Friday, July 21, 2017

මිනිසා මහත් අභිරුචියකින් ආගම් අදහන්නේ ඇයි



ආගම් ගැන මටද අදහසක් තිබේ. ආගම් යන්නට මාක්ස්වාදය වැනි දේශපාලන ඇදහිලිද අයත්ය . පහසුව පිනිස ආගම් යන වචනය යෙදුවද සියළු පුදපූජා අභිචාර ක්‍රම ද ඊට අයත්ය. දේශපාලන පක්ෂ හා පුද්ගල වන්දනාවන්ද ඊට අයත්ය.දේශපාලන පක්ෂ හා පුද්ගල වන්දනාවන්ද ඊට අයත්ය. පුද්ගල වන්දනාවේ රහසද තම අසම්පූර්න බව ( කුදු බව ) ය.වන්දනාවට  පිළිම ( හෝ පොත් ) අවශ්‍ය දුර්වලයන්ටය.

පොදු මතය නම් දිව්‍ය ලෝක හා අපායවල් වැනි ගමනාන්තයන් පිලිබඳ හැඟීම නිසා බවයි. ඒ ඇත්තද

මට සිතෙන්නේ මිනිසා මෙතරම් අභිරුචියකින් ආගම් අදහන්නේ එහි යම් අබින් ගතියක් ඇති නිසා බවයි. ( කුමක්ද මේ අබින් ගතිය. එය ලිපියේ අවසානයේදී සාකච්ඡා කෙරේ ). එසේ නැතිව දිව්‍යලෝකයක් ගැන රුචියක් හා අපායක් ගැන බියක් නිසාම නොවෙයි. දිව්‍යලෝක ගැන කියනවානම් එහි යන්නේ කුසල් කල අයයි. සිත පහදා සරළුවක් තරම් දෙයක් භික්ෂුවකට දුන් කෙනෙකුටද එලව එලවා සැප ලැබුන නිසා ලොකු පොල්කටු හැදිවලින් දන් බෙදා ඇති අප බිය විය යුතු නැත.


අපගේ ශරීර සෑදී ඇත්තේ පෘථිවියට ගැලපෙන ලෙසය. අඩු තරමේ අගහරු ලෝකයේ ජීවත් වීමද අපගේ අස්ථි වලට පේෂි වලට ඔරොත්තු නොදේ. ඉන්දියානු දිව්‍යලෝකයේ සිතන පමනින්දිව බොජුන් ලැබේ. මේවා සුවද බලනවා පමනද . මේවා ජීර්නය කිරීමේ ආහාර ජීර්න පද්ධතියක් දෙවියන්ට වේද.

ප්‍රජනනය සදහා සොබා දහමේ උගුලක් ලෙස ලිංගිකත්වය සත්ව ලෝකයේ ඇත. පින් කල අයට දිව්යාංගනා සැප කෙලවරක් නැතිලු. සියුම් ශරීර වලින් ඔයාකාර බරපතල වැඩක් කරන්නේ කෙසේද. නැත්නම් මාදිලියේ භ්‍රාන්තිමය අත්දැකීමක්ද.

කෙසේ හෝ අපගේ සිතට යම් දෙයක් රුචි වූ විට එය සැපයක් වෙයි. එහෙත් කල් යාමේදී එය එපා වෙයි. මනස ඊට හුරුවූ පසු අලුත් සැප අවශ්‍ය වෙයි. සැපයට හුරුවීම නිසා එය තව දුරටත් සැපක් නොවේ. අපායෙ අයටද වෙන්නෙ මේ සංගදියමය.

අරාබි දිව්‍ය ලෝකයේ සැප යනු කන්‍යාවන් ,පිරිසිදු ජලය හා පළතුරුය. ඔවුන්ගේ අපායේ පතොක් වර්ග තිබේලු.


 ග්‍රීක දිව්‍ය ලෝකය ශීතලය .සුදු පැහැති පියාපත් සහිතව පියාඹමින් වීණාවෙන් දිවි පසසමින්  එහි ජීවත් විය හැක.


මේ මිනිසුන්ගෙ දිව්‍ය ලෝකයි. අපේ පූසා කිව්වේ  පූසන්ගෙ දිව්‍යලෝකයෙ මාළු සහ කුප්පමේනියා සුලබ බවයි. කුප්පමේනියා ගස් මුල් උඩු අතට එන ලෙස තිබේලු.

