Saturday, June 24, 2017

සුද්දන්ගේ මුතුන්මිත්තෝ දෙමළද ?

Oculocutaneous albinism, type 2

The gene OCA2, when in a variant form, the gene causes the hypopigmentation common in human albinism. Different SNPs within OCA2 are strongly associated with blue and green eyes. Hair color is the pigmentation of hair follicles due to two types of melanin, eumelanin and pheomelanin. Generally, if more melanin is present, the color of the hair is darker; if less melanin is present, the hair is lighter. Blond hair can have almost any proportion of phaeomelanin and eumelanin, but both only in small amounts. More phaeomelanin creates a more golden blond color, and more eumelanin creates an ash blond. Blond hair is common in many European peoples, but rare among peoples of non-European origin. Red hair ranges from vivid strawberry shades to deep auburn and burgundy, and is the rarest fully distinct hair color on earth. It is caused by a variation in the Mc1r gene and believed to be recessive. Red hair has the highest amounts of phaeomelanin and usually low levels of eumelanin, and is the rarest natural human hair color.


Dravidian
Dravidian Albino

Confirmation that the White (Caucasian) Race is derived from Dravidian Albinos, is documented in the findings from genetic analysis of Y-DNA haplogroup "R".


වැඩි විස්තර මෙතනින් බලන්න.



මේ නම් ප්‍රශ්න පත්‍රයකි. ජාන විද්‍යාව ගැන තවමත් නොවිසදුන ගැටළු සහ විවිධ කල්පිතයන් රැසක් මෙහි ඇත. පිළිතුරු නැත 

.?????????????????????????????????????????????????? පමණි.

පුරාන මිනිසාගේ ජනසංක්‍රමණ අප සිතුවාට වඩා දියුණුව පැවතුනි. මහා සමුද්‍රය ඒ සදහා කිසිම බාධාවක් නොවීය . මා මේ කියන්නෙ අයිස් යුගය නිසා මහද්වීප යාවූ සාපේක්ෂව මෑත අතීතය ගැන නොවේ. නිරතුරුවම සිදුවූ සමුද්‍ර චාරිකා ගැනය.

මුහුදට කිසිසේත්ම බියනොවූ ජනකොටස් ඇත්තේ කිහිපයකි. ෆිනීශියානුවන් ද්‍රවිඩයන් වයිකින්වරු වැනි අතලොස්සකි. වයිකින් වරු හා අරාබීන් අතර වෙලද සබදතා විය. වයිකින්වරු යනු හුදු ම්ලේච්ඡයන් ය කියන්නේ කුමන අරුතින්ද ?

http://www.thenational.ae/world/europe/when-the-arabs-met-the-vikings-new-discovery-suggests-ancient-links


ද්‍රවිඩයන් හා ඉතියෝපියානුවන් අතර මානව විද්‍යාත්මක ඥාතීත්වයක් ගැන අදහස් පලවී ඇත. එහෙත් ජාන විද්‍යාත්මක සබදතා ද තිබේනම් මෙම මතය ශක්තිමත් වනු ඇත.අරාබි සහ දෙමළ භාශා අතර වාග් විද්‍යාත්මක සමානකම් ගැන සමහර විද්වතුන් මත පළ කරති. මට සිතෙන්නේ වෙලද සබදතා නිසා මෙවැනි සමානකම් සිදුවිය නොහැකි බවයි. අරාබීන් හා ද්‍රවිඩයන් කලක් එකට ජීවත් වන්නට ඇත. සැමිටික් හා ජැපටික් ආක්‍රමන නිසා ද්‍රවිඩයන් දකුනට තල්ලුවන්නට ඇත.බ්‍රාහුයි ප්‍රදේශයේ ද්‍රවිඩ භාශාවක් කතා කරන ජනකොටසක් සිටීම මේ මතයට දිරි දෙන්නකි. එහෙත් අරාබිය කයිබර් දුර්ගය හරහා නොව කෙලිනම් මුහුද තරනය කර අප්‍රිකාවේ සිට දකුණු ඉන්දියාවට ආවා වෙන්නත් පුලුවන. මන්ද ද්‍රවිඩයන් මුහුදු ගමන්වලට කිසිසේත්ම බිය නොවූ බැවිනි. 

