එච් එන් ඩී ඒ සිසුන්ට එල්ල කළ පොලිස් ප්‍රහාරය මේ දිනවල සයිබරයේ කතා බහට ලක්වේ. අති මහත් බහුතරය පොලීසියට චෝදනා කරති.මම කීවේ මෙහි දෙපැත්තක් ඇති බවයි. එනම් පාරක්ලියර් කිරීම පොලීසියේ රාජකාරියයි. පොලීසියේ රාජකාරිය අවතක්සේරු කළ නොහැක. කෝච්චි නවතාගෙන අයුතු ජනරාශියක් සිදුවන්නේයැයි සිතමු. ඉන් පීඩාවට පත් ජනයාට පීඩකයන් සමග සටන් කිරීමට අපහසුය. . ජනයාට කදුලු ගෑස්ද නැත. පොලීසියක් කියා දෙයක් තිබෙන්නේ එනිසාය.පොලීසිය කඳුලු ගෑස් ගසා ජල ප්‍රහාර එල්ල කර අයුතු ජනරාශි පලවා හැරිය යුතුය. පහර දීම අනුමත නොකරමි.
මම පුද්ගලිකවම සිසුන් ගුටිකනවා දැකීමට අකමැත්තෙමි. එහෙත් සිසුන් හැසිරෙන්නේත් ගුටි අපේක්ශාවෙන් නේද. ආණ්ඩුවලට මෙම සියලු ඉල්ලීම් දිය නොහැක. ඔවුන් තමන්ට දෙන්න පුලුවන් දේ නිර්ලෝභීව දෙති.ඒ අන් කිසිවක් නොව ගුටි ය.මේ සිසුන්ගේ ඉල්ලීම් අතර සියළු උපාධිධාරීන්ට රජයේ රකියා දීමද එකක්ලු.එය එච් එන් ඩී ඒ ඉල්ලීමක් නොවේ.එහෙත් සිරියාවේ සාමය ඇති කිරීම, ලොක දේශගුන විපර්යාස සමනය කිරීම වැනි දේ ඇතුල් කිරීමට අමතක වී ඇත. . එසේම එච් එන් ඩී ඒ පාඨැමාලාවට උපාධි තත්වය ලබා ගැනීමද එකකි. එයට නම් විරුද්ධ වන්නේ ලෝක නිර්දන පන්ති සමගිය වෙනුවෙන් උරෙනෙඋර ගැටී සටන් කරන පක්ෂයේ ඉන්ජිනේරු උපාධි අපේක්ෂක සගයන්මය.
" ලෝක නිර්ධන පන්තිය සමගි වෙවු" හයියෙන්
ඈ බන් එච් එන් ඩී ඒ එවුන් උපාධි මට්ටම ඉල්ලනව. අපේ තත්වෙ මොකක්ද බන්. අපට උන් එක්ක එකට තේ බොන්න පුළුවන්ද
එහෙම වුනොත් අපේ ස්ටේටස් වලට මක් වෙයිද - සෙමෙන්
" ලෝක නිර්ධන පන්තිය සමගි වෙවු" හයියෙන්
ඩිග්රි ගන්නකල් සමාජවාදී ඕකුන්ගෙ කෙරුවාව අප දනිමු.
අයුතු ජනරාශි වැළැක්වීම පොලීසියේ රාජකාරියයි. එහි කතා දෙකක් නැත. එහිදී අවම බලය පාවිච්චි විය යුතුය. මේ අවම බලය යනු කුමක්ද ?
සිසුන් දැඩි සත්කාර ඒකකයට යැවීම්ද
එසේනම් උපරිම බලය ගැන සිහිවනවිට ලොමු දැහැ ගැන්වේ.
මට අවශ්‍ය විනාශය වළක්වාගැනීමය. සිසුන් මෙසේ පොලීසිය ප්‍රකෝප කරගෙන ගුටිකනවා වෙනුවට විකල්ප නැද්ද. මෙම සිසුන්ගේ දෙමවුපිය සංගම් පිහිටුවාගෙන පුළුල් සමාජ සහභාගිත්වයකින් දේශපාලනමය බලපෑම් කරන්නට බැරිද? මේ සදහා බලපෑම් කන්ඩායම් ශක්තිමත් විය යුතුය. බලපෑම් කන්ඩායම් යනු මැතිවරනවලදීද බලපෑම් කළ හැකි සංවිධාන ව්‍යුහයකි.
