පසුගිය දිනවල බ්ලොග් අවකාශයේ කතාබහට ලක්වුන ප්‍රධාන සිදුවීම් කිහිපයක් අතරින් මුලින්ම මරදාන ප්‍රදේශයේ කාන්තාවකට සවුදි අරාබියේදී ගල් ගැසීමට නියම වීම ගැන මුලින්ම කතා කරන්නට සිතමි.
මුලින්ම සවුදි අරාබිය වැනි තවම 15 වැනි සියවසේ ජීවත්වන මිනිසුන්ගෙන් පිරි ම්ලේච්ඡ රටකට කාන්තාවන් වහල් සේවයට යැවීම ගැන අප ලැජ්ජා විය යුතුය. වහල් සේවයට නොව වෙන කිසිම හේතුවක් නිසා පය නොතැඹිය යුතු භූමියකි සවුදි අරාබිය. එපමනක්ද නොවේ සවුදියේ සුලගවත් වැදීම නොමනාය.
ඕමාන්, කුවේට්,බහරේන් ,වැනි අරාබි රටවල් ද ඕනෑ තරම් තිබියදී ගෑනුන්ද යන්න පොරකන්නෙ සවුදියටයි. මෙය මටප්රශ්නයකි.
මේ සිදුවීමේ අපූරු පැති කිහිපයක් නිරීක්ෂනය කළ හැක. එනම් මීට පෙර රිසානාට මරන දඩුවම නියම වූ ආව්ස්ථාවේ තිබූ විරෝධය මෙහි නොවීමයි. රිසානා අහිංසක නිසාද ඇය බාලවයස්කාරියක් නිසාද හැමෝම දුක් වුනා විය හැක. රිසානා ගැන දුක් වුනේ සිංහලයන්ය. මුස්ලිම්වරු එහිදී දෙකට දෙවාරෙ ප්‍රතිපත්තියක් අනුගමනය කළහ. ඔවුන්ට සවු අරාබිය සිය ස්වාමි රාජ්‍ය ලෙස වැදගත්ය. එසේම මෙවැනි ම්ලේච්ඡ දඩුවම් ගැනද ඔවුහු වැඩි දෙනෙක් මනාපය.ඒවා පොතේ හැටියට වෙන දේය.
මෙම කාන්තාවගේ ජාතිකත්වය මම නොදන්නා නමුත් තම ජාතියේ රිසානාට අනුකම්පාවක් නොදැක්වූ මුස්ලිම්වරු වෙනත් ජාතියක කෙනෙකුට අනුකම්පාවක් දක්වතියි සිතිය නොහැක. සිංහලයන්ද මෙම සිදුවීම ගැන අද්භූත නිහැඩියාවක සිටිති. බුකියේ හා බ්ලොග් වල කදුළු පෙරන පොෂ් මානවහිතවාදීන්ද මෙහිදී නිශ්ශබ්ද නිසා මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ සුලු ජාතිකයෙක් විය නොහැක. සුළු ජාතිකයෙක් නම් ලස්සන කවි කෙටිකතා දැකිය හැකිවනු ඇත.
