සවුදියේ අබ්දුල්ලා මහතා ( රජු ) අභාවප්‍රාප්ත වී ඇත.විධායක බලය පාවිච්චිකරන අතලොස්සක් වන රාජාණ්ඩු අතර සවුදියට ලැබෙන්නේ ප්රමුඛස්ථානයකි.එහි සියළුම උසස් තනතුරු දරන්නේ රජපවුලේ අයයි.බුද්ධිමය කටයුතු යුරෝපීයයන්ද ශ්‍රමික කටයුතු ආසියානුවන්ද කරන නිසා මෙහි අවුලක්ද නැත.
රජවරු ගැන මිනිසුන් තුල ඇති ගූඩ හැඟීම විද්‍යාත්මකව පැහැදිලි කරන්නේ කෙසේද යන්න මට ඇතිවූ ගැටළුවකි.මෙම රාජ හැඟීම එක් ජනවර්ගයකට සීමා වූවක් නොවේ.දියුණු නොදියුණු හැම රටකම මිනිසුන් රජවරුන්ට දක්වන බැතිය පුදුමාකාරය.
කෙසේ හෝ කාලයත් සමඟ රජවරු පසෙකට තල්ලු විය.රජවරුන්ට එල්ලවූ ප්‍රථම ප්‍රතිරෝධය එල්ලවුනේ පැරණි රෝමයෙනි.රාජාණ්ඩුව අහෝසි කර පුරවැසියන්ගේ නියෝජිතයන් දෙදෙනෙකුට මාරුවෙන් මාරුවට බලය පැවරුණි.එහෙත් වසර පන්සීයකට පමන පසු රෝම අධිරාජයන් බිහිවිය.නව ලෝකයේ රාජාණ්ඩුවාදයට එල්ල වූ ප්‍රථම ප්‍රහාරය වූවේ පළමුවැනි චාල්ස් රජුගේ හිස ගසා දැමීමයි.ඇත්තෙන්ම චාල්ස් රජු නෙළා ගත්තේ ඔහුට පෙර සිටි පළමුවැනි ජේම්ස් රජු වගා කළ අස්වැන්නයි.ජේම්ස් රජු දේවවරම්වාදියෙකු වූ අතර ඔහු රාජ බලය දෙවියන්වහන්සේගෙන් ආවක් සේ තර්ක කලේය.ඔහුට අනුව නරක පාලකායෙක් පහළ වූ පසු ජනතාවට කළ හැකි එකම දෙය උනන්දුවෙන් යාඥා කිරීමයි.මන්ද නරක රජු දෙවියන් විසින් එවා ඇත්තේ ජනතාවගේ නොමනා ක්‍රියා වලට දඩුවමක් ලෙසය.
පළමුවැනි චාල්ස්ගෙන් පසු ඔලිවර් ක්‍රොම්වෙල් කැරළිකාර රදලයන් නියෝජනය කරමින් බලයට පත්වුනද රාජාණ්ඩුවාදීහු යළි බලය අල්ලාගෙන දෙවන චාල්ස් යටතේ පාර්ලිමේන්තුව සමඟ සම්මුතිගතවූ රාජාණ්ඩුවක් නිර්මාණය කලහ.1649 දී පළමුවෙනි චාල්ස් ගේ හිස් ගසා දමන ලදී.ඊට සියවස් එකහමාරකට පසු පසු ප්‍රංශ ජනයා එංගලන්තයෙන් ආභාෂය ලත් ප්‍රංශ ජනයා සිය රජුවූ 16 වන ලුවී ගේ හිස ගසා දැමූහ.එහෙත් එංගලන්තයට වෙනස්ව ප්‍රංශය රජ පවුල හා රදලයන් සෝදා හැර සමාජය පවිත්‍ර කළහ.වැඩවසම් ගූ ගොඩවල් ඉවත් කළ ප්‍රංශ ජිරොන්ඩිස්ට් හා ජැකොබින් විලවවාදීන්ට අපගේ ආචාරය වේවා.
ජිරොන්ඩිස්ට් හා ජැකොබින් වරුන්ගේ කාලයේ ප්‍රංශයේ රදලයෙක් වීම මරණ දඩුවමට සුදුසුකමකකි.මෙසේ සමාජය පවිත්‍ර කළද එය අවසන් වුනේ යළිත් අධිරාජයෙක් බිහිවීමෙනි.ඒ නැපෝලියන්ය.නැපෝලියන් තමා අධිරාජයා යැයි ප්‍රකාශයට පත් කළේය.එය කෝර්සිකාවේ ලිපිකරුවකුගේ පුත්‍රයකුට හිමිවූ අරුම තත්වයකි.නැපෝලියගේ වැටීමෙන් පසු ඔහුගේ රාජාණ්ඩුවද අහෝසි විය.
ප්‍රංශය හැරුන විට රාජාණ්ඩුවට දැඩි ප්‍රතිරෝධයක් එල්ලවුනේ රුසියාවෙනි.සාර් රජපවුල සමූලඝාතනය කෙරුනි.ඇනස්ටාසියා නම් කුමරියක් පමණක් පණ බේරාගෙන පලා ගියාය.රදලයන්ද සමූලඝාතනය කෙරුනි.රුසියානු සමාජය පවිත්‍ර කිරීමේ මෙම උත්සාහයේදී රජවරුන්ගේ ස්මාරකද විනාශ කළ යුතු විය.අපූරු කතාවක් මට මතක් වෙයි.
