Friday, June 16, 2017

අප වැයකරන කාලයට ඩේටාවලට යුක්තියක් ඉටුකරමු


අද එක් විභාගයක් අවසන් විය. ඒ නිසා යම් තරමක අස්වැසිල්ලක් ඇත. වැඩි වෙලාවක් බ්ලොග් එකේ රැදී සිටීමට සිතුනි. එහෙත් තවත් විභාග දෙක තුනක්ම ඉදිරියේ තිබෙන නිසා තව අවුරුද්දකට හමාරකට බ්ලොග් වල සක්‍රිය නොවෙමි. එහෙත් සින්ඩි වල තිබෙන වැදගත් ලිපි කියවමි. හිතුනොත් කොමෙන්ට් කරමි. එක්තරා බ්ලොග් එකක කොමෙන්ට් කිරීමට ගොස් බල්ලෙක්ද බුරාගෙන පැන්නේය. අයිතිකාරයා බල්ලා අල්ලානොගත් නිසා බල්ලා පිටුපස අයිතිකාරයා සිටින බව තේරුම් ගත්තෙමි. එම බ්ලොග් එකට ගිය එක ලොකු වරදක් බව අවබෝධකරගත්තෙමි. 


 එහෙත් බ්ලොග් වල කුණුහරප රැල්ලක් යන බව පෙනේ. මම කලින් සඳහන් කල බ්ලොග් එකේ සමහර බ්ලොග්කරුවන්ගේ දරුවන්ට පවා ඉතා කැත අපහාස කරනු දැකිය හැක. ඒ සමහර කොමෙන්ට් ඇග හිරිවැටෙන ඒවාය. ඒවා තම බ්ලොග් එකේ ප්‍රදර්ශනය කරන බ්ලොග් කරු කෙබදු අයෙක්ද කියා සිතන්නට ඔබට බාරය.

බ්ලොග් සම්මාන ,බ්ලොග්කරුවන්ගේ සුහද හමු , බ්ලොග් අරක්කු පාටි මට අදාලම නැත. මම කනගාටුවන්නේ සුළුවෙන් හෝ එලිදරවු වීම ගැනය. මම කිසිම බ්ලොග්කරුවෙක් සමග අමනාප නැති අතර කිසිවෙක් සමග හිතවත්කමක්ද නැත. බොහෝ බ්ලොග්කරුවන් අතර ගැටුම් වල හේතුව ඔවුන් ඕනවට වඩා ඇලෙන්න යාම බව මට සිතේ.මම  බ්ලොගර් ආයතනය නොමිලේ දෙන ඉඩකඩෙහි මට කැමති දෙයක් ලියන හුදකලා ලියන්නෙකු පමනක් වෙමි.

අපට තේරුම් ගන්න අමාරු දේවල් විවිධ බලවේගවලට පැවරීම ඉතා ඈත අතීතයේ සිටම සිදුවන්නෙකි. තමන්ට කතෘ හදුනාගත නොහැකි කොමෙන්ට් දමන්නේ යකා විය හැකියයි සමහරු සිතති. මෙය මධ්‍යතන යුගයේ යුරෝපයේ හැම දෙයක්ම සාතන්ට පැවරීම සේය. තමන් අකමැති  දේවල් යකාගෙ වැඩය  .යකා මාරය ඌට වෙන වැඩක් නැත. බ්ලොග් අඩවි දෙකතුනකම වෙනත් අය දමන කොමෙන්ට් මට බැරකර තිබූ  අවස්ථාවල මම උත්තර දුන්නෙමි. පසුව එයද අත් හැර දැමුවෙමි. වෙනත් ප්‍රොෆයිල් වලින් දැමූ කොමෙන්ට් මා දැමූ බව කියා දොස් පවරා තිබිනි.