යට ගිය දවසේ
කොටි ගමට කඩාපැන
දුප්පත් පොඩි උන්
පෙති ගහපු දිනේ
සියක් තර්ක ගෙන
එය හරිය කියන්නට
පොෂ් බලු බැල්ලියො
සයිබර් සබයට ආපු සැටී
මහ කොටියගෙ පුතු
මළබව සැලවී
බුකියේ බ්ලොගියේ
විලාප දුක් ගී ලියා තිබේ
බොරු පොෂ් රැල්ලේ
නුඹට හඩන්නට
ගමෙක් කෙනෙක් නැත රටෙක් කෙනෙක් නැත
බාල නගේ
මීට කලකට පෙර එක්තරා මුස්ලිවරයෙක් බසයක මා සමග කළ කතාබහක් සදහන් කරමි. ඔහු ලංකාවෙ නීති විවේචනය කළේය. සවුදියෙ දඩුවම් ගැන කතා කළේ ආහ්ලාදයෙනි. සොරෙකුගෙ අත කපන අවස්ථාවක් විස්තර කළ ඔහු අත කැපූ තැනැත්තාගේ වේදනාව වර්නනා කළේය.එසේම අත කැපූ තැනැත්තාගේ අත තාරවල ගල්වනවාලු (ඇත්තද නොදනිමි ) අත කැපූ පසු දුවන්නට හදන මිනිසා පසුපස මිනිසුන් සෙරෙප්පු අතට ගෙන එලවති. ආගමික පාඨයක් කියමින් අතක් කපන ම්ලේච්ඡ වීඩියෝවක් මමද දැක ඇත. මේ අත් කැපීම වැනි දඩුවම් නුසුදුසු වන්නේ වැරදි කිරීමට විවිධ හේතු ඇති බැවිනි. උදාහරනයකට kleptomania රෝගීහු සොරකම් කරති.හොදින් මුදල් හදල් ඇති අයෙක් නිතර සොරකම් කරනු දුටු ශිෂ්ට බටහිර මිනිසා ඒ ගැන පර්යේශන කර kleptomania සොයාගත්තේය. අරාබිකාරයා ගේ විසදුම අත් කැපීම,බෙලි කැපීම හා ගල් ගැසීමයි.
මුස්ලිම්වරයා මෙය දකින්නේ වෙනත් ඇසකිනි .අපට මේවා පිළිකුල් හා ම්ලේච්ඡ වුවද ඔහුට එය ශුද්ධය. දේවා වාක්‍යවල සදහන් දඩුවම්ය. එහෙත් දෙවියන්ටද මෙම දඩුවම් ක්‍රම ලැබී ඇත්තේ පුරාන මැදපෙරදිග ශිෂ්ටාචාරවලිනි. පොල් කෝම්බයක් දිය පහරක ගලා එන්නාක් මෙන් අතීත අරාබි ම්ලේච්ඡත්යව ඉස්ලාමය තුලින් පැමින අදටද ජීවමාන වී ඇත. මහම්ම්ද තුමා බොහෝ අරාබි ම්ලේච්ඡ දේවල් ඉවත් කළේය. ඔහු මෙම දඩුවම්ද ඉවත් කළා නම් ඉස්ලාමය කොච්චරලස්සන ආගමක්ද. මේවා ඉස්ලාමයේ වැරදි නොව ඉස්ලාමයේ අරාබි උරුමය ගැන ප්රශ්නයකි. ලෝකය මැවූ දෙවියෙක් ඇත්තටම සිටීනම් ඔහු තම පනිවිඩය එවීමට මෙවැනි ම්ලේච්ඡ පසුගාමී එඩේර කූඩාරම්වාසී අසංස්කෘතික ගෝත්‍රයක් තෝරා ගනීවිද?
ඉස්ලාමය නිසා අරාබි ම්ලේච්ඡත්වය ලොව පුරාම පැතිරී ඊට යම් ශුද්ධ කමක්ද ලැබී ඇත. ම්ලේච්ඡත්වයට වැදගත්කමක් ශුද්ධකමක් ලැබීම කනගාටුවකි.ගඩාෆි බලයට ආ පසු මෙම ම්ලේච්ඡ දඩුවම් නීතිගත කළේය. දිනක් ගඩාෆි පාරේ යනවිට අත පය නැති හිගන්නන් හැමතැනම දිටීය. ඒ ගැන ඇසූ විට අනෙක් අය කීවේ ශාරියා නීතියේ ආනුභාවය නිසා එය සිදුවී ඇති බවය.
