෙන ගොස් නැවත හරවා පැමිණ මා ඉදිරියේම නතර විය. කරදඬු උස්වු තරුණයෙක් රියඳුරු අසුනෙන් බැස තාර පාර මැද දණ බිම ඔබා මට වඳින ලදී.
“ මාව මතකද ටීචර්” මම සිනාසුනෙමි. ඒ ඔහුය.
“මගෙන් වැඩිපුරම ගුටි කාපු ළමයා”
මටත් ඔහොම අත්දැකීමක් තියෙනවා.සාමාන්‍යයෙන් මට ඉස්කෝලේ දඬුවම් ලැබිලා නැහැ.ලැබෙන විදියට හැසිරිලා නැහැ කිව්වොත් හරි මං හිතන්නේ.(නයෙක් නොවේ)
ReplyDeleteඒත් 6 වසරෙදි ඉංග්‍රීසි උගන්නපු ගුරුවරිය කොපි කරා කියමින් මගේ ඔළුවට ගැහුවා.නමුත් අනික් ගුරුවරු කිසිසේත්ම ඒ හේතුව විශ්වාස කළේ නැහැ.පහුවදාම අම්මාත් තාත්තාත් විදුහල්පතිනිය හමුවට ගියා.එතකොටයි ඇත්ත කාරණාව හෙලිවුණේ.ඈ මගේ අම්මා සමග තිබූ පරණ නෝක්කාඩුවකුයි ඇත්ත හේතුව වෙලා තිබුණේ.(අම්මා ඒ බව දැනගත්තේත් එතකොටයි :) ) ඔන්න ඔහොමයි එයාලගේ වැඩ..:D :D
ඔය වගෙ පලිගැනීම් ඉස්කෝලවල මාර විදියට තියනවා.දෙමවුපියො සමහර ගුරුවරු ගැන පැමිනිලි කරන්නෙ නැත්තෙ ළමය කොන් වෙන නිසා. සමහර ගුරුවරු තමන්ගෙ ටියුෂන් පන්තියට නො එන ළමයින්ට හිරිහැර කරනව.
Deleteඔය ඔළුවට ගහන එක හරි භයානකයි. මම අහල තියනව රූලෙන් ඔළුවට ගහල එක ගෑනු ළමයෙකුට පිස්සු හැදුන කියල.
අතට අහුවෙන එකෙන් ගහනවට වැඩිය අර මගෙ ලිපියෙ තිබ්බ සර් වගෙ වේවැලෙන්ම ගහන එක එක අතකට හොඳයි.
කනට ගහල බොහෝ දෙනෙකුගෙ ශ්‍රවනාබාධ ඇතිවෙලා තියනව.
මෙහෙමයි මචන් එන්ගලන්තෙ වගේ නං ලංකාවට වඩා ගහනව ළමයින්ට. අනිත් එක ලංකාවෙ පිරිමි ළැමයින්ට ගැහුවට ගෑනු ළමයින්ට ගුටි කන්න වෙන්නෙ හරිම කලතුරකින්. ඒත් බටහිර රටවල කිසි වෙනසක් නෑ. දෙගොල්ලන්ටම එක වගේ ගහන්නෙ.
ReplyDeleteබොරු නොකිය ඉදු. එංගලන්තෙ කාටවත් ගහන්නෙ නෑ. යුරෝපයෙ කිසිම රටක කායික දන්ඩනය නෑ. ඒ රටවල සමාජයෙනුත් ඇග්රෙසිව් ට්‍රෙන්ඩ් අයින් කරනවා.උඹ එංගලන්තෙ කියල ගෙයි කලන්තෙ දාල වැටුන වෙලාවක හීනයක් දැක්කද දන්නෙ නෑ.
Deleteඑංගලන්තේ සිසුන්ට අමානුෂික ලෙස පහර දුන්නේ පනස් ගණන් වලදියි. පරණ පොත් වල ඒ ගැන විස්තර තියෙනවා
Deleteමේ එංගලන්තෙ නෙමෙයි අල්ලපු ගමටවත් නොගිය ගෝනිබිල්ලෙක්. මේ කොමෙන්ට් එක දැක්ක හැටියෙ හිනා ගියා. එක්කො මූ පනස් ගනන්වල පත්තරයක් කියවල රැවටිලා ඇති. නාකි සුද්දෙක් මූව ඇන්දුවද දන්නෙ නෑ. පවු අසරන ගෝනිබිල්ල.
Deleteඑන්ගලන්තෙ නෙමේ හැබයි චීනෙ කොරියාව වගේ ගහනව ළමයින්ට.
Deleteමේ අප සමාජයේ තිත්ත ඇත්තයි. ඇත්තටම මටත් සමහර වෙලාවට හිතිලා තියෙනවා අපිව හදන්න කිය කියා ගහන ගුරුවරු ඇත්තටම ගහන්නෙ අපිව හදන්නමද කියලා. මොකද මමත් ගුටිකන්න කප්ගහපු එකෙක්. එක්තරා සිද්ධියකදි ගුරුවරු 3න් දෙනෙක් මට ගහන්නෙ නැතුව හොදින් කරුණු කියලා දුන්නා. අවසානෙ 12 හිටපු මම නෙවේ 13ට ආවෙ. මං අදටත් කියනවා මට ගහපු ගුරුවරු නිසා නෙවෙයි මම හැදුණෙ අර ගුරුවරු 3දෙනා නිසා කියලා. අර කතාව ඇත්ත. ගහපුවාම හිතන්නෙ ඊලගපාර ඒක මාට්ටු නොවී කරන විදිහ. ඒත් හොද ගුරුවරයෙකුට පුළුවන් ළමයෙකුගෙ හදවතට කතා කරන්න. සුපිරි ම.ම..........
ReplyDeleteපට්ටපල් බොරු. අපි ගහන්නෙ ළමයින්ව හදන්නයි. ළමයෙකුට ගහනකොට ඒ ළමයට වඩා රිදෙන්නෙ අපට. මේ ලිපියෙ කතානායිකාව පහරවල් 65 ගහල ඉවර වෙනකොට ඇස් තඩිස්සි වෙනකම් අඩලලු. පට්ටපල් බොරුනෙ. එහෙම ඉමෝශනල් නම් පහරවල් 65 ක් එක දිගට ගහන්න බෑනෙ.
Deleteහිංසාවෙන් නෙමේ ළමයෙක් ජයගන්න පුලුවෙන් වෙන්නෙ ආදරයෙන්.
ළමයින්ගෙනුත් හිංසාවට ඇබ්බැහි වුන කොටසකුත් ඉන්නව.
ලින්කන් වහල් ක්‍රමය අහෝසි කරන්න යනකොට වහල්ලු ඒකට විරුද්ධව පෙලපාලි ගියාලු.
ගහන ගුරුවරුන්ට ආදරය කරන්නෙ වහල්ලු.උන්ට ආසයි ගුටිකන්න. හෙහ් හෙහ්
ලංකාව කියන්නෙ ගෝත්‍රිකයො ඉන්න රටක්. රජ කාලෙ මිනිස්සුන්ට කස පාර දිදී මැරෙව්ව. දැන් ඒක කරන්න බැරි හින්ද පුළුවන් විදිහට ඔය වගේ ගහනව. මේක මානසික අසහනයද මොකද්ද කියල හිතාගන්න බෑ. වෙලාවකට හිතෙනව ලිංගික අසහනයද කියල. මන් ගියේ මිශ්‍ර පාසලකට. අපේ සමහර සර්ල හිටිය 10, 11 වසරට ගියාමත් හොදටම ගැහුව. මෙයාල කෙල්ලන්ට ගැහුවෙත් පස්ස පැත්තට ළමයි ඔක්කොම ඉස්සරහ. කෙල්ලන්ට මොනා හිතෙනව ඇත්ද. මට හිතෙන්නෙ bdsm වගේ දෙයක්.
ReplyDeleteසර්ල කෙල්ලන්ට පස්සට ගහනකොට ෆුල් ආතල් ඇති නේද .ලොකු පස්සවල් තියන කෙල්ලන්ව හරියට හදාගන්න සර්ල හරි උනන්දු ඇති.
Deleteහැම දේම වල් විදිහට හිතන්න එපා. ලංකාවෙ තාත්තලගෙන් ගුටිකන දුවල ඉන්නව ඇති තරම් තරුණ වයසට ඇවිල්ලත්.
Deleteතාත්තාගෙන් ගුටිකන ඒකයි සර් කෙනෙක් ගහන ඒකයි දෙකක්. මොනදේ උනත් ගෑණු ළමයින්ට පස්ස පැත්තට තැලීම අනුමත කරන්න පුලුවන්ද?
Deleteමගේ ළමයෙක්ට උනා නම් මම උන්දැට ඉඳ ගන්න බැරි වෙන විදියට වැඩේ බේරනවා
මං ගෝනිබිල්ලන්ට උත්තර දෙන්නෙ නෑ. මෙතනට ආවෙ රොටිය ඉන්න නිසා. මචන් තාත්ත කෙනෙක් වුනත් තරුණ දුවකට තට්ටම් රතු වෙනකම් වේවැලෙන් ගහනවම් ඒක ඇබ්නෝමල්.
Deleteඋඹ කියනව වගෙ තාත්ත කෙනෙකුයි සර් කෙනෙකුයි ගහන එක අහසට පොලව වගෙ . හිනත් යනව බං මේවට
අපේ ඉස්කෝලෙ පිනා කොල්ලන්ට ගහනකොට අතින් පයින් කම්බුල් වලට ගහන්නෙ දරුණු අපරාධකාරයින්ට ගහනව වගේ. කෙල්ලන්ට ගහන්නෙ වේවැලෙන් තට්ටම් වලට. ලිංගික අසහනේමද කියල කියන්න දන්නෙ නෑ. වෙන තැන් වලට ගහනකොට (පිටට වගේ) අනතුරුදායක වෙන්න පුලුවන් කියල අහල තියනව. තට්ටම් වලට ගහනකොට ඒ අවදානම නෑ. හැබැයි කෙල්ලන්ට එහෙම ගැහුවහම වස ලැජ්ජාව.
Deleteමේ යකා කියන්නෙ නම් ගොන් බඳින කණුවක්. මාත් ඒ බ්ලොග් එකේ කොමෙන්ට් දානවා. ඔය ලිපියට වුනත් මම දෙපැත්තටම නැති කොමෙන්ට් එකක් දැම්මෙ. හොද පෝර පාරක් ගහල ඇරියනම් ඔය ගුරුවරියගෙ කටින් හොඳ හොඳ දේවල් දැනගන්න තිබුන. දැන් ආයෙ නම් ඔහොම දේවල් කියන එකක් නෑ.
ReplyDeleteඔබ හරි එයා නපුරු ගුරුවරියක් තමයි. ඒ වගේම ලිපිවල තියනව මවාගත්ත නිකම් ව්‍යාජ බවක් වගෙ එකක්. අතිශයෝක්තියත් පේන්න තියනව. ඇත්තටම ගුරුවරියක්ද දන්නෙත් නෑ. සමහරවිට ෆේක් එකක් වෙන්නත් පුලුවන්.
මේ මොකද ඇනෝලා සෙට් එකක් බැහැලා..
ReplyDeleteමචන් මම මේ ඇනෝලට කැමති නෑ. අපි හොඳටම දන්නවනෙ. මේ ප්‍රොෆයිල් තියන අය නෙ මෙහෙම ඇවිත් ඉන්නෙ කියන එක. මම මේ අයට කියන්නෙ ගෝනිබිල්ලො කියල. සමහර වෙලාවට ගෝනිබිල්ලො හොඳ අදහස් පළකරනව. ඇයි තමන්ට කියන්න ඕන දේ කියාගන්න තර පෞර්ෂයක් මේ අයට නැත්තේ.
Deleteවැදගත් අදහසක් පළ කළොත් සමහර වෙලාවට උත්තර දෙනව. සාමාන්‍යයෙන් මම ඇනෝලට උත්තර දෙන්නෙත් නෑ.