හැම දිව්‍යලෝකයකම දෙවියන් හමුවන නිසා දෙවියන් ඔවුන්ට අමුතු කෙනෙක් නොවේ. පෘථිවියේ තරම් බැතියක් නැතිවනු ඇත.


ඇත්තටම මිනිසුන් ආගම් අදහන්නේ මේ මේ මනහ්කල්පිත සැපක් නිසාද නැත්නම් අපාය නම් වූ වධකාගාරයකට ඇති බියෙන්ද.
පූසන් උදේ හවා පුරු පුරු ගාමින් යාඥා කරන්නේ මාළුන් ගහන කුප්පමේනියා වනයකට ඇති ආශාවෙන්ද.

මගේ මතය නැත යන්නයි.මෙය එක් එළඹුමක් පමණි. නමුත් නමුත් සැපය හා දුක  අවශ්‍ය වන්නේම යම් හේතුවක් නිසාය. මෙය කුමක්ද

එය අන් කිසිවක් නොව අතෘප්තියයි. අතෘප්තියෙන් පීඩා විදින මිනිසාට තෘප්තිය සොයා යාමට සිදුවෙයි. භක්තිය ශ්‍රද්ධාව ජීවමාන වන්නේ අතෘප්තියෙන් සිටින අය තුලය. ඇදහිල්ල තුලින් තෘප්තියක් යම් සම්පූර්ණ හැඟීමක් ලැබේ. නමුත් මෙය තාවකාලිකය. 

මිනිසා මහත් අභිරුචියකින් ආගම් අදහන්නේ ඇයි ඉන්ද්‍රිය ගෝචරනොවන නොවිසදුන ගැටළුවලට කල්පිත විසදුම් ආගම්වලින් ලැබෙන නිසාද

පුරාන මිනිසාට සමාජය ,විශ්වය ගැන නොවිසදුන ප්‍රශ්න බොහෝ විය. අහවලා මං තරම් කුඹුරකොටන්නෙත් නෑ ඒත් සරු අස්වැන්න. මොකක්ද රහස. ආ මේකයි රහස දෙවිය ගෙ කැමැත්ත නැත්නම් පෙර භවයක කුසල් කරල  . ආ හරි එහෙනම් ඕකේ . මේ නිසා විවිධ පරිකල්පනයන් ගොඩ නගා වනපොත් කලහ. අපූරු පුද්ගල දෙවිවරු නිර්මානය විය. මිනිසා තම ස්වරූපයෙන් දෙවියා මැව්වාය කියා කියන්නේ ඒකය.

කල් යාමේදී මෙම පුද්ගල දෙවියා ස්වයංක්‍රීය බලවේග විය. කර්මය එවැන්නකි.


මෙම පරිකල්පනයන් පරම්පරාවෙන් පරම්පරාවට මේ තරම් අභිරුචියකින් ගෙන යන්නේ මන්ද යන්න මෙම ලිපියේ මුලින්ම මා මතුකල ප්‍රශ්නයයි. මෙහි අරමුන ආගම්වල සමාජ මෙහෙවර කතා කිරීම නොවේ. ඇත්තෙන්ම ආගම යනු මෝඩයාට කෙවිටකි. ආගම් කියා දෙයක් නොදියුනු මිනිසුන්ට නොතිබුනේනම් අපට පාරක බැස යාමට නොහැකි වනු ඇත. මොළය නොවැඩුන මිනිසුන්ට අපායවල්  සිරගෙවල් අවශ්‍යය.  නමුත් ආගමේ සැබෑ මානසික පදනම මෙය නොවෙයි.

නොවිසදුන ගැටළු සාධකය එක් එළඹුමක් පමණි. නමුත් ආගම් අදහන ප්‍රධානම කරුන මෙය නොවේ.  නොවිසදුන ගැටළු  හටගන්නේම යම් හේතුවක් නිසාය

එය අන් කිසිවක් නොව අතෘප්තියයි. අතෘප්තියෙන් පීඩා විදින මිනිසාට තෘප්තිය සොයා යාමට සිදුවෙයි. භක්තිය ශ්‍රද්ධාව ජීවමාන වන්නේ අතෘප්තියෙන් සිටින අය තුලය. ඇදහිල්ල තුලින් තෘප්තියක් යම් සම්පූර්ණ හැඟීමක් ලැබේ. නමුත් මෙය තාවකාලිකය. 