මැදපෙරදිග රැකියාවලට යන කාන්තාවන් වැඩි දෙනෙකුට ලිංගික අතවර සිදුවීම සාමාන්‍ය දෙයකි. එසේම සමහරුන්ට මැදපෙරදිග ඇබ්බැහි වෙයි. ලංකාවට ආවත් වැඩිදවසක් මෙහි ඉන්න සිත දෙන්නෙ නැත. සමහරු කිරි දරුවන් පවා අත හැර මැද පෙරදිග යති.ඒවාට හොඳ හේතු තිබිය හැක.සැමියා සහ දරුවන් අත හැර දික්කසාද වී මැදපෙරදිග යන අය ගේ ලිංගික හා ආර්ථික ජීවිතය මැද පෙරදිග හා බැදී ඇත.එසේම පහල සමාජ ආර්ථික පසුබිමෙන් එන කාන්තාවන්ට මැද පෙරදිග නිදහස් භූමියකි.ලංකාවේ සංස්කෘතික බන්ධන කිසිවක්ම නැත. එහෙත් තමන් නිදහස බුක්ති විදින්නේ ඉතා දරුණු ම්ලේච්ඡ රටක බව ඔවුන් සිතන්නේ නැත.
සවුදියේ නීතිය හැමෝටම සමානද නැත. ඔවුහු බටහිර ජාතිකයන්ටද පස් වේලක් නමැදුම් කරති.සුද්දෙක් වරදක් කලොත් දෙවියන්ගෙ නීති පස්ස පැත්තේය. මට කතාවක් මතක් වෙයි.
අපේ ගමේ ගමේ යමක් කමක තිබෙන තරුනයෙකු එක් දුප්පත් පවුලක ගැහැනියක් ලිංගික අවශ්‍යතා සදහා පාවිච්චි කළේය.ඔහු එම පවුලේ ප්‍රධානම ආදායම් මාර්ගයයි. ඔහු නිවසට එන විට දෙයියො වැඩිය මෙනි. මේ පවුලේ සැමියා මහත් භක්තියෙන් දෙවියන් අදහන කෙනෙකි.පොඩියට දේවාලයක්ද කලේය.
දිනක් ඔහුගේ පියා නිවසට ආ විට ඒ දෙසවත් නොබලා දෙවියන් ට කන්නලවු කරමින් සිටියේය. අර කපුවා හැරිලවත් බැලුවේ නැත. එවිටම ....... මහත්තයාද ආවේය.කන්නලවු නවත්වා .......මහත්තයාට සත්කාර කරන්නට විය. ඔහුගේ පියා ඒ ගැන පසුව විමසූ විට දුන්නෙ අපූරු උත්තරයකි.
.........මහත්තයා දෙයියන්ටත් වඩා වටිනවා කියාය.
මෙසේ සවුදිය බටහිර ජාතිකයන්ට බැතියෙන් නමදුම් කරන නිසා ඔවුන් කරන වැරදි වලට ශාරියා හෝ වෙන මල ඉලවු නීතිවලින් දඩුවම් නොලැබේ.
මේ සියලු නීති ආසියානු රටවලින් එන ගෘහ සේවිකාවන් රියදුරන් වැනි අයටය. නීතිය කාටත් සමාන නම් ඒත් කමක් නෑ කියමු. එහෙමත් නැති එක මෙහි තවත් වරදකි.
නීතිය සවුදිය හැර වෙන රටක සාධාරන බව මිනි අදහස් නොවේ. වෙන අය දේවාලෙ ෆෝන් හඩ නංවූවාට ඈනුම් වැනි ජෛව ක්‍රියා කරන එක වැරදිවුනත් එය කපුවන්ට තහනම් නැත. ඒ අවස්ථාවක කපුවන් දේවාලෙ පුටු පොලවෙ ගැසීය. එය දේවාලෙට කරන ලොකුම අවමානයකි. එහෙත් කිසිවක්ම සිදුනොවීය.
ගෘහ සේවිකාවන් දාඩිය කඳුලු වගුරා තහනම් ගස් වල ගෙඩිද කා (ජීවිතය පරදුවට තබා කිම්බට සැප දීම ඒකත් නරක නැත ) සොයන මුදල් බෙදා ගැනීමට අපට රන්ඩු කරන්නට සිදුවේ. කිඹිමානවත් ජාතියක් වන අප රතු කමිස ඇද මේ අසරනියන් ගෙන එන විදේශ විනිමය බෙදා ගන්නට රන්ඩු කරමු. අපට වැඩට යන්නට කාර්පර්මිට් අවශ්‍යය.
