Friday, June 23, 2017

සයිටම් නැපෝලියන්ලා සහ මිසර පූසෝ

බ්ලොග් ගුණ විනිස

                                                 සයිටම් 


සයිටම් උද්ඝෝෂනය ගැන බ්ලොග් අවකාශයේ දුටු අංග සම්පූර්නම ලිපිය පලකලේ ප්‍රේමලාල් රණවීරගේ විසින් ඔහුගේ සුදුකුකුලා බ්ලොග් අඩවියේය. පහත ලින්ක් එක


රසිකොලොජිස්ට් සයිටම් ගැන ට්‍රාන්සිල් බ්ලොගයේ මෙසේ කියයි.

"සිසුන් යනු වැඩිහිටියන්ය .ඔවුහු සටන් කරන්නේ ස්ව කැමැත්තෙනි."

එය සත්‍ය නොවේ. බහුතරය යනවා නොව යැවෙනවාය. නිහඩ බහුතරය සංවිධානාත්මක සුළුතරයට නොදැනුවත්වම සහාය වෙයි.

ඇත්තෙන්ම මෙම සිසුන් බලෙන් හා බලකිරීමෙන් උද්ඝෝශනවලට ගෙන යන අයයි. සමහරෙක් මොබ් එකක ඇති ආතල් එකට යනවා විය හැක. කදුලු ගෑස් හා ජල ප්‍රහාරයක රස විද කෑ ගසා එන එකේ රසයක් ඇත. නමුත් මොවුන්ගේ බොස්ලාට ඇත්තේ වෙන්දේසියට මිනියක් සොයාගැනීමය. සිසුන්ගේ බොස්ලාගේ අභිලාශ භයානකය. ඊටත් වඩා භයානක බොස්ලාගේත් බොස්ලාවන පෙරටුගාමීන්ගේ අභිලාශයි. සමහර විට තවත් 89 ක් අවශ්‍ය ද දන්නේ නැත. එසේ නොවේවා.

ප්‍රේමලාල් ගේ විග්‍රහයට නොදෙවෙනි විග්‍රහයක් ඉකොනොමැට්ටා කරයි. ඔහු මෙහි අනාගත අවදානමක් ගැන අනතුරු අගවයි. ඔහු කියන මේ අදහස් බලන්න.

ජවිපෙ පන්ති වලට සහභාගී නොවූ හා ජවිපෙ සාමාජිකයින් නොවූ අපට නිදහස් අධ්‍යාපනය රැකගැනීම වෙනුවෙන් අලවන්නට සිදුවූ පෝස්ටර් වල තිබුණු සටන් පාඨ මොනවාද කියා අපට දකින්නට ලැබුණේ ඒවා ඇලෙවුවාටද පසුවය. ඒ කාලයේ ජීවිතය මරණයෙන් අවසන් වන්නට මෙවැනි පෝස්ටරයක් අතේ තිබී අසුවන්නට අවශ්‍ය නොවීය. ජවිපෙ කැරැල්ලට පක්ෂපාතී මතයක නොසිටි රාවය සඟරාවක් වැනි දෙයක් හෝ සරසවි ශිෂ්‍ය හැඳුනුම්පතක් වැනි දෙයක් අතේ තිබී හමුවීම වුවද ඒ සඳහා ප්‍රමාණවත් විය.//



ජවිපෙ අදහස් වලට වෙනස් රාවය පත්තරයක් අතේ තිබ්බත් මරනය නිසැක වන පරිසරයක් නිර්මානය කලේ මේ දුර දිග නොබලන කඩිකුලප්පුකාරයන්ය. තමන් අලවන පෝස්ටරය ට තමන්ගෙ වගකීමක් නෑ කියන්නෙ මනෝ විද්‍යාත්මක ශිල්ප  ක්‍රම භාවිතයෙන් මුළු සමාජයම වසගයට ගැනීමට අතලොස්සක් වූ ත්‍රස්තයන්ට හැකි විය. තමන් අලවන්නේ තම බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් නැත්තටම නැතිකරන අත්තනෝමතික කල්ලියක වුවමනාවන් බව නොසිතූහ. රූකඩ සමාජයක් ගැන ලියවුන 1984 කෘතිය සිහිවෙයි.


එදා ජවිපෙ සැලසුම වුනේ ශ්‍රීලනිපය පහුරක් කරගෙන ගඟෙන් එගොඩ වී පහුර අත්හැර දැමීමයි. ඔවුහු එය ඒ අයුරින්ම කළෝය. අද සරසවි සිසුන් පිටුපස සිටින දේශපාලන නායකත්වය විසින් ඉව අල්ලනවා විය යුත්තේද එවැන්නකට වන්නට පුළුවන. මේ කණ්ඩායමට අවශ්‍ය වන්නේ සයිටම් ප්‍රශ්නයට විසඳුමක් ලබා ගැනීම නොව ඒ අරගලය හරහා වඩා පුළුල් දීර්ඝකාලීන අරගලයකට මාවත් විවර කර ගැනීමට හා අවසාන වශයෙන් රාජ්‍ය බලය වෙත කෙටි මාර්ගයක් සෙවීමටය. රාජ්‍ය මර්දනය ඉක්මනින් ආරම්භ වන තරමට ඒ කටයුත්ත පහසු වේ


