මැතිවරණ විචාරයක් කරන පළමු අවස්ථාවයි.මීට පෙර පැවති මැතිවරණ වලදීද විවිධ අදහස් හිතට ආවද කියා ගන්න ක්‍රමයක් නොවීය. එහෙත් තාක්ෂණයට පින්සිදුවන්නට දැන් ඒවා තවදුරටත් සිතිවිලිම නොවේ.
සාමාන්‍යයෙන් ඕනෑම මැතිවරණයකදී පරාජිතයන් කියන්නේ රටේ වැඩියෙන් ඉන්නෙ හරක් කියාය.ජයග්‍රාහකයන් කියන්නේ බුද්ධිමත් ජනතාව චන්දය පාවිච්චි කර ඇති බවයි. එහෙත් මේ කතා දෙකම සත්‍ය නොවේ.
කෙසේ වතුදු මෙම මැතිවරණය සුවිශේෂී මැතිවරණයකි. ඊට හේතුව රටේ උගත් බුද්ධිමත් ජනතාවක් වෙසෙන පළාත් දෙකෙහි පැවති මැතිවරණයක් වීමයි.විශේෂයෙන් බස්නාහිර පළාතේ උගත් මධ්‍යම පන්තියක් වෙයි.ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කය යනු විශාල සුළුජාතික චන්ද පදනමක් සහිතය එසේම නාගරික චන්දදායකයන් වෙසෙන ප්රදේශයකි.වෙනස්වීම් වලට මුලින්ම සංවේදී නාගරික චන්දදායකයන්ය.
2009 සිටම විපක්ෂය බින්දුවට බස්සමින් ජය පිට ජය ලබමින් ඉදිරියට ආ ආණ්ඩුව යම් පසුබෑමකට ලක් වූ නිසා මේ මැතිවරණය අධ්‍යනය කිරීම වැදගත්ය. එසේම අපට කිසිම දේශපාලන පක්ෂපාතීකමක්ද කිසිවෙකු කෙරෙහි නැති නිසා එය වඩාත් පහසු වෙයි.කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිඵල සුවිශේෂී වන්නේ එහිදී ආණ්ඩුවට වඩා විපක්ෂයට ඡන්ද වැටී තිබීම නිසාය. 17 වසරක් පැවති එජාප ආණ්ඩුව ගෙදර යැවීමේ පළමු වෙඩිමුරය තැබුවේද කොළඹ ජනතාව බව මෙහිදී කිව යුතුය. ඒ 1993 පළාත් සභා මැතිවරණයේදීය.එම චන්දයේද කොළඹ එක්සත් ජාතික පක්ෂය තනිව ගත් ආසනවලට වඩා විපක්ෂයේ අනෙක් පක්ෂ ගෙන ඇත. වයඹ හා දකුණේ වැට උඩ ආණ්ඩු පිහිටුවන ලදී. මෙහිදීද ලැබුනේ එවැනි සඥාවක්ද?
මෙම ඡන්දයේ තවත් වැදගත්කමක් නම් මෙතෙක් කල් අනභිභවනීය යැයි සිතා සිටි ආණ්ඩුව මැතිවරණයකදී පරාජය කළ හැකිය යන මතය විපක්ෂ ඡන්දදායකයා තුල ඇතිවී තිබේ.මෙවැනි තත්වයක් ඇතිවීමට හේතු මොනවාදැයි බලමු.එජාපය කොළඹැ දිස්ත්‍රික්කයේ ජයගෙන ඇති සියළු ආසන විශාල සුළුජන පදනාමක් සහිත ආසන වේ.රත්මලාන හා දෙහිවල පවා සුළුජන ඡන්ද පදනම ඉහල ගොස් ඇත. මෙය එක් එළඹුමකි.
එසේම ආර්ථික දුෂ්කරතා වැඩියෙන්ම දැනෙන්නේ නාගරිකයන්ටය. එජාපය ජයගෙන ඇති සියළු ආසන නාගරික ආසන වේ.ගාල්ල පවා සුළුජන ඡන්ද පදනමක් සහිත නාගරිකයකි. එහෙත් මෙය එකම එළඹුම ලෙස ගැනීමට අප අකමැත්තෙමු.
