Friday, July 21, 2017

මිනිසා මහත් අභිරුචියකින් ආගම් අදහන්නේ ඇයි



ආගම් ගැන මටද අදහසක් තිබේ. ආගම් යන්නට මාක්ස්වාදය වැනි දේශපාලන ඇදහිලිද අයත්ය . පහසුව පිනිස ආගම් යන වචනය යෙදුවද සියළු පුදපූජා අභිචාර ක්‍රම ද ඊට අයත්ය. දේශපාලන පක්ෂ හා පුද්ගල වන්දනාවන්ද ඊට අයත්ය.දේශපාලන පක්ෂ හා පුද්ගල වන්දනාවන්ද ඊට අයත්ය. පුද්ගල වන්දනාවේ රහසද තම අසම්පූර්න බව ( කුදු බව ) ය.වන්දනාවට  පිළිම ( හෝ පොත් ) අවශ්‍ය දුර්වලයන්ටය.

පොදු මතය නම් දිව්‍ය ලෝක හා අපායවල් වැනි ගමනාන්තයන් පිලිබඳ හැඟීම නිසා බවයි. ඒ ඇත්තද

මට සිතෙන්නේ මිනිසා මෙතරම් අභිරුචියකින් ආගම් අදහන්නේ එහි යම් අබින් ගතියක් ඇති නිසා බවයි. ( කුමක්ද මේ අබින් ගතිය. එය ලිපියේ අවසානයේදී සාකච්ඡා කෙරේ ). එසේ නැතිව දිව්‍යලෝකයක් ගැන රුචියක් හා අපායක් ගැන බියක් නිසාම නොවෙයි. දිව්‍යලෝක ගැන කියනවානම් එහි යන්නේ කුසල් කල අයයි. සිත පහදා සරළුවක් තරම් දෙයක් භික්ෂුවකට දුන් කෙනෙකුටද එලව එලවා සැප ලැබුන නිසා ලොකු පොල්කටු හැදිවලින් දන් බෙදා ඇති අප බිය විය යුතු නැත.


අපගේ ශරීර සෑදී ඇත්තේ පෘථිවියට ගැලපෙන ලෙසය. අඩු තරමේ අගහරු ලෝකයේ ජීවත් වීමද අපගේ අස්ථි වලට පේෂි වලට ඔරොත්තු නොදේ. ඉන්දියානු දිව්‍යලෝකයේ සිතන පමනින්දිව බොජුන් ලැබේ. මේවා සුවද බලනවා පමනද . මේවා ජීර්නය කිරීමේ ආහාර ජීර්න පද්ධතියක් දෙවියන්ට වේද.

ප්‍රජනනය සදහා සොබා දහමේ උගුලක් ලෙස ලිංගිකත්වය සත්ව ලෝකයේ ඇත. පින් කල අයට දිව්යාංගනා සැප කෙලවරක් නැතිලු. සියුම් ශරීර වලින් ඔයාකාර බරපතල වැඩක් කරන්නේ කෙසේද. නැත්නම් මාදිලියේ භ්‍රාන්තිමය අත්දැකීමක්ද.

කෙසේ හෝ අපගේ සිතට යම් දෙයක් රුචි වූ විට එය සැපයක් වෙයි. එහෙත් කල් යාමේදී එය එපා වෙයි. මනස ඊට හුරුවූ පසු අලුත් සැප අවශ්‍ය වෙයි. සැපයට හුරුවීම නිසා එය තව දුරටත් සැපක් නොවේ. අපායෙ අයටද වෙන්නෙ මේ සංගදියමය.

අරාබි දිව්‍ය ලෝකයේ සැප යනු කන්‍යාවන් ,පිරිසිදු ජලය හා පළතුරුය. ඔවුන්ගේ අපායේ පතොක් වර්ග තිබේලු.


 ග්‍රීක දිව්‍ය ලෝකය ශීතලය .සුදු පැහැති පියාපත් සහිතව පියාඹමින් වීණාවෙන් දිවි පසසමින්  එහි ජීවත් විය හැක.


මේ මිනිසුන්ගෙ දිව්‍ය ලෝකයි. අපේ පූසා කිව්වේ  පූසන්ගෙ දිව්‍යලෝකයෙ මාළු සහ කුප්පමේනියා සුලබ බවයි. කුප්පමේනියා ගස් මුල් උඩු අතට එන ලෙස තිබේලු.

හැම දිව්‍යලෝකයකම දෙවියන් හමුවන නිසා දෙවියන් ඔවුන්ට අමුතු කෙනෙක් නොවේ. පෘථිවියේ තරම් බැතියක් නැතිවනු ඇත.


