Saturday, September 9, 2017

මහ පෙරලිකරන අපේ යුගයේ වීරයා

A close-up of Musk's face while giving a talk
Elon Musk


පුරාන ලෝකයේ නව සොයාගැනීම් කල හැමෝම රජුන්ගේ උදහසට ලක්වූහ. බොහෝ විට එම බුද්ධිමතුන්ට අත්වුනේ විපත්ය.සියල්ල රජුට පමනි යන්න එම යුගයේ ආදර්ශ පාඨය විය.  එහෙත් වැඩවසම් අන්ධකාරයෙන් හා ආඥාදායකත්වයෙන් මිනිසා මිදුන පසු ධනය දැනුම හා බලය මත දෝලනය වන සමාජයක බුද්ධිමතුන්ට සිත් සේ නිර්මාන කල හැක.සමාජයක් නිදහස් වූ පසු එහි සාමාජිකයන්ට කොතරම් දුර යාමට හැකිද යන්න ට හොදම නිදසුනකි Elon Musk.





ඇල්බට් අයින්ස්ටයින් ,නිකොලා ටෙස්ලා , අල්වා එඩිසන් ගැන අප අසා ඇතත්  අපේ යුගයේ වීරයෙක් වන Elon Musk ගැන අසා ඇත්තේ ඊට අඩුවෙනි. ඇත්තෙන්ම Elon Musk යනු අපූරු මිනිසෙකි. හේතුව ඕනෑම විප්ලවවාදියෙක් විප්ලව කරන්නේ එක් ක්ෂේත්‍රයකය. ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත කියා පඩිවරු කීහ. එහෙත් ඕල් රවුන්ඩර් කෙනෙක් වන Elon Musk ට ඒ පඩි වදන් ගැන වගේ වගක් නැත. ඔහුගේ මේ සුවිසල් භාවයට එක් හේතුවක් නම් ඔහුගේ ධනයයි. ධනය නැති මහා බුද්ධිමතුන් වූ ටෙස්ලා වැනි අය ධනය ඉදිරියේ අසරණ වූහ. 

ධනය යනු නරක දෙයක් නොවේ. මිනිසා සෙසු සතුන් පරයා මහා පිම්මක් පැන්නේ මේ පෞද්ගලික දේපල ක්‍රමය ඇති වූ පසුය.මිනිසා ස්වාභාවිකවම ආත්මාර්ථකාමී සතෙකි. මේ ආත්මාර්ථය ලාභ ලැබීමේ ආශාව ඉහල නැගීමේ ආශාව නිසා සියල්ලෝම ප්‍රතිලාභ ලබති. අද අප භුක්ති විදින හැම දෙයක්ම කාගේ හෝ ලාභ  ලබීමේ ආශාව නිසා ඇතිවූ වක්‍ර ප්‍රතිලාභ වේ. යථාර්ථය යනු මෙයයි. මනව සංහතියේ දියුණුව පතා නිර්මාණ කරන්නන් නැත. මානව සහෝදරත්වය යන වදනම බොරුවකි. බොරු වදන් පෙරටු කොටගත් මාවත් අවසන් වන්නේ ව්‍යසනයෙනි.

නමුත් මිනිසාගේ නොනිත් ආසාවක් වන ඉහල නැගීමේ ආශාවට රුකුල් දීම නිසා දියුණු රටවල නව නිර්මාණකරුවන් බුරුතු පිටින් බිහි විය. මේ අයට උදවු කරන්නට ධනපතියන් පෙරට ආහ. මුලින්ම සාර්ථක විය යුත්තේ තමන්ය. සියළු මානව දැනුම ආත්මාර්ථකාමී උන්නතිකාමයේ ප්‍රතිඵලයි. උන්නතිකාමයෙන් ඔද වැඩුන සුන්දර මිනිසුන් ගේ බුද්ධි මහිමය යෙදවෙන්නේ නිර්මානකරනයටය. එනම් ජීවන ආශයටය . මරන ආශය ට නැඹුරු වන්නේ අසුන්දර මිනිසුන්ය. අසුන්දර මිනිසුන් ගැන කතා කරන්නට මම අකමැතිය. ඔවුන් දෙලොවටම නැති බැවිනි.

Elon Musk මැතිතුමා ක්ෂේත්‍ර ගනනාවක මහා විප්ලවයන්ට අත ගසා ඇත. මෙහි විශේෂත්වය ඒ හැම ව්‍යායාමයක්ම මානව සංහතියේ සමස්තයම උඩු යටිකුරු යන නිසාය. රෝදය සොයාගැනීම ගින්දර සොයාගැනීම ආදිය නිසා සිදුවූ පෙරලිය වැනිම පෙරලි රැසකි.