නාගරික ප්‍රදේශවල ජනතාව අන්තර්ජාලය භාවිතයද ඉහල නිසා දූෂණ වංචා නාස්තිකාරකම් හා වෙනත් දුෂ්ටකම් ගැන ගැමියන්ට වඩා දැනුවත් බවකින් සිටිති.සියළුම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය නිර්වින්දනයට ලක් වී ඇති නිසා අන්තර්ජාලය පරිහරණය නොකරන අය ළිදේ සිටින මැඩියන් සේය. නමුත් ගම් මට්ටමේ හොරාකෑම් සිදුවෙන බව ගැමියෝද දනිති.ඉන් එහා දේවල් ගැන කටකතාද යයි.එහෙත් නාගරික සයිබර් ජනතාව මෙන් නොවේ
මෙම මැතිවරණයේ එක් සුවිශේෂී ප්‍රතිඵලයක් නම් මාතර ඡන්ද බලප්‍රදේශයේ ඡන්ද ප්රතිඵලයයි. එය කොළඹ සමස්ත ප්‍රතිඵලයට සමාන විය. ඊට හේතුව මාතර දුරාව කුලයේ ජනතාව බහුල වීමත් දුරාව කුලයේ පුද්ගලයෙකු එජාපයේ ඉදිරිපෙළ ප්‍රහාරකයෙකු වීමත්ය.කුල සාධකය මැතිවරණවල ඉතා ප්රමුඛ සාධකයකි.
මෙම මැතිවරණයේදී කෙනෙකු පුදුමයට පත් කරවන ඡන්ද ප්‍රතිඵලයක් නම් හම්බන්තොට ප්රතිඵලයයි. බැලූ බැල්මට යමක් කීමට ඉක්මන් විය යුතු නොවන්නේ හම්බන්තොට යනු සුවිශේෂී දේශපාලන කලාපයක් නිසයි.2001 මැතිවරණයේ හම්බන්තොට ප්‍රතිපලයට අනුව හම්බන්තොට ආසන හතරම එජාපය ජයගෙන තිබිණි.එහෙත් හම්බන්තොට යූඇන්පී දිස්ත්‍රික්කයක් නොවේ.එසේනම් යූ ඇන් පී දිනන්නේ කෙසේදැයි බලමු. හේතුව පොදු පෙරමුණ හා ජවිපෙ වෙනම ඉල්ලීමයි. ඇත්තෙන්ම හම්බන්තොට යනු විශාල ජවිපෙ ඡන්දදායක පිරිසක් සිටින ප්රදේශයකි. තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව පවා ජය ගැනීමට ජවිපෙ සමත් විය.එසේම මහා සංහාරයෙන් පසු 1994 දී ජවිපෙට මන්ත්‍රී ආසනයක් දිනා ගත හැකිවුනේද හම්බන්තොටිනි.
2005 න් පසු හම්බන්තොට විශාල සංවර්ධන වැඩ රාශියක් කරන ලදී. රජයේ සංවර්ධනයේ කේන්ද්‍රස්ථානයද හම්බන්තොටයි. මීට පෙර 2009 දී ඌව පළාතේ දිස්ත්‍රික්කවල ප්‍රතිඵලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රතිඵලත් විමසන විට ඌවේ දිස්ත්‍රික්කවල රජය 80% පන්නා දිනන විට හම්බන්තොට ජයගත් ප්‍රතිශතය ඊට බෙහෙවින් අඩු විය.
මෙම මැතිවරණයේදී හම්බන්තොට දී ආණ්ඩුව ලබා ගත් ඡන්ද ප්‍රතිශත සැළැකිය යුතු ලෙස අඩුවී ඇත. එයට හේතුව ජවිපෙ පිබිදීමයි එසේම දකුණු පළාතේ සියළුම ප්‍රදේශවල ජවිපෙ පිබිදීමක් දක්නට ඇත. ෆොන්සේකාගේ පක්ෂය බස්නාහිර දී ජවිපෙ ඉක්මවා තෙවන ස්ථානයට පත් වී ඇත.
එසේම අනාකලී හා නදීශා අන්ත පරාජයට පත්වීම තවත් අපූරු සංසිද්ධියකි. එහෙත් ගාල්ලේදී ගීතා ජයගෙන ඇත.ගම්මන්පිළ පරදවා හිරුනිකා කොළඹින් අංක එකට පැමිණීමද විශේෂ දෙයකි.
දේශපාලන පක්ෂ ආගම් ලෙස අදහන කිසියම් ප්‍රතිශතයක් තමන්ගේ ලේ කොල පාට හෝ නිල්පාට යැයි සිතති.එහෙත් මේ පිරිස එන්න එන්නම අඩුවෙමින් යයි.ආණ්ඩුව ලබන ඡන්ද හුදෙක් ශ්‍රීලනිපයේ ශක්තියක් ලෙස සැළැකිය යුතු නැත. යූ ඇන්පී කාලෙ එජාපය තනි පක්ෂයක් ලෙස ඡන්ද ගත්තේද මේ ලෙසමය.
සමහර අය කියන්නේ 2009 දී යුධ උනුසුම නිසා ගත් ඡන්ද ප්‍රතිශත මෙවර අඩුවූ බවයි.එහෙත් 2013 වයඹ මධ්‍යම පළාත් සභා වල ආණ්ඩුව ලබා ගත් ඡන්ද ප්‍රතිශත 2009 දී ඒ දෙපළාතේදී ගත් ප්‍රතිශතවලට වඩා වැඩිය.එසේම ජිනීවා කරුණු මැතිවරණ ප්‍රතිපලයට බලපා නැත.