ඩෙස්මන්ඩ් මොරිස්ගේ " මනුසත් උයන " නමැති ගුරුවරුන්ගේ මෙබඳු හැසීරීම් සහ හේතූන් විද්‍යාත්මකව විග්‍රහකරන වටිනා කෘතිය නැවත සිහිපත් වුනා. එවැනි හැසිරීම්වලට ලංකාවෙන් සෙවිය හැකි වටිනා උදාහරණ සහ විස්තර රාශියක් මධ්‍යස්ථ වගේම ඇනෝලාත් ඉදිරිපත් කරනවා. වටිනා ලිපියක් වගේම වටිනා සාකච්ඡාවක් !
ReplyDeleteඩෙස්මන්ඩ් මොරිස්ගෙ ඒ පොත මාත් කියවා තිබෙනවා.සමහර ගුරුවරුන්ගෙ හැසිරීම් විද්‍යාත්මකව හදාරන්න ඕන. ඒ අයට මානසික ප්‍රශ්න තිබෙනවනම් ඒව විසදගන්න උදව් කරන්න ඕන. අංගොඩ නේවාසිකව ප්‍රතිකාර ලබල හෝ හොදටම සුව වුනාමයි දරුවන් බාර දෙන්න ඕන.
Deleteදියුණු රටවල පිස්සන්ට ළමයි බාර දෙන්නෙ නෑ. ගුරුවරුන්ව දැඩි අධීක්ෂනයට ලක් කරනවා. ඒ වගේම ළමා මනෝ විද්‍යාව ඇතුලු අංග සම්පූර්න පුහුනුවකින් පසුයි ගුරුපත්වීමක් දෙන්නෙ. මෙහෙ කිසිම ප්‍රතිපත්තියක් නැහැනෙ .කාලයක් ජනසවියටත් දුන්නෙ.
Deleteඇනෝලා වටිනා උදාහරන හා විස්තර රාශියක් ඉදිරිපත් කළ බව ඔබ කියා තිබෙනවා. ඇත්ත. මටත් සමහර ඇනෝලාගේ ( ගෝනිබිල්ලන්ගෙ ) අදහස්වල වටිනාකම තේරුනා. නමුත් මම ගෝනිබිල්ලන්ට උත්තර දෙන්නෙ නැහැ. ඒ නිසා පොදුවෙ යමක් ඔබ සමග කියන්නම්.
එක ගෝනිබිල්ලෙක් කියනව එංගලන්තෙ මීට වඩා ගහනවලු. කිසිම යුරෝපීය රටක ළමයින්ට ගහන්නෙ නෑ. ඒක බරපතල ළමා අපචාරයක් ලෙසයි සැළකෙන්නෙ. ඒ වගේම ගුරුවරුත් මනා පුහුනුවක් ලැබූ අය. යුරෝපය තුල හිංසාව දැඩි ලෙස පිළිකුල් කරනව. ළමයින්ට ගහන කෙනෙක් හිටියොත් එයාව අල්ලල පුනරුත්ථාපනය කරාවි රැදවුම් කදවුරකට දාල.
තව ගෝනිබිල්ලෙක් සර්ල කෙල්ලන්ගෙ පස්සවල් වලට ගහනව කියනව. ඇත්ත මාත් දකල තියනව. අර මම කියපු ගුරුවරය ( රසවත් භෝජනයක් වළදන සේ දඩුවම් කළ ) එහෙම ගහනව. හැබැයි සෙන්ට්‍රල් එකේදි මම ඒක දැක්කෙ නෑ. සාමාන්‍යයෙන් ගැහැනු ළමුන්ට ශාරීරික දඩුවම් නොදෙන තරම්. ඉතා කලාතුරකින් සිදුවූ එවැනි එකම එක අවස්ථාවකදි දඩුවම් කළේ කාමරයකදී ගුරුවරියක් විසින්.
තව ගෝනිබිල්ලෙක් කියනව මං හදිස්සි වුනාලු. මට මේ අයව ප්‍රොමෝට් කර කර ආතල් ගන්න ඕන කමක් නෑ. ඒකෙන් එයාව බයිට් වෙනව. එයා ඇවිස්සිලා මොනව ලියයිද දන්නෙ නෑ. මේක මත පදනම් ව පෝස්ට් එකක් දාල කිසියම් ශාස්ත්‍රීය දෙයක් කරන්නයි මට ඕන. කුණු මාලු කරවල උම්බලකඩ දාන්න නෙමෙයි.
දෙයියෝ සාක්කි.අපිත් ගුරුවරු තමයි.ඒත් ඔහොම කතා නං ඇහුවමයි.යකෝ කාගෙ උනත් දරුවෙකුට ගහන්න පුළුවන්ද ඔය කියන තරං.බොරු වෙන්ඩ ඇති.
ReplyDeleteදෙයියෝ සාක්කි.අපිත් ගුරුවරු තමයි.ඒත් ඔහොම කතා නං ඇහුවමයි.යකෝ කාගෙ උනත් දරුවෙකුට ගහන්න පුළුවන්ද ඔය කියන තරං.බොරු වෙන්ඩ ඇති.//
Delete++++++++++++++++++++++++++++++++++++++++++++++
මම හැදුනෙ ගුරු විමානෙක. මගෙ දෙමවුපියො ගුරුවරු. ඒ අය මේ කතාව දන්නවනම් කියන්නෙත් ඕක තමයි. කාගෙ වුනත් දරුවෙකුට ගහන්න පුලුවන්ද ඔය විදියට කියල. මගෙ අම්ම එහෙම ඔළුවෙ අත ගහගනියි මේක ඇහුවොත් . මානසික රෝගයක් නැති කෙනෙකුට එහෙම දරුවෙකුට ගහන්න බෑ තමයි.
උඹල වගේ මනුස්ස ගෑනු ඉන්නේ හරි අඩුවෙං බං , එක වේසියෙක් තඩි පොල්ලකිං මගේ ඔලුවට ගැහුවා ඔලුව පැලෙන්ඩ , .....එහෙම කරල ....අල්ලපු පන්තියේ හිටපු පට්ට හුත්තිට කියුවා .......හිටපු ඉසකෝලේ පල වෙනියා උනයි කියපු එකා එහාපැත්තේ එකාගෙන් කොපි කරා කියල , .....ඒ ..හුත්ති පන්තියට ඇවිත් ....හෙන හයියෙන් කියුවා ....එහෙනං ඔහොම තමා පලවෙනියා වෙන්ඩ ඇත්තේ කියල , ......මම එතකොට හතර වසරේ ......මට එදායින් එදා තමයි ඉගන ගැනිල්ල එපා .උනේ ,........
Deleteඒ තිරිසං ගැනු දෙන්නම මම එකොලහ වසරට යනකොටම එක ලග කාලයකදිම ...මැරිල ගියා තනේ පිලිකාවකුයි , උගුරේ පිලිකාවකුයි හැදිලා , ඇත්තම කියනවනං මම ඒ මළ මීනි දැකල හිතෙන් සතුටු උනා
ඇත්තටම එදා උනේ ..මගේ ලග හිටපු පොඩි චමින්දය උෟ ලියාපු එක මගෙන් හරිද කියල අහපු එක , අපේ තාත්ත මහා කලබල කාරයෙක් හන්දා මම ගෙදර ගිහින් කිසිම දෙයක් කියුවේ නැ.
Deleteතව සක්කිලි වේසියෙක් හිටියා . නිරපරාදේ ලමයින්ට ගහන , හැබැයි මට කවදාවත් ගහල තිබුනේ නැ . අපේ මල්ලි ඒ කාලේ කිහිප වරක් දරුණු ලෙඩ රෝගවලට ගොදුරු වෙලා හිටියේ . ඌට අමානුෂික විදිහට දවසක් ගහල තිබුන හන්දා , අපේ තාත්ත විදුහල්පතිට ( පොන්න ගණගෙඩියෙක් ) පැමිනිලි කරත් දිගින් දිගටම ඒ අඩම් තේට්ටං සිද්ද උනා , ........මගේ බඩෙං අල්ලල බඩ මිරිකල කියනව එක්කගන වරෙන් මං ගැහුවා කියල උඹලගේ මහ චන්ඩියව කියල.......
Deleteදරුවෝ ඉන්න තාත්තෙක් වෙලත් අදටත් ඒ නාකි ගැනි අටව අටවා පාරේ යනව දැක්කහම , බයික් එකේ යන ගමං පුකට පයින් ගහන්ඩ හිතෙනවා , කුනු පල්ලට පත බැවෙන්ඩ ,
Deleteදෙයියෝ සාක්කි .ඔය ඇත්තටම උන දේවල්ද?.
Deleteහැබැයි පුංචි උන්ට කෝට්ට අරන් ගහනව තියල තර්ජනය කලාම අත දිග් කරනව තමයි.මමත් එක පාරක් ඔය වැඩෙ කරන්න ගිය.6 කොළු පැට්ටෙක් ගෙදර වැඩ කරල නෑ.කොල්ල මං දිහා බලපු විදියට මට දුක හිතුනා.ගහනව කියල තර්ජනය කලේ ගෙදර වැඩ කරවන්න ඕන කමට.මං ඉතින් ළඟට ගිහින් ඔළුවට පොඩි තට්ටුවක් දාල නිකා හිටියා.පංතියෙ ලමයි කෑගැහුවා ටීච ගැහුව නෙමෙයි ඔළුව අත ගෑව කියල.මටම හිනා ඉතිං.ගෙදර වැඩ නොකරපු ළමයගෙ ඔළුව අත ගාල කරපු ලමයිට ඉතා හොඳයි දීල .......
පස්සෙ කාලෙක ෆිට් උනාමයි ළමය කීවෙ.අම්ම මැරිල.තාත්ත ගස් කපනවළු.ගෙදර වැඩ කරන්නෙ අක්කයි එයයි.අක්ක 8ටේ.අක්කට සනීප නැතුව එදා උයල තියෙන්නෙත් මේ පොඩි එකා.එහෙම එකෙකුට මං ගැහුවනං එහෙම ...........
දරුවන්ගෙ හැම හැසීරීමකම අපිට නොකිය කියන කතාවක් ඇති කියල හිතන්න මං පටන් ගත්තෙ එදා.
ඒත් ඉතින් එයාලට ටිකක් තදින් නොහිටියොත් නං ටිකක් අමාරුයි තමයි.එක්කො එයාල බය කරන්න ඕන.නැත්තං පීරියඩ් එකේදි එයාලව බිසී කරවන්න ඕන.මං ඉතින් අත් දැකීම් නැති එකානෙ(යන්තං මාස 05ක් ඇති)මං 2 ක්‍රමය තෝර ගත්ත.මගෙ උපරිම දඩුවම කොරිඩෝවෙ හිට්ටවන එක විනාඩි 2-3කට.
සමහර විට මං වැරදි ඇති.
අපි කොහොමද හරි දේවල් දැන ගන්නෙ.ගෙදරට පත්වීම් ලිපිය ආවා.ඉස්කෝලෙට ගියාම කාලසටහන.වැඩිහිටි ගුරුවරුන්ගෙන් අහගෙන අපිත් වැරදි වැරදි උගන්නන්න ඉගෙන ගන්නව.අපිට හරි ට්‍රේනිං එකක් නෑ.ඩිප් එක කරන්ටත් අවුරුද්දක සර්විස් එකක් ඉල්ලනවා.අපි වැරදි වලින් ඉගෙන ගත්තට අපි කරන එක වැරැද්දක් දරුවෙකුගෙ ජීවිතේ තීරනාත්මක සිද්දියක් වෙන්ඩ පුළුවන්
අපිට හරි විදියක..අඩු ගානෙ ලමා මනස ගැනවත් පොඩි පුහුණුවක් දෙනවනං .........බලදාරිනුත් මේව හිතනවනං හොඳයි.