ඇත්තටම මා හිතෙන හිතෙන දේවල් ලියන්නෙක් නොවෙමි.එසේ වුවද එක් වැරැද්දක් විය. යකාගෙ අඩවිය ලෙස බ්ලොග් එකට නම දැමීමම මා කල වරදකි.එය අහම්බෙන් සිදුවුනකි. අයින් සිදුවුනේ බ්ලොග් එකට කිසියම් ඍනාත්මක හැගීමක් ඇතිවීමය. යකා කියන වචනයම යම් තරමකට ගර්හිත අසභ්‍ය වචනයකි.මට අසභ්‍ය දේ තව කෙනෙකුට ප්‍රියජනකයි කියා විකාර කතා කීම අවශ්‍ය නැත. පොදු ඇස පොදු දැක්ම කියා දෙයක් ඇත.විවේකය තිබෙන කෙනෙකුට ඇනෝ කෙමෙන්ට් සිය ගනන් දමාගෙන තව බොරු ප්‍රොෆයිල් හදාගෙන සෙල්ලමක් කල හැක. ඒත් කොයින්ද අපට වෙලාවක්. අනික මොකටද ඒ වගෙ පොඩි ලමයි කරන වැඩකරන්නෙ. දේශපාලන අරමුනක් ඇත්නම් අවුලක් නෑ.

මට තාක්ෂනික දැනුම අඩුය. මෙම බ්ලොග් එක හදපු කාලෙම සින්ඩියක් හැදුවත් මට එහි පෙල බෙදාගන්න ට බැරිව අත හැර දැම්මෙමි. එසේනම් කොහොමද මං බ්ලොග් වල හතර වරන් ගහන්නෙ.  වැඩි වෙලාවක් අරන් ලියපු කාලෙත් කලේ මේක විතරයි.


බ්ලොග් යනු අප සින්ඩිවල දකින ඒවාම නොවෙයි.  එලිදරවු නොවූ බ්ලොග්කරුවන් සිටිති. සමහරු න්ගේ බ්ලොග් සින්ඩි වලවත් නැත .එකම කොමෙන්ට් එකක්වත් නැත . නමුත් ඉතා සාරගර්භ ලිපි පල කරති. සින්ඩිවල තිබෙන ඒකාකාරී නිතර අප්ඩේට් වෙන සමහර බ්ලොග් වල කතෘත්වයද හෙලිදරවු වී නැත. ඒවාද කරන්නේ යකා කියා කියා නිකා ඉදිමු. මේ අනුමාන කරන්නේ ඇතැම් විට අදහස් වල ස්වරූපය අනුවය. එහෙත් එය තරම් මුග්ධ කමක් නැත.අදහස් ඕනෑම කෙනෙකුට ෆලෝ කල හැකි නිසාය.


සම්ප්‍රදායෙන් බැහැරව සිතන්නට ගියොත් ප්‍රශ්න ඇති වේ. කවුරුත් කැමති නැත. වැඩි දෙනෙකුට අවශ්‍ය කුණුහරපයක් කියාගෙන අරක්කු ටිකක් බී අනුන්ගෙ ඕප දූප සොයන්නාටය. ඇත්තටම ලියන දේ මිස ලියන්නා ගැන අපට කුමටද. මගේ පුද්ගලික දේවල් ඔබට අවශ්‍ය නැත. ඔබගේ පුද්ගලික දේද මට අනවශ්යය. 

තමන්ට නොතේරෙන දෙයක් අදීනව යමෙක් ලියන්නේනමොහු කුලියට ලියන්නෙක්ල. කොමෙන්ට් වලට පවා මුදල් ගෙවන බව සිතන මිනිසුන් අප අතර වෙයි. මේවාට ගෙවන්නේත් ලේසි පාසු අය නොවේ. ඇත්තටම ඔවුන් මේවා දන්නවානම් බඩ අල්ලගෙන සිනාවී නවත්වාගත නොහැකිව  යම් අනතුරක් විය හැක. හමුදා කදවුරු හදන්න ඇල්ල වැල්ලවාය පාරලොකුකල ඇමරිකන්කාරය සිංහලෙන් ෆේස්බුක් එකේ දාන කොමෙන්ට් වලට මුදල් නොගෙවා සිටීවිද