මෙම ඡන්දයේදී ජවිපෙ හා ප්රජාතන්ත්රවාදී පක්ෂය හරහා අළුත් මුහුණු රැසක් මතුවී ඇත.මේ අය ආන්ඩුවට ගියත් මේ අයට තමන්ගේම කියා ජනබලයක් නැති නිසා ලොකු වෙනසක් සිදු නොවේ. ප්රජාතන්ත්රවාදී පක්ෂය ෆොන්සේකා මත පදනම් වන අතර ජවිපෙ න්‍යාත්මක දේශපාලනයක් කරන්නකි.එහිදීද පුද්ගලයා වැදගත් නැත.නමුත් පුද්ගල එහා මෙහා වීම් වලදී මොරාල් ඩවුන් වීම නම් සිදුවේ.
මේ මැතිවරණයේදී තරුණ ඡන්ද ගිනිසිළුවට හෝ ජවිපෙට ලැබී ඇත. ඇත්තෙනම් අද පාවෙන ඡන්ද වැඩිය.මෙම පක්ෂ දෙකම නාස්තිය හා දූෂණය තම ප්‍රධාන තේමාව කර ගත්හ.මෙම පක්ෂ ශක්තිමත්වීම වත්මනේදී ප්රජාතන්ත්රවාදයට හොඳය.
මේ මැතිවරනයේදී මෙසේ වුනත් ඊලඟට තිබෙන ඌවේදී මෙය හාත්පසින්ම වෙනස් වී ආණ්ඩුව 80% පන්නා ඡන්ද ප්‍රතිශත ලැබීමට ඉඩ ඇත.කෙසේ වෙතත් රජය තේරුම් ගත යුතු කරුණක් තිබේ.එනම් රට පුරා පැතිර ඇති වංචා දූෂන හා නාස්තිකාරකම් ගැනය. ඉන්දියාවේ කොන්ග්රස් පක්ෂයටාද අවාසියට හිටින්නේ දූෂන හා වංචාවන්ය. දිල්ලි ප්‍රදේශය කොන්ග්රස් බීජේපී දෙකෙන්ම ගිලිහී අළුත් පක්ෂයකට ගියේ ඒ නිසාය. ශ්‍රී ලන්කාවේ වංචා හා දූෂනයට අමතරව නාස්තිය ද වෙයි.බොරු වැඩ විකාර වැඩ සෝබන වැඩ ද වෙයි.
පොඩ්ඩන් මෙන්ම ලොක්කන්ද නීතියට අවනත වන එතනෝල් හා කුඩුවලින් තොරවූ වංචා දූෂන නැති යහපත් රටක් බිහිවීමට මේ මැතිවරණ ප්‍රතිඵලය හේතු වාසනා වේවා.
**** ***** *******
පසුව ලියමි
මේ මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුය.නැවත කේවළ ක්‍රමයට යාම විසදුම නොවේ.මැතිවරණයේදී ඡන්දදායකයාගේ මනස සකස් කිරීම අවම කිරීමටත් ඕනෑම කෙනෙකුට ඡන්දයට ඉදිරිපත් වීමට හැකිවන ලෙසත් කිසියම් වෙනසක් විය යුතුය.එහිදී ප්‍රායෝගික සුළු අදහසක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.මෙය කේවළ හා සමානුපාතික ක්‍රම වල මිශ්රනයකි. එනම් හැම ආසනයකටම ලැයිස්තුවක් ලබා දී එයින් කැමති කෙනෙක් තෝරා ගැනීමට ඉඩ දීමයි.
උදාහරණයක් ලෙස බොරැල්ල ආසනය ගනිමු. බොරැල්ල ආසනයේ ජනතාව තමන් කැමති පක්ෂය දිනවා එම පක්ෂය විසින් නම් කරන කෙනා ස්වයංක්‍රීයව පාර්ලිමේන්තු නොයවා බොරැල්ල නාම ලේඛනයෙන් තමන් කැමති කෙනෙක් නම් කර යැවිය හැක.මෙහිදී හැම ආසනයකටම මන්ත්‍රීවරයෙක් සිටින අතර මැතිවරණය දිස්ත්‍රික්කයේම ධනවත් බලවත් දෙතුන් දෙනෙකු ගේ ඒකාධිකාරයක් වෙන්නේද නැත.මෙහිදී මන්ත්‍රීවරු පක්ෂ නායකත්වය සමඟ පෙර මෙන් දැඩි ඍජු සම්බන්ධතාවයක්ද නැත.