දැන් අප දේශීය රැකියා ගැන කතා කරමු. මෙරට වැස්සෝ රාජ්‍ය හා පෞද්ගලික අංශවල රැකියා කරති.රජයේ සේවය ගැන සමාජයේ කිසියම් තක්සේරුවක් ඇත. රජයේ සේවය අකාර්යක්ෂ්මය ,රජයේ සේවකයා වැඩනොකරයි වැනි ඍනාත්මක ආකල්ප සමාජයේ ඇත.මේවා නිකම්ම ඇති වූ ඒවා නොවේ. රජයේ සේවකයන් වැඩක් කරන්නෙ එය නිතරම ඇවිටිලි කිරීම් වලින් පසුව බව මම නිරීක්ෂනය කර ඇති දෙයකි. හිතල යමක් කරනවාට වඩා වැඩය අවශ්‍ය කෙනා දහස් වරකංකෙදිරි ගෑ පසු වැඩකරයි.
රාජ්‍ය සේවයේද ප්‍රභේද ඇත. වැටුප හා දීමනා පමනක් ලබන පිරිස් සහ වරප්‍රසාද ලාභීන් ලෙස දෙවර්ගයකි. පරීක්ෂක යයි අගට පදවි නාමය තිබෙන ෆීල්ඩ් එකේ යන රජයේ සේවකයන්ට මුදල් යහමින් ලැබේ. එසේම ව්‍යාපාරිකයන් සමග ගනුදෙනු කරන රජයේ සේවකයන්ටද සන්තෝසම් ලැබේ. මෙසේ යම් යම් දේ ලබා ගැනීම වැරදියි. මන්ද රජයේ සේවකයා කරන්නේ රාජකාරියකි. එයට හිමි වැටුප් හා දීමනායි. මෙවැනි වැරදි දේවල් වැළැක්විය යුතුය.
දොස්තරලාද රජයේ සේවකයෝය. දොස්තරකමට සමාජයෙන් විකාරරූපී තත්වයක් ආරෝපනය කර ඇත. මේ නිසා දොස්තරලා සමාජයේ බමුණු කුලයක් වී ඇත. එසේනම් බමුණන්ට හිමි වරදාන දිය යුතුය. මෙහිදී දොස්තරලා වැරදි නැත. වැරදි සමාජයයි. මුලින්ම මේ බමුණු කම ඉවත් කළ යුතුය. ඊට ඉඩ නොදෙන්නේ එකයි. ඔවුහු වෛද්‍ය ශාස්ත්‍රය ගුප්ත විද්‍යාවකට පෙලාගෙන ඇත. වෙන මොකෙකුටවත් ඒක හදාරන්නට නොදෙයි. මෙඩිකල් ෆැකල්ටි තේරිලා නියමානුකූලව පූන නූල දාල බමුණු සමාජයට ඇතුල් නොවන කිසිවෙකුට දැනුම ලබා ගැනීමි අවස්ථා වළක්වයි.
රජයේ සේවය ගැන තිබෙන ලොකුම චෝදනාවක් නම් පිරිස වැඩි බවයි. ලක්ෂ 14 ක් රජයේ සේවකයන් සිටින බව කියවේ. මිනි සැළකිය යුතු පිරිසක් ආරක්ෂක අංශ වල අයයි. රජයේ සේවය ප්‍රතිසංවිධානය කිරීම සදහා ඉදිරිපත් වන යෝජනාවක් නම් එය හැකිලීමයි. මෙය කරන්නෙ කෙසේද . ප්රශ්නයකි.ඉතිරි පිරිසට වරප්‍රසාද දීම තවත් යෝජනාවකි. මෙහි සැබෑ අරමුන හකුලන ලද රජයේ සේවය බමුණු කුලයක් කිරීමය. ලක්ෂ 14 ක් වන රජයේ සේවය ලක්ෂ 4 ට 5 ට අඩු කර ඒ අයට වරප්‍රසාද දීම තුලින් රජයේ සේවයට එන්නට පොරකන අයට අසාධාරනයක් සිදුවේ. එසේ නම් කළ යුත්තේ රජයේ සේවයේ ආකර්ශනය අඩුකිරීමය.