ඇත්තටම මිනිසුන් ආගම් අදහන්නේ මේ මේ මනහ්කල්පිත සැපක් නිසාද නැත්නම් අපාය නම් වූ වධකාගාරයකට ඇති බියෙන්ද.
පූසන් උදේ හවා පුරු පුරු ගාමින් යාඥා කරන්නේ මාළුන් ගහන කුප්පමේනියා වනයකට ඇති ආශාවෙන්ද.

මගේ මතය නැත යන්නයි.මෙය එක් එළඹුමක් පමණි. නමුත් නමුත් සැපය හා දුක  අවශ්‍ය වන්නේම යම් හේතුවක් නිසාය. මෙය කුමක්ද

එය අන් කිසිවක් නොව අතෘප්තියයි. අතෘප්තියෙන් පීඩා විදින මිනිසාට තෘප්තිය සොයා යාමට සිදුවෙයි. භක්තිය ශ්‍රද්ධාව ජීවමාන වන්නේ අතෘප්තියෙන් සිටින අය තුලය. ඇදහිල්ල තුලින් තෘප්තියක් යම් සම්පූර්ණ හැඟීමක් ලැබේ. නමුත් මෙය තාවකාලිකය. 

මිනිසා මහත් අභිරුචියකින් ආගම් අදහන්නේ ඇයි ඉන්ද්‍රිය ගෝචරනොවන නොවිසදුන ගැටළුවලට කල්පිත විසදුම් ආගම්වලින් ලැබෙන නිසාද

පුරාන මිනිසාට සමාජය ,විශ්වය ගැන නොවිසදුන ප්‍රශ්න බොහෝ විය. අහවලා මං තරම් කුඹුරකොටන්නෙත් නෑ ඒත් සරු අස්වැන්න. මොකක්ද රහස. ආ මේකයි රහස දෙවිය ගෙ කැමැත්ත නැත්නම් පෙර භවයක කුසල් කරල  . ආ හරි එහෙනම් ඕකේ . මේ නිසා විවිධ පරිකල්පනයන් ගොඩ නගා වනපොත් කලහ. අපූරු පුද්ගල දෙවිවරු නිර්මානය විය. මිනිසා තම ස්වරූපයෙන් දෙවියා මැව්වාය කියා කියන්නේ ඒකය.

කල් යාමේදී මෙම පුද්ගල දෙවියා ස්වයංක්‍රීය බලවේග විය. කර්මය එවැන්නකි.


මෙම පරිකල්පනයන් පරම්පරාවෙන් පරම්පරාවට මේ තරම් අභිරුචියකින් ගෙන යන්නේ මන්ද යන්න මෙම ලිපියේ මුලින්ම මා මතුකල ප්‍රශ්නයයි. මෙහි අරමුන ආගම්වල සමාජ මෙහෙවර කතා කිරීම නොවේ. ඇත්තෙන්ම ආගම යනු මෝඩයාට කෙවිටකි. ආගම් කියා දෙයක් නොදියුනු මිනිසුන්ට නොතිබුනේනම් අපට පාරක බැස යාමට නොහැකි වනු ඇත. මොළය නොවැඩුන මිනිසුන්ට අපායවල්  සිරගෙවල් අවශ්‍යය.  නමුත් ආගමේ සැබෑ මානසික පදනම මෙය නොවෙයි.

නොවිසදුන ගැටළු සාධකය එක් එළඹුමක් පමණි. නමුත් ආගම් අදහන ප්‍රධානම කරුන මෙය නොවේ.  නොවිසදුන ගැටළු  හටගන්නේම යම් හේතුවක් නිසාය

එය අන් කිසිවක් නොව අතෘප්තියයි. අතෘප්තියෙන් පීඩා විදින මිනිසාට තෘප්තිය සොයා යාමට සිදුවෙයි. භක්තිය ශ්‍රද්ධාව ජීවමාන වන්නේ අතෘප්තියෙන් සිටින අය තුලය. ඇදහිල්ල තුලින් තෘප්තියක් යම් සම්පූර්ණ හැඟීමක් ලැබේ. නමුත් මෙය තාවකාලිකය. 