මේ සියල්ල පෞද්ගලික කරුණුය.මේවා කිව්වේ දැන් බ්ලොග්වලට මොඩරේශන් දමන්නට සිදුවන තත්වයක් ඇති වේගන යන නිසාය. මමද මොඩරේෂන් දැම්මෙමි. ඒකට හේතුව අරකයි. කතාව ඉවරයි

බ්ලොග් සාහිත්‍ය යායුතු මග කුමක්ද  අපේ රටේ මාධ්‍ය යන මග කුමක්ද බ්ලොග් ඊට වෙනස් විය යුතුද නැද්ද

බ්ලොග්කරුවන් කිහිප දෙනෙක් ශාස්ත්‍රීය ලිපි ඉදිරිපත් කිරීමේ ප්‍රවනතාවක්ද ඇත. එක්තරා බ්ලොග්කරුවෙක් මැක්‍රොන් ගැන වෙනස්ම විදියක ලිපියක් පලකලේය .එයට එකම කොමෙන්ටුවක් වත් නැත.එක්තරා කාලයක ලෝකවාසීන් පොලව පැතලි බව සිතා සිටිබව මතක තබා ගන්න. සමහර විට ඔබද මමද අප සියල්ලන්ම වැරදි විය හැක. එනිසා වෙනස් අදහස් වලට සවන් දිය යුතුය. වෙනස් අදහස් ලෙස එන්නේද ඇතැම්විට අන්තවාදයන්ය.බටහිර විද්‍යාවේ වහලුන් නොවන ලෙස අපට උපදෙස් දෙන අය තමන් ආගමික ඇදහිල්ලක වහලුන් බව අමතක කරති.මේ බලන්න විද්‍යා ගවේශන බ්ලොග් එකේ පලවූ මේ රුවන් වැකිය.


""කලක් පිටු කිහිපයකට සීමාවී තිබූ මේ ජෝතිෂ්‍ය වැදිබණ-අණාවැකි-කයිවාරු, විද්‍යාත්මක පදනමක් නැති එහෙත් අත්දුටු ප්‍රතිපල සහිත මැරුණු මිනිස්සු පවා නැගිට්ටවූ ආයූර්වේද උපදෙස් පමණක් නොව පිලිකාවට, ඩෙංගුවට, දියවැඩියාවට අත්දුටු ප්‍රතිකර්ම රැගත් වට්ට්ටෝරුවලින් අදවන විට සිංහල ඉරිදා පත්තරවල 60%-70% දක්වා වැසී ඇත. ඉතිරි ටික කපටි දේශපාලකයින්ට, දේශපාලන ගොසිප් වලට හා ප්‍රභාකරන්ගේ/විජේවීරගේ/කොණ්ඩදෙණිය හාමුදුරුවන්ගේ පැරණි රසාංගවලට වෙන්වී ඇත.""

ජනමාධ්‍ය වලින් සිදුවන්නේ වහලුන් බිහිකිරීමයි බ්ලොග් වලින් ඊට වඩා මහ මෙහෙවරක් කල හැක.සියළුම ආකාරයේ මානසික වහල්භාවයන්ට එරෙහිව මම කතාකරමි. ආගම් හා දේශපාලන දර්ශනද ප්‍රශ්න නොකල යුතු දේවල් නොවේ.
මගේ බ්ලොග් එක මුල පටන්ම යම් නිශ්චිත මාර්ගයක ගමන් කලේය. මට අවශ්‍ය වුනේ සම්ප්‍රදායික දෘෂ්ටි කෝණවලින් ඔබ්බට ගිය නව කතිකාවතක් ආරම්භ කිරීමටය. සමාන සමාජයක් වෙනුවෙන් ලියන්නටය. මිත්‍යාවට එරෙහිව ලියන්නටය,ප්‍රචන්ඩත්වයට හා අසාධාරණයට එරෙහිව ලියන්නටය.මාක්ස්වාදය වැනි අන්තවාදයන්ට මම කවදත් ප්‍රිය නොකලෙමි. මම හැර අනෙක් සියල්ලෝම වැරදිය වැනි භයානක ඌනිතවාදයක් මහා ව්‍යසනයකි.( දැන් ලාංකීය සිතුවිලි හෝ වෙන කෙනෙක් මාක්ස්වාදයට බැන්නොත් ඒ යකාගෙ වැඩක් බව මතක තබාගන්න ). ඇත්තටම මාක්ස්වාදය පමනක් නොවේ. පිරමිඩාකාර සියලු ව්‍යුහයන් තුල අසාධාරණය ඇත. පක්ෂය යන්න එහෙම පිටින්ම පිරමිඩයකි. එය සමාන පුද්ගලයන්ගේ වටමේස සාකච්ඡාවක් නොවේ.ධනපතියා සිටින තැන නිළධාරියා ආදේශ කිරීම ඉගුරු දී මිරිස් ගැනීමකි. 