ඇත්තය. සියළු ආගම් තෘප්තිය වෙත පාර පෙන්වයි. නූගත් එඩේරාට ගැබුරු දර්ශන වැඩක් නැත. මහා කාරුණික දේවියා ලෞකිකත්වයේ සියළු වගකීම් භාර ගනියි. සතුන්ට අලුත් තනබිමක් ලැබුනේ දෙවියාගේ සැලසුමකටය. එඩේරාගේ සිත නිදහස්ය. ඔහුට ඇත්තේ තුති පිදීම පමනකි. තනබිමක්  වෙනුවට කාන්තාරයක් හමුවීම ගැන කරන්නට දෙයක් නැත. එයද සැලසුමක් බැවිනි. ද්වේශ කර පවු නොකර උනන්දුවෙන් කන්නලවු කරයි. ඩේල් කානගී අරාබීන් සමග ජීවත් වූ සමයක අරාබීන්ගේ මේ යාන්ත්‍රික හැසිරීම දෙස බලා එය අගයා ඇත.සර්වබලධාරී සංකල්පයකට තම මමත්වය යටපත් කිරීමයි. එයද නරක නැත.

එහෙත් නූතන සමාජයට ඊට වඩා යමක් අවශ්‍යය. බෞද්ධ දර්ශනය හා වේදාන්ත තුල මෙන්ම සිත ගැන විග්‍රහ කල චින්තකයන්ගේ ඇසුර අපට අවශ්‍යය.

අතෘප්තිය උපදින්නේ සිතිවිලි වලිනි. සිතිවිලි යනු බාහිර පරිසරයේ ප්‍රතිඵලයි. දුක ඇත්තේ සිතිවිලි වලයි. නිදා ගත් විට දුක කියා දෙයක් නෑ නේද. මෙය තවත් එළඹුමකින් උඩුසිතේ ඇති දෙයක් ලෙසද කිව හැක. මෙය ඉතා සරල කාරනයකි. මමත්වයෙන් මිදුන විට දුක නැතිවේ. යූ ටියුබ් එකේ ඇති ඒ එස් බාලසූරිය මහතාගේ දේශනා අසන්න. මා එය නිර්දේශ කලේ එය වඩා ආසන්න මූලාශ්‍රයක් නිසාය. ක්‍රිශ්නමූර්ති , අවුරෝබින්දෝ , රාජ්නීශ් ඔෂෝ මේ හැමෝම කීවේ මේ සරල කතාවය. එනම් සිතිවිලි අතර පරතරයක් ඇත. ඔබ සිතිවිලි වලින් විනිර්මුක්ත වූ මොහොත අති සුන්දර උත්තරීතරත්වයයි. රහතන් වහන්සේලාගේ උදාන ගී ථේරගාථා සහ ථේරී ගාථාවල කියවන්න. බුදුන් වහන්සේම මේ  තෘප්තිමත් ප්‍රභාශ්වර තත්වය කීප තැනකම වර්ණනා කර ඇත. හින්දූන් මෙයට බ්‍රහ්මානන්දය කියා කියයි.
අපගේ සිතට තෘප්තිය පිණිස පිපාසයක් ඇත. මෙය සිතිවිලි වලින් කිළිටි නොවූ ප්‍රභාෂ්වර සිතයි. මෙහි බිය ද්වේශය  ආශාවන් නැත. 

නමුත් නමුත් සැපය හා දුක  අවශ්‍ය වන්නේම යම් හේතුවක් නිසාය. මෙය කුමක්ද


මමත්වය යි. අපගේ හැම ප්‍රශ්නයක්ම ඇතිවන්නේ මමත්වය නිසයි. නිර්මානවාදී ආගම්වලින් කෙරෙන්නේ මේ මමත්වය යෝධ සංකල්පයකින් වසා දැමීමයි. බුදු දහමේ මමත්වය නැති කිරීම ගැන විද්‍යාත්මක විග්‍රහයක් ඇත.මෙයට ආචාර ධර්මීය සම්බන්ධයක් නැත.පවු පින් කතා නැත. ආගම් භේදයක් නැත. සිතේ ක්‍රියාකාරීත්වය ගැන සැබෑ විග්‍රහය තුල වෙනත් බැරියර නැත. එසේම සරල සත්‍ය ගාම්භීර කිරීමට කාටවත් නොතේරෙන දහම් ගැට හෝ අපබ්‍රංස අවශ්‍ය නැත. වචන හරඹ අදාලම නැත.