කොමියුනිස්ට් ආණ්ඩුව සාර්ගේ මාලිගයක් විනාශ කිරීම භාර කලේ යෙල්ට්සින්ටය.මෙය විනාශ කල යුතුවුනේ එසේ නොකළානම් ජනතාව මෙය ශුද්ධ ස්ථනයක් ලෙස සළකා වන්දනාමාන කරනු ඇතැයි බියෙනි.කොමියුනිස්ට් වාදයටත් ජනතාවගේ මෙම පසුගාමී දේවල් මුලිනුපුටා දැමිය නොහැකි වී ඇති බව පෙනේ.
රාජාණ්ඩුවට එරෙහිව ප්‍රතිරෝධය දක්වූ ඊලඟ විශාල ජාතිය චීනයයි.සුන් යත් සෙන් ගේ ව්‍යාපාරය අවසන් වී ඔහු තතුරින් ඉවත්වූ පසු ඊලඟට බලයට පත් යුවන් ශිකායි තමන් චීන අධිරාජයා ලෙස ප්‍රකාශයට පත් කළේය.එහෙත් ඔහුට එය ස්ථාපිත කිරීමට කාලයක් නොවීය.චීනයේ කොමියුනිස්ට් වාදයද ශක්තිමත් වෙමින් පැවතුනි.
නැගෙනහිර යුරෝපයම සෝදා හැර පවිත්‍ර කිරීමට සෝවියට් සමාජවාදී රැල්ල සමත් විය.නවලෝකය ලෙස හැදින්වෙන ඇමරිකානු මහද්වීප දෙකෙහිද රජවරු නැත.බටහිර යුරෝපයේ හා ආසියාවේ නාමික රජවරු සිටිති.එහෙත් රාජ්‍ය පාලනයට සම්බන්ධවන රජවරු සිටින්නේ මැදපෙරදිග හා අප්‍රිකානු ගෝත්රවලය.
ලංකාවේ රජු වෙනුවට විදේශිකයන්ට දොර හැරියේ 1815 දීය.මට මතක් වන්නේ පැරණි රෝමයයි.පැරණි රෝමයේ ගර්විත ටාක්වින්ට එරෙහිව නැගී සිටි රෝමවරු ප්‍රකාශකළේ රජෙකුට එරෙහිව යක්ෂයාට වුව පුරයේ දොරටු හැරිය යුතු බවයි.ලංකාවේ රාජාණ්ඩුව ඉංග්‍රීසීන් මැදහත්වී අහෝසි කලේ අපේ වාසනාවටය.නැත්නම් රජෙක් කියා මිනිහෙක් කේක් ගෙඩියක් සේ වඩම්මන්නට අපට සිදුවෙයි.සියළු මිනිසුන් සමානය.වැද වැටීම් අයිති අතීතයටය.
රාජාණ්ඩු නිතරම අතීතකාමය,ජාතිවාදය හා ආගම්වාදය සමඟ සම්බන්ද වෙයි.මේ රජවරුන්ගේ සම්භවය කෙබදුද
මොවුහු අතීතයේ සිටි ගෝත්‍ර නායකයන්ය.මැරවරයන්ය.මුඩුක්කුවාසීන් ඔවුන්ගේ පාතාලයන්ට දක්වන සැළකිල්ල වැන්නක් අතීත අනාරක්ෂිත ගෝත්‍රික ජනයා ඔවුන්ගේ මැර නායකයන් (රජුන් ) ට දැක්වූහ.වර්තමාන රාජත්වය එහි දිගුවකි.
රජවරු හා ආගම අතර ඇත්තේ අපූරු සම්බන්ධයකි.ක්‍රි:පූ 800 දී ප්‍රංශ රජු ශුද්ධ රෝම අධිරාජයා ලෙස ඔටුණු පැළැදවුනි.ඉන් පසු යුරෝපයේ අන්ධකාර යුගය ඇරඹුනි.ආසියානු රටවලද රජු ආගමේ ආරක්ෂකයා ලෙස භූමිකාවක් රඟපායි.ඇත්තෙන්ම රජු යනු තම වහල් ජනයාගේ ශ්‍රමය මංකොල්ල කා එහි ක්‍රෙඩිට් එක ගත් නරුමයාය.ශ්‍රේෂ්ට රජවරු ලෙස අප ඉගෙන ගන්නා අය ඉතා නරුමයෝය.පළමුවැනි පරාක්‍රමබාහු ශ්‍රේෂ්ටයෙක් ලෙස කියැවේ.එහෙත් ඔහුගෙන් පසු බලයට පත් නිශ්ශංක මල්ලගේ සේවාවන් ලෙස අප ඉගෙන ගන්නේ පරාක්‍රමබාහු විසින් බන්ධනාගාර ගත කළ විශාල සෙනගක් නිදහස් කිරීමත් බදු බර අඩුකිරීමත්ය.පරාක්‍රමබාහු තමන්ට එරෙහිවෙතැයි සකකළ සියළු දෙනා මරා දැමූ නිසා රාජත්වයට උරුමකරුවෙකු සොයාගැනීමටද අපහසු විය.මේ එක් උදාහරණයක් පමනි.
සියළු දෙනාගේ මහන්සියේ ප්‍රතිපල එක මිනිහෙකුට දෙන්නේ ඇයිද යන්න කල්ප්නාකර බැලිය යුතුය.මෙම වැඩවසම් ෆොසිලය අහෝසි වනතුරු මිනිස් වර්ගයාට තන දියුණු ජීවියෙක්යැයි කිව නොහැක.