ඇත්තය. සියළු ආගම් තෘප්තිය වෙත පාර පෙන්වයි. නූගත් එඩේරාට ගැබුරු දර්ශන වැඩක් නැත. මහා කාරුණික දේවියා ලෞකිකත්වයේ සියළු වගකීම් භාර ගනියි. සතුන්ට අලුත් තනබිමක් ලැබුනේ දෙවියාගේ සැලසුමකටය. එඩේරාගේ සිත නිදහස්ය. ඔහුට ඇත්තේ තුති පිදීම පමනකි. තනබිමක්  වෙනුවට කාන්තාරයක් හමුවීම ගැන කරන්නට දෙයක් නැත. එයද සැලසුමක් බැවිනි. ද්වේශ කර පවු නොකර උනන්දුවෙන් කන්නලවු කරයි. ඩේල් කානගී අරාබීන් සමග ජීවත් වූ සමයක අරාබීන්ගේ මේ යාන්ත්‍රික හැසිරීම දෙස බලා එය අගයා ඇත.සර්වබලධාරී සංකල්පයකට තම මමත්වය යටපත් කිරීමයි. එයද නරක නැත.

එහෙත් නූතන සමාජයට ඊට වඩා යමක් අවශ්‍යය. බෞද්ධ දර්ශනය හා වේදාන්ත තුල මෙන්ම සිත ගැන විග්‍රහ කල චින්තකයන්ගේ ඇසුර අපට අවශ්‍යය.

අතෘප්තිය උපදින්නේ සිතිවිලි වලිනි. සිතිවිලි යනු බාහිර පරිසරයේ ප්‍රතිඵලයි. දුක ඇත්තේ සිතිවිලි වලයි. නිදා ගත් විට දුක කියා දෙයක් නෑ නේද. මෙය තවත් එළඹුමකින් උඩුසිතේ ඇති දෙයක් ලෙසද කිව හැක. මෙය ඉතා සරල කාරනයකි. මමත්වයෙන් මිදුන විට දුක නැතිවේ. යූ ටියුබ් එකේ ඇති ඒ එස් බාලසූරිය මහතාගේ දේශනා අසන්න. මා එය නිර්දේශ කලේ එය වඩා ආසන්න මූලාශ්‍රයක් නිසාය. ක්‍රිශ්නමූර්ති , අවුරෝබින්දෝ , රාජ්නීශ් ඔෂෝ මේ හැමෝම කීවේ මේ සරල කතාවය. එනම් සිතිවිලි අතර පරතරයක් ඇත. ඔබ සිතිවිලි වලින් විනිර්මුක්ත වූ මොහොත අති සුන්දර උත්තරීතරත්වයයි. රහතන් වහන්සේලාගේ උදාන ගී ථේරගාථා සහ ථේරී ගාථාවල කියවන්න. බුදුන් වහන්සේම මේ  තෘප්තිමත් ප්‍රභාශ්වර තත්වය කීප තැනකම වර්ණනා කර ඇත. හින්දූන් මෙයට බ්‍රහ්මානන්දය කියා කියයි.
අපගේ සිතට තෘප්තිය පිණිස පිපාසයක් ඇත. මෙය සිතිවිලි වලින් කිළිටි නොවූ ප්‍රභාෂ්වර සිතයි. මෙහි බිය ද්වේශය  ආශාවන් නැත. 

නමුත් නමුත් සැපය හා දුක  අවශ්‍ය වන්නේම යම් හේතුවක් නිසාය. මෙය කුමක්ද


මමත්වය යි. අපගේ හැම ප්‍රශ්නයක්ම ඇතිවන්නේ මමත්වය නිසයි. නිර්මානවාදී ආගම්වලින් කෙරෙන්නේ මේ මමත්වය යෝධ සංකල්පයකින් වසා දැමීමයි. බුදු දහමේ මමත්වය නැති කිරීම ගැන විද්‍යාත්මක විග්‍රහයක් ඇත.මෙයට ආචාර ධර්මීය සම්බන්ධයක් නැත.පවු පින් කතා නැත. ආගම් භේදයක් නැත. සිතේ ක්‍රියාකාරීත්වය ගැන සැබෑ විග්‍රහය තුල වෙනත් බැරියර නැත. එසේම සරල සත්‍ය ගාම්භීර කිරීමට කාටවත් නොතේරෙන දහම් ගැට හෝ අපබ්‍රංස අවශ්‍ය නැත. වචන හරඹ අදාලම නැත.

ධනිය ගෝපාල තම ලෞකික සැපත ගැන කියන විට බුදුන් වහන්සේ ඊට දුන්නේ නිරාමිස සුවය ගැන පිළිතුරකි.
.