අටම් උඹ මීටරේ බව මට තේරිලා තිබුන. ඇත්තටම උබ ඔතනන් ඉන්න ඕන එකෙක් නෙමෙයි. නපුරු ගුරුවරු නොසිටියනම් උසස් අධ්‍යාපනයක් ලබල රටට ලොකු සේවයක් කරන්න පුලුවන්කමක් තිබ්බ එකෙක්.
Deleteවත්සලා @ ඔබතුමියගෙ මනුස්සකම මේ කොමෙන්ට් එකේ මම දැක්ක. ඔබතුමිය වගෙ ගුරුමෑනිවරු ගුරුවෘත්තියට ආලෝකයක්. මේ වගෙ ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න සිසුනුත් පින් කරල තියෙන්න ඕන මට ලොකු සතුටක් දැනුන ඒ කොමෙන්ට් එක කියවල. ස්තුතියි
w k වගේ හිතන ගුරුවරු වාසනාවන්.
Deleteමධ්‍යස්ථ
ReplyDeleteලිපිය බැලුවා.අදයි හෙටයි වැඩ ගොඩයි.හෙට හවස පොඩි කොමන්ටුවක් දාන්නම් මේ ගැන හිතෙන දේවලුත් එක්කම
ඔවු එන්න. මටත් අද හෙට හරිම කාර්යබහුලයි. බ්ලොග් වල ට්‍රැෆික් වැඩි සතියෙ දවස්වල වුනත් ලබන සතියෙ මම හුඟක් බිසි වෙන නිසයි වීක් එන්ඩ් එකේ දැම්මෙ. ඒත් මේක යළිත් සදුදා පළකරන්නත් අදහසක් තිබෙනව. ඔෆිස් වලින් බ්ලොග් කියවන්න පුරුදුවුන අයට පහසුවට .ඒ වගේම සින්ඩි වල උඩට ගන්න.
Deleteඅපේ පාසල් පද්ධතියෙ තියන ඛේදවාචකයක් ගැන කතා කරන්න ලැබුන අවස්ථාවක් මේක.
ඕකේ අනිත් පැත්තකුත් තියනව මචං , තව ටීචර් කෙනෙක් මට අවුරුදු දහනමයෙදි විතර පාරෙදි ගැහුවා කනට , ...........උඹ කැහිකුරු බොන්ඩ ...කියල ......ඔලුව අහකට අරගන පාරෙන් බේරිල .....සිකරට් බාගේ විසිකරල ...ටිකක් වෙලා කතා කරකර ඉදල වැදල තමයි මම එදා ආවේ අදටත් ඒ ටීචර්ගේ ගෙවල් පාරෙන් යනකොට මම සිකරට් බොන්නේ නැ ....මම සිකරට් බොනව අපේ අම්මා තාත්තත් දැකල තියනව ....ඒ උනාට වෙඩින් එකකදි මම ඒ ටීචර්ට නොපෙනෙන්ඩ වහං වෙලා අරක්කු සිකරට් බීලා තියනව . ඒ ගුරුතුමිය මට ඒ කාලේ ඕන තරම් ගහල බැනලත් තියනව . ඒත් ඒ හැමදේම කලේ ආදරෙන්.
Deleteඅටම් කියන කාරණයත් එක්කම අදහසක් දාන්න ඕන.
Deleteඅපිට අට වසරට ගණිතයට උගන්වන්න ආව ගුරුවරයා හරි සැරයි.ඒ ගුරුවරයා එනකොට අපේ පංතියේ සිසුන් ගණිතයට ඉතා දුර්වලයි.මේ ගුරුවරයා අපි හරියට වැඩ නොකලොත් තරමක දඩුවමක් දෙනවාමයි.නමුත් ඒ හරහා ආකල්ප සංවර්ධනයකුත් ඇතිකලා.ගණිතය බැ කියන අදහස අත්හරින්න කීවා.සාමාන්‍ය පෙල ප්‍රතිපල වලදි ගණිතයට විශිෂ්ට සම්මාන ගන්න අපි බොහෝ දෙනෙකුට මග පෙන්නුවේ මේ ගුරුවරයා.අපිටත් වඩා සතුටු වුනෙත් මේ ගුරුවරයා.ඇත්තෙන්ම අපේ ගණිත ගුරුවරයා අපිට විශේෂ උනේ අපිතුල ආකල්ප වෙනසක් ඇතිකල නිසා.ඒ වගේ ගුරුවරු අපේ පාසලේ හිටියා.ගුරුවරයෙක් තුල තිබිය යුතු වන්නෙත් ඒවැනි හැකියාවන්.
සමහර ගුරුවරුන්ගේ ක්‍රියාකලාපය නිසා ලමයින් මානසිකව වැටෙනවා.දුර්වල ලමුන්ට අපහාස උපහාස කරලා තවතවත් තලලා ඒ ලමුන් පීඩනයට පත්කරන ගුරුවරැ ඉන්නවා.සමහර අවධානය යොමු විය යුතුම ලමුන් ගැන කිසිදා අවධානයක් යොමු නොකරන අවස්ථා තිබෙනවා.
අවුරුදු දහයක් පමන වයස වෙන දරුවෙක් ඉන්නවා පියා නැ අම්මා කුලි වැඩ කරන්නේ.පංතිබාර ගුරුවරයා මේ ලමයට කීවා අම්මා එකතු කරගෙන එන්න කියලා පාසලට ශ්‍රමදානයකට.නමුත් එහෙම ආවම මේ දරුවයි අම්මයි දෙන්නටම එදාටයි පහුවෙනිදටයි බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ ඒ තරම් අසරණයි.ඉතින් අම්මා ආවේ නැ.අනික සොච්චමකට තැනක වැඩට යන්නේ එතනින් එහෙම නිවාඩු දෙන්නේ නැ.අරපංති බාර ගුරුවරයා අර ලමයට අපහාස කරලා දඩුවම් කලා අම්මා ආවේ නැති නිසා.මොනතරම් වැරදිද මේ කල වැඩේ.අන් එහෙම ගුරුවරු කරන්නේ සුලුපටු හානියක් නෙවයි දරුවන්ට.මේ අය උගත් උනාට ගුරුවෘත්තියට සුදුසු අය නෙවෙයි.
මනෝ මන්දිර @
Deleteනොදැනුවත්කම නිසාත් ගුරුවරු ඔය විදියට ලොකු හානි කරනවා.ගුරුවරයෙක් ඕනවට වඩා ලමයින්ට සමීප වෙන්න හොඳ නෑ. අනවශ්‍ය ප්රචන්ඩ බවක් පෙන්වන්න ඕනත් නෑ.හානිකර නොවන දඩුවම් අවශ්‍යයි. එහෙත් ඒ දඩුවම සාධාරන සහ වැරදි හදාගන්න පෙළබෙන ආකාරයේ එකක් විය යුතුයි.
ඒ වගෙම ගුරුවරුන්ට පුහුණුවකුත් නෑ. ගුරුවරුන්ට වෙනම උපදේශන සේවාවකුත් අවශ්‍යයි.සමහර පන්තිවල ඉන්න ළමයි ප්‍රමානයත් වැඩියි.අසාමාන්‍ය හැසිරීම් පෙන්වන ළමයි හදුනාගෙන ඔවුන්ට යම් උපදේශනයක් දෙන්න පුළුවන් නම් වඩාත් හොඳයි. හුගක් දගකාර ළමයි ගෙවල්වල ප්‍රශ්න තියන අය.දගකාර ළමයි වගේම හේබාල ඉන්න ළමයි ගැනත් බලන්න ඕන.
ගුටි දෙන්න පෙර දෙවරක් හිතන්න ඕන කියන්නෙ අපි දන්නෙ නෑ සමහර ළමයින්ට මොන මොන ලෙඩ තියනවද කියන එක. ගෙවල්වල ප්‍රශ්නත් එක්ක ඉස්කෝලෙත් ප්‍රශ්න වුනහම ළමයින්ට පිස්සු හැදෙනව. ඉන් පසු ඒ ළමයි නතරවෙන්නෙ අපචාර කණ්ඩායම් එක්ක.
ගුටිකාල හැදෙනව කිව්වට මටනම් හිතෙන්නෙ වැඩි දෙනෙකුට ගුටි කියන්නෙ අයහපත් දෙයක්. ගුරුවරු නිසා පාසල් එපාවූ ළමයි ,මානසික ප්‍රශ්න ඇතිවූ ළමයි, විශාල පිරිසක් ඉන්නව .ඒව ගැන කවුරුත් කතා කරන්නෙ නෑ.
එළ! ඇනෝල සෙට් එකකුත් බැහැල නිසා මාත් ඇනෝ ආව..
ReplyDeleteදන්න එකෙක්..
මචන් මෙහෙම කිව්වට උඹට තරහ ගියත් මට කමක් නෑ. උඹ ඇනෝලට ගෝනිබිල්ලො කියල බයිල ගැහුවට උඹ කව්ද කියල ඉදපන්. පෞද්ගලිකව මට නම් උඹ කියන විදිහෙ පෞර්ෂයක් නෑ. ඒකනෙ මම ඇනෝ කමෙන්ට් දාන්නෙ. හැබයි මම උඹ වගේ බයිල ගහන්නෙ නෑ. මොකද උඹ මධ්‍යස්ථ මතධාරිය කියල ප්‍රොෆයිල් එක හදාගෙන යකාගෙ අඩවිය කියල බ්ලොග් එක හදාගෙන යකාමමයකා කියල මේල් එක හදාගත්තට ඇත්තටම උඹ කව්ද කියල අපි දන්නවද? කොන්දක් තියනවනම් ඇත්ත විස්තර දාපන්කො. මටත් පුළුවන් උඹ වගේ බොරු නමක් දාල කියන්න. එහෙම ඕනෙ නැති හින්ද ඇනෝ දානව. උඹගෙත් බොරු බයිල විතරයි. ඇත්තම කිව්වොත් උඹ ඔක්කොටම වඩා පොන්නයෙක්.
ReplyDeleteමුගෙ ඇත්ත නමින් ඉන්නව වගේ පොර ටෝක් දීල තියෙන්නෙ. ඒ මදිවට පෞර්ෂයක් ගැන කියෝනව. පුකෙනුත් හිනා ඕයි මේවට. ඔය ගොන් කතා කියන්න කලින් උඹ ඇත්තටම කව්ද කියපන් මතධාරියො. තමන්ට ඇත්ත නම හෙළි කරගන්න කොන්දක් නැතුව අනිත් උන්ට පහර ගහන්න උඹට අයිතියක් නෑ කියන එක මතක තියාගන්න.
Deleteඒ කතාවෙත් ලොකු ඇත්තක් තියනව යකෝ
Deleteඒ කතාවෙත් ලොකු ඇත්තක් තියනව යකෝ
Deleteමට තරහ යන්නෙ නෑ. යමකට තරහ යනව කියන්නෙ බැදීමක් ඇතිකරගන්නව කියන එකනෙ. මම දකින්නෙ සැහැල්ලුව සතුට ලැබෙන්නෙ බැඳීම් වලින් නොවෙයි අත්හැරීම් තුලින් කියලයි.හැකිතාක් බැඳීම් අඩුකරගත යුතුයි.
ReplyDeleteගෝනිබිල්ල කිව්වෙ තරහකට නෙමෙයි. විහිලුවට වගෙ. ඒක අවුලක් ගන්න එපා.
හෙහ් හෙහ්
හරි මධ්‍යස්ථ මතධාරිය කියල බ්ලොග් අවකාශයෙ මට වෙනම අනන්‍යතාවයක් හදාගෙන මම ඉන්නෙ.
මම කවුද කියල දන්න අය දන්නව බං.