ද්‍රවිඩයන් ඉන්දියන් සාගරය හරහා ඉතියෝපියාවේ සිට ආවාද ?

http://arutkural.tripod.com/tolcampus/drav-african.htm


පුරාන ජනසංක්‍රමණ නැගෙනහිර සිට බටහිරට වූ බව පෙනේ.
පසුකාලීනව රයින් ගඟබඩසිටි හේවරාලලා රෝමය ජනාවාස කිරීමත් ඊටත් පසුකලෙක තවත් ඈත පෙරදිග සිටි හේවරාලලා ( හන් සහ ටාටර් මෙන්ම පසුකලෙක ස්ලාව් වරු ) තද ශීත දේශගුනයෙන් මිදීමටත් ආර්ථික අවශ්‍යතා නිසාත් නැගෙනහිරට සහ දකුනට සංක්‍රමනය වූහ.


හන් සහ ටාටර් වරු න්ගේ මීමුත්තන්ට චීන සම්භවයක් ඇත්ද ?


මේවාත් කියවන්නhttps://owlcation.com/stem/Irish-Blood-Genetic-Identity

https://www.theguardian.com/science/2015/dec/28/origins-of-the-irish-down-to-mass-migration-ancient-dna-confirms

ගල් යුගයේ හා ලෝකඩ යුගයේ සිදුවූ මහා ජන සංක්‍රමන  නිසා යුරෝපයේ කෙල්ටික් ප්‍රජාව බිහිවිනිද

ආදිකාලීන අයිරිෂ් මුතුන් මිත්තන් වර්තමාන දකුණු යුරෝපීය ප්‍රජාවට එසේත් නැත්නම් ශිෂ්ටාචාරයේ තොටිල්ල නම් වූ මැද පෙරදිග වැසියන්ට සමානය.
ඊජිප්තුවාසීන් ට ඇත්තේ උපසහරානු ජාන සැකැස්මක්ද . මටද සිතෙන්නේ එසේ බවයි මන්ද පාරාවෝ වරුන්ගේ චිත්‍ර වල කලු හිසකෙස් පලල් තොල් සහ අදුරු සම දැකිය හැක.
මේ ඊට වෙනස් කතාවක්.  ඩී.එන්. ඒ අනුව ඔවුන් වත්මනෙහි ලෙවන්ට්  නම්වූ බටහිර ආසියාවට වඩා සමානලු.
මෙය කියවන්න.
නමුත් මේ  දීග විවාහයක ආ කුමරියකගේ නම් . එවිට ඇයගේ ජානවලින් සමස්තය ගැන නිගමනය කරන්නේ කෙසේද ?
http://www.cbc.ca/news/technology/first-genome-ancient-egyptians-1.4138156

මානව රූපාකෘති විද්‍යාව හා ජාන ඇසුරින් හරි අපූරු නිගමන වලට එළැබිය හැක. නමුත් පුරාන මිසරවරුන් සුද්දන් කියා ඔප්පු කරන්නට කාට හෝ දේශපාලන ඕනෑකමක්වත් තියෙනවා වත්ද ?

http://www.independent.co.uk/news/science/archaeology/ancient-egyptians-europeans-related-claims-a7763866.html
http://bigthink.com/philip-perry/were-the-ancient-egyptians-black-or-white-scientists-now-know



http://www.independent.co.uk/news/science/archaeology/ancient-egyptians-europeans-related-claims-a7763866.html
http://bigthink.com/philip-perry/were-the-ancient-egyptians-black-or-white-scientists-now-know






අයිරිෂ් වරු කෙල්ටික් සම්භවයක් ඇති බව ඇත්තකි. එහෙත් ඔවුහු මැදපෙරදිග සිට උතුරු අප්‍රිකාව ,දකුණු යුරෝපය හරහා නූතන අයර්ලන්තයට පැමින ඇත. අයිරිශ් ස්කොටිෂ් හා වෙල්ශ් ජනයා සමානකම් ඇති අතර ඉංග්‍රීසීන්ට වෙනස්ය.