බත් උයලා ඉවරයි. මම බත් කාලා ඉවරයි. මගේ බඩ හොඳටම පිරිලයි තියෙන්නේ. මම කිරිත් දොවාගෙන ඉවරයි. මහී ගඟ අයිනේ තිබෙන ගෙදරට මගේ පිරිවර ජනයා දූ දරුවෝ ගෙදර වැඩ කරන අය සේරම ඇවිල්ලයි ඉන්නේ. දරු මුණුපුරන්, මා සමඟයි ඉන්නේ. ඒ ගෙදර හොඳින් සෙවිලි කර තිබෙන්නේ. කොහින්වත් තෙමන්නේ නැහැ. ගේ තුළ ගිනිත් දල්වා තිබෙනවා. මේ සූදානම් නිසා ඔහු අහස දෙස බලා සතුටින් පවසනවා වැස්ස කැමැතිනම් වහින්න. ඕනෑ තරම් වහින්න කියා.//

බුදුන්  වහන්සේ තමන් වහන්සේට මේ කිසිවක් නැතත් අත්විදින සුවය ගැන දේශනා කලහ.

උපුටා ගැනීම

බොහෝ ථෙරී ගාථාවලද රහතන් වහන්සේලා අත් විදින මේ සුවය ගැන සදහන් වී ඇත.  බැඳීම් වලින් විනිර්මුක්ත මෙම සුවය තුල සිතිවිලිවල බලපෑමක් නැත. අපේ දුකට හේතුව අප සිතිවිලිවලට අනන්‍ය වීමය. උපාදානායන් හා බැදීමය.

දුකින් මිදීම යනු සිතිවිලි වලට අනන්‍ය නොවීමය. මෙය පුරුදු පුහුණු කල විට සිතිවිලි තව දුරටත් බරක් නොවෙයි.
මගේ අදහස බුදුන් වහන්සේ ,එකල සිටි මහා විද්වතුන් , මෑත යුගයේ ක්‍රිශ්නමූර්ති වැනි අය අවුරෝ බින්දෝ වැනි අය අපේ යුගේ දේශන පවත්වන චින්තකයන් දේශනා කෙලේ මේ සරල සත්‍ය බවයි. නිරාමිස සමාධි  සුවය ලැබූ තැනැත්තාට දිව්‍ය ලෝක අවශ්‍ය නැත. ඔහුට බියවීමට අපායවල් නැත. ( බිය ඇතිවන්නේද සිතිවිලිවලට අනන්‍ය වීම තුලය ) එසේම ඔහුට නොවිසදුන ප්‍රශ්න නැත. 

මෙම සුවය ගැන දන්නේ එය යන්තමින් හෝ ලැබූ අයයි. භාවනානුයෝගීන් මෙම අත්දැකීම ලබා ඇත.එය වචනයෙන් විස්තර කල නොහැකි ප්‍රීතියක් බව ඔවුහු කියා ඇත. ආගම් අදහන්නේ මෙම පරමාදර්ශී තෘප්තිය නොලැබූ අයයි. ( වැඩි විසතර සදහා ඒ එස් බාලසූරිය හෝ එඛාර්ට් ටොල් ට සවන් දෙන්නෙ ,ඔවුන් අන්තර්ජාලයේ තිබෙන වඩා පහසු මූලාශ්‍ර නිසයි නිර්දේශ කලේ.)

මට සිතෙන අන්දමට තවදුරටත් සිතිවිලිවල සිරකරුවන් නොවූ අයට අදහන්නට මල් පුදන්නට මහා පුරුෂයන් හෝ පිළිම නැත. ඒ ඔවුන් සර්ව සම්පූර්නත්වය අත් විදින බැවිනි. සියළු පුදපූජා වැඩිහිටියන්ගෙ  වැලිබත් ඉවීම් වන පදනම මේ අතෘප්තියයි ( වැලිබත් ඉවීම් යන වචනය ඊ ඩබ් අධිකාරම් ගෙනි ). ලෞකික වශයෙන් මේ අතෘප්තිය ජයගත නොහැක. තෘප්තිය ඇත්තේ ලෞකිකත්වයෙන් ඉවත්වීම තුල බැවිනි.

බුදුන් හා රහතුන් අත්වින්ද සුවය පුරාන බමුනන් අත් වින්ද බ්‍රහ්මානන්දය සර්වබලධාරී දෙවියන් අදහන්නන් විදින සුවය මේ සියල්ල එකක්මය. එහෙත් බෞද්ධ හා හින්දු ආගම්වල වඩා සම්පූර්න විග්‍රහයක් දක්නට ලැබේ. විශ්ව දහම යනු එයයි. මමත්වයෙන් මිදීමයි  සනාතන සැපය එයයි.