දන්න අය දැන ගත්තට වැඩක් නෑ නොදන්න අයට දැනගන්න පුලුවන් වෙන්න ඕන View my complete profile කියන එකට ගිහාම. නැත්තන් උඹට කොන්දක් නෑ. අනිත් එක බුද්ධාගමට අපහාස කරන උඹ අත ඇරීමක් ගැන කියවන්නෙ මොකටද? ජොලි කරපංකො හොදට ජීවිතේ බඩුවක් දෙකක් ගහල.
Deleteමෙහෙම එකක් තියනව මචං , ඒ ලිපිය නැති උනත් උඹට තිබුනා බං ඒ බ්ලොග් එකට ලින්ක් එකක් දෙන්න , මෙහෙම පෝස්ට් දානකොට ඒක අනිවා කරහං
ReplyDeleteමචන් ඒක නොකලෙ ඒක නිසා ඒ බ්ලොග් එකට අනිසි ප්‍රචාරයක් ලැබීම වළක්වන්නයි.
Deleteඅර උඩ ගෝනිබිල්ල කියනව මං බුද්ධාගමට අපහාස කරනවලු. බුද්ධාගමට නෙමේ පූජක තන්ත්‍රයෙ අඩුපාඩුනම් පෙන්නනව . බුද්ධාගම කියල මට පිලිගන්න බැරි හැම මගුලක්ම මම පිළිගන්නෙ නෑ. හරය පිළිගන්නව. පසුකාලීනව එකතුවුන දේවල් අන්ධානුකරනයෙන් පිළිගන්නෙ නෑ. විදර්ශනාව ඇතුළු බෞද්ධ මනෝවිද්යාවනම් පිළිගන්නව.
බ්ලොග් කියන්නේ බ්ලොග් මචං , අනවශ්‍ය අවශ්‍ය කියල දෙයක් නැ , පුචාරයත් එහෙමයි ඒකත් අවශ්‍යද අනවශ්‍යද කියල අපිට තීරණය කරන්න බැ ,
ReplyDeleteඅපි දෙන්නම මේක පතුරු ගැහුවට කියවපු ගුරුවරියක් ඒක වැරදියි කියුවට අපි අතරම ඉන්න ටීචර් කෙනෙක් ඒක හරි කියන්ඩත් ඉඩ තියනව,
Deleteඅනික මේ පෝස්ට් එක උඹ ලියුවෙත් ඒ බ්ලොග් එක කියවපු හන්දනේ , ඒකෙන් එයාට වරදක් උනත් හොදක් උනත් ඒක තියන තැන පෙන්නන එක උඹගේ වගකීමක් සහ යුතුකමක් ........ඒක දකින එක අපේ පරම අයිතියක්
මලහත්තිලව්වයි ඔය කියන බ්ලොග් එක අපේ ආරියවති ඉස්කෝල හාමිනේගෙම එකක් උනොත් හැමනිලා තියෙයි නේ
Deleteඒක නම් එහෙම තමයි. හොඳ නරක අපට තීරනය කරන්න බෑ.
Deleteඅනුමත කරන එකෙක් දෙන්නෙක් ඉන්න පුළුවන්. හිට්ලර්ටත් හොඳයි කියපු අය හිටියනෙ. 89 භීෂන යුගයේ සිදුවූ අපරාධ අනුමත කරන අය ඉන්නෙ ( දෙපැත්තෙම ).
අර උඹ යහපත් ගුරුමෑනිකෙනෙක් ගැනත් ලියල තියෙන්නෙ. අන්න ඒ වගෙ අයත් ඉන්නව. නමුත් පොලු වලින් ගහන , ගනන් කරලම පහරවල් 65 ක් ගහන අය එහෙම කරන්නෙ ළමයව වරදින් මුදවගන්නද නෑනෙ. ගනන් කරල පාහරවල් 65 ක් පොඩි ළමයෙකුට ගහනව කියන්නෙ මොන තරම් නපුරු ගෑනු කෙනෙක්ද.එක්කො වෛරෙන් එහෙම නැත්නම් කුපාඩි සතුටක් ගන්න. වෙන දෙයක් නෙමෙයි. හොඳ සිහියෙන් ඉන්න කිසිම කෙනෙකුට ඒ වගෙ දෙයක් කරන්න බෑ. මම හිතන්නෙ නෑ එහෙම කෙනෙකුට සාර්ථක පවුල් ජීවිතයක්වත් ගත කරන්න පුළුවන් කියල. එයා සුදුසු ගුරුකමට නෙමෙයි අලුගෝසු රස්සාවට.
මලහත්තිලව්වයි ඔය කියන බ්ලොග් එක අපේ ආරියවති ඉස්කෝල හාමිනේගෙම එකක් උනොත් හැමනිලා තියෙයි නේ
Deleteකියන්ඩත් බෑ අටමො. එහෙම වුනත් අපට බ්ලොග් වල ගුරු ගෝල වෙනස බලාගත හැකි. හෙහ් හෙහ්
Deleteඅපේ රටේ සමහර ගුරුවරු විදුහල්පතිවරු හිතන්නේ තමන්ට මේ වුර්තිය ලැබෙන්නේම ළමයින්ට දන්ඬුවම් කරන්නට කියලාය. මේ අපේ රටේ තවමත් තියෙන එක්තරා පසුගාමී තත්වයක්.
ReplyDeleteහරිම කනගාටුදායකයි. එකම විසදුම ආකල්ප වෙනසක් තමයි. මෙහෙම ලියන එකෙනුත් අපි ආකල්ප වර්ධනයක් බලාපොරොත්තු වෙනවා .
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමෙවර මධ්‍යස්ත ඉදිරිපත් කොට ඇත්තේ බොහෝම විවාද සම්පන්න එහෙත් වැදගත් මාතෘකාවක්. ගුරුවරුන් විසින් දරුවන්ට දඬුවම් දීම යහපත් හෝ අයහපත් කියා එක එල්ලේ අදහස් දැක්වීමක් කිරීමට මම සූදානම් නැහැ. මේ කාරනයේදී බොහෝමයක් පැති සලකා බැලිය යුතු වෙනවා.
ReplyDeleteඑසේම ඉතාමත් අත්තනෝමතික ලෙස දරුවන්ට පහර දෙන අවිචාරවත් ගුරුවරුන් දරුවන්ගේ මුළු මහත් අනාගතයම කා දමන බවට නම් කිසිදු තර්කයක් නැහැ. එවැනි ගුරු වෘත්තියට නොගැලපෙන්නන් ඉන් ඉවත් කිරීමේ ක්‍රමවත් වැඩ පිළිවෙලක් ඇත්තෙන්ම අවශ්‍යයි.
මගේ එක් අත්දැකීමක් කියන්නම්, මා වයස දහසයේදී සා පෙල පන්තියේදී යන්තම් දැලි රැවුල් වැවී තිබුනු අවදියේ අප විදුහලේ විනයභාර ආචාර්යවරයා මා හදිසියේ දැක මගෙන් ඉංග්‍රීසියෙන් ප්‍රශ්ණ කලා. ඒ වන විට මා දැන සිටි ඉංග්‍රීසියක් නොවූ අතර එයද රටේ ප්‍රධානම විදුහලක ඇවති අධ්‍යාපන මට්ටමට හොඳ උදාහරණයකි. ඔහු ඇසූ පැනයෙන් මට වැටහුනේ ෆාදර් කියන වචනය පමණයි. ඒ ඇසුවේ මට තාතෙකු සිටිනවාදැයි කියා සිතූ මම ඔව් කියා පිළිතුරු දුන්නා. එහෙත් ඔහු අසා තිබුනේ මා තාත්තා කෙනෙකුදැයි කියායි. මගේ විපරීත පිළිතුර හමුවේ ඔහු මට අපහාස කොට පහරදී පලවා හැරියා. මගේ දැලි රැඋලක් වැවී තිබුනු නිසා ඔහු විමසුවේ මා රැවුල වවාගෙන සිටින්නේ තත්තා කෙනෙකුදැයි කියා බව මට වැටහුනේ සෑහෙන කාලයකට පසුවයි.
එදා මා සිටි වයස ඉක්මවා සිටින දරුවන්ගේ පියෙකු වන ලෝකයේ විවිධ රටවල් සමග ව්‍යාපාරික ගනුදෙනු කරන විදේශිකයන් හා නිතර හමු වන ඉංග්‍රීසියෙන් සියළු ගණුදෙනු කරන මා හට අදටත් ඒ ගුරුවරයා (දැනට ජීවත්ව නැති ) මතක් වනවිට ඇති වන්නේ දැඩි පිළිකුලකි.
එහෙත් වරදක් නැතිව මට පහර දුන් ගුරුවරුන් ගැන මගේ හිතේ එවන් වූ පිළිකුලක් නැත. ඒ කල අපහාසය දුන් පහරට වඩා මගේ සිත පෑරූ බවයි මට සිතෙන්නේ.
එසේම ඉහත ගුරුවරියකගෙන් පහර 65ක් කෑ දරුවා ත්‍රී රෝද රියදුරෙකු වීමත් අපූරු නිදසුනක් බවයි මගේ හැඟීම. එදා ඒ කෑ පහරින්ම ඔහුට ඔහු තුළ පැවති නායකත්ව ශක්තිය පිළිබඳව ඇති වන්නට ඇත්තේ දැඩි හීන මානයකි. ඒ හීන මානය විසින්ම ඔහුව කිසිදා නායකයෙකු, ප්‍රධානියෙකු නොවනා තැනකට යොමු කරවන්නට ඇතැයි මට සිතෙනවා. දරුවන් හදනවාට වඩා මකා දමන ගුරුන් අප සමාජයේ වැඩි බවනම් මටත් සිතෙනවා.
මෙම පහරදීම් වලින් සිදුවන මානසික කම්පනය තමා නරකම දේ. පොලු මුගුරු වලින් කරන පහර දීම් සහ අතින් පයින් කරන පහරදීම් නරක බව හැමෝම දන්නවා. පහරවල් 50,60 ගහන එකෙන් සිදුවන්නෙ ලොකු මානසික කම්පනයක්. එසේම ස්වපීඩා කාමුකත්වයක් වර්ධනය වීමටත් ඉඩ තිබෙනවා. මෙම මානසික කම්පනය යළි හදන එක අමාරුයි. ඔබ කීව වගෙ මෙහෙම දඩුවමකින් දරුවාගෙ යටිසිතට කා වැදෙනව තමන් නායකත්වයට නුසුදුසුයි කියන එක.
Deleteඔබ කියන ලෙසම පහරදීම් වගේම අපහාසත් මානසිකව ලොකු හානියක් කරනවා.
උඩ කොමෙන්ට් කර තිබූ වත්සලා මහත්මිය හානිකර නොවන දඩුවම් ගැන අදහස් දක්වල තිබුන. බැරිම තැන පහරක් දෙකක් ගැසුවාට කමක් නෑ. පනහ හැට ගහන එක නම් භයානකයි. ත්‍රීවීල් කාරයො වෙලා තමා නවතින්නෙ. මෙහෙම දඩුවම් ලබන ළමයින්ට මනෝ වෛද්‍ය ප්‍රතිකාරත් අවශ්‍යයි කියල මට හිතෙනව . ඔවුන්ගෙ රෝගී මනස නිසා සමාජයට පීඩනය මුදා හරින්න පුළුවන්. ගෘහස්ථ හිංසනයට යොමුවන පිරිමි පොඩිකාලෙ හොදට ගුටිකාපු අය වෙන්න ඉඩ තියනව. පිටතට නොපෙනෙනෙ යටි සිතේ ඇති ඩැමේජ් එක නිසා තමන්ට වඩා සාපේක්ෂ දුර්වලයෙක් දුටු සැණින් නිදා සිටින යක්ෂයා මතුවෙන්න ඉඩ තියනව. මම මේ හැම දෙයක්ම ගැන සිතල මේ මාතෘකාව ගැන කතා කරන්න අපූරු හේතුවකුත් ලැබුන නිසයි මේ පෝස්ට් එක දැම්මෙ
ඔය කියන ලිපිය මාත් කියෙව්වා. මට තදබල අප්පිරියාවක් දැනුනා ඇගේ ඒ ක්‍රියාව ගැන.