ජර්මැනික් ගෝත්‍ර වන ඇන්ග්ලෝ  වරු සැක්සන්වරු ,මාකොමන්නිවරු ,විසිගොත්වරු ( පෘතුගාල ස්පාඤ්ඤ හා දකුනු ප්‍රංශ ජනගහන්යේ යම් කොටසකට දායක වූ ) ෆෑන්ක්වරු ( ප්‍රංශ ජනගහනයෙන් කොටසකට දායක වූ ) බර්ගන්ඩියන්වරු ,ලොම්බාඩිවරු ( ඉතාලියේ ඒ නමින් ප්‍රදේශයක්ද ඇත ඉතාලි ජනගහනයේ කොටසකට දායක වූහ ) රයින් ගඟබඩ සිටි කාලයේ ඔවුන්ට නැගෙනහිරින් සිටියේ සාමේෂියන්වරුය. ඔවුහු ඉරානික භාෂා කතා කල අතර ඔවුන් සේම තවත් නෝමැඩික් ජනතාවක් වූ සිතියන් වරු සමානවම රණකාමී වූහ. 
සාමේෂියන්වරු නූතන ස්ලාව් වරුන්ගේ මුතුන් මිත්තන්ද ?
ශාක්‍යයන් කියන්නේ සිතියන්වරුද?

9 comments:

  1. සංකූල මාතෘකාවක්, මගේ රසයට එහා ගිය එකක් මුත් මිතුරාගේ බ්ලොග් පෝස්ටුවක් මා අහක දාන්නේ නැති නිසාම කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.
      ඔබ යළි දකින්නට ලැබීම අපමන සතුටක්. ඉස්සර බ්ලොග් ලියූ ඔබ වැනි විශාල පිරිසක් බ්ලොග් ලිවීම අත ඇර දාල. මාත් මේ නිවාඩු දවස් නිසයි නිකමට වගෙ පෝස්ට් දැම්මෙ. දිගටම ලියන්නෙ නෑ.
      එක විභාගයක් ඉවර කරල තව එකකට සූදානම් වන අතරතුරේ පොඩි විවේකයක් ගත්තා. ඒ විවේක කාලයෙදි තමයි පොඩ්ඩක් බ්ලොග් එකේ මකුලුදැල් කඩල සුද්ද පවිත්‍ර කරල පෝස්ට් දෙක තුනක් දැම්මෙ.

      මේ පෝස්ට් එකේ සබ්ජෙක්ට් එක මටත් ලොකුවට ඉන්ටරස්ට් එකක් නෙමෙයි. මේව කිකිලිද බිත්තරේද කලින් ආවෙ අහනව වගෙ ඉවරයක් නැති නිශ්ඵල ප්‍රශ්න. නමුත් බුද්ධි කලම්බනයට හේතු වන ශාස්ත්‍රීය කාරනයක් නිසා පාඨක කුතුහලය අවුස්සන්නත් එක්ක දැම්ම.

      Delete
    2. බ්ලොග් ලිවීම මා අත ඇරියේමත් නෑ, ලියන්න සුදුසු දෙයක් සිතට නොඒමයි කාරණේ. මම ඉතිං සිද්දීන්ම ලියන එක්කෙනා නේ. මගේ ජීවිතය හා සම්භන්ද කතාවක් දෙකක් මා නොලීවාත් නොවෙයි. ඔබගේ ප්‍රතිචාර ඒ තුල නොතිබුනු නිසා, ඔබට ඒවා මග ඇරිලා වත්ද කියලත් හිතෙනවා.

