Friday, September 13, 2019

කිවුවොත් සග නහී නොකිවුවොත් කඩේ නහී

එකෝමත් එක රටක යට ගිය දවස වුන කතාවක්. මුල මැද අග ගලපන්න යන්නෙපා

කාලයක් තිස්සෙ වුන හොරකම අතට අහුවුනාම ඒ මිනිහට උන් හිටිතැන් අමතක වුනා. හොරා අල්ලන්න මහන්සි වෙන්න අැති. අාරංචිය එයාගෙ ගෑනි අපේක්ෂා රෝහලේලු.
මිස දෙකක්ම කන්න දීල තියෙන්නෙත් පංසලෙන්ලු. ඒ කියන්නෙ පංසලත් එක්ක සම්බන්ධයක් තිබුන පවුලක්. පොඩි නමවල් විතර කඩේ ඒ යනව එනව. කන්න බොනව විහිලු කරන්න එක පවුලක් වගෙ ඉන්න අැති.
කොහොම නමුත් පොඩි හාමුදුරුවන්ගෙ විනය හදන්න ගිහියන්ට බෑ. ඒකට තමයි ලොකු හාමුදුරුවො ඉන්නෙ. ගිහිලමයෙක් වුනත් වරදක් කලොත් ඒ ලමයගෙ භාරකාරයන්ට දක්වන්න ඕන. අනුන්ගෙ ලමයින්ට බාලවයස්කාරයන්ට දඩුවම් දෙන්න කාටවත් අයිතියක් නෑ. ඒක එහෙම ම තියෙද්දි මේකෙ තව පැත්තක් විමසා බලමු.
නැවතත් කියනව
ඒ මොනව වුනත් පහරදීම හෙලාදකිනව.
හිංසනයට කාටවත් අයිතියක් නෑ.

මොකක්ද මේ අනික් පැත්ත. වහන්සෙලත් පැවිදි ජීවිතයෙන් ඕවර් ගිහින්. ඒකට මගපෙන්වීමක් මුල ඉදලම ලැබිල නෑ.
 මුංවහන්සේලාට නිමිමගපෙන්වීමක් ලැබුනනම් තමන් කවුද කියන එක අමතක නෛවෙන්වත් ඉඩතිබුන. අදින්නාදාන සිල්පදය කැඩුවම අපායෙ යනව කියලවත් හිතුවනම්.
යාලුවත් එක්ක කඩේට අැවිත් දෙන්නටම කැවිලි හොරකම්කරගන හැංගිලා කන්නන හිතන්නෙ නෑ. වරද පොඩිවුනාට චේතනාව වැරදියි. සමවයස් කන්ඩා යම් නිසයි දරුවන් නොමග යන්නෙ. ඉතින් මේ සක්විති රජුන්ටත් ඉදිරියෙන් ඉන්න උතුමන් නේද .යාලුවො සෙට්වෙලා වැරදිවැඩකරන එක කොලුකම් වුනත් ඒක පැවිදිකම නෙමෙයි.

මට මතක්වුනේ තිලමුට්ඨි ජාතකය.
නියපොත්තෙන් කඩන්න තියන එක නොකර පොරවෙන් කපන්න වෙනකල් ඉඩහරින එකද වියයුත්තෙ.

මම දැක්ක බුකියෙබොහොම සංවේදීව කොමෙන්ට් කරල කට්ටිය.
 කමෙන්ට් කල හැමෝම සංවේදීව අදහස් දක්වල තියනව. ඒක හොදයි, නොටි බෑඩ් ඒ අපේ හැටිනෙ. ප්‍රශ්නෙ  එක පැත්තයි දකින්නෙ. සෝඩබෝතලේ කැඩුව වගෙ.හෙන ඉල්ලල ලයික්කරනව. සතියෙන් ඔක්කොම අමතකයි.
 .
කෙනෙකුට හිතෙන්න පුලුවන් පොඩි හාමුදුරුකෙනෙක් සෙල්ලම්බඩු උපන්දිනේට ඉල්ලනව කියන්නෙ පොඩිලමයි මහන කිරීම වරදක් කියන එක තහවුරුවෙන අදහසක්කිකියල. ඒක වෙනම කතා කල යුත්තන්ගෙ.