ReplyDeleteළමයෙකුට නිරපරාදේ ගහන්නත්, ඊළඟට හරි අහිංසක විදියට ඒ ගැන කියන්නත් ..... (මම ඇඩුවා ඇස් ඉදිමෙන්කම් )
ගුරුවරු ගැන අමිහිරි අත්දැකීම් මෙන්ම මිහිරි අත්දැකීම්ද ඇති නිසා මෙයට වඩා මුකුත් කියන්නේ නැහැ
මෙවැනි සිදුවීම් පාසල්වල ඕනෑතරම් සිදුවිය හැකි නිසයි මේක අවධානයට ලක් කරන්න හිතුවෙ. ඔබ කියන ලෙසම මෙතන කාරනා තුනක් තියනව.
Deleteඑකක් තමා නිරපරාදෙ දඩුවම් කිරීම. ඒ කියන්නෙ වෙන අය කරන වරදකට තව කෙනෙකුට දඩුවම් කිරීම.( සිසුන් 13 ක් කළ වරදට පන්ති නායකයට දඩුවම් කිරීම .)
දෙවැනි කාරනේ තමා ප්‍රමානය. ඒ කියන්නෙ පහරවල් 65 ක්.
ඒ සේරටමත් වඩා මේක අහිංසක විදියට කියන ලස්සන නෙ අපූරු ( මා ඇඩුවා ඇස් ඉදිමෙන්නම ) .
පට්ට පල් බොරුනෙ. ළමයෙකුට නොකළ වරදකට පහරවල් 65 ක් ගහන කෙනෙක් මෙච්චර සංවේදීද කොහොමවත් වෙන්න බැහැනෙ.
එක් ළමයෙකු වෙනුවෙන් ගහන පහරවල් සංඛ්‍යාව ( 5 ) අඩුකරන්නවත් බැරිවෙන්න ඇත්තෙ පොරොන්දුව කඩ කිරීම නිසා ළමයි උසාවි යන නිසා වෙන්න ඇති.පාර්ශ්ව දෙකක් අතර නෛතික ලියවිල්ලක් ද දන්නෙ නෑ. ඒ නිසා පොරොන්දුව කඩ කළොත් ජංජාලයක්නෙ.
කියල වැඩක් නෑ මචං. තමුන්ට පන්තියක් හරියකට කොන්ට්‍රෝල් කරගන්න තියෙන නොහැකියාව ළමයින්ගේ පිටින් යවනවා.
Deleteමම අවුරුදු විසි දෙකේදී අවුරුදු 15 ඉඳල 50 විතර වෙනකන් සිසුන්ට ඉගැන්නුවා. කෑ ගහන , නොගහන , මදාවි ඕනෑ ළමයෙක් මගේ පන්තියේ හිටියේ මම කියන විදියටයි. ළමයින්ට නොගහ ඒ දේ කරගන්න බැරි ගුරුවරයෙක් කොහොමද හරියකට උගන්නන්නේ?
ළමයෙක් කරන වැරැද්දකට දඩුවම් කරන්න ඕනේ කියන තැන මාත් ඉන්නවා. ලංකාවේ වෙලා තියෙන්නේ ළමයින්ට දඩුවම් කරන්නේ ගුරුවරු තමුන්ගේ ආධිපත්‍ය පෙන්නන්න. ඔබ කියල තියෙන විදියට නොගැහුව කියල ළමයා උසාවි යන්නේ නෑනේ. එතන උනේ ඒ ගුරුවරියට තමන්ගේ බලපුළුවන්කාර කම මෙන්ම තමන්ගේ මාන්නය ළමයින්ට ප්‍රදර්ශනය කිරීමට අර ළමයට දඬුවම් කිරීමයි කියල මට නම් හිතෙන්නේ.
ඔය කියන ලිපියේ කොමෙන්ට් ටිකත් මම කියෙව්වා. මම කියපු කොමෙන්ට් වල නම් බහුතරයක් අර ගුරුවරියට සීනි ඉහා තිබුනා පමණයි. ඒ ඒ අයගේ කැමැත්ත. එය මට විවේචනය කරන්න බහ. නමුත් ලංකාවේ කෙලින් කතාව කියන දේ තවමත් අවශ්‍ය තැනදී වෙන්නේ නැහැ.ඒකට ඇත්තටම වරදක් කියන්නත් බැහැ
ළමයෙක්ට වුනු අසාධාරණයකදී මව්පියන් නැගී හිටියොත් ඒ පොඩි එකා එතනින් එහාට ඒ ඉස්කෝලෙට යවනවාට වඩා හොඳයි ගෙදර තියා ගන්න එක. පන්න පන්න කෙනෙහිලි කම් කරන්නේ.
මං ඔය බ්ලොග් එකට ගියෙ ඒක ප්‍රමෝට් කරන්නයි. මං අලුත් බ්ලොග් එහෙම ප්‍රමෝට් කරනවා. ඔය ලිපිය කියවල ඒ ගුරුවරිය ගැන පුදුම පිළිකුලක් මට ඇතිවුනේ. මූනු දෙකක් පෙන්නන අය සීනි තවරල කොමෙන්ට් දාල තිබුන. ඒ ඇයි කියල මං දන්නෙ නෑ.සමහර විට සීනි කොමෙන්ට් වලට පැනි රිප්ලයි බලාගෙන වෙන්න ඇති.ඒක ඒ අයගෙ කැමැත්තනෙ .කෙලින් ඇත්ත කතා කරන අපි කීප දෙනෙකුයි තව තාත්ත කෙනෙකුයි කොමෙන්ට් දැම්මට පස්සෙ ලිපිය අයින් කර ගත්ත.
Deleteමචන් මට නම් මූණු දෙකක් පෙන්නන්න බෑ. කියන දෙයක් කෙළින්ම කියනව. අනික අයුක්තියට එරෙහිව නැගී සිටින්නත් මම දෙවරක් හිතන්නෙ නෑ.සැබෑ ජීවිතයෙදිත් එහෙමයි.මම අයුක්තියට එරෙහිව ලියනව.මට බොරුව වංචාව සෝබනේ පෙන්නන්නත් බෑ.
මෙහෙම හිංසනයට ලක් වෙන්නෙ මොකවත්ම කරගන්න බැරි පවුල්වල ළමයි. බලපුලුවන්කාරකම මාන්නෙ ප්‍රදර්ශනය කරල තමයි ඒළමයට දඩුවම් කළේ. අනික ඔක්කොටම හපන්නෙ මේ අඩන ඇඩිල්ල. මොළයක් තියන එකෙකුට තේරෙනවනෙ මේ සංවේදීකම බොරුවක්ය කියල. ඈ යකෝ පාරවල් 65 ක් කියන්නෙ මොන තරමක්ද . ඒක අහිංසක විදියට කියනව ගහල ඉවරවෙනකොට අඩල එයාගෙ ඇස් තඩිස්සි වුනාලු. බොරුවක් කියපල්ලකො අහු නොවෙන්න.
ඔය එක සිද්ධියක් විතරනෙ. මෙයා මොන තරම් අසරන ළමයින්ට හිංසා කරන්න ඇද්ද. මෙයාගෙ හැම ලිපියකම තියෙන්නෙ බොරු. නිකම් බොරුවට සංවේදී කියල පෙන්නුවට රඟපෑවට හරිම නපුරු ගුරුවරියක්. තරහ ගිය වෙලාවක ගහනව වගෙත් නෙමේනෙ. දරුණු හිංසාවක් කරන අරමුනින්මනෙ පාරවල් 65 ක් ගනන් කරලම ගහන්නෙ.
ඊට පස්සෙ ( කොමෙන්ට් දැක්කටත් පස්සෙ ) අවුරුදු 3 කටම වේවැල පාවිච්චි කරන්න ඕන වුනේ නෑලු. මෙහෙම කෙනෙකුට වේවැල නැතුව පැයක්වත් උගන්නන්න බෑ.අවුරුදු 3 දි ම ළමයින්ට ලේ එනකම් හම යනකම් යකින්නක් වගෙ ගහන්න ඇති. මෙයාගෙ වැඩ දැකල ළමයි කියන්නෙ සත්තු නෙමෙයි කියලත් කවුද මෙයාට කිව්වලු. ඒ කියන්නෙ ඒ වෙනකම් මෙයා හිතන් ඉදල තියෙන්නෙ ළමයි කියන්නෙ සත්තු කියල.
අර සින්දුවක් තියනව බං පරන , සුරතලි සුකුමලී කියල , ඒකේ එක තැනක් තියනව මට ඇහෙන්නෙම ....ඔබේ හිලේ බලේ පෑවාද පේමේ සදා කියල ,
Deleteඔය සීනි හිල හන්දා බං
හෙහ් හෙහ්
Deleteඅටමෝ මම දන්න එකෙක් ෆේක් ගෑනු එකවුන්ට් එකක් හදාගෙන හිටිය. දවසට රික්වෙස්ට් තිහ හතලිහ පන්නල එනවමයි. හැම වෙලේම කොල්ලො හායි කියාගත්ත ගමන්. හෙහ් හෙහ්
මාර ලිංගික බඩගින්නක අපේ ජනතාව ඉන්නෙ. හිලක් දැක්කොත් ජීවිතේ පුදනව. බිත්තියක හරි සිදුරක් දැක්කොත් ඒකෙ ඔළුව ගහගන්න එවුන් ඉන්නෙ. ඒ වගේම බාදුරා මල් වලට බොහොම මනාප අයත් ඉන්නවනෙ.
පරපීඩක ගෑනු න් ට ආස අය කිසියම් ප්‍රතිශතයක් සමාජයෙ ඉන්නව. ස්ලේව් ලට මිස්ට්රස්ල පට්ට පට පට තමයි ඉතින්.
ඒ අය ගැන අනේ පවු කියල තමා කියන්න වෙන්නෙ.
කියෙව්වා. පෝස්ට් එකයි කමෙන්ට් ඔක්කොමයි.
ReplyDeleteමගෙ හිතට එන ඔක්කොම මෙතන හලන්න යන්නේ නෑ. නමුත් මේ ටික කියන්නම් මධ්‍යස්ත
උඹ ඒ බ්ලොග් එකේ ලින්ක් එක නොදාපු එකෙන් කෙනෙකුගේ අනන්‍යතාවය රැකෙනවා වෙන්න පුලුවන්. ඒ එක්කම බ්ලොග් ලියන ගුරුවරු ගණනාවක්ම මේ බ්ලොග් ලෝකෙ ඉන්නවා. ඒක නිසා මේකට සම්බන්ධ නොවන ඒ අයට අසාධාරණයක් වෙනවා මොකද කෙනෙක් කොයි එකාද එකීද යකෝ කියලා කොනක ඉඳන් සැක කරන නිසා. ඒ නිසා ලින්ක් එක දාපං.
අනික උඹ ඇනෝලට ගෝනිබිල්ලෝ කියන එක මම අනුමත කරන්නේ නෑ මධ්‍යස්ත. මුලින්ම කියන්න ඕනෙ මම මගේ ජීවිතේට ඇනෝ කමෙන්ට් එකක් දාලා නෑ වතාවක් මට ලොග් වෙන්න බැරි නිසා දාපු කමෙන්ට් එකක් හැර. නමුත් ඒකෙත් මේ මමයි දැම්මේ කියලා සඳහන් කරලා තියෙනවා. මගේ පොයින්ට් එක මම නොදැම්මට ඇනෝ කමෙන්ට් දාන්න කෙනෙකුට ඇති අයිතියට මම ගරු කරනවා. අනික හැම ඇනෝම කඩාකප්පල්කාරියෙක් ත්‍රස්තවාදියෙක් නෙවෙයිනේ. උන් සමහරවිට ඉතාම constructive කමෙන්ට් දානවා.