      Delete
    3. ඔබගේ මේ පෝස්ටුව කියවන අතර තුරයි සෞදි අරාබියේ ගල් ගැසීම සම්භන්ද පෝස්ටුවත් කියවන්න ලැබුනේ, මං එහේ දී ප්‍රතිචාර දෙන්න උත්සාහ නොගත්තේ, තනිවම මම එතන කොටුවෙන බව දැනුනු නිසයි, මම එහෙම කලා නම්, ඒ දඬුුවම් ක්‍රියා කරන්න මම ඝෘජුවම සම්භන්ද වූ ගානට මම වැටෙයි. ඉස්ලාමයේ ඒ දඬුුවම් තියෙනවාද නැද්ද හෝ ඒවා මා අනුමත කරනවාද නැද්ද යන එක කෙසේ වෙතත්, සෞදි අරාබියේ කෙරෙන ඒ දඬුුවම් ගැන නම් මගේ පැහැදීමක් නෑ. ඒ ඉස්ලාමයට එහා ගිය 'සෞද්' කියන පවුලාශ්‍රිත පාලකයන්ගේ ආදිපත්‍යය ආරක්‍ෂා කරන්නට කෙරෙන ක්‍රියාදාමයන් ලෙසයි මා දකින්නේ. මගේ මේ ස්තාවරය ලාංකික සිතිවිලි වෙනුවෙන් ලියූ මගේ ලිපියේ මා පැහැදිලිව සඳහන් කර තිබෙනවා. එය ඔබ කියවන්නත් ඇති. සෞදියට තියා කොහේටවත් ගැහැණුන් වහල් සේවයට යනවාට මං විරුද්දයි.

      Delete
    4. කාලයක් මම කිසිම බ්ලොග් එකකට නොගිහින් හිටියා. ඒ කාලෙ මග ඇරෙන්න ඇති. හැබැයි කොමෙන්ට් නොකලත් මම සාමාන්‍යයෙන් යන බ්ලොග් වල නිතර සංචාරය කලා.

      සවුදි ගල් ගසන ලිපියට ඔබ කොමෙන්ට් නොකල එක හොදයි කලා නම් එතන බයිට් වෙනව. මම ගල්ගැසීම කිසිසේත්ම අනුමත නොකරන කෙනෙක්. ප්‍රසිද්ධියේ ගල්ගසා මැරීම ම්ලේච්ඡ ක්‍රියාවක් ලෙසයි මම නම් සලකන්නෙ. මේ ගල්ගැසීම මැද පෙරදිග චිරාත් කාලයක් තිස්සෙ තිබුන දෙයක් . බයිබලයෙ පරන ගිවිසුමෙත් ගල් ගැසීම තියනවා. සෙමිටික් මිනිසුන්ගෙ දඩුවම් ක්‍රමයක් ඒක. හමුරාබිගෙ නීති සංග්‍රහය ගත්තත් අද මැද පෙරදිග තියන දඩුවම් ඒකෙත් තියනවා.

      නමුත් මුස්ලිම්වරුන්ගෙ ආගම හා ජීවන රටාව ඉතා ආදර්ශමත්. ඔවුන් ඉතා ප්‍රගතිශීලී සමාජයක්. මීට අවුරුදු 1400 කට පෙර මෙවැනි සාධාරන ප්‍රගතිශීලී සාර සංග්‍රහයක් ඇතිවීමත් පුදුමයි. බාලවයස්කාරයන්ට මරන දඩුවම නොදීම ,දේපල බෙදීමේ සාධාරනත්වය , ආදර්ශමත් ලෙස සමානාත්මතාව ගොඩනැංවීම, නාස්තිකාර වියදම් නොමැති මංගල හා අවමංගල ක්‍රම අනාචාරය පිටුදැක පවුල් සංස්ථාව ආරක්ෂා කිරීම ,ප්‍රගතිශීලී පවුල් නීති ආදිය ඒ යුගයට සාපේක්ශව පුදුමාකාරයි.
      බාලවයස්කාරයන්ට මරන දඩුවම දීම ගැන කියනවනම් කිරිදරුවො වංගෙඩිවල දාල අම්මල ලවා කොටවපු නීති 19 වන සියවසෙත් තිබුන සමහර රටවල.


      ප්‍රශ්නගත කරුනෙහි සදහන් ගල්ගැසීම වුනත් අනාචාරයෙ බරපතලකම පෙන්වන්නයි හදුන්වාදීල තියෙන්නෙ. පසුගිය සති දෙකතුන තුල වාර්තා වුන සියලුම අපරාධවල හේතුව අනාචාරය. ඊයෙ තාත්ත කෙනෙක් ලමයින්වත් එල්ල එයත් එල්ලිල ,ඊට කලින් දාක තරුනයෙක් විවාහ යෝජනා වුන තරුනියට විසිතුන්පොලකට පිහියෙන් ඇනල. මිනිහයි ලමයයි දාල වෙන පිරිමි ඇසුරු කල තරුනියකගෙ බෙල්ල කපල අනියම් මිනිහ. මේවගෙ ඉවරයක් නෑ. ගල් ගැසීම 21 සියවසට නොගැලපෙන එක වෙනම කතාවක්.