අනාගතයේ කෙළින්ම දැනුම ඩවුන්ලෝඩ් කරගන්න හැකි වෙයිද. එහෙම වුනොත් එය මොන තරම් පෙරලියක්ද. අධ්‍යාපනය හා සන්නිවේදනය එහෙම පිටින්ම වෙනස් වෙනවා නේද


සන්නිවේදනයට සමගාමීව ප්‍රවාහනය දියුණු නොවන බවට චෝදනාවක් ඇත. මෙන්න තාක්ශනය ඊට දෙන විසදුම . පැය ගනන් ගත කල ගමනට ඉදිරියේදී ගත වෙන්නේ විනාඩි ගනන්ය.





ඒ හැර මේ මහා පුරුෂයා පියවි සෛල තාක්ෂනය මගින් රෝග සුව කර වෛද්‍ය ලෝකය ට මහ මෙහෙයක් කරන්නත් කෘතිම බුද්ධිය මගින් මහ මෙහෙයක් කරන්නත් සැරසෙයි.


අනාගත කර්මාන්ත ලෝකය උඩු යටිකුරු කරන තාක්ශනය ගැන මෙතුමාගේ ඉදිරි දැක්ම බලන්න. අගහරු ජනාවාස කරන්නයි සැලසුම්.




දකුණු අප්‍රිකාවේ ඉපිද කැනඩාවේ හා එක්සත් ජනපදයේ තාක්ෂන පෙරලි කරන මේ උත්තමයා වැඩි වයසක් නැති කෙනෙකි. අනාගත ලෝකය ගැන කතා කරන කවරෙකුට වුවද අනිවාර්යෙන්ම නොකියා සිටීමට බැරි නමක් Elon Musk.  




15 comments:

  1. තාක්ෂණික නව නිර්මාණ වලට උදවු කිරීමට අමතරව ඔහු විසින් දැනට කරගෙන යන UBI (සියලු දෙනාටම මූලික අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය මුදලක් 'නොමිලේ' දීම) සමාජ පරීක්ෂණයද ලෝකයේ අනාගතයට ඉතා තීරණාත්මක බලපෑමක් කරනු ඇත. මෙය මාක්ස් යෝජනා කළ දෙයට හාත්පසින්ම වෙනස් ප්‍රායෝගික දෙයකි. වෙනත් ලෙසකින් කියනවානම් සමාජවාදීන් විසින් හඳුනා ගන්නා ප්‍රධාන ගැටලුවට කාටත් කැමැත්තෙන් එකඟ විය හැකි විසඳුමකි.

    ReplyDelete
    Replies
    1. විනාශකාරී මතවාද වලට වඩා මෙවැනි නිර්මානශීලී අදහස් මොනතරම් වටිනවද. ඇත්තෙන්ම සමාජ ආර්ථික තත්වයන් විසින් පුද්ගලයා නිර්මාණය කිරීමක් නෙමෙයි වෙන්නෙ පුද්ගලයා විසින් සමාජය නිර්මාණය කිරීමක්. වැදගත්ම මූලද්‍රව්‍ය තමයි පුද්ගලයා. ඔහුට හෝ ඇයට තමයි අලුත් අදහස් එන්නෙ. මානසික කොටු පවුරු ඉවත් කලාම සීමා මායිම් නැතිව සිතන්න පුලුවන්.

      මම ආගම් හා ඇතැම් දේශපාලන දර්ශන වලට කැමති නැත්තෙත් ඒවගෙන් කෙරෙන්නෙ මිනිස්සු එක රාමුවක කොටුකරල බැරියර් දාන එක නිසා. ඇත්තටම එහෙම දෙයක් නෑ.වෙනස්වීම තමයි වෙනස් නොවන එකම දේ.

      මෙතුමාගෙ විශේෂත්වය තමයි තමන්ගෙ නිර්මානශීලී අදහස් ක්‍රියාත්මක කරන්න සල්ලි තියෙන එක. අපිටත් අලුත් මහ විප්ලවකාරී අදහස් පහල වුනත් ඒව ක්‍රියාත්මක කරන්න අපට සල්ලි නෑ. ඒක කාගෙවත් වරද නෙමෙයි. අප දක්ෂ නම් අපට හැකිවිය යුතුයි ධනය සපයා ගන්නට.

      සමාජ සුබ සාධනය ත් නිර්මානශීලීව වෙන්න ඕන. දුප්පත්කමට විසදුම් සොයන්න ඕන . එය කල හැක්කෙත් ප්‍රායෝගික නැති විකාර බන්ධනාගාර සමාජවාදයට නෙමෙයි. මෙතුමා වැනි නිදහස් චින්තකයන්ටයි.