අරියඥාන හිමියන් තමයි අපේ යුගයේ වඩා සරලව ධර්මය පැහැදිලි කල යතිවරයාණන් වහන්සෙ. අැත්තෙන්ම උන්වහන්සෙ යම් මාර්ගගපලයක් ලබාඅැති බවයි මගෙත් අදහස.
උන්වහන්සෙ මේ ප්‍රශ්න ධර්මානුකූලව පැහැදිලි කලා. කියවල බලන්න.
අමතක කරන්න එපා සාමනේර කමක් කියන්නෙ ඔයාලගෙ ළමයින්ගෙ වයසෙ වුනත් තවත් එක්තරා ලමයෙක් නෙමෙයි.
ඒත් අවුරුදු සාමනේර කමක් කියන්නෙ සක්විති රජෙකුට වඩා උතුම් කෙනෙක්.
කිසිසේත්ම ගිහියන්ගෙ හුරතලයට ලක්නොවිය යුතුයි.
ගිහියන්ගෙ අඩම්තේට්ටම් ලක්නොවිය යුතුයි වගේම හුරතලයටත් ලක් නොවිය යුතුයි.
අතීත භවයක කොසොල් රජු විහිලුවට සාමනේර නමකගේ බඩට අැගිල්ලෙන් අරන් ඒක විපාක දුන්න.
උටිය කරපු වැඩේට හපන් වැඩක් මේ වෙන්න යන්නෙ.
සාමනේර හාමුදුරුවරු ගිහි ලමයි වගෙ වෙලා ඊට පස්සෙ ගිහි තරුනයොවුනාම ඒ අවශ්‍යතා ත් සම්පූර්න කරන්න වෙයි.
අනේ පුතාගෙ වෙඩින් එක ගත්ත ගිය සතියෙ .
අපේ පුතාගෙ වයසෙ කරුන හාමුදුරුනමක්. සිවුර දාගත්තට තරුනයෙක්නෙ. ගෑනියෙක් ගෙනත් දෙන්න ඕන වගෙ කොමෙන්ට් දායි.

අරියඥාන හිමියන් පොඩිනමලට බැංකු ගිිනුම් අරින එකට අපූරු කතාවක් කිවුව. ඒකමයි පොඩිනම ලොකුවෙද්දි හොද පොලියක් ලැබෙයි. ප්‍රේත ලෝකවල සතර අපායට හොද පොලී ලැබෙනව කියල.

මේ යන විදියට ගියොත්නම් කඩේ වහන්න වෙයි .කොතනින් කෙලවර වෙයිද දන්නෑ.
උන් වහන්සෙල ගිහියන්ගෙ විශයන්  ඉගෙන නොගෙන ගිහියො වෙන්න හදන්නෙ නැතුව ධර්මය පමනක් හදාරනවනම් අවුලක් නෑ.
සීසර්ගේ දේ සීසර්ට දෙන්න දෙවියන්ගෙ දේ දෙවියන්ට දෙන්න කියන්නෙ.

සාමනේර කමක් ජීවිතය කමටහනක් කරගන සසරින් එතෙර වෙන්න ඕන.
සමහර ගිහිියො ඒකට ඉඩදෙන්නෑ.