ධනිය ගෝපාල තම ලෞකික සැපත ගැන කියන විට බුදුන් වහන්සේ ඊට දුන්නේ නිරාමිස සුවය ගැන පිළිතුරකි.
.

බත් උයලා ඉවරයි. මම බත් කාලා ඉවරයි. මගේ බඩ හොඳටම පිරිලයි තියෙන්නේ. මම කිරිත් දොවාගෙන ඉවරයි. මහී ගඟ අයිනේ තිබෙන ගෙදරට මගේ පිරිවර ජනයා දූ දරුවෝ ගෙදර වැඩ කරන අය සේරම ඇවිල්ලයි ඉන්නේ. දරු මුණුපුරන්, මා සමඟයි ඉන්නේ. ඒ ගෙදර හොඳින් සෙවිලි කර තිබෙන්නේ. කොහින්වත් තෙමන්නේ නැහැ. ගේ තුළ ගිනිත් දල්වා තිබෙනවා. මේ සූදානම් නිසා ඔහු අහස දෙස බලා සතුටින් පවසනවා වැස්ස කැමැතිනම් වහින්න. ඕනෑ තරම් වහින්න කියා.//

බුදුන්  වහන්සේ තමන් වහන්සේට මේ කිසිවක් නැතත් අත්විදින සුවය ගැන දේශනා කලහ.

උපුටා ගැනීම

බොහෝ ථෙරී ගාථාවලද රහතන් වහන්සේලා අත් විදින මේ සුවය ගැන සදහන් වී ඇත.  බැඳීම් වලින් විනිර්මුක්ත මෙම සුවය තුල සිතිවිලිවල බලපෑමක් නැත. අපේ දුකට හේතුව අප සිතිවිලිවලට අනන්‍ය වීමය. උපාදානායන් හා බැදීමය.

දුකින් මිදීම යනු සිතිවිලි වලට අනන්‍ය නොවීමය. මෙය පුරුදු පුහුණු කල විට සිතිවිලි තව දුරටත් බරක් නොවෙයි.
මගේ අදහස බුදුන් වහන්සේ ,එකල සිටි මහා විද්වතුන් , මෑත යුගයේ ක්‍රිශ්නමූර්ති වැනි අය අවුරෝ බින්දෝ වැනි අය අපේ යුගේ දේශන පවත්වන චින්තකයන් දේශනා කෙලේ මේ සරල සත්‍ය බවයි. නිරාමිස සමාධි  සුවය ලැබූ තැනැත්තාට දිව්‍ය ලෝක අවශ්‍ය නැත. ඔහුට බියවීමට අපායවල් නැත. ( බිය ඇතිවන්නේද සිතිවිලිවලට අනන්‍ය වීම තුලය ) එසේම ඔහුට නොවිසදුන ප්‍රශ්න නැත. 

මෙම සුවය ගැන දන්නේ එය යන්තමින් හෝ ලැබූ අයයි. භාවනානුයෝගීන් මෙම අත්දැකීම ලබා ඇත.එය වචනයෙන් විස්තර කල නොහැකි ප්‍රීතියක් බව ඔවුහු කියා ඇත. ආගම් අදහන්නේ මෙම පරමාදර්ශී තෘප්තිය නොලැබූ අයයි. ( වැඩි විසතර සදහා ඒ එස් බාලසූරිය හෝ එඛාර්ට් ටොල් ට සවන් දෙන්නෙ ,ඔවුන් අන්තර්ජාලයේ තිබෙන වඩා පහසු මූලාශ්‍ර නිසයි නිර්දේශ කලේ.)