බහුතරයක් පුරුදු වී සිටින්නේ සම්ප්‍රදායට අනුව සිතන්නටය.තමන්ගෙ මොළයට අනුන් විසින් කවා ඇති දත්තවලට අනුව ලොව දකින්නටය. යම් සිදුවීමකට එක් හේතුවක් පමනක් ඇති බව සිතන්නට පහසුය.එය ඇදහිල්ලකි. නමුත් ඕනෑම දෙයක් පැති කීපයක්ම ඇත.මෙය අපහසුය නමුත් අවබෝධයකි. බ්ලොග් වලින් සිදුවිය යුත්තේ බුද්ධි කලම්බනයකි. අප වැයකරන කාලයට ඩේටාවලට යුක්තියක් ඉටුකලා වන්නේ එවිටය.


මගේ විශ්වාසය කවදාහෝ සමාන පුද්ගලයන්ගෙන් සමන්විත සමාජ බිහිවන බවයි. සර්වජන ඡන්ද බලය ලැබුනත් බහුතරයක් සමාන පුද්ගලයන් නොවේ. රස්සාවක් ගන්න යම් වැඩක් කරගන්න දේශපාලකයා පසුපස යන පුද්ගලයා තම සමානකම බිලි දෙයි. සමාන පුද්ගලයන්ගේ සංසද පුරාන ග්‍රීක් සමාජයේ තිබිනි. ඒවා කුඩා පෞර රාජ්‍ය ලෙස විසිරුනි. මෙහිදී සියලු මිනිසුන් සමාන වූ වා කියා නොසිතන්න. මෙහිදී සමාන වුනේ පුරවැසියන්ය. පුරවැසියෙකු වීම ඉහල වරප්‍රසාදයකි. අද ඇත්තේ සමාන සමාජ නොව ශ්‍රාවක සමාජයන්ය.


අපට අවශ්‍ය වැද නමස්කාර කරන්නන් නොව බුද්ධිමත්ව තර්ක කරන්නන්ය.  හැම දෙයක්ම ප්‍රශ්න කරමු. ඕනෑම දෙයක් ශිෂ්ටව සංවාද කල හැක. සාකච්ඡා මණ්ඩපයෙන් සුහදව මෙන්ම නව දැණුමෙන් බරකරගත් හිසින් යුතුව නැගිට යමු.අපගේ ඩේටා සහ කාලයට යුක්තිය ඉටුකලා වන්නේ එවිටය.


*****     *******    ********

වෙනත් බ්ලොග්වල දමන මගේ කොමෙන්ට්

ඉකොනොමැට්ටා යනු අලුත් විදියට සිතන තර්කානුකූලව කරුණු දක්වන බුද්ධිමතෙකි. මම එවැනි පන්ඩිතයන් ඇසුර ප්‍රිය කරමි. කලාකාර වන්දනය ගැන ඔහු දරන්නේද මම දරන අදහසමයි. ප්‍රීතියි. හැමෝම සමාන නිසා හැමෝගේම රැකියා සමාන නිසා කලාකාරයන්ට අමුත් සත්කාර අනවශ්‍ය බව මම සිතමි. එකොනොමැට්ටාද එසේ සිතයි. මා එහි මෙසේ අකුරු කලෙමි.