බයිනරි  දේශපාලනයේ භයානකකම මෙන්න

          ඇතැම් ගම් වල ජීවත් වූ "දේශප්‍රේමීන්" සියලු දෙනාටම ඉන්දීය සාමසාධක හමුදා වලට වහාම රටින් ඉවත් වන්නට බල කරමින් පෙළපාලි යන්නට සිදුවුනේ අවසන් ප්‍රතිඵලය පොලිස් වෙඩි පහරට ලක් වන්නට සිදුවීම බව ඉඳුරාම දැන දැනමය. අනෙක් විකල්පය වුනේ මේ පෙළපාලි වලට සහභාගී වීම ප්‍රතික්ෂේප කර "දේශද්‍රෝහීන්" වීමයි   
පහත ලින්ක් එක


https://economatta.blogspot.com/2017/06/blog-post_23.html?showComment=1498266450665#c8922206211221036068


නලින් ද සිල්වා සයිටම් ගැන පලකර ඇති අදහසද මනරම්ය. මෙම ලිපියේ ඔහු ඒකාබද්ධයද විවේචනය කරයි.සයිටම් ආයතනය ඇති කිරීම ගැන කිසිම පක්ශයකට ඇග බේරාගත නොහැක. සයිටම් ආයතනය පිහිටවීම වැරදිය කියා මෙයින් අදහස් නොවේ. නලින් මෙහිදී මෙසේ පවසයි වෛද්‍යවරු පෞද්ගලික ව්‍යවසායට විරුද්ධ නැත. එසේම පෞද්ගලික අධ්‍යාපනයටද විරුද්ධ නැත. ඔහුගේ කතාව ඇත්තය. වෛද්‍යවරු සටන් කරන්නේ බමුණු කුලය සදහා බව නොතේරෙන මෝඩයෙක් නැත. ඔවුන් පෙරටුගාමී බන අසන්නට ගොස් ධ්‍රැවීකරනය වී තිබේ.

නමුත් මේ මහා මේඝය මකුලුදැලින් නවත්වන්නට බැරිය .බංග්ලාදේශයේ නේපාලයේ මෙඩිසින් කල අයද මෙහි පැමින ඇක්ට් 16 ලියයි. පසුගියදා බංග්ලාදේශයේදී දූෂනයට ලක් වූ සිසුවිය ගේ වයස අවුරුදු 17 ක් ලු. එසේනම් ඉන්ටනැෂනල් ස්කූල් එකෙන් කෙලින්ම මෙඩිකල් කොලෙජ් ගොස් ඇත.  ඒ කියන්නෙ මේ කෝස් එක එහෙමත් කරන්න පුලුවන් කියන එකයි. එහෙත් අප සමාජයේ වෛද්‍ය අධ්‍යාපනය ගැන මිත්‍යා මත ඇත. එහි ගූඪබව ගැන අපූරු කතන්දර ඇත. මේ මිත්‍යාව ඉදිරි දශකයේ පුපුරා යනු ඇත.

සයිටම් සටන ඔවුන් ජයගත්තොත් තවත් පුද්ගලික වෛද්‍ය විද්‍යාල දහයක් පහලොවක් වුව බිහිවන්නට හොදටම ඉඩ ඇත. එසේ වුවහොත් මෙඩිසින් කරන්න යන ලක්ෂ 120 ඇතැම් විට ලක්ෂ 20 දක්වාවත් පහල බසින්නට ඇත. උසස් පෙල නැති අයට පදනම් පාඨමාලා පවත්වා අවුරුදු 7 න් මෙඩිසින් ඩිග්‍රිය ලබා දීමටද ඔවුන් ක්‍රියා කරන්නට ඉඩ තිබේ. බමුණු කුලයට දෙයියන්ගේම පිහිටය. එම් .බී.බී. එස් එකත් වෙනත් උපාධි වගේම තවත් එක්තරා උපාධියක් වනු ඇත. දැනට ඉංජිනේරු උපාධිය ලබාගැනීමට වෙනත් විකල්ප ක්‍රම ඇත.