මට සිතෙන අන්දමට තවදුරටත් සිතිවිලිවල සිරකරුවන් නොවූ අයට අදහන්නට මල් පුදන්නට මහා පුරුෂයන් හෝ පිළිම නැත. ඒ ඔවුන් සර්ව සම්පූර්නත්වය අත් විදින බැවිනි. සියළු පුදපූජා වැඩිහිටියන්ගෙ  වැලිබත් ඉවීම් වන පදනම මේ අතෘප්තියයි ( වැලිබත් ඉවීම් යන වචනය ඊ ඩබ් අධිකාරම් ගෙනි ). ලෞකික වශයෙන් මේ අතෘප්තිය ජයගත නොහැක. තෘප්තිය ඇත්තේ ලෞකිකත්වයෙන් ඉවත්වීම තුල බැවිනි.

බුදුන් හා රහතුන් අත්වින්ද සුවය පුරාන බමුනන් අත් වින්ද බ්‍රහ්මානන්දය සර්වබලධාරී දෙවියන් අදහන්නන් විදින සුවය මේ සියල්ල එකක්මය. එහෙත් බෞද්ධ හා හින්දු ආගම්වල වඩා සම්පූර්න විග්‍රහයක් දක්නට ලැබේ. විශ්ව දහම යනු එයයි. මමත්වයෙන් මිදීමයි  සනාතන සැපය එයයි.



මිනිසා මහත් අභිරුචියකින් ආගම් අදහන්නේ ඇයි

පිළිතුර අතෘප්තිය නිසාය.
අතෘප්තිය ඇතිවන්නේ ඇයි සිතිවිලි හා අනන්‍ය වීම නිසාය.
තෘප්තිය ඇත්තේ කොහිද 
'සිතිවිලිවලින් නිදහස් වීම ( නො ඇලීම ) තුලය.