Wednesday, September 11, 2019

විජයබා කොල්ලය සෝරතලාගේ කතා සහ ගොඩකුමාර වෙද්ද්‍ර

විජයබා කොල්ලය බැලුවෙමි.එය මට නම් උසස් කලා කෘතියක්.ඩබ් ඒ සිල්වාගේ පොත කියවූ අයටත් මා සමග කීවේ පොතේ අැති කතාව මීට වඩා රසවත් කියාය. එහෙත් මට නම් මෙය සුපිරිම කතාවක්.ඓතිහාසික පසුබිමක් සහිත නිසා කතාවත් නිසා විශේෂයෙන්ම මගේ සිත් ගත්තේය.මීට වසර පන්සීයකට පමනපෙර දරුනු සටන් සිදුවූ බිමේදීම සිනමා පටය රසවින්දෙමි. කාලය මැවූ වෙනස පුදුමාකාරය. බොහෝ දේ සිදුවූ අතීත මකකයන් සැගව අැත.  අසංග නයනානන්ද බේරා තමන් මරනයැයට කැපවීමට පියවර තැබූ පියසටහන් අැත්තේද මේ ඉසව්වේය.

පැත්තෙන්ම ලිංගික ඊර්ෂ්‍යාවට කදිම පිළිතුරක් මෙම කෘතිය. අසංග නීලමනීට අාදර ය කරයි. නයනානන්ද ඔවුන් අතරට එන්නේ මේ අතරට. අසංකට වඩා ලස්සන කාමුක නයනානන්ද ය නීලහනී අාකර්ශනය වෙයි. එය සොබාදහමේ නීතියයි. අසංග ඊට කීකරුව පසුබසී. නීලමනීට අැති අාදරයේද  වෙනසක් නැත.
පසුව නීලහනී වෙනුවෙන් අැයට නයනානන්ද ලබාදීමට අසංග සිය දිවියද කැපකරයි.
නයනානන්ද ද උදාර මෙහෙවරක නියැලේ.

සිනමාපටය ඉතිහාසයට සාධාරන කර අැක
එහෙත් තිරයේ හෝ රූපවාහිනියේ පෙනෙන දේ අැත්තම ලෝකයේ සිදු නොවේ. සෝරතලා සුබෝධලා හීන්බබා සීයලා සැබෑ ලෝකයේද සිටින බව සිතියයුතු නැත. සෝරතලා හමුවේ ලොවම වැදවැටාන බව සිතුවද සෝරතලාගේ ජීවිත ඒ තරම්ම සුන්දර නැත. මේ දිනවල වයිරල්  වන වීඩියෝව කියාපාන්නේ ද ඒ යථාර්ථයයි. මෙය අන්කිසිවක් නොව දුප්පත්කමේ ඛේදවාචකයයි.

දුප්පතුන්ට පිහිටවන්ට කෙනෙක් නැත්තේම නැද්ද. එවැන්නක් ගැනද අාරංචි ලැබේ.
ඉදහිට ගොඩකුමාරයෝ පහලවෙති. ගොඩකුමාරයෝ සියලු රෝග සුවකරන සේක්ලු.
පැත්තෙන්ම ගොඩකුමාරයාට බුරාපැනීම ඔහු පසුපස යාම මෙන්ම මෝඩකමකි. ගොඩකුමාරයා ලගට වන්නේ අන් සියලු විකල්ප අසාර්ථක වූ පසුවය. ගොඩකුමාර සිය සුවකිරීම්වලට මුදල් අයකරන්නේද නැත.
පාස්ටර් ලා සුව කරන ශෛලියෙන් ම මොහුද සුවකරයි.පාස්ටර්ලා සුවකරන්නේ යම් අරමුනකිනි්.  මෙතන බොරුව අතර නමුත් මෙතන පැත්තේ බොරුව පමනද
බ්‍රසීලයේ අැරිගෝ නම් නූගත් අයකු යම් බලවේගයකින් සැත්කම්ද කලේය.

Saturday, September 7, 2019

සුදුකරපටි අපරාධ යනු මොනවාද



හදුන්නෙත්තිල නැත්නම් මිනිස්සු වහල්ලුන්ට විකුනල
හොරකම් ගැන කවුරුත් බසින්නා දේශපාලකයො කියල.
අැත්තටම හැමෝම මේක බලන්න ඕන.
මේක මේ හොරු ටිකක් හතරමහ නිධානයක් බෙදා ගන්නව වාගෙ වැඩක්නෙ.