මමත් ගුරුවරුන්ගෙන් ගුටිකාපු අපතයෙක්. ගුටි කාපු නිසාම එපාවෙච්ච විශයයන් මටත් තියෙනවා. ගුරුවරුන්ගෙ අකටයුතුකම් නිසා මගෙ දරුවෝ දෙන්නත් සමහර ගුරුවරු ගැන අප්‍රසාදයෙන් ඉන්න බව මම දන්නවා. ගුටි දීම මමත් අනුමත කරන්නේ නෑ.
නමුත් ගුටි නොදුන්නට වරදට දඬුවාක්තිය්බිය යුතුයි. ඒක ඕනෙම දියුණු රටක ක්‍රියාත්මක වෙනවා.
මේ ගැන අවබෝධයක් නැති බහුතරයකගෙ දැනගැනීම පිණිස පුහුණු ගුරුවරයෙකුගෙ පාඨමාලාවේ තියෙන විෂයයන් සමහරක් මේවයි.
Principles of Education
Educational Psychology
Health and Physical Education
English Language
English Literature
Stucture and Applied Linguistics
English Methodology
Teaching Practice
Internship
වර්ධනීය කොමෙන්ට් දාන ඇනෝල ඉන්නවා. හරි මං ගෝනිබිල්ල කතාව නොකිය ඉන්නම්කො . හෙහ් හෙහ්
Deleteවරදට දඩුවමක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඒ වගේම ශාරීරික හා මානසිකව ඩැමේජ් වෙන දඩුවම් වලටයි මම විරුද්ධ.
මේ සිද්ධියෙදි එක් ළමයෙකුට පහරවල් 65 කියන්නෙ ඉතාම භයානකයිනෙ.
ඒකයි ගුරුවරුන්ගෙ මේ වගෙ ක්‍රියා ඉහළින් අධීක්ෂනය කළ යුතුයි කියන්නෙ. ගුරුවරුන්ගෙ මානසික සෞඛ්‍ය ගැනත් අවධානයක් යොමුවෙන්න ඕන. ගෙවල්වල පීඩනය සිසුන්ට මුදා හරින ගුරුවරු ඉන්නව. ඒ වගේම මානසික රෝගීනුත් ඉන්නව. වෙනත් ක්ශේත්‍රවල මානසික රෝගීන් ඉන්න එකේ ගුරුවරු අතර නො ඉන්න හේතුවක් නෑනෙ. මානසික රෝග කියන්නෙ සමාජයෙ තියන දෙයක්. ඉතින් ඒ වගෙ ටීච කෙනෙක් හදුනගන්න විදුහල්පතිතුමා දක්ෂ විය යුතුයි. පසුව එම ගුරුවරයා හෝ ගුරුවරිය අවශ්‍ය ප්‍රතිකාර සදහා යොමු කළ යුතුයි.
ස්තුතියි මධ්‍යස්ත. උඹේ මධ්‍යස්තබව මම දැන් දැක්කා.
Deleteගුටි දෙන එක මම අනුමත කලේ නෑ. ගුරුවරු අතර පිස්සෝ නෑයි කියලා මම කිව්වෙත් නෑ.
මමත් ගුටිකාලා සමහර ගුරුවරුනුයි විෂයයනුයි දෙකම එපා වෙච්ච එකෙක් කියලා මම කමෙන්ට් එකේම කිව්වේ ඒකයි.
උඹට ස්තුතියි.
විස්තර වශයෙන් ගොඩක් දේවල් සාකච්ඡා වෙලා තියෙනවා.ගස්ලබ්බගෙ මතය මෙන්න මෙහෙම කෙටියෙන්ම කියන්නම්කො.ආකල්පය තමා මූලික වෙන්නෙ.දරුවෙක් හදාගන්න දඬුවමක් දුන්නට ඒකෙ වැරැද්දක් හොයන්න යන්නෙ නෑ ගස්ලබ්බ නම්.හැබැයි.. නිරපරාදෙ ආතල් ගත්තොත් අතාරින්නෙත් නෑ.බුද්ධියක් තියෙන ඕනෙ කෙනෙකුට මැදිහත් සිතින් බලල තේරුම් ගන්න පුලුවන් ඇයි දඬුවම් කලේ සහ කොහොමද කියන දේ.ඒ අනුව තීරණ ගත හැකියි.
ReplyDeleteජයවේවා..!!
සම්පූර්නයෙන්ම එකඟයි.
Deleteවරදට දඩුවමක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඒ වගේම ශාරීරික හා මානසිකව ඩැමේජ් වෙන දඩුවම් වලටයි මම විරුද්ධ.
මේ සිද්ධියෙදි එක් ළමයෙකුට පහරවල් 65 කියන්නෙ ඉතාම භයානකයිනෙ.
ඒකයි ගුරුවරුන්ගෙ මේ වගෙ ක්‍රියා ඉහළින් අධීක්ෂනය කළ යුතුයි කියන්නෙ. ගුරුවරුන්ගෙ මානසික සෞඛ්‍ය ගැනත් අවධානයක් යොමුවෙන්න ඕන. ගෙවල්වල පීඩනය සිසුන්ට මුදා හරින ගුරුවරු ඉන්නව. ඒ වගේම මානසික රෝගීනුත් ඉන්නව. වෙනත් ක්ශේත්‍රවල මානසික රෝගීන් ඉන්න එකේ ගුරුවරු අතර නො ඉන්න හේතුවක් නෑනෙ. මානසික රෝග කියන්නෙ සමාජයෙ තියන දෙයක්. ඉතින් ඒ වගෙ ටීච කෙනෙක් හදුනගන්න විදුහල්පතිතුමා දක්ෂ විය යුතුයි. පසුව එම ගුරුවරයා හෝ ගුරුවරිය අවශ්‍ය ප්‍රතිකාර සදහා යොමු කළ යුතුයි.
මමත් ඔය ලිපිය සහ අනෙක් ලිපිත් කියෙව්වා..... මධ්‍යස්ථට හිතුනා වගේම මටත් හිතුනා පොඩි අතිශෝක්තියක් තියනවා කියලා ඒ පොස්ට් වල. සමහර විට ඇත්ත සිද්දිය එහෙම නෙවෙයි වෙන්න ඇති. අපේ මාතලන් අය්යා ඒ බ්ලොග් එකට වෙනම පබ්ලිසිටියකුත් දීලා තිබ්බේ.......
ReplyDeleteඅතිශයෝක්තියයි බොරු සංවේදීකමයි තමයි .නිතර අඩපු ගමන් ඉන්නෙ. පොඩි ළමයෙක් වගෙ අහිංසකයි කියල පෙන්නනවා. නමුත් පිටේ පාරවල් හිටින්න ගහන්නෙ. ඒ කියන්නෙ දෑත් බදල ඇති වීරියෙන් ගහනව ඇති.
Deleteමාතලන් ආධුනිකයන්ට අත දෙන කෙනෙක්. මමත් මුලින් ඔය බ්ලොග් එකට ගියෙ එහෙම අරමුනකින් තමයි.
බොරුව සහ සෝබනය දැක්කහම කලකිරුන. අර පහරවල් 65 ක් ගහපු එක කියෙව්වට පස්සෙ පුදුම අප්පිරියාවක් ඇතිවුනේ.
මම මනෝවිද්‍යාව ගැන කිසියම් පාඨමාලාවක් හදාරල තියනව. ඒ පාඨමාලාව හැඳෑරූ බොහෝ අය සාර්ථක consultants ල ලෙස සේවය කරනව. එය කෙටි කාලීන පාඨමාලාවක් වුනත් ලොකු දැනුමක් ලැබුන.
මට කෙනෙක් හැරෙන කොට පෙරලෙන පැත්ත තේරෙනව. අනුකම්පාවයි භූමිකම්පාවයි මට වෙන් කරල අදුනගන්න පුළුවන්.
ඔය බ්ලොග් එක ගැන මට තව විවේචනයක් තියනව. ගොනා හැරෙන්නෙ මොන පොල් පැලේටද කියල තේරුනත් ඒ ගැන මම මොකුත් කියන්නෙ නෑ. සයිබරයෙ ඔය වගෙ සෙල්ලම් ඉස්සර ඉදන්ම තිබුන. අපට මොකද රැවටෙන එකා තමයි වැරදිකරු.
ගොනා හැරුණෙ පොල් පැල කන්න කියලා දැන ගත්තා නම් හොඳයි.
Deleteඒත් මට පබ්ලිසිටියක් අවශ්‍ය නැ
මම කරන්නෙ ජොබ් එකක්
ඒකෙ සිද්ධි මම ෆේස්බුක් ගිණුමේ සඳහන් කරන්නෙ අදාළ ජායාරූපය සමග
එන්න ගිණුමට
අභියෝගයට සූදානම්ය
ඔයත් එක්ක මොන අභියෝගද නගේ. එන්න අපි සුහදව ගමනක් යමු එකිනෙකාට උපකාර කරගනිමින් . මින් මතු කාටවත් මගෙන් මෙහෙම සැර විවේචන සිදුවන්නෙත් නැහැ.
Deleteවසර 15ක් ගුරු වෘත්තියේ යෙදුණු අයෙකු ලෙස මගේ අත්දැකීම වන්නේ හොඳ නරක ආදරයෙන් පෙන්වා දීම මෙන්ම යම් ප්‍රමාණයකට සුදුසු දඬුවම්ද ලබා දීම දරුවාගේ යහපත් අනාගතයක් සඳහා පිටුවහලක් වන බවයි.
ReplyDeleteමේ ලිපියෙන් දැක්වෙන පරිදි අවවාදයෙන්ම පමණක් හික්මවා ගත හැකි දරුවන් සිටීදැයි දැන ගත හැකි වන්නේ ගුරු භූමිකාවට පිවිසීමෙන්මය.
නිවසේදී කිසිදු දඬුවමක් නොකොට සෑම දරුවෙකුම යහපතට යොමු කළ හැකිද?
දඩුවම් නොකළ යුතු යැයි කිසිම තැනක කියා නැහැ. මිතුරිය මෙය පැහැදිලිව තේරුම් ගන්න. අමනාප වෙන්න එපා. අසාමාන්‍ය දඩුවම් ඔබ වුනත් හෙළා දකින බව මට විශ්වාසයි. වේවැල පන්තියට ගෙන ඒම, වේවැලෙන් මේසයට ගැසීම හා මුරන්ඩු සිසුවෙකු කරන වරදකට වේවැල් පහර කීපයක් ගැසීම සුදුසුයි. එහි වරදක් නෑ. වෙනස වටහා ගන්න වේවැල් පහර 65 ක් ගැසීම ගැනයි විවේචනය කරන්නෙ.
Deleteමෙම් ලිපිය දැම්මේ වෙනත් බ්ලොග් එකක පළවූ අසාමාන්‍ය දඩුවමක් ගැන විවේචනයක් කරන්නයි. ඇතැම් ගුරුවරුන් හිතුමතේට කරන මෙවැනි දේවල් විවේචනයකිරීමයි අරමුණ.
ඒ එක්කම රට පුරා සිදුවන මෙහෙම දේවල් ගැන සංවාදයක් ආරම්භ කරන්න ඕන වුනා. සමහර ගුරුවරු පිස්සුවෙන් හා හදිසි කෝපයෙන් කරන දඩුවම් වලින් දරුවන් කායිකව හා මානසිකව ගැටලු රැසකට මැදිවෙනව.සමහරු ආබාධිත වෙනව. මනසට වන හානිය යළි යථා තත්වයට ගන්න එක හරිම අමාරුයි. මෙය පාලනය කළ යුතුමයි. සමහර ගුරුවරු අතින් පයින් පොලු වලින් පහර දෙන බව ඔබ දන්නව ඇති.
ඔබට අවුරුදු 15 ක ගුරු සේවයේ අත්දැකීම් තියනවනම් මෙහෙම ගුරුවරු අනන්තවත් හම්බවෙලා ඇති.