මෙහෙමයි කලාකරුවන් ක්‍රීඩකයන් වගෙ අය හිතනවා තමන් සුවිශේෂ පුද්ගලයන් කියල. අන්න ඒ පදනමේ ඉදගෙනයි ආධාර ඉල්ලන්නෙ. අපි සුවිශේෂයි අපට සැප විදින්න ඕන කියන කතාව වැරදියි. ප්‍රයිවෙට් හොස්පිට්ල් ගිහින් ජනතාවට බිල් ඉදිරිපත් කරන එක වැරදියි. ආන්ඩුව කලාකාරයන් ගැන බලන්න ඕන කියන කතාවම ජනතා විරෝධී කතාවක්. හැමෝම සමානයි .

සින්දුවක් දෙකක් කියපුවම මේ අය ජාතියෙ පෙරගමන්කාරයො වෙනව. ඡන්ද කාලෙට අපට චන්දෙ දෙන හැටිත් උගන්වන්න එනව. යම් පක්ෂයක් දිනුවම කියනව කියනව අපි තමා දිනෙව්වෙ අපට බෙදපියව් කියල.

නමුත් සමාජයට නව නිර්මාන බිහිකරන බුද්ධිමතුන් මේ තරම් පහලට වැටිල තියනව දකල තියනවද.

මේ හැමෝම කරන්නෙ රස්සාවක්. අලෙවිකිරීමක්. එක් ජීවන මාර්ගයක් තවත් ජීවන මාර්ගයකට වඩා උතුම් නෑ.

8 comments:

  1. ඔබට බ්ලොග් වලට එන්නට ඉඩක් ලැබීම සතුටක්! කොහොම වුනත් ඔබ මට වඩා බ්ලොග් කියවන බව පේනවා. විද්‍යා ගවේෂණ හැර මෙහි සඳහන් අනික් බ්ලොග් ගැන මට අදහසක් නැහැ.

    ReplyDelete
    Replies
    1. මට හම්බවුනා සමහර බ්ලොග් වෙනත් දේවල් සර්ච් කරනකොට. හරිම වටිනා පෝස්ට් තිබුන . සමහරු නම් ලියන එක නවත්තල. සමහර බ්ලොග් සින්ඩි වලවත් නෑ. බ්ලොග් කියන්නෙ අපි සින්ඩිවල නිතර දකින ඒවම නෙමෙයි.
      කොහොමත් මම බ්ලොග් නොලිව්වත් පැයබාගයක්වත් බ්ලොග් වල ඉන්නවා.
      බ්ලොග් කියන්නෙ සුබසාධන සංවිධානයක් වත් විනෝදය සදහා ක්ලබ් එකක්වත් නෙවෙයි . පෞද්ගලික දෙයක් වුනත් එහි සංවාදශීලී ස්වරූපය නිසා ලොකු මෙහෙවරක් කරන්න පුලුවන්.

      විද්‍යා ගවේශන බ්ලොග් එක ඔබේ ඉකොනොමැට්ටා බ්ලොග් එක වගෙ ඒව කොහොමත් හොදයි. දැන් තව දෙතුන් දෙනෙක් ශාස්ත්‍රීය පදනමින් ලියන්න අරන්.ඒ අතර තව ප්‍රවනතාවයක් යනව බ්ලොග් කලාව පිස්සන්ගේ සමාජශාලාවක් කරන්න.ඔවුන්ට අනුව කුනුහරප කීම මහා වීර ක්‍රියාවක්ලු.

      Delete
  2. බ්ලොග්කරුවන් වන පැරා , රසික සූරිය ආරච්චි, අජිත් ධර්මා යන පුද්ගලයන් ගේ ළමුන් සම්බන්ධ කරගෙන සාරසා හෙවත් කුමාර කළුආරච්චි ඉතා පහත් පෙලේ කුණුහරප ඔහුගේ බ්ලොගයේ ලියන්නේ ඇයි ? තවද කාන්තා බ්ලොග් ලියන්නියක් වන අරුණි ෂැපීරෝ ගැනත් අසභ්‍ය කතා ලියනවා. මේ සඳහා ලංකාවේ නීති නැද්ද​? මේවා නවත්තන්න නීතියට බැරිද ? ඔහු දන්ත වෛද්‍යවරයෙක් සෙන්ට්‍රල් රෝහලෙ පුද්ගලිකව වැඩ කරන​. ලංකාවේ දන්ත වෛද්‍ය සභාවට මොහු ගැන දැනුම් දීමට නොහැකිද ?