මිනිසා මහත් අභිරුචියකින් ආගම් අදහන්නේ ඇයි

පිළිතුර අතෘප්තිය නිසාය.
අතෘප්තිය ඇතිවන්නේ ඇයි සිතිවිලි හා අනන්‍ය වීම නිසාය.
තෘප්තිය ඇත්තේ කොහිද 
'සිතිවිලිවලින් නිදහස් වීම ( නො ඇලීම ) තුලය.

14 comments:

  1. සුපර් නැචුරල් ටෙලිනාට්‍ය මාලාවේ දිව්‍ය ලෝකය හඳුන්වන්නේ ඒකීය පුද්ගලයන්ගේ අවශ්‍යතා අනුව සකස්වුන සමාන්තර විශ්ව පද්ධතියක් හැටියට.

    කාලයක් සැප විඳිනකොට එය සැපක් ලෙස දැනීම නවතින බව ඇත්ත. නමුත් දුක සම්බන්ධව ඒක එහෙම වෙන්නේ නෑ. දුකට හුරු වුනත් දුක චුට්ටක් හරි ඉතිරි වෙනවා. එතනදී විශ්වය සමබර නෑ.

    ක්‍රිස්තියානි ස්වර්ගය කියන්නේ තාප ගතිකරෙය් දෙවැනි නියමය ක්‍රියාත්මක නොවන සමාන්තර විශ්වයක් වෙන්න ඇති.
    https://www.livescience.com/50941-second-law-thermodynamics.html
    https://www.quora.com/What-would-a-universe-without-the-2nd-Law-of-Thermodynamics-be-like

    ReplyDelete
    Replies
    1. සුපර් නැචුරල් ටෙලිනාට්‍ය මාලාව බලන්න තිබුනනම් හොදයි කියල හිතුන. ගණිතය ගැන සතුටුදායක දැනුමක් ඇති ඔබ අපට වඩා චමත්කාරජනක ලෙස මෙය දකිනවා ඇති.
      තාප ගතිකය භෞතික විද්‍යාවේ සාමාන්‍ය නියමවලින් අපගමන දක්වන බවට වූ අදහසක් ( කවුරුන් හෝ කියූ දෙයක් ) පමනයි මා දන්නෙ. ඇත්තටම තාප ගතිකය කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නෑ.

      Delete
  2. ආගම් අදහන්නෙ තනියම මුහුන දෙන්න බැරිකම නිසා. පවුලෙදි අම්ම තාත්ත වගේම ප්‍රජාවෙදි යම් යම් අය නිසා තමන්ට ජීවිතේ පහසුවුනු දේ අහිමි වීම යම් තරමකට කවර් කර ගන්න ආගම් අදහන්න පටන් ගන්න ඇති.
    මේකෙ මම දකින තවත් දෙයක් තමයි ආගමට නැඹුරුව වැඩිවෙද්දි එය අනෙක් අයට දැනෙනවිට ප්‍රදර්ශනයක් බවට පත් වෙනව​. මොනම ආගමක් වුනත් දැඩිවම විශ්වාස කරන බව පෙන්වන අය ඒ ආගමේ වැරදියි කියන දෙයක් කරන්නෙ උඩ ඉන්න දෙයියට වඩා වටේ ඉන්න අනෙක් උන්ට හොරෙන්. ඒ නිසා කවුරුත් යම් බයක් නිසා ආගම් ඇදහුවත් කිසිම කෙනෙක් විශ්වාසෙන්ම අදහන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔවු එහෙම අය ඉන්නවා.ඔවුනුත් භක්තියෙන් සම්පූර්නයෙන්ම මිදිලා නෑ. නමුත් අවංක භක්තිවන්තයන් වැඩියි. ආගම පමනක් නෙමෙයි විවිධ ගුරුකුලවල මහා පුරුෂයන් අදහන්න දක්වන අභිරුචිය, ඇතැම් දේශපාලකවරුන්ගෙ අත් අල්ලන්න මිනිස්සු පොරකන හැටි බලන්න. මේව කලින් සංවිධානය කල දේවල් නෙවෙයි. එක්තරා දේශපාලකයෙකුව පෙන්නන්න බැරිව සිටි අය පවා ඔහුව දැකගන්න ඔහුගෙ අත අල්ලන්න පොරකෑව. මෙතන තියන මනෝවිද්‍යාත්මක පැත්තයි බලන්න ඕන. මිනිස්සු මොනව බාහිරින් පෙන්නුවත් ඇතුලතින් විඥානවාදියි. භක්තිවන්තයි. අදහන්න මහා පිළිම සොයනවා.