එය අසාමාන්‍ය වන්න පුළුවන්.
Deleteහැබැයි
ගුරුවරයා දරුවන්ට දඩුවම් කරන්නෙ පොලිසිය වගෙ නෙවෙයි.
මනුස්සකම හිතේ තියාගෙන.
මම නමින් ඔබට උත්තර බඳින්නෙත් ඒකයි
එය සිදුවුනේ ඔබගේ ආධුනික බවත් එක්ක. සමහරවිට පසුව පසුතැවිලිවුනාත් විය හැකියි. ඔබ මගෙ වැඩක් නිසා සිත් වේදනාවට පත්වුනානම් මට ඒක ලොකු අවුලක්. මම කැමති නෑ කිසිම කෙනෙකුගෙ සිත රිදවන්න. මාත් සමග වැඩ කරන හැම කෙනෙක්ම මගෙ මේ සොභාවය දන්නවා.තරහ ගිය වෙලාවට ක්ලාක් කෙනෙකුට , පියන් කෙනෙකුට බැන්නත් මමම පස්සෙ ගිහින් ශේප් වෙන කෙනෙක්. ඔවුන් මගෙ ඒ ගතිය දන්න නිසා මම මොනව කිව්වත් අවුලක් ගන්නෙ නෑ.
Deleteඒ අසාමාන්‍ය දඩුවම දැකල මට තරහ ගියා.
මට දැන් සිතෙනවා මෙම ලිපියෙ තවදුරටත් ප්‍රයෝජනයක් නැතැයි කියා.
පාසැලේදි දෙමාපියන්ගෙ භූමිකාව ඉටු කරන්නෙ ගුරුවරු. වරදකට සුදුසු දඬුවම් දෙන්න ඕනෙ තමයි. අණක් ගුණක් නැතිව දඬුවම් කරන ගුරුවරු වගේම දෙමාපියොත් ඉන්නව.
ReplyDeleteදඬුවම් කළ යුතු මොහොත මෙන්ම ආකාරයත් තේරුම් ගැනීමයි වැදගත්.
මුළු ලිපියෙම සාරාංශය මේ කොමෙන්ට් එකේ තියනව. ඒක තමයි මට කියන්න ඕන වුනෙත් .
Deleteනොකී කතා සහෝදරයා
Deleteහැකිනම් එන්න ගුරුවරියකගේ මතක පිටුවට..
මම අම්මා කෙනෙකු නොවේ.
මට දරුවන් කුසින් වදා නැත.
එහෙත් මම අම්මා ලෙස සැලකු දරුවන් සිටි බව ඔබට දැනෙනු ඇත.
හප්පේ ඔච්චර දේවල් කියන්න එපා නගේ . කවුරුත් ඔයා ගැන වැරදියට හිතන්නෙ නෑ. බලන්න මේ පෝස්ට් එකට දාපු කොමෙන්ට් වලින් කවුරුත් ඔයා ගැන කතා කළේ නැහැනෙ .පොදුවෙ ගුරුවරු ගැනනෙ කතා කලේ.
Deleteමම නංගිල ඉන්න අයිය කෙනෙක්. කෙල්ලෙක් මගෙ පෝස්ට් එකකින් අවුල් යනකොට මටත් අවුල් .
මට මේ ලිපි ටිකම මිස් වෙලා අද තමයි කියෙව්වේ. කතා කල යුතු මාතෘකාවක්. මාත් කීප තැනකම මගේ බ්ලොගයේ ලීයා තිබෙනවා.
ReplyDeleteනෙළුම් යායට දැම්මට ස්තුතියි. ඇත්තෙන්ම මෙය කතා කළ යුතු මාතෘකාවක්.
Deleteඉදිරියේදී හැම හිංසනයක් ගැනම පුළුල්ව කතා කරනවා. අපි නොහිතන දේවල් නිසා වෙනත් අය හිංසනයට ලක් වෙනවා.ගුරුවරුන් පමනක් නොවෙයි දෙමවුපියන් දරුවන්ට කරන වධ හිංසා ගැනත් කතා කරන්න ඕන. එය වෙනම ලිපියකින් කරන්නයි ඉන්නෙ. ආබාධිතයන්ට හා කාන්තාවන්ට සිදුවන හිංසා ගැනත් පසුව කතා කරනවා.
http://nelumyaya.com/?p=4533
ReplyDeleteමේ සම්බන්ධව මම මගේ ආචාරය ඔබට පිරිනමනවා. ඒ සටහනෙ මගේ කෘරත්වය ඔබ දුටුවාට මම එය සටහන් කරන්නෙ ඒ දරුවා ගෙ මනුස්සකම ගැන කියන්න. කොයිතරම් ගුටි කෑවත් ඒ දරුවා ගුරුවරයාට ආදරේ කළ බව පෙන්වන්න. කෙසේ වුවත් ඔබ ඒ කතාව වැරදියටයි සමාජ ගත කරන්නෙ. මගෙ මනසෙ විකෘති තාවයක් නෑ. ඒ දවස්වල මම ගුරු ජිවිතයට ආධුනික වගේම අත්දැකිම් නැති කාලයක්. ඒ දරුවා නැවත මට හමුවන විට ත්‍රී රෝද රථ රියදුරකු වී ඇති බව හුවා දක්වනවා ඔහු ත්‍රීරෝද රථ රියදුරකු නොවේ. ඒ දරුවා ඒ පදවන්නෙ තමන්ගෙ පවුලෙ වාහනය. නැතුව රුකියාවත් නෙවෙයි. අනික ඔහු සාර්ථක ලෙස අදත් අධ්‍යාපනය හදාරණවා පරිගණක අංශයෙන්. ඔහු පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා බවට පත්වීමේ අඩිතාලම වැටුනෙ මගෙ දඬුවම සමගින් බව ඔහු කියු කරුණක්. නායකත්වය ඔහු ඉගෙන ගත්තෙ එතැනින්.
ReplyDeleteඒ සටහන මා මකා දමන්නකෙමෙන්ට් නිසා නෙවෙයි.
ලංකාවේ පරිපාලනය තුළ ඔබ මගෙ රැකියාව අභියෝගයට ලක් කිරීම මතයි.සාන්තුවරු ලෙස අනුන්ගෙ වැරදි පමණක් දකින බ්ලොග් අඩවියක සටහනක් පමණක් නිසා මගෙ මුළු ආත්මයම ඔබ අභියෝගයට ලක් කිරීම ගැන අමනාපයක් නැත. නරක දේ පමණක් සංවාදයට ලක් නොකර හැකි නම් මගෙ හොඳ දේ ත් සංවාදයට ලක් කිරීමට හැකිදැයි බලන්න.
මගෙ මෙත් අරණ ෆේස් බුක් පිටුවට පැමිණ හැකිනම් බලන්න දරුවන්ට මම කර ඇති දේවල්.මම මගේ වේතනයද ඔවුන්ටදුන් අවස්ථා ඇත.
මිතුරිය ! අපි පරන දේවල් අමතක කරල ගමනක් යමු. මගෙ අතින් සැර වැඩි දෙයක් කියවුනානම් කණගාටුයි. මට ඔබ ගැන අහිතක් නෑ. මා ගැනත් වරදවා නොසිතන්න. මාත් අනුන්ගෙ දුකේදී ඉතාම සංවේදී වන ඇතැම් විට සීමාව ඉක්මවා අනුන්ට උදව් කරන කෙනෙක්.
Deleteඒ වගේමයි .මං නිසා කාටහරි සිත් වේදනාවක් හෝ අපහසුතාවයක් වුනොත් ( එය එම පුද්ගලයාගෙ වරදක් නිසා වුනත් ) මට ඒක දරන්න බෑ.
ඔවු අනිවාර්යයෙන්ම ඔබේ හොඳ දේ සංවාදයට ලක් කරන්නම්. එවිට මා අතින් මෙහිදී යම් සැරවැඩි දෙයක් කියවී තිබේනම් එය බැලන්ස් වේවි. මම ඉඩ ලැබුන හැම විටකම ඔබේ බ්ලොග් එකට ආව.
අදහස් දැක්වීම ගැන ස්තුතියි. සිත් රිදීමක් වුනානම් කනගාටුව පළ කරනවා.
ඔබේ බ්ලොග් එකට ජයවේවා.
නැ ඔබ ප්‍රකාශ කරල තියෙනවා මං ලිංගික තෘප්තියක් ලැබුවා කියලා. දන්නවාද මං දරුවන්ගෙන් එහෙම පල ගන්නෙ නැ..
ReplyDeleteගැහැණියක් වීම මත එහෙම අපහාස නොකරන්න..
මිතුරිය ! එම දඩුවම අසාමාන්‍යයි. එහි කතා දෙකක් නැහැ. මගෙ අරමුන එය පාදක කරගෙන සමස්තය ගැන ලිපියක් සකස් කිරීමයි. මම මුලින් ඔබගේ බ්ලොග් එකේ ලින්ක් එකවත් නොදමා මෙය මා ඇසූ සිද්ධියක් ලෙසයි දැම්මෙ. ඊට පස්සෙ ඩූඩ් ඉල්ලීමක් කළා මෙහෙම දාන්න එපා එතකොට බ්ලොග් ලියන ගුරුවරු හැමෝම ගැන සැක සිතාවි කියා . එනිසයි ලින්ක් එක දැම්මෙ.
ReplyDeleteගැහැනියක්ද පිරිමියෙක්ද කියන එක මෙතනට කොහොමවත්ම අදාල නැහැනෙ මිතුරිය. ඔය වගෙ කතාවක් ගුරුවරියකට ගැලපෙන්නෙ නෑ. ඕව කියන්නෙ මෙගා ටෙලිනාට්‍යවල. ගැහැනියක් අතින් වරදක් වුනොත් ඒක සමාජය බොහෝ විට ඉවසනවා.
ඇත්තෙන්ම මට මෙතන අප්සෙට් ගියා බ්ලොග්කාරියකට මගෙන් වරදක් වුනාද කියන කාරනය හිතල. ඒ ඔය ගැහැනු සාධකය මතම පිහිටල තමා.
අපි බ්ලොග් අවකාශයෙ දි සමහරවිට එකිනෙකා මුන ගැසෙන්න ත් ඉඩ තියනව. එහෙම වුනොත් සුහදව කතාබහකරන්න පරිසරයක් හදා ගන්න ඕන.
වැරැද්දට වැරැද්ද කියන එකනම් මගෙ ඇගේම තියන ගතියක්.
කරුණාකර මා සමග අමනාප වෙන්න එපා.
ඔබ කියනවානම් මෙම ලිපිය ඉවත් කර ගන්නම්.
මට ඊමේල් එකක් එවන්න. ලිපිය ඉවත් කරගැනීම ගැන මගේ යෝජනාවට ඔබේ අදහස සමග.sunethjayajeewa@gmail.com
අවශ්‍ය නෑ
ReplyDeleteඉන් සිදුවී ඇති හානිය දැන් හමාරය
මම ඔබෙ ලිපියට පිලිතුරක් මගෙ බ්ලොග් අඩවියෙ සඳහන් කර ඇත.
ඔබට හැකි නම් ඒ පිළිතුරද මෙසේ බෙදා හරින්න.
ඔබ මධ්‍යස්ථ නම් පමණක්
අනිවාර්යයෙන්ම . මම ඔබේ සුහදත්වය අපේක්ෂා කරනවා. මම ඕනම ප්‍රශ්නයක් මධ්‍යස්ථව බලන්න උත්සාහ කරන කෙනෙක්. පෝස්ට් එකක් ලෙස ඒ පිළිතුර පළකරන බවත් එය උපරිම ලෙස ශෙයා කරන බවටත් ( මෙම ලිපියට දුන් පබ්ලිසිටියට වඩා ) පොරොන්දු වෙන්නම්.