Tuesday, July 18, 2017

බුදුන් දෙසූ පුනර්භවය අන්ඩර දෙමලයක් වුන හැටි . ඊ නිව්ස් ලිපියක්

(ලංකා ඊ නිව්ස් -2017.ජුලි.18, පෙ.ව.5.45) බමුණන් විසින් කළ එකම සමාජ මෙහෙවර වන්නේ සංස්කෘත භාෂාවට අසීමිත වූ වචන සමුදායක් එකතු කිරීමය. එහෙත් එම වචන වලින් කළ ආගමික ඉගැන්වීම් අතිශයින්ම භයානකය. නිදහස් මිනිස් චින්තනය එහෙම පිටින්ම  විකෘති කොට සමස්ත භාරතීය සමාජයම තම අල්ලේ නටවන්ට බමුණන්ට හැකිවූයේ  වචන  මත ඔවුන් ගොඩ නගන ලද ‘වෛදික ධර්මය‘ නැමති සෙප්පඩ විජ්ජාව නිසාය.  මිනිසුන් යලි ප්‍රකෘර්තිමත් කිරීම සඳහා ‘පාර්ශව නාථ‘යන් සහ ‘මහාවීර‘යන් විසින් හඳුන්වා දුන්  ‘ජෛන දර්ශණය‘ ද බමුණු  මතවාදයේම තවත් දිගුවක් විනා අළුත් දෙයක් නොවීය. මේ සියල්ලෝම පෝෂනය කළේ කර්මයට අනුරූපව නැවත නැවත උපදින “සම්සාර චක්‍රය යි” (උපනිෂද්).      
සියළු ක්‍රියාකාරකම්  “පුණ්‍ය කර්ම” හා  “පාප කර්ම”  වශයෙන් කොටස් දෙකකට වෙන් කළ ඔවුහු ඒ අනුව මරණින් පසුව  “ආත්මය” වෙනත් වෙනත් ශරීර තුල උපත ලබන බව ඉගැන්වූහ. මෙය හරියටම  කිසියම්  වාහනයක ඇන්ජිමක් වෙනත්  වාහනයකට සවි කිරීමට සමානය . බොඩිය වෙනස් වුනත් ඇන්ජිම එකය. මිනිසෙකු මරණින් පසු තිරිසන් ආත්ම භවයක් ලබන්නේ ඔහු කළ පවු කම් නිසාය. දෙවියෙකු වන්නේ  පිං කම් නිසාය. මේ  දෙකම නැවතී “ශීල සුද්ධී“ භාවයට හෝ “මෝක්ෂයට“ පත්වන්නේ පිං පවු කිරීම නතර වූ පසුවය. ඒ සඳහා වෛදික හෝ ජෛන ඉගැන්වීම් පිළිපැදිය යුතුය. ඔවුන් කියාදෙන මේ ධර්මයට අනුව මුලින්ම “සම්සාර චක්‍රයට“  ඇතුල් වී ඇත්තේ මිනිසා ය.  කම් වූ පරිද්දෙන් පසුකාලීනව විවිධ සත්ව ආත්ම ලබා ඇත. මෙයින් අදහස් කෙරෙන්නේ කිසිම් කාලයක මේ චක්‍රාවාටය තුල මිනිසුන් පමණක් ජීවත් වී  ඔවුන් කරන ලද පවු පිං අනුව සෙසු ජීවීන්  පහළ වූ බවක් නොවේද? මේ පිළිබදව ප්‍රශ්ණ කිරීම තහනම්ය. පිං පවු නොපිළිගන්නා මිදිටුවෙකි. අදටත් මෙහි වෙනසක් නැත.
සිද්ධාර්ථ ගෞතමයන්ගේ ධර්මයෙන් පෙන්වා දෙන්නේ  මෙයට හාත්පසින්ම වෙනස් වූ දිසානතියකි. උන්වහන්සේ  “සාස්වත“ (පැවත්ම)    සහ “උච්චේද“  (නැවත්ම) යන කාරණා දෙකම  බැහැර කළහ.     කර්මය අනුව නැවත නැවත ඉපදීම බුදු දහමේ මාතෘකාවක් නොවේ.  බුදු වදන වනුයේ කර්මය යනු  චේතනාව බවයි. (චේතනාහං භික්ඛවේ කම්මන් වදාමී).  මරණය ‘සම්මුති‘ සහ ‘පරමාර්ථ‘ වශයෙන් ආකාර  දෙකකි. ‘සම්මුති මරණය‘ යනු  ජීවිතය අවසන් වීමයි. උපතේ සිට එසේ ජීවිතය අවසන් වෙන තුරු  සිතෙහි නැවත නැවත  මැරි මැරී උපදින , ඉපදී ඉපදී මැරෙණ චෛතසික ස්වභාවය ‘පරමාර්ථ මරණය‘ සහ ‘පුනර් භවයයි‘ . චෛතසිකයන්ගේ ඉපදීමත් මිය යෑමත් නිමා වන්නේ රහත් භාවයට පත්වීමෙන් පසුවය.       උපතේ සිට ‘සම්මුති මරණය‘ දක්වා ගෙවන ජීවිත කාලය තුල රාග ද්වේශ මෝහ පටිඝ  හෝ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ආදී ආරම්මනයන්ට උපස්ථම්භකව හටගන්නා චෛතසිකයන්ට අනුව තිරිසන් ප්‍රේත නරක අසුර ආදී හෝ,  දෙව් මිනිස්  බ්‍රහ්ම  භාවන්ට පත්වේ. මේ සියල්ල සිදුවන්නේ මෙලොවදී මිස පරලොවකදී නොවේ.බුදු රදුන්  “නච සෝ නච අඤ්ඤෝ“යනුවෙන් ඉතා කෙටියෙන්  දේශණාකළේ ද මේ කාරණයමය.  ‘පුනර් භවය‘ ලබන්නේ ඔහුත් නොවේ, වෙනකෙනෙකුත් නොවේ.