මෙසේ කියන විට මම වටරැක විජිත කෙනෙක් වෙයි. එහෙත් හැකිතාක් අගතිවිරහිතව කතා කිරීමට මම පුරුදු වෙමි. රජයේ සේවය ලාභ ලබන තත්වයට ගෙන ඒමට බැරිය. මන්ද එය සේවයක් බැවිනි. එසේම ආරක්ෂක ,සුබසාදන හා සේවා සහිත රාජ්‍ය යාන්ත්‍රනය මෙහෙයවන්නේ රජයේ සේවකයා විසිනි. ඒ නිසා පෞද්ගලික අංශයේ මෙන් ලාභ ලබා බෝනස් මත යැපෙන මානසිකත්වයක් රජයේ සේවකයාට ඇති කළ නොහැක.
රජයේ සේවකයාට කරන තවත් ජනප්‍රිය චෝදනාවක් නම් බදු මුදලින් පඩි කනවා යන්නය. රජයේ සේවකයාද වැඩකරයි. ඔහු/ඇය වැටුප් ලබන්නෙ කරන වැඩවලටය. ඒ නිසා රජයේ සේවකයා කාටවත් ණය නැත.රජයේ සේවකයාගේ ස්වාමියා රජයයි. රජයේ සේවකයා රජය නම් හාම්පුතාට වැඩකර වැටුප් ලබයි. වෙන දෙයක් නැත. රජය සුබසාධන ආයතනයක් ලෙසද ක්‍රියා කරයි. සුබසාධන වැඩ , ආරක්ෂක කාර්යයන්, වැනි දේ රජය කරයි. රජය ලාභ ලබන සමාගමක් නොවේ. මේ නිසා රජයේ සේවකයාටද පෞද්ගලික අංශයේ සේවකයාගේ මානසිකත්වය ආරෝපනය කළ නොහැක. රජයේ සේවකයා දෙස පෞද්ගලික අංශයේ සේවකයන් දෙස බලන ලෙස බලන්නට සමාජයද පුරුදු නොවිය යුතුය.
රජයේ සේවකයාගේ වැරදි ඇත්තටම ඔහුගේ වැරදි නොව ක්රමයේ වැරදිය.මෙය කළැ යුත්තෙ පෞද්ගලික අංශයේ ආකර්ශනය වැඩි කිරීමෙනි. අවිධිමත්ව රජයේ සේවයට බදවාගැනීම් නොකිරීමෙනි.
ක්‍රමය වෙනස් කළ යුතුය. රජයේ සේවයේ ඇති සේවා ක්‍රමය අදට නොගලපෙන අසාධාරන එකක් බව මගේ හැඟීමයි. ආකල්ප වර්ධනය හා නව දැනුම ලබා දීමද කළ යුතුය. තාක්ෂනය නිසා රජයේ කාර්යාලවල වැඩ දෙකක් වී ඇත. තාක්ෂනයෙන් කරන දේ සැක නිසා මැනුවල් ද කරන්නට වීම ඊට හේතුවක්. රාජ්‍ය ආයතන ජාලගත කළ යුතුය. මෙලෝ සම්මජ්ජාතියට කෝල් එකකට ආන්සර් නොකරන රාජ්‍ය සේවය ජාලගත කිරීමට කරන යෝජනා එක අතකට විහිළුවකි.
පෞද්ගලික අංශය ගැනද සමාජයේ ඇත්තේ දුර් මතය.