Deleteඅවශ්‍ය නෑ
ReplyDeleteඉන් සිදුවී ඇති හානිය දැන් හමාරය
මම ඔබෙ ලිපියට පිලිතුරක් මගෙ බ්ලොග් අඩවියෙ සඳහන් කර ඇත.
ඔබට හැකි නම් ඒ පිළිතුරද මෙසේ බෙදා හරින්න.
ඔබ මධ්‍යස්ථ නම් පමණක්
අනිවාර්යයෙන්ම . මම ඔබේ සුහදත්වය අපේක්ෂා කරනවා. මම ඕනම ප්‍රශ්නයක් මධ්‍යස්ථව බලන්න උත්සාහ කරන කෙනෙක්. පෝස්ට් එකක් ලෙස ඒ පිළිතුර පළකරන බවත් එය උපරිම ලෙස ශෙයා කරන බවටත් ( මෙම ලිපියට දුන් පබ්ලිසිටියට වඩා ) පොරොන්දු වෙන්නම්.
Deleteඑම ලිපිය මගෙ බ්ලොග් එකේ පළ කළා
Deleteමගෙ තරහක් නෑ
ReplyDeleteඇත්තටම කමෙන්ටුව ක් ලෙස එය පල කිරීමට නොහැකියි. අකුරු ප්‍රමාණය. නිසා.
සුහදතාවයෙ ගැටළුවක් ඇත්තෙම නැ
මම කැමැතියි සුහදත්වයට සහෝදරයා ..
මම මගෙ කතා ලිව්වෙ බ්ලොග් එකක් ප්‍රසිද්ධ කරන්න නෙවෙයි.
ලමයින්ට දයාව දක්වන සමාජයක් හොයන්න
මගෙ තරහක් නෑ
ReplyDeleteඇත්තටම කමෙන්ටුව ක් ලෙස එය පල කිරීමට නොහැකියි. අකුරු ප්‍රමාණය. නිසා.
සුහදතාවයෙ ගැටළුවක් ඇත්තෙම නැ
මම කැමැතියි සුහදත්වයට සහෝදරයා ..
මම මගෙ කතා ලිව්වෙ බ්ලොග් එකක් ප්‍රසිද්ධ කරන්න නෙවෙයි.
ලමයින්ට දයාව දක්වන සමාජයක් හොයන්න
ඔබේ සුහදත්වයට බොහොම ස්තුතියි
ReplyDeleteමධ්‍යස්ත මතධාරිය ඔබේ ලිපිය අහක් කරන්න එපා. මම එක නෙලුම් යායේත් දැම්මා> මගෙත් ලිපි දෙකක්ම මේ ගුරුවරු න ගේ ගැහීම ගැන තියෙනවා.
ReplyDeletehttp://kolambagamaya.blogspot.co.uk/2015/10/blog-post_29.html
http://kolambagamaya.blogspot.co.uk/2014/08/blog-post.html
නිනී සෙනෙවිරත්න මහත්මියගේ බ්ලොගය කියෙව්වා. ලිවිම නම් ඉතා හොඳයි . නමුත් ඒ මහත්මිය මට හිතෙනවා , "තමන් ගැහුවේ ළමයි හදන්න " කියා හිතන කොටසේ කියල. මම ඒ අදහසට සම්පුර්ණයෙන්ම විරුද්ධයි. ගැහීමෙන් ළමයි හදන්න බැහැ කියන අදහසේ මම හැම වෙලේම ඉන්නේ. ඒ මහත්මිය එය වැරදිය කියා පිළිගන්නේ නැත කියා මට හිතෙනවා. ඇය සිසුන්ට නොයෙක් අවස්ථාවල උදව් කරන තැනැත්තියක් බවත් පේනවා. ගැහු එක ඇගේ වරදකටත් වඩා ලංකාවේ ඒ දවස් වල අධ්‍යාපන ක්‍රමය එය අනුමත කල නිසා ගුරුවරු සමහරවිට අකමැත්තෙන් හෝ එය ක්‍රියාත්මක කලා කියල මම හිතන්නේ. ඒ නිසා අපි අපේ විවේචනය තබා ගත යුතුයි. ගහල ළමයි හදන්න බැහැ.
මෙන්න ඔය කියන ලිපිය. ගූගල් කේෂ් එකෙන්-
ReplyDeleteFrom Cache
05.මාව මතකද ටීච
තණමල්විලට කොහොමත් වැස්ස හිඟය.කොළ පාට කිසිවක් ඉතිරි නොකරන්නට ඉර හරි ආසය. දුවිලි පොළවත් පිච්චෙන අව්වත් දැන් මගෙ මිතුරන් වී හමාරය. ඉස්ඉකොල ජිවිතේට ටික ටික මටත් හොරෙන් මමම හුරු වී හමාරය. මට පත්වීම ලැබුණේ තොරතුරු තාක්ෂණ විෂයය ඉගැන්වීටමය. එත් ඒ පිටිසර දරුවන්ට පරිගණක තිබුණෙ අහස් ඉමටත් වඩා දුරින් බැවින් මම බහුශ්රැමත වුනෙමි. උගන්වන්නට බැරි දෙයක් නැති වෙන තරමට ම බොහෝ විෂයයන් ඉගැන්වීමට මම පුරුඳු වී උන්නෙමි. ඒ මගෙ දක්ෂතාවය නොව පැවති ගුරු හිඟයත් සමඟ දරුවන්ට උගන්වන්නට තිබු අවශ්‍ය තාවය විය. ඒ සමඟම අටේ පන්තියේ පන්ති භාරකරත්වයත් මටය.
“ එක්සුකියුස්මි ටීච”
මම කරමින් උන් පාඩම අතරට පහළ පන්තියක පුංචි එකෙක් එබිකම් කරයි.
“ලොකු සර් එන්න කිව්වා”
“හ්ම්”
මම පාඩමට අදාළව ප්රකශ්නයක් කළු ලෑල්ලෙ සටහන් කර පන්ති නායකයා කැදෙව්වෙමි.
“කව්රුවත් පන්තියෙන් එළියට යන්නෙ නෑ....වැඩේ කරන්න ... හසිත ඔයා නායකයානේ.. පන්තිය බලා ගන්න ඕනි ඔයා... කාටවත් එළියට යන්න දෙන්න එපා... එහෙම ගියොත් ඔයා තමයි ගුටි කන්නෙ”
“කීයක් ගහනවාද ටීච” පන්තියේ උන් කටකාර කොළුවෙක් ඔච්චමට ඇසුවේය.
“එක්කෙනාට පහ ගානේ”
මම වැඩිය නොසිතා පවසාගෙනම කාර්යාලය වෙත ගියෙමි. විදුහල්පතිවරයා මා කැඳවා තිබු රාජකාරිය අවසන් වී විනාඩි දහයකින් පමණ මම නැවත පන්ති කාමරය වෙත යන විට පන්තියේ පිරිමි ළමුන්ගෙන් රැඳි උන්නෙ පන්ති නායක දරුවා පමණය. අනෙක් පිරිමි ළමුන් දහතුන් දෙනාම පන්තියෙන් බැහැර ව මිදුලේය.
“ ළමයි මං කිව්ව දේ ඇහුවේ නෑ ටීච... මම ෆේල්”
මා මැදිවුයේ ගැටළුවකටය. පන්තියෙන් බැහැර වු එක් අයෙකු වෙනුවෙන් පහර පහක් දෙන බව කීවේ එසේ කිරීමට මට අවශ්යළ නොවනු ඇතැයි සිතාය. එහෙත් වුයේ අනිකකි. කිසිවක් නොකියා මම වේවැල අතට ගත්තෙමි. එ සැණින් පන්ති නායකයා මා ඉදිරියට ඇවිත් සිය සුරත ම දිගු කර උන්නෙ මැසිවිලි නැතුවය. පහර හැට පහක් අත් දෙකටම වැදෙන තුරු නොසෙල්වී දෑතම දිගු කරගෙන ඔහු උන්නෙය. එහෙත් ඇස්දෙකම තඩිස්සි වී ඉදිමෙන්නට තරම් පහර දී ඉවර වන විට මම හඬා තිබුණි.
පසු සටහන:-
මා ස්ථාන මාරුවක් ලබා වසර කිහිපයකට පසු දිනෙක ත්‍රී.රෝද රියක් මා පසුකර ගෙන ගොස් නැවත හරවා පැමිණ මා ඉදිරියේම නතර විය. කරදඬු උස්වු තරුණයෙක් රියඳුරු අසුනෙන් බැස තාර පාර මැද දණ බිම ඔබා මට වඳින ලදී.
“ මාව මතකද ටීචර්” මම සිනාසුනෙමි. ඒ ඔහුය.
“මගෙන් වැඩිපුරම ගුටි කාපු ළමයා”
යකා ගේ මේ පිළිබඳ අදහස්වලට මම ද එකඟ වෙමි.
ReplyDeleteඑක පහරක් හෝ ගැසීම වරදකි. කවුද ඇයට ඒ අයිතිය දුන්නේ? මොන නීතියෙන්ද බලය ලැබුනේ?
මගේ දහතුන්වසරක පාසල් දිවිය තුළ පහරක් කා ඇත්තේ එක් වරයි, ඒ හතරේ පන්තියේ දී නිරපාරාදේ. එය මට කවදාකවත් අමතක වෙන්නේ නෑ.
ඊට පස්සේ හතේ පන්තියේ දී එක ගුරුවරයෙකු මගේ කලිසමෙන් ඇද්දා හේතුවක් නැතුව. එය ද මට කවදාකවත් අමතක වෙන්නේ නෑ.
ඒ වසරේ දී ම, තවත් එකෙකු මට පුටුව උඩ නගින්න කීවා, ඒත් තේරුමක් නැතුව, ඊට පස්සේ කඩප්පුලි කතාවක් කීවා. එය ද මට කවදාකවත් අමතක වෙන්නේ නෑ.
මකා දැමූ ලිපියක පිටපතක් සොයා නැවත කමෙන්ටුවක් ලෙස මා මෙහි දැම්මේ ඇයි දැයි අසා පාඨකයෙකු මට ඊ-මේලයක් එවා ඇත.
ReplyDeleteRasika,
I agree with you that students should not be physically punished, even if it is well-intentioned. I hate when someone attempts to socialize that idea. While I disagree with the view point of Nini Senevirathna on this matter (I don't know who she is personally), I think copying the cache version and re-posting her withdrawn article is inappropriate and unethical and also that it hurts your reputation. (I am new to blogspace, but that's what I feel.)
Thanks!
මේ මා එයට යැවූ පිළිතුරෙන් අදාල කොටසයි.
Thanks for the eMail.
I understand that it was her decision to delete her post which I had not read nor even knew such a post existed untile I read her recent post about Yaka's post. Yaka is not a blog that I usually read. So I had missed his critical analysis of her actions and his general discussion on the subject as well.
Having read both posts, I very much wanted to read the orignal post by this teacher, Nini Senevirathne. I first searched archive.org and found that her blog is not archived there (it should be there now!). However, as there were direct quotes from her post in Yaka's blog, I could successfully locate the full version in Google cache. Anyone could do that.
When I read the cached version, I found nothing there that is not either directly quoted or paraphrased in Yaka's post.
That was going to be it but I then noticed that there are many people in my situation, that is, those who have read these two later posts but not the original by Nini Senevirathne.
That was the reason why I posted the cached version in a few places.
Now is that ethical to do so?
I think there is nothing ethically wrong with my action, as I did not reveal anything that is private or anything that is between two or a limited number of people. The text I reposted was just there in Google cache for anyone with the know how to locate.
Thanks for contacting me.
අදාල යැයි සිතුනු නිසා මෙහි පළ කළෙමි!
සම්පූර්ණයෙන් ඇත්ත තමයි.බොරුවට කියන්නෙනෙම් ගහන්නෙ ආදරෙට කියල.එත් උන්ගෙ ඇති කිසිම ආදරයක් නෑ.උන් ගුරුවරුන් වෙන්නවත් සුදුසු නෑ.
ReplyDelete