බුදු දහමෙහි පැහැදී  රහත් බව ලද සියළුම  උත්තම  උත්තමාවියෝ  චෛතසික හා බැඳුනු  ‘පරමාර්ථ මරණය‘ තුල නැවත වෙනත් භවයක් නොලබති. සියළුම රහතන් වහන්සේලා එයට උදාහරණයන්ය. අංගුලිමාල අති භයාණක මිණීමරුවෙකි, බුදුන් දුටු ඔහු  එතෙක් මනසෙහි පැවති  පාපී චෛතසිකයන් සහමුලින්ම උපුටා දැමීය. එතුමන් නැවත කිසි දිනෙක කිරි දරුවෙකුටවත් හිංසාවක් කළේ නැත. එම නිසා  ඝාතක භවයෙන් මිදුනාහ. දේවදත්ත  යනු මනස  යම් තත්වකට දියුණු කළ භික්ෂුවකි. පසුව ඔහු බුදුන් කෙරෙහි වෛර බැඳ සිය භවය වෙනස් කර ගත්තේය. ඒ නිසා  ඔහු ‘සම්මුති මරණයට‘ පත්වෙන තුරුම මැරි මැරී ඉපදුනේය.  ඉපදි ඉපදී මැරුණේය. බමුණන් විසින් කුලහීන භවයකට ඇද දමා සිටි සුනීත සහ සෝපාක බුදු සසුනෙහි රහත් බව ලැබීය. උන් වහන්සේලා දෙව්දතුන් මෙන් සිය භවය නැවත වෙනස් කරගත්තේ නැත. බදු දහම මැනවින් අවබෝධ කරගත් කල්හී පුනරු භවයක් නොලබන්නේය
“පබස්සරමිදං  භික්ඛවේ චිත්තං. තංච ඛො ආගන්තුකේහි  උපක්ඛිලේසේහි  උපක්කිළිට්ඨං” මහණෙනි මේ සිත ප්‍රභාස්වරය. එය පිටතින් ගලා එන කෙලෙස් සිතුවිලි නිසා කිළිටි වෙයි. උපතේ දී සිත ප්‍රභාශ්වරය පිරිසිදුය පැහැදිලිය. පුනරුප්පත්තියක් සිදුවන්නේ පෙර ආත්මයේ කළ පව් පිං අනුව නම් , පුද්ගලයෙකුගේ මරණින් පසුව එම සිත වෙනත්  කයකට ඇතුල් වන්නේ නම්, එසේ ඇතුල් වූ සිතෙහි  මොනවා හෝ තිබිය යුතුය. එහෙත් බුදුහිමියන් පවසන්නේ එවැනි  කිසිදු කිලුටක් නැති බවයි. පෙර භවයේ හුරු කළ පුරුදු ද එහි නැත.  ලොවට බිහිවන්නේ අළුත්ම සිතක් සහිත අළුත්ම ශරීරයකි. අප මුලින් ප්‍රකාශ කළ පරිදි  පුද්ගලයෙක් දේව බ්‍රහ්ම මාර හෝ තිරිසන් ප්‍රේත අසුර හෝ තත්වයන්ට පත්වන්නේ  පසුව ඇතිවෙන චෛතසිකයන් මතය. සොරුන් අතර ඇති දැඩි වූ ගිරා පැටවා පරුෂ වචන කථා කළේය. තවුසන් අතර ඇති දැඩී වූ ගිරා පැටවා යහපත් වචන කථා කළේය. නමුත් උන් දෙදෙනාම එකම ගිරා මවකගේ පැටවුන්ය.
බුදු හිමියන් විසින් ඉතාමත්ම පැහැදිලිව නිවැරදිව දේශණා කළ පුනරුප්පත්තිය හා පුනර්භවය පිළිබඳ මෙම කාරණා  කිසිවෙකුටත් නොතේරෙන අණ්ඩර දෙමළයක් බවට පත් කළේ බමුණු මත ධාරී කාසාම්භර චෝරවාදීන්ය. අහිංක මිනිසුන් හමුවේ සුරංගනා ලෝක  මවා පා ඔවුන්  උපයන දෑ වංචාවෙන් ඩැහැ ගැනීම චෝර වාදීන්ගේ ඒකායන අරමුණයි. නිවන ශාක්සාත් කරගැනීම සඳහා යැයි කියා සිවුරු පටිය කරේ බැඳ පැවිදි වූ මොවුන් අබමල් රේණුවක තරම්වත් වෙහෙසක් නිවන සඳහා නොදරන්නේ ද ඒ නිසාම ය. බුදු හිමියන් විසින් අනුදැන වදාළ දෙසිය විසි හතක් වූ  විනය නීතී (ප්‍රාතිමෝක්ෂ ශීලය) එකක් වත් නොරැක කහරෙදි පෙරවා ගෙන ගිහියන් සේ මොවුන් හැසිරෙන්නේ තමන්  කිසිවෙකුටත් මරණින් පසු  නැවත ඉපදීමක් නැති බව ඉන්තේරුවෙන්ම දන්නා නිසාය. නමුත් පුනරුත්පත්තියක් ගැන සඳහන් කරමින් මිනිසුන් මුලා නොකරන්නට චෝර වාදීන්ට පැවත්මක් නම් නැත්තේම ය.