වාහන එක්ක බැදීම නිසා වාහන ගෙදර ගෙන යාම

පුහුණු

කෝටි ගනන් බෝනස්

විදේශ සංචාර

සීයට දහය ගානෙ පඩිවැඩි

තව කප්පරක් 
වරදාන

කමිටුවෙ අයත් නියමෙට ප්‍රශ්න අහනවෙනෙ.

අැත්තටම තියෙන්නෙ යාන්ත්‍රණයක්. පුද්ගලය දැති රෝදයක් පමනයි. කිසිම පුද්ගලයෙක් අති සුවිශේෂ නෑ . මෙහෙම එක මිනිහෙක් වෙනුවෙන් මෙහෙම මගඩි නාටක ඕන නෑ.
ඉහගෙන කාල තියන හැටි.
තමන්ගෙම එකාගෙ සමාගමට ඇප නැතිව සල්ලි
හිතුමතේට බොල්ණය
මේක දිව්ය ලෝකයක්ද බොලල්ලා

Friday, July 19, 2019

දිළිදුන්ගේ මහා දානය


Image may contain: 2 people, people smiling, people sitting and food
( මුහුනු  පොතෙන්  උපුටාගත්තකි )https://www.facebook.com/namobuddhaya/photos/a.1422449764634867/2454791791400654/?type=3&theater


දිළිදුන්ගෙ  අඩවියට   සපැමින
උන්  ගේ දානය ඉවසමින
අසරනයන්ගෙ බැතිය මුසුකර
පිසූ මේ අහර අන්  කවරක්වත් නොව
දිළිදුන්ගෙ දුකමය
උන්ගෙ දුක   ඔබලාට
බර්ත්ඩේ පාටියක් නොවූ සැටි
සියල්ල දත් උද්දච්ච  කමකුත්  නැති සැටි

මොනවා  ඔබ වහන්සේලා
සිංහාසනයක්  නැතිව
නිකම්ම බිම හිද සිටින සැටි
නිගන්ඨ නාථ පුත්තගේ
ශ්‍රාවකයෝ නේද
ඔහුත්  ඉන්ද්‍රිය   ගෝචරනොවන  ලොව පිලිබදව
තවත් එක් උපකල්පනයක් ඉදිරිපත්කළ දාර්ශනිකයෙකි
ඒත් ඔබවහන්සේලා  තුල
අහංකාරකමක් ගෑවිලාවත් නැත


කරුණාව පෙරදැරිව පයින් ම වැඩමකළ
ඔබ වහන්සේලා
එම අහර බිම දැමූ හබරල කොලේ වැළදූ සේක
මහාවීර වූ
ඒ  මහා නාථයන්
කී දහම   පිලිපදින
අල්පේච්ඡව
බහුභාන්ඩික  නොවූ
නුබවහන්සේලා
දැකුමද
ප්‍රිය   උපදවයි
සිත් පහන්කරවයි



Wednesday, May 15, 2019

චීන සිස්ටම් එක තමා හරි

එකම මතයක සදාකල්හිම සිටීමයනු හණමිටිය කර තබාගෙන යාමකි.එහෙත් එයින්  අදහස් වන්නේ චපලත්වය නොවේ. මූලිකරාමුව එලිස්න්ම තබාගෙන තමන් දරණ මත අවශ්‍ය පරිදි සංශෝධ්ජනය කර ගැනීමට බාධාවක් නැත.

තනි පක්ෂ පාලන ක්‍රමය මා විසින් විවේචනය කළා මට මතකය. ඊනියා බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය නම් වූ ප්‍රෝඩාව අසාර්ථක බව මට දැන් සිතේ. චීනයේ ඇත්තේ තනි පක්ෂ ක්‍රමයකි. පාලක කොමියුනිස්ට් පක්ෂයට රටට අවශ්‍ය තීරණ ගැනීමට බාධාවක් නැත. ඊලඟ චන්දයට                යනකොට විවිධ චන්ද කුට්ටි ලඟ දණ නමන්නට සිදුවන නිසා දෙකට දෙවාරෙ ඉන්නට චීනාට සිදුනොවේ.චන්ද කුට්ටි සාක්කුවල දමාගෙන සිටින දේශපාලකයන් සතුටු කිරීමට චීනාට සිදු නොවේ.බහුතරය හදාගන්න අඩවු අල්ලන්න චීනාට සිදු නොවේ.