      සමහරු බයවෙනව මුස්ලිම්වරු කවදහරි බෝවෙලා රට අල්ලයි කියල. ඒක වෙන්නෙ නෑ. මුස්ලිම් පවුල්වල ලමයි වැඩි දුප්පත්කම හා නූගත් කම නිසා. නමුත් අද මුස්ලිම් කාන්තාවන් අධ්‍යාපනයට හා රැකියාවන්ට යොමුවෙනව. ඒ අයගෙත් විස්තෘත පවුල් න්‍යෂ්ඨික පවුල් වෙනව. එතකොට ඒ අයටත් ලමයි එක්කෙනෙකුට දෙන්නෙකුට වඩා හදන්න බෑ. ඉස්සර සිංහල පවුල්වලත් ලමයි හත් අට දෙනා හිටියා. ඒ ලමයි පුදුම දුකක් වින්ද .විශේෂයෙන් වැඩිමහල් ලමය . තාත්ත මැරුනම පිරිමිලමය බාල සහෝදරයන්ගෙ බර දැරුව. ලොකු ගෑනු ලමය කුස්සියටම වුනා. අපේ ගෙවල් ලග එක පවුලක ලමයි 16 ක්.අපේ ගමේ ඉතිහාසයෙ වැඩිම ලමයි සංඛ්‍යාව. මේ මීට අවුරුදු 50 කට විතර ඉස්සර කතාවක්. කොස් දෙල් තිබුන නිසා ආහාර ප්‍රශ්නයක් තිබුනෙ නෑ. නමුත් ඒ ගෙදරලොකු ගෑනු ලමය දීග යන වෙලේ අම්ම කිව්වලු මට ලුනු පොල්කට්ට තියන තැන කියල පලයන් කියල. මේකෙන් කියවෙන්නෙ අම්ම ලමයි වැදුව ලොකු ලමයි පොඩි ලමයි න්ව හැදුව කියන එක. මේක අද කරන්න බෑ ඉස්කෝලවලයි පන්සල්වලයි සල්ලි එකතුකරන හැටියට .

      මුස්ලිම්වරුන්ට අමුතුවෙන් බයවෙන්න දෙයක් නෑ. මට නම් මුස්ලිම්වරුන්ගෙ පුද්ගලයන් හැටියට අමුතු හොදක්වත් නරකක්වත් නෑ. අනෙක් ජාතීන්වල මිනිසුනුත් එහෙමයි. මුස්ලිම්වරුන්ගෙ චාරීත්‍ර ගැන හොයන්නෙ මේ බය නිසයි. ඒත් ලෝකෙ හැම රටකම මුස්ලිම් ජනගහන වර්ධනයත් 2000 වසරට පසු අඩුවෙලා තියනවා. මේක තවත් ඉදිරියට යයි.

      Delete
  2. ආසාවෙන් කියවපු පෝස්ට් එකක්.

    //ජර්මැනික් ගෝත්‍රයක් වන ඇන්ග්ලෝ සැක්සන්වරු//
    ගෝත්‍ර දෙකක් නේද? Angles & Saxons.

    ඉන්ගලන්තෙදිනෙ (සමහරවිට තවත් ගෝත්‍රත් -vandals etc -ඇතුලුව) ඇන්ග්ලෝ-සැක්සන් කියලා හැදුනේ

    "Out of Africa" ගැනත් ලියන්න

    ReplyDelete
    Replies
    1. ඔවු ගෝත්‍ර දෙකක් තමයි. ස්තුතියි නිවැරදි කලා.
      ගෝත්‍ර විශාල ප්‍රමානයක් එක්වෙලා නූතන යුරෝපා සමාජය ගොඩ නැගුන හැටිත් ලස්සන කතාවක්.
      අවුට් ඔෆ් ඇෆ්‍රිකා ගැනත් මානව සංක්‍රමන හා පරිනාමය ගැන අපූරු කල්පිත ගැනත් ඉඩ ලැබුන විටක ලියන්නම්.

      Delete