      Delete
    2. මහා පිලිමයක් හොයනව කියන එක ඇත්ත​. ඒත් මම දකින්නෙ තවත් ගැඹුරට බැලුවොත් කවුරුත් මෙතනදි කරන්නෙ රැවටීමක් කියන එක​. කලුවරේ යක්කු මතක් වෙනව වගේ ප්‍රශ්න වලදි බයට මොකෙක් හරි පස්සෙ ගියාට අවංක විශ්වාසයක් නෑ කියල​.
      හොඳින්ම මේක පේන්නෙ මුස්ලිම් වැනි හික්මවීමක් ඇති ආගම් සහ සංවිධානවලදි.
      ලඟින් ඇසුරු කරන්න ලැබුනොත් බොහෝ මුස්ලිම් මිතුරන් කියයි ගෙදර හිටියොත් හැමදාම උදේට ප්‍රේ කරන්න නැගිටින්න අකමැති වුනත් අනෙක් අය ඒක දැනගන්නවට ඊට වඩා අකමැති බව​. අනෙක් අයත් යටි හිතින් එහෙමයි කියලත් දන්නව​. හලාල් නැති කෑම කකා ගෙවන පහසු ජීවිතේ හිටි ගමන් එන තවත් මුසුල්මානුවකු නිසා වෙනස් වෙනකොට කොහොමද​. ජවිපෙ සාමාජිකයො ගැනත් එහෙමයි.
      බෞද්ධයින්ගෙ කතෝලිකයින් ගෙ ඉතා අසීරුවෙන් ගොඩනගාගත් නායක චරිත හිටිගමන් ගිහියොත් නොකරන වැඩ කරල මාට්ටු වෙනව​. හේතුව ඔය කවුරුත් අපායට වඩා බය ලඟ ඉන්න එකාට නිසයි.

      Delete
  3. එඛාර්ට් ටොල් ගේ පොතක් මම කියවූවා . එය කැබෙට් සින් ගේ පොත් වලට වඩා ප්‍රබලයි

    ReplyDelete
    Replies
    1. මේ බොහෝ දෙනාගේ දේශන අසා මා එළඹුන නිගමනය නම් මේ හැමෝම කියන්නෙ එකම දෙයක්ය කියන එක. එඛාර්ට් ට පෙර බාලසූරිය ගෙ ඇසුවා. සමහරු කීව බාලසූරිය එඛාර්ට් ගෙ සිංහල කාබන් කොපියක් කියල.ඒක වැරදියි. දෙන්නම කියන්නෙ එකම දේ. ඒකයි එහෙම හැඟීමක් එන්නෙ. එඛාර්ට් ගෙ ප්‍රොෆයිල් එකේ ඔහු ක්‍රිශ්නමූර්තිගෙ ගෝලයෙක් බව කියල තියනවා. මූලාශ්‍රය එකයි. ඒ වගේම සරලයි. හින්දු බෞද්ධ භාවනා ක්‍රමවල මූලයත් මේ සිතිවිලිවලින් මිදීම කියල මම හිතනවා.

      Delete
  4. 'මහත් අරුචියකින් ආගම අදහන' එක පිළිබඳව එකඟතාවයක් නැත​, කම් කටොළු විඳ දරාගෙන මහත් රුචියකින් ආගම අදහන අය අනන්තවත් ඉඳීයි. දිව්‍ය ලෝකය ගැන අබින් ගතියක් දැනී ආගම අදහනවනම්, එය කරන්නේ එහි රුචියක් දැනෙන නිසාම වෙයි. අපාය පිළිබඳව ඇති බිය නිසාමත් එය එසේ වෙයි.

    //(ඉන්දියානු) දිව්‍යලෝකයේ සිතන පමනින්දිව බොජුන් ලැබේ. මේවා සුවද බලනවා පමනද . මේවා ජීර්නය කිරීමේ ආහාර ජීර්න පද්ධතියක් දෙවියන්ට වේද.//

    අනිර්වාර්‍යයෙන් තිබේ.....