වැටුන අයට පහරදීම ගැන කතාවෙනවා පෙනේ. අත් අඩංගුවට ගත් අය ට පහර දිය නොහැක.එය ජාත්‍යාන්තර යුධනීතියටත් විරුද්ධය.එ හෙත් මේ ශ්‍රී ලංකාවය.
අපගේ අත්දැකීම් අනුව පොලීසිය හැසිරෙන්නේ ගෝත්‍රික පිරිසක් ලෙසය. මේ ගෝත්‍රිකයෙකුට ගල් පාරක් වැදුනොත් සෙසු ගෝත්‍රිකයන්ට නිච්චි නිනවු නැතිවේ. එය කටුනායකදී අප දුටුවෙමු. නේවාසිකාගාරවලට පවා රිංගා පහරදීම් කලේ ගෝත්‍රික සටනක් සිහි ගන්වමිනි. මේ තත්වය දැන දැනම ඇයි ගල් ගහන්න යන්නෙ ?
මෙන්න මේ නිසාය
සිසුන් පිටුපස සිටින දේශපාලන බළල් අත් ගැන නොදන්න කෙනෙක් නැත.එහෙත් ශිෂ්‍යයන් සටන් කරන්නෙ කිසියම් ගෝත්‍ර හැඟීමකිනි. මෙය ශිෂ්‍ය ගෝත්‍රයයි. වෙනත් ගෝත්‍රිකයන්ට පාර බ්ලොක් කරන්නෙත් එක් ශිෂ්‍යයෙකුට කවුරුහරි ගේම ඉල්ලුවොත් සැවොම ගේමට යන්නෙත් මේ ගෝත්‍රික හැඟීමෙනි. මේ ශිෂ්‍ය ගෝත්‍රිකයන් සටනට යන්නේ තවත් ගෝත්‍රයක් සමගිනි. ඒ පොලිස් ගෝත්‍රිකයෝය.
පොලිස් ගෝත්‍රිකයෝ සිය සගයා වෙනුවෙන් නිතරම පෙනී සිටිති. එක් සගයෙකුට හානියක් වුනොත් මුළු ගෝත්‍රයම සටනට එයි. පොලිස් නිළදාරීන්ට එරෙහිව කිසිදා නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත. සමහරු කොටදෙනියාවේ සිසුවාට සාධාරනයක් බලාපොරොත්තු වෙති. කොටදෙනියාවෙ පොලිස් කාරයන්ට කිසිම දෙය්ක සිදුනොවේ. මන්ද කොටදෙනියාවෙ අය වෙනත් පොලිස් නිළදාරීන් නොකරන අමුතු දෙයක් නොකළැ නිසාය. එය මාධ්‍ය සාකච්ඡාවේදී එක් ප්‍රකට පොලිස්කාරයෙක් සාධාරනීකරනය කළේය.
පොලිස් ගෝත්‍රිකයෝ සිය සගයා වෙනුවෙන් නිතරම පෙනී සිටිති. එක් සගයෙකුට හානියක් වුනොත් මුළු ගෝත්‍රයම සටනට එයි. පොලිස් නිළදාරීන්ට එරෙහිව කිසිදා නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත. සමහරු කොටදෙනියාවේ සිසුවාට සාධාරනයක් බලාපොරොත්තු වෙති. කොටදෙනියාවෙ පොලිස් කාරයන්ට කිසිම දෙය්ක සිදුනොවේ. මන්ද කොටදෙනියාවෙ අය වෙනත් පොලිස් නිළදාරීන් නොකරන අමුතු දෙයක් නොකළැ නිසාය. එය මාධ්‍ය සාකච්ඡාවේදී එක් ප්‍රකට පොලිස්කාරයෙක් සාධාරනීකරනය කළේය.