    ReplyDelete
    Replies
    1. අරුනි ශපීරෝ කියන්නෙ විශිෂ්ට බ්ලොග්කාරියක්. පරිවර්තන වුනත් ඒ දැනුම සිංහල පාඨකයන්ට කොයි තරම් වටිනවද .

      කුනුහරප බ්ලොග් එක ගැන කියනවනම් බල්ල බුරන්න ආවට පස්සෙ මම ඒ බ්ලොග් එක පැත්තට යන්නෙ නෑ. ඔබ නම් සදහන් කල එක් බ්ලොග්කරුවෙකුගෙ දියණියක් ගැන පහත් අදහසක් මා දුටුව. යන්තම් වගකීමක් ඇති පුරවැසියෙකුටනම් ඒ වගෙ දෙයක් තමන්ගෙ බ්ලොග් එකේ තියාගන්න බෑ. මේ අය ඒක සාධාරණීකරනයකරන්නෙ අපූරු තර්කයකින්. මොන තරම් පිළිකුල් වුනත් ඒක ප්‍රිය ජනක අය ඉන්න පුලුවන්ලු. මේ විදියට ළමා අපචාරත් අනුමත කරන්න වෙනව. ඒවට කැමති අයත් ඉන්නවනෙ.

      පැය 24 ම බ්ලොග් එකේ ඉන්න කාල වේලාව සොයාගන්න පුලුවන් නම් පෝස්ට් එකකට 100 පන්නල කොමෙන්ට් හදාගන්න ඕනම කෙනෙකුට පුලුවන්. ඔය සෙල්ලම ඔය පුද්ගලයට පෙර වෙන කෙනෙක් කෙරුව. පස්සෙ ඔහු ඒ බ්ලොග් එක නැවැත්තුව. දැන් වෙන නමකින් එන්නෙ.දැන් ඇනෝ ල පිල්ලි එහෙම නෑ ඒකෙ. මෙයත් කරන්නෙ ඔය වැඩේම තමා.

      මෑන් බල්ලෙක් හදනව. බල්ලට බයේ ඉන්නයි වෙන්නෙ බ්ලොගස්ලට. මේ වගෙ අයව නොතකා හරින්න ඕන.මේක නිදහස් අවකාශයක්. නොමිලේ දෙන ඉඩක් අපි යූස් කරන්නෙ. එහෙමනම් බල්ලන් කොහොමද ඒකට අයිතිවාසිකම් කියන්නෙ. මං වගෙ අය බ්ලොග් වලින් එලවන්න ඕනලු. මල්ලෙ පොල් බල්ල කියන්නෙ.

      මම වැරදි තුනක් කලා.

      බල්ල මට මුලින් බුරන්න ආවෙ මම වෙනත් බ්ලොග් එකක පෝස්ට් එකකට විචාරයක් ලියපු විටයි. මගෙ දුර්වලකමක් තිබුන සංවේදී වීම. ඒ බ්ලොග් එකේ කතුවරිය කනස්සල්ලෙන් පෝස්ට් එකක් දැම්මම මම සංවේදී වුනා. මම මගෙ මතය වෙනුවෙන් පෙනී සිටිනවා වෙනුවට අඩියක් පස්සට ගත්ත. මට ඕන වුනේ එම සිදුවීම පදනම් කරගෙන සංවාදයක් ගොඩනගන්නයි. විචාරයක් කරන්න කාගෙන්වත් අවසර ගන්න ඕන නෑ. ඒ පලමුවෙනි වැරැද්ද .