ඒඩ්ස් සාර්ථකව  මර්ධනය කළ එක් රටක් කියුබාවයි. මේ ගැන එක්සත් ජාතීන්  කියුබාවට ප්‍රශංසා කර ඇත.ඒ එක්සත් ජාතීන්ට වඩා කියුබාව ඉදිරියෙන් සිටි නිසාය.තවද සමාජවාදී කදවුරේ රටවල ජාතිවාදී ආගම්වාදී ගැටුම් ද නොවීය.ධනවාදීන්ට ,ඊනියා ප්‍රජාතන්ත්‍රවාදීන්ට ,මානවහිමිකම් කාරයන්ට ආපසු හැරී බලන්නට සිදුවී ඇත.

Wednesday, March 13, 2019

කුසුමාසන දේවිය

කුසුමාසන දේවි ටෙලිනාට්‍ය පෙන්වන වෙලාව වෙනස් කිරීම නිසා මා වැනි බොහෙ දෙනෙකුට එය නැරඹීමට නොහැකි විය. ඓතිහාසික චරිත හා ඉතිහාසගත කර්ණු මෙහි ඉදිරිපත් කිරීමට උත්සාහ කර තිබීම ප්‍රශංසනීය වුවද ඇතැම් චරිත අනවශ්‍ය ලෙස උලුප්පන්ට උත්සාහ කිරීමෙන් පොදුවේ කතාවට හානිය සිදුවී ඇත. එවන් චරිත දෙකක් නම් ධර්මපාල හා කුසුමාසන දේවියයි. ධර්මපාල පෘතුගීසීන්ගේ රූකඩයක් වුවද මෙම කතාවේ ඔහු බලවත් රජෙකි.අනෙක් අතට කුසුමාසන වුවද කතාවේ තිබෙන තරම් ප්‍රබල චරිතයක් නොවේ. ඇය හා විමලධර්ම සූරිය සම රජ පදවි දැරුවානම් රජුගේ මරනයේදී සෙනරත්ට රජකම පැවරෙන්නේ නැත. ඇය ළමා කාලය පරන්ගීන්ගේ රූකඩයක් ලෙසද පසුව සිංහලයන්ගේ රූකඩයක් ලෙස ද දිවි ගෙවූවාය. ඇය ලිංගික සූරාකෑමට ලක් වූ අවාසනාවන්ත කාන්තාවකි. ඇයගේ මරනින් පසු ඇයගේ දියනියන් සමගද විවාහ වූ සෙනරත් වැන්නකු සමග පවුල් කන්නට සිදුවීමම මහ අවාසනාවකි.

අර්බුද සහිත අවදානම් කාලයක කාන්තාවකට රට පාලනය කළ නොහැකිය යන්න බොරුවකි. එවැනි චරිත ඉතිහාසය පුරාම විය. ෆර්ඩිනන්ඩ් හා ඉසබෙලා බලන්න. ඔවුහු අයිබීරියාව මුස්ලිමුන්ගෙන් නිදහස් කරගෙන සම රජ පදවි දැරූහ. ලංකාවේ විහාර මහා දේවියගේ භූමිකාව බලන්න. සෙනෝබියා සෙමිරාමිස් ඇන්ගෝලාවේ නිසින්ගා ,ටොමරිස් රැජින වැනි බොහෝ උදාහරණ ඇත. රජවරු අසාර්ථක වීමෙන් පසු ධජය අතට ගෙන සටන් වැදුනු මෙම ස්ත්‍රීන් හා සැසදීමේදී කුසුමාසන දේවිය වෙනස් චරිතයක් බව පෙනේ.