    //සියුම් ශරීර වලින් ඔයාකාර බරපතල වැඩක් කරන්නේ කෙසේද. නැත්නම් මාදිලියේ භ්‍රාන්තිමය අත්දැකීමක්ද.//

    අපට මෙහේ ලැබී තිබෙන්නේ සියුම් ශරීරයක් වුනාට දිව්‍ය ලෝකයේ දී අපට ලැබෙන්නේ අඩි 90ක් උසති අඩි 10ක් පළලති විශාල ශරීරයකි. අපායටත් එය පොදුය​, දිව්‍ය සැප විඳීමේ දී එම ශරීරය පිටුවහුලක් වනවා සේම අපායේ දෙන දඬුවම් සඳහාද එය ආදාර වෙයි. මරණයෙන් පසු අවසන් තත්වය කරා යන්නේ අප ආත්මයන් මිස අපගේ ශරීරයන් නොවෙයි. අප ශරීර කූඩුවේ ජීව කාලය අපේ මරණයෙන් අවසන් වී පසට දිරාපත්වී යන්නේය​.

    //කෙසේ හෝ අපගේ සිතට යම් දෙයක් රුචි වූ විට එය සැපයක් වෙයි. එහෙත් කල් යාමේදී එය එපා වෙයි. මනස ඊට හුරුවූ පසු අලුත් සැප අවශ්‍ය වෙයි. සැපයට හුරුවීම නිසා එය තව දුරටත් සැපක් නොවේ. අපායෙ අයටද වෙන්නෙ මේ සංගදියමය.//

    මේ දේ ආදාල වන්නේ ලෞකික ජීවිතයටයි, අවසන් ජීවිතයට එය අදාල නොවෙයි. එහිදී අපට ලැබෙන්නේ එවැනි සිතකි. අපයේ දෙනු ලබන දඬුවම් ඉතාම කෲරයි, ඒවා මෙහෙට්ට වඩා දහස් ගුණයෙන් ඉහලයි. ඒවා සාමාන්‍යයක් වීමට කිසිසෙත් ඉඩ නැත​.

    //හැම දිව්‍යලෝකයකම දෙවියන් හමුවන නිසා දෙවියන් ඔවුන්ට අමුතු කෙනෙක් නොවේ. පෘථිවියේ තරම් බැතියක් නැතිවනු ඇත.//

    බැතියක් නැතිවාමත් නෙවෙයි, ඉතා සීමිත වාර ගණනින් දසුන් දෙන දෙවියා දැක උපරිම බැතියෙන් මිනිසා අන්දා මන්දයට පත් වෙයි, දිව්‍යලෝකයේ ලබන සතුටු අතරින් මිනිසා ඉහලම සතුට ලබන්නේ දෙවියන් දැකීමෙනි.

    //එය අන් කිසිවක් නොව අතෘප්තියයි. අතෘප්තියෙන් පීඩා විදින මිනිසාට තෘප්තිය සොයා යාමට සිදුවෙයි. භක්තිය ශ්‍රද්ධාව ජීවමාන වන්නේ අතෘප්තියෙන් සිටින අය තුලය. ඇදහිල්ල තුලින් තෘප්තියක් යම් සම්පූර්ණ හැඟීමක් ලැබේ. නමුත් මෙය තාවකාලිකය.//

    ඔව්, මේ ජීවිතය තාවකාලිකයි. මරණයෙන් මතු ජීවිතයයි ස්තීර​. මෙහි සැපද දුකද තාවකාලිකයි, ඒවා සියල්ල තමන්ට පරීක්‍ෂනයක්ම බව වටහා ගත් මිනිසා ආගම ඇදහිල්ල අතෲප්තියක් නොකර ගනීයි.

    ReplyDelete
    Replies
    1. මිත්‍රයා මම කිව්වෙ අභිරුචිය ගැන අරුචිය නෙමෙයි. ඒ කියන්නෙ වඩා තද කැමැත්ත කියන එක. බලන්න අකුරක් කල දේ. හෙහෙ හෙහෙ
      අනෙක් පැහැදිලිකිරීම් සහිත අදහස් දැක්වීමට තුති

      Delete
    2. ඔව් නේන්නම්, ඔබ ලියල තියෙන්නේ 'අභිරුචියයි' එහෙනම් මටයි වලිගේ පෑගිලා එක තැන​ කැරකිලා තියෙන්නේ.....

      Delete
  5. අදහන්න පුලුවන්නම් මානසිකව සනීපයක් දැනෙයි කියලා හිතෙනවා අදහන අය දිහා බැලුවාම. ඒත් අදහන්න තරමට විස්වාසයක් ගොඩනගා ගන්න එක තමයි බැරි

    ReplyDelete
    Replies
    1. ලිපීයේ ආගම් කියල කිව්වට ඇත්තටම සෑම ආකාරයකම ඇබ්බැහියන් ගැන කතා කරන්නට පුළුල් විය යුතුයි.අවංකවම ආගම් දේශපාලනය කලාව ආදී දේවල් වල ගැලී ඇබ්බැහි වී සිටින අයගේ හැසිරීම දෙස බලන්න. ඔවුන් ඒ තුලින් ලබනව වින්දනයක්. ඒ ඔවුන් තුල තිබූ යම් අඩුවක් මේ බාහිර දේ නිසා පුරව ගන්නවා.