පහත ලින්ක් එක

http://www1.kalaya.org/2017/06/blog-post_24.html


මම මධ්‍යස්ථ මතධාරියාය. මට යම් යම් දේ ගැන මතවාද නැතැයි එයින් නොකියවේ. එයින් කියවෙන්නේ මම මොන මතය දැරුවත් අනුන්ටත් කියන්න කතාවක් තිබෙන බව පිලිගන්නා බවයි. එසේම මම විරුද්ධ මතයටත් මගේ මතයට සමානම පිලිගැනීමක් දෙන බවයි. කලාමැදිරියා යනු මා දරන මතවලට වෙනස් මත දරමින් මට දැඩි ලෙස විවේචන කල අයෙකි. එහෙත් ඔහු බ්ලොග් අවකාශයේ සිටිය යුතුම අදීන එඩිතර බ්ලොග්කරුවෙකි. ඔහුගේ ශෛලිය රසවත්ය. ඔහුගෙන් මම බොහෝ දේ ඉගෙන ගෙන ඇත. 
වර්ජකයන් ගැන හා ඔවුන්ගේ දේශපාලනය ගැන කවර විවේචන තිබුනත් ඔවුන් තිරශ්චීන ලෙස මර්ධනය කරන්නට යන්නේ නම් අප ඊට එකඟ නැත. අමාවකගේ ලිපිය කියවිය යුත්තේ එබැවිනි.

මෙන්න ලින්ක් එක

http://bitternight.blogspot.com/2017/06/blog-post_23.html

                     නැපෝලියන්ලා

අනුන්ගේ ලමයි දංගෙඩියට දක්කන පක්ෂයක නායකයන්ගේ දරුවන් ගැන ට්‍රාන්සිල්වේනියා බ්ලොගයේ අපූරු ඡායාරූපයක් පලවිය. ඇත්තෙන්ම එය වචන දහසකින් කියන දේ කැටිකල අපූරු සංසන්දනාත්මක ඡායාරූපයකි.
ඇත්තෙන්ම මේ ලෝක සොබාවයයි. පක්ෂය නම් පිරමිඩයේ උඩින්ම සිටින නැපෝලියන්ලා ස්නෝබෝල්ලා සෙසු සතුන් දැනුවත් කරන නිසා ඔවුන්ට හොද පෝෂනයක් අවශ්‍යය. ඒ සදහා කිරි හා ඇපල් ඌරන්ට වෙන් කල යුතුය. ( ජෝජ් ඕවල් ගේ ඇනිමල් ෆාම් පොත කියවන්න).
සමාජවාදය තුලින් ධනපතියා වෙනුවට නිළධාරියා ආදේශ වෙයි. පිරමිඩාකාර ව්‍යුහ තිබෙන තාක් සාධාරණය සිහිනයකි. 

පහත ලින්ක් එක



                                                  මිසර පූසෝ

මිසරයේ පූසන්ට තිබුන තැන ගැන මා කුඩා කාලයේ කියවූ පොතේ නම මට මතක නැත. නමුත් එහි ප්‍රධාන චරිතය ? වූ ඇමියුබා යන නම මට මතකය. මේ ඇමියුබා අතින් වැරදීමකින් පූසෙක් මරනයට පත් වෙයි. කතාව දිග හැරෙන්නේ ඔහු එම වරදින් මිදීමට ගන්න උත්සාහය ගැනයි. මිසරයේ ප්‍රභූවරයෙකු වූ ඇමියුබා ට සියල්ල අහිමිවීමේ අවදානමක් ඇත. රහස එලි වුනොත් මරන දඩුවම නියතය. කතාවේ අවසානය කෙලෙස වීදැයි මතක නැත.
මිසරයේ මෙසේ වැජඹුන පූසා හොට බිම ඇනගන්නේ මධ්‍යතන යුරෝපයේය. එහිදී සාතන්ගේ නියෝජිතයෙක් ලෙස පූසන් දුටුතැන මරා දැමෙයි.පූසන්ට දේවත්වයෙන් සැලකූ මිසරයාගෙන් පැවත එන කිතුනු මිසරයන් පූසන් මරා දමන්නට ඇත. එය දෛවයේ සරදමකි.

පහත ලින්ක් එක






4 comments:

  1. යකඩෝ රුවන් ගේ ෆොටෝ පෝස්ට් එක ඇර අනිත් තුනම මිස් වෙලා නේ..

    ReplyDelete
    Replies
    1. සතුටුයි මේ වැඩේ නිසා මිස් වුන පෝස්ට් කියවන්න ලැබුන නම්.

      ශාස්ත්‍රීය හා කාලීන වැදගත්කමක් ඇති පෝස්ට් මේ විදියට එක වහලක් යටට ගන්නවා. මට පස්සෙ කියවන්නත් පුලුවන්. ඒ වගේම අනෙක් අයටත් පෝස්ට් මිස් වෙන්නෙ නෑ.
      ඇතැම්විට අලුත් පෝස්ට් අනෙක් අය දමන විට මගෙ පෝස්ට් එකත් අප්ඩේට් වෙනව.

      Delete
  2. ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් දැක පැමිණියෙමි.සතුටුයි.අද සිට දිගටම පැමිණීමට බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. එන්න.
      මා වල්පල් පුද්ගලික දේවල් කුනුහරප ලියන්නේ නෑ. මට සිතෙන්නෙ මගෙ ලිපි කියවන්නෙත් යම් විශේෂ පිරිසක්. ඔබේ කොමෙන්ටුත් මා දැක තිබෙනවා ඒව ඇඩ්වාන්ස්ඩ්. සතුටුයි ඔබ වැනි කෙනෙක් එන එක ගැන

      Delete