අභියෝගය රජයේ සේවයට තිබෙන ආකර්ශනය අඩු කරන්නෙ කෙසේද කියන එකය.එය කරන්නෙ පෞද්ගලික අංශයෙ ආකර්ශනය වැඩි කිරීමෙනි. මෙහිදී පෞද්ගලික අංශයද වරප්‍රසාද ලබන හා නොලබන ලෙස දෙවර්ගයකි. විධායක මට්ටමේ පෞද්ගලික අංශයේ අයට හොඳ වැටුප් ලැබේ. බොහෝ විට පෞද්ගලික අංශය කී විට අපට චිත්ත රූපයක් මැවෙන්නේ ටයි පටිදාගෙන සීත කාම්රයක සිටින කෙනෙකි. එහෙත් කම්හල්වල දරුණු ශ්‍රම සූරාකෑමකට ලක්වන අතිමහත් බහුතරය පෞද්ගලික අංශයයි.කිසිම අයිතියක් නැතිව සොච්ච්ම් පඩියකට කඩවල වැඩකරන අයද පෞද්ගලික අංශයයි. කඩවල ලැබෙන්නෙ රු 10,000 ක් 12,000 ක් වැනි වැටුපකි. නිවාඩු හෝ වෙනත් පහසුකම් නැත. ඒවා දෙන්නටද බැරිය. එය ගැටළුවකි. පෞද්ගලික අංශය ශක්තිමත් කළ යුතු අතර පද්ගලික සේවකයා ගේ සුබ සාධනය කෙරෙහි දැඩි සැළකිල්ලක් අවශ්‍යය. කම්කරු නීති දැඩිව ක්‍රියාත්මක කල යුතුය. එහෙත් හාම්පුතුන් සමග ගැටෙන පෞද්ගලික සේවකයාගේ ඉරනම අප දනිමු.
පෞද්ගලික අංශයේ පහල සේවකයන් ඕනෑම මොහොතක සේවයෙන් ඉවත් කළ හැක. ඕනෑම රාජකාරියක් පැවරිය හැක. තනතුරෙන් පහල දැමිය හැක. පෞද්ගලික අංශය යනු එක්තරා වහල් සේවයකි. නෙහෝෂියේට් කළ හැකි සේවාදායකයන්ට මෙය අදාල නැත. ලාභ වැඩිකිරීමට මෙරටට සිංගප්පූරු ම්ලේච්ඡත්වය ආදේශ කළ යුතු බවටද යෝජනා ඇත.
මෙයද මගෙ අත්දැකීමකි. රැකියාව අහිමිවී පිහිට ට ඇති ආයතනයක් සොයා යන කාන්තාවක් මට හමුවිය. ඇයට රැකියා ස්ථානයට සිකියුරිටි එකෙන් ඇතුලට යන්න දෙන්නෙ නැතිලු දුක කියන්නට. සැමියා පිළිකා රෝගයෙන් පෙළෙන ඇදට වැටුන කෙනෙකි. උසස් පෙලකරන දරුවන් ඇත. පිහිට ලබෙන ආයතනයට ගිය පසු ඊලඟට වෙන දේ මම දනිමි. මෙහෙම කෙනෙක් ආව මොකද සර් වෙන්න ඕන කියා ආයතනයට කෝල් එකක් එයි. එවිට මුදල් බහාලූ ලියුම් කවරය සූදානම් කෙරේ. හාම්පුතා ජයගනී. මේවා කර්මය කියා සිත හදා ගැනීම අපට ඇති විකල්පයයි. කරුනු මෙසේ තිබියදී සිංගප්පූරු ම්ලේච්ඡත්වය ආදේශ කරන්නට යෝජනා කරන අය ගැන නම් ඇති වන්නේ අප්රසාදයකි.
පෞද්ගලික අංශය ආකර්ශනීය කිරීමට නම් මෙවැනි ගැටලුවලට විසදුම් අවශ්‍යය. පෞද්ගලික අංශය යනු අර්ධ වහල් සේවයකි. විධායක අයට මෙය අදාල නැත. එහෙත් සිය ශ්‍රමය ගැන නෙගෝෂියේට් කළ නොහැකි අයට නම් වහල් සේවයකි. පෞදග්ලික අංශයේ සාපේක්ෂ වැඩි වැටුප් දමා රජයේ සේවයට එන්නෙ ඒ නිසාය. සිංගප්පූරු ම්ලේච්ඡත්වය තුලින් ලාභ වැඩි කිරීමේ තේරුමක් නැත.