      සනීපය අවශ්‍ය සනීපය නැති කෙනාටයි. අතෘප්තියෙන් පීඩා විදින මනසට ආහාර අවශ්‍යයි. ආගම් කියන්නෙ මේ එක ආහාරයක්. සමහරු දේශපාලනයට ඇබ්බැහි වෙලා. ඇබ්බැහිවීම තුලින් සතුටක් අපේක්ශා කරනවා. නමුත් එය ලැබෙන්නෙ නෑ. තාවකාලික ව්‍යාජ පිනවීමක් ලැබෙනවා. සැබෑ පිනවීම මෙම අවශ්‍යතාවයෙන් ( ආශාවෙන් ) ඉවත් වීමයි. ව්‍යාජ පිනවීම දදයක් කහනවා වගෙ වැඩක්. කහන කොට එය තව ලොකු වෙනවා සුව වෙන්නෙ නෑ. නමුත් කැසීම තුලින් වින්දනයක් ලබනවා. සැබෑ සුවය /පිනවීම ලැබෙන්නෙ අවශ්‍යතාවය ( ආශාව ) ඉවත් කිරීමෙන්. රහතන් වහන්සේලා ලබන්නෙ ඒ සුවය.
      මමත්වය පිච්ච මල් පොල් මල් දාස්පෙතියා මල් වලින් වසන්න බෑ. මමත්වය නැති කිරීමයි වෙන්න ඕන.

      බලෙන් ආගමික භක්තිය ඇති කරගන්න බෑ. ඒ ෆැන්ටසිය ඇගෙන්ම එන්න ඕන

      Delete
  6. ඉතා හොඳ ලියවිල්ලක්, මෙහි සියල්ල හා කොන්දේසි විරහිත එකඟතාවයක් නැති වුවද, හොඳ ලිපියක්.
    පෙර මෙන් ඉතා කෙටි විග්‍රහ තුලින් අතිවිශාල කරුනු රැසක් ගැන විවිධ වූ මත දැක්වීම් වෙනුවට ඔබ මෙතැනදී එක් කරුනක් (මාතෘකාව ) වටාම ඉතා මැනැවින් ලිපිය හසුරුවා තියෙනවා.

    කියෙව්වේරාජකාරි වෙලාවේ නිසාමටුවෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්න තරම් වෙලාවක් නැහැ
    පස්සේ ලියන්නම්

    ReplyDelete
    Replies
    1. මිනිසා අතෘප්තිය යන සාධකය මතින් මෙහෙයවෙන බව හා එය ඇතැම් පුද්ගලයන්ගේ හැසිරීම තුලින් වඩා පැහැදිලිව දැකිය හැකිබවයි කියන්න ඕන වුනේ. පොදුවේ හැමෝම අතෘප්තිය නිසා මෙහෙයවුනත් ( එය හොරි කැසීමක් සේය ) ආගම් හා දේශපාලනය ආදියට ඇබ්බැහිවූවන් ඉතා දැඩි අවිඥානික පීඩාවක් සදහා සුවයක් තම ඇබ්බැහි වලින් බලාපොරොත්තු වෙනවා. ඔවුන් තුලින් විද්‍යාමාන වුනත් මෙය ඔවුන්ට පමනක් ආවේණික වූවක් නොවෙයි. අතෘප්තියට සැබෑ ප්‍රතිකාරය ආශාව ( අවශ්‍යතාවය ) නැති කිරීමයි.

      මේ අදහස වටාත් ආගමක් හදාගෙන වැලිබත් ඉවීම් සිදුකිරීමෙන් අතෘප්තියට ආහාර වල ඇති අවශ්‍යතාව පේනවා. මෙය තාවකාලික හොරි කැසීමක් පමනයි. සුවයක් ලැබෙන්නෙ නෑ.සැබෑ සුවයක් නොලැබුනත් තාවකාලික සුවයක් සදහා හෝ අතෘප්තිකර මනසට ආහාර ලැබීම වැදගත්.මහා පිළිම හදා ලොකුවට වැලිබත් උයමින් ක්‍රීඩා කිරීමට ළදරු මානසිකත්වයක් ඇති ළමා වැඩිහිටියන්ට ආවස්ථාව තිබිය යුතුයි.

      Delete