මා මීට පෙරාසා නොතිබුන එසේම බොහෝ දෙනෙකු අසා නොමැති යයි මා සිතන තවත් පාලිකාවක් ගැන අද අසන්නට ලැබුනි. ඒ මානෑවේ විමලරතන හිමියන්ගේ පොතක් කියවන්නට ලැබීමෙනි. එම කුමරිය මහා මේඝ රත්නපාලි කුමරියයි .ජීවත් වුනේ ක්‍රි ව 5  වන සියවසේය. මෙහි තවත් අපූරු අතුරු කතාවක් වෙයි. මහානාම රජු රැකවරන පතා මානෑවට ගියවිට එහි තිබූ ශක්තිමත් යක්ෂ ගෝත්‍රික බලප්‍රදේශයේ නවාතැන් ගැනීමයි. රත්නපාලි කුමරිය මෙහි ගෝත්‍රික නායකයාගේ දියණියකි.  ඇය විදෙස් ආක්‍රමනිකයන්ද පරදවා ද්වන්ද්ව සටනකට සතුරු සෙනෙවියාට ආරාධනා කර තිබේ.ඉන් ඇය ජයගත්තාය. මෙය එළාර දුටුගැමුනු සටන මෙනි. මෙතරම් අභීත සටන්කාරියක් වූ රත්නපාලි කුමරියගේ නමවත් අපි වැඩි දෙනෙක් අසා නැත. මහානාම රජු රත්නපාලි කුමරිය හා විවාහ වීමට යෝජනා කල විට කුමරිය කීවේ මහා වැවක් සාදන ලෙසයි. යකුන් හා වැව් අතර සබදතාව මෙයින් පෙනේ.

මහසෙන් රජුද මින්නේරි සාදන්නට එම ප්‍රදේශයේ යක්ෂ ගෝත්‍රිකයන්ගෙන් අවසර ඉල්ලා ඇත. ඒ කියන්නෙ යක්ෂ ගෝත්‍රිකයන් මේ යුගය වන විටද බලවත් ගෝත්‍රයක් ලෙස සිටි බවයි. යක්කු මෙනේරි වගා කා අතර රජු යෝජනා කලේ මෙනේරි වෙනුවට වී වගා කල හැකි බවයි. රජු යක්ෂ ගෝතික නායකයාගේ සොයුරිය හා විවාහ වී රජුගේ සොයුරිය යක්ෂ නායකයකුට විවාහ කර දී නෑකමක් ඇතිකරගෙන මින්නේරි වැව සාදන්නට රජුට සිදුවිය. මෙයින් පෙනෙන්නේ පන්ඩුකාභය යුගයේදී ගෝත්‍රස්වීකරනය අවසන් නොවූ බවයි

කාරුණික කාන්තවාක් වූ කුසුමාසන දේවියගේ චරිතය සැබෑ එසින් නිරූපනය කර ඇයට සිදුවූ අසාධාරණය ගැන කතාකලානම් මෙම නිර්මාණය මීට වඩා සාර්ථක වන බව මගේ අදහසයි.මේ කුමරිය තරම් දුක් වින්ද කුමරියක් ලංකා ඉතිහාසයේම නැති බැවිනි.

කෙසේ හෝ ඉන්දියන් මෙගා ජරා ගොඩවල් රජකරන ප්‍රයිම් ටයිම් එකේ මෙවැනි කතාවක් ටික කලක් හෝ විකාශනය කිරීම ජයග්‍රහණයකි. ඒ ගැන දෙරණ නාලිකාවටද ස්තුතිය හිමිවෙයි.එසේම මෙය ලවු ස්ටෝරියක් කර කතාව විනාශ කර නොදැමීම ගැන නම් විශේෂ ස්තුතියක් කල යුතුය. රාවනා වැනි බොරු ගොඩවල් වලින් චූන් වීම නොව මෙවැනි කතාවලින් උසස් වින්දනයක් ලබන යම් පිරිසක් හෝ සිටිති.