      Delete
  2. සැබෑවටම මොහු යුගයේ වීරයෙක්

    ReplyDelete
  3. එලන් මස්ක් ඇත්තටම දක්ෂයෙක්.
    //මිනිසා සෙසු සතුන් පරයා මහා පිම්මක් පැන්නේ මේ පෞද්ගලික දේපල ක්‍රමය ඇති වූ පසුය.මිනිසා ස්වාභාවිකවම ආත්මාර්ථකාමී සතෙකි. මේ ආත්මාර්ථය ලාභ ලැබීමේ ආශාව ඉහල නැගීමේ ආශාව නිසා සියල්ලෝම ප්‍රතිලාභ ලබති. අද අප භුක්ති විදින හැම දෙයක්ම කාගේ හෝ ලාභ ලබීමේ ආශාව නිසා ඇතිවූ වක්‍ර ප්‍රතිලාභ වේ. යථාර්ථය යනු මෙයයි. මනව සංහතියේ දියුණුව පතා නිර්මාණ කරන්නන් නැත. මානව සහෝදරත්වය යන වදනම බොරුවකි. බොරු වදන් පෙරටු කොටගත් මාවත් අවසන් වන්නේ ව්‍යසනයෙනි.// අයින් රෑන්ඩ් ව මතක් වුණා.

    ReplyDelete
    Replies
    1. එක් පුද්ගලයෙක් මේ තරම් දක්ෂ වීම මට නම් හිතාගන්නත් බෑ. අනික් එක ඒ අදහස් ප්‍රායෝගික වෙන්න අවශ්‍ය මුදලුත් තියන නිසා ප්‍රශ්නයක් නෑ. සල්ලි නැතිව අදහස් තිබිලමත් මදි. ටෙස්ලාට සල්ලි තිබ්බනම් අද ලෝකෙ හුගක් වෙනස්.
      අනික් කාරනේ ගැන කියනවනම් අපි කැමති වුනත් නැතත් ස්වාභාවික යථාර්ථයක් තියනවනම් ඒක එහෙමම තමයි කියලයි හිතන්න වෙන්නෙ. මානවයා ස්වභාවයෙන්ම ආත්මාර්ථකාමී සතෙක්. ඒ පදනමේ ඉදන් හිතමු. ආත්මාර්ථකාමීකම නිසාම සාර්ථක වෙලා තමන් තරම් දක්ෂ නැති සහෝදරයන්ට උදවු කිරීම තමා මනුස්සකම කියන්නෙ. අදක්ෂ දුර්වලයන්ට කන්ඩ බොන්න ලැබෙන්නෙත් දක්ෂයෙක් නිසා වෙන්න පුලුවන්. ඒක පින් සලකගෙන හෝ වෙන අනුකම්පාවක් නිසා වෙන්නත් පුලුවන්.

      බුද්ධිමතුන් නිසා අනාගතයෙදි කාටවත්ම වැඩක් නොකර කකා බිබී ඉන්න පුලුවන් කාලයක් එයි. කම්කරුවා වගෙ වචන ශබ්ද කෝෂයට සීමා වෙයි.

      Delete
    2. ඊලන් මස්ක් කියල එන්නේ ඕනේ මගේ කොමෙන්ටුවේ.

      Delete
  4. මෙතුමා, මැතිතුමා, උත්තමයා වගේ වචන කියව්ස්නකොට ලියුවෙ ම.ම. නෙවෙයිද කියල හිතුනා.. ලින්ක් ටික දාන්න නං ඔච්චර මහන්සි උනේ අපරාදේ
    බං.. සාමාන්‍යයෙන් අපි උඹල වගේ උන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ රිපෝට් නෙවෙයි විචාර..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් මං ගැන කරපු තක්සේරුව ගැන සතුටුයි.
      ඇත්තටම ඇලන් මස්ක් ගැන මම කීප දෙනෙකුගෙන්ම ඇහුව කවුරුත් නමවත් අහල නෑ. ඒකයි ලින්ක් දැම්මෙ. නමුත් ඒ තත්වය සමාජයෙ හැම ස්තරයකටම ඇප්ලයි කරන්න බැරිවෙන්න පුලුවන්. බ්ලොග් ලියන කියවන සමාජයටනම් ඇලන් මස්ක් කියන්නෙ අමුත්තෙක් නෙමෙයි.

      Delete
    2. ඔබ ඇලන් මස්ක් කියල ලියන එක වැරදියි මම හිතන්නේ. මම සාමාන්‍යයෙන් කියන්නේ එලන් මස්ක් කියල. නමුත් නිවැරදිම ඊලන් මස්ක්. ඊලන් එයාගේ නම උච්චාරණය කරන්නේ එහෙම. ඇලන් = alan හෝ allen.

      Delete
    3. ටෙස්ලා කාර් ගැන දන්නවනම් මෙයාව නොදැන ඉන්න විධිහක් නැහැනේ. මමත් හිත හිත ඉන්නේ. තවම ගණන් වැඩියි.

      Delete
    4. නම දාන්න ඕන හැමතැනකම ඉංග්‍රීසියෙන් දැම්මෙ මට හරියට උච්ඡාරනය කරන්න බැරි නිසයි.ඔබ සිංහලෙන් දාන්න ගත්තම තමයි බය නැතිව නමක් දැම්මෙ.
      ඊලන් මස්ක් ද නම. ස්තුතියි

      Delete