මෙම ගෝත්‍රික හැඟීම ඇතිවන්නේ කෙසේද.මිනිසා ඉතා දීර්ඝ කාලයක් අහුලන් කමින් දඩයම් කරමින් දිවිගෙවීය. මිනිසා සමාජ ජීවියෙකි. එනිසා ගෝත්‍රික හැඟීම ඉතා ස්වාභාවිකය. මෙහිදී ගෝත්‍රික යන වචනය ම්ලේච්ඡ යන අර්ථයෙන් භාවිතා කර නැත. ගෝත්‍රය යනු පොදු අරමුනකට එකට ජීවත් වන කන්ඩායමයි.ගෝත්‍රයකට අයත් නොවන කෙනෙක් නැත. මමද ගෝත්‍ර කීපයකටම අයත් වෙමි.සැවොම ගම ,රැකියාව ප්‍රධාන වශයෙන් විද්‍යමාන ගෝත්‍ර වුනත් ජාතිය,ආගම, පාසල වැනි වඩා සංවිධානගත නමුත් අදෘෂ්‍යමාන ගෝත්‍රවලද සාමාජිකයෝය.
මෙය ශ්‍රී ලංකා පොලීසියට පමනක් පොදුවූ හැඟීමක්ද නැත.ලොව ඕනෑම පොලීසියක් හමුදාවක් එසේය.ඇමරිකානු පොලීසියේ වෙඩි තැබීම් වලින් වසරකට 400 ක් පමන මිය යන බව කියවේ. ඇමරිකාවේ සුදු පොලීසිය විසින් කළු ජාතිකයන් ඉලක්ක කෙරේ. එසේම සිවිල් පුද්ගලයෙක් අතින් පොලිස් භටයෙක් මළොත් ඒ සිවිල් පුද්ගලයා අනිවාර්යයෙන්ම මරන දඩුවමට ලක් කෙරේ. එවැනි අවස්ථාවක සිය සහෝදර නිළධාරියා මැරුවායැයි චෝදනා ලැබ මරන දඩුවමට ලක් කරන පුද්ගල්යා මරන හැටි බැලීමට පොලීසියේ අය කමින් බොමින් බන්ධනාගාරයේ රදී සිටින හැටි දැක්වෙන පොටෝ එකක් මට හමුවිය.ඇමරිකාවේ බන්ධනාගාර වල වින්දිතයාගේ ඥාති හිතවතුන්ට නෛතික ඝාතනය නරඹා ප්රීතිවීමේ අවස්ථා සැළසේ.
![]() |
සිය සගයා මැරුවායැයි චෝදනා ලද තැනැත්තා රජයෙන් මරන අවස්ථාව දැක බලා ගැනීමට ආ ගෝත්‍රිකයන් පිරිසක් |
ගෝත්‍රික හැඟීම ඇත්තේ ආරක්ෂක අංශවලට පමනක් නොවේ. සෑම වෘත්තියකම ගෝත්‍රික හැඟීම තිබේ. දොස්තරලගෙ ස්ට්‍රයික් බලන්න. රෝහල යනු ගෝත්‍ර කිහිපයක සංකලනයකි. මෙම ගෝත්‍රික හැඟීම ස්වාභාවික වුනත් ලංකාවෙ එය උපරිමයටම නැග ඇත.
මගේ අදහස් මෙම ගෝත්‍රික හැඟීම් හැකිතාක් දුර්වල කල යුතු බවයි.
පරපීඩාකාමුකත්වය ගැන රසික අපූරු ලිපියක් පළ කර ඇත. ඇත්තෙන්ම මෙම දේවල් කතා කිරීම ඉතා වටී. කිසියම් ගෝත්‍රිකයෙක් පරපීඩාකාමුකත්වය මුදාහරින්නෙ වෙනත් ගෝත්‍රයකට අයත් අය වෙතය.ප්රතිවිරෝධයක් එල්ල කළ නොහැකි කෙනෙක් වෙත අසාමාන්‍ය ප්රචන්ඩත්වයක් මුදා හැරීම පරපීඩාකාමුකත්වය හැර අන් යමක් නොවේ. එසේම නිරුවත් කිරීම් ගැනද අසන්නට ලැබේ. පනින රිලවුන්ට ඉනිමන් බදින රැකියා ඇති බව බොහෝ දෙනා දන්නෙ නැත.
දන්නවානම් අවශ්‍ය අය ඇප්ලිකේෂන් දමනු නො අනුමානය. පඩියයි සතුටයි එකම වහලක් යටින් . ඇන්නෑවේ
දන්නවානම් අවශ්‍ය අය ඇප්ලිකේෂන් දමනු නො අනුමානය. පඩියයි සතුටයි එකම වහලක් යටින් . ඇන්නෑවේ