      බල්ල ඌට කිසිම අදාලත්වයක් නැති ප්‍රශ්නෙට මැදිවෙලා බුරන්න ආව. මම අන්ද මන්ද වුනා. මාත් ඌට දොස් කිව්ව. බල්ලෙක් බුරන්න ආවම ඌට අපිත් බුරන එක වැරදියි කියල මට සිතුනෙ නෑ. ඒ දෙවෙනි එක.

      මම බ්ලොග් වලට උදවු කල කෙනෙක්. මට තනියම කාල පුරුදු නැති නිසා හැමෝටම මට පුලුවන් මට්ටමෙන් පබ්ලිසිටියක් දුන්න. මගෙ බ්ලොග් එක ලොකු හිට්ස් තියෙන එකක් නොවුනත් මට ඕන වුනා ඒකත් අනුන් සමග බෙදාගන්න.නමුත් බල්ල මට බුරපු වෙලාවෙ ඒක වැරදියි කියලවත් කිසිම කෙනෙක් කිව්වෙ නෑ. ඒ තුන්වෙනි වැරැද්ද.

      මම හිතුවෙ හැම දේම ඉවරයි කියල. බලපුවම මූ තවම ගේම ඉල්ලනව. මට ඌ ගැන වෛරයක් නෑ. මට ඌ අදාලම නෑ. මම බ්ලොග් එක තාවකාලිකව නැවැත්තුවෙ ඌට බයේ කියල ඌ සතුටෙන් ඇති. හැබැයි එහෙම හිතන එකේ අවාසියක් තියනව. ඌ අකමැති බ්ලොග් ලියන අයට තිත්ත කුනුහරපෙන් බනින්න ඉඩ තියනව. ඌ මේක වැරදි පූර්වාදර්ශයක් කරගන්නව. මම මේක තාවකාලිකව නැවැත්තුවෙ මගෙ පෞද්ගලික අවශ්‍යතා නිසයි.

      Delete
  3. විභාගේ ට ගුඩ් ලක්.. ගං වතුර නිසා පරක්කු වෙච්චි එක නේද ?

    කවුරුවත් කියනවටවත් , කියවනවටවත් බ්ලොග් ලියන්න වත් නොලියා ඉන්නවත් ඕනේ නෑ.. මයි කාර්, මයි පැට්‍රෝල් නේ.. මටත් අවුල මේ ටිකේ වැඩ වැඩි කම තමයි ඒත් බ්ලොග් ටික නම් කිය්වගන්නවා කොහොම හරි :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි
      ඔවු . කොමර්ෂල් ලෝ තිබුනෙ 16 වෙනිද.

      කොහොමහරි මාත් සින්ඩිවල තියෙන ශාස්ත්‍රීය ලිපියක් දෙකක් දවසට කියවනවමයි. විභාගත් කොත්තු රොටී වගෙ ඇදෙනව බාහිර වැඩ නිසා. ඒ නිසා මේ දේවල් ඉවරම කරල දාන්න ඕන සක්‍රියව බ්ලොග් වලට එන්න.
      බ්ලොග් වල කොමෙන්ට් දාන්න රිප්ලයි දාන්න සංවාද කරන්න ගියාම පොතක් අතින් අල්ලන්න හිතෙන්නෙ නෑ.

      නිකම් බ්ලොග් කියවනව වගෙ නෙමෙයි පෝස්ට් දැම්මම වෙන්නෙ වෙන දෙයක්.පෝස්ට් දැම්මට පස්සෙ කොච්චර පාඩම් කරන්න හිතාගෙන ඉදගත්තත් බ්ලොග් එකට නිකමට හරි යන්නම හිතෙනව. උගුඩුව කෙහෙල් ගහට නැග්ග කතාවෙ වගෙ ටිකෙන් ටික බ්ලොග් කියවිල්ලම තමයි.බ්ලොග්වලට ගිහින් සංචාරෙ කලාම නැගිටින්නෙ පාඩම් වැඩ හෙටට කල් දාල. හෙට කියන දවසෙත් වෙන්නෙ ඕකමයි.

      Delete