පෞද්ගලික අංශයේ සේවකයාගේ රැකියා සුරක්ෂිතතාවය ඇතිකිරීම සහ කිසියම් විශ්‍රාම වැටුපක් ලබා දීම මගින් රජයේ සේවයට ඇති පොරකෑම අඩුකළ හැක.රජයේ රැකියා බලාගෙන පෝස්ටර් ගහන තරුන පරම්පරාව ඉන් ඉවත් කලැ හැක්කේ එසේය. එසේම රජයේ හෝ පෞද්ගලික අංශයට සිංගප්පූරු ම්ලේච්ඡත්වය ආදේශ කිරීමට නම් තුන් හිතකින්වත් නොසිතිය යුතුය.
රජයේ රැකියාවකට ,පෞද්ගලික අංශයේ රැකියාවකට යාමට බැරි අය ඊලඟට යන්නෙ සෞදි අරාබි ම්ලේච්ඡත්වය සොයාගෙනය. මෙය අනෙක් ගැටළුවයි.
කළ යුත්තේ වරප්‍රසාද දීම නොවේ සුරක්ෂිතතාවය ඇතිකිරීමය. පෙන්ශන් එක වරප්‍රසාදයක් නොව සුරක්ෂිත තාවයකී.පෙන්ෂන් එක සුරක්ෂිතතාවයකි. එය පෞද්ගලික අංශයටද අවශ්‍යය. පර්මිට් එක වරප්රසාදයකි. එය වරප්‍රසාදයක් වී ඇත්තේ අසාධාරන බදු නිසාය. මේ බදු මුදල අඩුකර පර්මිට් වාහනයක හා නොවන එකක මිල පරතරය අඩුකළ යුතුය.
වරප්‍රසාද වලට සමාජය හුරු නොකළ යුතුය.සුරක්ෂිතතාවයට හුරු කළ යුතුය. සුබසාධනයට හුරු කළ යුතුය.දැනුම සම්බන්ධ බලයක් නැති සිය ශ්‍රමය කේවෙල් කළ නොහැකි මිනිසුන් අප සමාජයේ සැබෑ පීඩිතයන්ය. මේ මිනිසුන් බලගැන්වීම අද තිබෙන අභියෝගයයි. වෙන එකෙකුට දැනුම ලබාගැනීමට ඉඩ නොදෙන කඩප්පුලි බමුනන්ට නම් සියල්ලෝම එරෙහි විය යුතුය. ඔවුන් සිය සූරාකෑම හා අමානුශික ජීවන රවාට ගෙන යන්නේ දැනුම මෙසේ සීමා කිරීම මත බැවිනි. බෙදා හදාගෙන කෑමේ පුරුදු ඇති කල යුතුය. බමුනන්ට දෙන පර්මිට් එකට එරෙහි වන අතර පොහොර සහනාධාරයට , පාසල් නිළ ඇදුම් වලට පක්ෂ විය යුතුය." මේ රට ගොඩ ගන්න බැරි රජයෙ සේවකය නිකම් ඉන්න නිසා උගෙ පෙන්ශන් කපන්න ඕන පෝර සහනාධාරෙ කපන්න ඕන කිසිම දෙයක් නිකම් දෙන්න හොද නෑ සිංගප්පූරු ම්ලේච්ඡත්වය අපට ඕන වැනි කියමන් " වලට එරෙහි විය යුතුය.
බෙදා හදාගෙන කෑමේ සුබසාධන වැඩතවදුරටත් ප්‍රවර්ධනය කර සවුදි ම්ලේච්ඡත්වය සොයායන කාන්තාවන් ඉන් මුදා ගනිමු..